Katha Ahura

සූරියකන්දේ අභිරහස (09. කොටස)

5/5 - (2 votes)

සූරියකන්දේ අභිරහස ?️
(09. කොටස)

පෙර දින රාත්‍රියේ දැනුම් දුන් පරිදි රක්වාන පොලිස් මුලස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු වතුයායට පැමිණ සිටි අතර උදෑසන අටට පමණ ස.පො.අධිකාරිවරයා හා සැරයන් විජයරත්න ඇතුලු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සමඟ වතුයාය තුල ඇති සියලුම ස්ථානයන් පරික්ෂාවට ලක් කිරීම ආරම්භ කලේය. ඔවුන් එක් ලයිම් පේළියක් නෑර පරික්ෂාවට ලක් කරන්නට විය. ඒ අතර ඔවුන් ගමන් කරමින් සිටියේ ගරා වැටුණු කුඩා නිවසක් අසළින්ය.
යමෙකු නිවස තුල සිට ගමන් කරනා ඡායාවක් එකවරම ස.පො.අධිකාරිවරයාගේ නෙත ගැටේ.. ඔහු ගිනි අවිය අමෝරාගෙන නිවස තුලට ගමන් කලේ කිසිදු ශබ්දයක් නෑසෙන පරිදිය.
” කවුද තමුසෙ?”
තරමක් හඬින් පැවසූ දෙයට සැරයන් විජයරත්න ඇතුලු නිළධාරීන් දෙදෙනාද ඔහු සිටි තැනට පැමිණියේය. ඔවුන් අසල සිටියේ දින දෙකකට පෙර තමා දුටු වැරහැලි ඇඳගත් මිනිසාය ගිනි අවිය හිසට එල්ල වූ නිසාදෝ ඔහු බිය වී සිටි බවක් පෙනුනි..
” අදීශ ඔය මනුස්සයා ගොළුයි … මිනිහා පාඩුවේ ඉන්න අහංසකයා..අපි යමු”
සැරයන් විජයරත්න ස්ථීරව පවසද්දී තවත් ඒ හිඟන මිනිසා සමඟ කාලය ගත කිරීම ඵලක් නොවේ යැයි දැනුනු ස.පො.අධිකාරිවරයා නැවත කරමින් සිටි කාර්යයට අවතීර්ණ විය.
⚡ ⚡ ⚡

එක තත්පරයක් අපතේ නොයවා මහාචාර්යවරයා හා වෛද්‍යවරිය පරීක්ෂණ කටයුතු වල නියැලී සිටියේය.. වෛද්‍ය ජීවිතයේදී අත්දැකීම් රාශියක් තිබුනද මහචාර්යවරයාට වතුයායේ පැතිර යන මෙම රෝගය මහත් ප්‍රහේලිකාවක් බවට පත්ව තිබුනි. එම තත්වය බැරෑරුම් වූයේ තවත් පුද්ගලයෙකු එම රෝගය වැළඳී රෝහල්ගත කල බැවිනි..
” සර්, අපි⁣ට මේ ලෙඩේ ගැන තියෙන එකම සාක්ෂිය තමයි මේ ⁣ලා කොල පාට පැච් එක .. මොකද මේ ලෙඩේ හැදුන හැම කෙනෙක්ගෙම මූනෙ එක පැත්තක් ලා කොල පැහැයට හැරෙනවා. ඒ කියන්නෙ යම්කිසි විෂක් ශරීරගත වෙලා තියෙනවා”
” අවන්ති , මගේ සේවා කාලය දැන් අවුරුදු විස්සකටත් වඩා වැඩියි. ඒත් මම මේ වගේ ලෙඩක් කවදාවත් දැකලා නෑ. අපි මුලින්ම හොයාගන්න ඕන මේ විෂ ශරීරගත වෙන්නෙ කොහොමද කියලා”
” සර් හොස්ටල් එකේ ඉන්න හැම ලෙඩෙක්ම වැටිලා ඉඳලා තියෙන්නෙ තුන්වෙනි ලයිම් පේලිය කිට්ටුව තමයි.. අද උදේ ඉඳලා ටීම් එකක් ඒ ප්ලේස් එකට දුම ගහනවා. අපි තීරණය කලා තුන්වෙනි ලයිම් පේලියේ අය පිටතට එන එක තහනම් කරන්න.”
ඔවුන්⁣ගේ කතාව අවසානයේ සැරයන් විජයරත්න පැවසුවේය.

මේ අතර වතුයායේ තුන්වන ලයිමේ පදිංචිව සිටින ජනයාට ඔවුන් සිටින ස්ථානයටම ආහාර පාන ලබා දීමට තීරණය කල තිබූ අතර පොලිස් නිළධාරීන් කිහිප දෙනෙක්ද ලයිම අවට යොදා තිබුනි.. එම ලයිමේ කිසිවෙකුට පිටතට යාමට හා පිටත සිටින අයට ඒ අසල ගැවසීමට තහනම් කර තිබුනි.

අසාධ්‍ය තත්වයේ සිටි කුඩා දරුවෙකුට එන්නතක් ලබා දී පරීක්ෂණ කුටියට යත්ම වෛද්‍ය අවන්ති දුටුවේ පුද්ගලයෙකු ඔසවාගෙන එන පිරිසකි.. වහා ඇය තවත් හෙදියන් දෙදෙනෙකු සමඟ ගොස් ඔහුව ට්‍රොලියක් මත තැබීය.
” මෙයාට මොකද වුනේ?”
ඇය සිහිසුන්ව සිටි පුද්ගලයා රැගෙන ආ අයෙකුගෙන් ඇසීය.
” අපි දුම ගහන ගමන් හිටියෙ ⁣⁣මම තුනේ පල්ලෙහා හිටියේ මෙයා උඩහට ගියා මම ගිහින් බලනකොට මෙයා වැටිලා හිටියා”
වෛද්‍යවරිය තවදුරටත් ඔහුව පරික්ෂා කිරීමේදී දුටුවේ මුහුණේ එක් පැත්තක් ලා කොල පැහැයට හැරී ඇති අයුරුයි..
” ශානි, ඉක්මනට මෙයාව ඇඳකට අරන් යන්න”
ඇය හෙදියකට පවසා මහාචාර්යවරයාට දුරකථන ඇමතුමක් ගත්තේය.
? ? ?

දහවල් ආහාරයද මඟහැර දමා වතුර උගුරක්වත් නොබී මුළු වතුයායම සෝදිසියට ලක් කර අවසන් වූ ස.පො.අධිකාරිවරයා ගිනි අවිය මෝටර් රථයෙන් තබා අසළ වූ ගසක් යටින් වාඩි වූයේය. ඔහුට පිටුපසින් ඇසුනේ තරමක් සුපුරුදු කටහඩකි ඒ චාපාය.. ඇය කටපුරා සිනහවක් පාමින් අදීශ අසලට පැමිණියේ.
” කාර් එක නවත්තලා තියෙනවා දැකලා ආවේ… මොකද අනේ මේ ඇඟපුරාම දාඩිය”
මුළු ගතම දහදියෙන් නැහැවී තිබුනු අදීශ දෙස බලා ඔහු අසලින් වාඩි වෙන අතරතුර ඇසුවේය.
” අද එස්ටේට් එකේ අස්සක් මුල්ලක් නෑර චෙක් කරා… දැන් තමයි රෙස්ට් එකක් ගත්තෙ”
” සර් අපි ලන්ච් එක ගන්න යමුද?”
” ඔයාලා යන්න , මට දැන් කන්න බෑ”
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ඉල්ලීමට පිළිතුරු දුන් අදීශ වතුර ⁣බෝතලය ගෙන උගුරක් බීවේය.
” ඔයා තාම ලන්ච් එක ගත්තෙ නැද්ද”
” නෑ , මට ඕන වෙලා තිබුනේ අද කොහොම හරි මේ වැඩේ ඉවරයක් කරන්න ”
” බඩගින්නෙ ඉන්න එපා ළමයෝ… එන්න අපි යමු ”
” කොහෙද?”
ස.පො.අධිකාරිවරයාගේ අතින් අල්ලාගෙන සිටි චාපාගෙන් ඔහු සිනාසී ඇසුවේය.
” අපේ ගෙදර, අම්මා කෑමක් හැදුවා .”
” තැන්ක් යූ චාපා… මම දැන් යන්න ඕන මට පරක්කුයි ”
” දැන් මෙච්චර වෙලා හිටියා මම ආවා විතරයි පරක්කු වුනා.. ඔයා එන්නම ඕන අද… ”
ඇය අදීශගේ අතින් අල්ලාගෙන විත් ඔහුගේ මෝටර් රථයේ ඉදිරිපස අසුනේ වාඩි කලේය.. පසුව මෝටර් රථය පණගන්වා අැයගේ නිවසට ධාවනය කලේ ස.පො.අධිකාරිවරයා මවිතයට පත් කරමිනි.
*********************……………………………………….**************

?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

8 thoughts on “සූරියකන්දේ අභිරහස (09. කොටස)”

  1. ටිකක් ගැඹුරින් හිතන්න ඕන කතාවක් වගේ …. අර ගොළු මනුස්සයා මොනවම හරි දන්නවා… එයා ඇත්තටම ගොළුද කියලත් සාධාරණ සැකයක් එනවා…

    කොයි මේ නාලක… එයා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ… මුදලාලි නොනගෙන් එදා අහපු ප්‍රශ්නත් එක්ක එයා පොලිසියේ කියලා හිතුනා.. ඒත් දැන් එයා කෝ…

    මේ කොළ පාට පැච් එකනම් හිතා ගන්න බැ… මේ මොකෙක් හරි සතෙක් හින්දා වෙන දෙයක්ද දන් නැ… කවුරු හරි විද්‍යාඥයෙක් හදපු වෛරස් එකක් සතෙක්ගේ ඇගට දාලා ඒ සතා මිනිහෙක්ව කැවම හැදෙනවද කියලා මට හිතෙනවා…

    බොතල් දෙක තුනක්වත් බිලා හිතන්න ඕන කතාවක් මේක නම්… සුපිරිම සුපිරි කතාවක්… සුභ පතනවා අයියලා… තව ඉස්සරහට අපිව තවත් අමාරුවේ දාලා කතාව ලස්සනට ලියන්නෝ…
    තෙරුවන් සරණයි ඔයාලට…

  2. අයියෝ…. හිතා ගන්න බැහැ ….. මම නම් හිතන්නේ මෙතන හිතන්න ගොඩක් දේවල් තියෙනවා….ම්ම්ම්…. මේ ලෙඩේ මොකද්ද ඒක පැතිරෙන්නේ කොහොමද …. අනේ මන්දා… ඔයා තමයි දන්නේ ඉතින්…
    කතාව නම් එල….???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.