Katha Ahura

පරවි | අසූ පස් වන කොටස | නවකතාව

2/5 - (1 vote)

පරවි

අසූ පස් වන කොටස

ඔයාට ඊට පස්සේ ඕනේනම් මාව දාලා යන්න පුලුවන් …
අපි දෙන්නම මෙහෙම විදවන්න ඕනේ නෑ නන්ගී …
මන් ඔයාට ආදරේ කලාට .. ඔයා මට ආදරෙ නැත්නම් ..ඔයාට මේ ජීවිතෙන් යන්න දෙන්න ඕනේ මම …

රැන්ඩි අයියා කිව්ව දේවල් දිහාමන් බලාගෙන හිටියේ … පුදුම වෙලා …
තවමත් මන් දැක්කේ ඇත්තක්ද කියලා හිතන්න බැරි තරමට මන් පුදුම වෙලා හිටියේ …
ජීවිතේ නැවතුම මෙතනද කියන්න මන් දන්නේ නැති උනත් මගේ දෛවය මේක කියලා මට හිතන්න සිද්ද වෙලා … ඒත් මේ කතාව කොහොම උනත් … මන්. බැදපු කෙල්ලෙක් කියන එක මගේ හිතට තදින්ම කා වැදුනා …
අම්මා මෙච්චර සැහැල්ලුවෙන් ඉන්නේ ඇත්තටම ඒක නිසා කියන එක … මට ඇස් පනා පිටම ඔප්පූ උනා … මගේ සතුට නැතත් ඒ අයගේ සතුට හරී මට ඉශ්ට කරන්න පුලුවන් උනා කියන ….සිතුවිල්ලෙන්..මන් හිත සනසගන්න උත්සහ ගත්තේ වෙන කරන්නම දෙයක් නැති නිසා …

දන්නවාද සුද්දී …මේ කොලේ මට කොච්චර වටිනවද කියලා …

රැන්ඩි අයියා කදුලු පුරවගේන මට පේන ඉසව්වේ ඇස් ඉස්සරහට .. අපේ කසාද සහතිකේ … ගේනාවා..

ම්හ්හ්…දන්නවාද සුද්දී

මේ ජිවීතේටත් වඩා වටිනවා …
ආදරයක් නැති … ඔයාගෙන් හිමිවීම හරී ලැබුනේ මේ කොලේ නිසා ..

රැන්ඩි අයියා කියන වචන පපුව කඩාගෙනම ඇතුලට යනවා මට තේරුනා.මන් උත්සහ කලා ඒ වචන ඉස්සරහා හිත ගලක් කරගෙන .. ඇස් කදුලු වලින් බොද නොකරන්න …

පුන්චී දේවල් වලට බනින්නේ රන්ඩු කරන්නේ .. සුද්දී ඔයා එක්ක තරහකට නෙමේ …
මෙච්චර ආරක්ශා කරන හිතක ..කොහෙද නන්ගී උබ ගැන මට වෛරයක් තියෙන්නේ..ඒත් ..කලින් බලපු ෆිල්ම් එකම ආයෙම රිපීට් වෙන්න දෙන්න මට බෑ …කොහොමද. සුද්දී අර කෙල්ල විදපු දුක උබට මන් විදින්න දෙන්නේ …

ශීට් ….

රැන්ඩි අයියා අතින් හයියෙන්ම කොන්ඩෙ ඇදගෙන … ගැහුවේ ඇදේ විට්ටමට හයියෙන ..මගෙ අත ඉබේටම මූනේ රැදුනා….රැන්ඩි අයියාගේ මුන රතුවෙලා … කොන්ඩේ අවුල් වෙලා නලලට වැටිලා….කේන්තියටදෝ මන්දා නිරුවත් උඩුකයට දාදිය දාලා … ඈගේ නහර ඉලිප්පිලා පේන තරමට රැන්ඩි අයියා පාලනය කරන් ඉන්න කේන්තිය මන් දැක්කා …

ම…ට උබට ඒ පො….තවත් කියවන්න දෙන්න හිතුනේ නැත්තේ ඒ නිසා. සු….ද්….දී

එකපාරම ඔලුව අල්ලගෙන හිටපු රැන්ඩි අයියා මට ඇගිල්ල දික් කරලා කිව්වේ ලොකු කේන්තියකින් … එකපාරම එයාම නිශ්ශබ්ද උනේ … ඇයී කියන්න මන් දන්නේ නෑ … ඒත් එයා තනියම කන්ට්‍රෝල් වෙන්න හදනවා කියන එක නම් හොදටම තේරුනා

ඒ පොත. එක්ක ලොකු කතාවක් මට තියෙනවා …

රෑන්ඩි අයියා ආයෙම කතාව පටන් ගත්තේ ගොඩක් නිමිලා . සාමාන්‍ය විදියට ආයෙම කතාකරද්දී … මට හිතේ තිබ්බ බය ඉබේටම පහ වෙලා ගියා …

මන් අමතක කරන්න හදන අතීතේ … මන් කැමතිම අය .. අකමැත්තෙන් උනත් උදව් කරන්න වෙච්ච අය … ඒ හැමෝම ඔය පොත එක්ක ජීවත් වෙනවා … විශේශම කෙනෙකුත් එක්ක …

චායා ..

එයා කැමතිම පොත … සුද්දී ඒක

“මලවුන්ගේ අවුරුදු දා….”.

එයාගේ වචන වල ..ගොඩක්ම තිබ්බේ

“කලින් ගියොත් කලින් ආවැහැකී … ”

එයා. නිතරම කිව්ව දේ …..මන් අහන්න අකමැතිම දේත් ඒක …

ම්හ්…..එකපාරම රෑන්ඩි අයියාට කියවන් යද්දී මූනේ ඇදුමේ අමුතුම හිනාවක් … ඒත් ඒ හිනාවට මගේ මූනේ ඉරියව් වෙනස් උනේ නෑ …

චායා වගේම මාත්..මේ ගෙදරට ගෙනාවා කියලා හිතුවාද …..

එකපාරම රැන්ඩි අයියා සමච්චලේට වගේ මගෙන් ඒක ඇහුවේ. ..

මට ඒකට නෑ කියන්නවත් හිතුනේ නෑ …මොකද ඒ හැමදේම මට දැනගන්න ඕන දේවල් කියලා හිතුනා නිසා … අහන් ඉන්න අමාරු උනත් ඇත්ත ඒක නම් ඇයී මන් අහන්නේ නැතුව ඉන්නේ … මෙච්චර දේවල් දරාගත්ත මට … ඇයී ..මට මේ දේවලුත් දරාගන්න බැරිවෙන්නේ … මට පුලුවන් ….

මන් මගේ හිත තනියම ශක්තිමත් කරගත්තේ රැන්ඩි. අයියා මොන දේ කිව්වත් මේ කතාව කොහොමහරි අහන් ඉන්නවා කියන හැගීමෙන්

චායා හිටියේ මේ ගෙදර …
මන් එයාව එක්කන් ආවේ මේ ගෙදරට ….

රැන්ඩි අයියා එහෙම කිව්වම හිත. රිදුනා …. මගේ අත ඉබේටම පපුවට ගියේ .. ඒ වේදනාව අඩු කරගන්න හිතාගෙන …

එයාගේ අයියා එයාවයී රැපාවයී හොය හොය හිටියේ … සුද්දී …ඉතින් මට එයාව මේ ගෙදරට එක්ක එන්න උනා …
ඒ රැපා … අන්තිමට මගෙන් ඉල්ලපු උද්ව්ව … මට ඒක නොකර ඉන්න බැරි වුනා … මට එච්චර අසරන වෙච්ච ඌට … මගේ උදව් ඕනේමයී කියලා හිතුනා … ..ඊටත් වඩා … මට චායාට … අසරන වෙන්න දෙන්න හිතුනේ නෑ …

මට දැනුනේ මන් ලොකු මායාවකට හිරවුනා වගේ හැගීමක් … තිසූ අයියා මෙච්චර බොරුවක් කලේ කොහොමද මට … ඇස් බොද උනේ ඉබේටමයී …
මන් පුලුවන් තරම් පාලනය කරගත්තා මගේ හිතේ වේදනාව… රැන්ඩි අයියා ලොකු හුස්මක් අරගෙන ආයෙම කතාව පටන් ගත්තා …

එයා ගැන කිසිම දෙයක් .. එයා කිව්වේ නෑ සුද්දී … මාත් එක්කවත් හරියට ..කතාකලේ නෑ …
එයාගේ අම්මා තාත්තා අයියා … ගෙවල් ඉන්න දිහාවක් ..මන් දන්නේ නෑ … රැපා කොහෙහරී එයාව නවත්තලා තිබ්බේ …
ඌ අපි එක්ක හොස්ටල් ඉදලා … අන්තිමට ඌ හිටියේ එහේ වෙන්නැතී .. මන් ඒ ගැන හරියටම දන්නේ නෑ සුද්දී

හ්ම්ම් …මෙච්චර ඉදලත් මම කිසිම දෙයක් දන්නේ නෑ කියලා මට කියන්න හිතුනත් ..මන් ඒ හැගිම යටපත් කරගත්තා … අඩුම මම තිසූ අයියා ගැනවත් දන්නේ නෑ … එයා ත් චායා වගේම වෙන්නැතී … මට එයා ගැන කිසිම දෙයක් කිව්වෙත් නෑ …

මට …මතක් උනේ .. සමහර තැන් වලදී ඇයි මට හිතන්න බැරිඋනේ කියලා … ඒ ගැන පසු තැවීමක් තිබුනා …
මගේ කල්පනාව බිදුනේ .. රැන්ඩි අයියාගේ කට හඩට …

චායා … මෙහෙට එක්කන් එද්දී … බඩට මාස හතක් විතර … තැනින් තැනට මාරු වෙලා … කෙල්ලට නිවනක් තිබ්බේ නෑ කොතනකවත් … ඒ කෙල්ලගේ කැම්පස් ගමන නතර උනා … ඒ ගැන නම් මට තිබ්බේ ලොකු දුකක් … .
ප. …..ව්

රැපා ගැන ඒකත් එක්ක තිබ්බේ ඊටවඩා කේන්තියක් සුද්දී …

ප….ව් … අහිංසක කෙල්ල….

එයත් ඔයා වගේම තමයී … හිනාවෙන විදිය .. කතාකරන විදිය .. හැඩ රුව …

අහිංසක ගමේ කෙල්ලෙක් ….

ඒත් ජීවිතේ වැරදුනා එයාට කොතනක හරී….

රැන්ඩි අයියා එහම් කිව්වම ..මට මන් ගැනම ලොකු බයක් ආවේ … කෙල්ලෙක් කියන්නේ වීදුරුවක් වගේ .. බිදුනොත් ආයෙම ඒක තිබුන තත්වෙට ගේන්න බෑ .. ඒ බිදිනු පැල්ලම් මකන්න බෑ …
ඒකයී කෙල්ලෙක්ගේ වටිනාකම .. ලස්සන පිරිසිදු චරිතයක් තියෙන්න ඕනේ

මන් මටම කියාගත්තේ ඒ ටික …
ඇත්තටම මට තේරුන දේ ඒක නිසා

එයාටත් හිටියා .. ගිරා පැටියෙක් හරියට ඔයාට වගේම …ඔයාලාගේ ගෙදර. එද්දී මන් දැක්කේ සුද්දී … මන් එදා ඇත්තටම හිතුවා හැමදෙයිනම් ඔයයී චායයී ඇත්තටම එක වගේ කියලා …… එයා මගෙන් ඉල්ලපූ දේ …
තනියට එයාත් එක්ක ඉන්න ගිරවෙක් …

මට මතක් උනේ … ආය් ම .. එක දවසක් … අප්පච්චී ගේ මල ගෙදරට පස්සේ අපි කොලබ ආපු දවස … අඹ ගහේ එල්ලලලා තිබ්බ ….දිරපු කූඩුව…මට එදා ඇත්තටම පුදුම හිතුනා …
චායාත් ඇත්තටම මන් වගේද …
එයාව දකින්න් ආසාවක් ආවෙව් මට …
කවදාහරී එයාව මට බලන්න තියෙනවා නම් ..

එදා ඔයා වගේම එයත් ඒ සතාව නිදහස් කරලා තිබ්බා …

එහෙම කියලා රැන්ඩි අයියා බිම බලාගෙන … ඇදට පිට දීලා … පහසු විදියට බිම වාඩි වුනා ….

චායා ඉන්න නිසා මන්. රැපාට ගෙදර යතුරක් දීලා තිබ්බේ ..ඌ උදව් ඉල්ලුවට මොකද … මන් දන්න තරමින් ඌ මෙහෙ ඇවිත් තිබ්බේත් නෑ වැඩිය. මන් මෙහේ ආවේ හරි කලාතුරකින් … ..
තනියෙන් තියන්න හිත ඉඩ දුන්නේ නෑ … ඒ උනාට මට ඒ ගෙදර ඉන්නවත් බෑනේ … ඒක එයාටත් හොද නෑ මටත් එහෙමයී…

මට රැන්ඩි අයියා ගැන දැනුනේ .. ගෞරවයක් …මෙහෙම හිතන්න තරම් රැන්ඩි අයියා කොච්චර …හොද කෙනෙක්ද කියලා හිතුනා … මුලින් මම දෑක්ක රැන්ඩි අයියාට වඩා හිත ඇතුලේ ඉන්න කෙනා ඇත්තටම වෙනස් නේද කියලා හිතුනා … විජේරාම පාරේදී කොච්චර දවසක් මන් රැන්ඩි අයියාව දකින්න ඇත්තද … කැම්පස් එකේදී කසේදී පෙන්ටෙදී … සුමන්ගලේදී .. හැම තැනම .මන් දැක්කේ මගෙන් ආදරෙර් ඉල්ලන රැන්ඩි කෙනෙක් විතරයී. නේද….

ඒත් මෙතන ඉන්න රැන්ඩි අයියා … ඒ කෙනාමද කියලා මට ආයෙම හිතන්න හිතුනා ….

මට චායා ගැන දැනිච්ච දුක වචනවලින් කියන්න බෑ නන්ගී …

තමන්ගේ කියලා කවුරුත් නැතුව … බඩකුත් උස්සගෙන … ඒ කෙල්ල මොන දුකක් වින්දද …. අඩුම දරුවගේ තාත්තාවත් ඒ කෙල්ලට හිටියේ නෑ නන්ගී …

මට එතකොට රැපා මරන්න තරම් කේන්තියක් තිබ්බා … ඒත් ඉවසන්. හිටියේ … වෙන කරන්න දෙයක් නැති නිසා … …දරුවෙක් හදන අමාරුව ඒකි විදපු දුක් කන්ද තරම් අමාරු නැද්ද කියලා අහන්න හිතුනා සුද්දී … ඌ මොන හිතකින් එහෙම කරාද කියන්න මන් අදටවත් දන්නේ නෑ …. චායාව මගාරින්න තරම් … මොකද්ද උට තිබ්බ ප්‍රශ්නේ කියලවත් මට හිතාගන්න බෑ සුද්දී

එහෙම කියලා රැන්ඩි අයියා නැගිටලා ගියේ ජනේලේ ලගට … මාත් ඒදිහා බලාගෙන හිටියා … රැන්ඩි අයියාගේ අමුතුම ලස්සනක්. තිබ්බේ … සරම ඇදලා හරි වෙනසක් තිබ්බේ …සැහැල්ලුවෙන් ඉන්න කොල්ලෙක් වගේ පෙනුනාට … හිතේ ප්‍රශ්න ගොඩක් එක්ක …
සල්ලි වලින් වගේම හදවතින් පෝසත් කොල්ලේක් කියලා පලවෙනි පාරට … මට හිතුනා …

රැන්ඩි අයියා එකපාරම ලගට ඇවිත් … මගෙ අතින් අල්ලලා මාව නැගිට්ටේව්වේ … මගේ ඉනහරහා අත දාගෙනමයී … මුලු සර්වාන්ගෙම අඩපන වෙලා යනවා මට දැනුනා … ආයෙම වතාවක් ඒ බැල්මේ මන් දැක්කේ ..මාව හොස්පිටල් නතර කරපු දවස් වල රැන්ඩි අයියාගේ ඇස් වල තිබ්බ දේ … මාව එයා එක්කගෙන ඇවිත් … කන්නාඩිය ඉස්සරහා හිට්ටෙව්ව… මන් පිටිපස්සට වෙන්න ඉන්න රැන්ඩි අයියා කන්නාඩියෙන් මන් දිහා බලාගෙන … හමේ පාටින් විතරයී අපි දෙන්නා වෙනස් …
මන් බලාගෙන හිටියා.. රැන්ඩි අයියාගේ මූන දිහා …

මොකද හිතෙන්නේ ..සුද්දී …
තා…ම….ත්….

‍රැන්ඩි අයියා … මන් දිහා බලාගෙන. එහෙම කියද්දී ..මන් බිම බලාගත්තා .. මට වචන එන්නේ නැති තරමට මන් ගොලුවෙලා එයා ඉස්සරහ ……රැන්ඩි අයියා මාව එකපාරම ඇදලා ගත්තේ එයාගේ පපුව ලගටම .. මන් දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ … මේ හැගීම් මට ආගන්තුකයී … මට ඇස් පියාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ ….
රැන්ඩි අයියා මාව තද කරගෙනම .. හිස සිම්බේ ගොඩක් ආදරෙන් … එතකොටමයී ….

ඊලග කොටස

කතාව දාන්න බැරිඋනාට සමාවෙන්න .. බිසී උනා … මේ දවස්වල ටිකක් කරදරයී ලමයී.. සමාවෙන්න හොද්ද… දැන් කතාව ලිහාගෙන එන්නේ පිලිවෙලට ..කතාව හරියට කියෙව්වානම් සමහර සියුම් දේවල් වල හේතුව දැන් එලියට එයී

❤️පියුමි සේනාදී ❤️

5 thoughts on “පරවි | අසූ පස් වන කොටස | නවකතාව”

  1. ?හසිතා?

    Katawa wenada wagema godaaaaaaaaakkk lassanai….iwasillak na ilaga kotasa enakam.mona unat randi parowai wen karanna epa piumi…….???????????
    Good luck

  2. Buddhika subhashini

    අනේ ඉක්මනින් ඊලඟ කොටස දාන්නකෝ මගේ අක්කී ඉවසන්න බෑ ?? කතාව පට්ටයි කියන්න වචන නෑ ??? .ගොඩාරියක් ලස්සනයි ❤️❤️❤️❤️ හැමදාම බලාගෙන හිටියේ කතාව දානකන්.?? busy වෙලා ඉද්දි කතාව දැම්මට ගොඩක් thanks අක්කි ❤️?❤️? good luck ???

  3. Hithuwakkari @@@kalpani@@@

    Kathawa godak lassanai wenada wagema adath parawi kathawa danakam iwasillak ne hama welema katha ahurata login wela balanawa parawi dalada kiyala.goooooodaaaakkkkkk lassanai akke wenada wagema …wada asse kathawa dammata thanx akki. All the best

  4. කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කි .
    බලන් හිටියා කතාව දානකන් .
    ඊලඟ කොටසත් ඉක්මනින් දාන්න .
    රැන්ඩි අයියාවයි පාරෝ වයි වෙන් කරන්න එපා පියුමි අක්කියෝ .
    සුභ පතනවා ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා .
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  5. Nirosha Lakmali

    ??????????????????????????????????????????????????????????????????????????අම්මෝ කතාව එක හුස්මට කියවන් ගියා.. ඔයාගේ කතාව ගැන කියන්න කිව්වම මොනවා කියන්නද. කතාවේ අගේ කියන්න වචන නැ අනේ. ඒ තරමට ලස්සනයි. කතාව අැතුලේ ජීවත් වෙනවා වගේ තේරෙනවා කතාව කියවන් යද්දි. පිස්සු වගේ මේ අාදරේ දැකලා… ??????????? ඔයාට හදවතින්ම සුබ පතනවා… Wish your all the best….. ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.