Katha Ahura

පරවී | හැත්තෑ අටවන කොටස | කතා අහුර

2.9/5 - (17 votes)

පරවි

තිසූ අයියාගේ ඇස් වලටයී මගේ ඇස්. ගියේ …

මෙච්චර සෙනගක් මැද්දේ මන් එයාගෙම ඇස් පැහැදිලිව දැක්කා

තිරය වැහිලා. පලාතම කරුවල වෙද්දී හැමෝමස්ටේජ් එකෙන් බැහැලා ..මාත් ඉකමනට බැහැගත්තේ .. අවුරුද්දකටත් වඩා වැඩී කාලයක් නොදැකපූ ඒ මූන ආයෙම හම්බෙන් වගේ මන් දැක්ක නිසා … ..

මට දැන් එව් යටගියාව අමතක කරන්නයී ඕනේ .. මන් හැමෝම ඩ්‍රෙසින් රූම් එකේ කියලා දන්න නිසාම … බශා එකෙ පිටුපස්සේ දිරෙන් එලියට පැනලා හොස්ටල් එකටම දුවන්නයී හැදුවේ … ජනෙල් ඇතුලෙන් එලිය තිබ්බත් එලියේ එතරම් එලියක් නෑ … කලුවරේ .. බයක් නොදැනුනනාම නෙමේ … ඒත් මට තවත් මෙතන ඉන්න බෑ … ආයෙම තිසූ අයියා නිසා මගේ හිත රිද්දගන්න බෑ ….
… මන් දිග සායත් අතින් අල්ලගෙනම .. දිව්වා … එකපාරම දුවන වේගෙත් එක්ක මගේ අත කාගෙදෝ අතකට හිරවෙලා මාව ඒ ඇදපු දිහාටම ඇදිලා ආවේ මන් දුවපු වේගේ නිසා ….

මන් එකපාරම මගේ මූන වැදුන පපුවෙන් ඉක්මනට ඈත් උනේ මගේ පපුව දහ ගුනයකටත් වඩා වේගෙන් ගැහෙද්දී .. මගේ අත ඉබේටම පපුව මත රැදුනේ වෙච්ච දේ වත් හිතාගන්න බැරුව …

මන් මට ඉස්සරහම හිටපු ඒ රූපේ. කකුල් දෙකේ ඉදන් සීරුවට ඉහලට ඇස් අරගෙන ආවා …

දෙයියනේ තිසූ අයියා …

ඒ මූන වෙනස් … මූන පුරාම අපිලිවෙල රැවුල … ඇදගෙන හිටපු සුදු ශර්ට් එක … හරිම ..චාම් බවක් … ඉස්සර තිබ්බ රස්තියාදු පෙනුම කොහෙද ගිහින් …

මම ටිකක් වෙලා බලාගෙනම හිටියා ඒ රූපේ දිහා …

මාව මගාරින්නද දුවන් ආවේ ….

ඒ ඇහුවාමයී මතක් උනේ …
මෙච්චර දුරක් මන් පස්සෙන්ම ආවද …

මේ..හ් …

මන් ඇත්තටම කලබල උනා … ඊටත් වඩා අසරන උනා මන් වට පිට බල බල හෙව්වේ උදව්වට කෙනෙක්. මට තිසූ අයියා එක්ක කතාකරන්න දෙයක් නෑ ..ඇස් වලින් කදුලු බේරුනේ ඉබේටමයී … …

කොහෙද … දුවන්නේ …

කරුවලේ උනත් දිලිසෙන ඒ ඇස් මන් දිහා කෙලින් බලාගෙන ඇහුවා …

නෑ …හ් මේ …

මන් දැන් යන්න ඕනේ …

මන් ගැලවිලා යන්න ඕන නිසාම උත්තර දුන්නා …

ම්හ්හ් … ඒකත් එහෙමද …

කලුවරේම එයා සාක්කුවට අත් දෙක දාගෙන. .හරි අමුතු විදියට මන් දිහා බලලා කිව්වේ

දැන් යන්නම ඕනෙද මන් නිසාවත් … ඉන්න බැරිද

තිසූ අයියේ .. ඇතී ..තවත් මට ඔයා එක්ක කතා කරන්නවත් ඔයාව දකින්නවත් මට ඕනේ නෑ …
ඔයා මගේ හිතින් යන්න ගිහින් දැන් ගොඩක් කල් …

ප්ල්ස් මට කරදර කරන්න එපා…

මන් හිතේ ආවෙගෙන්ම කදුලු පුරෝගෙන එහෙම කිව්වා… ඇත්තටම පපුව පිච්චෙනවා මට දැනුනා …. ඒත් ඒක මේ වෙලාවේ යටපත් කරගත්තේ … තිසූ අයියා නිසා මන් විදවපු විදවීමම ආයෙම මතක් කරලා

හ්ම්ම් … ඔයා මට වෛර කරන්වා ඒක මන් දන්නවා …

ඒත් මට ඔයාගෙන් එක චාන්ස් එකක් .. .ඕනේ … හැමදේම හදාගන්න …

ඒ ඇස් කෙලින්ම මන් දිහා බලලා එකපාරම මගේ අත අල්ලලා කිව්වෙ…

මගේ හිත මොකද්ද උනා … තිසූ අයියා ගැන මට මට අවිශ්වාසයක් … ඒ නිසාම
මන් ඒ අත උදුරගන්න ලොකු උත්සහයක් ගත්තා …

ප්ල්ස් එපා …

තිසූ අයියා මට විදානයක් දුන්නේ කදුලු පුරෝගෙන ..ඒත් ඒකට ඉඩ දෙන්න තවත් මන් කැමතී නෑ. …

මගේ අත අතාරින්න අයියේ …

නෑ මන් අතාරින්නේ නෑ …

මන් අඩ අඩම කිව්වත් .. එත් තිසූ අයියා මන් ඉස්සරහ. පසු බහින්න සූදානමක් නෑ …. .. මටත් එහෙමයී කියලා එයාට ඉඩ දෙන්න හිතුනෙත් නෑ …

මට යන්න දෙන්න අයියේ …

ප්ල්ස් මට කතාකරන්න දෙන්න එකපාරක් … නන්ගී …

තිසූ අයියා කවදාවත් නැතුව මන් ඉස්සරහා බැගෑපත් වෙනවා … මගේ හිතට මෙච්චර දුක් කන්දක් දුන්න … තිසූ අයියාට ආය මගේ හිතින් ඉඩක් දෙන්න මන් සුදානම් නෑ .. එහෙම කලොත් …. මන් තව කෙනෙක්ට කරන අසාධාරණයක් ..ඒක මන් හොදටම දන්නවා

මට ඒක ඉවසන්න බැරි උනත් … මගේ හිත මට ආයෙම මතක් කරලා දුන්නේ රැන්ඩි අයියාව .

තවමත් මගේ අත අල්ලන් ඉන්න තිසූ අයියගේ අත මම එකපාරම ගසලා දැම්මා … මට ඒ තරම් හයියක් කොහෙන් ආවද මන්දා ..මගේ අත පය වෙව්ලන්න ගත්තේ …

මා….ව දා…ලා …ගිය …මිනිහෙක් …. මගේ මලගමටවත් එපා ….

මන් වෙවුලන තරම් කේන්තියකින් කිව්වා..
තිසූ අයියාගේ ඇස් විසල් වෙනවා මන් බලාගෙන… ඒත් මේ වෙලාවේ කතාකරන්නවත් බෑරී මගේ ගෑනු කමින් වැඩක් නෑ කියන එක මන් හොදටම දන්නවා ..ඒ නිසා මන් හිතේ කේන්තියෙන්ම තවත් මොනවදෝ කිව්වා …

නන්…ගී…. මන් උබට ආදරෙයී ….

ආයෙම වදෙන් පොරෙන් මගේ අත අල්ලන්න හද්දිම මන් හීතේ වීරියෙන්ම. ගැහුවේ. තිසු අයියාගේ කම්මුල හරහා අතුල් පාරක් ….

එපා…අල්…ල..න්න …මාව…

මන් විදානෙකින් කිව්වේ ගිනි දැල් පිටවෙන තරම් කේන්තියකින් එයා දිහා බලලා…

පා…රමී…..

ඒකපාරම තිසූ අයියා මගේ එක අතක බාහුවකින් එයාගේ පැත්තට අදිනවත් එක්කම .මගේ ඉනහරහා පිටිපස්සෙන් අතක් ඇවිත් මාව රලු පපුවකට හිරවුනේ ආයෙම පාරක් ගහන්න හැදුව අතුල් පාර වලක්වලා…

පපුවට හිර උනත් ..කවුද කියලවත් දන්නේ නැති මට .. ඒ පපුවේ ගැස්ම ඕනවටත් වඩා හොදට දැනුනා …

මට දැනුනේ මොකද්දෝ හුරු ගතියක් … වෙන්නේ මොකද්ද කියලාවත් තේරුමක් නැති මට … ඇස් පියවුනේ කදුලු මූන දිගේ පෙරෙද්දී … මෙහෙම අසරන වීමක් … මට ..තවත් දරාගන්න බැරි උනා … ලෝකෙම ඉස්සරහ මන් තනිවෙලා වගේ … මට කවුද කියලවත් බලන්න උවමනාවක් තිබ්බේ නෑ …. ඉකි ගගහා ඇඩුනේ වේදනවාට

මගේ එකීට … උබට අත තියන්න අයිතියක් නෑ … මචං ….

දබර ඇගිල්ලක් උලුක් වෙලා …දත් එකට පූට්ටි වෙලා ඇහුන වචන ටිකට
මගේ ඇස් ඇරුනා ඉබේටම … මන් ලගින්ම ඇහුන ඒ කට හඩ බලන්න …
මට හුරු … ඒ කටහඩ … ඒ වචන වල තිබ්බ තරහා. …. මන් මාව හිර කරගත්ත අත වගේම අමාරුවෙන් බැලුවේ මගේ හිසට ඉහලින් තිබ්බ ඒ මූන …

දෙවියනේ …

මට ..හිතාගන්න බැරිඋනා … මන් ආපහු හැරිලා ඒ රූපේ බදාගත්තේ දෙපාරක් නොහිතමයී … රැන්ඩි අයියා … මගේ ගැලවුම් කාරයා වගේ
මන් ඉකි ගගහා. අඩද්දීම මාව පපුවෙන් මෑත් කරලා එයාගේ පිටිපස්සේ මාව හන්ග ගත්තා … තිසූ අයියා මාව ගනී කියලා බයට වගේ

මෙච්චර ලන්වෙලා හිටපු දවසක් … මට හිතාගන්නවත් බැරිඋනා …

රැන්ඩි අයියා කොහොමද මෙතන .. මේක හීනයක්ද …
මන් …. රැන්ඩි අයියාගේ බාහුවකින් අල්ලගෙන … ඒයාගේ පිටිපස්සේ ඉදන් … හොරෙන් බැලුවෙ අසරන වෙලා ඉන්න තිසූ අයියා දිහා …

උබට … බලෙන් ආදරේ ගන්න බෑ … එකපාරක් කිව්වානේ …

ප්ල්ස් …මචන්… මට විනාඩියක් කතා කරන්න දීපන් … උබට කිව්වානේද….

තිසූ අයියා ඇස්වල කදුලු පුරුවන් එහෙම කිව්වම දුකක් හිතුනත් … මන් යටපත් කරන් ඉන්න උත්සහ කලේ … තිසූ අයියා වෙනුවෙන් තිබ්බ දුක ආයෙම උඩට ගන්න මට ඕන නැති නිසා…එත් මට තිසූ අයියා කියන දේවල් වල … මොකද්දෝ
අමුත්තක් දැනුනේ … රැන්ඩි අයියාගෙයී තිසූ අයියා ගෙයී තියෙන සම්බන්ධය ආයෙම මට ප්‍රශ්නයක් කරලා….

මන් දුන්නාට වැඩක් නෑනේද … මේ බලපන් … පේනවද …

රැන්ඩි අයියා විදානයක් දෙන්න වගේ. එහෙම කිව්වේ …

රැන්ඩි අයියා එයාගේ පිටිපස්සේ හැන්ගිලා ඉන්න … මාව පෙන්නලා කියද්දී…
මන් එයාගේ අත තව තවත් හිර කරගත්තා …

…එ…ක….

නෑ …..

උබ මට උදව් කරන්න පොරොන්දු උනා …

නංගී උබට කැමතී .. නෑ …
ඒක තේරුම්ගනින් …

රැන්ඩි අයියා ලොකු විශ්වාසයකින්. එහෙම කිව්වම මට පුදුම හිතුනා .මන් තිසූ අයියාට කැමතිද නැද්ද කියන්න .. රැන්ඩි අයියා දන්නේ කොහොමද … ඒත් … මේ දෙන්නා… ඇයී මෙහෙම කතාකරන්නේ … කොච්චර ආරක්ශාවක් දැනුනත් … මන් පිච්චුනේ … වෙන දේ හිතාගන්න බැරුව …. මාව දෙන්න පුලුවන් ද රැන්ඩි අයියාට … මට ඇඩුනා ඉබේටම ආයෙම

නන්ගී …කාර් එකට යන්න …

මාව එයා පැත්තට අරගෙන කිව්වම මන් කදුලු පුරෝගෙනම කිව්වේ ඔලුව හොලවලා බෑ කියලා …

ඒ මූන වෙනස් වෙනවා මන් බලාගෙන … මන් නිසාදෝ මන්දා කේන්තියකින් පිපිරෙනවා මන් දැක්කා …

මාව… මි…නී…..

රැන්ඩි අයියා කියන්න හදපු දේ එහෙමම නවත්තලා මගේ අතින් අල්ලලා …
කනට කරලා කිව්වේ කාර් එකට යන්න කියලා …

මන් අපොරොන්දුවෙන් උනත් ..කරදර කාරී ඇදුම් ටිකත් අතින් උස්සන් මන් ගියේ … ටිකක් එහාට වෙන්න තිබ්බ … කාර් එකට …

හීතේ දුකක් වගේම …එතනින් ගැලඋන එක හිතට සතුටක් රැන්ඩි අයියා වත් තිසු අයියාවත් .. මොනාවා කරනවද කියලාවත් බලන්නහිතුනේ නෑ මට … එහෙමම සීට් එකට පිට දීලා ඇස් පියාගත්තේ ..තවමත් කලබල වෙලා ඉන්න හිත යතාතත්වෙට ගන්න මට ඕන නිසා …ඒත් හිතේ තිබ්බ මොකද්දෝ මන්දා සැනසීමකින්…..

ඊලග කොටස
♥️

කොමෙන්ට් කරපු නොකරපු කියවන ඔක්කොටම ආදරෙයී ….

පියුමි සේනාදී

Sent from my iPhone

9 thoughts on “පරවී | හැත්තෑ අටවන කොටස | කතා අහුර”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    ඕඕඕඕඔ.. දැන්නෙ කතාව දාලා තියෙන්නෙ … මන් ඊටෙ රැ කී සැරයක් නම් ඇප් එකට ආවද අනී ඔයාගෙ කතාව කියවන්න ….??

    ම්ම්ම්…. කතාව නම් මාව පිස්සුවෙන් පිස්සුවටම වට්ටනවා අප්පා ..ඒත් හිතේ කුරිරු සතුටක් තියෙනවා .. මගෙ නපුරු ආදරේ රැන්ඩි අයියා ආපහු ඇවිත් … ඒත් එක්කම් රැපා අයියත් ඇවිත් … හැබැයි මොනවා නමුත් අපි හැමෝම නොදන්න රැපා රැන්ඩි හේශි නැනී තිලූ & ඔයා දන්න ලොකු රහසක් මේ කතාවෙ තියෙනවා නේද …..?? ඒ රහසත් ඉක්ම්නටම පාරොට දැනගන්න හම්බෙයි … නැත්නම් රැන්ඩි අයියා කියයි කියල හිතනවා …

    කතාවනම් සුපිරිම සුපිරියි ….
    ???????

    ඉක්මනටම තවත් කොටසක් අරගෙන අපිව බලන්න එන්න … ආදරෙයි පරවිටත් ඔයාටත් ගොඩාරියක් …????

    2
  2. Ashka Rashmi

    අනේ පව් තිසූ අයියා..පාරො මහ මොකෙද්ද මංදා අනේ…මට දුකයි මේ කතාව කියවද්දි ….එක හිතක් නැත්තෙ ඇයි මේ කෙල්ලට…මුල ඉදන්ම ආදරේ කලේ එයා තිසූ අයියටනෙ…රැන්ඩි අයියා හින්දා ඇයි පාරෝ වෙනස් වෙන්න ගත්තෙ….ඇයි පාරෝට බැරි තිසූ අයියා කියන දෙයක් එකපාරක් හරි අහන්න…එච්චර ලොකු අහංකාර කමක් මොකටද…ඔයා පාරෝව තිසූ අයියටද රැන්ඩි අයියටද දෙන්න හදන්නෙ කියලා තවමත් මට හිතාගන්න බෑ අක්කි….මේ වගේ තුන්කොන් ආදර කතා හරි දුකයි කියවන්න…මොනා උනත් මං තවමත් ආස තිසූ අයියට පාරෝව හම්බවෙනවනං කියලා….ඒත් ඉතින් බලන් ගියාම පාරෝටත් එක හිතක් නෑනෙ…පාරෝ ඇත්තටම තිසූ අයියට ආදරේ කරානං එයාට කවදාවත් බෑ වෙනස් වෙන්න…ඒ මං දන්න විදිහ…රැන්ඩ්ලා සීයක් ආවත් ඒ හද ගැහෙන්නෙ තිසූ වෙනුවෙන් නං අන්න ඒකයි ඇත්ත ආදරේ ….තිසූ මොන විදිහෙ කෙනෙක් උනත්…බලන් ගියාම මට හිතෙන්නෙ පාරෝ තිසූට ඇත්තටම ආදරේ කරලා නැතුව ඇති…
    මං කිව්වෙ මට දැනුන දේ…එකග වෙන එක නොවෙන එක මට ප්‍රශ්නයක් නැහැ…කොහොම උනත් ඔයාගෙ කතාව මං ආසාවෙන් කියවන්නෙ අක්කි❤️

    සොරි අක්කි මෙච්චර දිග comment එකක් දැම්මට…කතාව ලස්සනයි…හැබැයි දුක හිතෙනවා..අනේ ඊලග කතාව මේ වගේ තුන්කොන් එකක් නං වෙන්නෙපා කියලා ප්‍රාර්ථනා කරනවා…?

  3. මට ගොඩාක් සතුටුයි රැන්ඩි අයියා ආව එකට. කතාව ගොඩාක් ලස්සනයි .
    ඊයේ ගොඩ සැරයක් ඇවිත් බැලුවා කතාව දාලද කියලා.
    හෙටත් කතාව දාන්න.
    All the best .
    ???????

  4. Buddhika subhashini

    යේ යේ රැන්ඩි අයියා ඇවිත් ???????? ලස්සනයි අක්කේ කතාව …හැමදාම දාන්නකෝ මගේ සුදු අක්කේ කතාව ???

  5. Hemanthi ruwan kumari

    රශ්මි නංගි කිව්වා වගේ පාරො කියන්නේ එක හිතක් නැති කෙල්ලෙක්.තිසු අයියා පව්.මං කථා ව කියපු දවසේ ඉඳන් හිතන්නේ පාරො තිසු අයියා ගේ වෙයි කියලා.එත් දැන් පාරො ගැන තරහක් යන්නෙ.
    පියුමි නංගියේ ඔයා දවස ක් කිව්වා නෙ ඔයා ලියන හැම වචනයක් ම ලොකු තෙරපුමක් තියෙනවා කියලා.ඉතිං ඒ නිසාම පාරො කිව්වා වගේ පාරො ගෙ පලමු ආදරය රැපා අයියාගෙ අවසන් ආදරය වෙන්න ඕනේ.
    You are the best.your success. thanks best of luck.

  6. Thakshi Deepali Jayasuriya

    පාරෝ වැරදි නෑ…..පාරෝව ඔය තත්වෙට පත් කරේ තිසූ අයියමයි….එයාට පාරෝගේ ජීවිතේ අහිමි වීම් ලඟ පාරෝට හයියක් වෙන්න බැර උනා…හේතුවක් නැතුව පාරෝව දාලා ගියා….දාලා ගියේ එ් කෙල්ලව ගිනි ගොඩක තියලා…එ් ගිනි ගොඩ නිව්වේ රැන්ඩි අයියා….මං පාරෝගේ තැන හිටියත් මං ගන්නේ ඔය තීරණේම තමයි….එ්ක චපල කම නෙමේ…. අබි මනුස්සයෝ…ෆැන්ටසි ලෝකවල තිසූ මොනා කරත් ඉවසන් දාලා ගියත් අාදරේ කරන පාරෝ කෙනෙක් ඉන්න පුළුවන්..එ්ත් අනේ මංදා මට හිතෙනවා මේක අැත්තම අැත්ත කතාවක් කියලා..යථාර්තවාදී ලෝකේ පාරෝ අැත්තටම කරපු දේ හරි…මට බැනුම් අහන්නත් වෙයි…එ්ත් හිතලා බලන්න ඔයා හරි ඔයාගේ යාළුවෙක් හරි මේ තත්වේ හිටියනම් දාලා ගිය එකා ගැන හිත හිත ඉන්නැතුව රැන්ඩි අයියට අාදරේ කරපන් කියලා කියන්නෑද….එ්ක තමා අැත්ත….මේක අැත්ත කතාවක් නේද අක්කි…මට දැනෙනවා එ්ක….අපි බලමු මොනා වෙයිද කියලා…තිසුල අයියා හංගන ලොකු අබිරහසක් මෙතන තියෙනවා..එ්ක එලි උන දාට තිසුල කියන්නේ කවුද කියලා අප්ට දැනගන්න ලැබෙයි…ඕන වෙද්දි ලඟට අරන් එපා වෙද්දි අයින් කරන්න පාරෝ සෙල්ලම් බඩුවක් නෙමෙයි….මට නම් හරි තරහයි තිසුල අයියා එක්ක… ???

    1
  7. Ohhhj yeah.. randi aiya awa… mn hithuwe othanta koiwele hari randi aiya enawa kiyl… he he… ewagem awa…

    Mn nm kiynne na paro waradi kiyl… eya rapa aiyata adare kla.. pissuwen wage adare kala… eth rapa aiya mokdd kle… eya parota gindara godak dila dal giya… eth randi aiya e hamawelem paro gana hoyala baluwa… parota hodak krnnamai baluwe… randi aiya adawenkn parota kisima waraddak krl na… eka sarayak dal giya kenekta deweni saretath dal yanawa kiyana eke mahaloku deyak newei… mn nm kamathi paro randi aiyata adare karanawat…

    Adare kiynne hari puduma deyak…. api knekta pissuwen wag adare karanna puluwan… eeth eka hari adare nowenna puluwan…. parakkuwel hari e adare labenawanm ai thawath dala giya kenek laga inne…

    Ammoh… mehem ewa qwa kiyal baninna nm epa.. mn qwe mt hithenade… hamakenam ekawage hithanne nane…. kathawanm lassanai akkiyo… kiyanna wachana na ithim….

  8. Aneeee randi ayya ayeth awith. ????
    Mamath kiyanne paro karapu de hari kiyala. Mona prushne awath randi ayya parowa dala giye na. Enisa parowa labenna ona randi ayyata tamai.
    Mama kiwwe mata hituna de hodada akkiyo. Enisa baninna epa hodada. ..?????
    Katawa hamadama wage godaaaak lassanai .good luck. ? ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.