Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්හතරවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්හතරවන දිගහැරුම~

ඒත් මිනූ කෑගැහුවනෙ coffee ඕනි කියලා.. කොල්ලො ටිකත් ඉල්ලුවලු.. එයාලටත් එක්ක coffee අරන් එන්න ගියා..

Coffee ටික අරගෙන කෙල්ලො ටිකට දීලා මං ගියෙ කොල්ලොන්ගෙ room එක ලගට.. එයාලටත් coffee දෙන්න..

දොරත් බාගෙට ඇරලා.. කිසිම සද්දයක් නෑ.. දොරටත් තට්ටුවක් දැම්මා ඒත් නෑ.. තව ටිකක් දොර ඇරලා මං room එක ඇතුල බැලුවෙ කවුරුවත් ඉන්නවද කියලා.. පෙන්න කවුරුත් නෑ.. මං coffee ටිකත් අරගෙන room එකේ තිබ්බ table එක උඩින් ඒ ටික තිබ්බා..

“දඩා..ස්”

ඒ සද්දෙටනම් මාව ගැස්සිලා ගියා.. හැරිල බලද්දි දොර වැහිලා.. මං ඉක්මනට දොර ලගට දිවුවෙ එලියට යන්න.. ඒත් දොර ඇරෙන්නේ නෑ..

“අනේ මේ දොර අරින්නකෝ.. ඔතන කවුරුත් නැද්ද..”

මං කෑ ගැහුවට වැඩක් උනේ නෑ.. එතකොටම වගේ wash room එකෙන් වතුර සද්දයක් ඇහුනා..

හපොයි.. wash room එකේ කවුද ඉන්නේ.. මේ දොර ඇරෙන්නෙත් නෑ.. මොකා උනත් මේකෙ ඉන්නේ අපිත් එක්ක ආව එකෙක්නේ.. කොල්ලෙක් එක්ක room එකක ඉන්න කොහොමද..

තිබ්බ බයටයි,කේන්තියටයි මං පුලුවන් තරම් දොරට තඩි බෑවා.. ඒත් වැඩක් උනේ නෑ..

එක පාරටම wash room එකේ දොරත් ඇරගෙන ටවල් එකක් ඇදගෙන් කොන්ඩෙ වතුර ටිකත් අතින් ගස ගස ආවේ දේව්..

මාත් කට අරගෙන බලන් හිටියෙ එයා දිහා.. මෙය කොහොම දැක්කත් පුදුම ලස්සනයිනෙ.. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා..

එයා එක පාරටම නැවතුනේ මාව දැකලා.. එයගෙ ඇසුයි මගේ ඇසුයි එකට ගැටෙද්දි මට ඒ ඇස්වල ලොකූ හුරු පුරුදු බවක් දැනුනා..

එයත් මා දිහා බලන් ඉන්නවා.. මට දැනුනෙ ඒ ඇස් මාවා තදින් අල්ලගෙන ඉන්නව වගෙයි.. තවත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්න බැරි නිසා මං මගෙ ඇස් ඔහුගෙ ඇස් වලින් අහකට ගත්තා..

මගෙ සිතට දාහක් ප්‍රශ්නෙ ගලාඑයි.. අයියෝ.. මේ මැට්ටස් මේකෙ ඇතුලෙ කියලා දන්නවනම් මං කියටවත් එන්නෙ නෑ.. මෙයා හිතුවද දන්නෙ නෑ මං මෙයා ඉන්න නිසා මේකට ආවා කියලා..

“ඔ..ඔයා මොකද මෙතන කරන්නේ..”

“ම…ං.. මේ.. co.. coffee..”

මට කතා කරගන්නත් බෑ.. වචනත් පැටලෙනවා.. මට බය වැඩිකමට දාඩියත් දාලා.. තනියම කමරේක කොල්ලෙක් එක්ක ඉද්දි බය නැතුවෑ..

“මේ සීතලේ ඔයාට දාඩියත් දාලානේ.. මොකද මේ බයවෙලා වගේ?”

“න්..නෑ.. ඔයාලා coffee ඉල්ලුවා කිවුවා.. ඉතිං මං අරන් අවා.. දොරලග ඉදන් කතා කලාට කවුරුත් ආවේ නෑ.. දොර ඇරලා තිබ්බ නිසා ඇතුලට අවිල්ලා coffee ටික තියලා යන්න හදද්දි දොර වැහුනනෙ.. ඇරෙන්නෙ නෑ..”

“මටත් ඇහුනා කෑගහන සද්දයක්.. ඒක නිසා මන් මේ බාගෙට නාගෙන ආවේ මොකක්වෙලාද බලන්න..”

හපොයි.. මෙයාට ඇහිලද.. වස නෝන්ඩිය.. මටත් වෙන්නෙම මෙහෙම ඒවනෙ..

“ඉන්න මං ඇදුමක් දාගෙන එන්නම්..”

එහෙම කියලා දේව් ඇදුමකුත් අරගෙන ආයි wash room එකට ගියා.. ආයිත් ආවේ short කලිසමකුයි,අලුපාට ටී ෂර්ට් එකකුයි ඇදගෙන..

ඇවිල්ලා phone එක අරන් කාටද cll කලා.. ගොඩක් සැරයක් cll ගන්නවා දැක්කට කවුරුත් කතා කලේනම් නෑ..

“ශිට්.. මුන්ටික කොහේ ගිහින්ද මන්දා.. call කලාට answer කරන්නෙ නෑනේ..”

එතකොට තමයි දැනගත්තෙ මං දේව් යාලුවො ටිකට call කරලා තියෙන්නෙ කියලා.. එතකොටයි මටත් මතක් උනේ.. මාත් phone එක අරන් මිනූට call කලා.. එයත් answer කරන්නෙ නෑ..

“මිනුත් answer කරන්නෙ නෑනේ.. දැන් මොකද කරන්නේ??”

මං එහෙම කියද්දි දේව් කොහෙන්ද මංදා කොලයක් හොයාගෙන බල බල ඉන්නවා..

මෙච්චර ප්‍රශ්නයක් වෙලත් මේ මැට්ටා කොල දිහා බල බල ඉන්නවා..

“මේක බලන්න..”

දේව් ඒ කොලේ බලන්න කියලා මට දික්කලා.. මාත් ඉතිං අරන් බැලුවා..

“හොදට එන්ජෝයි කරන්න..”

“මේ මොකක්ද??”

“ඕක අරගොල්ලන්ගෙ plane එකක්.. ඔයාව මේ room එකට එයාලා හිත්ස්ලමයි එවුවේ..”

“ඒ කියන්නෙ අද රෑට අපි දෙන්නට මේකෙද ඉන්න වෙන්නේ..”

“ඔව් ඉතිං.. එලියට යන්න විදිහක් නෑනේ..”

“වෙලාවට ඇදවල් දෙකක් තියෙන්නේ.. ඔයා මේකේ නිදාගන්න.. මං මෙකේ නිදාගන්නම්..”

ජනේලේ ලග තියෙන ඇද පෙන්නලා මං ඒකේ නිදාගන්නම් කියලා දේව්ට කිවුවා..

පුදුමයි… එයා මාත් එක්ක ලස්සනට හිනාවෙලා මට මං ඉල්ලුව ඇද දීලා අනිත් ඇදට ගියා..

මත් ඇදට යද්දි තමා දැක්කේ coffee එක.. මේ සීතලේ coffee තියගෙන නිකන් ඉන්නේ මොකටද.. දේව්ටත් coffee එකක් දීලා මාත් එක්ක අරගෙන බිවුවා..

මොනා උනත් මේ room එකේ ඇතුලෙ එයත් එක්ක තනියම ඉන්න මට පොඩ්ඩක්වත් බය හිතුනෙ නෑ.. මොකද මට දේව්ව ගොඩක් විශ්වාසයි..

වෙන කොල්ලෙක් එක්ක විනාඩි 5ක් room එලේ හිටියොත් ඉතිං වෙන්න ඕනි ඔක්කොම වෙලානේ..

ඇගට පුදුම මහන්සියක් තිබ්බේ.. ඒක නිසා මං ඇදට ඇවිල්ලා නිදාගත්තා.. ඇදට වැටෙන පරක්කුව විතරයි අදනම් නින්ද ගිහින්..

“ත්…තෙනූ.. තෙනූ..”

එක පාරටම මාව ඇහැරුනේ මගෙ නම කියලා කවුදෝ කතා කරනවා ඇහුන නිසා..

නැගිටලා අහන් හිටියෙ ආයි ඒ කටහඩ ඇහෙනකන්.. ඒත් ඇහුනෙනම් නෑ..

වෙලාවත් 1.10යි.. මේ වෙලාවට කවුරු කතා කරන්නද.. හීනෙන් ඇහුන එකක්ද කොහෙද කියලා හිතලා ආයි මං අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා..

❤️❤️❤️

හෙට special දෙයක් වෙනවා.. ඒ මොකද්ද කියලා දැනගන්න හෙටත් එන්න..

7 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්හතරවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    අනේ තව චුට්ටක් දිගට දාන්න එපැයි…. කවුද තෙනූට කතා කලේ… දේව්ද….??
    කතාව ලස්සනයි….

  2. කතාව ලස්සනයි…❤️❤️❤️❤️❤️සමහර විට දේව්ට පරණ මතකයන් මතක් වෙයි…❤️❤️❤️❤️❤️

  3. Thakshi Deepali Jayasuriya

    දේව් බොරුවක් කරන්නේ නේද…හීනෙන් කියවන්නේ ඔය…..මට ෂුවර්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.