Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

2/5 - (2 votes)

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්වන දිගහැරුම~

“ආන්ටි කෑමටිකනම් පට්ට රහයි..
කොහෙද මේ දේව් බත් එකක්වත් ගේන එකක්වෑ..”

“ඉලග දවසෙනම් අනිවා ගෙනපන් හොදේ..”

“අපෝ.. උඹලගේ පෙරේතකම එනකොට ගෙදරින් තියලා වරෙන්කො.. නැත්තන් මේ අපිට ඉන්නත් නෑ..”

කොහෙමෙන් කොහොමෙන් හරි අපි set එක ආන්ටිගෙ කෑම එකටත් වග කියලා,film එකකුත් බැලුවා..

දේව්නම් දැන් කලින් වගේම සතුටින් ඉන්නවා.. ඒත් ඉතිං එයාට මාව මතක නෑ.. එක පොඩ්ඩක්වත් මගේ දිහා බැලුවෙ නෑ..

ඒත් කමක් නෑ.. මෙහෙම හරි එයත් එක්ක දවස ගෙවන්න තියෙනවනම් මට ඒ ඇති.. එයා සතුටින් ඉන්නවනම් එච්චරයි..

කොච්චර දුක හිතුනත් මං මගේ හිත හදාගන්නේ ඒ වගේ දේවල් හිතලා..

******************************

ඊයෙ කතා උන විදිහට අද අපි දේව්ට ට්‍රීට්මන්ට් කරපු doctorව meet වෙන්න යන්න හැදුවේ..

මායි,මිනුයි hospital එකට යද්දි දේව්ගෙ යාලුවො ටිකත් ඇවිල්ලා හිටියා..

මේ වගෙ යාලුවො ටිකක් ඉන්න එක මගේ හිතට ලොකු සහනයක්..

මිනූට වගේම දේව්ගෙ යාලුවන්ටත් ඕනි උනේ මාවයි,දේව්වයි ආයිත් එකතුකරන්න..

“තවත් පරක්කු නොකර යමන් doctorව meet වෙන්න..”

චනුක එහෙම කියද්දි අපි කට්ටියම ගියේ doctor ඉන්න room එක ලගට..

“මේක ඇතුල්ට ඔක්කොම යන එක හරි නෑනේ.. මායි,තෙනුෂි,මිනුලි යමු..”

අනිත් අයත් ඒ කතාවට එකගඋන නිසා චනුක පස්සෙන් අපි දෙන්නත් doctorගෙ room එක ඇතුලට ගියා..

“ඩොක්ටර් ටිකක් කතා කරන්න පුලුවන්ද..”

“පුලිවන්.. එන්න ඇතුලට..”

“ඩොක්ටර අපි දැන් සතියකට කලින් accident වෙලා දේව් කියලා ගෙනෙක් ගෙනාවේ.. අපි එයලගෙ යාලුවෝ..”

“ඔව් මට මතකයි.. අර මතකය නැතිඋන patient නේද??”

“ඔව් doctor..”

“අපිට දැන ගන්න දෙයක් තියෙනවා doctor..”

“කියන්නකො.. මං පුලුවන් දෙයක්නම් කරන්නම්.. ”

“Doctor දේව්ගෙ මතකය නැති උනා කිවුවට එයාට අපි හැවෝම මතකයි.. ඒත් එක්කෙනෙක් ඇරෙන්න.. එයාට පරන වෙච්ච දේවල් නම් මතක නෑ… ඒවගේම මෙයාව මතකත් නෑ…අපිට තේරෙන්නෙ නෑ එයාව විතරක් අමතක උනේ කොහොමද කියලා..”

මාව පෙන්නලා චනුක එහෙම කිවුවා.. එතකොටම වගේ doctor ආයිත් කතාව පටන්ගත්තා..

“මේකයි දරුවෝ.. මං කෙලින්ම ඔයලමයින්ට කියන්නම් සිද්දිය..”

අපිත් ඉතිං සුරංගනා කතාවක් අහන්න හදන පොඩි එවුන්වගේ.. හොදට ඉදගෙන doctor දිහා බලාගෙන ඉන්නවා.. doctorට අපිව මොක්කු මොක්කු වගේ පේනවද දන්නේ නෑ.. ඒත් කරන්න දෙයක් නෑ..

“Patient accident එක උන වෙලාවේ ලොකු ප්‍රශ්නෙක ඉදලා තියෙනවා.. ඒ කිවුවේ accident එක වෙන්න කලින් ඉදන්.. ඒ ප්‍රශ්නෙ patientව mentally වට්ටලා තියෙනවා.. ඒක නිසා accident එකත් එක්ක කම්පනයක් ඇතිවෙලා..”

“ඒත් doctor අපිට තාම අපෙ ප්‍රශ්නෙට උත්තරයක් හම්බවුනේ නෑනේ..”

“ඔයාලා අහන්නේ මේ ළමයා විතරක් අමතක උනෙ කොහොමද කියලනේ..”

ඩොක්ටර් මාව පෙන්නලා එහෙම කිවුවා

“ඔව් doctor..”

වෙච්ච සිද්දිය දැනගන්න තියෙන හඩිස්සිය නිසා මන් ඉක්මනට ඒකට answer කලා…

“මං කිවුවනේ patient ප්‍රශ්නෙක ඉදලා තියෙනවා කියලා… ඒ ප්‍රශ්නෙ ඇතුලේ මේ දරුවත් හේතුවක් වෙන්නැති.. ඒකයි මතක නැත්තෙ..”

“ආයි එයාට පරණ දේවල් මතක් වෙන එකක් නැද්ද doctor?”

“මතක් වෙයි.. ඒත් මට කියන්න බෑ හරියටම ඒ කවද්ද කියලා.. ”

“Thanks doctor..”

අපි room එකෙන් එලියට ආපු ගමන් මොකද උනේ කියලා අනිත් අය ඇහුවා…

Doctor කිවුව දේවල් ඔක්කොම අපි එයාලට කිවුවා..

“ඒත් තෙනුෂි ඔයා ගැන මතක් වෙලා mentally වැටෙන්න තරම්ම මොකද්ද උනේ…”

මං කලේ දන්නෙ නෑ කියලා ඔලුව වනපු එක විතරයි.. ඒත් ඉතිං හේතුවක් තියන්නත් ඕනිනෙ.. මං කල්පනා කර කර ඉද්දි දෙයක් මතක් උන නිසා මං දේව් එක්ක fb එකෙන් msg කරපු ටික් බැලුවා..

දේව් අන්තිමට මාත් එක්ක mas කරපු වෙලේ තමා එටා මගෙන් යාලුවෙන්න ඇහුවෙ.. මං බෑ කිවුවා කියලා එයා එච්චර ඒක serious අරන්.. ඒ කියන්නේ එයා මට කොච්චරනම් ආදරේ ඇද්දා.. එදා මං හා කිවුවනම් මේ කිසි දෙයක් වෙන්නෙ නෑ..

“මේ හැම දේකටම වග කියන්න ඕනි මං මිනූ.. දේව්ට මෙහෙම උනේ මං නිසයි.. ”

“ඔයා මොනාද කලේ?”

“එදා දේව් accident වෙන්න කලින් එයා මාත් එක්ක msg කලා..”

මට ඉබේම ඉකි හැහුනා.. මං නිසා මෙහෙම උනා කියලා දැනගත්තාම දුක නැතුව තියෙයිද මට..

“ඉටපස්සෙ දේව් යාලුවෙන්න ඇහුව සිද්දිය,මන් එයාට දීපු උත්තර හැමදේම මං කිවුවා..”

“ශිට්.. මේකා අපිට ඔය කිසිදෙයක් කිවුවෙ නෑනේ.. town එකට ගිහින් එන්නම් කියලා bike එක ඉල්ලගත්තා.. මං එන්නද ඇහුවාමත් මූ එපා කිවුවා.. හිතුවේ නෑ ඌ අවුලෙන් කියලා..”

චනුක ඒ සිද්දිය කියද්දි තමා මායි මිනුයි ඒක දැනගත්තේ..

❤️❤️❤️

දේව්ට තෙනුෂිව කවදාවත් මතක් වෙන එකක් නැද්ද??
ඒක ඉතිං දැන ගන්න දිගටම මාත් එක්කම ඉන්න වෙයි..

ඊළග කොටසින් හමුවෙමු..

6 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    අනේ ඒම නම් කරන එපා… දේව්ට තෙනූව කොහොම හරි මතක් වෙයි… ඒත් එතකොට දේව් පරක්කු වැඩි වෙයිද කියල්නම් දන්නෙ නෑ… තෙනූත් පවු…

    ලස්සනයි කතාව… ඔක්කොම ටික එක සැරේ තිබ්බනම් කියවබ්න මරු…

  2. Priyadarshani

    දේව්ට තෙනූ ව මතක් වෙයි නේ ඉක්මනටම ?? නැත්නම් තෙනූ පවු ..
    කතාව නියමයි ? ???
    Good luck!????

  3. අනේ අපි ඉන්නවා ඔටත් එක්ක කතාව ලස්සනයි . ඒත් අනේ දුකයි හිතට. මේ තරම් ආදරයක් හදවතේ තියන් ඉන්න දෙන්නෙක්ව වෙන් කරලා තියන්න එපා ගොඩාක් දවස්. පව් නේ.

  4. lakmali kumarasinghe

    අනේ තෙනූ පව් ඉක්මනට දේව්ට තනූව මතකෙට අවෝත් හොදයි නියමයි කතාව තව ලස්සන කතා දාන්න????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.