Katha Ahura

නොපැතූ සෙනෙහෙ | විසිපස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

1/5 - (2 votes)

❤️නොපැතූ සෙනෙහෙ❤️

~විසිපස්වන දිගහැරුම~

මට කීයටනම් නින්ද ගියාද කියන්න මං දන්නෙ නෑ..මට ඇහැරුනේ අම්මා කතා කරද්දි..

“ලොකූ..නැගිටින්නේ නැද්ද?? ගෑණුළ්මයි ඔහොම නිදා ගන්නවද?”

“හරි හරි අම්මේ..ඕකට කෑ ගහන්න ඕනි නෑනේ..මට නින්ද ගියා..”

ඉකමනට ගිහින් wash එකකුත් දාගෙන ඇවිල්ලා කලේ මිනූට call කරපු එක..

“හෙලෝ මිනූ..”

“මාත් උඹට ගන්නමයි හිටියේ..මේ දේව්ව බලන්න යන්නේ නැද්ද..”

“ඒක තමා මාත් මේ අහන්න ගත්තේ.. මට කොහොම හරි දේව්ව බලන්න ඕනි මිනූ..”

“මං යන්න එන්නම්..උඹට ගෙදරින් පැනගන්න පුලුවන් වෙයිද..”

“මං කියනවා යාලුවෙක් බලන්න hospital යනවා කියලා..බොරු කියලා මාට්ටු උනොත් තවත් එකක් නැත්තන්..”

“හරි මචං..උඹගෙ කටහඩත් වෙනස් වෙලා උඹ ඇඩුවද යකූ?”

“ඇඩෙන්නෙ නැද්ද දෙයියනේ..මගෙ පණටත් වඩා මං ආදරේ කරන කෙනා අරම සිහිය නැතුව ඉද්දි?”

“ඇහ් යකූ..උඹ මටවත් කිවුවෙ නෑනේ..”

“තාම ඒක දේව්වත් දන්නෙ නෑ..”

“හරි හරි..උඹ අවුල් නොගෙන හිටපන්කො..දැන් උඹ ගිහින් ගෙදරින් පැනගන්න try කරපන්..”

“හ්ම්ම්ම්..එහෙනම් මං තියෙනව මිනූ..බුදු සරණයි..”

“බුදු සරණයි..”

දැන් ගිහින් කොහොමද මං අම්මගෙන් permission ගන්නේ.. ඔක්කොටම වඩා අවුල මේ කදුලු හන්ගන එක..

ඒත් ඉතිං මෙහෙම ඉදලා බෑනේ.. මං කොහොම හරි දේව්ව බලන්න යන්නම ඕනි..හිතට ශක්තියත් අරගෙන මං අම්මා ලගට ගියේ කොහොම හරි hospital යනවා කියන දැඩි අධිශ්ඨානෙන්..

“අම්මේ..අපේ පංති එන ළමෙක් accident වෙලා..තම සොහිය ඇවිල්ලා නෑලු.. පංතියේ ලමයි ඔක්කොමලා බලන්න යනවලු..මිනුත් යනවා කියලා මටත් කතා කළා..”

“ඒ මොනා වෙලාද accident වෙලා තියෙන්නේ..”

හපොයි..මට එහෙම එකක්වත් අහන්න සිහියක් තිබුනෙ නෑ..තවනම් මෙතන හිටියොත් මට ඇඩෙනවා sure..

“අම්මේ මං යන්නද..මිනු බලන් ඉන්නවා ඇති..”

“ගිහින් ඉක්මනට එන්න එහෙනම්.. පරක්කු වෙන්න එපා..”

“හරි අම්මේ..”

අම්මා යන්න කිවුවාමනම් හිතට දැනුනේ සැනසීමක්..

මං ඉක්මනටම ලෑස්තිවෙලා මිනූලගෙ ගෙදරට ගියා..

අම්මාගෙන් permission හම්බුනවෙලේම මං මිනූට call කරලා කියපු නිසා එයා මං යද්දි ලෑස්ති වෙලා තිබ්බා..

“යමූ තෙනූ එහෙනම්..”

දේව්ව admit කරලා තිබ්බේ රත්නපුරේ රෝහලක..

පැයක විතර කාලයකින් පසු අපි hospital එකට ගියා..

තාමත් මං දන්නේ නෑ දේව් accident උනේ කොහොමද කියලවත්..මට ඒක දැනගන්නවට වඩා උවමනාව තිබ්බේ දේව්ව බලන්න..

දේව් icu එකේ..එයාගේ අම්මා,තාත්තා,මල්ලි ඇවිල්ලා හිටියා..

මාත් වීදුරුවෙන් දේව් දිහා බැලුවා.. දෙයියනේ එයා බට ගොඩකුත් එක්ක ඉන්නව..

කොච්චර කදුලු පාලනය කරගෙන ඉන්න හැදුවත් මට ඒදේ කරගන්න බැරි උනා..මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කදුලි ගලනවා..

“අඩන්න එප තෙනූ..දේව්ට ඉක්මනට හොදවෙයි..”

“අනේ අර බලන්න මිනූ..එයා ඉන්න විදිහ..ඔලුවත් බැන්ඩේජ් එකකින් ඔතලා..”

“අනේ එයාට ඔහොම ඉන්න එපා කියන මිනූ..එයාට කියන්නකො අහරින්න කියලා..මං ඇවිල්ලා ඉන්නෙ කියන්න..”

මං පිස්සියක් වගේ කියවද්දි මිනූ අසරණ විදිහට මං දිහා බලාගෙන මගේ ඔලුව අතගානවා..

දේව්ගෙ අම්මාත් පැත්තකට වෙලා අඩනවා..

මං මගේ කදුලු පිහදාගෙන..කදුලුත් හිර කරගත්තෙ දේව්ගෙ අම්මා එක්ක කතා කරන්න යන්න..මාත් එතන්ට ගිහින් ඇඩුවාම ඒ ආන්ටිටත් දුක වැඩිනෙ..

“ආන්ටි..”

“දු..දුවේ..අනේ බලන්නකො මගෙ පුතාට උනදේ..අනේ මං කොහොමද මගෙ ළමයා මෙහෙම ඉද්දි බලාගෙන ඉන්නෙ..”

“දේව්ට ඉක්මනට හොදවෙයි ආන්ටි.. ආන්ටි ඔහොම අඩන්න එපා..දේව් උනත් ආන්ටි අඩනවට පොඩ්ඩක්වත් කැමති නෑනේ..”

“ඔව් ආන්ටි..තෙනූ කියන එක හරි.. ආන්ටි ඔහොම අඩන්න එපා..”

මායි මිනුයි ආන්ටිගෙ හිත හදන්න ගොඩක් දේවල් කිවුවා..ඒත් ඉතිං ආන්ටි තාමත් අඩනවා..

මාත් කොච්චර කදුලු හංගන්න හැදුවත් මට ඒක කරන්න බැරි උනා.. දැන්නම් මටත් හොදටම ඇහෙනවා..

“ආන්ටි..doctor මොනාද කිවුවේ??”

“සිහිය එනකන් මුකුත් කියන්න බෑලු දුවේ.. ”

“මොනවා..”

මට කොහෙද ඉන්නෙ කියලවත් සිහියක් තිබ්බෙ නෑ..මං එතනම බිම ඉදගෙන කලේ හොදටම අඩපු එක..

“තෙනූ..නැගිටින්න ළමයෝ..දේව්ට හොද වෙයි..”

මිනූ මාව නැගිට්ටෝලා එයාගෙ ඇගර වාරු කරගත්තා..අඩලා අඩලාම හෙම්බත් වෙලා..නැගිටලා ඉන්නවත් පණක් නෑ මට හරියට..

මිනූ මාව garden එකක තිබුන බංකුවක් උඩට ගිහින් ඉන්දෙවුවා.. එතකොටම මගෙ නෙත ගැටුනෙ එතන තිබ්බ බුදු පිළිමේ..

කොහෙන් පණක් ආවද මංදා.. මං දුවලා ගියේ එතන්ට..එතනම තිබුන වතුසුදු ගහෙන් මල් ටිකකුත් කඩාගෙන බුදුන්ට පූජ කරලා මං බුදු හමුදුරුවන්ගෙන් ඉල්ලුවෙ මගෙ දේව්ව සනීප කරලා දෙන්න කියලා..

මගේ පණටික හරි අරගෙන දේව්ව බේරලා දෙන්න..අනේ බුදුරජනන් වහන්සේ..දේව්ව බේරලා දෙන්න..බුදු හාමිදුරුවන්ටත් වැදලා මං ආයිමත් දේව්ව බලන්න ගියා..

එයා ඔහේ ඇදට වෙලා නිසොල්මනේ ඉන්නවා..අනේ කෝ දේව් අර ඔයාගෙ ලස්සන හිනාව..අනේ මං දිහා බලලා හිනාවෙන්නකො රත්තරං..මං වීදුරුවෙන් දේව් දිහා බලාගෙන කියොනවා..

ඒත් එකපාරටම දේව්ගෙ හදවත ගැහෙන එක නතර උනා…

❤️❤️❤️

තෙනූට දේව්ව හැමදාටම අහිමිවෙයිද?

10 thoughts on “නොපැතූ සෙනෙහෙ | විසිපස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    නෑ…….. නෑ……… එයා මැරෙන්නෙ නෑ…. තෙනූ ආව හින්දා එයාට පන එයි……
    පවු දේව් නම්……….

    ????????

    කතාව ලස්සනයි………………..

  2. Thakshi Deepali Jayasuriya

    දේව් මැරෙන්නෑ..එයාට එහෙම මැරෙන්න බෑ…. ???? ඩොක්ටර්ස්ලා පණ ගනී….අනේ අප්පා….මරන්න එපා එයාව

  3. ඇයි අනේ මේතරම් දුක හිතෙන විදියමට ලිව්වේ. කදුලුත් ආවා. අනේ දෙව්වනම් නැති කරන්න එපා. තෙනුට දෙන්න තව එකම එක පාරක්. දෙව් accident වුනේ කොහොමද . ගොඩාක් ලස්සනයි කතාව.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.