Katha Ahura

පා සළඹේ හඩ |? 10 කොටස ?|හොල්මන් කතා

4.7/5 - (4 votes)

පා සළඹේ හඩ ? 10 කොටස ?

” උදව් කරන්නේ ඇයි කියල කියන්න දැන් වෙලාවක් නෑ… ඉක්මනට මෙහෙන් යන්ඩ….”

අංශු ආයෙම කිව්වා.

” ඒත් මට යන්ඩ බෑ….කියන්ඩ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ.. ඔයාගේ යාලුවා වංදනා ගැනත් මම දන්නවා…. එයා කීව්වා ඔයාට ඔයාගේ ගෙදර අයට උන දේවල්…. අර පා සළඹ ගැනත් කිව්වා.. ඒ පා සලඹ එක්ක මේ වෙන දේවල් වල මොකක් හරි සම්බංදයක් තියෙනවද

” පා සළඹ , වංදනා…….වංදනාව ඔයා අදුරන්නේ කොහොමද ”

අංශු ඇහුවේ මම කිව්ව දේ විශ්වාස කරන්න්ත් බෑ වගේ විදිහකින්.

” කවිශ්ක ගේ කවුරු හරි වංදනා කියන්නේ , එයා කවිශ්ක ට කෝල් කරද්දි මම ආන්ස කලේ පෝන් එකේ වංදනාගේ පොටෝ එක වැටිලා තිබ්බ , එතකොටයි මම ඒ වංදනා කියලා හොයාගත්තේ.. කලින් වතාවක ඔයාලා දෙන්නව මම දැකලා තිබ්බ හින්දා ඒ පොටෝ එක දකිද්දීම මම ඒ ඉන්නේ වංදනා කියල අදුරගත්තා…..

ඊටපස්සේ වංදනාගෙන් අහද්දියි එයා මට ඔයා ගැන අර පා සලබ ගැන කිව්වෙ… කියන්ඩ ඒ පා සලඹ හින්දා නේද මේ දේවල් වෙන්නේ….. ”

” ඔව්….. ඒ පා සලඹ හින්දා තමා මේ ඔක්කොම දේවල් වුනේ…මට ඒක එදා අරන් නොඑන්නයි තිබ්බේ……”

අංශු කිව්වේ පසු තැවීමකින්.

” මට ඔක්කොම කියන්ඩ අංශු ඒ පා සළබ මොකක්ද ”

” ඒ පා සළබ මම ගෙනාවේ අපේ සීයලගේ ගෙදරට ගිය වෙලාවක. ඒ වෙද්දී සීයා නැතිවෙලා මාස හතරක් විතර.. මායි තාත්තයි එදා එහෙ යද්දී අපේ නැන්දලා.සීයාගේ කාමරේ අස්පස් කර කර හිටියේ. සීයා ඉන්නකොට ඒ කාමරෙට කවුරුවත් එනවටවත් කැමති තිබ්බේ නෑ..

සීයගේ සයිබෝට්ටුවක් තිබ්බා. ඒකේ එක ලාච්චුවක් වහලා තිබ්බේ ලොක් කරලා. එතන හිටපු අයට ඉවසිල්ලක් නැතිව ගියා ඒකඇතුලේ තියෙන්නේ මොනවද කියලා හොයාගන්න…ඒත් ඒ ලච්චුව අරින යතුර තිබ්බේ නෑ…

අවසානේ කොහොමද හරී අමාරුවෙන් ලාච්චුවේ අගුල කඩලා ඒ ලාච්චුව ඇරියා..

ඒ ලාච්චුවේ එක එක දේවල් තිබ්බා.. හවඩියක්., මුද්දක්. ඒවගේ දේවල්, අර පාසළබත් ඒ ක ඇතුලේ උරයක ඔතලා තිබ්බා.. ඒක රත්තරන් නෙමේ හින්දා කවුරුවත් ඒක ගැන ආසාවක් උනන්දුවක් තිබ්බේ නෑ.. එතන හිටිය අනිත් අය මාල වලලුවලට පොර කද්දී මම පා සළඹ කාටවත් නොදැනෙන්න අර ගත්තා….”

අංශු කියාගෙන ගිය දේට එකපාරටම බාදාවක් වුනේ ගේ ඇතුලෙන් යමක් පෙරලෙනවා වගේ හඩක් ඇහුන නිසා.. හරියට ඒක ඇහුනේ ගෙයි මුල්ලකට හේත්තු කරලා තිබ්බ කොස්සක් බිමට හෙලවෙනවා වගේ…

” මොකක්ද ඒ සද්දෙ…….අර යකින්නවත්ද ”

මං අංශු දිහා බලල කිය්ද්දී ඇයත් හිටියේ පොඩ්ඩක් බයවෙලා වගේ.

” නෑ ඒ යකින්න දැන්ම එන්න් විදිහක් නෑ.. යකින්නට අද ලේ බොන්න තුන්දෙනෙක්ම ඉන්නවා….ඇයට දැන්ම එන්න විදිහක් නෑ….”

අංශු එහෙම කියද්දී .මම ඉක්මනට ඒ සද්දේ ඇහුන පැත්තට ගියා. ඒත් කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ..මගේ කාමරෙට ඇතුලුවෙන තැනම කොස්සක් පෙරලිලා තිබ්බා..

ඉස්සර හ දොර මම ලොක්කරපු විදිහමයි. මම බයින් බයේ වගේ ගෙයි හැම කාමරේකටම එබිලා බැලුවත් කිසිම කෙනෙක්ගේ ලකුනක්වත් පේන්න තිබ්බේ නෑ…

” කොස්ස හුලගට පෙරලෙන්න ඇතී…”

කියපු මම බිම වැටිලා තිබ්බ කොස්ස ආයෙම බිත්තියට හේත්තු කෙරුවා. අංශුත් ඒකට මොකුත් කිව්වේ නෑ….

” ඉතින් පා සළඹ ගත්තා ට පස්සෙ මොකක්ද වුනේ….”

මම ආයෙම අර කතාව අහන්න අදහසින් අන්ශුගෙන් ඇහුවා.

” ඒ දවස්වල ම අපේ ඉස්කෝලේ නැටුම් තරග වගයකුත් තිබ්බා.. ඒකට පා සලඹකුත් ඕනාවෙලා තිබ්බේ. ඉතින් මේ පා සළබ මට හම්බවුන හින්දා ඒ ප්‍රශ්නෙත් නැතිවෙලා ගියා. මේ මගේ කකුලේ තියෙන්නේ ඒ පා සලඹවල් දෙකින් එකක්… අනිත් පා සළඹ නැතිවුන වෙලාවේ ඔයත් එතන හිටියා නේද….”

අංශු එයාගේ කකුලේ තියෙන පා සළඹ පෙන්වලා කියද්දී මම පුදුම වුනා… ඒ කියන්නේ අංශුට මාව මතකයි.. මට අංශුව මතකයි වගේම…මම දෙයක් කියන්න හදද්දීම අංශූ ආයෙම අර කතාව කියන්න පටන් ගත්‍තා.. ඒ හින්දා මම කියන්න ගිය කතාව කියන්න ගියේ නෑ.

” එදා මම සීයලාගේ ගෙදරින් පා සලඹ අරගෙන ගිහිල්ලා ගෙදර කවුරුවත් නැතිවෙලාවක් බලල පා සලබ කකුල් දෙකේ දාගත්තා… ඒ දවස්වල නැටුම් තරගෙකුත් තිබ්බ හින්දා මම පුරුදුවුන නැටුමක් ඒ පා සලඹ දාගෙන නැටුවා…. එහෙම පොඩ්ඩ වෙලාවක් නටද්දී එකපාරටම අමුතු හුලහක් හමන්න පටන් ගත්තා…ගෙදර ඉස්සර හ පිටිපස්ස දොරවල් විතරක් නෙමේ ඇරිලා තිබ්බ ජනෙල් පවා මහ හයියෙන් වැහෙද්දී එකපාරටම මට ඇහුනා කවුරුහරී හිනාවෙන හඩක්.

ඒ වුන අමුතු දේවල් හින්දා මම ඒ වෙද්දී නැටුමත් නවත්‍තලා තිබ්බේ.. ටිකවෙලාවකින් කවුරුහරි කෙනෙක් කතා කරන්න පටන් ගත්තා..ඒත් එයා මට පේන්න ආවේ නෑ… එයා කිව්වේ උබ මගේ පා සලඹ දාගෙන නැටුව හින්දා…මම ගොඩාක් සතුටුවුනා…දිගටම ඔහොම නටලා මාව සතුටුකරන්න , මම උබ කියන ඕනම දෙයක් කරලා දෙන්නම්. කියලා ඒ කෙනා කිව්වා. කිසිම කරදරයක් කරන්නේ නෑ කිව්වා. . පා සලබවල් නැතිකරගන්න එපා කියලත් එයා කිව්වා. මට පා සලඹ හම්බවුන දවස්වල මම පා සළඹ කකුලින් ගැලෙව්වෙත් නෑ..

එයා කිව්ව විදිහටම ඒ දවස්වල මම ඉල්ලපු හැම දේම ඒ කෙනා මට දුන්නා. ඒත් කවදාවත් මට පේන්න මගේ ඉස්සරහට ආවේ නෑ.. මම හිතුවේ මට ඇලඩින්ගේ පුදුම පහන වගේ එකක් හම්බවෙලා කියලා….

ඒත් ඔක්කොම දේවල් උනේ එදා ගගේදී මගේ පා සළබ නැතිවෙද්දී.. මම හෙව්වට හම්බවුනේ නෑ… ඒ වෙලාවේ ගගට ආපූ වංදනා පෙන්නපු යකින්න තමා මට අර පා සලඹ දාගෙන නටද්දී කතා කරන්නේ කියල හිතුවේ නෑ… වංදනා බයවෙලා මාව ඇදගෙන ආවා.. ඒ වෙලාවේ ගගේදී හමබවුන ඔයාට මොකක්ද වුනේ කියලවත් මම බැලුවේ නෑ….

මම බයින් බයේ දුකින් එදා හිටියේ. ඉතිරිවුන එකම පා සළබත් දාගෙන මම එදා රෑ නැටුවා..

එතකොටම වගේ අර ගගේ දී දැකපු යකින්න මගේ කාමරෙට ආවා. ඒ යකින්න කිව්වේ උබ නැතිකලේ මගේ පා සලබක්..උබට මම යහතින් ඉන්න දෙන්නේ නෑ…… උබ මැරෙනකම්ම මම උබට යහතින් ඉන්න දෙන්නේ නෑ…. වරෙන් මාත් එක්ක යන්ඩ…. කියලා මාව ඇද්ද..

ඒ යකින්නගේ කකුල්වලත් පා සළඹවල් තිබ්බ හින්දා මම විශ්වාස කලා ඒ යකින්න කියන්නේ ඇත්ත කියලා… යකින්න මාව ඇදගෙන යද්දිමයි අම්මයි තාත්තයි ගෙදර ආවේ…

අම්මයි තාත්තයි යකින්නගෙන් මාව බේරගන්න හදද්දී. අර යකින්න එයාගේ අතේ තිබ්බ දංවැලකින් අම්මගෙයි තාත්තගෙයු බෙල්ල හිරකරලා මම ඉස්සරහම මරලා දැම්මා…..

ඊටපස්සේ මාව මේ පාලු ගෙදරට උස්සගෙන ආවා…”

අංශු ඒ කතාව කියලා දිග හුස්මක් පිටකෙරුවා.

” ඊටපස්සේ මොකක්ද වුනේ ”

මම ඇහුවා.

” එදායින් පස්සේ මට උනේ ඒ යකින්න වෙනුවෙන් තරුන කොල්ලෝ ඒ පාලු ගෙදරට රවට්ටගෙන අරන් එන එක..එහෙම අරන් ආවම ඒ යකින්න ඒ අයගේ ලේ බොනවා….”

” එත් අංශු ඔයාට තිබ්බනේ ඒ යකින්නගෙන් බේරිලා පැනලා යන්ඩ….ඇයි එහෙම ගියේ නැත්තේ….”

” කීප පාරක් පැනලා ගියා ඒත් යකින්න මාව පස්සෙන් ඇවිල්ලා මාව අල්ලගෙන ආපහු මෙහාටම එක්කගෙන ආවා..”

” මේ කකුලේ තියෙන පා සලබ හින්දද දන්නේ නෑ ඒ යකින්න ඔයා පස්සේ එන්නේ….”

මම කිව්වේ අංශුගේ කකුලේ බැදලා තිබ්බ පා සළබ පෙන්නලා..

” නෑ ඒක ගලවලා දාල තමා මම පැනලා ගියේ…ඒත් යකින්න මගේ පස්සෙන් එනවා… මට ගැලවිල්ලක් ඇත්තේම නෑ….ඒ පා සලඹ ඒ යකින්නගේ කියලා කියන්නේ… ඒක මම කකුලින් ගලවනවට කැමතිත් නෑ……”

“අංශූ ඔය පා සළඹේ අනිත් එක හම්බවුනොත් ඔය යකින්න කරදර කරන එක නැතිවෙයිද…….”

” ඒ පා සලඹ හම්බවෙනවා කියන්නෙ ඉතින් හීනයක්. ඒක අර ගගේ කොහේ හරී ඇත්තෙ. දැන් වැලිවලට යටවෙලා ඇතී. ඒ පා සලඹ ගැන හිතන එකත් බොරු වැඩක්. ඒක නැතිවුන එකින් තමා මේ දේවල් මෙහෙම වුනේ…”

අංශුගේ හඩේ තිබ්බේ ලොකු පරාජිත බවක්..

” නෑනෑ.. ඒ පා සළබ මම ලග තියෙනවා…එදා ඔයාලා දෙන්න අර ගගේ පා සලඹ හොයද්දී මාත් එතන හිටියා… ඔයාලා කියන අර යකින්නනම් එදා මම දැක්කේ නෑ… ඔයාලා ගියාට පස්සේ මාත් ඒ ගගේ පා සලඹ තියනවද කියලා හොයද්දී මට ඒක හම්බවුනා.. ඒක මේ දැනුත් මගේ කාමරේ ඇතී…

මගේ ඇගට නව පණක් ඇවිල්ලා වගේ ගියේ කවිශ්ක ගලවල දාපු මගේ කලිසම අතට ගන්න. මම කලින් වතාවේ බලද්දී ඒක ඒ කලිසම් සාක්කුවේ තිබ්බා…

” මොකක්ද , ඒ පාසලඹ ඔයාට හම්බවුනා, කෝ කෝ ඒක”

අංශු මම ලගට එද්දී මම කලිසමේ සාක්කුවට අත දාලා පා සළබ අතට ගත්තා… ඒත් කවිශ්ක මේ කලිසම ඇදගෙන ගියානම් කොහොමවත් පා සළබ මට හොයාගන්න හම්බවෙන්නේ නෑ.. ඇයි කවිශ්ක කලිසම ගලවලා ගියේ.. මට ඒකත් ලොකු ප්‍රෙහේලිකාවක්…

” මේ තියෙන්නේ ඒ පා සළබ නේද…. ”

මම අංශුට ඒක දෙද්දී අංශුගේ ඇස් දිලිසුනා..

” ඔව් මේ ඒක තමා… මට විශ්වාස කරන්නත් බෑ ..”

” අංශු ඔය පා සලඹත් කකුලෙ බැදගෙන නැටුවොත් මොකක් හරි වෙනසක් වෙයිද… අර යකින්න සමහරවිට අර ඉස්සරම වගේ උදව් කරන්නත් පුලුවන් වෙයි නේද…..”

” ඔව් එහෙම වෙන්නත් පුලුවන් , ඒත් මට බයයි වගේ… එහෙම කරන්න…”

අංශු ඒ දේ කියද්දීම අපේ කාමරේට කවුරුහරි ආවා… මමයි අංශුයි දෙන්නම කලබල වෙලා දොර පැත්ත බලද්දී මම දැක්කේ මාව අල්ලගන්න ආව මැරයෙක් ගෙයි දොර ලග ඉන්න හැටි.. අවසාන වතාවට අර යකින්න්ගෙන් බේරිලා දුවන් ගියෙත් මේ මැරයායි. සමහර විට අර කොස්ස පෙරලුනෙත් මේ කෙනාගේ වැදිලා වෙන්න ඇතී.

මම හිතන විදිහට මේ මැරයා වෙන්න ඕනා අර යකින්නගෙන් බේරුන මැරයා. ඌ හිටියේ අපි දිහාට පිස්තෝලයක් දික් කරගෙන. මම හිතුවේ ඌ මාව කොටුකරගන්න එන්න ඇතී කියලා…

” හෙල්ලෙන්ඩ එපා හෙල්ලුනොත් තොපි දෙන්නම මරලා දානවා..කෙල්ලේ මෙහෙ අහපං , මට ඔය උබ ලග තියෙන පා සලඹවල් දෙක ඕනා…. දුන්නේ නැත්නම් උබව මෙතන මරලා දාල හරි මම ඔය පා සළබවල් දෙක ගන්නවා….. ඉතින් දියන්..”

මැරයා පිස්තෝලය ත් දික්කරගෙනම අංශු ලගට කිට්ටු වුනා.

” උබට ඇයි ඒ පා සළබ ඕනා…ඒක හින්දා අපි ඔක්කොම අමාරුවේ වැටිලා ඉන්නේ….අර යකින්නගේ මේ පා සළඹ..කෙල්ලට මොකුත් කරදරයක් කරන්න එපා… ”

මම කෑගැහුවා… පොඩ්ඩක් එහා මෙහා වුනොත් අනිවාර්යයෙන් ම අංශුගේ හරි මගේ හිසට හරි වෙඩි උන්ඩයක් වදින එක නියතයි.

” හහ් හහ් හා… උබලා හිතන්නේ එහෙමද.. මම මේ ගේ ඇතුලේ ඉදගෙන උබලා දෙන්නගේ කතාව අහ අහ හිටියේ..උබලා දෙන්නා දන්නේ නැතිවුනාට මේ පා සළඹ ගැන මාත් දාන්නවා. ඒ අපේ මාම කෙනෙක් කිව්ව කතාවකින්. මේ කෙල්ල කිව්ව විදිහට මේක ඇලඩින්ගේ පුදුම පහනක් වගේම තමා. ඒත් උබලා මේකෙන් වැඩගන්න දන්නේ නෑ……. උබලා අමාරුවේ වැටෙන එක විතරයි වෙන්නේ….

මට ඒවා කිය කිය කාලේ කන්න වෙලාවක් නෑ… අර යකින්න එන්න කලින් මෙතනින් පැනගන්න ඕනා….ඉක්මනට ඔය පා සලඹලව් මට දීලා උබලා දෙන්නත් පැනගනිල්ලා.. ඕක දුන්නේ නැත්නම් උබලා දෙන්නවම මෙතනම ඉවරයක් කරලා දාලා ඔය පා සළබවල් අරන් මම යනවා…කැමති කෝකටද…..”

මැරයා අමුතුම කතාවක් කියමින් අංශු ලගට තවත් ලංවුනා….

” අංශුට මොකුත් කරන්න එපා…මේ පා සළඹ උබම ගනින්… අංශූ ඕවා දෙන්න එයාට…..”

මම එහෙම කිව්වේ ඒ මැරයා අංශුට මොකක් හරි කරාවිද කියලා බය හිතුන නිසා.. ඒත් අංශූ පා සලබවල් දෙක දෙන්න අදිමදි කරන බවක් පෙනුනේ.

” හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් ඉක්මනට ඉක්මනට උබලා පරක්කු කලොත් අපි ඔක්කොටම වෙන්නෙ ආයෙම අර යකින්නට කොටුවෙන එක… උබ මේ කෙල්ලට ආදරෙයිනම් ඒක කෙල්ලට තේරුම් කරලා දියන්…. ”

මැරයා ඒක කිව්වේ මා දිහා බලමින්.

” අංශු ඔන්න ඕක ඌට දීලා දාන්ඩ.. එතකොට ඔය යකින්න්ගෙන් ඔයාට ගැලවෙන්නත් පුලුවන් දෙයී….”

මම කියද්දී අංශූ කකුලේ තිබ්බ ඇයගේ පාසළඹ ගලවන්න පටන් ගත්තා…

” ආන්න එහෙම…ඉක්මනට ඉක්මනට ”

මැරයා කිව්වේ ජයග්‍රාහී හඩකින්.

අවසානේ අංශූ පා සලඹවල් දෙකම අර මැරයාගේ අතට දුන්නා… ඌ ඒක සාක්කුවට දාගත්තා.

” හ්ම්ම්ම්ම් වෙරි ගුඩ්…..එහෙනම් මම ඉක්මනට මෙහෙන් යන්න ඕනා…ඒත් ඊට කලින් අපි මෙහාට ආව වැඩේත් ඉවරකරලා යන්නම ඕනා…ඒ උබ…”

කියපු ඌ එකපාරටම පිස්තෝලය දික්කලේ මගේ හිස ඉලක්ක කරගෙන.

” උබව අල්ලගන්න ආව එකින් මට මගේ හොදම යාලුවෝ තුන්දෙනාම නැතිවුනා… ඒ ඔක්කොටම හරියන්න… තෝත් මැරිය……”

ආයෙම කියපු ඔහූ පිස්තෝලයේ කොකා ගැස්සුවා……………?????????????????????????????අවසන් කොටසට ? පා සළඹේ හඩ

පා සළඹේ අභිරහසත් අරන් ඊලග අවසන් කොටසින් ඉක්මනට එන්නම්..

කතාව කියවන ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතීයි????

4 thoughts on “පා සළඹේ හඩ |? 10 කොටස ?|හොල්මන් කතා”

  1. කතාව ගොඩක් ලස්සනයි. අනිත් කොටසින් ඉවර වෙන හින්දා පොඩි දුකකුත් තියනවා. අලුතින් කතාවක් අරන් එන්න කියලා ආරාධනා කරනවා. All the best………?????

  2. මට නම් හිතෙන්නෙ නිසල්කට වෙඩි වදින්නෙ නෑ මොකද කලින් යකින්නට වෙඩි තියල උන්ඩ ඉවර උනාද කොහෙද නේද ?.

  3. අනෙ කතාව ඉවර වෙනවද???? ම්ම්ම් කමක් නැ.. තව මෙ වගෙ ලස්සන හොල්මන් කතාවක් ලියන්න අපි වෙනුවෙන්…✍️✍️✍️ good luck…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.