Katha Ahura

පරවි | තිස් නමවන කොටස |නවකතාව|| කතා අහුර|

5/5 - (1 vote)

පරවි
තිස් එක්වන කොටසඒත් මං හිතන්නත් කලින් ඒ හිනාව මම බලන් ඉද්දිම නැතිවෙද්දිම මං බැලුවේ ගේට්එක දිහා…

වෙන කවුරුත් නෙමෙයි.. මං එනකන් බලන් හිටිය වගේ එතන හිටියේ මෙච්චර දවසක් මගේ ඇස් හොයපු තිසූ අයියා……

මගේ මූණ තිබ්බ හිනාව එහෙම් පිටින්ම නැති වෙලා කනණ ලගින් දාඩිය බින්දු වැටෙනවා මට තේරුණා ඒ වෙන මොකවත් නිසා නෙමෙයි මං දන්නවා හේශී නම් තිසූ අයියට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා…

ඒත් ….මේ වෙලාවේ මට තිසූ අයියත් එක්ක කතා කරන්න ලොකු උවමනාවක් තිබුනෙ දවස් ගානකට හරියන්න මට හිතේ තිබුණ හැම දුක්ම කියලා….ඒ පපුවට තුරුල් වෙලා අඬන්න ඕන වුණේ….ඇයී මාව තනීකලේ කියලා මට අහන්න ඕන උනේ… දුක නිමෙනකන් ලග ඉන්න ඕන උනේ

මම හරියිට ගෝනිබිල්ලෙක් දැකපු පොඩි ළමයෙක් වගේ තිසූ අයිය දිහා මං ගිය පිල්ලමක් වත් ගහන් නැතුව බලාගෙන හිටියා .හිතේ පොරකන ගොඩක් දේවල් අහන්න මගේ හිතේ තිබුණා….හැමෝම කියන දේවල් ඇත්තද කියල අහන්න මට ඕනෙ වුනා….

ඒත් ඒ කිසිම දෙයකට ඉඩක් ලැබෙන එකක් නැති වෙයි කියලයි මට හිතුනේ….ඒ හේශී නිසා … ඒත් තවමත් ගේට්ටුව ලග ඉදගෙන අපි දිහා බලන් ඉන්න තිසූ අයියාගේ කිසිම හැල හොල්මනක් තිබුණෙ නැහැ….

“උඹ ඌ එක්ක කතා කළොත් අදින් පස්සේ මං උඹේ යාලුවෙක් නෙමෙයි උඹ තීරණය කරපං ඌ කතා කරනවද නැත්නම් මේ හොඳම යාලුවව අයින් කරනවද කියලා….”

හේශී මගේ හිත තේරුම් අරගෙන දෝ මන්දා මට ඇහෙන් නෑහෙන ගානට මගේ කනට කරලා කිව්වා

දෙයියනේ මං කොහොමද ඒක කරන්නේ

හෙශිට පොඩ්ඩක්වත් මේක තේරුම් ගන්න බැරිද මට තිසූ අයියයි හේශී කියන්නේ මගේ ජීවිතයේ ලගම දෙන්නෙක්.ඉතින් මං කොහොමද මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්නේ .මං හේශී දිහා බැලුවේ ගොඩක් අසරණ වෙලා…. මගේ ඇස්වල තිබ්බේ ඉල්ලීම්ක් හේශීට එච්චර දරුණු වෙන්න එපා කියල….

ඒත් මේ වෙලාවේ එයාගෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ කියලා මං දන්නවා.

” මට එකපාරක් තිසූ අයියා එක්ක කතා කරන්න ඕන ප්ලීස් එහෙම කරන්න එපා මට තිසූ අයියා වටින තරම්ම ඔයාව වටිනවා…..”

“ඒ ඉල්ලීම කරන්න එපා….පාරෝ මං කියන එක තේරුම් ගනින්..උඹට ඌ කරන්නේ බොරුවක්”

“උඹට ඔච්චර වත් මොලයක් නැද්ද තේරුම් ගන්න උඹ ඔච්චර මිනිස්සුන්ගෙන් කතන්දර අහන්නේ ඇයී මාත් එක්ක තරහ වෙන්න එපා බන් . ඌට වඩා වටින්නේ උඹව…. ඒ හින්දා උඹ දැන්ී දෙකෙන් එකක් තෝරා ගනීන්…”

පේශි ගොඩක් තරහින් ඉන්නේ ඒත් ඇයි කියන්න මට තේරෙන්නේ නෑ…. ඒත් හේශීනොදන්න සමහර දේවල් මට තිසූ අයියා එක කියන්න ඕන …

මම කොහොමද මේ දේවල් තිසූ අයියට නොකියා තනියෙන් හිත විඳවන්නේ…..

මේ වෙලාවේ මට දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා එදා වගේ තිසූ අයියා මට මෙතැනදී දාලා යන්න බෑ…. එහෙම. වුණත් මේ දේවල් විසදගන්න තව දවසක් එන එක්ක් නෑ……

හේශීගෙ හිත රිද්දලා මට අද තිසූ අයියාගෙ පැත්ත ගන්න වෙනවා….

” ම…..ට ස…මා…වෙ..න්න.. …..හේශී මට මේ වෙලාවේ කිසිදු අය එක්ක කතා කරන්න ඕන”

“එහෙමද…. හරි… එහෙමනම් උඹ තෝරගත්තෙ ඌව….”

“කමක් නෑ ආයේ මම උඹට කිසිම දෙයක් කියන්නේ නෑ . උඹටකැමැති තීරණයක් ගන්න පුළුවන්….”

හෙශිට මම කතා කළත් මගේ අතත් අතඇරල දාලා යන්න ගියා…..

මට ලොකු දුකක් දැනුණේ…. ඒත් මේ වෙලාවේ මට තිසූ අයියා එක්ක කතා කරන්න ඕන ඒක මට හේශීට කියන්න බැහැ….

මම මගේ අතින් වුණ වැරද්ද සාධාරණය කළේ මගේ මේ දේවල් තිසූ අයියා එක්ක කතා කරන්න ඕනේ කියලා මගේ හිතටම වැරැද්ද පටවලා….

සමහර විට ආයෙ කවදාවත්හේශී මාත් එක්ක කතා කරන එකක් නෑ….

ඒ දුක් මට ඕනෑවටත් වඩා දැනුණා….

තිසූ පහුකරගෙන යන හේශී දිහා හරි අමුතු විදිහට බලලා රවාගෙන ම …හොස්ටල් එක පැත්ත්ට තියෙන පාර දිගේ වේගෙන් යන්න ගියා….ඒත් මං තාමත් පාර ළඟ නතරවෙලා බලාගෙන හිටියේ ගේට්එක ලඟ හිටගෙන ඉන්න තිසූ අයියා දිහා … ඒයා වෙනදාටත් වඩා කඩවසම් කියලා මගේ හිත කිව්වේ …. ඒ කොන්ඩේ බෙල්ල ලගටම වවලා .. මූන පුරා වැවුණ අපිලිවෙල රැවුල…

මන් ටිකක් වෙලා බලන් හිටියා ….

එයාටත් මෙතෙන්ට එන්න උවමනාවක් නෑ වගේ…. ටික වෙලාවකින් එයාම හිතලද මන්දා මන් ඉන්න පැත්තට ආවා…..

මගේ හිතේ තිබ්බ සතුට කියන්න බැරිතරම්…

දවස් ගානකට පස්සේ ඒ මූණ දැක්කෙ

වෙනදා වගේම නැතිවුනත් … ඒ මුණ දකින්න මං ආසකලා….

එයාටත් එහෙම වෙන්න ඇති ඒක න්හ් එන්න ඇත්තේ……

එයා මන් ළඟටම ඇවිත් හිටගෙන ඉද්දි නුහුරු නුපුරුදු හැඟීමක් හිත ඇතුලේ පොර කනවා කියලා මට තේරුණා…

හරියට පළවෙනියටම හම්බෙන ආගන්තුක ජෝඩුවක් වගේ….

“නිදහසේ තැනකට ගිහින් කතා කරමු…..”

අයිය මගේ මූන දිහා බලාගෙන ඇහුවේ

” කොහෙටද යන්න ඕන….. කැම්පස් එකේ ….”.

එයාගේ උවමනාව වගේම ඒ තරම්ම උවමනාවක් මටත් තිබුණා මේ සිද්ධ වෙච්ච හැම දේ ගැනම තිසූ අයිය එක්ක කතා කරන්න….

” ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා නන්ගී…”

මාත් එක්ක මල් පාර දිගේ ඇවිද ඇවිද ඉස්සරහට ආපු තිසූ අයියා ලොකූ කතාවකට මුල පුරන්න හදන්නේ කියලා මට හිතුනා ….

“නංගි මං දන්නෙ නෑ ඔයා මං ගැන කොහොම හිතන් ඉන්නවද කියලා එහෙත් ඔයා දැනටමත්

මාව අමතක කරලා ඇති…. මගේ වැරැද්ද ..”

න් තිසූ අයියා එහෙම කියලා මල් පාර අයිනේ තිබ්බ බෙන්ච් එක්කවාඩි උනා…. ඒත් එක්කම එයා පස්සෙම ගිහින් මාත් එතන වාඩි උනේ …

” නෑ මගේ වැරැද්ද මට එදා තිබුනේ රැන්ඩී අයියා එක්ක කතා නොකර ඉන්න…

ඒ නිසානේ අපි දෙන්න ඈත්වුණේ”

මම බිම බලාගෙන එහෙම කියලා මෙච්චර වෙලා බෙන්ච් එකේ හිඳගෙන බිම බලාගෙන තනකොල එහෙට මෙහෙට කරකර හිටපු තිසූ අයියා ඒකපාරම බැලුවේ මන් දිහා

“එදා මට තිබ්බා එක නොකර ඉන්න. පෙරැත්ත කරලා හරි රැණ්ඩි අයියත් එක්ක ඒ ගමන නොයා ඉන්න….

මං දන්නවා ඒකට අයියා තාම මාත් එක්ක තරහ ඇති….”

නංගි මෙ….හ්….

නෑ මං දන්නවා අයියේ…. මගේ සම්පූර්ණ වැරැද්ද…

මන් එයාගෙ කතාවත් නවත්තලා මන්ම කතාකලේ මට එයාව දාලා යන්න තරම් හිතක් නැති නිසා ….

ඒත් එක්කම මන් තිසූ අයියා දිහා බලන් ඉද්දී තිසූ අයියා කන්න වගේ මං දිහා බලාගෙන හිටියා.. ඒ මං එයාගෙන් සමාව ඉල්ලපු නිසා වෙන්නැති…

ඒත් මං එයාගෙන් සමාව ගන්න ඕන… මමයි වැරැද්ද කළේ කව්රු කොහොම කිව්වත් තිසූ අයියා මට වැරැද්දක් කරන්නේ නැහැ කියලා මං දන්නවා…. ඒක මට එයාගේ ඇස් දිහා බලද්දි තේරුම් ගන්න පුළුවන්

මට තවත් මේ දුක විඳ විඳ ඉන්න බෑ…. කවුරු මොනා කිව්වත් අපි දෙන්නා එකට ඉන්නවා නම් කාගෙන්වත් වචන අහන්න ඕනේ නැහැ…. එතකොට ඔයා එක එක කතා කියන ඇත්ත තේරෙයි….

ම්න් තනියම කල්පනා කලා

“මොනවද කල්පනා කරන්නෙ….”

තිසූ අයියා මෙච්චර වෙලා මන් දිහා බලාගෙන ඉදලා තියෙන්නෙ….මන් එහෙමම බිම බලාගත්තා

“මොකුත් නෑ….”

“රැන්ඩී ආයෙම කරදර කරාද….”

” නැහැ මං එයාට බැන්නා….”

“ඒක හොඳයි නැත්නම් ඌ මගෙන් ලගදිම කන්න හිටියේ…”

“අනේ අයියේ මන් නිසා රණ්ඩුවලට පැටලෙන්න එපා…. කාලෙත් එක්ක හැමදේම හරියයි”

මං හිතට ආව බය නිසාම අයියගේ අතේ එල්ලිලා ඇවිටිලි කළේ තිසූ අයියා මොනා කලත් කිව්වත් අන්තිමට ඒ හැමදේටම රැන්ඩී අයියා මගෙන් පළිගන්න නිසා….

” ඇයි ඌට බයේ ඉන්න මේක ඌටම ගිය කැම්පස් එක වෙන්න එපැයි.. … කොහොමත් මං ඌට එක පාරක් වෝර්නින්ග් කරලා තියෙන්නේ ඌ ඕනවට වැඩියි…..

ලඟදි ඉඳන් නෙමේ ඌටයි මටයි විසඳගන්න ලොකු දෙයක් තියෙනවා….. බලමුකෝ වූද මමද කියලා”

තිසූ අයියා එහෙම කියල හයියෙන් ගැහුවේ බෙන්ච් එකේ කෙලවරට … මන් එකපාරම ඒ අත අල්ලග්ත්තේ තුවාල වෙයි කියන බයට

වෙනදට ඉන්න තිස්සයියා අයියා නෙමේ මේ වෙලාවේ මං ලග හිටියේ… ඒ වචන වල තිබ්බේ හරි අමුතු වෛරයක්

ඒත් අයියා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා කවුද කැමති තමන්ගෙ කෙල්ලට වෙන කොල්ලෙක් කරදර කරනවට මේ වෙලාවේ තිසූ අයියාගේ හිතේ තියෙන්න ඇත්තේ ඒක…

මං හිතේ දුක ආදරෙ එක්ක එකතුවෙලා වෙඬරු පිඩක් වගේ උනු වෙද්දී මන් ආයෙම තිසූ අයියාගේ අත හිමීට අල්ලගත්තා….

ඒත් ඒ ඇස් වල කියාගන්න බැරි මොකක්දෝ දෙයක් තියෙනවා කියලා මට තේරුණා ඒත් ාපි දෙන්නට දෙන්න අඳුනගන්න ලොකු කාලයක් තිබුනෙ නෑ. මේ හින්දා ඉස්සරහටවත් හැමදේම හරි ගස්ස ගන්නයි මට ඕන. මෙච්චරම තිස්ස අයියා මගේ කෙනෙක් කියලා දැනෙන්නෙ ඇයි කියන්න මම දන්නේ නෑ .එඒත් මම හිතට දැනෙන ආදරේ නිසාම අයියගෙ අත තව තවත් මගේ අතර හිර කර ගත්තා. ඒ අතේ අමුතු ගොරෝසු බවක් තිබුනේ….

එතකොටමයී තිසූ අයියාගේ ෆෝන් එක රින් වෙන්න ගත්තේ මගේ මොහොතකට නිහඬ වුනු ලෝකය බිඳලා….

ඊලග කොටසට