Katha Ahura

පා සළඹේ හඩ | ? 09 කොටස ?| හොල්මන් කතා

5/5 - (1 vote)

පා සළඹේ හඩ ? 09 කොටස ?

යකින්න ඉවපාරෙ ඇවිල්ලා ඉක්මනට මාව අල්ලගනී. පිරිත් පොත ලග තිබ්බට මේ කලුවරට ඒ පොතේ අකුරු පේනෙත් නෑ….

” මගේ කකුලේ දංවැලක් එතිලා. ඒක ලෙහා ගන්න උදව් කරපන්… මාව දාල යන්ඩ එපා…….”

ඒ එක්කම වගේ ඇහුනේ අර මැරයෙක්ගේ හඩ.

” ශික්……. වෙන දේවල් , ”

අනිත් කෙනා ඒ දේ කිව්වම යකින්න්ගේ අවදානය ඒ දිහාට ආයෙම ගියා.

ඊටපස්සේ යකුන්න අදහස වෙනස් කරලා වගේ ආයම කිට්ටු කෙරුවේ අර මැරයන් දෙන්නා දිහාට. මම ඉහලට ගත්ත හුස්ම පිටකලේ එතකොටයි.

” ආ…න් අර යක්ශනී අයේම එනවා…. ඉක්මනට කරන දෙයක් කරපං…. ඩෝ…..ං….”

දංවැල කකුලේ එතිලා හිටිය මැරයා ඒ දේ කියලා ඉවර කරද්දීම ඇහුනේ වෙඩි හඩක්.

” ඩෝ……න්…..”

ආයෙත් වෙඩිහඩක්. මම හිතුන හැටියට අරුන් යක්ශනීට වෙඩි තියනවා. ඒත් යක්ශනී ඒවා කිසිම දෙයක් ගනන් නොගෙන ඉස්සරහට ගියේ වියරූ හිනා හඩක් එක්ක.

” මට බෑ….මට බෑ…. මේ කෙහෙල් මල ලෙහන්න , අර යක්ශනී ලගටම ඇවිල්ලා මම යනවා බං…. මට බෑ ඒ යකින්නට අහුවෙන්ඩ…..”

” මාව දාල යන්ඩ එපා බං…. මාවත් එක්කගෙනම යමන්…….”

මැරයන් දෙන්නගේ හඩවල් වලින් මම දෙයක් තේරුම් ගත්තා. අර යකින්න විසිකරලා එතුන දංවැල උන් දෙන්නට ලෙහා ගන්න බැරිවෙලා…. තවත් මං මෙතන හිටියොත් වෙන්නේ මාත් ඒ යකින්නට ලේසියෙන්ම අහුවෙන එක…. නුවනට හුරුම දේ යකින්න අර මැරයන් දෙන්නව අල්ලගන්න හිත යොමු කරද්දී මම කොහොමහරි මම දැන් ඉන්න ගේ ඇතුලත රිංග ගන්න එක…….

හිතපු මම ඉක්මනට ගස්වලට මුවා වෙවී යන්න පටන් ගත්තා…… මොනවා වුනත් මට අර මැරයන් වෙනුවෙනුත් ඇති වුනේ දුකක්… උන් ඔක්කොම අර යකින්නගේ ගොදුරු වෙන්න ඇතී….

?????????????????????

ගෙට ඇතුලුවුන මම ඉක්මනට ඉස්සරහ දොර ලොක් කරලා දැම්මා.

” යකින්නයි , අංශුයි කියන්නේ දෙන්නෙක්..ඒත් ඇයි එයා එහෙම හැසිරෙන්නේ ,මම කොහොමද මේ දේ දැනගන්නේ……”

හිතපු මට එකපාරටම මතක්වුනේ…. වන්දනවා. වන්දනාට කතා කලොත් සමහර විට මේ අභිරහසේ මොකක් හරි හෝඩුවාවක් දැනගන්න පුලුවන් වේවී.

හිතපු මම වන්දනාට ඇමතුමක් ගත්තා.

“මගේ පෝන් එකේ සල්ලී ඉවරවුනා……. කෝ දැන්වත් නැද්ද අර මෝඩයා……ඔය ලග පාතක.”

” වන්දනා….නෑනෑ වගීශා නංගී මම කතා කලේ ඔයාගෙන් ලොකුම ලොකු දෙයක් දැනගන්න….”

වංදනා අහපු දේට පිලිතුරු දුන්නේ නෑ. මට ඕනාවුනේ ඉක්මනට මේ ගැටලුව විසදගන්න්න පොටක් පාදගන්න විතරයි.

” මොකක්ද නිසල්ක අයියේ ඒ….”

” මේකයි ඔයාගේ යාලුවා අංශු ලග පා සලඹක් තිබ්බද….”

වංදනා මොහොතක් නිහඩ වෙලා හිටියා. අය සමහර විට හිතනවා ඇතී මම කොහොමද ඒ දේ දැනගත්තෙ කියලා..

” නිසල්ක අයියා කොහොමද ඒක දන්නේ……අංශු ලග පා සළබක් තිබ්බා…ඒත් ඒකින් එකක් නැතිවුනා…එදායින් පස්සේ අංශු හරියට වෙනස් වුනා…….”

” වෙනස් වුනා කිව්වේ….”

මම ඇහුවා.. මට ඒ දේ දැනගන්නකම් ඉවසිල්ලක් නෑ.

” අනේ මංදා , අංශු ඒ ආ සලඹ හින්දා ගොඩක් සතුටින් හිටියේ , එයාට වාසනාව ඒ පාසළබ හින්දා ලැබුනා කියලා එයා කිව්ව. ඒ පාසලඹ ඒත් මට එක දෙයක් තේරුනා , අංශු මගින් මොකක් හරි දෙයක් හංගනවා කියලා.. ඒත් එයාගොඩක් සතුටින් හිටියා..

ඒත් අර පාසලඹ එක දවසක් එයයි මායි අපේ පැත්තේ ගගකට බැහලා යද්දී අංශුගේ කකුලින් ගැලවිලා ගගට වැටුනා. කොච්චර හොයාගන්න හැදුවත් අපිට හොයාගන්න හම්බවුනේ නෑ..”

වංදනා ඒ දේ කියද්දී මටත් එදා උන ඒ සිදුවීම් පෙල මතක් වුනා..මොකද ඒ වෙලාවේ මාත් ඒ දිහා බලන් හිටියනිසා.

” ඊටපස්සේ මොකක්ද වුනේ ”

ඊටපස්සේ වුන දේවල් මම දැනන් හිටියත් මම ඇහුවා.

“අපි ඒ පාසලඹ හොය හොයා ඉද්දිම එකපාරටම එතනට මනුස්සයෙක් ආවා….”

” ඔයාලා එයාට බයවුනාද….”

” බයවුනේ එයා දැකලා නෙමේ……”

” එහෙනම් ”

මම ඇහුවේ පුදුමෙන්. මෙච්චර කල් මම හිතන් හිටියේ එදා වංදනා අංශුව ඇදගෙන එතනින් දිව්වේ මාව දැකලා බය වෙලා කියලා…

” මම දැක්කා ඒ මනුස්සයා පිටිපස්සෙන් බය හිතෙන යක්ශනියක් එන හැටී… හොදටම බය වුන මම අංශුවත් ඇදගෙන එතනින් දුවගෙන ගියා , අර මනුස්ස යාට මොනවා වුනාද දන්නේ නෑ…”

වංදනා කියද්දී මාත් බයවුනා. ඇය කියන විදිහට එදා වංදනා හා අංශු බයවෙලා තියෙන්නේ මම දැකලා නෙමේ… මම පස්සේ ඉන්න යක්ශනියක් දැකලා… ඒත් ඒක වුනේ කොහොමද මම එහෙම යකින්නක් එදා දැක්කේ නෑනේ… ඒය යක්ශනීද අර පාලු ගෙයි ඉන්නේ… ඒත් ඇයි එදා ඒ යකින්න මාව මැරුවේ නැත්තේ..

මට හිතාගන්නත් බැරිවුනා.

එදා ඒ ගගේදී වංදනා දැක්ක පුද්ගලයා මම කියලා කියන්න මට හිතුනේ නෑ.. ඒක අහලා වංදනා බයවෙයි කියල මට හිතුනා.

” ඉතින් වංදනා ,ඊට පස්සේ මොකක්ද වුනේ… අංශූ නැතිවෙච්ච පා සළඹ හෙව්වුවද….”

” පා සළබ නැති වුනාට පස්සේ අංශු සෑහෙන්න වෙනස් වුනා… එයා කාටහරි බයෙන් හිටියා කියලා තේරුනා… ඒත් ඒ කවුද කියලා කිව්වේ නෑ… අර පා සලඹ හින්දා තමා මෙහෙම දේවල් වෙන්නේ කියලා අංශු කිව්වේ. එක පා සලබක් නැතිවුනත් අංශු අනිත් පා සලඹ ගැලෙව්වෙත් නෑ…

මම කීපපාරක් කිව්වා ඒක ගලවල දාන්ඩ අනික නැති හින්දා කියල , ඒත් අංශු කිව්වේ ඒක ගලවන්න බෑ…. මට බයයි කියලා..”

” අංශු ඇයි බයයි කිව්වේ…”

මම ඇහුවා.

” දන්නේ නෑ… ඇයි බය කියලා ඇහුවත් එයා කිව්වෙත් නෑ… එදා තමා අංශුව මම අවසන් වතාවට දැක්කේ… එදා රෑ අංශුගේ අම්මයි තාත්තයි ගේ ඇතුලෙම මරලා දාල තිබ්බා. ඒත් ඒ මිනී අතර අංශුගේ මිනිය තිබ්බේ නෑ… කට්ටිය කතා වුනේ…අංශුගේ අම්මයි තාත්තවයි මරපු මිනීමරුවො…අංශුව බලහත්කාරෙන් පැහරගෙන යන්න ඇතී කියලා..”

” අංශුගේ අම්මයි තාත්තයි මරලා දාල තිබ්බේ කොහොමද වගීෂා……”

” එයාලගෙ බෙල්ලට දම් වැලක් වගේ එකකින් බෙල්ල හිරකරලා මරලා දාල තිබ්බේ…..”

වංදනා ඒක කියද්දී මට මතක්වුනේ අර යකින්නගේ අතේ තිබ්බ යකඩ දංවැල.

” වගීශා….අංශු ඔය පාසලඹ ගත්‍ තේ කොහෙන්ද කඩේකින්ද ”

” නැ නෑ එයා ඒක අරන් තියෙන්නේ කඩේකින්නම් නෙමේ , එයා කිව්ව විදිහට ඒ පා සළඹ එයා අරන් ඇවිල්ලා තියෙන්නේ ,එයාලගේ සීයලාගේ ගෙදරින්ලු.”

” සීයලාගේ ගෙදරින්….”

මම ඇහුවේ පුදුමෙන්.

” ඔව්….එහමයි , අංශු මට කිව්වේ……ඒත් නිසල්ක අයියේ ඇයි ඔයා ඔච්චරම අංශු ගැන අහන්නේ…”

” නෑ….නෑ……එහෙම එකක් නෙමේ….වංදනා , මට අංශු ගැන දැනගන්න කුතුහලක් ආවා..එයා අභිරහස් විදිහටනේ අතුරුදහන් වෙලා තියෙන්නේ ,එකයී.”

මම ඒ දේ කියද්දිම මට ගේ ඇතුලින් සද්දයක් ඇහුනා. ඒ හඩ ඇහෙන්නේ මම හිටිය කාමරේ දොර ලගින්.

” යකින්න ගේ ඇතුලට රිංගලද… ”

මම හිතුවේ හද ගැස්ම වැඩිවෙද්දී…

” වංදනා ඔයාට මම පස්සේ කතා කරන්නම්….”

මම කලබලෙන් පෝන් එකේ ඇමතුම නතරකරන්න හැදුවේ..

” ඒත්….ඒත්……මට කවී අයියා එක්ක කතා කරන්න ඕනා…..”

වංදනා එහෙම කිව්වත් මම ඊට මොකුත් කියන්නේ ම නැතුව පෝන් එක තිබ්බා. ඒත් එක්කම මගේ කමරේ ඇතුලට ආ ඒ රුව දකිද්දී මට බයකටත් වඩා දැනුනේ පුදුමයක්.

කාමරේය ආවේ අංශූ..

” චම් චම්…..”

ඇය මම ලගටම එද්දී ඇයගේ පා සලඹ නද දුන්නා. ඇයගේ එක කකුලක විතරයි පාසළබක් තිබ්බේ….අනිත් කකුලේ එකක් තිබ්බේ නෑ..

” අ…අංශු….”

මම ගොත ගහලා වගේ ඇයගේ නම කියද්දී ඇය මගේ ඉස්සරහිනම ඇවිල්ලා හිටගත්තා..

” ඉක්මනට මෙහෙන් යන්ඩ……ඇය අද ඉන්නේ ගොඩාක් දරුණු වෙලා…ඇයට අරුන් හතරදෙනාගෙන් අල්ලගන්න පුලුවන් වුනේ තුන්දෙනෙක්ව විතරයි. පලවෙනි වතාවට ඇය විසිකරපු දංවැලක් මනුස්සයෙක්ගේ කකුලේවත් බෙල්ලේවත් එතුනේ නෑ…

ඒ හින්දා ඇය ඉන්නේ සෑහෙන්න දරුණුවෙලා. ඉක්මනට මිනී ඉව පාරේ ඇවිල්ල ඔයාව අල්ලගනි..ඉක්මනට මෙහෙන් පැනලා යන්ඩ…”

අංශු ගිරවියක් වගේ එකදිගට කියාගෙන ගිය ඒ අමුතු කතාව මම අහන් හිටියේ ගල් ගැහිලා වගේ. කලින් වතාවේ මාව අල්ලගත්‍ත වෙලාවේ මාව මරන්න හඩපු අංශුමද කියලාත් මට ප්‍රශ්නයක් ආවා.

” මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ….ඔයා අංශූ නේද, ඇයි මේ විදිහට හැසිරෙන්නේ , ඇයි මට මෙහෙම උදව්කරන්නේ…, ඔයා අර යකින්නගේ බන්දනයකටවත් අහුවෙලාද…”

මම ප්‍රශ්න පිට ප්‍රශ්න අහන් ගියා..

” ඒවා මට කියන්න විදිහක් නෑ….ඉක්මනට මෙහෙන් යන්ඩ…ඇය අර මිනිස්සු තුන්දෙනාගෙ ලේ බිව්වට පස්සේ සෑහෙන්න බලවත් වෙයි. ඒ දේ දැනටමත් ඇය කරනවා ඇතී…ලේ බීලා ඉවරවෙලා මේ පැත්තට අනිවාර්යයෙන් එයි..ඊටකලින් මෙහෙන් යන්ඩ..”

අංශු මට කිව්වෙ කලබලෙන් අණකරලා වගේ..

” ඒත් ඒත් ඇයී අංශු මට උදව් කරන්නේ….අනික මට කවීශ්කට වුනේ මොකක්ද කියලා හොයාගන්නේ නැතුව මෙහෙන් යන්න බෑ..”

මම අංශු කිව්ව දේට කැමතී වුනේ නෑ…..????????????????????????ඊලග කොටසට ? පා සළඹේ හඩ

කවිශ්කට මොකක්ද වුනේ…. අංශු ඇයි නිසල්කට උදව් කරන්නේ…කියලා බලමූ ඊලග කොටසින්…

අනුමාන කරන අය අනුමාන කරන්නකෝ එතකම්…

කතාව කියවන ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතීයි????

4 thoughts on “පා සළඹේ හඩ | ? 09 කොටස ?| හොල්මන් කතා”

    1. Sorry අනේ මම හිතුවෙ මුල්ම ක්මෙන්ට් එක දැම්මෙ මම කියලා. Very sorry…….

  1. කවිෂ්කව මරන්න ඇති. අන්ෂු උදව් කරන්නෙ එදා ආවෙ මෙයා කියලා දැනගෙන වෙන්ඩ ඇති. කොහොම හරි මුල්ම කමෙන්ට් එක දැම්මා. ලස්සනයි කතාව ගොඩාක්……….?????

  2. අද නම් ගොඩක් බය හිතුනා ?. වෙනදා වගේම අදත් කතාව ලස්සනයි.?.Good luck !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.