Katha Ahura

පල්ලියෙ කතාව♥ | කෙටිකතා |කතා අහුර රචක තරගය 2020

කතාව කොහොමද?

“❤සුදු මහත්තයා”

“කටහඬ අඳුන ගන්න පුලුවන්ද?”

“මේ කටහඬ අඳුන ගන්න බැරිනම් මන් මැරිල ඉපදෙන්න ඕන සුදු නෝනා.”

කාලෙකට පස්සෙ පුරුදු හිනාව ආයෙමත්.

කටහඬත් එක්ක ජීවිතේ දුරට යන්නෙ කාලයක් ආපස්සට.කාලයක් ඉනාවක්ම උන කතා කරනකන් මග බලන් ඉදපු පුරුදු කටහඬින් අයෙ හිත පිරෙද්දි.හිතට දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්.

“පුදුමයි මාව මතක් වෙලා”

“❤ඇයි මැණික එහෙම කියන්නෙ
මට අමතක නොවුන දවසක් නැති තරම් රත්තරන් මට සමාවෙන්න.”

එහා පැත්තෙන් අඬන සද්දෙ

“හරි හරි මැණික දැන් අඬන්න එපා.”

“මතකද දවසක් හම්බෙන්න ගියපු වෙලාවක සාස්තරයක් අහන්න ගිහින් උන වැඩේ”

“❤අම්මො මේ මහත්තය නම් ශුවර් නෑ කිවුව නේද?”

“ඒ වෙලාවෙ මට ඒ ගෑනි කන්න හිතුනා.”

“❤අම්මො ඒ වෙලාවෙ මහත්තයගෙ මූන බලන්න තිබ්බෙ.මහ නපුරෙක් වගෙ.”

පරණ කතා ටික ආයෙම ඇදල ගත්තෙ කතා කරන එක මොහොතකට හරි උබව සතුටින් තියන්න මට ඕනි කරන නිසා.ජීවිතේ මගේ සතුටටත් වඩා උවමනා කරපු එකම දේ අදටත් තාමත් උඹේ සතුටම වෙන නිසා.

“❤මන් ලබන සතියෙ බඳිනව අයියේ.ඊට පස්සෙ මට කතා කරන්න බැරිවෙයි ඒත් එදාට කලින් මම එකම එක mg එකක් හරි දානවා.”

“මවපු හීන හැම එකක්ම ඒ විදියටම තියා ගන්න.හැමදාමත් මන් ආදරෙයි.ඒක වෙනස් වෙන්නෙ නෑ මන් කොහේ හිටියත්.”

හිතම පාරන ඒ කතාව කවදක හරි බලාපොරොත්තුවෙන් හිටියත් හැමදෙයක්ම ඉස්සරහ ජීවිතේ අසරණ උනා වගෙ තේරුනේ මන් උබ එක්ක ඉන්න මවපු හීන වල උබ වෙන එකෙක් එක්ක ඉද්දි ඉරිසියාවකට එහා ගියපු හිත උබම ඉල්ලන හැගීමක් මට දැනුන නිසා

උඹේ හිතම පාරන වචන ඉස්සරහ අසරණ වෙද්දි කිසිම කතාවක් නැතුව කියාගන්න කිසිම දෙයක් නැති කොට හිත ආයෙමත් යන්නෙ උඹ එක්ක මවපු හීන වලට

මම බෞද්ධ මට උඹ හම්බවෙන්නෙ හරි අපූරු විදියකට.සමහර හමුවීම් තියෙනව ජීවිතේම ජීවත් කරවන මතක අමතක නොකරන.

ඉස්සර මගෙ ලොකුම ආසවක් තිබුනා කොහෙ හරි කන්දක් මුදුනෙ තියන පල්ලියකට වෙලා ඉරිද දේව මෙහෙය අහගෙන නිදහසේ ගෙවලා දන්න.

දවසක් මුහුද අයිනෙ තියන ලස්සනම පල්ලියක් හොයාගෙන යන්න යාලුවො ටිකත් එක්ක පිටත් උනෙ ඉරිදා දවස සතුටින් ගෙවලා දාන්න හිතාගෙන.පල්ලියෙ දේව මෙහෙයට ආපු මට උඹව හම්බවෙන්නෙ හරිම අහම්බෙන් එත් දවස් දෙක තුනක් පල්ලි ගමනකින් පස්සෙ යාලුවොන්ගෙ සපෝට් එකෙන් මට උඹට ලන් වෙන්න පුලුවන් උනෙ ජීවිතේම ලැබුනා කියල දැනෙන දවසක…….

දවස් කීපයක් පල්ලියෙ දේව මෙහෙයෙන් පස්සෙ උඹ එක්ක කතාබහ කරපුව මට තාම අද වගෙ මතකයි…….

“❤ඔයා අපේ ආගමෙද?”

“නෑ අනෙ මන් බෞද්ධ”

“❤එහෙනම් පල්ලි එන්නෙ?”

“ඒත් මන් ආසයි පල්ලි එන්න.”

“❤ඔයානම් මාර කොල්ලෙක්”

“ආදරේට ආගම් බේදයක් නෑ මන් කිවුවෙ එහෙම”

කාලයක් උඹ එක්ක සතුටින් ආදරෙන් ගෙවුන හැම දවසක්ම මට අමතක නොවෙන තරම්.සතියෙ හැම දවසක්ම ගෙවිල ඉරිදා වෙනකන් බලන් ඉන්නෙ ඉරිද පල්ලියෙදි උඹව බලන්න පුළුවන් වෙන නිසා.

නත්තල් ලග එද්දි අපේ උන්ගෙන් පාටි ඉල්ලලා කෙරෙන කරදර අස්සෙ ඒ කාලෙ ජීවිතේ සතුටින්ම ගෙවුවෙ උඹ එක්ක මුලු ජීවිතේම නිදහසේ ගෙවන්න හීන මවාගෙන.

“❤ඔයාට අපේ ආගමට එන්න බැරිද ?”

“ඇයි සුදු නෝනා එහෙම අහන්නෙ.”

“අපේ ගෙදරින් මට බල කරනවා වෙන ආගමක කෙනෙක් හොයාගන්න එපා කියලා.”

“අපි පැනලා යමු ”

“❤අපේ ගෙදර ඉන්නෙ මන් විතරයි අයියෙ තාත්තලා ලොකු බලාපොරොත්තු තියන් ඉන්නෙ මන් ගැන.ඒ අයට දුකක් දෙන්න මට කවදාවත් බෑ.”

කියපු වචනෙ ගැන හිතින්ම පසු තැවෙන අතරෙ කියන්න පුලුවන් උනෙ මෙච්චරයි.

“ඒක මට තේරෙනව මැණික. එහෙම දෙයක් අහපු එක ගැන මට සමාවෙන්න”

“❤කවදක හරි අපි දෙන්නට දෙන්නා කොහෙදි මග ඇරුනොත් මට සමාවෙන්න රත්තරන්.මන් හැමදාම ආදරෙයි.”

උඹ එදා කිවුවෙ එහෙම

එදා පල්ලියෙ ගමනින් පස්සෙ මට උබව කවදාවත් දකින්න නොලැබෙයි කියල හිතුවෙවත් නැති උනත් උබ කිවුව කතාව හිතේ තියාගෙන ආපස්සට ගෙදර එන්න පිටත් උනෙ හීන ලෝකෙම කඩන් වැටුන වෙලාවක.

එදයින් පස්සෙ උඹෙන් එන පුරුදු කොල් මග ඇරෙද්දි ආදරේ අඩුවෙද්දි
උඹම හොයල හිත වෙහෙසෙද්දි උඹ මාව මග අරිනවා දනුනත් හිත උඹම ඉල්ලද්දි බැරිම තැන මන් උඹ හොයාගෙන ආයෙම පල්ලියට එන්නෙ ඉරිද දවසක.

“❤අයියේ”

“ඇයි මාව මග අරින්නෙ.”

දාහක් දේ හිතේ තියේගෙන මන් කෙලින්ම ඇහුවෙ එහෙම.

“❤සමාවෙන්න අයියේ.”

“මට ගෙදරින් අපේ ආගමේම ළමයෙක් බලලා අම්මලා බල කරනවා.එයාව බදින්න කියලා.”

හීන ලොකෙම උඹ ඉස්සරහ කඩාගෙන වැටෙද්දි කවදාවත් හිතුවෙ නැති දේවල් ඇස් ඉස්සරහම ගෙවිලා යද්දි වෙනස් නොවෙයි කියල හිතපු උබ ඇස් ඉස්සරහම වෙනස් වෙන වග දැනෙද්දි දැනෙන ලොකුම වේදනාවක් එක්ක කතා කරගන්න පුලුවන් උනේ වචන කීපයයි.

“මාව අමතක කරන්න පුලුවන්ද?”

කදුළු පුරවගත්ත මූනෙන් උඹ මාව තදින්ම බදාගෙන.මගෙ පපුවට තුරුල් උනේ කිසිම වචනයක්වත් කතා කරන්නෙ නැතුව.

එහෙන් පවුලෙ අය උඹට කිසිම නිදහසක් නොදෙද්දි පවුලෙ එකම දරුව උන උඹ ගැන දාහක් බලාපොරොත්තුවෙන් ඒ අය කල් ගෙවද්දි හැගීම් වලට ඉඩ දීලා
තීරණ ගන්නවට වඩා හෑමදේකින්ම හොද තීරණයක් උඹ ගත්තබව මම දැනගෙන උඹට මගේ ජීවිතෙන් අයින් නොවුනත් දුරට යන්න ඉඩ දුන්නෙ කවදාවත් අමතක නොවෙන් මතක පිරුන ආදරයක් උඹෙත් මගෙත් හිතේ ඉතුරු කරගෙන…….

උඹෙත් මගෙත් ආදර කතාවෙ අන්තිම දවස උඹ මගේ තුරුලටම වෙලා කදුළු පුරවගෙන ගෙවෙද්දි මාත් උඹේ නලලට බර වෙලා ඔහෙ ඈත බාලාගෙන දවස ගෙවුවෙ කරකියා ගන්නම දෙය නැති තෑන……..

“❤මට සමාවෙන්න රත්තරන්.මේක නොගෙනම බැරි තිරණයක්.”

“කවදාවත් මට ඔයාගෙ ආදරෙ අමතක වෙන එකක් නැ අයියෙ.”

“❤මටත් රත්තරන්.හැම නත්තලකදිම මට උඹව මතක් වෙයි.”

එදයින් පස්සෙ මුන නොගැහුන කතාවත් නොකල උබෙ පුරුදු ඇමතුම පුරුදු කටහඩ ආයෙම

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

“❤අයියෙ ඇයි කතා නැත්තෙ.මොනව හරි කියන්න රත්තරන්.”

හිත නිවන කතාව ආයෙම

“❤මට සමාවෙන්න රත්තරන්
මට අයෙ ගන්න වෙන එකක් නෑ මට වඩා ලස්සන කෙල්ලෙක් බැදල මට ඉරිසියා හිතෙන විදියට ඉන්න ඕන.මන් ඔයා ගැන හොයන එකනම් නවත්තන්නෙ නෑ.”

“මම නෙමේ ඔයා මන් කියල දිපූ හැමදේම හිතෙ තියාගෙන ලස්සනට ජිවත් වෙන්න මම.උඹට අන්තිමට කිවුවෙ එහෙම.”

“❤මතකද අර ඒ කාලෙ පල්ලියෙදි ඔයා පස්සෙ ආව කෙල්ල.”

“නැට්ටිච්චි.”

ඒ කාලෙ පල්ලියෙ උනු කතාවකට දෙන්නම මදි නොකියන්න හිනා වෙලා ආයෙම පරන දේවල් මතක් වෙද්දි.

“හැමදාම සතුටින් ඉන්න අයියෙ”
උඹ කිවුවෙ එහෙම.

“මම ආයෙ මැරුනත් සතුටින් ඉන්න එකක් නෑ රත්තරන්.හිතෙ තියන දේ උඹ ඉස්සරහ අසිහියෙන් වගේ කියවෙද්දි”

කැඩුන කටහඬකින් උඹ කතා කළේ හිතම රිද්දගෙන.

වචනෙකින් හරි උඹේ හිත අන්තිම මොහොතෙ රිදුන එක ගැන දුක් වෙද්දි.

“❤අයියො මට මේවනම් සාප වෙයි”

උබ එහෙම කියද්දි උඹ දුකින් ඉන්න බව තේරුන නිසා.කතාව ආයෙම මග ඇරියෙ වෙන කතාවක් ඇදගෙන………

“❤මම තියන්නම් රත්තරන්.පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම.”

“ඔයා තමයි මගෙ ජීවිතේ මට ලැබුන හොදම කෙනා.”

“මගෙත් රත්තරන්.”

“ගොඩක් පින් ඒ කාලෙ මගෙ ජිවිතෙ ලස්සන කලාට හැමදාම ආදරෙයි.”

“❤අපි අපේම වෙන දවසක් එයි අන්න එදාටනම්.එකෙක්ටවත් දෙන්නෙ නෑ ඔයාව………”

“මන් තියන්නම්.හැමදාම ආදරෙයි රත්තරන්.
පරිසමින් සතුටින් ඉන්න සදහටම.”

“මාත් ආදරෙයි රත්තරන් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න සඳහටම.”

කාලය ඉනාවක් උන කටහඬ ආයෙම ඇහිල හිත පැරෙද්දි දාහක් මතක් හිත අස්සෙ කැරකෙද්දි.උඹ එක්ක මතක එකින් එක හිතට එද්දි……..

පුරුදු කටහඬ නැතුව ආයෙම පාලු දැනෙද්දි…….

ආයෙම කාලෙකින් පල්ලිය හොයන් ගියෙ අසිහියෙන් වගෙ පුරුද්දට උඹයි මායි හැමදාම වාඩිවෙන බන්කුවෙ ඉදගෙන හිත නිදහස් වෙනකන් පල්ලියෙම හවස් වෙනකන් ගෙවුවෙ පල්ලියේ උඹ එක්ක ගෙවුන මතක හිත පාරවන නිසා………..

උඹ ඒ කලෙ මට කියපු කතාවක් හිතට එද්දිම ආපහු ගෙදර එන්න හැරුනෙ කොහේ හරි උඹ සතුටකින් මගේ ජීවිතේ සතුටත් එ්කම නිසා.

“❤අපෙ මතක වලින් අපේ ජීවිතේ ඉතුරු කාලෙ සතුටින් ගෙවෙයි අයියේ .”

“ඇත්තටම සුදු නෝනා ඒ කාලෙ හිතම පිරුන මතක වලින් අපේ ජීවිත කාලෙ සතුටින්ම ගෙවෙයි……”

පුරුදු කටහඬ හීන පුළුවන්
ආයෙමත් ලං වූ හැටී
පුරුදු විදියට ඈත් එක්කම
ආයෙ දොඬමලු වූ හැටී

හීන පුරවන හිනාවෙන්
හිත් ඉනාවෙන් පිරවූ හැටී
පුරුදු මතකය හිතේ රදවන්
හිතම අරගෙන ගිය හැටී

සත්‍ය කතාවකි.❤️

#සුදු නෝනා නොගිහිම්ම බැරි නිසා නොකියාම යන්න යමි❤️

#නොරිදවා නොරිදවී ජිවත් වෙන්න
#තරී ❤️

18 thoughts on “පල්ලියෙ කතාව♥ | කෙටිකතා |කතා අහුර රචක තරගය 2020”

    1. ..Sandashen..

      කතව ගොඩක් ලස්සනයි …..සත්තයි හිත රිදුණා කතව කියවද්දී…හරියට ඒ කතව මට වුනා වගේ දැනුනා …..??????????

  1. කතාව ගොඩාාාරියක් ලස්සනයි අයියේ… ආදරේට ආදරේ කරන්න හිතෙන කතාවක්… ආදරේ කියන්නේ ලබා ගැනිමම නොව පරිත්‍යාගය ද ආදරයයි…
    පරෙස්සමින් සතුටින් ඉන්න… තවත් මේ වගේ කතා ගොඩක් ගේන්න…

  2. උක්කූං පුතා(SuMi )

    ඇත්තටම සුපිරි කතාවක් මේ මටම දීලා තියෙනවා ඔයා කොහොමත් දක්ෂයි නේ කතා ලියන්න ඇත්තටම පට්ට ජයවේවා ඔයාට

  3. නයෝ මධූ

    කතාව මාර ලස්සනයි නංගියෝ. ආදරේ මහ ගොඩක් දීලත් එකතු වෙන්න බැරි මේ වගේ කතාත් ගොඩක් ඇති මේ සමාජේ. ඒක මාරම දෙයක්.

  4. නිරෝෂා ලක්මාලි

    මාරම ලස්සනයි. ආදරෙත් හරි පුදුමාකාරයි. මේ විදිහට ආදරේ කරලා වෙන්වුණ අය කොයිතරම් නම් ඇතිද. ගෙදරද ආදරේද කොයිතරම් අසරණ වෙන මොහොතක්ද. කාටවත්ම මෙහෙම දේවල් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  5. අනේ කතාව හරි ලස්සනයි …ඒවගේම දුකයි..මගේ කතාවත් ඔය වගේ තමා…ඒත් මං පැරදුනේ නෑ….තව කතා ලියන්න

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.