Katha Ahura

පරවී | අසූ එක්වන කොටස | නවකතාව

කතාව කොහොමද?

පරවී

අසූ එක්වන කොටස

මන් තනියෙන් විදවන්න ඕන කියලා ආයෙම මතක් කරපු නිසා මන් මගේ මූනේ හිනාවක් ආරූඩ කරගත්තේ වැලලිලා යන්න හදන මතකෙට යන්න ඉඩ දීලා …

නිදිමත නැද්ද සුද්දී …

ම්හ් නෑ …

මන් රැන්ඩි අයියාගෙන් ඈත් වෙලා අත් දෙක බැදගෙන ලොකු හුස්මක් අරන් කිව්වේ …

රැන්ඩි අයියා .. අහස දිහා බලාගෙන. මට මොනවදෝ කියන්න හදලත් … මුකුත් නොකියා හිටියා …

ඔයාගේ හිත පිච්චෙනවා නේද සුද්දී …

රැන්ඩි අයියා මාව දැනිලා වගේ එහෙම කිව්වේ …
හ්ම්ම් ඇත්තටම කොහොම කියන්නද … කවදාවත් … මගේ හීනේ තිබ්බේ මෙතන නෙමේ … ඒත් … මට .. තවත් මගේ හීනේ වෙනුවෙන් සටන් කරන්න බෑ … එක්කෙනෙක් විතරක් සටන් කරලා කොහොමද. දිනන්නේ … තිසූ අයියා .. පරාජය බාර අරගෙනම කලින්ම පරද වෙද්දී මට තනියෙන් දිනන්න තවත් ශක්තියක් නෑ … පරාද උනයින් පස්සේ ආය සටන් කරන්න ඇවිත් මොකටද …

මට තිසුලව අමතක කරන්න කියන්න බෑ නනගී … හැබැයී. කාලෙත් එක්ක එයාට යන්න දෙන්න … මැරිච්ච අප්පච්චිගේ ආත්මෙට සැනසීම දෙන්න ..ජීවත් වෙලා ඉන්න අම්මට .. ජීවිතේ දෙන්න ඕනේ ..උබේ සතුටෙන් නන්ගී … මන්. උබ වෙනුවෙන්. මෙච්චර නැහුනේ ඒකට … ආදරයක් නැතුව නෙමේ … ඒත් ආදරේකට වඩා තිබ්බේ උබ වෙනුවෙන් කැක්කුමක් නන්ගී …

රැන්ඩි අයියා ඕනවටත් වඩා සන්වේදී වෙලා … මට. ඒක දැනුනා …

මාත් … ආදරේ කලා ඔයා වගේම එක කාලෙක … ..
ඔය විදියට. ම පිස්සෙක් වගේ …

රැන්ඩි අයියා එහෙම කිව්වම සියුම් වේදනාවක් හිතට ආවේ …. මන් ඉබේටම හැරිලා බැලුවා … තවමත් අහස දිහා බලාගෙන කතාකරන .. එයා .. ගේ කට හඩ බොර වෙලා …

ඒ රූපේ . ඇස් නහය බෙල්ල ..කොන්ඩේ … උබ වගේමයී සුද්දී ….
මන් ආදරේ කලා නොසෑහෙන්න ….

ලොකු සුසුම් එක්ක රැන්ඩි අයියාගේ … කතාව නතර උනේ මගේ සවන් දීමට බාදා කරලා .. රැන්ඩි අයියා මෙච්චරටම සන්වේදී වෙනවා මන් දැකලාම නෑ … ඒත් … රැන්ඩි අයියා කියන්න තියෙනවා කිව්ව කතාවද මේ … මට දුකක් දැනුනේ …

මන් එයාගේ කදුලුවලට බාදා කලේ නෑ … රැන්ඩි අයියා ආයෙම කතාව පටන් ගත්තේ … මට හොරෙන් කදුලු පිහගෙන උනත් මන් ඒකනොදැක්කා වගේ හිටියා ..

කැම්පස් එකට ආව දවසේ … මන් ආවේ තනියම … මමා වත් තාත්තා වත්. හිටියේ නෑ මන් ලග … අච්චාම්මා ට මාව කැම්පස් එක්කන් එන්න තරම් වාරුවක් තිබ්බේ නෑ …

මට දුකක් දැනුනේ … දෙයියනේ …
මාව කැම්පස් එද්දී අම්මා හරී හිටියා ..තනියම කොහොමද … එන්න ඇත්තේ ….

එතකොට රැන්ඩි අයියා මෙහෙම ඉන්නෙ කොහොමද … වියදම් බලන්නේ කවුද … මෙච්චර පහසුව ඉන්නේ කොහොමද හිතේ කුතුහලයක් තිබ්බේ ..මට අහන්න ඕනේ නෑ කියලා හිතපු කතාව දැන් අහන්න ඕනෙම කියනවා… මන් සවන් දීගෙනම හිටියා …

එදා තමයී … ඒ ඇස් මන් දැක්කේ … උබ වගේම… දිගට සාය ඇදලා … දිගට කොන්ඩේ ගොතලා …උබම තමයී සුද්දී එදා හිටියේ … මන් තනියම .. ඒ කෙල්ල දිහා බලන් හිටපු. වාර අනන්තයී … හිනාවෙන ඇස් … වල ගහෙන කම්මුල් එයාටත් තිබ්බා උබට වගේම සුද්දී

රැන්ඩි අයියා ආසාවෙන් කියවනවා … මට ඒ වචන රිදුනා …. මගේ දෙවෙනී තේරිමත් වැරදීමක්ද .. කියන බය පලවෙනි වතාවට හිතට ආවා …

උබ අහගෙනද ඉන්නේ සුද්දී ….

මගෙන් කිසිම කතාවක් නැති තැන … රැන්ඩි අයියා ඇහුවා …

හ්ම්ම්

මන් මුකුත් නොකියා එහෙම කිව්වේ අහගෙන ඉන්න බව අගවන්න

රැපා මට සෙට් උනේ එදා …

රැන්ඩි අයියා තිසුල අයියා ගැන කිව්වම. මගේ ඔලුව ලගින් අකුනක් පුපුරලා ගියා …
මගේ කලබල වීම එයාට තේරෙන්න ඇතී …

ඒදා ඉදන් ඌ තමයී මගේ බොක්ක උනේ .. මගේ රූමා උනේ … මගේ හැම දේකටම .. එකටම හිටියේ ඌ ….අදටත් ඌ මගේ බොක්ක තමයී නන්ගී … ඌ මට එහෙම කලාට

එච්චර යාලු කමක් … කොහොමද … දෙයියනේ… මෙහෙම උනේ …. මම නිසාද .. මගෙද වැරැද්ද රැන්ඩි අයියා දුක් වෙන්නේ ඒකටද .. එතකොට කෝ රැන්ඩි අයියා ආදරේ කරපු කෙනා … එයා දාලා ගියාද … නැත්නම්. මේ. ගෙදර හිටියේ එයාද ….

මගේ ඔලුවේ එක එක දේවල් ගොඩක් පොදි ගැහුනා …

දන්නවද සුද්දී ….චායාටත් පුලුවන් … මගේ සුද්දීට වගේම ඩාන්ස් කරන්න

රැන්ඩි අයියා බොද වෙච්ච ඇස් වලින් මන් දිහා බල්ලා කිව්වම මන් හිනා උනා … ඒ ඇසුත් කදුල් අස්සෙන් හිනාවෙනවා මන් දැක්කා …

පොඩි කාලේ ඉදන්මද ඩාන්සින් කලේ …

රැන්ඩි අයියා මගෙන් උත්තරයක් ගන්න මන් දිහා බලලා ඇහුවේ … මන් .. එයාගේ කදුලු වලක්වන්න හිතාගෙන මන් ඒ වෙලාවෙ හිනාවෙලා … කට හදාගත්තේ පුංචී සරදමක් කරන්න

අහ්හ් … ඔයා කොහොමද ඒක දැක්කේ …

හ්ම්ම් … ඒකත් එහෙමද
එහෙම අහනවට වඩා නොදැකපු දේවල් ඇහුවනම් ලේසී නැද්ද … සුද්දී …

රැන්ඩි අයියා ආයෙම .. වෙනස් වෙද්දී මගේ මූනත් ඉබෙට්ම වෙනස් උනා … හ්ම්ම් … මේ වෙලාවේ රැන්ඩි අයියා ඉන්නේ ගොඩක් දුකින් කියන එක මට හොදටම තේරුම් ගන්න පුලුවන්

මට පුලුවන් ද මගේ හුස්ම වෙන තැනක තියලා ජීවත් වෙන්න … ම්හ්හ් …
ඒ වගේ තමයී …

එහෙම කිව්වම මගේ පපුවම .. හිරි වැටිලා ..ගියා … මේ ලෝකේ … කොච්චර නම් ඉන්නවද … මේ විදියට … තමන් එක හිතින් ආදරේ කරපු කෙනා නැති උනාම ලැබෙන දෙයක් බාරගෙන ආදරේ විදියට දකින … හරියට මේ මම වගේ … රැන්ඩි අයියාත් එහෙම වෙන්නැතී …

දන්නවාද නන්ගී … මේ කතාව අස්සේ උබට කියන්න තියෙන දුකම කතාව මොකද්ද කියලා ..

මට තවත් රැන්ඩි අයියාගේ වේදනව අහගෙන ඉන්න බෑ … එයාගෙව් අතපය වෙවුලනවා … මට තේරුනා ..රැන්ඩි අයියාගෙ මස් ගොබ ඉලිප්පෙද්දී කාත් එක්කදෝ වෛර යකින් කතාව පටන් ගන්න හදන බව … මන් ඒ නිසාම හිතුවේ මේ කතාව මෙතනින් ඉවර කරන්න … මොනා නමුත් රැන්ඩි අයියා … ඉන්නේ .. ලොකු දුකකින් … මන් ඒ නිසාම … එතනින … දොර පැත්තට හැරුනේ … රැන්ඩි අයියාගේ අතින්. අල්ලගෙනමයී

එපා …

මට කතාකරන්න…දෙන්න…. සු…ද්දී…

රෑන්ඩි අයියා දරදඩු වෙලා හෙල්ලෙන්නෙවත් නැතුව එහෙම කිව්වම මන් නතර උනේ .. ඒ කට හඩේ තිබ්බ ස්තිර බවට …

අ…..

එපා … කතාක…ර..න්…න…

මන් කතාකරන්න හදද්දී ම රැන්ඩි අයියා මගේ කට අතින් වහලා කිව්වේ කතාකරන්න එපා කියලා ..ං

මන් එහෙමම එතන බිම වාඩි උනේ තවත් හිටන් ඉන්න වාරුවක් නැති තැන…

රැන්ඩි අයියා ත් මාත් එක්කම බිම වාඩි වුනේ .. මාව අනුගමනය කරලා …

පේනවද … අර සිකුරු තරුව ..

හ්ම්ම්….

බැහැගෙන යන්න ලගයී .. … ඒ උනාට තාමත් දිලිසෙනවා …

රැන්ඩි අයියා මට පෙන්නුවේ බටහිර අහසේ බැහැගෙන යන්න හදන ඉරබට තරුව …

ඉස්සර ගමේදී … පාන්දර එලිට බැස්ස්ම බටහිර අහසේ හරී අමාරුවෙන් මේ තරුව බලන්නේ මම … ඒ පැත්තම වහගෙන තිබ්බ කොස් ගස් … එමටයී … ඒත් කොස් අතු අස්සෙන්. ලස්සනට දිලිසෙන ඉර බට තරුවේ එලිය අඩු කරන්නේ .. ඉර …

ඔයා දන්නවද සුද්දී … හොස්ටල් එකේ හිටපු බැජ් එකේ හිටපු මගෙව් හොදම ගජයා … එක්ක .. මට එක තැනකදී … මන් ආදරේ කරපු කෙල්ලව තෝර ගන්න උනා …

මෙච්චර වෙලා … හිත හීන අස්සේ හිරවෙලා තියෙද්දී … මට බොර වෙලා ඇහුනේ රැන්ඩි අයියාගේ කටහඩ

ඊලග කොටස
♥️

කතාව …ඉවර වෙන්න තව චුට්ටම චුට්ටයී … සාරංශයක් විදියට නම් .. තව පේලී පහයී .. ඒ උනාට එපිසෝඩ් විදියට නම් .. උපරිම .. 10යී … දෑන් ඔන්න විසදීගෙන යන්නේ … දැන් බලන්න ගෙස් කරන්න මේ කතාවේ අවසානය …කමෙන්ට් ඔක්කෝම මම කියවනවා .. තව දෙයක් කියන්නම ඕනේ .. මේකේ ඇත්තටම තියෙන්නේ යතාර්ථය … සමහර තැන් අලංකාරය උදෙසා සමහර කෑලි එකතු කලාට ..මේකේ තියෙන්නේ අපිට සාමාන්‍ය ජීවිතේදී උනොත් මෙහෙම දේවල් විය හැකී … අපිත් කැමතී මේක මෙහෙම වෙනවනම් කියලා හිතෙනවා … නේද … තාම කතාව ඉවර නෑ … බලන්න ඔයාලගේ කතාවේ අවසානයක් කියන්න බලන්න මටත් දැනගන්න …
තරහා වෙන්න එපා ඉතින් මේක කතාවක් නේ නේද … මන් පසුවදනින් ඔයාලාට ගොඩක් දේවල් කියන්නම්කෝ ….

පියුමි සේනාදී

8 thoughts on “පරවී | අසූ එක්වන කොටස | නවකතාව”

  1. චායා තමා දැන් රැන්ඩි අයියා එහෙම ඉන්න ගෙදර කලින් අර හිටිය ගෑනු ළමයා.. එතකොට චායා ප්‍රෙග්නන්ට් වෙන්නැත්තේ රැපා අයියා අතින්… රැන්ඩි අයියගෙයි,රැපා අයියගෙයි යාලුකම නැතිඋනේ ඒ නිසා වෙන්නැති…

    රැපා අයියා පරෝ එක්ක යාලු උනාම රැපා අයියා පරෝටත් ඒ කෙල්ල කරපුදේම කරයි කියලා බයහිතෙන්නැති… ඒක නිසා වෙන්නැති රැන්ඩි අයියා පරෝ එක්කම ඉන්නැත්තෙ…

    රැපා අයියගෙන් ඒදේ අර කෙල්ලට වෙන්නැති වැරැද්දකින් වෙන්නැති… ඒ දේ නිසා අදටත් එයා පසුතැවෙනවා ඇති… අනේ ඒ උනාට පරෝව රැන්ඩි අයියගෙන්නම් වෙන් කරන්න එපා… එයා පව්… චායත් නෑ.. දැන් පරෝත් නැති උනොත් එහෙම.. අනෙ පව්…

    ඔන්න අක්කියෝ මට හිතෙන දේ කිවුවා.. මං කිවුවදේ වෙන එකක් නෑ ඉතිං.. හිතිච්ච දේ කිවුවා ඔන්න… බලමුකො ඉස්සරහට මොනාවෙයිද කියලා..

    කතව හැමදාම වගේ අදත් ලස්සනයි අක්කියෝ.. ඉවර වෙන එකටනම් දුකයි… මොකද මේ මං ආසම කතාව.. ඒත් ඉතිං කතාවකට අවසානයක් තියෙනවනේ…

    ඉදිරි වැඩකටයුතු හොදින් සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  2. kasuni chamalka

    ගොඩාක් ලස්සනයි.. මේක ඉවර උනොත් ගොඩාක් දුක හිතෙයි.. ඒක දිගට කියවගෙන යන්න තියෙනවා නම් කියලා හිතෙනවා.. එච්චරටම ලස්සනයි.. හෙටත් දන්නවා නේද කොටසක්.. plzz.. හෙටත් දාන්න..

  3. Thilini chandrasiri

    Aiyooo mnw wnwd kyl hthagnna be….khm hri kmk ne rendi aiyai parami ekthu wnwnm..aththa mkk unt…aiyooo srm petalil tynne…ktw lssni godaaaaaak…❤?

  4. Buddhika subhashini

    තිසුල අයියා අතින් චායා pregnant වෙන්න ඇති..??? කතාව ලස්සනයි අක්කි.මේක ඉවර වෙන දවසට අපිට ගොඩක් දුක හිතෙයි??? කොහොම හරි පාරමී රැන්ඩි අයියාටම දෙන්න අක්කි.රැන්ඩි අයියාගේ ආදරේ ගැලපෙන්නේ පාරමී ට විතරයි ?? good luck අක්කේ ????

  5. ?හසිතා?

    Parowa randitama denna piumi …..pls…..thanx laga lagama ktawa dammata oyage wadat ekka……mn godaaaaaaaaakkk asai me katawata…..good luck ….. ??????????

  6. Vinola kalpani

    Aiyo akke kathawa iwara karannada yanne aneeeee goooooodaaaakkkkkk dukai ane ai ane iwara karanne mn asawenma kiyawapu kamathima kathawa meka akke,kamak ne ithin meka yatharthayane muna denna epai neda,kamak ne aneee me wage lassana thawa kathawak liyanna oni apita asawen kiyawanna.

  7. Monawa unath parowa randi ayyata ma dennako akkiyo. Edenna tamai hariyatama galapenne. ??????
    Katawa godaaaak lassanai. Hetath tawa kotasak danakam balan innawa .???????

  8. Thakshi Deepali Jayasuriya

    මට තේරුනා මේක අැත්තම කතාවක් කියලා….ෆැන්ටසි ලෝකෙන් බිමට බැහැලා අැත්ත අැති සැටියෙන් කියපු ලස්සන කතාවක්..මං පරවිට මෙච්චර අාදරෙත් එ්කයි….ෆැන්ටසිය ලස්සන උනාට යථාර්තය අස්සේ ඊටත් වඩා හැංගුන ලස්සනක් තියෙනවා…මට විලියම් වර්ඩ්ස්වර්ත්ගේ කවියක පදයක් මතන් උනා එ්ක කියද්දි..A violet by a mossy stone half hidden from the eye.. යතාර්ථයත් එ් වගේ…පාසි බැඳුන ගලකින් අාවරණය වෙලා තියන වයලට් මලක් වගේ….ගල අයින් කරලා තමා වයලට් මලේ ලස්සන බලන්න ඕනා….

    ඉතිං අක්කියෝ….මොනවා වෙයිද කියන්න මම නම් දන්නෑ….ගොතපු කතාවක් නම් එහෙම හිතන්න තිබ්බා..එ්ත් අැත්ත ලෝකේ අපි හිතන දේට හාත්පසින්ම වෙනස් දෙයක් නේ වෙන්නේ.. අැයි මට හිතෙන්නේ පාරෝ රැන්ඩි අයියගෙනුත් අෑත් වෙයි කියලා ? පාරෝ ටිකක් මං වගේ හිතන කෙනෙක් කියලා මට හිතුනා….අද වෙනකම් රැන්ඩි අයියා එක්ක ඉඳී කියලා හිතපු පාරෝ කතාව අැහුවට පස්සේ එයාගෙනුත් අයින් වෙයි…එ් රැන්ඩි අයියගේ අැත්ත අාදරේ එයාට ලං කරගන්න ඉඩ දීලා කියලා හිතෙනවා මට…අපි බලමුකො..කට්ටිය මට බනින්න එපා හාද….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.