Katha Ahura

නාග මැණික | ? 05 අවසන් කොටස ? | හොල්මන් කතා

5/5 - (1 vote)

කලින් කොටස ?
නාග මැණික ? 05 අවසන් කොටස ?

මට පිටුපා ගමන් කරමින් හිටියේ වෙන කවුරුවත් නෙමේ. රන්මලීයි අර මට ගහපු කොල්ලයි. ඒ දෙන්නා කතා කරමින් කැලය මැදින් යන හැටි මම බලාගෙන හිටියේ මාර කුතුහලයෙන්.

” රන්මලී මේකත් එක්ක මේ කොහෙද යන්නේ කෙල්ලෙක් වෙලත් කිසිම බයක් හැකක් නැතිව… ”

හිතපු මමත් ඔවුන් පස්සේ ලුහුබදින්න මටන් ගත්තේ ඒ දෙන්නට හොරෙන්.

” ඒ කියන්නේ කුමාර් අයියා දිගටම මේ ගමේ ඉන්නවා..”

රන්මලිගේ හඩ ඇහුනා..

” ඒක කියන්න බෑ රන්මලී නංගී..ඒත් මේ ගමේ හිත ගිය කෙල්ලක් හිටියොත් දිගටම ඉන්නවා… ”

අර තරුනයා කිව්වේ සිනහමුසු හඩින්.

” ඉතින් හම්බවෙන්නේ නැතිවෙයිද ”

” ඒක කියන්න බෑ ඉතින්….”

” කුමාර් අයියේ තාත්තා ගෙදර එන්න කලින් මම ආපහු යන්න ඕනා අම්මට කියලා ආවේ මම ඉන්දුලාගේ ගෙදර යනවා කියලා… අනික මම මේ දවස්වල හරි බයෙන් ඉන්නේ….”

” ඒ මොකද ඒ අරූ ආයේ කරදර කරයි කියලද”

” ඒකත් එක හේතුව්ක් තමා… ඒ විතරක් නෙමේ කුමාර් අයියේ මේ දවස්වල මගෙ පස්සෙන් නයි එනවා… තාත්තට කිව්වට පස්සේ තාත්තා මේ සුරය මටකරට දාගන්න කිව්වා… මේක ලග තියෙනකම් නයි තියා සර්පයන්ගෙන්වත් කරදරයක් වෙන්නේ නෑකියලා තාත්තා කිව්වේ.. ”

රන්මලී ඒක කිව්වේ ඇයගේ ගෙලේ තිබ්බ සුරයක් කුමාර්ට පෙන්වමින්.

” එහෙම සුරත් තියෙනවද… ඒත් ඇයි රන්මලී පස්සේ නයි එන්නේ.. ”

” ඒක දන්නේ නෑ කුමාර් අයියේ… ඒක නෙමේ අපි ඉක්මනට යමුද , කුමාර් අයියාගේ හේ අස්පස්කරලා ඉක්මනට එන්න ඕනා…”

” හරි ඉක්මනට යමූ රන්මලී… මොනව වුනත් රන්මලී වගේ කිසිම දේකට බය නැති කෙල්ලෝ තමා මේ සමාජෙට ඕනා… නැත්නම් මේ ඉයේ දැකපු මමඑක්ක වෙන කෙල්ලක්නම් ඔහොම බයක් හැකක් නැතිව එයි වැයි….”

” මට කුමාර් අයියා ගොඩක් විශ්වාසයි…. වෙන කෙනෙක් එක්කමෙහෙම එනවා තියා මම ඒ ගැන හිතන්නේවත් නෑ… ”

රන්මලී කිව්වේ හැගුම් බර හඩකින්. මොනා වුනත් මම එක දෙයක් තේරුම් ගත්තා. රන්මලී ඔය යන්නේ අර ඩේවිඩ් මුදලාලිගේ පාලු නිවස සුද්ද පවිත්‍ර කරලා දෙන්න බව.

මාත් ඔවුන් දෙන්නට නොදැන්න ඔවුන් පස්සේ දිගටම ලුහුබැදගෙන ගියා.
??????????????????????

ඩේවිඩ් මුදලාලිගේ පාලු නිවස ඇතුලට ගිය කුමර් රන්මලීවත් ගෙට අරන් දොර වහලා දැම්මේ මගේ හිතට යම් සැකයකුත් එක්කරලා..

මම එදා රන්මලිට කරන්න ගිය දේ අද කුමාර් රන්මලීට කරන්න යනවද. මමහොරෙන් හොරෙන් ගේ පැත්තට ලංවෙලා ඇතුලේ ඇහෙන අඩවල් වලට අවදානය දීගෙන උන්නා.

” කුමාර් අ…අයියේ ඔයා මොකක්ද ඔය කරන්න හදන්නේ…”

ගේ ඇතුලින් ඇහුනේ රන්මලීගේ බියමුසු හඩ.

” හහ් හ්හ් හා.. උබට කිසිම කරදරයක් කරන්නේ නෑ.. මට ඇත්ත කිව්වොත්, හැබයි උබ බොරු කිව්වොත් මේ පිස්තෝලයක් උබයි උබේ අම්මයි පවුලේ ඔක්කොම මරලා දානවා….”

ඊට පස්සේ ඇහුනේ කුමාර්ගේ තර්ජනාත්මක හඩ. වෙන දේවල්වලට මම මාර කුතුහලයක් ඇතිවුනේ.. ඒ මීට පොඩ්ඩවෙලාවකට කලින් හිනාවෙවී කතා කරකර ආපු කුමාර් හිටිහැරියේ මේ විදිහට වෙනස්වුනේ කොහොමද කියලා..

” මගෙ ගෙදර අයට මොකුත් කරන්න එපා.. මම හිතුවේ නෑ උබ මෙහෙම කෙන්ක් කියලා.. තාත්තා කිපරක් කිව්වද උබට තියෙන්නේ එච්චරම හොද මිනිහෙක්ගේ පෙනුමක් නෙමේ කියලා…ඒත් මම විශ්වාස කලේ නෑ…”

” ඒවයින් වැඩක් නෑ.. කියපං උබ එදා රෑ අරගෙන දිව්වා නාග මැනික කොහෙද හංගලා තියෙන්නේ ”

කුමාර්ගේ හඩින් ඒක පිටවෙද්දී මාත් ගැස්සුනා…..

” මොන නාග මැනිකද ,මම එහෙම දෙයක් දන්නේ නෑ…. ”

” බොරු කියන්න විතරක් ලෑස්තිවෙන්න එපා.. මං හොදටම දැක්කා උබ අරූට ගහලා ගොම ගොඩ අවුස්සලා නාග මැනික අරන් පැනලා දිව්ව හැටී.. උබේ වෙලාවට එදා මට උබව අල්ලගන්න බැරිවුනා.. අර නයා මගේ පස්සේ පැන්නුවේ නැත්නම් මෙලහකට මගේ අතේ නාග මැනික…”

කුමාර්ගේ කතාවින් මට තේරුනේ එදා මට පොල්ලෙන් ගැහුවේ රන්මලී කියලා.. එතකොටයි මට සිහියට ආවේ මම අහුලගත්ත අර මාලේත් රන්මලීගේ වෙන්න ඇති කියලා…

” කියපං කොහෙද උබ ගත්ත නාග මැනික හැංගුවේ.. ඒ නාග මැනික ගන්න මමයි ඉස්සරවෙලාම ප්ලෑන් ගැහුවේ. කොහෙද අර කොහෙවත් නැති එකෙක් මැද්දට පැනලා මගෙ වැඩ ඔක්කොම අවුල් කලා… ඉතින් කියපං කොහෙද ඒක උබ හැංගුවේ.. කියනවද මගෙන් මැරුම් කනවද…

කුමාර් වියරු වැටිලා තිබ්බා.

” එපා මාව මරන්න , ඒ නාග මැනික තියෙන්නේ මගේ කාමරේ සූට්කේස් පෙට්ටිය ඇතුලේ තියෙන තවත් පොඩි පෙට්ටියකට දාලා…”

රන්මලී කියද්දී මට් එකපාරටම මතක්වුනේ මම එදා ඇය අල්ලගන්න කාමරේට යද්දී ඇය ගෙදර අයට බලන්න හැදුවේ ඒ නාග මැනික වෙන්න ඇති කියලා.

” ශික් මම තව පොඩ්ඩක් ඉවසුවානම් මට ඒ වෙලාවෙම නාග මැනික මගේ අතට ගන්න තිබ්බ”

මට ඇතිවුනේ මම ගැනම තරහක්.

” හරි මම දැන් යනවා උබේ ගෙදර හැබයි උබ මට බොරුවක් කියලා තිබ්බනම් එහෙම , ඒ වෙලාවෙම මම උබේ අම්මට වෙඩි තියලා මරලා දානවා…..”

කුමාර් කිව්වා.

” නෑ නෑ මැනික තියෙන්නේ ඒකෙම තමා අනේ මගේ අම්මට් එහෙම මොකුත් කරන්න එපා… ”

රන්මලී කිව්වේ ඉකිබිදිමින්.

” උබ මට බොරුවක් නෙමේනම්න්කිව්වෙ අම්මට මොකුත් වෙන්නේ නෑ.. කෝකටත් මම මගේ අරෙක්ශාවට උබේ ඔය කරේ දාල තියෙන සුරේ ගන්නවා හහ් හහ් හා.. උබ කිව්වේ ඔය සුරේ දාගෙන ඉන්න්කොට නයි නෙමේ මොන සර්පයන්ගෙන්වත් කරදරයක් වෙන්නේ නෑ කියලා…”

කුමාර් ගේ හඩ ඇහෙද්දී මගේ හිත කිව්වේ මට ඉක්මනට සූරියසේන ගුරුන්නාන්සේ ලාගේ ගෙදර ගිහිල්ලා නාග මැනික ගනින් කියලා..

ඒ ඇසිල්ලේම මම ඉක්ම්න් ගමනින් සූරියසේන ගුරුන්නාන්සේ ලාගේ ගෙවල් පැත්තට දුවන්ගියේ කුමාර්ට කලින් නාග මැනික අතට ගන්න හිතාගෙන….

රන්මලීගෙ කතාවින් මම තේරුම්ගත්තේ ගුරුන්නාන්සේ ගෙදර නැ කියකයි. ඉන්නවනම් ඉන්නේ ගෙදර ගුරුන්නාන්සේ ගේ බිරිද හීන්මැනිකේ විතරයි. ඇයව බයකරලා ලේසියෙන්ම නාග මැනික මට අරගෙන යන්න පුලුවන් වෙයි කියලා මට හිතුනා..

??????????????????????

මම ගුරුන්නාන්සේ ලාගේ වත්තට ඇතුලුවෙද්දීම දැක්කේ හීන්මැනිකේ මාගලකට වී දාගෙන වේලන හැටී. මම ගිය විලාසයට වෙන්න ඇතී හීන්මැනිකේ ඇස් උඩ ගියේ බයට. මොකද මම ගියේ ඉනේ ගහලා තිබ්බ උල් පිහියත් අතේ අරගෙනමයි.

” ලක්සිරි උබ උබ….. ”

මම දැකපු හීන්මැනිකේ ගොත ගහ ගහ පස්සට ගියා. මම ඒ ඇසිල්ලෙම ගුරුන්නාන්සේ ගේ ගෙට පැන්නා..

” ලක්සිරි උබ මොකක්ද ඔය කරන්නේ… ගුරුන්නාන්සේ දැන් මග එනවා ඇතී.. උබට ඉක්මනට පොලව යටට යන්න ඕනාවෙලාද ”

එහෙම කියාගෙන හීන්මැනිකේ මගේ පස්සෙන් ගෙට ඇතුලුවෙද්දී මම ඉක්මනට රන්මලීගේ කාමරයට ඇතුලුවුනා…

” උබ මොනවද කරන්නේ…කවුරුවත් නැද්දෝ…. ”

හීන්මැනිකේ යට ගිරියෙන් කෑගහන්න පටන් ගත්තේ උදව් ඉල්ලලා.. ඒත් ඇය මගේ ලග තිබ්බ උල් පිහිය හින්දා වෙන්න ඇති මම ලගට කිට්ටු වුනේ නෑ…

ඒ ඇසිල්ලේ මම රන්මලීගේ සූට්කේස් පෙට්ටිය ඇවිස්සුවා. රෙදි කොඩක් අස්සේ හංගලා තිබ්බ පෙට්ටිය නෙත ගැටුනේ එතකොටයි.

” මේක වෙන්න ඇති රන්මලී කිව්ව අර නාග මැනික දාල තිබ්බ පෙට්ටිය…”

හිතපුමම ඒක ඇරියා. දුටුදෙයින් මගේ ඇස් බැබලුනා. අර නාග මැනික ඒක ඇතුලේ තිබ්බේ දිලිසි දිලිසි.. මම දැක්කා ඒක දැකපු හීන්මැනිකේත් කැ ගැහිල්ල නවත්‍තලා ඒ දිහ පුදුමෙන් බ්ලන් ඉන්න හැටී..

” තවත් මෙතන ඉන්න එක නුවනට හුරු නෑ ,මෙලහට කුමාර් මේ මැනික හොයාගෙන පිස්සු බල්ලෙක් වගේ මේ පැත්තට එනවා ඇතී.. ”

හිතපු මම කාමරයට ඇතුලුවුන හීන්මැනිකේවත් තල්ලු කරගෙනම කාමරයෙන් එලියට පැනලා සැරසුනේ ගෙයින් එලියටපනින්න.

ඒත් මම පමා වැඩී කියලා තේරුනේ ගෙයින් එලියට පනින්න හදනකොටම ගෙට ඇතුලුවුන කුමාර් දැකලා…

” උ.. උබ… ”

මම දැකපු කුමාර් එක කියලා බැලුවේ මගේ අතක තිබ්බ අරපෙට්ටිය දැකලා..

” උබ එහෙනම් ආයෙම සැරයක් මම යන පාර හරස්කරන්නයි හදන්නෙ , මේ පාරනම් ඒ වැඩේ හරියන්නේ නෑ… දියන් ඔය පෙට්ටිය මගේ අතට.. හාහා ඉතින් දියන් ඕක මෙහාට.. මොකක්ද මේ මගේ අතේ තියෙන දේ… කියලා උබ දන්නවනේ..”

කුමාර් කිව්වේ ඔහුගේ ඉනේ ගහලා තිබ්බ අර පිස්තෝලයක් මම දිහාට දික්කරලා..

” දියන් ඕක මෙහාට , නැත්නම් ඔලු කට්ට…”

කුමාර් ට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි. ඔහු මගේ දිහාට පිස්තෝල ය දික්කරන්න හදද්දීම මම මගේ අතේ තිබ්බ් උල්පිහියෙන් කුමාර්ට ඇන්නේ ඔහුගේ බඩ ඇතුලටම කිදාබසින්න හිතන්.

” ආ….හ්… ”

මම ඇනපු උල් පිහිය කුමාර්ට ඇනුනා… ඒත් ඔහුගේ බඩටනම් නෙමේ. මම පිහියෙන් අනින්න හදනවා දැකපු කුමාර් ඉක්මනට පොඩ්ඩක් එහාට පැන්න..ඒ නිසම පිහි පාරේ ඉලක්කය වැරදිලා ගිහිල්ලා ඇනුනේ කුමාර්ගේ ඉන හරියට වගේ.. මේ වෙන දේවල් දැකලා හීන්මැනිකේ හිටියේ මර ලතෝනී දෙමින්. ඒත් සූරියසේන ගුරුන්නාන්සේ ගේ ගේ තිබ්බේ අනිත් ගෙව්ල් වලින් සෑහෙන්න දුරකින් හින්දා ඒ හඩවල් ගමේ වෙන මිනිස්සුන්ට ඇහෙන්න තරමේ ප්‍රමානවත් මදී.

පිහි පාරට කුමාර්ගේ ඇගෙන් ලේ ගලා හැලෙද්දී ඔහුගේ අවදානය ඒ දිහාට ගියා.. ඒ අවසරෙන් මම ඉක්මනට එතනින් දුවගෙන ආවේ කොහොම හරි මැනික අරන් සූරියසේන ගුරුන්නාන්සේ ගේ ඉඩමෙන් අයින් වෙන්න හිතාගෙන.

කුමාර්ගේ අතේ තිබ්බ පිස්තෝලයට මම සෑහෙන්න බයවෙලා හිටියේ.

” ඩෝං….. ”

ගුරුන්නාන්සේ ගේ ඉඩමේ කඩුල්ල පනින්න්ද හදද්දීමයි මගේ පිටිපස්සෙන් වෙඩි හඩක් එක්ක වෙඩි උන්ඩයක් පියබගෙන ගියේ.. ඒ උන්ඩය ඇදී ගියේ මගේ වම් කන හරියෙන් වගේ..

” නැවතියන් , උබට කොහොමත් බේරිලා යන්න දෙන්නේ නෑමම..”

කුමාර් වියරු වැටී කෑහසද්දී තව ඩෝං හඩින් වෙඩි හඩක් මගේ පිටිපස්සෙන් ඇහුනා..මෙවරන්ම් මම සෑහෙන්න අවසානාවංතයි.

මෙවර කුමාර්ගේ ඉලක්කය පොඩ්ඩක් හරි ගිහිල්ලා තිබ්බා. වෙඩිල්ලා මගේ උරපත්තට වැදුනේ මට කෑගස්සවමින්…

” දැන් හරිනේ දියන් දැන්වත් , තව ටිකක් උබ දිව්වොත් වෙඩිල්ල තියන්නේ උබේ ඔලු කට්ට කුඩුවෙන්නමයි..”

කුමාර් එහෙම කිව්වත් මම උගේ අදහසට කන් දුන්නේ නෑ.. කොච්චර වේදනාවක් තිබ්බත් මම නාග මැනික අරන් සූරියසේන ගුරුන්නාන්සේ ලගේ ගෙවල් ලගම තිබ්බ කැලය ඇතුලට රිංගගල දුවගෙන ගියා..

??????????????????????

සෑහෙන්න දුරක් මම කැලය ඇතුලින් ඇවිදගෙන ගියා. වෙඩි වැදුනු අත පුපුරු ගහනවා වගේ වේදනාවක් දැනෙන්නේ..

” ඒත් මම කොහොමද මේ මැනික නාගයින්ට බාර දෙන්නේ.. ”

ඒක මට සැහෙන්න අවුලක්.. කලින් දිනවල නයින් දකිද්දී බයවුන මම , මේ වෙලේ උන්නේ ඉක්මනට කොහෙන් හරි නයෙක් මතුවෙලා මමලගට එයිද කියලා…

මම විශාල ගහකට පිටදීල ඉදගත්තේ තවත් දුරක් ඇවිදගෙන යන්න ශක්තියක් තිබ්බේ නැති නිසා..

” කොහෙද උබ හැංගුනේ…. හැංගිලා බේරෙන්නබෑ උබටමගෙන්….”

මට ඉතාලගින් කුමාර්ගේ ඒ හඩ ඇහුනේ… මම පිටුපා හිටිය ගහ උඩ බැලුවා.. ඒක සෑහෙන්න උස ගහක්…

” අමාරුවෙන් හරි මේ ගහ උඩට නැගලා හැංගිලා ඉන්නවා….”

හිතපු මම අමාරුවෙන් අර ගහ උඩට නැගලා හැංගෙන්න හිතලා උරපත්තෙන් දැනෙන වේදනාවත් අමතක කරලා අමාරුවෙන් ගහට බඩගාගෙන ගියා. උඩුකය නිරුවත් මගේ උරපත්තෙන් උනු ලේ වැක්කෙරෙමින් තිබ්බ. මේ වෙද්දී මගේ ඇගේ සක්තිය තිබ්බෙත් සෑහෙන්න හීනවෙලා….

” උබට ඔය මැනික ගත්තට වැඩක් නෑ මෝඩයා……උබට ලේ ගිහිල්ලම අද රෑ වෙද්දී මැරෙයි.. වරෙන් එලියට ”

කුමාර් ඒ දේ කියාගෙන වටපිටාව බලබලා ගියේ මම ගහ උඩ බඩගාගෙන යද්දී…..

මට හිතුනේ ඔහු ගහ උඩ ඉන්න මාව නොදැක ඉස්සරහට ඇවිදගෙන යාවි කියලා. ඒත් වුනේ අනපේක්ෂිත දෙයක්.. එක්වරම ඩෝං හඩින් කුමාර්ගේ පිස්තෝලයෙන් වෙඩිල්ලක් පිටවුනා.. එක කෙලින්ම පියබගෙන ඇවිල්ලා වැදුනේ ගහ උඩට බඩගාමින් උන්නු මගේ කකුලෙ වලලුකරකටයි…

” අම්මෝ…… ”

මරලතොනී දීගෙන මම ගහින් බිමට වැටුනා…වැටුනු පාරට මට හැහුනේ මගේ කොන්ද කැඩුනදො කියා. ඒ තරම් වේදනාවක් කොන්දෙන් ආවේ… මගේ අතේ තිබ්බ නාග මැනික දාල තිබ්බ පෙට්ටිය මගේ අතින් අතඇරිලා වෙන පැත්තකට වැටුනා. මම දැක්කා ඒ පෙට්ටිය කුමාර් අහුලලා අතට ගන්න හැටී. ඔහු පෙට්ටිය ඇරලා බැලුවේ ඒක ඇතුලේ අර නාග මැනික තියෙනවද කියලා බලන්න. ඔව්. පෙට්ටිය ඇතුලේ නාග මැනික දිලිසි දිලිසී තිබ්බා. කුමාර්ගේ මූනට නැගුනේ ජයග්‍රාහී හිනාවක්..

” අවසානේ නාග මැනික මට හම්බවුනා, මිල කල නොහැකි නාග මැනික කුමාර්ට හම්බවුනා….”

නිම්හිම් සතුටින් කුමාර් ඒක කියාලා ඇනකුටු ගහගෙන ඉදගත්තේ අසරනවා වැටිලා ඉන්න මම අසලින්.. ඔහුගේ මූනේ ලේ තිබ්බේ ගහ උඩ ඉද්දී මගේ ඇගින් වැටුනු ලේ වෙන්න ඇතී. සමහර විට ඒ ලේ වැටෙද්දී වෙන්න ඇති කුමාර් ගහ උඩ ඉන්න මාව දකින්න ඇත්තෙත්.

” දැන් හරිනේ , ඕකටනේ උබ මෙච්චර වෙලා උඩ පැන්නේ…. හහ් හහ් අර වෙලාවේම උබ මට මේ නාග මැනික දුන්නනම් උබට මෙහෙම වැටිලා ඉන්න ඕනේ නෑනේ… උඩ පැන්න උබට දැන් හෙලවෙන්නත් අමාරුයි , මේ කුමාර් එක්ක හැප්පිලා කාටව්ත් දිනන්න බෑ… ඒ හින්දා මේ නාග මැනිකේ සැබෑ උරුමක්කාරයා මේ කුමාර්ම තමා… ”

සමච්චල් හඩින් කුමාර් ඒක කියද්දී මම එකපාරටම දැක්කා කුමාර් පිටිපස්සෙන් කවුරු හරි හෙමින් හෙමින් එන චායාවක්. මම විශ්වාස කරන්නේ කොහොමද ඒ දසුන. කුමාර්ට පිටුප්සින් එමින් හිටියේ රන්මලී. රන්මලීගේ අතේ තියුනු තලයක් තිබ්බ මන්න කැත්තක් තිබ්බා..

” එහෙනම් මම යන්නම් , මම උබට මෙතන්න් එහාට මොකූත් කරන්නේ නෑ.. තව ටික වෙලාවක් ඉදලා උබ ලේ ගිහිල්ලාම මේ පාලු කැලේ මැද්දේ මැරිලා යයි. නැත්නම් පනපිටින් ම මොකෙක් හරි ඇවිල්ලා කාල යයි.. නාග මැනික ලැබෙන්න ඕනා නියම අයිතිකාරයට දැන් ලැබිලා ඉවරයි. ඒ උරුමක්කාරයා මේ කුමාර් තමා… ,”

කියපු කුමාර් හැදුවේ මම ලගින් නැගිටලා යන්න. ඒත් ඔහුට නැගිටින්න පුලුව්න් වුනේ නෑ.. රන්මලීගේ අතේ තිබ්බ මන්න කැත්ත ඉහලට එසවිලා වේගෙන් පාත්වුනේ කුමාර්ගේ හිස කෙලින්…”

” අම්මෝ……… ”

කුමාර් මරලතෝනී දුන්නේ මුලු කැලයම දෙවනත් වෙන්න. ඔහුගේ අතේ තිබ්බ පිස්තෝලය , නාග මැනික තිබ්බ පෙට්ටිය බිමට ඔහුගේ අතින් අත ඇරෙද්දී රන්මලී වියරුවෙන් වගෙ කුමාර් ගේ ඔලුවට අර මන්න කැත්තෙන් කොටාගෙන කොටාගෙන ගියා. ලේ විලක කුමාර් වැටිලා ඉද්දී රන්මලී කොටන එක නවත්‍තලා කුමාර්ගේ අතින් වැටුනු නාග මැනිකදාල තිබ්බ පෙට්ටිය ඇයගේ අතට ගත්තා.

” උබ කිව්වා නේද කුමාර් මේ නාග මැනිකේ අයිතිකාරයා උබ කියලා, නෑනෑ ඒක වැරදී. මේ නාග මැනිකට අයිතිකාරයෙක් නෑ. ඉන්නේ අයිතිකාරියක් , ඒ තමා මේ මම රන්මලී…. උබලා එකෙක්වත් නෙමේ , මේ රන්මලී තමා මේ මැනිකේ අයිතිකාරිය…”

මේ වෙද්දී කුමාර් සම්පූර්ණයෙන් ම උන්නේ නිසල වෙලා. මම හිතන්නේ මට කලින් ඔහු අවසන් ගමන ගුහිල්ලා…

” ඉතින් ලක්සිරි ,මට උබවනම් මරන්න ඕනේ නෑ.. තව පොඩ්ඩවෙලාවකින් උබත් කුමාර්ගේම ලෝකෙට යයි. එහෙනම් මේ රන්මලී ගියා…. ”

මම දිහා සමච්චලේට බලල කිව්ව රන්මලී හැදුවේ මැනික අරන් ආපහු යන්න.

” නෑ රන්මලී මට ,කුමාර්ට විතරක් නෙමේ ඔය නාග මැනික උබටත් අයිතියක් නෑ.. ඔය නාග මැනිකේ නියම අයිතිකාරයෝ තමා නාගයින්. උන්ට විතරයි ඔය මැනිකේ අයිතිය තියෙන්නෙ….”

එහෙම සිතද්දීමයි මම දැක්කේ මට අඩි කීපයක් දුරින් තනකොල්ලට වැටිලා හැංගිලා වගේ තිබ්බ කුමාර්ගේ අතින් වැටුනු පිස්තෝලය.

ශරීරයෙන් කොච්චර වේදනාව ආවත් මම අමාරුවෙන් අත දික්කරලා ඒ පිස්තෝලය මගේ අතට ගත්තා. මීට කලින් පිස්තොලයකින් වෙඩි තියල නැති මම පලමු වතාවට මට පිටුපාල යන රන්මලීගේ හිසට වෙඩි තියන්න ඉලක්කය ඇල්ලුවා.

” නාගයිනි උබලගෙ මැනික උබලටම දෙන්නයි මම මෙහ්ම දෙයක් කරන්නේ…මගේ ඉලක්කය හරියන්න… ”

පතපු මම පිස්තෝලයේ කොකා ගැස්සුවා..

විශ්වාස කරන්න. පිස්තෝලයෙන් පිටවුනු උන්ඩය වේගයෙන් පියබගෙන ගිහිල්ලා වැදුනේ හරියටම රන්මලීගේ හිසේමයි.

මරලතෝනියක් දීගෙන රන්මලී කපාහෙලූ ගහක් කඩන් වැටෙනවා වගේ බ්ම වැටෙද්දී මම අමාරුවෙන් ඉහලට ඔසවගෙන හිටිය හිස පොලවට තියාගත්තා. රන්මලීත් අවසන් ගමන් යන්න ඇති කියලා මම සීයට සීයක් විශ්වාස කලා.

?????????????????????

මොහොතින් මොහොත් කාලය ගෙවී ගියා. උදව් ඉල්ලා කෑගනවත් මට සක්තියක් තිබ්බෙත් නෑ.. මම එහෙම උදව් ඉල්ලලා කෑගැසුවෙත් නෑ. මගේ හඩ ඇහිලා මෙතනටඑන ක්වුරුහරි අර නාග මැනික අරන් යයි කියලා මට හිතුනා.

මිනිසුන් තියා නයෙක්වත් මම හිටිය ඉසව්වට ආවේ නෑ.. වේදනාව එන්න එන්න දරුනුවෙද්දී මට හිතුනා පිස්තෝලෙන් හිසට වෙඩි තියාගන්න. ඒත් මම එහම කලේ නෑ. කොයිහරි මොහොතක නයෙක් ඇවිල්ලා අර මැනික අරන් යයි , ඒ දේ දකින්න මම ජීවත්වෙලා ඉන්න් ඕනා කියලා හිත කිව්වා.

කාලය හෙමින් ගතවෙලා බිම් කරුවලත් වැටෙන්න පටන් ගත්තා. කරුවල වැටෙන්න වැටෙන්න නිසල රන්මලී ලග වැටිලා තිබ්බ නාග මැනිකේ එලිය විහිදෙන්න පටන් ගත්තා…

මං ඒ එලිය දිහාම බලාගෙන ඉද්දීයි එකපාරටම ඒ දිහාට නාගයෙක් ඇදුනේ.. ඌ අර මම කලින් මැනික ගන්න හද්දද්දී දැකපු නාගයා වගේම විශාලයි…. ඒත් මේ ඌද වෙන එකෙක්ද කියන්න මම දන්නේ නෑ.. සූරියසේන ගුරුන්නාන්සේ නම් කිව්වේ නාගයාගෙන් නාග මැනික කවුරුහරි ගත්තොත් ඌ සෝකයෙන් මැරෙනවා කියලා..

අර නාගයා මැනික ලගට ඇවිල්ලා ඒ දිහා බලන් ඉද්දී එතනට ටිකවෙලාවකින් තවත් සෑහෙන්න නයින් බඩගාගෙන ආවා… ඒත් ඒ නයි අර ඉස්සරවෙලාම ආව නයා තර්ම් විශාල නෑ……

මට දැන් විශ්වාසයි නාග මැනික උන් අරන් යාවි කියලා… දැන් මට මැරුනත් දුක නෑ……

සිතූ මම පිස්තෝලය මගේ හිසට කෙලින් තියාගත්තේ වෙඩි තියාගෙන මැරෙන්න හිතන්. මම ඇස් දෙක වහගෙන කොකා ගැස්සුවා. ඒත් ඉන් කලින් වගේ හඩක් එක්ක උන්ඩයක් පිටවුනේ නෑ…මං හිතන්නේ පිස්තෝලයේ උන්ඩ ඉවරවෙලා වෙන්න ඇතී.

ඒත් මට දැන් ජීවත්වෙන්න කිසිම ආසාවක් නෑ. මම දන්නවා මේ කැලේ මැද මම තව ටිකකින් මිය යාවී කියලා. ඒත් මට දැනෙන වේදනව තව තප්පරයක් උහුලන් ඉන්න තරම් තත්වයක් තිබ්බේ නෑ..

මම මැනිකේ ආලොකයෙන් පේන එතන ඉන්න නයින් දිහා බැලුවා. ඔක්කොම නයි මැනික වටකරන් හිටියේ ඒ දිහා පෙන පුප්පගෙන බලාගෙන.

” නයි හාමිලා , ඔන්න මම උබලට වුන පොරොන්දුව ඉටුකරලා දුන්නා. මගේ තන්හාවට ගන්න හදපු නාග මැනික ආපහු අයිති උබලටම දෙන විදිහට වැඩ කලා… ”

මම අමාරුවෙන් කියද්දී අර විශාල නයා එකපාරටම මම දිහා හැරිලා බලන් හිටියේ මම කියපු දේ ඌට තේරිලා වගේ…

” ඒත් මට ඉවසන් ඉන්න බැරි තරමට වේදානායි නයි හාමිලා… එක පැත්තකින් මගේ ඇගට වෙඩි වැදිලා. ඒ මදිවට ගහෙන් වැටුනු පාරට කොන්ද කැඩිලා… මට දැන් ජීවත්වෙලා වැඩක් නෑ.. ඒ වගේම තව පැය කිපයක්වත් ජීවත්වෙලා ඉන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නේත් නෑ.

ඒත් ඒ පැය ටිකවත් ඉන්න බැරිතරමට මට උහුලගන්න බැරි වේදනාවක් දැනෙන්නේ…. නයි හාමි ඔය පෙනෙකින් දශ්ටකරලවත් මාව ඉක්මනට මරලා දාන්න.. මට බෑ මේ වේදනාව තව්ත් ඉවසගෙන ඉන්න.”

මං උන් දිහා බලාගෙන කිව්වා. උන්ට මං කිව්ව දේ තේරුනාද මංදා විශාල නාගයා මොහොතක් මම දිහා බලන් ඉදලා මම දිහාට ඇදිලා ආවා.. මට ඌ ගැන වෙනද නයි දකිනකොට දැනුනු බය දැනුනේ නෑ…

” ඉතින් දශ්ට කරන්න නයි හාමී ,දශ්ට කරන්න ”

මම ඌ දිහාබලාගෙන කිව්වා. මම ඊට පස්සේ තදින් ඇස්වසාගත්තා…….ටිකකින් මට දැනුනේ මගේ නලලට අර විශාල නාගයා දශ්ටකලා වගේ හැගීමක්.

ගිනිපෙනෙල්ලක් නලලේ වැදිල තියෙනවා වගේ වේදනාවක් එන්න එන්නම වැඩි වෙද්දී මම අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා.. ඒ එක්කම විශාල නාගය පෙනය මම දිහාට පොඩ්ඩක් පාත්කරලා ආපහු ගියේ අර නාග මැනික ලගට.

මම දැක්කා ටිකවෙලාවකින් අර විශාල නාගයා අර මැනික ගිලින් හැටි. ඒත් එක්කම මුලු පරිසරයම අන්දකාරවුනා. ඊට පස්සේ මට කිසි දෙයක් හරියට පෙනුනේ නෑ…

කොන්ද කැඩුනු වේදනාව, වෙඩි වැදුනු වේදනාවට , නයි විශත් එකතුවෙලා මට මිනිහෙක්ට කොහොමවත් දරන්න බැරි වේදනාවක අසරනවෙලා හිටියා..

නාග මැනිකක් ලබාගන්න තන්හාවට ,අඩුවයසින් මිය ගිය කුමාර්ගේ හා රන්මලීගේ නිසල වුනු සිරුරු දෙක ලග මමත් හිටියා. ඒ ඔවුන් ගිය ලෝකයට යන්න මාරයාට අවනත වෙමින්….????????????????????සමුගන්න අවසරයි ? නාග මැණික

ඔන්න මම නාග මැනික කතාවට අමුතුම අවසානයක් දුන්නා. අඩුම අඩු කොටස් 05 ක කතාවක් විදිහට..

කතාවේ අවසානය හොදද මංදා ඉතින්.. මොනාවුනත් කතාව පටන් ගත්ත දවසේ සෑහෙන්න පිරිසක් නාග මැණික කතාව එක්ක හිටියා.. කතාවට විශාල කොටස් ගානක් දාල දිනගානක් ඇදගෙන යන්න මට හිතුනේ නෑ.. දිගම දිග කොටස් පහක් දාලා ඉක්මනට ඉවරකලා….

ඉතින් මගේ කතාව එක්ක ඉදලා කතාව කියවපු ලයික් දාපු කමෙන්ට්ස් කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතී.. ??????

මම එහෙනම් සමුගන්නම් , ආයෙත් කතාවක් අරන් එන්න බලන්නම්….

මම රාස්……??????

24 thoughts on “නාග මැණික | ? 05 අවසන් කොටස ? | හොල්මන් කතා”

    1. Amesha sonali

      ෂෝයි කතාව ?????
      හිතපු නැති දෙයක්නෙ අන්තිමට වුනේ..????
      අම්මෝ අර රන්මලී නම් මාර කෙල්ලෙක් තමා….අයියෝ..තණ්හාව නිසා ජීවිත කීයක් නැති වුනාද…
      මේක හොද කතාවක්..?
      ගන්න ආදර්ශ ගොඩාරියක් තියෙනෝ..
      කතාව ෂෝයි ඇඩ්මින් සර්
      බුදු සරණයි ???
      Good night හැමෝටම ❣️❣️

      1
    2. නොනවත්වා කියවන්න හිතෙන අාකර්ශනීය ගතියක් කතාව තුළ තිබුණා.

      1
  1. Nimesha perera

    Godaak lassanai aiya kathawa ??❤️
    Me ranmali nm maara kellek thama kohimada appa ara vidihata ara manussayata mannen ketuwee??
    Thawa me wage katha liyanna kiyala mn oyata suba pathanawa aiyee…

    1
  2. Nawoda Sadamini

    ශා…. ලස්සනයි කතාව…අන්තිම කොටස කියවද්දි හිතුනෙ හුරුපුරුදු බවක්….අලුත් කතාවක් ඉක්මනට ගේන්න සර්…සර්ගෙ නිර්මාණ හැකියාව දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

    1
  3. Khmd kastiya..mn ada thamai kathwe kotas 5ma qyewwa..aththamai kathwa nm marama lassanai..aththatama me thanhwa nisa kochchara nm vinasa wenwada..minissunge jeewatha koitharam nathi wenwada..eka paththakin kathwak wgema anith paththen adarshekuth thiyenwa..thamanta aithi nathi deyak kwadwathma thamnge wenna..eka anungemai..naga manikta koitharam aithikarao hitiyath eke saba aithi karayo nagayo..e nisa kawadwathma thamnta aithi nathi dekata aithiwasikam qynma hoda na..khma unth kathwa nm lassanama lassanaii….good night hamotama..budusaranai…?????????⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

    1
  4. මං නම් හිතුවෙම නැ රන්මලි එහෙම කරයි කියලා.. අනික අර හැන්ඩියා කුමාර් මට හිතුනෙම ??? කියලා… බලන් යද්දී කරපු අනුමාන ඔක්කෝම වැරදි ?? කමක් නැ කමක් නැ ඉතින්…

    වෙනස් ම අවසානයක්… මං හිතුවේ.. රන්මලි ඇවිත් කුමාර්ට ගහලා ලක්සිරිට උදව් කරයි කියලා.. ?? මං හිතනවා ගොඩක් දෙනෙක් එහෙම හිතන්න ඇති කියලා… ඒත් ඉතින් වුනේ ඔක්කෝම කනපිට.. ?? හිතුව එකක් වත් ⁣වුනේ නැනේ…

    මං හිත⁣න්නේ මේ කතාවෙන් අපිට ගන්න තියෙන දේ තමා.. තමන්ට අයිති නැති දෙයක් ගන්න එක ලොකු වැරැද්දක් කියන එක… හොරකම් කරොත් ඒකට දඩුවම් ලැබෙනවා අනිවාරෙන්ම.. කුමාර්ට රන්මලිට ලක්සිරිට වුනේ ඒකනේ… බුදු හාමුදුරුවොත් කියලා තියෙනවානේ තණ්හාව විනාශයට හේතුවේ කියලා… තණ්හාය ජායති සොකො… ඔන්න මං බණ කියන්නත් දන්නවා ඇ…??? අනුන්ගේ දෙයක් හොරෙන් ගන්නැති තරමට අපිට කරදර අඩුයි… හොරකම් කරන එක කොහොමත් පවක්නේ… පන්සිල් පදවලින් එකකත් ඕක කියලා තියෙනවානේ… ??

    කතාව ගැන නම් කියන්න දෙයක් නැ අයියේ.. වෙනස්ම විදියකට ලීව කතාවක්.. ආසාවෙන් කියෙව්වේ.. කතාව ඉවර එකටනම් දුකයි අප්පා… අලුත් කතාවක් අරන් ඉක්මනටම එන්නකෝ… පරෙස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි !…
    සුභ රාත්‍රි⁣යක් හැමෝටම
    ????

    1
  5. හිතුවෙවත් නැති අවසානයක්…කතාව නියමයි.තමන්ට අයිති නැති දෙයකට ආසා වෙලා ජීවිත තුනක්ම නැති වෙලා ගියා ???…තවත් කතාවක් අරං එන්න රාස් …

    1
  6. ? මහිංසා ?

    කතාව ඉවර වෙලා නේද ..අද තමයි කියෙව්වේ …කතාව නම් නියමයි .අයින් ගත්තො අවියෙන් නැසෙයි කිව්වා වගේ අනුන්ගේ දේවල් ළඟ තබා ගත්ත වැරැද්දට ජීවිතයෙන් වන්දි ගෙවූ මිනිසුන්ගේ කතාවක් …???? නොලැබෙන මාණික්‍යය ලබාගන්න ගිහිං අන්තිමට ජීවිතෙත් අහිමි වුණා …ආදර්ශමත් කතාවක් ..මේ වගේ කතා තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නේ කියලා හදවතින්ම පතනවා ….බුදු සරණයි චන්දිම සර් සුභ අනාගතයක් ….?????

    1
  7. Nawodya Dissanayake

    කතාව නම් නියමයි අයියෙ…තවත් කතාවක් අරන් ඉක්මනටම එන්න…??????

    1
  8. කතාව ගොඩක් ලස්සනයි කියවන්න කියවන්න අසා හිතෙනවා .. ඒ වගෙම බලා පොරොත්තු නොවු අවසානයක්…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.