Katha Ahura

පරවි | අසූ අටවන කොටස | නවකතාව

කතාව කොහොමද?

පරවි
අසූ අටවන කොටස

ආහ් ..කතා..කරපන් .සු…ද්…දී ….
උ..බ ..කො…හො…ම..ද … එහෙම …හිටියේ ….

අ…හ් ආ..ව් …

වේදනවාට මගේ කටින් කෙදිරි ගෑවුනේ රැන්ඩි අයියාගේ අත් වලට එඉදුම් දෙන මගේ උරහිස් නිසා … ඒත් ඒ ගැන වගක් වත් රැන්ඩි අයියාට තිබ්බෙම නෑ … ඒ වෙනුට තිබ්බේ පුපුරන තරම් කේන්තියක් .. තවමත් ඒ ඉරියව්වෙන්ම ඉන්න රැන්ඩි අයියා ගේ නලලින් ගලන දාඩිය බිදු මූන දිගේ පෙරෙනවා මන් බලාගෙන … මන් ඉවසන් ඉන්න බැරි නිසාම ..බිම බලාගත්තේ ලැජ්ජාවට ….එකපාරම එයා මගේ අත හයියෙන්ම අල්ලගත්තා …

මගේ පපුව ඇවිලිලා පිච්චීලා ගියේ ලැජ්ජාවට .. දෙයියනේ … මේ හැමදේම .. රැන්ඩි අයියා දන්නවද ..

මන් දන්න්නේවත් නැතී නිමේශයකින් වෙච්ච දෙයක් … ඒක කොහොමද මන් කියන්නේ ..

මන් දන්න තරමින් තිසූ අයියායී මායී ඇරෙන්න ඒ කිසිම දෙයක් දන්නේ නෑ ..

හේ ශී …
නෑ එයා කොහොමත්ම දන්නේ නෑ
එහෙනම් කොහොම.ද…

මන් ලැජ්ජාවෙන් … ඇබරුනා …
මට ඕන කලේ මෙතනින් පැනලා යන්න ..තවත් මන් කොහොමද රැන්ඩි අයියාට මූන දෙන්නේ. මන් ඉකමනට ඒ අත අතෑරලා .. දිව්වේ කාමරෙන් එලියට .. ඒත් මට දොරෙබ් එලියට එන්නවත් ලැබුනේ නෑ …

රැන්ඩි අයියා මගේ අතින් ඇදලා එයාගේ ලගට මාව ඇදලා අරගෙන. බිත්තියට මාව හේත්තු කරගත්තේ .. පොඩි වෙලාවකින් .. ඒ අත දරදඩු වෙලා ..කේන්තියට කියන එක ..මට හිතාගන්න අමාරු නෑ කාලගුනේටත් වඩා ඉකමනට වෙනස් වෙන .. රැන්ඩි අයියාගේ මූනේ ඉරියව් වලින් එයාගේ .. හිතේ වෙනස් වෙන හැගීම් ගැන මන් යම්. තේරුම්. ගැනීමකට ආවා …
ඒ ඇස් තවමත් මගේ දිහා කෙලින් බලාගෙන .. .

මගේ පපුව සීතල වෙලා … හාට් එක නතර වෙන්න ඔන්න මෙන්න වගේ …
මන් බිම බලාගන්න හදද්දී ම එයා මට ඒකට ඉඩ නොදී නිකටට අත තියලා මගේ මූන ඉස්සුවා ..

ඇයී …
මාව මගාරින්න ද ..හදන්නේ .
තව …කී….ද..ව…සක්…ද …

ජී..වි…ත…කාලේටමද …

මන් දෑස් පියාගත්තා ..කෙන්න්තියෙන් උනත් .. ඇහෙන වචන පපුව හූරගෙනම් ඇතුලට බැස්සේ …
ඇත්ත
රැන්ඩි අයියා මේ හැමදේම දකින්න ඇතී … මන් අවසානේ නිගමනේකට ආවා …
ඒ වගේ තව කීයකගේ ඇස් ගැටෙන්න ඇද්ද … මට මන් ගැනම ලැජ්ජාවක් දැනුනේ … …

ගමෙන් ආපු කෙල්ලෙක් උබ… ඇයී .. රැවටෙන්න ගියේ මගේ සුද්දී …

මන් ඇස් අරිද්දී .. සුසුමක දුරකින් තියෙන ඒ මූන …
මට බලන් ඉන්න බැරි උනා …ඒ වචන වල ආදරේ මට දරාගන්න බැරි උනා …

උබ දන්නවාද සුද්දී … උබට … චායා වගේම ..බඩක් උස්සන් ඉන්න වෙනවා උබේ අම්මායී අප්පච්චී ගමේ පිච්චේද්ද්දී …

මගේ ඇස් වල කදුලු පොපියද්දී ..මට නොතේරුන .. ගොඩක් දේවල් ..රැන්ඩි අයියා කියද්දී දැනුනේ ලැජ්ජාවක් වගේම ලොකු බයක් .. මන් අහලා තියෙනවා ..
හැමෝටම ..හොරෙන් ඉකි ගහන ගොඩක් කදුලු කතා .. කැම්පස් කතාවල තියෙනව කියලා ..
රැන්ඩි අයියා කියන්නේත් .. එහෙම කතාවක් ද …

රැන්ඩි අයියා මාව හිරකරගත්තේ ඒ ඇස් වලට ..ඒ වෙවිලන ඇස්වල කේන්තියා මාව දවා අලුකරන්නයී. හදන්නේ …බලෙන් අමාරුවෙන් බලාගෙන හිටපු
මන් ඇස් පියාගත්තේ තවත් ඒ ඇස් දිහා බලන් ඉන්න මගේ හිත හයිය නැති නිසා …
ඇඩෙන ඇඩෙන කදුලු සීරුවට මගේ කම්මුල් වල පෙරෙද්දී .. මන්. තව තවත් ඇස් තද කරගත්තේ ..රෑන්ඩි අයියාගේ කේන්තිය ..කම්මුල් පාරක් හරි වෙලා මගේ කම්මුල හරහා වැදෙයී කියන බයට ..එහෙම හරී කමක් නෑ කියලා මට … හිතුනා …

මම ..නොදැනුවත් ව හෝ ලොකු වැරැද්දක් කරපු කෙනෙක් වගේ පලවෙනි පාරට දැනුනා …
කැම්පස් එවන්න බය වෙච්ච අම්මායී අප්පච්චී මන් ජීවිතේ වරද්ද ගත්තනම්… ඒ පපු පිච්චිලා අලු වෙන්නේ මටත් වඩා වේගෙන් කියලත් මන් දන්නවා ……

චායට උන දේ මන් කොහොමද නන්ගී උබට වෙන්න දෙන්නේ …

මට ඒක කරන්න බෑ …
උබේ අම්මාගේයී අප්පච්චිගෙයී තිබ්බ හීන … මන් දෑක්කා … මන් කරපු දේ හරී කියලා හිතන්න මට ඒකම ඇතී සුද්දී ..ඔයා මට වයිර කරත් නැතත් මට ඒ ටික ඇතී ..

රැන්ඩි අයියාගේ කතාව ඉවර වෙද්දී මන් ඇස් පියාගෙන. හොදටම අඩලා …
තවමත් මන් බිත්තියට හේත්තුවෙලා …

තිසූ අයියාට මගේ ලෝකෙන්. යන්න දෙන්න වෙනවා … මන් ඒකට අමාරුවෙන් හරී හිත හදාගන්න ඕනේ .. රැන්ඩි අයියා. කිව්ව දේවල් එක්ක .. මට .. හිත හදාගන්න හේතු හොදටම තිබ්බා … එයා දුන්න මතකයන් මගේ. හිතට බරක් උනත් .. අලුතෙන් මතක අරන් මගේ ජීවිතේ හදාගනන් තීරනේ කලා .. රැන්ඩි අයියා කියනවා වගේ … මේ ලෝකේ මන් වෙනුවෙන් වද වෙච්ච දුක් වෙච්ච … දෙන්නා අම්මායී අප්පච්චී … ඒ දෙන්නාගේ සතුට වෙනුවෙන් මගේ සතුට .. ඇතිකර ගන්නයී මට ඕනේ …

සුද්දී … දැන් ඔයා මගේ …
මේ ගමන අපි කොහොමහරී යමූ …

අප්පච්චීගේ හීනේ .. ඒක … ඔයාගේ අම්මාගේ හීනේ ඒක …
ඒක තේරුම් ගන්න මගේ නන්ගී …

මට සමාවෙන්න ඔයාට නොකියා මේ දේවල් කරන්න උන එකට … ඒත් ඔයාගේ අප්පච්චී ගේ එකම ආසාව .. අම්මගේ බර .. නිදහස් කරන එක .. අප්පච්චීගේ අන්තිම කැමැත්ත…

ඔයාට ලස්සන ජීවිතයක් … ඒක. කොහොමහරී හදමූ …
අපි දෙන්නම ..
ඔයාගේ .. ඩිග්‍රි එකත් .. අපි මහන්සි වෙලා ගමූ තව අවුරුදු දෙකයී .. සුද්දී ..

පුලුවන් ද …

රැන්ඩි අයියා එක අතක් බිත්තියට තියාගෙන … එක දිගටම කිව්වා …
මන් ඔලුව හොලවලා කදුලු එක්කම ඒක පිලිගත්තේ .. මෙච්චර දවසක් මට මග හැරුනු අම්මයී අප්පචිගෙයී බලාපොරොත්තු නිසා …

❤️

රැන්ඩි අයියා කිව්ව විදියට … මන් එයාගේ නෛතික බිරිද වෙලා ඉවරයී … ඒ උනාට හැගීම් වලින් තාම මම එකම තැන.. මන් හරියට පෙම්වතියක් වත් නොවී .කොහොමද .. බිරිදක් වෙන්නේ .. ඒක මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් …
ඒත් … මන් උත්සහ කලා .. රැන්ඩි අයියාගේ හිත නොරිදා ඉන්න …

අප්පච්චී ගේ හීනේ හැබෑ කරපු එකට මන් එයාට ..පින් දුන්නා හිතින් … නැත්නම් මගේ අතින් උන අඩු පාඩුව මට ජීවිත කාලෙම පසු තැවිල්ලක් වෙන්න ඉඩ තිබ්බා … … චායා ගේ. මතකය අමතක කරන්න කියලයී රැන්ඩි අයියා මට කිව්වේ …

ඒ කතාව මගේ හිතේ පැලපදියම් උනා …
ඒ මන් වගේම කෙනෙක් .. චායා.. ඒ නිසාද …
සමහර විට …
නැත්නම් .. මන් ආස කරපු දේවල් වලට එයත් ආස කරපු නිසාද …

හ්ම් ඔව් .. සමහර විට එහෙම වෙන්නත් පුලුවන්…

සු…ද් දී….

දැන් .. ඕක නිමිලත් ඇති මයේ හිතේ ….

එකපාරම රැන්ඩි අයියා මගේ බෙල්ල වටෙන් අත දාලාකියද්දී මාව ගැස්සිල ගියේ … කල්පනා ව බිදලා …

හද හද හිටපු තේ එක … මේසේ පුරාම ඉහිරුනේ මගේ කැලබීමට … ඇත්තටම අතට තේ හැලුනත් තේ එක සීතල වෙලා …

කොහෙද ..අ..ප්..පේ … මගෙ…කෙල්ල …ගියේ … මන් නාගෙන එන ටිකට …

රෑන්ඩි අයියා .. තවමත් වෙනසක් නැතුවම මට ආදරේ පෙන්නනවා මට දුකක් දැනුනේ ..
අම්මා අප්පච්චී ගෙන් වත් නොලැබිච්ච ආදරේ මගෙන් වත් නොලැබුනොත් .. රැන්ඩි අයියාට මේ ජීවිතේම එපා වෙයි…

අයි…යේ …

ම්හ්… ආ…යේ … තේ එකක් … හදන්නද …

මන් ලොකු වැරැද්දක් කරපු කෙනෙක් වගේ මන් රැන්ඩි අයියාගේන් ඇහුවේ මන් සාමාන්‍ය යී කියලා පෙන්නන්න …..

එපා .. .. සු..ද්…දී…

මන් දන්නවා … ඔයාට අමාරුයී කියලා … බැරි වැඩ කරන්න එපා .. තාම ඔයා පොඩි කෙල්ලෙක් නේ … මාව බැන්දා කියල .. ඔහොම වෙන්න එපා … හොදද…

රැන්ඩි අයියා මාව එකපාරම එයා ගේ පැත්ත හරවගෙන කිව්වේ …

තේරුනාද …

ඔලුවේ තිබ්බ තෙත . ගතියෙන් ..එයා කොන්ඩේ ඉහිරෙව්වේ මාව තෙමෙන්න …

මට .. ඒ හිනාවෙන් .. වැහුන ..එයාගේ අඩන හිත හොදටම දැනුනා …

ශක්තිමත් කොල්ලෙක් …
පලවෙනි වතාවට ..මන් රැන්ඩි අයියාව වෙනස්ම විදියකට දැක්කා …

සු..ද්දී…

ම්හ්..

අම්මාලා .. එනවා…
රැන්ඩි අයියා .. කිව්වම … මන් එක පාරම බැලුවා .. රැන්ඩි අයියා … මට අම්මා ගැන ලොකු දේවල් කියලා නැති උනත් ..මන් හිතන්නේ ..රැන්ඩි අයියා උනත් අම්මා දකින්නේ මේ ලොකු කාලෙකින්…

එක …පා…ර…ම…

හ්ම්ම් …
එහෙමමත් නෑ … ..ප්‍රපෝසල්. එකට …

රැන්ඩි අයියා ගානක් වත් නැතුව එහෙම කිව්වම මන් ඇස් විසල් කරගෙන මන් බැලුවේ … ආය රැන්ඩි අයියාට ප්‍රපෝසල් ඇයී …
එතකොට .. හේශී කිව්ව කතාව ඇත්තක් ද…

මගේ අත ඉබේටම .. මුවට ගියේ …
රැන්ඩි අයියා ..මොන තීරනේ ගත්තත් … ඒ ගැන ..එයාගේ අම්මාවත් අප්පච්චිවත් ..නොදන්න එක ..මට. මතකයට ආවේම නෑ … ඒත් … දෑන් … කොහොමද .. ඒ දේවල් කරන්නේ …
රැන්ඩි අයියා කැමතී උනා කියලා හේශී කිව්ව එක .. ඒක .ත් ඇත්තද
මට කියන්න ඕන දෙයක් හිතා ගන්න බැරිඋනා …

මන් එහෙමම .. එතන තිබ්බ පුටුවේ වාඩි උනේ .. අමතක උන දෙයක් එක පාරම මතක් වෙච්ච නිසා

සු…ද්…දී…

ඇයී මේ …
රැන්ඩි අයියා ..මටත් වඩා මගේ වෙනස් වීමත් එක්ක … එයා වෙනස් උනා …

මේ ..හ්හ්… අම්මායී ..අප්පච්චී…

ඒ පිස්සී.. බය උනාද ….
මන් කියන්නම් අම්මාට …

රැන්ඩි අයියා ගානක් වත් නැතුව හිනාවෙලා කියලා .. මගේ ඔලුව අතගාලා හිමිට. ඔලුව සිම්බේ ආදරෙන් …

මන් හිතුවා එදා වගේම .. අදත් අඩයී කියලා …

රැන්ඩි අයියා … මන් දිහා බලාලා .. එකපාරම ඇහැක් ඉගිමරලා ..කිව්වම .. මන් ලෝක දෙකක අතරමන් උනේ ..රැන්ඩි අයියා කියන දෙයක් තේරුම ගන්න බැරි නිසා …

රැන්ඩි අයියාට කොහෙන්ද මෙච්චර සැහැල්ලුවක් .. දෙයියනේ … මාව පිච්චුනා .. රැන්ඩි අයියාලාගේ අම්මාලා … මන් හිතන්නේ නෑ ..මේ වෙච්ච දේවල් .. සැහැල්ලුවෙන් බාර ගනී කියලා…

අ…යියේ…

ම්..හ්…
ඔයා එයාව බදිනවද…

මගේ පපුවේ ගැස්ම වැඩි වෙද්දී ..මන් බයෙන් බයෙන් රැන්ඩි අයියා දිහා බලල කිව්වාම … රැන්ඩි අයියා .. එකපාරම ….

ඊලග කොටසට …

මොකක් වෙයීද … ????
හෙට බලමූ

පියුමි සේනාදී

24 thoughts on “පරවි | අසූ අටවන කොටස | නවකතාව”

  1. රැන්ඩි අයියාගෙ අම්මා මොන හේතුවකට ආවත් අනේ අක්කි please රැන්ඩි අයියව සුද්දිගෙන් වෙන් කරන්න එපා.මගෙ එකම ප්‍රාර්ථනාව කතාවෙ අන්තිමට ඒ දෙන්නා එකතු වෙන්න ඕනේ..

  2. Ane… randi aiyage amma parota akmathiweid dnne na.. ehemnm krnn epa akkiyo.. e dennawa ikmnt ekathu krnnako… dennam widawanawa… ek natharawei me dennm adare krnn ptangaththam…

    1
  3. රැන්ඩිගෙ විතරයි පාරෝ….. ????? තිසූට දෙන්නත් එපා පාරෝව… එතකොට රැන්ඩිව වෙන නැට්ටි⁣ච්චියෙක්ට දෙන්නත් එපා….

  4. අනේ පියුමි අක්කි ඔයා කෝල ලබැඳි ලියලා ඉවරද….plz අක්කි ඒ කතාව දාන්නකෝ මේකෙත්….. මං 45 කොටස කියෙව්වා… ඉතුරුවා නෑනේ…… අනේ ඒක දාන්නකෝ…..

  5. Ranmali subasinghe

    Piyumiyooo kathawa lassanai… hetath danna…. ane ape parowa rendy aiyatama denna… plzzz plzzz plzzz ?????? kathawa godaaaaaaakma lassanai….

  6. Nirosha Lakmali

    කොහොමත් රැන්ඩි අයියා පාරෝව අතාරින්නේ නැ. තිසු චායාට කරපු දේ පාරෝට වෙන්නෙ නැ. හැමදාමත් රැන්ඩි අයියගේ ආදරේ පාරෝටම ලැබෙනවා. පාරෝත් දැන් රැන්ඩි අයියගේ ආදරේ තේරුම් ගන්න ලගයි. මේ වේලාවේ රැන්ඩි අයියගේ අම්මා ඇවිත් මේ දෙන්නගේ ආදරේට හතුරුකම් කරයිද දන්නෙ නැ. අනේ එහෙම වෙන්න එපා. රැන්ඩි අයිය ගොඩක් හොදයි පාරෝව රැන්ඩි අයියට නැති කරන්න එපා හැමදාම වගේ අදත් කතාව ගොඩාරියක් ලස්සනයි. හදවතින්ම සුබ පතනවා. ???????

  7. කතාව වෙනදා වගේම ගොඩාරියාක් ලස්සනයි අක්කි .
    රැන්ඩි අයියාගේ අම්මා පාරෝට කැමති වෙයි නේද අක්කියෝ .
    මොන දේ උනත් පාරෝව රැන්ඩි අයියාගෙන් වෙන් කරන්න නම් හිතන්නවත් එපා පියුමි අක්කියෝ .
    ඒ වගේම පාරෝත් ඉක්මනින්ම රැන්ඩි අයියගෙ ආදරය තේරුම් අරන් රැන්ඩි අයියට ආදරය කරන්න පටන් ගනී කියලා මට හිතෙනවා .
    ඔයාට වගේම පරවි කතාවටත් ගොඩාරියක් ආදරෙයි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  8. Kathawa godak godak godaaariyak lassanai.dan Paro rendi aiyata adare Karanwa kiyala hithenawa.ane a dennawa wen karanna nam epa nango.kohomaha unath Randi aiyage ammala parota akamathi unath Randi aiya eyalawa Kohima Hari kamathi Kara gani. Oyage wada godak karaganna gaman kathawa danawata godaak pin nango. Dan parawi kiyawan nathuwa Inna be.ada kotasa danakan adaren balan innawa. Budusaranai???????

  9. ?සිහින සිත්තරාවී°°KKD?

    කතාව නම් ආයි නෑ සුපිරියි අක්කියෝ .
    අද තමා කියවන් මානසිකත්වයකිඇප් එක පැත්තෙ ආවෙ … ඒත් වැඩි වෙලාවක් ඉන්න් අමාරුයි .. දිග කමෙන්ට් දාන්න බෑ අක්කි .. මට ටයිප් කරන්න් අමාරුයි .. පුලුවන්නම් නපුරු නිලමෙ දාන්න ඇප් එකට .. එකෙ අන්තිම කොටස් මට බලන්න බෑ .. පෙන්නන්නෑ …??

  10. Adath venada vagema kathava godak lassanai akkiyooo.ane parovai randi aiyavai monade unath ven karannanam epa hodada????????
    Kathava kiyavan yaddi lassa vagema sathutu hithena avasanayak apita devi kiyala hithenava.????
    Akke oyage siyalu katauthu valata mama hadavathinma subapathanava????.budusaranai.???????

  11. Ane akki randi aiyagen parowa ath karanna epa akki.ai ane thawath kalpana lokema inne randi aiyage sathuta wenuwenwath eya sathutin inna epai.eyata pana wage adare karana mahaththayek hambuna eka ganawath.ane eth rendi aiyage ammala eyata wena kasadayak nam bandanna epa.eyalage ammala parota eyagema daruwekta wage adaren salakanna oni.goooooodaaaakkkkkk lassanai akki kathawa wenada wagema ??????????

  12. Hemanthi ruwan kumari

    ඔයා තිසු අයියා ව පාරොට දෙන්නෑ තමයි.එත් කමක් නෑ ටුට්ටක් තිසු අයියා ගැන ලියන්නකො රත්තරනේ.
    නිසලව තිබු මගේ සෙනෙ විලෙන් ඔබ
    දිය දෝතක් ගෙන සසල කළා එය
    නොයිදුල් ප්‍රෙමය ඔබට පිදුවා
    උරුම කලෙ නුඹ කදුලක් විතරද

  13. Thakshi Deepali Jayasuriya

    කතාව ගොඩාාාාක් ලස්සනයි අක්කියෝ….මට නම් හිතාගන්න බෑ මොනවා වෙයිද කියලා

  14. Nishali Fernando

    ඉක්මනටම ඉතුරු ටිකත් දානන අක්කි….
    හැමදාම අැප් එකට එන්නේ පරවි දාලාද කියලා හොයාගෙන…
    All the best akki

  15. Nirosha Lakmali

    අනේ ඇයි පරවි කතාව දාන්නෙ නැත්තේ. කතාව දානකන් බලන් ඉන්නවනේ. ඉක්මනට දාන්නකෝ

  16. Nirosha Lakmali

    අනේ ඇයි කතාව දාන්නෙ නැත්තේ. ඉක්මනට දාන්නකෝ පිස්සු වගේ දැන්. ප්ලීස්….. ?????????????????

  17. Nirosha Lakmali

    අනේ කෝ මේ කතාව. ඉක්මනට දාන්නකෝ. කතාව කියවන්න නැතුව පිස්සු වගේ. ඇයි අපිට මෙහෙම කරන්නේ. කතාව දාලාද කියලා ඇවිත් බල බල යනවා. අපි ගැන දුක නැද්ද ඔයාට… ආසාවෙන් කියවන කතාව. දාන්නකෝ ප්ලීස්….

  18. කතාව ො ප්ලිස් පිස්සුගෙ අක්කි good lak oya lssanata kathawa dala thiyenawa ilaga kotasath ikmanta danna

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.