Katha Ahura

පා සළඹේ හඩ| ? 08 කොටස ?|හොල්මන් කතා

3/5 - (2 votes)

පා සළඹේ හඩ ? 08 කොටස ?

” ගෙයින් පයින්ඩ දෙන්ඩ එපා…”

ගේ ඇතුලට එන එකෙක් එහෙම කියනවා මට ඇහුනා. අනිවාර්යයෙන් ඒ මනුස්ස කටහඩවල්. ඒ හඩවල් ඇහෙද්දී මට එකපාරටම මතක් වුනේ කලින් මම හිටිය ගෙදරට පැනපු අර මැරයෝ හතරදෙනා.

” නිසල්ක අයියේ….මගේ පෝන් එකේ සල්ලිත් ඉවරවෙන්න වගේ යන්නේ…..ඔයාට මොකුත් ක……”

පෝන් එකින් වංදනාගේ හඩ ඇහුනේ එච්චරයි. . මම හිතන්නේ වංදනාගේ පෝන් එකේ සල්ලී ඉවර වෙන්න ඇතී.

මම පිරිත් පොතත් අරන් කාමරෙ ලයිට් එක නිමුවා.. ඒත් එක් කවිෂ්ක ගේ පොන් එක සාක්කුවේ දාගත්තා. එහෙම කරලා මම ඉක්මනට ගියේ කාමරේ දොර මුල්ලට

දොර බිත්තිය පැත්තට ඇරපුහාම බිත්තියත් දොරත් අතර මම හැංගිලා ඉද්ද්දීම අරුන් හතර දෙනා කාමරේ ඇතුලට රිංගුවා.

ඒ අවසරෙන් මම ඉක්මනට කාමරෙන් එලියට පැන්නා.

” අන්න අරූ කාමරේ ඇතුලේ ඉදලා පැන්නා.”

එතන එකෙක් කැගැහුවා.

” ඩෝ…..ං…”

ඒත් එක්කම අහුනෙ වෙඩි හඩක්. තප්පරයක් ගියේ නෑ වෙඩිල්ල මගේ කන ගාවින් වගේ ගිහිල්ලා ජනෙල් වීදුරුවක වැදුනා

” සලා……..න්… ”

වීදුරුව බිදෙන හඩ ඇහෙද්දීම මම ගෙයින් එලියට පැනගන්න තරම් සමත්වෙලා තිබ්බා.

” උගේ කකුලට ඉල්ලක කරලා වෙඩි තියපං ,ඌව ගේන්න කිව්වේ පණ පිටින්……”

උන්ගේ බොසා වෙන්න ඇතී එහෙම කිව්වේ.

දෙයියනේ මමනම් මාර අවසානාවන්යෙ ක් තමා… එක පැත්තකින් මිනිස්සු මාව මරන්න එනවා ,තව පැත්තකින් අමුනුස්සයෝ මාව මරන්න එනවා. මොනවද දෙයියනේ මට මේ වෙන්නේ…

හිත හිතා මම ඉස්සරහට දිව්වා. මට දැනුනේ මං ගැනම පසුතැවිල්ලක්.

” උන් අද මාව අනිවාර්යයෙන් අල්ලගනී , මාව මරලා හංගන්ඩ වුනත් මේ පැත්තේ පුලුවන්…. කොහාටද මම දුවන්නේ…… ”

එහෙම හිතද්දී මට එකපාරටම මතක්වුනේ අර මේ වත්ත කෙලවරේම තියෙන අනිත් පාලු පරන ගේ…. ඒත් ඒක ඇතුලේ ආර යක්ශනී ඉන්නවා

පස්සේ එහෙම හිතද්දී මම ඒ අදහස අයින් කරලා දාන්න හිතුවා.

අහසේ හද තිබ්බ කාලයක් හින්දා මම දුවන හැටිත් උන්ට හොදටම පේනවා ඇතී. වත්‍ත පාලුවෙලා තිබ්බත් ලගදී වත්ත කැති ගහලා තිබ්බ හින්දා වල් පදුරු ආක්‍රමනය කරලා තිබ්බෙත් නෑ..

” ඩෝ……ං”

තවත් වෙඩිහඩක් එක්කම වෙඩිල්ලක් මගේ කකුල ලගින්ම වගේ ගියේ මම වත්ත පිටිපස්සට දුවන් යද්දී. මාව අල්ල්ගන්න දුවන් එන වේගවත් අඩි හඩවල් ඇහෙද්දී මම ඒ කිට්ටුව තිබ්බ විශාල ගහකට මුවාවුනා.

යකින්ගෙන් බේරෙන්න දුවලා ආපහු ඒ සැනින්නම වගේ ආපහු මෙහෙම දුවගෙන ආපු හින්දා මේ වෙද්දී මගේ ඇගටවත් පණක් තිබ්බේ නෑ….

“උබ කොහොම කොහේ දිව්වත් අදනම් උබට අපෙන් බේරෙන්න බෑ… ”

කියපු මැරයන් මම මුවාවෙලා හිටිය ගහත් පහු කරන් ගියා.

ඒත් ඒක්කම මට අර සින්දුව ඇහෙන්න පටන් ගත්තා…….. ඊයේ රෑ මට ඇහුන ඒ සින්දුව.

” ම්…….ම්…..ම්……..ම්…….
ආ……ආ……ආ…….ආ…….”
සස් සස් සස් සස් සස් සා……..
ආ…. ආ…….ආ……..ආ…………..

“ම්…….ම්…..ම්……..ම්…….
ආ……ආ……ආ…….ආ…….”
සස් සස් සස් සස් සස් සා……..
ආ…. ආ…….ආ……..ආ…………..”

” සද අහසේ පාවී හිනහෙන්නේ…….
තරු කැට දිලිසී හිනහෙන්නේ……..
ඒ මා ගයනා ගී අහලානේ…..
මා රගනා හැටි දැකලානේ……

චම් චම් මාගේ පාසලඹේ…..
හඩ මෙන් උමතුයි සිත මාගේ….

චම් චම් මාගේ පාසලඹේ…..
හඩ මෙන් උමතුයි සිත මාගේ….”

පා සළබක් නද කරමින් ඇහුන ඒ ගීතය අර කලින් රැයක මට ඇහුන එකමයි.

මම සද එලියෙන් දැක්කා ඒ හඩ අර මැරයන්ටත් ඇහිලා වෙන්න ඇතී උන් ගල් ගැහිලා වගේ බලන් ඉන්න හැටී.

” කවුද මේ මහ රෑ සින්දු කියන්නේ ”

උන්ගේ කටහඩවල් වල තිබ්බේ පුදුමයක්. එතකොට ම මම දැක්කා පෙරදා රැයේ මම දැක්ක ඒ රුව ගස් කොලන් අතරින් මතුවෙනවා.

” රාජූ අර බලපං කෙල්ලක් නේද….ඒත් මේ මහ රෑ ඔහොම….. ”

” පිස්සු එකියක්ද……”

” ඒ වගේ එකියක් වගේ තමා නැත්නම් ඔය විදිහට.. පොඩ්ඩක් කිට්ටු කරලා බලමුද…….බලන්නම වටින වැඩක්නේ මේක….”

උන් එහෙම කිය කියා අර නටන කෙනා ලගට කිට්ටු කෙරුවා…

” වැටෙන සීතල පිණි කැටවලට….
බෑ හදේ තියෙන රස්නය නිමන්න….
පිපාසාව සැදුන මුව පොව්වනී එන්න…
උමතු විලක් බලා සිටී ඔබලගේ පිපාසාව නිවන්න…”

ඇය යලිත් එහෙම කියද්දී අර මැරයන් හිටියේ ඇය ආසන්නයේමයි. ඒ මාව පස්සෙන් පැන්නුවා කියලාවත් මේ වෙද්දී ගානක් තිබ්බේ නෑ වගේ….

” කවුද උබ , මේ රෑ ඇයි මෙහම……”

එක මැරයෙක ඇයගෙන් අහනවා මටත් හොදටම ඇහුනා…ඊලගට මොනවා වෙයිද.. මම ඇසි පිය නොහෙලා ඒ දිහා බලන් උන්නේ….

අර හඩට වෙන්න ඇතී නටා හිටි ඇය එකපාරටම පිටිපස්ස හරිලා බැලුවා. ඔව්. ඒ හිටියේ ඊයේ රෑ මම දැක්ක රුවමයි. අංශූ….

ඒත් මේ මැරයන් අංශුට මොනවා හරි කරයිද…

” මම මායා කාරියක්… අංශු මායාකාරී.. ඔයාලා මායාකාරයෝද.. ඈ…..”

ඇය මැරයන් හතර දෙනා දිහා බලාගෙන කිව්වා. ඒ දේට එතන හිටිය එකෙක් මොනවා හරි කිව්වත් මට ඒක පැහදිලිවම ඇහුනේ නෑ…..

ඔවුන් කතා කරන්නේ මොනවද කියලා දැනගන්න මටත් ආසාවක් ආවා..ඒ හින්දාම මාත් හෙමින් හෙමින් ගස්වලට මුවාවෙමින් ඔවුන් ඉන්න පැත්තට කිට්ටු කෙරුවා.

” ආ.. ඒ කියන්නේ ඔයාලා ඔක්කොම මායා කාරයෝ නේද… මම එයාලට කැමතී… මේ රැය ගෙවනකම් මාත් එක්කම ඔයාලා ඉන්නවද.. ඉන්නවා නේද….. අර අතන තියෙන පොඩි ගෙදර තමා මම ඉන්නේ , කවුරුවත් නෑ… මට පිස්සු කියලා එයලා මාව දාලා ගියා…. ඔයාලා එනවද එහාට යන්ඩ…”

ආයෙමත් ඇය ඇහුවා…. ඇය ගේ හඩේ ඒ දේ කියද්දී තිබ්බේ සෑහෙන්න දුකක්.

“කෝ ඉතින් ගෙදරක් නෑනේ….”

” අර අතන තියනවා…….. එනවද එහාට යන්ඩ… ”

ඇය අතක් දික්කරලා එහෙම කියද්දී මැරයන් කට්ටිය මූනින් මූන බලාගත්තා…

” ආ එහෙනම් යමුකෝ……ඔයා වගේ කෙනෙක් එන්න කියද්දී බෑ නොකියා කොහොමද නේද…..”

” ඒකනේ….. ”

මොහොතකින් මම දැක්කේ ඇය අර මැරයන් එක්කගෙන අර පාලූ ගේ පැත්තට යන හැටී. මැරයන් හතරදෙනා මෙහාට ආවේ මාව අල්ලගන්න කියන එකත් මේ වෙද්දී අමතක වෙලා බවයි මට තේරුනෙ….

” දැන් මම මොකක්ද කරන්නේ…. ”

මම ඒ අය යන දිහා බලාගෙන හිටියා… අංශුගේ රූපෙන් ඉන්නේ යක්ශනියක්න්ම් මැරයන්ට වෙන්නේ හොද දෙයක්නම් නෙමේ…

” මාත් තව පොඩ්ඩක් ලගට ගිහිල්ලා බලනවා… ”

හිතපු මම හෙමින් හෙමින් උන්ට නොදැනෙන්න ඒ අය පස්සෙන් ගියා.

උන්ව එක්කගෙන ඇය අර පාලූ ගේ ඇතුලට ගියා.

” දඩා………න්…..”

උන් ගෙට ඇතුල්වෙද්දීම අර පාලු ගෙයි දොර වැහුනේ විශාල හඩක් නගමින්. මම ඉක්මනට පිරිත් පොත කිටි කිටියේ තද කරගත්තා….

මොහොතකින් මම දැක්කේ අංශු වගේ කෙනා අර පාලූ ගේ පිටිපස්ස දොරින් කලබලින් වගේ එලියට බහින හැටී. ඒත් එක්කම අර ගේ ඇතුලින් ඇහුනේ මර ලතෝනියක්.ඇය පපුවට අත තියාගත්තේ ” අම්මෝ ඇති යන්තම් ” හිතමින් වගේ..

” බුදු අම්මෝ…..”

මොහොතකින් ඇහුනේ අර මැරයෙක්ගේ හඩක් වෙන්න ඕනා… ඉස්සර හ දොර ඇරගන්න ඊට තඩි බාන හඩ්කුත් ඒ එක්කම ඇහුනා…

” වීරේ මාව බේරගනිම්….. මේ යකින්නගෙන් බේරගනිම්…..”

එකෙක් කෑ ගහද්දි අර පාලු ගෙයි ඉස්සරහ දොර එකපාරටම ඇරුනා.ඉන් අර මැරයන් හතරදෙනාගෙන් තුන්දෙනෙක් එලියට බැහලා දුවද්දී අනිත් මැරයා වෙන්න ඇතී අර විදිහට මරහඩ දුන්නේ.. මේ වෙද්දි අංශු වගේ කෙනා පේන්න හිටියේ නෑ..

අර මැරයන් මම දිහාට දුවන් එද්දීම අර මම දැක්කා අර පාලු ගෙයින් කවුරුහරි එලියට බහිනවා.

ඔව් ඒ අර මම මීට මොහොතකට කලින් දැකපු අර යක්ශනී… ඇයගේ අතේ විශාල දං වැලක් වගේ එකක් තිබ්බා.. ඒකත් අරන් ඇය අර දුවන උන් පස්සේ පන්නද්දී මගේ හිතත් අනතුරු ඇගෙව්වා.

” උබලා දිව්වට වැඩක් වෙන්නේ නෑ…..”

ඒ දංවැලත් අරන් යක්ශනී අර මැරයන් පස්සේ පැන්නුවා.

මම මේ ගහ ලග ඉන්නවා කියලා ඒ යක්ශනී දැනගත්තොත් මාවත් අල්ලගනී… මට ගේ ඇතුලට වෙලා ඉන්න් තිබ්බේ…..”

මම හිතුවේ උපරිම බයින්.

” අර යක්ශනී රාජුව අල්ලගත්‍තා….අපිවත් අල්ලගනීද……”

එක මැරයෙක් කිව්වේ මම හැංගිලා ඉන්න ගහ පැත්තට දුවන් එද්දී. ඒ ත් එක්කම ඌ කපා හෙලපු ගහක් වගේ බිම දිග ඇදගෙන වැටුනේ හරියටම මම හිටිය ගහ ලගමයි. මම දැකපු විදිහටනම් ඔහුගේ කකුල් දෙක වටේ අර යක්ශනී විසිකරපු දංවැල එතුනා…..

” මාවත් එක්කගෙන යමල්ලා….. ”

වැටුන කෙනා භීතියෙන් කෑගැහුවේ අර ඔහුව දාල දුවල යන් උන් දිහා බලාගෙන. උන් නැවතිලා බලද්දීම යක්ශනී බිම වැටුනා කෙනා ලගට ඇවිල්ලා අල්ලගත්තා. ඔහුගේ කකුලේ එතිලා තිබ්බ දංවැල එකපාරටම අතට ගත්ත යක්ශනී ඒක ආයෙම විසිකෙරුවේ අරුන් දෙන්නා දිහාට.

එතන හිටිය දෙන්නගෙන් එකෙක්ගේ කකුල වටේ ඒක වේගෙන් ගිහිල්ලා එතුනා….

” හහ් හහ් හහ්…හා… උබලා එකෙක්ටවත් දැන් මගින් බේරෙන්න බෑ….”

වියරු හිනා හඩක් එක්ක කිව්ව යක්ශනී එකපාරටම නහය ඉහලට හුස්ම අදින්න පටන් ගත්තේ හරියට අමුතු සුවදක් ඇවිල්ල වගේ…

” කවුද තව මේ කිට්ටුව ඉන්නේ.. මට තවත් තරුණ මිනිස් සුවදක් එනවා……..”

කියපු යකින්න ලග ඉන්න මැරයාගේ කකුල් දෙකේ තැනක් හයියෙන් මිරිකුවා…….

” අම්මෝ………..”

මැරයාගේ හඩින් ඒ එක්කම නැගුනේ මර ලතෝනියක්. ඊට පස්සේ ඔහු අප්‍රාණික වෙලා වගේ බිම වැතිරෙද්දී යක්ශනී ඉවකර කර එන්න පටන් ගත්තේ මම හැංගිලා හිටිය ගහ ලගට…..

” චම් චම් චම්”

යකින්න මගේ පැත්තට එද්දී යකින්නගේ පාදවල බැදල තිබ්බ පා සලඹවල් නද දෙද්දී මට හිතුනේ ඒ ඇහෙන්නේ මම මැරුනොත් මම වෙනුවෙන් ගසන මළ බෙරවල නාදය වගේ කියලා…..
??????????????????????ඊලග කොටසට ? පා සළඹේ හඩ

දැන්නම් කට්‍ටියට මල පැනලද දන්නේ නෑ….. ඇයි ඉතින් මේක ඉවරකරනවා කිව්වේ කොටස් හතකින්නේ.. දැන් අට කොටස දාලත් ඉවර නෑනේ…

කොටස් දහයින් හරි එකොලහින් හරි අනිවාර්යයෙන් ඉවරකරන්නම් ඈ…… හිතුවට වඩා කතාව දික්වුනා…..

කතාව කියවන ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතීයි????

2 thoughts on “පා සළඹේ හඩ| ? 08 කොටස ?|හොල්මන් කතා”

  1. ගොඩක්ම ලස්සන කතාවක්. බය කියන දේත් හොඳට දැනෙනවා. All the best………❤️

    4

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.