Katha Ahura

නොපැතූ සෙනෙහෙ | විසිහයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~විසිහයවන දිගහැරුම~

“මිනූ.. doctorට කතා කරන්න.. ඉක්මනට..”

“අනේ දේව්.. ඔයාට ඔහොම මාව දාලා යන්න බෑ.. අනේ.. දේව්.. නැගිටින්නකෝ…”

ඩොක්ටයි,නර්ස්ලා ටිකකුයි ඇතුල්ට ගියා..

ඩොක්ටර් දේව්ගේ පපුවට කරන්ට් එක ඇල්ලුවා.. ඒත් එයා තාමත් කලින් වගේමයි..

“අනේ මගේ රත්තරං.. ඔයා මොනාද මේ කරගත්තේ.. ඔයට පුලුවන්ද අම්මා නැතුව ඉන්න..”

ආන්ටිත් හොදටම අඩනවා.. අංකල් ආන්ටි ලග.. මල්ලිත් පැත්තකට වෙලා අඩනවා..

එතකොටම එතන්ට ආවේ දේව්ගෙ යාලුවො ටික..

Doctor ඇතුලෙ ඉන්නවා දැකලද කොහෙද එයාලගෙ මූණුවල තිබ්බ ප්‍රශ්නාර්ත ස්වභාවයක්…

“ඇයි තෙනූ දේව්ට මොකද.. එයාට සිහිය ආවද?”

එතන හිටපු දේව්ගෙ යාලුවෙක් මගෙන් ඇහුවා.. ඒත් මට උත්තර දෙන්න පුලුවන් මනසිකත්වයක් තිබ්බෙ නෑ.. මට කතා කරගන්නවත් ශක්තියක් නෑ..

මිනූට ඒක තේරුන නිසාද කොහෙද වෙච්ච දේවල් ඔක්කොම මිනූ දේව්ගෙ යාලුවන්ට කිවුවා..

ඒටික කියලා ඉවරවෙද්දි එයලගෙ මූණුවල තිබ්බෙ බයක් වගේම දුකක්.. ඔක්කොමලත් එක්ක ගිහින් වීදුරුවෙන් දේව් දිහා බලාගෙන ඉන්නවා..

මං එතනම බිම වාඩිවෙලා බලන් හිටියෙ දොර දිහා… doctor එනකන්..

දැන් පැය බාගයක් විතර වෙනවා.. තාම doctor නෑ.. එතන ඉදගෙනත් මං කලේ බුදු හාමුදුරුවන්ට වැද වැද දේව්ව හොද කරන්න කියපු එක..

එකපාරම මගේ phone එක ring වෙන හඩ ඇහුනෙ එතකොටමයි.. අම්මගෙන් call එක..

ඉක්මනට කදුලු ටිකත් පිහදාගෙන් අමාරුවෙන් කටහඩත් හද හද කතා කලේ අම්මට වෙනසක් නොදැනෙන්න..

“අම්මේ..”

“එන්නේ නැද්ද ලොකූ ගෙදර.. කීයටද ගියේ.. දැන් වෙලාව බලන්න..”

“දැන් එන්න හදන්නේ අම්මේ.. තාම accident උන ළමයට සිහිය නෑ.. ආන්ටි හොදටම අඩනවා… මං මේ එතන්ට වෙලා හිටියා අම්මේ.. දැන් එන්නම් මං..”

“දැන් හවස්වෙන්නත් කිට්ටුයිනෙ.. දැන් ගෙදර එන්න.. අපි බලමුකො.. ඒ ළමයට හොදවෙයි..”

“ම්ම්ම්ම්… බුදු සරණයි අම්මේ..”

“බුදු සරණයි..”

“අම්මද තෙනූ කතා කලේ?”

“ඔව් මිනූ.. ගෙදර එන්නලු..”

එතකොටම doctor දොර ඇරගෙන එලියට ආවා..

අපු හැමෝම doctor ළගට ගියේ දේව්ගැන විස්තරයක් දැනගන්න..

“කොහොමද doctor මගේ පුතාට..”

එහෙම අහපු ගමන්ම doctorගෙ මූනෙ තිබ්බෙ බැරෑරුම් පෙනුමක්..

“මේකයි මිසිස් වික්‍රමසිංහ.. එයාට සිහිය ආවා.. ඒත් ප්‍රශ්නයක් තියෙනවා..”

“මො.. මොකද්ද doctor?”

“එයාව accident වෙද්දි දැනුන කම්පනයත් එක්ක එයාට කිසි දෙයක් මතක නෑ.. කලබල වෙන්න එපා.. අපි try කරමු එයාව කලින් තත්වෙට ගන්න..”

දෙයියනේ.. මට ඒක ඇහුනා විතරයි දැනුනේ මට නිකන් හෙන ගැහුවා වගේ..

“Doctor මට මගේ පුතාව බලන්න යන්න පුලුවන්ද?”

“පුලුවන්.. හැබයි patientව මහන්සි කරවන්න එපා.. ඒවගේම accident එක ගැන අහන්න යන්න එපා..”

දේව්ගෙ අම්මා එයාව බලන්න ගියා.. මට යන්න ඕන කම තිබ්බත් මට ඇතුලට යන්න විදිහක් තිබ්බෙ නෑ..

අම්මත් call කරලා එන්න කිවුව නිසා මායි මිනුයි ගෙදර එන්න පිටත් උනා..

එතන හිටපු හැමෝටම කියලා අපි පාරට ආවා..

“අනේ මිනූ.. එයාට මාව මතක නැතුව ඇතිද?”

“එහෙම වෙන්නේ නෑ.. ඔයා දැන් අඩන්නෙ නැතුව ඉන්නකො… දේව්ට සිහිය ආවනෙ කොහොමහරි.. ඒ ගැන හිතලා සතුටුවෙන්නකො..”

“ඔව්.. එයාට දැන් හොදයිනේ.. ”

“දෙයක් අහන්නද තෙනූ මං..”

“අහන්න මිනූ..”

“ඔයා දේව්ට ඔච්චරටම ආදරේද.. මේ පොඩ්ඩ දවසට ඔච්චර ආදරයක්..”

“ඔව් මිනූ.. මං මගේ පණටත් වඩා දේව්ට ආදරේ කරනවා.. මංවත් දැනන් හිටියෙ නෑ මිනූ මං දේව්ට මෙච්චර ආදරෙ කරනවා කියලා..”

“මට මං ගැනම පුදුමයි.. මං දන්නෙ නෑ කොහොමද ආදරේ කරන්න ඕනි කියලා.. ඒත දැන් තේරෙනවා.. මේක තමා ආදරේ.. ”

“ඔයා හෙන ලකී මචං.. මට sure දේව්ත් උඹට ඔය වගේම ආදරේ ඇති..”

“ඔව්.. මාත් එහෙම හිතනවා..”

“ඔන්න ඔහොම හිනාවෙලා ඉන්න.. දේව්ට හොදටම හොදවෙයි… අපි දේව්ගෙ මතකය ගන්න try කරමුකො.. හරිද කෙල්ලේ..”

“ඔයා හොද යාලුවෙ මිනූ.. තෑන්ක්ස් හැමදේටම මාත් එක්ක ඉදලා මෙහෙම උදවු කරනවට..”

“මගෙ යාලුවට මං උදවු නොකර කොහොමද අනේ…”

“ඒකනෙ..”

කොහොමෙන් කොහොම හරි අපි අපේ ගෙවල් වලටත් ආවා..

මං යද්දි අම්මා සාලෙ පුටුවක් උඩ වාඩිවෙලා දොර දිහා බලන් ඉන්නව..
මං හිතුවෙම බනින්න තමා ඔහොම ඉන්නෙ කියලා..

“කොහොමද ලොකූ අර ළමයට..”

අම්මෝ.. අම්මා ඒ ප්‍රශ්නෙ ඇහුවාම හිතට දැනුනේ පුදුම සැනසීමක්..

Hospital එකේදි වෙච්ච හැමදේම මං අම්මත් එක්ක කිවුවා…

වැඩේ කියන්නේ අම්මා මට හෙටත් ගිහින් එයාව බලන්න කිවුවනේ.. ඒක කිවුවාමනම් මට අම්මව බදාගෙන උම්මා ගොඩාක් දෙන්න හිතුනා.. ඒත් ඉතින් එහෙම කලේ නෑ..

දේව්ට මතකය නැති උනාට ඒක ඉක්මනට එයිනෙ… කොහොමෙන් කොහොමෙන් හරි දේව්ට සිහිය ආව නිසා මගෙ හිතට දැනුනේ සැනසීමක්..

මොනදේ උනත් දේව්ට මාව මතක ඇති කියලා මගෙ හිතේ දැඩි විශ්වාසයක් තිබුනා..

❤️❤️❤️

ඔයාලා මොකද හිතන්නේ.. දේව්ගෙ මතකය ආපහු එයිද??
දේව්ට තෙනූව් මතක ඇතිද??
මේ දේවල් දැනගන්නනම් ඔහොම ටිකක් ඉවසගෙන ඉන්න වෙනවා හොදේ..

ඊළග කොටසින් හමුවෙමු…

?Nawanjanawa Dawanshi?

12 thoughts on “නොපැතූ සෙනෙහෙ | විසිහයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    අයියෝ ඔහොම කරන එපා අනේ….
    මන් තවත් අසරන වෙනා… මගේ ඔලුව ගැටගැහුනු නූල් බෝලයක් වගේ දැන්

  2. Oya yana widihatanm hithenne dev ta thenu wa amathaka athi ..ayyo..ikmnta eyta mathakaya awoth hodai.natnm paw thenu.dukai ane mata.??☹️☹️

  3. Thakshi Deepali Jayasuriya

    දැන්මම මතකය එන එකක් නෑ…එ්ත්…එ් දෙන්නා එකතු වෙයි…එ්ක.තමා එකම බලාපොරොත්තුව

  4. ඇස් දෙකට් කදුලුත් ආවා. අනේ තෙනුව අමතක වෙන එකක් නෑ නේද.. තෙනු හින්දා කොල්ලට ඉක්මනට මතකේ වෙවි නේද.. දෙව්ට ඉක්මනට මතකේ දීලා තෙනුවයි දෙව්වයි එකතු කරන්න.
    හැබැයි කතාව ඉක්මනට ඉවර කරන්නම් එපා . ලස්සනයි . ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.