Katha Ahura

පා සළඹේ හඩ | ? 06 කොටස ? |හොල්මන් කතා

5/5 - (1 vote)

ඊට කලින් මට දැනුනේ එකපාරටම හුලගේ වේගය වැඩි වුනා වගේ හැගීමක්.

ගේ පිටිපස්සේ තිබ්බ තහඩු ගහලා තිබ්බ මඩුවේ තහඩු පවා ගැලවෙන්න තරම් ඒ හුලග ප්‍රබල වෙලාතිබ්බා.

” ජරබරාස් ”

ගේ කිට්ටුවම තිබ්බ ගහක අත්තක් කඩන් වැටුනේ මහ හඩක් නගමින්. ඒත් එක්කම මට ඇහුනේ කවිශ්කගේ පෝන් එකේ බැට්‍රිය බහින්න ලංවෙද්දී ඇහෙන හඩ.

” මොකක්ද බං එකපාරටම උනේ….ශික් මගේ පෝන් එකේ බැට්‍රියත් බැස්සා…ඒක නෙමේ උබට ඇහුනද ඒක….”

කවිශ්ක එහෙම කියල නැගිට්ටා.

” මොකක්ද ”

” නෑ මට ඇහුනා බං නිකම් කවුරුහරි කෙනෙක් මේ ගේ ලගින් ගියා වගේ. ඒ විතර්ක් නෙමේ ගිය කෙනා ලගින් අමුතු හඩකුත් ඇහුනා. හරියට නිකම් පාසලඹක් හොලවා හොලවා යද්දී ඇහෙන්නේ අන්න ඒ වගේ හඩක්..”

කවිශ්ක කියන දේවල් වලට මගේ හිතේ බය තවත් වැඩිවෙනවා. ඒත් මට ඒ වගේ හඩක් නම් ඇහුනේ නෑ…

” මට එහෙම හඩක් ඇහුනේ නෑ….නේ….”

කුස්සියේ දොරින් මිදුල බලන කවිශ්ක දිහා බලමින් මම කිව්වා.

” දැන් ඒ හඩ ඇහෙන්නේ නෑ…”

” උබට ශුවර්ද එහෙම හ
ඩක් ඇහුනා කියල ”

” ඔව් බං ශුවර් අර අත්ත කඩන් වැටුනේ අන්න ඒ එක්කම වගේ ඇහුනේ දැන් නෑ…”

” ඔන්න ඕක අමතක කරපං , අර හුලගට එල්ලල තිබ්බ පරණ වින්ඩ් චයිම් එක ක් වත් හෙලවුනාද දන්නේ නෑනෙ…ඕක අමතක කරලා මෙන්න මේ පොල් අඩලය ගාල දියන්…”

මට ඕන වුනේ කවිශ්කගේ අවදානය වෙන පැත්තකට යවන්නයි..ඔහුට නොකිව්වට පාසලඹක හඩක් ඇහුනා කිව්වට පස්සේ මටත් දැනුනේ බියක්.

” මම පෝන් එක චාජ් වෙන්න ගහලා එන්නම්. චාජ් වුනාම අරයව පෙන්නන්නම්..”

කියපු කවිශ්ක පෝන් එකත් අරන් එතනින් යන්න ගියා.

සෑහෙන්න වෙලාවක් ගියා. කුස්සියෙන් ගිය කවිශ්ක මම මාලු පින්නක් යේදලා ලිප උඩින් තියනකනුත් ආවේ නෑ…

“කවිශ්ක කෝ බන් උබ…”

මම ඔහුට කතා කලත් පිලිතුරක් ආවේ නෑ.

” මූට මොකක්ද වුනේ..”

හිතට කුතුහලයක් දැනෙද්දී මම කවිශ්ක හොයාගෙන ගේ පැත්තට ගියා. ඒත් කිසිම කාමරක ඔහු පෙන්න හිටියේ නෑ. ඔහුගේ පෝන් එකනම් චාජ් වෙන්න ප්ලග් එකකට ගහලා තිබ්බ. ඔහු අද නාලා ඇදපු මගේ කලිසමත් මම නිදාගන්න ඇද උඩ තිබ්බ හින්දා මට ඇතිවුනේ කුතුහලයක්.

“කෙහෙද කවිශ්ක ගියේ.. ”

මගේ හිතට දැනුනේ බියක්.

” කවිශ්ක ”

මම ඔහුගේ නම කියමින් ගේ හැමතැනම ගියත් පේන්න හිටියේ නැති නිසා එලියට බැස්සා.

එහෙම ඔහු හොයා වෙහෙසෙද්දියි මට ගේ ඇතුලේන් හඩක් ආවේ. මම හිතන්නේ කවිශ්ක ගේ පෝන් එකට කෝල් එකක් ඇවිල්ලා.

මම ඉක්මනට ඒ හඩ ඔස්සේ ගිහිල්ලා පෝන් එක අතට ගත්තා.

” කලු චූටී ”

කව්ශ්කට ඇමතුමක් දීලා තිබ්බේ එහෙම නමක් තිබ්බ කෙනෙක්. ඒ නමත් එක්ක පෝන් තිරෙ කලු චූටී කියන කෙනාගේ පොටෝ එකකුත් වැටිලා. යුවතියගේ පොටෝ එකක්.

මම ඕනෑකමින් ඒ රූපේ දිහා බලන් හිටියේ මේ ඒ පොටෝ එකේ ඉන්න කෙනා කලින් දැකලා තිබ්බ වගේ මතකයක් මට තිබ්බ නිසා.

ඔව් මට ඒ රූපේ දිහා බලන් ඉද්දී ඇයව එකපාරටම මතක් වුනා. ඒ පොටෝ එකේ හිටියේ අංශුගේ යාලුවා වංදනා වගේම රුවක් තිබ්බ කෙනෙක්.

මීට වසර තුනකට කලින් එදා අංශු ගගේ ගලකින් ගලකට පැන පැන යද්දි ඈ එක්ක ගිය වන්දානාත් මේ වගේමයි. ඒ කලු පැහයමයි. ඒත් මම දැනන් හිටියේ නෑ කවිශ්ක මේ වගේ කෙනෙක්ව අදුරනවා කියලවත්.

තාමත් පෝන් එක නද දෙන එක නැවතිලා නෑ. මම ඉක්මනට ඇයව ඇමතුවා.

” හෙලෝ කවී අයියේ මොකක්ද අප්පා ඔච්චරම පෝන් එක උස්සන්න වෙලා ගන්නේ.”

පෝන් එකෙන් ඇහුනේ තරහින් වගේ කතා කරන ගැහණු කටහඩක්.

” ඔඔ…ඔයා වන්දනාද……”

මම ඇහුවා. මට ඕනාවුනෙ මගේ කුතුහලය ඉක්මනට සන්සිදවා ගන්න. කවිශ්ක ගේ නැතුව මගේ වගේ නාදුනන කටහඩක් ඇහිලා වෙන්න ඇතී ඇයගෙන් ඒකට සෑහෙන්න වෙලාවක් යනකම් ප්‍රතිචාර ක් ආවේ නෑ. ඒත් ඇය පෝන් එක කට් කෙරුවෙත් නෑ.

” ඔයා කවුද..”

ටික වෙලාවකින් ඒ හඩ පෝන් එකින් ඇහුනා.

” මම කවිශ්කගේ හොදම යාලුවෙක් නිසල්ක….කියලා…”

” ආ මට මතකයි කවී අයියා ඔයාගැන කිව්වා. ඒත් ඒත් ඔයා කොහොමද මම වංදනාද කියලා ඇහුවේ.. ”

ඇයගෙ හඩේ තිබ්බේ සෑහෙන්න නොසන්සුන් බවක්.

” ඇයි ඔයා වංදනා නෙමේද….”

” මම වංදනා තමා…. ඒත් මට වංදනා කියලා කතා කලේ මුලු ලෝකෙන්ම දෙන්නෙක් විතරයි. ඒත් ඒ දෙන්නම”

ඇය ඒ දේ කියලා ඉවර කරන්න කලින් මට ඇහුනේ බිහිසුණු කෑගැහිල්ලක්. ඒ කෑගැහිල්ල ඇහුනේ වත්ත කෙලවරේ ඉදලා. වංදනා කියන දේවල්වලට මේ වෙද්දී මගේ අවදානය තිබ්බේම නෑ.

” එපා…….”

ආයෙම ඒ කැහිල්ල ඇහෙද්දී මම පෝන් එක තියලා ඒ හඩ ඔස්සේ ගියා. මගේ මන්සේ වැඩ කලේම කවිෂ්කව.

” දෙයියනේ කවිශ්කම තමා එහෙම කෑගහන්න ඇත්තේ.”

කවිශ්කව සෑහෙන්න වෙලාවක් දැකපු නැති නිසාම මට ඒ ගැන සෑහෙන්න විශ්වාස ක් තිබ්බා.

ඊයේ රෑ තිබ්බ අටවක සද නෙමේ අද අහසේ තියෙන්නේ. ඊටත් වඩා මදක් විශාල වෙලා නවවක සද පායලා තිබ්බා. ඒ එලියෙන් මම වත්ත පිටිපස්සට දුවන් ගියේ අර අඩ ඇහුනු පැත්ත හොයාගෙන.

” කවිශ්ක………. උබ කොහද…”

මම කෑගැහුවා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ වෙද්දී මම හිටියෙ කලින් රෑ අර අද්භූත තරුණිය සින්දු කිය කිය නටපු හරියේ.

” හහ් හහ් හා……”

එකපාරටම මට ඇහුනේ වියරු හිනා හඩක්. ඒ හඩ ඇහුනේ මම ගමන් කරපු තැන ඉහලින්. එතන තිබ්බේ විශාල ගසක්.

ඒත් එක්කම මගේ ඇගට මොනවා හරි තෙත දෙයක් වැටෙන්න පටන් ගත්තා. දිය බින්දු වැටෙනවා වගේ වැටුනූ ඒ වා අදුරගන්න මට වැඩිවෙලාවක් ගියේ නෑ.

විශ්වාස කරන්නත් බෑ. මාව හොදටම බය කරමින් ඒ වැටෙන්නේ ලේ.

” හහ් හහ් හා………”

ආයෙම අර වියරු හිනා හඩ ඉහලින් ඇහෙද්දී මම එකපාරටම ඉහල බැලුවා.????????????????????????ඊලග කොටසට ? පා සළඹේ හඩ

කතාව කියවන ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතීයි????

6 thoughts on “පා සළඹේ හඩ | ? 06 කොටස ? |හොල්මන් කතා”

  1. Hashini Navanjana.

    මං කිවුවා හරි නේද… අංශු නැත්නම් ඒ අංශුව මුලින්ම දැකපු දවසෙ එයත් එක්ක ඉදිය යාලුවා කියලා.. ??? අනේ කවිශ්ක මරන්න නම් එපා හොඳද රාස්ස්ස්ස්ස්ස්ස්ස්….. ???
    කතාව නම් සුපර්බ් ???? ගොඩක් බය හිතෙනවා. තවත් මේ වගේ ගොඩාක්ක්ක් බය ??? හිතෙන කොටසක් අරන් එන්නකෝ…. ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.