Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්තුන්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්තුන්වන දිගහැරුම~

මගදි අපි මහිමිවයි,සත්සරණිවයිත් වෑන් එකට නැග්ග ගත්තා..ඒ දෙන්නා දේව්ගෙ scl එකේ කෙල්ලෝ දෙන්නෙක්..

මහිමි සලිතගෙ gf..මහිමිගෙ යාලුවා සත්සරණි..ඒක නිසා අපි ඒ දෙන්නවත් අපේ ගමනට එකතු කරගත්තා..

උදේට කන්න හොද place එකක් බලලා වෑන් එක නතර කලා..සීනි සම්බල් දාලා ටෝස්ට් කරපු පාන් වලින් දැනුන සුවද නිසා බඩේ හිටපු පනුවො ටිකත් ඇවිස්සිලා බොක්සින් ගහනවා..

අම්මා හදලා දුන්න පාන් ටික මං හැමෝටම බෙදුවා..අන්තිමට දේව්ට දෙන්න උනෙත් මටම තමා..වෙන උන් එකෙක්වත් ඉදිරිපත් වෙන්නෙ නෑනේ..

දේව් ගහක කදකට හේත්තුවෙලා ඈත කන්දක් දිහා බලාගෙන බර කල්පනාවක හිටියේ..මං ටිකක් එයාගෙ මූණ දිහා බලහිටියේ ආසවෙන්..

“මොකො බලාගෙන ඉන්නෙ මං දිහා කන්න වගේ..”

ඒ කටහඩට මං ගැස්සිලා ගියා.. හපොයි අදනම් මං මොන පැත්තෙන් නැගිට්ටත් මන්දා..වෙන්නෙම මං චාටර් වෙන එකෙනෙ..අනික මේ කොල්ලෙක්ට..

මෙයා කොහොමද දැක්කේ මං එයා දිහා බලාගෙන ඉන්නවා..මෙයා හිටියෙ බර කල්පනාවකනේ..

“ඒ ගමන මොනාද කල්පනා කරන්නේ??”

“ම්..මුකුත් නෑ..”

“බඩගිනි හලෝ..මාව කන්න වගේ බලාගෙන ඉන්නෙ නැතුව ඕක දෙනවද..”

එහෙම කියල මෙන්න මෙයා මගේ අතේ තිබ්බ පාන් කවරේ උදුරගත්තානෙ දෙන්නත් කලින්..

හිතට මොකද්දෝ අමුතු සතුටක් දැනුනා..ඒ සතුට කොච්චරද කියලා කියන්නවත් මට තේරෙන්නෙ නෑ..

මං එහෙම්මම මිනූ ඉන්න තැනට එන්න හැරුනා විතරයි මෙන්න මුන් set එක අපි දෙන්නා දිහා ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා..මං දැක්කා විතරයි ආයිත් එයලා එයාලගේ වැඩ..

ඒක දැක්කපාර මට ඉබේම හිනා ගියා..

කට්ටියම කාලා බීලා වෑන් එකට නැග ගත්තා..ටික දුරක් යද්දි තමා කට්ටිය වයින් වෙන්න ගත්තේ..

දේව් බොන්ගො එක ගහනවා,අනිත් අය සින්දු කියනවා..

සුදු පරවි රෑන සේ..

සිංදුවෙන්ම කට්ටිය පටන් ගත්තා.. එක සිංදුවක්වත් සම්පූර්ණයෙන්ම කිවුවෙ නැද්ද කොහේද..

කොහේ කියන්නද අපි සිංදුව කියාගෙන යද්දි බුවනෙකයා මැද්ද්ට පැනලා වෙන සිංදුවක් පටන් ගන්නවා..

මොනා උනත් කට්ටියම හිටියේ එන ආතල් එකේ..හැමෝම හිනාවෙවි සිංදු කියනවා..

මං බලාගෙන හිටියේ දේව් දිහා..එයා බොන්ගො එක ගහද්දි බලන් ඉන්නත් ආසයි..ඒ වගේම අහන් ඉන්නත්..

තරමක් දිගට වැවුනු කොන්ඩේ කෙස් රොද ඔහුගේ මුහුණට වැටෙද්දී ඔහු මතින් දිස් වූයේ අමුතුම කඩවසම් බවක්..

කොච්චර බලා හිටියත් එපා වෙන්නෙ නම් නෑ..ඒ ලස්සනට ඉතිං කෙල්ලො පස්සෙන් එන එක අහන්නත් දෙයක්ද..

“දැන්නම් බඩේ පණුවෝ බොක්සින් ගහනවා..”

දේව් එහෙම කියද්දී අනිත් අයත් එක හෙලාම ඒක අනුමත කලා..

Driver අංකලුත් සිනාමුසු මූණින්ම කෑම කඩයක් ලගින් නතර කලා..

කට්ටිය වෑන් එකෙන් බැස්ස නෙවෙයි පැන්නා..මොකද බඩගින්න එන්න එන්නම උස්සන්න වීගෙනනෙ තිබ්බේ..

පැය බගෙකින් විතර පස්සෙ කාලා එහෙම අපි එලියට ආවා..

කට්ටිය ඔක්කොම ආවාට පස්සෙ ආයි ගමනේ යන්න පිටත් උනා..

ලස්සන තැනක් සෙට් උන ගමන් කස්ටිය photos ගන්නත් අමතක කලේ නෑ..මිනුර කැමරාවක් ගෙනත් තිබ්බ නිසා ඉතිං photo නොගහ කෝමද..

කොහොමෙන් කොහොමෙන් හරි දැනුන සීතලත් එක්ක අපි නුවරඑළියට ආවා කියලනම් දැනගත්තා..

අවට පරිසරය දැක්කාම හිතට දැනුන සතුටනම් කියන්න් තේරෙන්නෙ නෑ.. තේ වතු,දිය ඇලි මේ වගේ ලස්සන ලස්සන ගොඩාක් දේවල් හිතට ලොකු සහනයක්..

දේව්ව මෙහෙ එක්කන් ආපු එකත් හොදයි..

පැය 7ක 8ක විතර ගමනකින් පස්සෙ අපි කලින් බුක් කරලා තිබ්බ වික්ටෝරියා පාර්ක් එකේ rest house එකට ආවා..

වෑන් එක නතර කරන්නත් කලින් කොල්ලො ටික දොරත් ඇරගෙන බහින්නයි ලෑස්තිය..

ඒකට හේතුවක් අමුතුවෙන් ඕනි නෑනෙ..මේ වගෙ සුන්දර පරිසරයක මිහිර විදින්න කාගේ සිතත් පුන පුන බලන් ඉන්න බව සත්‍ය කරුනක්..

කට්ටිය ටිකක් වෙලා එලියෙ ඉදලා සීතල වැඩි උන නිසා ඇතුලට යන්නයි හැදුවේ..wash එකක් එහෙම දාගෙන මේ ආවනම් තවත් හොදයි කියලා මට වගේම අනිත් අයටත් හිතෙන්නැති..

එක room එකක ඇදවල් 2ක් තිබ්බ නිසා කෙල්ලො ටික එක room එකකයි,කොල්ලො ටික අනිත් room එකේ ඉන්නයි තීරණය කලා..

“උඹ ගිහින් wash එකක් දාගෙන වරෙන්නකො..මං එතකන් ඇලට් එකක් දාගෙන ඉන්නම්..”

මාත් ඒකට එකගවෙලා wash එකක් දාගන්න ගියා..

මං ආවට පස්සෙ අනිත් අයත් එක්කෙන එක්කෙන wash දාන්න ගියා.. එතකොටයි මතක් උනේ මෙහෙට ආපු ගමන් අම්මා call කරන්න කිවුවා කියලා..

මං call එකක් අරන් අම්මා,තාත්තා වගේම නංගි එක්කත් කතා කලා..

කට්ටියම wash දැම්මට පස්සෙ අපි කට්ටියටම coffee oder කලේ සීතල නිසා බොන්න..

කොල්ලො ටිකත් එනකන් ඉදලා අපි පොඩ්ඩක් එලියෙ ඇවිදින්න ගියා.. හවස් වෙලා නිසා අදුර වැටීගෙන එනගමන් තිබ්බෙ..

අපි හිටපු garden එක ලස්සන ලස්සන එක එක වර්ගෙ මල් වගාකරලා තිබ්බා.. හරිම ලස්සනයි..

ආයි room එකට යන්නම් හිතුනෙම නෑ.. ඒත් එලිවෙනකන් එලියෙ ඉන්න බෑනේ.. සීතලත් වැඩී..

කොහොමෙන් කොහොමෙන් හරි අපි room එකට ආවේ වටේම කලුවර උනාට පස්සේ..

රෑට කෑමත් oder කරලා කලා එහෙම කියො කියෝ ඉදලා නිදගන්න හැදුවේ.. ඒත්…
❤️❤️❤

මොකද වෙන්නෙ කියලා හෙටම බලමු ලමයි..

ඊළග කොටසින් හමුවෙමු..

6 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්තුන්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. Priyadarshani

    ශා ශා නියමයි තව ටිකකින් දේව් ට හැමදේම මතක් වෙයි ..???
    නියමායි ඔයා කතාව ලස්සනටම ලියනව….????
    All the best !!???????

  2. ඊ…………………..?? කෑවා කෑවා අවසාන ටික අයියෝ?

    මේවා මාර බඩවල් තමා කනවා කනවා ඉවරයක් නෑ………..අපේ ඉන් වගේම තමා???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.