Katha Ahura

නොපැතූ සෙනෙහෙ | හතලිස්දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~හතලිස්දෙවන දිගහැරුම~

ඒකයි දේව් මට එදා බොරුවක් කිවුවේ.. මොකද දේව් එදා ඇත්ත කිවුවනම් මං එයාවත් අනිත් කොල්ලො ගනට් දාලා හිතෛ කියලා එහෙම් කරලස් තියෙන්නේ.. අනික මට විශ්වාසයි එයා ඒහෙම කිවුවෙ මගෙ අනුකම්පාව බලාගෙනනම් නෙවෙයි කියලා..

මං දේව් එක්ක යාලු උනාට පස්සේ දේව් මට ඒ හැමදේම කිවුවා.. සමාවත් ගත්තා.. ඒත් එයා ඒ කිවුව දේ මට වැරැද්දක් පෙඋනෙ නම් නෑ..

අපේ exam එක ඉවර උන ගමන් අපේ ආදරේ ගැන ගෙවල් වලට කියන්න අපි තීරණය කලා..

ගෙවල් වලට කිවුවට කියන්න තිබ්බෙ අපෙ ගෙදරට විතරයි.. මොකද දේව්ගෙ ගෙදරින් නම් අපේ affair එක ගැන දැනගෙන හිටියේ..

කොහොමත් දේව්ගෙ අම්මා ගොඩක් හොදයි.. හරිම නිහතමානි චරිතයක්.. මට මගේම අම්මා වගේ තමයි.. මොකද මට සලකන්නේ දුවෙකුට වගේ..

දවසකට එක සැරයක් හරි දේව්ගෙ අම්මා මාත් එක්ක කතා කරලා සැප දුක අහනවා.. ඒ අතින් බැලුවාමනම් මං ගොඩක් ලකී.. හොද husband කෙනෙක් වගේම හොද නැන්දම්මා කෙනෙකුත් ලේසියෙන් කාටවත් ලැබෙන්නේ නෑ..

*********************************

කොච්චර ඉක්මනට දවස් ගෙවුනද කියනවනම් exam එකත් අත ලගටම ඇවිල්ලා..

අපි දෙන්නම් මහන්සිවෙලා පාඩම් කලා.. අපි දෙන්නා ගෙවල් දෙකක හිටියත් කෑවේ බිවුවෙ එකම වෙලාවට පාඩම් කලෙත් එකම වෙලාවට..

සමහරුන්ටනම් ඒක විකාරයක් වගේ පෙනෙයි.. ඒත් ඒක තමා අපේ ආදරේ.. ආදරේ විදවන අය අතරේ අපි ආදරේ වින්දා.. මේ දේවල් හිතද්දිත් මට හීනයක් වගේ…

කවදාවත් හිතුවෙ නෑ මගෙ පණටත් වඩා අදරය කරන කෙනෙක් මට ලැබෙයි කියලා.. ඒත් මට ලැබුනා.. මාත් මගේ පණටත් වඩා දේව්ට ආදරේ කරනවා..

ආදරේ කරන්නේ කොහොමද කියලවත් නොදන්නා මට දේව්ට මං ආදරේ කටන විදිහ දැක්කාම ඒක හරි පුදුමයි.. මගේ හුස්ම දේව්.. එයා නැති ජීවිතයක් මට හිතන්නවත් බෑ.. මං බොලද ඇති.. ඒත් මං දේව්ගෙ ආදරෙන් පිස්සු වැටිලා ඉන්නෙ.. මං ඒ පිස්සුවට ගොඩක් ආදරෙයි..

*********************************
කාලය ගෙවිලා ගිහින් අපි exam ලියන දවසත් උදා උනා.. අද අගෝස්තු 8.. අද තමා අපේ පලවෙනි subject එක තිබ්බේ..

Exam එක දවස් 8ක් තිබ්බත් මුලු මාසෙම ඒ වෙනුවෙන් කැපකරන්න වුනා.. මාසේ අන්තිම් දවස් වෙනකන් exam තිබ්බා..

Exam කියලා අපේ ආදරේටනම් බලපෑමක් උනේ නෑ.. ඒ දවස් ටිකෙම මං exam ලියන්න වගේම ගෙදර ආවෙත් දේව් එක්ක..

Exam ඉවර උනාම දැනුනේ ඔලුවෙ තිබ්බ ලොකි බරක් නිදහස් උනා වගේ.. ඒත් නොහිතපු විදිහට මගේ අන්තිම subject එක කලින් දවසෙ heart attack එකකින් නෑදෑවෙන මාමා කෙනෙක් නැති උනා..

ඒක නිසා exam එක ඉවර උන ගමන්ම අපි මළගෙදර යන්න පිටත් උනා..
මං දේව්ටත් මළගෙදර යන විස්තරේ කියලා massage එකක් දැම්මා..

පැයකට විතර පස්සේ අපිට ඒ ගෙදරට ලගාවෙන්න පුලුවන්න උනා.. මිනූත් අපිත් එක්ක ඒ ගමනට සහභාගි වුනා..

මාමාගෙ නොසොල්මන් දේහය දිහා බලන් ඉදලා මං මිනුත් එක්ක එලියට ආවා.. එතකොට තමයි මං දේව්ව දැක්කෙ..

“දේව්.. ඔයා මෙහේ”

මං ඇස් දෙකත් ලොකු කරගෙන දේව් දිහා බලාගෙන හිටියෙ කිසිදෙයක් හිතාගන්න බැරුව..

“ඔයාව බලන්න ඕනි කියලා හිතුනා.. එකයි ආවේ කෙල්ලේ..”

දේව්ගෙ ඇවිල්ල හිටියේ දේව්ගෙ යලුවො දෙන්නෙක් එක්ක..

“ලොකූ උඩ මේ අක්කා එක්ක කඩේට ගිහින් එන්නකො..”

“හරි අම්මේ.. මොනාද ගේන්න ඕනි..”

අම්ම බඩු ලියපු කොලයක් මගේ අතින් තිබ්බා.. මායි,මිනූයි,අර අක්කයි,ඒ අක්කගෙයි පුතයි කඩේට යන්න පිටත් උනා..

ටිකක් දුර යද්දි three whell එකක් ඇවිල්ලා නැවැත්තුවා.. බලද්දි දේව්..

“යාලුවෙක්ගෙන් ඉල්ලගෙන ආවේ.. නගින්නකෝ..”

මං පුදුම වෙලා බලාගෙන හිටපු නිසා දේව් එහෙම කියන්නැති.. හරියට මගෙ හිත කියෙවුවා වගේ..

අපි කඩේට යන්න three whell එකට නැග්ගා.. 5 mins වලින් අපිට එතන්ට යන්න පුලුවන් උනා.. එතන්ට යද්දි කඩේ වහලයි තිබ්බේ..

අපි town එකට යන්නයි හැදුවෙ.. ඒත් දේව් licen එක එහෙම ගෙනත් තිබුනෙ නෑ.. traffic ඉන්න නිසා යන්නත් බෑනේ.. මොකද කරන්නෙ කියලා කල්පනා කරද්දි තමා අක්කා idea එකක් දුන්නේ..

“වෙන පාරක් නම් තියෙනවා යන්න.. ඒත් ටිකක් විතර දුරයි ඒ පාරෙන්..”

“කමක් නෑ අපි යමු.. ඔය ඕනි බඩු ටිකක් වෙන්නැතිනෙ..”

අක්කා කියපු පාරෙ අපි ගියා.. හෙනම පාලු පාරක් ඒක.. රබර් වත්තක් මැදිනුයි යන්න තිබ්බේ.. ඒ අතරෙ ගෙවල් හම්බුනෙත් 6ක් විතර..

එක පාරම three whell එක නතර උනා.. මේ පාලු පාරේ එහෙම උනාම බය නැතුවෑ..

“ඇයි දේව්.. මොකද උනේ..”

“හෙඩ් ලයිට් දෙක මොනාද උනානේ.. ඉන්න මං ඒක හදන්න බලන්නම්..”

මාත් දේව් එක්කම three wheel එකෙන් බැහලා දේව් ලයිට් එක හදනකන් torch එක අල්ලගෙන හිටියා..

දැන්නම් 15 mins විතර වෙනවා.. තාම light එක හරිගියෙ නෑ.. එක පාරටම මගෙ ලගින් හීතල හුලගක් හැමුවා..

❤️❤️❤️

4 thoughts on “නොපැතූ සෙනෙහෙ | හතලිස්දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.