Katha Ahura

පා සළඹේ හඩ | ? 07 කොටස ? | හොල්මන් කතා

5/5 - (1 vote)

පා සළඹේ හඩ ? 07 කොටස ?

” අම්මෝ… ”

මට බයටම කියවුනේ දුටු දසුන ඒ තරම්ම බිහිසුණු නිසා. ගහක අත්තකින් පාතට එල්ලිලා තිබ්බේ තරුණයකුගේ මළ නිරුවත් මළ සිරුරක්. ඒ මළ සිරුරෙ බෙල්ලෙන් තමා අර මොනවා හරී වැක්කෙරෙන්නේ.

ඒ ලේ කියලා අනුමානය කරන්න මට ඒ තරම් වෙලාවක් ගියේනෑ. මළසිරුරෙ මූන කලුවර නිසා මට හරියටම පෙනුනේනෑ.

” ඒ කවිශ්ක ද….”

මට ඒ ගැන හිතෙද්දී ඇගටත් එක්ක මොකක්ද වෙනවා.

” නෑ නෑ… ඒ කවිශ්ක වෙන්න බෑ…”

මම එහෙමවත් කියලා හිත හදාගන්න බැලුවේ.

” චම් චම් චම්ම්ම්ම්…”

හොදටම බයවෙලා හිටිය මට එකපාරටම පිටිපස්සෙන් එහෙම හඩක් ඇහෙද්දී බය දෙගුන තෙගුන වුනා. ඒ පාසළඹක් නද දෙන හඩ.

හඩ ඇහෙද්දීම මම එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවා. උපන් තේකට මම දුටු බිහිසුණු ම දසුන මම ඉස්සරහට තිබ්බා.

ඔව් ඒ අතිබිහිසුන මූනක් තිබ්බ යක්ශනියක්.

එලියට නෙරලා වගේ තිබ්බ රත් පැහ ඇස්. කලුම කලි සම. බොකුටු හීසකෙස්, කටින් එලියට පැනලා තොල් පට ලෙව කකා හිටිය අඩි දෙකක් විතර දිග කලූ පාට දිව.

අනිවාර්යයෙන් යක්ශනියක් ම වෙන්න ඕනා.

” අර විදිහටම හැම එකාම මරලා දානවා…..”

ගොරහැඩි හඩකික් ඒ යක්ශනී කිව්වේ අත අර ගහේ එල්ලෙමින් තිබ්බ මලසිරුර පැත්තට දික්කරලා.

” හැම එකාවම මරන්න ඕනා. උබට වෙන්නෙත් අර ගහ උඩ එල්ලෙන එකාට උන දේම තමා හහ හහ් හා….

කියපු යකින්න පොඩ්ඩ පොඩ්ඩ මම ලගට එන්න පටන් ගත්‍තා.යක්ශනී එද්දී අර පාසළබත් හැඩවෙන්න පටන් ගත්තා. ඒ එක්කම ගහ උඩ තිබිලා එකක් මගේ පය පාමුලට වැටුනා. ඒ අර ගහේ එල්ලිලා තිබ්බ මලසිරුර. මූන පොලව පැත්තට බරව වැටුන හින්දා මට ඒ මිනියේ මූන දැකගන්න හැකිවුනේ නෑ..

ඒ වෙද්දී මගේ කටේ කෙල පවා හිදිලා තිබ්බේ. යක්ශනී මගේ පැත්තට ටික ටික ලංවෙද්දී මාත් පස්සෙන් පස්සට ගියා.

එහෙම පස්සෙන් පස්සට ගිය මම එකපාරටම පිටිපස්ස හැරිලා වේගයෙන් දුවගෙන ආවා.

වේගෙන් දුවන් ආපු මම නැවතුනේ අර ගේ ඇතුලට ගිහිල්ලා. ඉක්මනට මම ගෙයි දොර වහලා දැම්මා.

” දෙයියනේ ඒ යක්ශනී කවිශ්ක ට මොනවා හරී කරලද……”

හති අරින ගමන් මම හිතුවා. ඒ එක්කම මට ඇහුනේ පාසළඹක් නද දෙන හඩක්.

” අර යක්ශනී , මේ ගෙදරටත් ඇවිල්ලා , දැන් මම මොකක්ද කරන්නේ….”

බයින් බයේ හිතද්දීයි මට එකපාරටම කවිශ්ක අරන් ආපූ පිරිත් පොත මතක්වුනේ. ඒ පිරිත් පොත මම නිදාගන්න කාමරේ තිබ්බ නිසා මම ඉක්මනට ඒ කාමරයට දුවගෙන ගියා.

ඒක ටිකක් පරණ පිරිත් පොතක්. කවිශ්ක අද කඩෙන් ගත්ත එකක්නම් කොහොමවත් වෙන්න බෑ..කලින් ඒ පිරිත් පොත කවුරුහරි පෙරලලා බලල තිබ්බ බවට සලකුණු තිබ්බා.

” ඉක්මනට මේකේ තියෙන මොකක් හරී ගාතාවක් කියන්න ඕනා…”

හිතපු මම කලබලෙන් පිරිත් පොත පෙරලුවා..මම කියන්නේ මොන සූත්‍රයක්ද , කියලවත් මට හිතන්න වෙලාවක් තිබ්බේ නෑ..

පෙරලිලා තිබ්බෙ පිරිත් පොතේ හරි මැදම වගේ පිටුවක්.

” ක්‍රී…..ක්…….”

ඒ එක්කම ගෙයි ඉස්සරහ දොර කවුරුවත් අරින හඩක් ඇහුනා. දෙයියනේ මට ඉස්සර හ දොර කලබලයට ලොක්කරන්න බැරිවෙලා…

” චම්….චම්….”

තප්පරයක් ගියේ නෑ. ඊට පස්සේ මට ඇහුනේ පා සලඹක් නද දෙමින් මගේ කාමරේ පැත්තට එන හැටී. ඒ අර යක්ශනී කියලා හිතා ගන්න මට අමාරුවුනේ නෑ. තව ටිකෙන් ඒ යක්ශනී මේ කාමරේට ඇවිල්ලා මාව අල්ලගනී , ඊට කලින් මේ පිරිත් පොතේ ගාතාවක්වත් කියන්න ඕනා….

හිතපු මම , පිරිත් පොතේ ඒ පිටුවේ තිබ්බ ගාතාව කියන්න පටන් ගත්තා..

” චත්තාරී වීසතු බුද්ධා – ආනුභාවො මහබ්බලෝ
යක්ඛ දේව බ්‍රාහ්මානං – වන්දිතෝ පූජිතෝ වරො

එතෙසං අනුභාවෙන – සබ්බ භූතානී මද්දිනො
චතූ වීසතී තේජේන – සබ්බ වින විනස්සතූ

ගොතමො බුද්ධ තේජේන – චණ්ඩාල වින විනස්සතු
සාරි පුත්තානු භාවේන – සබ්බ වින විනස්සතූ…..

………….”

මම ඒ ගාතා වේගෙන් කියාගෙන යද්දී මට ඇහුනා මේ මගේ පැත්තට ආවා අර පා සළබෙ හඩ ආපහු යනවා. ඒ පාසළබේ රිද්මයට අනුවනම් මට හිතුනේ ඒ යක්ශනී ආපහු ගියේ දුවගෙන වගේ කියලා…..

මගේ ඇගට යන්තම් ලේ ටිකක් ඉනුවේ එතකොටයි.

මම සෑහෙන්න වෙලාවක් ඒ ගාතා කිය කියා හිටියා. ඊටපස්සේ මට අද්භූත දේවල් වලට මූන දෙන්න සිදුවුනේ නෑ……..

ඒත් කෝ කවිශ්ක , ඔහුගේ අතුරුදහන් වීම මට දරාගෙන ඉන්නවත් බෑ. කවිශ්ක යක්ශනීගේ ගොදුරක් බවට පත්වෙලාද. නෑ නෑ එහෙම වෙන්න බෑ….

??????????????????????

එදා රෑ කල්පනා කර කර හිටිය මට එකපාරටම ඇහුනේ කවිශ්ක ගේ පෝන් එක නද දෙන හඩ. ඔහුගේ පෝන් එක තාමත් චාජ් කරන්න චාජරයට ගහපු ගමන්මයි.

මම ඉක්මනට පෝන් එක අතට ගත්තා. කවිශ්ක ට ඇමතුමක් ඇවිල්ලා.

” කලු චූටී… ”

කෝල් කරන්නේ කලින් කතා කරපු කෙනාමයි..මම පෝන් එක ආන්සර් කෙරුවා.

” හෙලෝ කවී අයියද…”

වංදනාගේ හඩ ඇහුනා…

” නෑ මම කවිශ්ක නෙමේ නිසල්ක ”

මම පිළිතුර දුන්නා.

” ඇයි අනේ ඔයාලා කෝල් එකක් දෙද්දී පෝන් එකට ආන්සර් කරන්නේ නැත්තේ… මම දැන් කොච්චර වෙලා ඉදලද කෝල් එකක් ගන්නේ…
කෝ දැන් කවී අයියා…”

වංදනාගේ කිව්වේ නෝක්කාඩුවට වගේ. දැන් මම මොකක්ද කියන්නේ මට හිතාගන්නත් බෑ.

” නිසල්ක අයියේ , කෝ එයා ඔතන නැද්ද….”

ආයෙම වන්දනා ඇහුවා….

” මේ කවිශ්ක ටොයිලට් එකට ගියානේ.. තව පොඩ්ඩ වෙලාවකින් එයි..”

මගේ කටට ආවේ ඒ විදිහේ බොරුවක්.

” අපෝ එහෙමද. මට එයාට දෙයක් කියන්න තියෙනවා.. කෝ නෑනේ….”

” මොකක්ද වංදනා නංගී…. ”

මම ඒක ඇහුවම ඇය ඒකට පිලිතුරක් දුන්නේ නෑ…..තප්පරෙන් තප්පරේ කාලේ ගෙවිලා ගියත් ඇයගෙන් කිසිම පිලිතුරක් නෑ..

” වංදනා නංගී ඔයා ඉන්නවනේ……. ”

මම ආයෙම ඇහුවේ ඇයගේ නිහඩ බව දරාගන්න බැරි තැන.

” කොහොමද නිසල්ක අයියේ ඔයා මගේ නම දන්නේ….මම ඒ නමට ආස නැති හින්දද ඔයා එහෙම කතාකරන්නේ….මම ඒ නමට ආසම නෑ… කවී අයියට පවා ඒ නම කියන්න එපා කියලා මම කියලා තියෙන්නේ , ඒ තරමට මම ඒ නමට ආසා නෑ… ඒත් කොහොමද ඔයා ඒ නම දන්නේ මට මේක ලොකුම ලොකු ප්‍රෙහේලිකාවක් ”

” ඒත් ඇයි ඒ වංදනා නමට ඔයා ආස නැත්තේ…….”

” ඒකට හේතුව තමා , මට වංදනා කියලා කතා කලේ මුලු ලෝකෙන්ම දෙන්නයි. එක්කෙනෙක් මගේ බාප්පගේ මල්ලී… අනිත් කෙනා තමා මගේ හොදම යාලුවා….”

ඒක කියල වංදනා නිහඩ වුනා……

“ඉතින් ඇයි අකමැතී…..”

මට ඒ දේ දැනගනකම් ඉවසිල්ලක් නෑ..

” ඒකට හේතුව තමා ඒ දෙන්නම දැන් නෑ…”

වංදනා ඒක කිව්වේ සෑහෙන්න දුකින් කියලා මට තේරුනා.

” දෙන්නම් නෑ කිව්වේ….”

” බාප්පගේ මල්ලී ලොරියක හැප්පිලා මැරුනා…. ඒ දවස්වල වගේ මගේ හොදම යාලුවාගේ ගෙදරටත් කවුද මංදා කට්‍ටියක් පැනලා එයගේ අම්මයි තාත්තයි මරලා දාලා තිබ්බා. ඒ මිනී අතර යාලුවාගේ මිනියවත් තිබ්බේ නෑ…. එදායින් පස්සේ එයාව මම දැක්කේ නෑ. මම.හිතන්නේ අර ගෙට පැනලා මරලා දාපු අය මගේ යාලුවාව බලහත්කාරයෙන් අල්ලගෙන යන්න ඇතී. එයාට මොකක් හරි අවාසනාවන්ත දෙයක් උන් කරන්න ඇතී……”

වංදනා ඒක කිව්වේ නහයෙන් ඉහලට අදිමින් දුකින්.

” වංදනා ඔයාගේ යාලුවාගේ නම මොකක්ද ”

මම ඇහුවා. මට සීයට අනූවක් ශුවර් වංදනා මම හිතපු නමම කියයි කියලා..

” නිසල්ක අයියේ මට වංදනා කියන්න එපා….මම ඒකට ආසම නෑ…ඔයාටත් මොනවා හරි නපුරු දෙයක් වෙයි කියලා මට බයයි….මට වගීෂා කියලා කියන්ඩ…..”

“හරි මම දැන් ඉදලා ඔයාට වගීෂා කියලා කියන්නම්, ඔයාගේ හොදම යාලුවාගේ නම මොකක්ද , උත්සහ ගත්තොත් එයාට මොකක්ද වුනේ කියලා හොයාගන්න පුලුවන්”

” එයාගේ නම අංශූ..”

වගීෂාගේ කිව්වේ මම හිතපු නමමයි. ඒ එක්කම මට ඇහුනෙ ගේ ඇතුලට එන අඩි හඩවල් කීපයක්. ඒ හඩවල්වලට අනුවනම් එතන කීපදෙනෙක්ම ඉන්න ඕනා කියලා මට හිතුනා……………???????????????????????ඊලග කොටසට ? පා සළඹේ හඩ

කතාව කියවන ලයික් කමෙන්ට්ස් දාන ඔයාල ඔක්කොටම ගොඩාක් ස්තූතීයී.????

3 thoughts on “පා සළඹේ හඩ | ? 07 කොටස ? | හොල්මන් කතා”

  1. Nethmi Samarasekara

    Ammo adanm supiriyatama baya una niymai kathawa. Thawa me wage honda nirmana karanna sakthiya lebewa kiyala mama parthana karanawa.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.