Katha Ahura

පරවී | අසූවන කොටස

4.6/5 - (10 votes)

පරවී

රැන්ඩි අයියා මගේ ඇස් මගෑරලා එහෙම කියලා .. එලියට ගියා …

මන් ඇතුලට ගියේ වටපිට බල බලමයී … රැන්ඩි අයියා ගැන මන් ගොඩක් දේවල් දන්නේ නෑ … එච්චරයි. මට හිතුනේ … මන් බැග් එක ඇරලා … ගත්තේ රැන්ඩි අයියා තියෙනවාකිව්ව මගේ ඇදුම් ටික … හොස්ටල් එකට අරගෙන ගිය හැම ඇදුමක්ම වගේ මේ කේ තිබ්බා … සමහර විට … හේශී දෙන්නැතී …

රැන්ඩි අයියා ගේ අතිතේ කොහොම වෙතත් .. අනාගතය මාත් එක්ක ඉන්නකැමතී … කියලා මට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ … … තිසූ අයියාගේ. මතකය … ගුලි කරලා පුච්චනවා ඇරෙන්න මට වෙන දෙයක් නෑ … ඒ හිතට මගේ ආය ලන් වීමක් නෑ ..

අස්සයා පැනලා ගියයීන් පස්සේ මොකටද ඉස්තාලේ වහලා … එයා වෙනුව්ව්න් තිබ්බ ආදරේ … වැල්ලට වැහිලා යද්දී ආය මොකටද එයාගේ ආදරේ …

මන් එහෙම කල්පනා කර කරම .. වතුර මල යට හිටගත්තා …

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න…

ලාවට ඇහුන ඒ ගීතය නිසා මන් හිමීට .. වතුර මලේ සැර අඩු කලා …

මටම ගැලපෙන විදිටට .. ඒ ගීතයේ පද .. පපුව ඇතුලෙම පැලපදියම් උනේ … තිසූ අයියාගේ මතකය … මතකයක් වෙන්නම ඉඩ දීලා …

මගෙන් ආදරයක් නැතුව … මන් වෙනුවෙන් බලන් ඉන්න රැන්ඩි අයියා ට අසාධාරණයක් වෙන්න දෙන්න මගේ හිත ඉඩ දෙන්න හොද නෑ … මේ ලෝකේ ආදරේ. කරන හැමෝටම හිමිවීම උරුම නෑ … හිමිවෙන හැමෝටම ආදරේ උරුමත් නෑ … මන් එහෙම හිතලම ..හිත හදාගත්තා … ඇස් වලින් කදුලු. බේරුනත් ඒ හැම කදුලක්ම … ..වතුර එක්ක බේරිලා පහලට ගියේ මුලු ගතම උනුසුම් කරලා …

මන් ඔලුවට තුවායත් බැදගෙනම .. ඇදුමක් ඇගට දාගත්තා … එහෙමම බාත් රූම් එකෙන් එලියට ඇවිත් … හෙව්වේ රැන්ඩි අයියාව … ඒත් ගේ ඇතුලේ නැති තැන මන් දොර ලගට ගියේ .. රැන්ඩි අයියා කොහෙද බලන්න …

හ්ම්ම් … ගේට් එක ලග දුම් වැටියක් දල්වගෙන ඉන්න … රැන්ඩි අයියා ලොකු කල්පනාවක … තරහක් දැනුනේ … ඒත් ඉවසගෙනම බලාගෙන හිටියා ..තවමත් මන් ආව වගක් ඒයාට දැනුනේ නෑ .. … මට ඒක තේරුනේ රැන්ඩි අයියා හිටපු විදියෙන්මයී … මන් … හිමීට එයා ලගට ගිහින් … පිටිපස්සේ ඉදන්ම අත දාලා අතේ තිබ්බ දුම් වැටිය උදුරලා ගත්තා …

සු…..

ශ්…..

මට මුකුත් කියන්න කලින් මන් එයාගේ තොල්වලට ඇගිල්ල තියලා කිව්වේ කතාකරන්න එපා කියලා …

ඒ ඇස් බර උනා .. මන් කෙලින් බලද්දී .. මෙච්චර වෙලා … තිබ්බ නපුරු ගතිය ඇස් වල හයිය ඔක්කොම බැහැලා … පව් කියලා නොහිතුනා නෙමේ …

එපා අතේ ජරාව ගාගන්න .. දෙන්න ඕක මෙහාට …

හ්ම්ම් ජරාව කියලා දන්නවානම් ඇයී බොන්නේ …

පිච්චිලා අලුවෙන්න … අලුවෙලා මැරිලා යන්න ….

හ්ම්ම් ඒ වචන ටික … මගෙව් පපුව ඇතුලටම බැස්සා … එච්චරටම …මගේ පපුව හීරුවා ඒ වචන ටික …

මන් අතේ තිබ්බ දුම් වැටිය ඇවිලෙද්දිම එයාගේ ඇගිලි අස්සේ රැදිව්වා … එයා ඒක … ගෙට් එකේ … ගහලා නිමලා දැම්මා … මන් එහෙමමයන්න ගියේ ගේ ඇතුලට …

එපා ඉන්න….

රැන්ඩි අයියා යන්න හදදීම මගේ අතින් අල්ලලා නතර කලා මාව …

මන් එහෙමම නතර වෙලා හිටියා ..

සොරී රිද්දුවාට … රැන්ඩි අයියා පිටිපස්සේ න් ඇවිත් … ඉන හරහා අත දාලා .. ඒ මූන මගේ උරහිසින්. වාරු කලා … වෙනදට අපුලක් දැනෙන හැගීම … මට දැනුනේ ඊටත්වඩාවෙනස් විදියට …

හ්ම්ම් …

ඇඩුවා නේද ගොඩක් .. මන් නිසා …

හීනියට ඇහෙන ඒ කට හඩ මගේ මුලු ගතම අඩ පන කලා … නෑ කියන්න කට හදාගත්තත් … මට ඒකට හයියාක් නෑ … දත් එකට පූට්ටු කරගෙන මන් ඇස් පියාගෙන දරාගත්තේ ඕනවටත් වඩා සන්වේදී වෙලා ඉන්න මගේ හිත .. පාලනය කරගන්න …

මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා සුද්දී. …

රැන්ඩි අයියාගේ සීතලකදුලු බිදුවක් මගේ උරහිස උඩ නතර වෙද්දී මට ඇහුනේ …

මට මෙච්චර දවසක් අහන්න ඕන උන කතාව කියලා මට හොදටම හිතුනා …
ඒත් ඒ කතාව අහන්න ඕනේ නෑ මට … ඒ කතාව අහලා … ආයෙම හිත වෙන කරගන්න ඕනේ නෑ මට … මගේ අමාරු කාලෙදී මාත් එක්කම හිටිය රැන්ඩි අයියා ගැන මට මොන වැරැද්දක් තිබ්බත් කමක් නෑ කියලා හිතුනා …

ඇයී සුද්දී කතා නැත්තේ …

නෑහ් …

කියන්න …

මගෙන් කතාවක් නැති තැන රැන්ඩි අයියා එහෙම ඇහුවෙව් …

හ්ම්ම් ….

රැන්ඩි අයියා ලගින් සැර සිගරැට් ගදක් ආවත් … මන් ඒක දරාගත්තා … ඒකපාරම එයා මාව එයාගෙ පැත්ත හරවගත්තේ .. ලොකු කතාවකට කියලා මට හිතුනා …

ඒ ඇස් වෙවුලනවා ….

මන් අසරන උනා … ගොඩක්….

සුද්දී … මට …අද…රෙ…යී ද …

කවදාවත් කෙලින්ම මගේන් අහලා නැති රැන්ඩි අයියා .. එකපාරම එහෙම ඇහුවාම මාව අඩපන වෙලා ගියා …

වට පිටාවෙන් වගේම … රැන්ඩි අයියාගේ ඇගවීමෙන් දැනගත්තා උනත් .. කෙලින්ම මෙහෙම ඇහුවේ මේ ගෙවෙන තප්පරයේ …

මට දෙන්න උත්තර තිබ්බේ නෑ … ඇඩුනා මට …

මට ආදරෙයී නේද සුද්දී …..
මේ කදුලු මන් හින්දා … නේද …

මෙච්චර දවසක් එයාගෙව් හිතේ තෙරපුම පීඩනය එලියට දාලා .. එයා නිදහස් වෙද්දී මට මන් ගැනම දැනුනේ අනුකම්පාවක් … මෙච්චර දවසක් මන් එයාට දුන්න වේදනා වලට වන්දී කොහොමද ගෙවන්නේ …

අ…න්හ්… අයියේ …. මට …ස…මා…වෙ….න්…න….

මන් රැන්ඩි අයියාගේ පපුවට තුරුල් වෙලා හොදටම ඇඩුවා …
මට තවත්. හිතේ ගින්දර.. තියාගන්න හිත දුන්නේ. නෑ … හැමදේම රැන්ඩි අයියා එක්ක කියනවා …

මන් ඒ තුරුලේම ඉදන්. එහෙම හිතුවා …

කෝ මට උත්තරයක් …

රැන්ඩි අයියා මාව එයාගේ පපුවෙන් මෑත් කරලා ආයෙම ඇහුවේ ඇහැක් ඉගිමරලා .. මට ලැජ්ජා හිතුනා … හ්ම්ම් … රැන්ඩි අයියා කියපු විදියට මන් එයාගේ ඇත්තටම බිරිද … ඒත් මේ ලෝකෙව් හැටිය ට බැදලා ආදරේ. අහන කපල් එකක් නැතුව ඇතී ….

හැමදේම කියන්න ඕනේ නෑනේ …ං හිතලා තේරුම් ගන්න …

මන් ලැජ්ජාවෙන් එයාගේ පපුව කොනිත්තලා … ආයෙම හැරුනා …

හ්ම්ම් එහෙනම් තේරුම් ගන්නද … ආයෙ ඉතින්. නෑ බෑ කියන්න බෑ හරිද …

රැන්ඩි අයියා එහෙම කිව්වෙව් මනමාල හිනාවක් දාලා …
තාම නම් ඒ ගතිය ඇරිලා නෑ …

හරි නරකයී … අ..ප්…පා …

හ්ම්ම් නරකයී ..තමා …ඔයාට විතරයී …

රැන්ඩි අයියා. මන් කියන පමාවෙන් උත්තර දීලා … මාව එයාගේ මූනට ලන් කර ගත්තා … සියුම් සිප ගැනීමට .. මගේ හිත බල කලත් .. රැන්ඩි අයියා .. මගෙන් ඈත් වෙනවා කියන එක මට දැනුනා …

එලි වෙන්න තියෙන්න තව හෝරා කීපයක් උනත් … ආදරේ කියන දේ මගේ හිතට ඇතුලු වෙලා කියලා මට දැනුනා … රැන්ඩි අයියා වෙනුවෙන්ද මේ පපුව ගැහෙන්නේ … කාලෙට පුලුවන් ද මේ දේවල් වෙනස් කරන්න … වෙනස් කරන්න හදපු … දෙවල්. වෙනස් නොවෙද්දී මන් වෙනස් උන එක ලෝකෙටම වැරැද්දක් වෙයිද … මගේ හිත අසරන උනා … ඒත් හැමෝවම සතුටු කරන්න උවමනා උනත් … හැම විදවීමක්ම .. මන් තනියෙන් විදවන්න ඕන කියලා ආයෙම මතක් කරපු නිසා මන් මගේ මූනේ හිනාවක් ආරූඩ කරගත්තේ වැලලිලා යන්න හදන මතකෙට යන්න ඉඩ දීලා …

ඊලග කොටස
♥️

කොමෙන්ට් කරපු නොකරපු කියවන ඔක්කොටම ආදරෙයී ….
ඔන්න කොටස් දෙකක් දැම්මා .. දැන් ඉතින් කමෙන්ට් කියවන ටයිම් එක ..ඔයාලගේ අදහස් දැක්කාම ඇත්තටම මට සතුටුයී ..මාත් එක්කම ඔයාලත් මේ කතාව ඇතුලේ … ඒකම ඇතී මට සතුටු වෙන්න

පියුමි සේනාදී

15 thoughts on “පරවී | අසූවන කොටස”

  1. තැන්ක්ස් පියුමි අක්කියෝ.
    කොටස් දෙකක් දැම්මට.
    කතාව ගොඩාරියක් ලස්සනයි .
    පුලුවන් නම් කතාව හැමදාම දාන්න බලන්න.
    All the best .
    ???????

  2. දිග කමෙන්ට් දෙන්න මට නම් වෙලාව මදි අක්කියෝ……..නිදාගන්න ලැබෙන පුංචි වෙලාවෙන් ටිකක් වැය කරලා හරි පොඩි කමෙන්ට් එකක් හරි දාන්නේ කතාව හිතේ පත්ලටම වැදිලා නිසයි……….වැඩ කන්දවල් අස්සේ හිර වෙලා ඇවිත් හිත නිදහස් කරගන්නේ කතා ටික කියවලා……………….

    ආදරෙයි පරවි

    1
  3. Ayesh imalka

    ඇත්තටම ලස්සන කතාවක් ගොඩාක් ආසාවෙන් කියවන්නේ. All tha best!!! Good luck!!!!

    1
  4. ?සිහින සිත්තරාවී°°KKD?

    ම්ම්.. ආදරෙයි අක්කියෝ ගොඩාරියක් පරවිට වගේම , පරවි ලියන ඔයාටත් …. මට ඊට වඩා දෙයක් නම් දැන් කියන්න බෑ … රැන්ඩි .. මගෙ නපුරු ආදරය … ම්ම්ම් …හැමදේම ලැබුනා වගේ මට නම් දැන්න්….??????

  5. Priyadarshani

    නියමයි අක්කි අදනම් කොටස් දෙකක්ම දුන්නනෙ ඔයා අපිට thanks ..
    අපි හැමදාම මේ කතාව ඇතුලෙ ජීවත්වුනා අක්කි … ඒ ඔයාගෙ හැකියාව නිසා මොකද ඔයා මේ කතාව අපේ හිතට හොදටම කාවදින විදිහට ලියන්නේ කියවනකොට දැනෙන්නේ මං කතාව ඇතුලෙ ඉන්නව වගේ….පාරෝගෙ දුක සතුට අපිටත් එයාට වගේම දැනෙනව …ඇත්තටම කතාව කියවල අඬපු අවස්ථාත් තියෙනවා …ඒ ඔක්කොම ඔයාගෙ හැකියාව නිසා තමයි…මං සුභ පතනව හදවතින්ම ඔයාට ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන…
    Good luck …..

    1
  6. Vinola kalpani

    Ane kathawa godak lassanai e adare,mata kiyawanna beri una me tike kathawa ada okkoma tika kiyewwa hari lassanai kathawa akke…good luck

  7. Thakshi Deepali Jayasuriya

    දැන් නම් තරහ නෑ මං ?? මගේ රැන්ඩි අයියට පාරෝව දෙන්න පියුමි අක්කියෝ….ප්ලීස්… ???

  8. Thilini chandrasiri

    Ammo yantham wde hriyagena enw wg…thisu aiya oni ne rendi aiya wtrk htym hdt ati…..?…ktw lssni gdaak…pdm krl ndimtha hedena time ekt awt ktw kywl ynne…ita psse ndimtha mood ek nti wlm ynw….hmdm ktw dnna…best of luck….?❤

  9. අනා… හරි ෂෝක්… පරෝ රැන්ඩි අයියට ආදරේ කරන්න පටන්ගත්තා විතරයි.. ආයිත්නම් ඒ දෙන්නව වෙන් කරන්න එපා අක්කියෝ… ඒ දෙන්නා තමා ගැලපෙන්නේ… රැන්ඩි අයියා වැරදි නෑ පොඩ්ඩක්වත්… මට එහෙම හිතෙනවා…

    කතාව ගොඩක් ලස්සනයි අක්කියො… මට මුලින්ම කතා ලියන්න ආස හිතුනෙ අක්කගෙ කතව කියෝලා තමා… මාත් නිකන් මේ කතාවෙ ඇතුලෙ ජීවත් වෙනවා වගේ… එච්චරටම ලස්සනයි.. හිතට වදින්නම කතාව ලියනවා… අක්කට පුලුවන්නම් මේ වගේ හැමදාම කතාව දාන්න..

    ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  10. Hemanthi ruwan kumari

    කතාව ගොඩක් ලස්සනයි.super hit. successful.කතාව මං අවසන් වෙනකම් කියවනවා.එත් මෙම අන්තිම comment එක.මට දුකයි නංගියේ මං බලාපොරොත්තු වුණේ ඒ පාරොගෙන් හරි ලස්සන පිරිසිදු ස්ථිර ආදරයක්.එත් දැන් කතාවෙ අන්තිම ට හරි තිසු අයියා ට ආදරය ලැබුණා ක් වටින් නෑ.එක තප්පරයකට හරි ඒ ආදරය රැන්ඩි අයියා ගේ වෙලා ඉවරයි.
    ඔයා තිසු අයියා ගේ වැරද්ද මොකක් ද? ඇයි එහෙම වුණේ කියලා නොකියා මං එයාව වැරදි කාරයෙක් කරලා දෙන්න පුළුවන් හොඳම දඩුවම ක්‍රියාත්මක කරලා ඉවරයි.
    මං හැමදාම කිව්වා වගේ පාරො ගෙ පලමු ආදරය රැපා අයියාගෙ අවසන් ආදරය වෙන්න ඕනේ කියලා කියන ඒ වචන ටික ටමං සෑහෙන්න ආදරය කලා.ඒ වචන ටික ඇතුලෙන් ලස්සන ස්ථිර ආදරය ක් දැක්කා.එත් ඒ වචන ටික දැන් නිකම් ම නිකම් වචන ටිකක් විතර වෙලා
    මට සමාවෙන්න මෙ ඔයා කතාවplan කරපු විදිය වෙන්න ඇති.මං සුබ පතනවා ඔයාට ලස්සන කතාවක් අරන් එන්න ආයේ මත් ඉක්මනට.best of luck.
    ආදරය කියන්නේ පරිත්‍යාගය ද, කැපකිරීම ද????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.