Katha Ahura

පා සළඹේ හඩ | ? 05 ? | හොල්මන් කතා

3.9/5 - (20 votes)

පා සළඹේ හඩ ? 05 ?

මම වැටුන පාරට දිය යටට ගිහිල්ලා උඩට එද්දී ඒ රුව එතන හිටියේ නෑ..

ළිදේ වතුර තිබ්බේ ළිං බැම්මේ ඉදලා අඩි පහලවක් විස්ස්ක් විතර පහලින්. මට තනියම ගොඩවෙන්න හිතන්නවත් බෑ…

” කවුරුවත් නැද්දෝ….”

මම ළිදේ ඉදලා උදව් ඉල්ලල කෑගැහුවා. ඒත් ඒක බොරු දෙයක් වෙන්න ඇතී. මේ පාලු වත්තේ ඉදලා කෑගහන මගේ හඩ කාට ඇහෙන්නද.

ඒත් මගේ වෙලාවට කාට හරි ඇහෙයිද කියලා මම කෑගැහුවා.

ටික වෙලාවකින් මම දැක්ක ළිදට කවුරුහරි කෙනෙක් එබෙනවා. ඒ රුව දකිද්දියි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ. ළිදට එබීගෙන උන්නේ සිත්මාල්.

” කොහොමද ළිදට වැටුනේ…”

ඔහු ඇහුවෙ කලබලෙන්.

” කවුරුහරි කෙනෙක් මාව ළිදට උස්සල දැම්මා….”

” ඈ…..ඒ ඒ කවුද….”

මම එහෙම දෙයක් කිව්වට පස්සේ සිත්මාල් මගෙන් ඇහුවේ වටේටම ඇස් යවමින්.

“දන්නේ නෑ. මාව මේකෙන් ගොඩට ගන්ඩ බලන්ඩ…”

” පොඩ්ඩක් ඔහොම ගිලෙන්නේ නැතුව පීන පීන ඉන්ඩ..”

කියපු සිත්මාල් එතනින් නොපෙනී ගියා.ටිකවෙලාවකින් ඔහු කඹයක් අරන් ඇවිල්ලා ළිදට දැම්මා.

” ඔය කඹේ එල්ලිලා ගොඩට එන්න පුලුවන්නේ….මම ගහක ගැට ගහලා තියෙන්නේ ”

” පුලුවන් ”

කියපු මම අමාරුවෙන් කඹේ උදව්වෙන් ගොඩට ආවා…

” අම්මෝ සිත්මාල් ආවේ නැත්නම් මම වතුර පෙවිලා මැරෙනවා……සිත්මාල් ආවේ වෙලාවට ”

මම කිව්වේ හති ඇර ඇර.

” මගේ බාට දෙක මේ වත්තේ බැරිවෙලා ගිහිල්ලා ඒක අරන් යන්න ආපහු එද්දියි මට මෙහෙම කෑගැහිල්ලක් ඇහුනේ. මාත් බයවුනා. ගමේ අය කියන විදිහට මේ ඇහෙන්නෙත් අර වගේ හඩ්ක්ද කියලත් ඒත් මට බලන්න හිතුනා. එතකොටයි අයියා ළිදේ ඉන්න හැටි දැක්කේ….. කවුද මෙහෙම දෙයක් කලේ..”

” දන්නේ නෑ , ඒත් එයා ගෑණූ කෙනෙක්…”

” ගෑනු කෙනෙක් ,පිස්සු කෙනෙක්වත්ද ”

සිත්මාල්ගේ හඩේ තිබ්බේ පුදුමයක්.

” දන්නේ නෑ…එහෙම අය මේ ගමේ ඉන්නවද ”

” පිස්සු මැගී නැන්දා කියලා කෙනෙක්නම් ඉන්නවා ඒත් එයා මේ පැත්තට එන්නේ නෑ…..”

සිත්මාල් කිව්වේ ගොඩක් කල්පනා කරලා අවසානේ. ඒත් මගේ හිතනම් කිව්වේ ඒ පිස්සු මැගී කෙනා නෙමේ කියලමයි. මට මතක් වුනේ අර පාලූ ගේ ඇතුලින් මම දැක්ක අර බිහිසුණු දිවේ අයිතිකාරියද ?

??????????????????????

සිත්මාල්ගේ උදව්වෙන් දිග ලීයකට කෙක්කක් බැදලා ළිදට වැටුන පනිට්ටුව අපි ගොඩට ගත්තා. ඔහු යන්න ගියේ මම රෙදි හෝදලා වැලේ වැනුවටත් පස්සෙයි.

මට උන දේත් එක්ක ආයේ මට අර පාසලඹ ගැනත් අමතක වෙලා තිබ්බේ.

කවිශ්කත් එදා හවස් වෙද්දී මම හිටිය ගෙදරට ආවා. ආපු වෙලාවේ ඉදලා කවිශ්ක පොඩ්ඩක් හිටියේ කලබලෙන් වගේ.

” ඇයී.. ”

මම ඇහුවේ ඔහුගේ කලබලය මට ලොකු ප්‍රෙහේලිකාවක් වෙලා තිබ්බ නිසා.

” නෑ බං මට නිකම්.දැනුනා කවුරුහරි මගෙ පස්සෙන් ආවද කියල බං”

” ඒ කිව්වේ……”

මට පලමුව සිතුනේ මට උන අද්භූත දේවල් හින්දම කවිෂ්ක පස්සේ ත් අර මම ලිදට දැම්ම වගේ අද්භූත කාන්තාවක් ආවාදෝ සැකයක් තියාගෙන.

” අද මම එද්දි මට දැනුනේ බයික් කාරයෝ වගයක් මගේ පස්සෙන් ආවාවත්ද කියලා…”

” ඒ කිව්වේ බං…”

” මං යන්නේ කොහෙද කියලා හොයාගන්න වගේ…උන් මං පස්සේ පැන්නුවද මංදා..”

” ඉතින් කෝ දැන් උන්..”

” මට සැක හිතිලා ඉක්මනට වේගෙන් ඇවිල්ලා අතුරු පාරක, බයික් එක දාල ඒ පාරෙ ආවේ. ඊට පස්සේ උන්ව දැක්කෙ නෑ….”

කවිශ්ක කියන්න යන දේ ගැන මට පොඩි ඉගියක් දැනුනා. කලින් ගෙදර ඉන්න්කොට ගෙට පැනපු උන් මම ඉන්නේ කොහෙද කියලා හොයාගන්න කවිශ්ක පස්සේ පන්නන්න ඇත්ද ????

?????????????????????

කවිශ්ක එදා ඇවිල්ලා තිබ්බේ මාත් එක්ක එදා රෑ නවතින්න හිතාගෙන..ඒ හින්දා අද රෑ නම් මට මේ ගෙයි ඉන්න බයක් හිතුනේ නෑ. කලින් ගෙදර තිබ්බ මගේ ඇදුම් පැලදුම් ඒවත් එදා එද්දී අරන් ඇවිල්ලා තිබ්බා. මං උදේ කතාකරලා කිව්ව විදිහටම කවිශ්ක පිරිත් තියෙන පොතකුත් ඒ එක්කම අරන් ඇවිල්ල්ල ත්තිබ්බා.

” නාගන්න ඕනා.. බං , දාඩිය දාලා හොදටම , උබ නාන්නේ කොහෙන්ද මාර උශ්නයක්නේ තියෙන්නේ ”

කවිශ්ක ඒක මගෙන් ඇහුවේ ඔහු මේ ගෙදරට ඇවිල්ල පැයක් විතර ගියාට පස්සේ. ඒ වෙද්දී සවස පහත් පහුවෙලා තිබ්බා.

” පිටිපස්සේ තියෙන ළිදෙන් තමා නාන්නේ….”

” යන්ද ඒ පැත්තට ඇගට වතුර ටිකක් දාගෙන එන්න…”

කවිශ්ක අහද්දී ඒ ළිද ලගට යන්න මට බයකුත් දැනුනා. ඒ අද මට වුන අර දේ සිහිවෙලා. මට එහෙම දෙයක් වුනා කියලා ඇගවෙන්න ඉගියක්වත් කවිෂ්කට දුන්නේ නෑ.

“හා එහෙනම් යමූ…”

මම ඔහුව එක්කගෙන ඒ ළිද පැත්තට ගියේ ඕනෑකමින් වටපිටත් බලන ගමන්මයී.

කවිශ්කයි මායි නාලා ඉවරවෙනකම්ම නම් කිසිම අද්භූත දෙයක් වුනේ නෑ.

” මම දැනට උබෙ අර කලිසම ඇදගන්නම්… ”

නාල ඉවරවුන කවිෂ්ක ගියේ අද උදේ හෝදලා වැලෙ වනලා තිබ්බ මගේ කලිසමක් දිහාට. ඒක ඇතුලේ තමා අංශුගේ පාසළබත් ඇත්තේ.

” හහ් හ්හ් හා”

කවිශ්ක කලිසම ඇදගනිද්දීමයි ගැහණු කෙනෙක්ගේ වියරු හිනා හඩක් ඇහුනේ.. ඒක ඇහුනේ ලාවට ඈතීන් වගේ. මම එකපාරටම බැලුවේ කවිශ්ක දිහා. ඔහුගේ කලබල වුන වටපිට බලන මූනෙන් මට තේරුනේ ඔහුටත් ඒ වියරු හිනාහඩ ඇහිලා කියලා…..

” මොකක්ද බං ඒ ඇහුනේ උබට ඇහුනද කවුරුහරි කෙනෙක් හිනාවෙනවා..”

කවිශ්ක මගෙන් ඇහුවා. ඔහුගේ හැසිරීමෙන් මට තේරුනේ ඒ හඩට ඔහු සෑහෙන්න බයවෙලා බව.

” නෑ මට ඇහුනේ නෑ… ”

මම බොරුවක් කිව්වා.

” අඩේ මට කවුරුහරි හිනාවෙන හඩක් ඇහුනනේ.. හරියට නිකම් පිස්සු හැදිලා වගේ…”

” ආ මේ පැත්තේ ඉන්නවා පිස්සු මැගී කියල ගෑනු කෙනෙක්. එයා හිනාවෙන්න ඇති,මටත් කලින් ඔය හිනාව ඇහිලා තියෙනවා. එහෙම හිනාවෙන්නේ පිස්සු ගෑනු කෙනෙක් කියලා. අද උදේ මේ වත්තට බේත් කොලවගයක් කඩන්න ආවා මල්ලි කෙනෙක් කිව්වා.

මම කිව්වේ සිත්මාල් කිව්ව දේත් මතක්වෙලා. කවිශ්ක ළිද ලග ට වෙලා හිනාවේ අයිතිකාරයා හොයන්න වගේ වටේටම ඇස් යැවුවත් මටවත් ඔහුටවත් ඒ හිනාවේ අයිතිකාරයා හොයාගන්න බැරිවුනා.

??????????????????????

එදා රැය ගොඩක් සීතල දවසක් වෙලා තිබ්බා. ගෙයි වත්ත පැත්තේ තැනකින් බස්සෙක් කෑගහනවා…. ඉන් මගේ මුලු හිතටම දැනුනේ මුස්පේන්තු හැගීමක්.

” මේ ගේ රෑට හෙන පාලු මූසල පාටයි නේ…උබ බය වෙනවා කියන එකෙත් පුදුමෙකුත් නෑ බලපුහාම ”

කවිශ්ක කිව්වා. සමහර විට ඔහුටත් අර බස්සගේ හඩට ඒ වගේ හිතෙන්න ඇතී. ඒ වෙද්දී අපි දෙන්න හිටියේ රෑට මොනව හරි කන්න හදන්න ලෑස්තිවෙලා.

” ආ… උබ ට පෙන්නන්න බැරිවුනානේ මගේ කෙල්ලගේ මොන වගේද කියල ,හිටින්කෝ උබට එයාගේ පොටෝ එකක් පෙන්නන්ඩ ”

කියපු කවිශ්ක ඔහුගේ පෝන් එක අතට ගත්තා.

” කෝ ඉතින් ,මොකක්ද කෙල්ලගේ නම කිව්වේ , උබ එදා බයික් එකේ එද්දී කියද්දී මට හරියටම ඇහුනේ නෑ….”

මම එහෙම කියල ඔහු ඔබ ඔබා හිටිය පෝන් එකට එබුනා.

” මේ ඉන්නේ මගේ මල. එයාගේ නම ව….”

කවිශ්කට කියන්න ගිය දේ ඉවරකරන්න බැරිවුනා. ඊට කලින් මට දැනුනේ……..??????????????????ඊලග කොටසට ? පාසලඹේ හඩ

කතාව කියවන ලයික් කරන කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතීයි????

4 thoughts on “පා සළඹේ හඩ | ? 05 ? | හොල්මන් කතා”

  1. Ruwanthi Lakshani

    Onna ada issellama comment aka magen kathawa lassanai. Godak baya hithenawa. Oyage hekiyawa godak agaya karanawa oyata hadawathinam subapathanawa. A wagema apata me awasthawa labadena katha ahurata hadawathinma subapathanawa.

  2. Hashini Navanjana.

    අයියෝ… හොඳම හරියෙන් නැවැත්තුවා නේද… ???
    එහෙම කරලා ඔයා සතුටින් ඉන්නකෝ… හොඳද රාස්ස්ස්ස්ස්ස්ස්ස්…. ????
    දැන් ඉතිම් අනිද්දා වෙනකල් බලන් ඉන්න එපැයි මොකද උනේ බලන්න. ???
    කවිශ්ක පෙන්නන්න යන ෆොටෝ එකේ ඉන්නේ අංශු වත්ද… ??? නැත්නම් මුල්ම දවසේ අංශු එක්ක ඉදිය යාලුවා වත්ද… ඒක බලමු නේද අනිද්දට. ☺️☺️☺️
    කතාව නම් ටොප් ඈ….. ??? නියමට ලියලා තියෙනවා…
    දැන් නිකන් පිස්සු වගේ මට. අනිත් කොටස කියවනකන්.. ????
    ඒ තරම් ගොඩක් ආසාවෙන් කියවනවා…. දිගටම ලියන්න.
    Best of luck…. ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.