Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්දෙවන දිගහැරුම~

“තෙනූ.. ඉක්මනට වරෙන් යකෝ.. උඹ කීයටද ඇහැරියේ.. මාවත් ඇහැරෙවුවේ උඹනේ.. ඒත් තාම උඹ නෑ..”

ඔව් ඔව්.. ඒ ටකරන් වොයිස් එකෙන් බෙරිහන් දෙන්නේ මිනූ තමා..

“එනවා එනවා වදේ.. ඔතන්ට වෙලා කෑ නොගහා මේ බෑග් එකක්වත් ගන්නකො..”

ඒපාර මිනූ ඇවිලා මගේ අතෙ තිබ්බ පොඩිම බෑග් එක අරගෙන වෑන් එකට ගිහින් නැග්ගා..

මාත් අම්මටයි,තාත්තටයි වැදලා නන්ගිටත් වේව් පාරක් දාගෙනම මිනූගෙ පස්සෙන් වෑන් එකට ලගට ගියා..

කලබල වෙන්න එපා.. අපි මේ picnic එක යන්න හදන්නෙ..

මිනූ කොහොම හරි අපේ ගෙදරම ඇවිල්ලා අම්මටයි,තාත්තටයි කියලා permission අරන් දුන්නා..

මං මිනූව බදාගෙන ලොකූ උම්මා එකක් දුන්නා.. හිතින් හිතින්.. ඇත්තටම නෙවෙයි..

මං උදේම ඇහැරලා,මිනූටත් cll කරලා එයාව ඇහැරෝලා ලෑස්ති උනා.. කොහෙද මුන් ඔක්කොමලා මාව අරගන්න ආවේ අන්තිමටනෙ… මං පැය ගානක ඉදන් බලාගෙන ඉන්නවා ලෑස්තිවෙලා..

ඒක නිසමයි මං බොරුවට හරි late උනේ. හි.. හි..

“ඇයි බං ඇස් දෙකත් ලොකු කරගෙන බලගෙන ඉන්නෙ.. ඉක්මනට නගිනවා..”

ඒ වොයිස් එකනම් චනුකගේ..

වෑන් එක ලගට ගියා විතරයි මට ඉදගන්න තියෙන තැන දැක්කාම මගේ ඇස් දෙක ගිහින් නතර උනේ නලලේ..

මුන් ඔක්කොමලා මාව අන්තිමට ගන්න ආපු හේතුව දැනුයි මට තේරුනේ.. මුන් ටික ප්ලෑන් කරලමයි මෙහෙම කරලා තියෙන්නේ..

ඉස්සරහම හිටියෙ drive කරන අංකලුයි බුවනෙකයි..

ඉලග සීට් එකේ හිටියෙ මිනුරයි,සලිතයි..

ඉලග එකේ චනුකයි,මිනුයි..

එතකොට අන්තිම සීට් එකේ දේව්..

“තෙනූ.. ඔයා අන්තිම සීට් එකෙන් ඉදගන්නවද.. මං චනුක ගාවින් යන්නම්..”

මිනූ මට ඇහැකුත් ගහන ගමන් එහෙම කිවුවා.. මාත් අරුන් ඔක්කොටම රවාගෙන වෑන් එකට නැගලා අන්තිම සීට් එකෙන් ඉදගත්තා..

අරුන් ඔක්කොම අතින් කට වහගෙන හිනාව…

රවාගෙන නැග්ගට ඉතිං තරහක්නම් තිබ්බෙ නෑ හිතේ.. හිතින් ගොඩක් සතුටු උනා.. ඒත් හිතේ කොනක පුංචි බයකුත් නොතිබුනා කිවුවොත් බොරු..

මේ මැට්ටස් මාව මෙතනදිත් ප්‍රෙතික්ශේප කලොත් එහෙම මට දුකයිනෙ… දෙවියන්ට හිතින් කී සැරයක් මං එහෙම වෙන්න එපා කිවුවද කියලා මංවත් දන්නෙ නෑ..

දේව් ෂටර් එකෙන් එලිය බලාගෙන ඔහේ යනවා.. මාත් මගෙ පැත්ත තිබ්බ ෂටර් එකෙන් එලිය බලාගෙන යනවා.. ඒත් මං දේව් දිහාත් සැරින් සැරේ බැලුවා..

මුන්ටිකට අපිට අන්තිම සීට් එක නොදී වෙන එකක් දෙන්න තිබ්බනෙ.. එහෙනම් අපිට මිටවඩා ටිකක් හරී ලගින් යන්න තිබ්බා..

මේ අන්තිම සීට් එක දුන්නට කිසිම වැඩක් නෑ.. දේව් අර කොනෙ.. මං මේ කොනේ..

“ඔයාගෙ නම තෙනුෂි නේද?”

දේව් මගෙන් එහෙම ඇහුවාම මට පුදුම හිතුනා.. මං මගේ ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ දේව් දිහා..

මට සතුටක් වගේම දැනුනෙ පුදුමයක්.. මෙයා මෙහෙම මාත් එක්ක කතා කරාමයි accident එකෙන් පස්සෙ..

“ඔය කට වහගන්න.. මැස්සෙක්වත් යයි..”

වස විලි ලැජ්ජාවයි.. මං එතකොටයි දන්නේ මං මෙච්චර වෙලා කටත් ඇරගෙන ඉදලා තියෙන්නෙ කියලා..

මං එහෙම්මම බිම බලගත්තේ කරන්න දෙයක් නැති නිසයි..

ඒ ගමන්ම මං ඉස්සර හිටපු අය දිහත් බලන්න අමතක කලේ නෑ.. කියන්න සතුටුයි එයාලට මේදේ ඇහිලා නෑ.. එයලා එයලගේ ලෝක වල තනිවෙලා..

අපි දෙන්නගෙ නිහැඩියාව බිදිමින් ආයි කතා කලේ දේව්..

“කෝ මං අහපු දේට තාම මට ඔයාගෙන් answer එකක්නම් ලැබුනෙ නෑ..”

උන ලැජ්ජාවටත් එක්ක මට දේව්ගෙ මූන බලන්නත් ලැජ්ජයි වගේ.. ඒක නිසාම මං බම බලාගෙන උත්තර දුන්නා..

“ඔව්.. මං තෙනුෂි..”

“ඔයාගෙ පොතක් මං ලග තියෙනවා.. ඒත් ඒක මං ලගට ආවේ කොහොමද කියලනම් මං දන්නෙ නෑ.. ඔයා දන්නවා ඇතිනේ..”

දෙයියනේ මට දේව් කියනකන් ඒක මතක් උනේ නෑනේ.. මං ඒ පොත දමාගෙන හෙවුවත් එක්ක.. මේ ප්‍රශ්නත් එක්කම මට ඒක අමතක උනානේ..

දැන් මං මොකද කරන්නේ.. මං ඇත්ත කිවුවොත් මෙයා බොරුවක් කියලා හිතයිද දන්නෙ නෑ.. මොකද මෙයාට මාව මතක නෑනේ.. අනේ.. මං මොනාද කියන්නේ..

“ඔව්.. දවසක් ඔයා පංති ආවේ නෑ.. ඉතිං මං පොත දුන්නා ඔයාට note එක ලියාගන්න.. ඔයාට මතක නැතුව ඇති.. මටත් අමතක උනා ඒ පොත ඔයා ලග කියලා..”

මාත් ඇගට පතට නොදැනී කියලා දැම්මේ එයාට පරණ දේවල් මතක් කරන්න ගිහින් මෙතන මොනාවෙයිද දන්නෙ නෑ කියලා..

මං හොර ඇහැ දාලා එයා දිහා බලද්දි දැක්කෙ එයා මං ඒ කිවුව දේට පුදුම වෙලා බලන් ඉන්නවා..

ඔව් ඉතිං.. පුදුම නැතිවෙන්නේ කොහොමද එයාට ඒඅතක නැතිදේවල් මං කියවද්දි..

මොනදේ උනත් මේ විදිහට කතා කරපු එකටනම් මං හිටියෙ කියාගන්න බැරිතරම් සතුටකින්..

මෙච්චර දවසක් විදව විදව හිතපු හිතට ඒක ලොකු සහනයක්..

❤️❤️❤️

Picnic එකේදි ලස්සන ලස්සන සිදුවීම් ටිකක් වෙනවා.. ඒවා දැනගන්නනම් තව ඉවසන්න වෙයි..

6 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. Priyadarshani

    හෙට දිගම දිග කොටසක් දාන්න? ….
    ලස්සනයි කතාව….තව මේ වගේ ලස්සන කතා ලියන්න?? …..
    All the best !!!??????

  2. මොකඩ්ඩ හලෝ චූටීම චූටිම චුටි කොටසක් දාලා අපෙ කුතුහලේ හොදටම අවුස්සලා අපිව රැවට්ටුවා නේද…………….????

    මදැයි කෙල ගිලින්නෙත් නැතුව පන දාගන කියෙව්වා?

    කතාව නම් ගොඩක් ලස්සනයි dear දැන් තමා ලස්සන කොටස් ටික යන්නේ නේහ්?

  3. K.K.Damayanthi

    අයියෝ සුදූ දිග කොටසක් දාන්න මැනික… මට ගොඩාක් කියවන්න ඕනි හලිද….

    කතාව ලස්සනයි හොදේ ??

  4. Thakshi Deepali Jayasuriya

    හපොයි හදගැස්ම නැවතුනා…මොකද අනේ චුට්ටං කොටසක් දාලා අපිව අසරණ කරේ..එ්කටත් එක්ක හෙට දිගම දිග කොටසක් ඕනා

  5. Ohhhhh… sry wenn oni… ammo.. laga hitiyanm mt gutikannath wei ned…

    Aththayama ohom asawen mage kathawa kiyonawa dakkam nm mt godak sathutui.. oyalage comments dakkam thama katha liyann asa hithenne..

    Mage kathawa kiyol like karapu,comment karapu,rate larapu hamotama godak godak godaaaaaaaaaaaaaaaaaaaaak sthuthi…
    ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.