Katha Ahura

පා සළඹේ හඩ | ? 11 අවසන් කොටස ?| හොල්මන් කතා

2.3/5 - (10 votes)

පා සළඹේ හඩ ? 11 අවසන් කොටස ?

මම හිතුවේ ඒ මගේ අවසානය කියලා. වෙඩි හඩක් බලාපොරොත්තුවෙ න් හිටිය මට එකපාරටම ඇහුනේ චම් චම් හඩින් පා සළබක් හැඩවෙන හැටී.

” අර යකින්න ”

මැරයාගේ හඩින් ඒක කියවුනේ සෑහෙන්න බයකින්. ඔහු මට වෙඩි තියන අදහසත් අයින් කරලා එකපාරටම කාමරෙන් පිටවුනා..

” අංශූ ඉක්මනට ඉක්මනට අපි මේ ගේ ඇතුලින් පැනගන්න ඕනා…”

මම කිව්වේ ඉක්මනට අංශුගේ අතින් අල්ලගෙන..

” ඒත් කොහොමද ,දැන් යකින්න ගේ ඇතුලටම.ඇවිල්ලා ,අපි සෑහෙන්න පරක්කුයි…”

” පරක්කු නෑ…. අර බලන්ඩ අර ජනේලේ… ඒකේ ග්‍රීල් ගහලා නෑ…අපිට ඒ ජනේලෙන් එහා පැත්තට පනින්න පුලුවන්….”

කලබලෙන් කියපු මම ජනේලේ ලගට ගිහිල්ලා ඒ ජනේලේ පියන් ඇරිය.

” ඉක්මනට පනින්ඩ….. ”

මම යකින්න මතුවෙයිද කිය කිය කාමරේ දොර දිහා බලාගෙන කියද්දී අංශු ජනේලෙන් අනිත් පැත්තට පැන්නා.

” චම් චම්…….”

ඒත් එක්කමයි අර යකින්න පා සළබවල් නද කරමින් කාමරයට ඇතුල්වුනේ.. යකින්නගේ අතේ අර යකඩ දංවැල එල්ලිලා තිබ්බා.
අර මැරයා පස්සේ යකින්න පන්නලා තිබ්බ බවක් පෙනුනේ නෑ….

” ඉක්මනට අයියේ පනින්ඩ… ”

අංශූ කෑගහලා වගේ කියද්දී තප්පරයක් වගේ පොඩි කාලයක් ඇතුලත ගොඩක් දේවල් වුනා.

යකින්න අර දංවැලින් මට දමාලා ගහද්දී මම ඉක්මනට ජනේලෙන් මෙහා පැත්තට පැනලා ජනෙල් පියන වහලා දැම්මා. ජනේලෙට තිබ්බෙ ලැලිවලින් හදපු ජනෙල් පියනක්.

මට ඇහුනා මම ජනේලේ වහද්දීම අර යකඩ දංවැල ඒ වහපු ජනෙල් පියනේ හයියෙන් වදින හඩ..

” උබලට මගෙන් බේරෙන්න බෑ…”

යකින්නක් කෝපයෙන් අඩි හප්පන හඩ ඇහුනෙත් ඒ එක්මයී..

” දැන් මොකක්ද අංශු අපි කරන්නේ…. මේ යකින්නගෙන් බේරෙන්න ක්‍රමයක් දන්නේ නැද්ද…..”

මම ඇහුවේ අංශුවත් ඇදගෙන ගස් වලට මුවාවෙමින් පාර පැත්තට දුවමින්.

“නෑ මම කිසිම දෙයක් දන්නේ නෑ…….එහෙම දැනන් උන්නනම් මම මෙලහකටත් ඒ යකින්නගෙන් බේරිලා පැනලා ගිහිල්ලානේ…”

” එහෙමද දැන් අපි මොකක්ද කරන්නේ අර මැරයානම් යකින්නගෙන් බේරිලා පැනලා ගිහිල්ලා වගේ.. උන් ආවේ මොකෙන්ද ? වාහනයක්වත් නෑනේ…ඒ මදිවට කවිශ්ක ආපු වාහනයක්වත් පේන්න නෑනේ….”

මම කිව්වේ ගේ ඉස්සරහ පැත්ත බලමින් දුවමින්.

” අයියෝ එපා……”

මාව ගල් කරමින් එකපාරටම ඇහුනේ මර ලතෝනියක්. ඒක ඇහුනේ අපු හිටිය පැත්තට ත් ගොඩාක් ලංව.

” අංශු ඒ කවුද ඒ…… ”

” මම හිතන්නේ අර මැරයා යකින්නට අහුවෙන්න ඇතී……”

” ඒත් එයා අපිට කලින් බේරිලා දිව්වනේ… එහෙම අහුවෙන්නේ කොහොමද ”

මට ඒක විශ්වාස කරන්නත් බෑ වගේ.

” මාව මරන්න එපා…මට යන්න දීපං… මම ලග………”

මැරයා යකින්නට මොනවා හරි දෙයක් කියන්න හැදුවත් ඒක කියලා ඉවර කරන්න බැරිවුනා. ඊට පස්සේ ඇහුනේ මර ලතෝනියක්. මම හිතන්නේ ඒ මැරයගෙත් අවසානය කියලා.

” හහ් හහ් හා.. මගෙන් බේරිලා පැනලා ගියේ ආයේ මට අහුවෙන්නේ නෑ කියලා හිතලා නේ…මේ ලේ කන්ටී යකින්නව පරාද කරන්න කාටවත් බෑ…හහ් හහ් හා..”

වියරු හිනා හඩක් එක්කම මට ඇහුනේ අර යකින්නගේ හඩ…

” අංශු ඉක්මනින් කරමූ ,තවත් මෙහෙම බලන් හිටියොත් යකින්නගේ ඉලග ගොදුර අපී… යමූ යමු…”

මම ආයෙම අංශුගේ අත අල්ලගෙන දුවද්දීම අර මැරයාගේ මර ලතෝනිය ඇහුනා..

කාලය පොඩ්ඩ පොඩ්ඩ ගෙවිලා ගියා…අපි ඉස්සරහට දුවගෙන ගියා…ඒත් එකපාරටම වුනේ අපි කිසිසේත්ම විශ්වාස නොකරපු දෙයක්. එකපාරටම අපි ඉස්සරහින් තිබ්බ විශාල ගහක් ලගින් එලියට ආවේ අර බිහිසුණු යකින්නයි.

යකින්නගේ අතේ අර දංවැලත් තිබ්බේ සුපුරුදු විදිහටමයී.

යකින්න්ගේ මුව දෙපැත්තෙන් උනුසුම් ලේ වැක්කෙරෙමින් තිබ්බෙ බිහිසුණු බව වැඩි කරමින්.අහසේ පායාලා තිබ්බ දසවක සද එලියට යකින්නගේ ඒ බිහිසුණු බව මට හොදටම පෙනුනා.

” එහෙනම් , උබත් මට ද්‍රෝහී වුනා..අපේ ඇස් වගේ ආදරය කරපු පා සළබත් උබ නැතිකරලා දැම්මා….”

යකින්න කිව්වේ ගල් ගැහිලා වගේ හිටන් ඉන්න අංශුගේ මූන දිහා බලාගෙන.. ඒ එක්කම අංශු මගෙ අත අල්ලගත්තා..

ඒත් එක්කම මට ඇහුනේ පිටිපස්සේ ඉදලා මොකක් හරි එකක් හුලග කපාගෙන මගේ පැත්තට වේගෙන් එන හඩ.

” ආ…හ්… ”

මගේ මුවින් පිටවෙද්දී මට වුන දේ තේරුනා.. යකින්න එවපු දංවැල මගේ කකුල් දෙක වටේටම එතිල තිබ්බේ මට ඉස්සරහට අඩියක්වත් තියන්න බැරිවිදිහට. මම අංශු දිහා බලද්දී මම දැක්කේ ඇයත් අසරනව මම දිහා බලන් ඉන්න හැටි.

” මේ යකින්නට අහුවුන කිසිම කෙනෙක් බේරිලා ගිහිල්ලත් නෑ ,,මම බේරිලා යන්න දෙන්නෙත් නෑ….”

කියාගෙන එතනට ආපු යකින්න මගේ බෙල්ලෙන් අල්ලගත්තා.. යකින්න මුවින් එලියට දාපු කලු දිග දිව මගේ බෙල්ලේ එතෙන්න ගියේ පොඩිම පොඩි වෙලාවක් විතරයි.

මම අංශු හිටිය පැත්ත අමාරුවෙන් බැලුවත් මම පුදුමයට පත්කරමින් ඇය එතන උන්නේ නෑ……….

යකින්න ලගින් එන ගද මට උහුලගන්නත් අමාරුවුනා. යකිනගෙන් බේරෙන්න මම උත්සාහයක් ගත්තත් ඒක නිකම් බොරු වැඩක් බව මට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ…..

” අද මට මාරම මාර සතුටුයි…සමහර කාලවලට මාසයක් ගියත් මට උබලා වගේ තරුණ උන්ගේ ලේ ටිකක රස විදගන්න ලැබෙන්නේ නෑ. ඒකට අද රෑ… එකෙක් දෙන්නෙක් තුන්දෙනෙක් නෙමේ උබත් එක්ක පස් දෙනෙක්ගේ ලේ රහ බලන්න පුලුවන්..කොච්චර හොද රාත්‍රියක්ද අද… ”

සතුටින් කියපු යකින්න මගේ බෙල්ලට යකින්නගේ කට ලංකෙරුවා. මොහොතකින් මට දැනුනේ යකින්නගේ තියුනු දත් මගේ ගෙලේ වදින හැටී..

මම හිතුවෙ ඒ මගේ අවසානය කියලා. ඒත් මට එකපාරටම කවුරු හරි කෙනෙක් සිංදුවක් කියනවා අහුනා..

” ආ…. .ආ…….. ආ………
ආ…. ආ….. ආ……

” රැය ගෙවේ සදත් ඇති රැයක පුංචි තරු කැට හිනහිලා……
සීත පිනි කැට ඇගේ දැවටී රහස් කොදුරයි ලංවෙලා…….”

සිංදුව කියන්නේ අංශූ බව අදුරගන්න මට අමාරුවුනේ නෑ..ඇය සින්දුව කියනවා විතරක් නෙමේ ඇය සින්දුව කියමින් නටන බවත් මට තේරුනේ චම් චම් හඩින් හැඩවෙන පා සලඹවල්වල හඩ ඇහුන නිසා..

ඒ දේවල් වෙද්දි මම හිටියේ සැහෙන්න පාරාජිත වෙලා. මම හිතන්නේ අංශූත් මාව රැවට්ටුවා..ඇය කොහොමත් යකින්නගේ පැත්‍ තේ…ඒකනේ මට මෙහෙම යකින්නට අහුවෙලා ඉන්දැද්දී අර විදිහට සින්දු කිය කිය නටන්නේ..

මම හිතුවේ සෑහෙන්න කනස්සල්ලකින්.

අංශූ සින්දුව කිය කියා නටමින් අපි ඉන්න පැත්තට එන බව මට දැනුනේ දැන් දැන් පාසලබේ හඩ ලහින්ම ඇහෙන නිසා.

මේ වෙද්දී යකින්න හිටියේ මගේ ලේ බොන්න හදපූ අදහසත් නවත්‍තලා… යකින්න්ගේ ඇස් එක පාරටම ගියේ අංශුගේ කකුල්වල බැදලා තිබ්බ පා සලඹවල් දෙක ලගට..

අංශූගේ කකුල් දෙකේ ඒ වෙද්දී අර පා සලඹවල් දෙකම තිබ්බ. ඒ පාසලබවල් කලින් වතාවේ දකිද්දී තිබ්බේ අර මැරයාගේ අතේ..

කොහොමද අංශුට හම්බවුනේ..

මම හිතද්දීම යකින්න මාව අත ඇරලා දැම්මා..

” ඒක..ඒක කොහොමද උනේ……”

එහෙම කියපු යකින්න ටික ටික කිට්ටු කලේ නටමින් ඉන්න අංශු දිහාට.

“ආ…. .ආ…….. ආ………
ආ…. ආ….. ආ……

” රැය ගෙවේ සදත් ඇති රැයක පුංචි තරු කැට විසිරිලා……
සීත පිනි කැට ඇගේ දැවටී රහස් කොදුරයි ලංවෙලා…….

පයේ දැවටුන පා සළඹවල් උමතු විදිහට හඩතලා……
මොනවදෝ පවසනව කාටද පිලිතුරක් එනවද බලා……

මුලු මල් ලෝකෙම නිදන නිමේශේ කඩුපුල් මල් පෙති විහිදිලා….
අහනවා ඇති මම ගයන ගී කොහේ හෝ තැනක හිනහිලා…….

ආ….
ආ….
ආ….

ලා…..
ලා…..
ලා…..

අංශූ එකදිගටම එහෙම සින්දුව කියමින් නටද්දී විශාල සුලගක් හමන්න පටන් ගත්තේ එකපාරටම යි…

“ජරබරාස්….’

හඩින් වත්තේ තිබ්බ දිරපු ගස්වල ඇතු පවා කඩා වට්ටවන්න ඒ සුලගට පුලුවන් වෙලා තිබ්බ.

අංශු ලගට කිට්ටු කරලා හිටිය යකින්න එකපාරටම නැවතුනා….

“හ…හහ්…හහ්…හා.. ”

ඒ එක්කම ඇහුනේ කාගේ හරී ප්‍රීතිමත් හිනාහඩක්.. ඒත් එහම හිනාවුනේ යකින්නනම් නෙමේ. මම ඒ හිනාවේ අයිතිකාරයා හෙව්වුත් මට ඔහුව හොයාගන්න බැරිවුනා…

” ගොඩා….ක් දවසකට පස්සේ ඔබට මාව මතක්වුනාද..කලින් වතාවේ ඇහුවටත් වඩා ඔබේ සින්දුව ගයන හැටී.. මගෙ පා සළඹ දාගෙන
ඒ සින්දුවට නටන හැටී ලස්සනයි.. ඉතින් මම උබ කරන දේට අදත් සතුටු වුනා..මොනවද ඔබට අද මගෙන් ඕනා කරන්නේ…”

ආයෙම ඒ අදිසි කටහඩ ඇහෙන්න පටන් ගත්තා… ඒ කටහඩ කාන්තා කටහඩක්.

” ඒත් මම නැටුවනේ. ඒත් ඔබ ආවෙ නෑනේ… මේ යක්ශනී විතරයි ආවේ එතකොට මේ පා සළඹ කාගෙද….”

අංශු ඇහුවේ පුදුමෙන් වගේ..

” ඔතන පා සළබවල් දෙකක් තියනවා. ඒ වයින් එක පා සළබක් විතරයි මගේ…අනිත් පා සලඹ ලේ කණ්ඨී කියන මේ යක්ශනීගේ…

අපි දෙන්න මනුස්සයන් විදිහට මීට අවුරුදු ගානකට කලින් ජීවත්වෙලා හිටියා. මම අක්කා අර ඉන්නේ ඒ කාලේ මගේ නංගී. .. ඒ කාලේ අපි දෙන්නටම ඔය පා සලබවල් අයිති , ඔය පා සළබ අපිට තැගී කලේ පුර පස සද කාලේ දේවාතාවියක් වෙන ඒත් අව පස සද කාලේ යකින්නක් වෙන අර්ධ යක්ශ දේවතාවියක් විසින්.

අපි මාරුවෙන් මාරුවට නර්තනය යෙදුනේ ඔය පා සළබවල් දාගෙන.

ඔය පා සළබින් එකක් ඇයගේ…එකයි මගේ… අපි දෙන්නට ඔය පා සළබ නිසා සෑහෙන්න වාසනාවක් ලගාවුනා.

ඒත් අපි දෙන්නට අර අර්ද යක්ශ දේවාතාවියගේ බැදීමක් තිබ්බ නිසා. අපි ඊලග භවයේ ඉපදුනේ අමුතු විදිහකට. මම දේවාතාවියක් වෙද්දී..මගේ නංගී යකින්නක් වෙලා ඉපදුනා.. එහෙම ඉපදෙන්නේ කියලත් අපි දැනන් උන්නා…

අපි මැරුනෙත් එකම දවසක. මැරෙන්න කලින් අපි පා සලඹවල් දෙක ගල් ගුහාවක හැංගුවා. අපි ඒක හංගද්දී ලොකු ප්‍රාර්ථනා වක් කලා මේ පා සලඹ අනාගතේ කාටහරි ලැබුනොත් එයා ඒ පා සලබ අරන් නැටුවොත් අපි එයා එක්ක බැදීමක් ඇතිවෙන්න ඕනා කියලා.. ඒත් ඒ කෙනා ඒ පා සළඹවල් නැති කලොත් ලොකු දඩුවමක් එයාට දෙන්න ඕනා කියලත් අපි ප්‍රාර්ථනා කලා.. පිරිමි කෙනෙක්ට මේ පා සළඹ ලැබුනට වැඩක් නෑ…ගැහණු කෙනෙක්ටමයි මේ පාසලබ දාගෙන නටද්දී අපිත් එක්ක බැදීමක් ඇතිවෙන්නේ.

මේ පා සළබල් දවසක කවුරුහරි කෙනෙක් හොයාගෙන ඔවුන්ගේ අතට ගියා..අපෙන් උදව් පවා ගන්න ඒ අය පුලුවන් උනා.. සමහර අය මේ සලඹ එයාලගේ අතට ගන්න එක එක විදිහේ උප්පරවැට්ටි පවා යෙදුව..

අවසන් වතාවට අපෙන් උදව් ගත්තේ…මේ පා සළඹ දාගෙන නටලා ඔබගේ කිරි අම්මා තමා.. ඒත් ඇය එයින් උදව් ගත්තේ තරුණ කාලේ වෙන්න ඕනා..

මම ඊටපස්සේ උදව් කරන්න කියලා හොයාගෙන ආවේ ඔබට , ඔබ තමා ඊටපස්සේ අපේ පා සළබවල් දාගෙන නටලා අපි.එක්ක බැදීමක් ඇති කරගත්තේ… ඉතින් කවුරුහරි මේ ප සලබ නටුවොත් එය මට අනිවාර්යයෙන් දැනෙනවා. ඒත් ඒ දෙකම දාගෙන නටන්නත් ඕනා.එකක් හරි නැති කලොත් එය මගේ නංගී අර යකින්නක් වෙලා ඉපදිලා ඉන්න ඇයට පෙනෙයි. එය කවදාහරී නැතිකරපු කෙනාම හොයාගන්නකම්ම ඇය දඩුවම් දෙයි.

ඉතින් මගේ යකින්නක් වෙලා ඉපදිලා ඉන්න නංගී මෙතන ඉන්න එකින් මට ‍තේරෙනව ඔබ අතින් එක පා සළඹක් නැතිවෙලා තියෙන බවත් මීට පොඩ්ඩ වෙලාවකට කලින් ආයෙම ඔබ ඒ නැතිවුන පා සළබ හොයාගෙන බවත්…එහෙම නේද….”

අදිසි කටහඩ ආයෙම ඇහුවා…

” ඒත් ඒ පා සළඹ නැතිවුනාට පස්සේ ඔබට තිබ්බනේ ඒ පාසළබ මට හොයාගන්න උදව් කරන්න… ඇයි එහෙම කලේ නැත්තේ….ඒ හින්දා මගේ අම්මයි තාත්තයි දෙන්නම මට නැතිවුනා….”

අංශු කිව්වෙ.සෑහෙන්න දුකින්.

” සමාවෙන්න ඒකට මට ,පා සලබවල් දාගෙන කවුරුහරි නටද්දී විතරයි මට ඒ කෙනාව දැනෙන්නේ.. එයිනුත් පා සළබ වල් දෙකම දාගෙනත් නට්න්න ඕනා..

ඒත් ඔබ ලග පා සලඹවල් තියෙන තුරාම මගේ නංගිගේ ඒ කියන්නේ අර යකින්නගේ බැල්ම ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා. ඔබට නොදැනෙන්නෙ ඒ දවස්වල ඔබ පස්සෙන් එන්න ඇතී.

පා සළඹ නැති වුනාට පස්සේ ඇයට තරහා ගිහිල්ලා අර වගේ දඩුවමක් දෙන්න ඇතී.. එහෙම නේද ලේ කන්ටී…

අදිසි හඩ ආයෙම ඇහුවා..

” ඔව් එහෙම තමා උනේ…මැය ඒ පාසළඹ හමබවුනා දා ඉදලම කකුලේ බැදගෙන එහේ මෙහෙ ගියා. ඒකේ තියෙන වටිනාකම.ගැනවත් හිතුවෙ නෑ… එදා අර ගගේදී මේක මැය ගේ කකුකින් ගැලවිලා වැටුනා. කොච්චර හෙව්වත් හම්බවුනේ නෑ. මට මාර තරහක් දැනුනේ. මේ කෙල්ලට දඩුවමක් දෙන්න ඕනා වුනා.. ඒ දෙන්න දුවන පස්සෙ මම ගියා. මම හිතුවේ නෑ ඒ පා සළඹ ආයේ දකින්න පුලුවන් වෙයි කියලා. ඉතින් ඒ තරහ හින්දාමයි මම මේ තරම්ම ලොකු දඩුවමක්.දුන්නේ. අපිට හැකියාවක් නෑ… මිනිස් අතක් ස්පර්ශ වුන පා සලබ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න හැකියාවක්. ඒක දැන් අපිට ස්පර්ශ කරන්න විදිහකුත් නෑ.

ඒ හින්දා මට ඒ නැතිවුන පා සළබ හොයාගන්න පුලුව්න් වුනේය්හ් නෑ.

ඒත් දැන් ඒක ඇයගේ කකුලේ තියෙනවා…ඇයට ඒක ලැබුනේ කොහොමද කියලා හොයාගන්න ඕනා… එදා පා සළබ අර ගගේදි නැතිවුනා කියලා ඇයට ගානක්වත් තිබ්බේ නෑ. අඩුම ගානේ ආපහු ගගට ගිහිල්ලා හොයාගන්නවත් ඇයට උනන්දුවක් තිබ්බේ නෑ.. එදා රෑ මහ වැස්සක් වැස්සා. ඒ වැස්සට ගගේ වතුර වැඩිවෙන්න වැඩිවෙන්න මගේ තරහත් වැඩිවුනා.. මම හිතුවේ නෑ ආයෙම ඒ නැතිවුන පා සළඹ මට දකින්න ලැබෙයි කියලා…. ඒත් ඒක දැන් ඇයට ලැබුනේ කොහොමද ”

යකින්න කිව්වේ තව වරක් අංශුගේ පාදවල බැදලා ඇති පාද සළඹවල් දිහා බලාගෙන.

” ඒ පා සළබ එදා ගගේදී ඇහින්දේ මම…මම දැනන් උන්නේ නෑ ඒ පා සළබ එච්චරම බලවත් එකක් කියලා. මට ඕනාවුනා ඒ පා සලඹ ආයේම අංශුට ම දෙන්න. ඒත් මෙහෙම දේවල්වලට මූන දෙන්න වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ….”

ඒ දේ කිව්වේ මම.

” ඒ පා සළබින් එකක් පිරිමි කෙනෙක් ලගට යනවා කියන්නේ..එයාට ජීවත්වෙන්න වෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්.”

අදිසි හඩ කියද්දී මට හිතුනේ ඒ දේ ඇත්ත කියලා. අර පා සළඹ මම අහුලපු දා ඉදලා වුනේ මරණ බියෙන්. මම හොයාගෙන ආවේ අවාසනාව විතරයි

“මම ඒ මොකුත් දැනන් උන්නේ නෑ…”

මම ආයෙම කිව්වා…

” මට දැන් යන්න ඕනා. කියන්න ඔබට මගෙන් මොනවද අද ඕනා කරන්නේ….”

මම හිතන්නේ අදිසි හඩ ඇහුවේ අංශුගෙන්.

” ඔබ මගෙන්ද අහුවේ…..”

අංශු ඇහුවා.

” ඔව් ඔබෙන් තමා. ඔබ ලගනේ දැන් පා සළබ තියෙන්නේ”

” අපිට අර යකින්නගෙන් බේරෙන්න ඕනා.. ඇයෙගෙන් බේරිලා යන්න උදව් කරන්න…”

අංශු කිව්වෙ තාමත් හිටගෙන අපි දිහා බලන් ඉන්න යකින්න දිහා බලමින්.

” පා සළබවල් දෙක එක ලග තියෙනකම්. ඒ යකින්න ,ඒ කියන්නේ මගේ නංගී ඔබටනම් කරදර කරන්න එන්නේ නෑ ආයේ. ඒත් පා සලඹවල් දෙක ආයෙම වෙන් වුනොත් ඇය ආයෙම ඔබව හොයාගෙන ඒවී… එහෙම නේද… මගේ නංගියේ…..”

” ඔව් දැන් මගෙන් උබලට කරදරයක් නෑ. දැන් පා සලඹවල් දෙකම ආයෙම එකතුවෙලා….”

කියපු යකින්න මගේ දිහා බැලුවා..

” උබටත් දැන් මගෙන් කරදරයක් නෑ.. මොකද උබ තමා ඒ එදා නැතිවුන පා සළබ ආයෙම හොයාගෙන ඇවිල්ලා එකතුකලේ..අක්කේ ඔබම ඔහුව නිදහස් කරන්න”

යකින්න කියද්දී මගේ කකුල් දෙකේ එතිලා තිබ්බ දංවැල අයින්වෙලා ආපහු යකින්න්ගේ අතටම ගියා.

” එහෙනම් මට දැන් යන්න ඕනා….අදින් අස්සේ මට කෑම හොයාගන්න වෙන්නේ තනියමමයි..ඒත් උබ අතින් ආයෙම ඔය පා සළබවල් නැතිකරගත්තොත් ආයෙම මම උබව හොයාගෙන එනවා….”

අණකරලා වගේ කිව්ව යකින්න යන්න ගියා. වේගෙන් ගිය යකින්න මොහොතකින් නොපෙනීම යන්න ගියා…

” එහෙනම් මටත්දැන් යන්න වෙලාව ඇවිදින්.. ආයෙම මගෙන් උදව්වක් ගන්න ඕනානම් මාව කැදවගන්න ඕන හැටී ඔබ දන්නවනේ… ඒත් ආයෙම පා සළඹ නැතිකරගන්න එපා…මගේ නංගී ගොඩාක් දාරුණ යකින්නක් , ඇය ආයේ ඔබට කරදර කරන්න එනවාමයි..ඒක හොදටම මතක තියගන්න…එහෙනම් මම යනවා.”

අදිසි හඩ එහෙම කියද්දිම ආයෙම කලින් වගේ තද සුලගක් හමන්න ගත්තා. ඊටපස්සේ අදිසි හඩ ඇහුනේ නෑ. මම හිතන්නේ ඇයත් යකින්න වගේම යන්න ගිහිල්ලා

” අංශු ඔයාට කරදරයක් නෑනේ…”

කියපු මම ඇංශු ලගට කිට්ටු කලා.

“නෑ මට කරදරයක් නෑ.. මම මේ හිතන්නේ මම මේ දැක්කේ හීනයක්ද කියලා. මේ වගේ දේවල් වෙන්න පුලුවන්ද…”

” නෑ ඒක හීනයක් නෙමේ අංශූ, ඒත් මේ පා සලඹ ආයේම ”

මම කිව්වේ අංශුගේ කකුලේ තියෙන පා සලඹවල් දිහා බලමින්.

” ඔයා අර යකින්නට අහුවුන වෙලාවේ මට කිසිම දෙයක් කරගන්න බැරිව ඉන්දැද්දී මට එකපාරටම මතක්වුනා අර මැරයා මගෙන් අරන් ගිය පා සලඹවල් දෙක. මට හිතුනා ඒ පා සලඹවල් දෙකම හොයාගෙන ඉස්සර දවස්වල වගේ අර යකින්න මට උදව් කරයි කියලා..

ඒ වෙද්දී මම දැනන් උන්නේ නෑ.. මේ පාසලබට බැදීමක් තියෙන දෙන්නෙක් ඉන්නවා කියලා.. මම ඉක්මනට අර යකින්න අතින් මැරුන් කාපූ ඒ මැරයාගේ මිනිය හොයාගෙන ගියා. මිනිය මේ කිට්ටුවම තිබ්බා. ඉක්මනට කලිසම් සාක්කුවට අත දාල පා සලඹවල් දෙක අරගෙන අර විදිහට සින්දුවක් කිය කිය නැටුවා..”

” ඔයානම් මාරයි අංශු එච්චරම නිර්භීත කමක් මට හිතාගන්නවත් බෑ.. ඔයා මගේ ජීවිතේ බේරගත්තා…ඒත් අංශූ අපි දැන් ඉක්මනට මෙතනින් යන්න යමූ.. මෙතන ඉන්න එක එච්චරම ඇගට ගුන නෑ…”

මම කිව්වේ වටපිටාව දිහා බලමින්. යකින්න ආයේ කරදර කරන්නේ නෑ කිව්වත් මගේ හිතට බයක් දැනුනා යකින්න ආයේම අපි හොයාගෙන එයි කියලා. ඒත් යකින්න ඊටපස්සේ ආවේ නෑ..

අංශු පා සළබවල් දෙකම ගලවල අතට ගත්තා. මම ඇයවත් එක්කගෙනම ආවෙ අර මම හිටිය ගේ පැත්තට

” මොනවා වුනත් ඔයා තමා අයියේ මගේ ගැලවුම් කාරයා ,මම අර යකින්නට අහුවෙන්නේ නැතුව බේරිලා යන්න ඔයාට උදව් කලෙත් එක හේතුවකට….”

” මොකක්ද ඒ හේතුව්…”

මම අංශුගෙන් ඒක අහද්දීමයි ගේ පැත්තට බයික් එකක හඩක් ඇහුනේ… මට එකපාරටම බයවුනේ ආයෙමත් අර මැරයෝ වගේ සෙට් එකක මාව අල්ලගන්න ඇවීල්ලද කියලා…

“බ්‍රා……ස්..”

බයික් එක මිදුලේ නවතද්දිම මම අංශුවත් ඇදගෙන බිත්තිය ට හේත්තුවෙලේ ආවේ කවුද කියලා හොරෙන් බැලුවා.

මට විශ්වාස කරන්නත් බෑ. ඇවිල්ලා හිටියේ කවිෂ්ක… එතකොටයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.

” නිසල්ක ,නිසල්ක…”

කියමින් ඔහු ඇරලා තිබ්බ දොර මැදින් ගේ ඇතුලට ගියා.

” කවුද ඒ…”

අංශු මගෙන් ඇහුවේ රහසින් වගේ.

” ඒ මගේ හොදම යාලුවා.. මම හිතුවේ අර කලින් පාර ආව උන් වගේ මාව අල්ලගන්න කවුරුහරි ඇවිල්ලා කියලා…එන්ඩ යන්ඩ…”

මම එහෙම කියලා අංශු එක්කම කවිශ්ක සොයාගෙන ගියා. අංශූ මාත් එක්ක ගේ ඇතුලට යන්න බයක් තිබ්බේ නෑ..

” නිසල්ක්….කොහෙද මේ යකා ගියේ….”

කවිශ්ක ඒ දේකියද්දී මායි අංශුයි හිටියේ ඔහු පිටිපස්සේ. අපේ අඩි හඩවල්වලට වෙන්න ඇතී ඔහු හැරිලා බලද්දි අංශු දැකලා වෙන්න ඇති ඔහු ඇය දිහා බයවෙලා වගේ බලන් උන්නා.

” නිසල්ක මේ කවුද මේ….”

” ඊට කලින් කියපන් උබ එකපාරටම කොහෙද අතුරුදහන් වුනේ කියලා. උබ එකපාරටම අතුරුදහන් වුන එකට මම කොච්චර බය වුනාද කියලා උබ දන්නේ නෑ..”

කවිශ්ක අහපු දේට පිලිතුරක් නොදීම මම ඒක ඔහුගෙන් ඇහුවේ ඔහුට බනිමින් වගේ.

” සොරි බං එකපාරටම මම පෝන් එක චාජ් එකට ගහද්දිම කොල් එකක් ආවා ලොකු මාමට අමාරුයි කියලා.. නහයෙන් ලේ යනවා කියලා.,,, ලොකු මාමලාගේ ගෙවල් තියෙන්නේ මේ කිට්ටුව කියලා උබට මං කිව්ව මතක ඇතිනේ..මම අද උබව බලන්න මෙහෙ ආවෙත් ලොකු මාමලගේ ගෙදර පොඩ්ඩවෙලාවක් ඉදලා..

ඉතින් අර කෝල් එක ආවට පස්සේ මම හොදටම බයවෙලා එහේ ගියා.. යද්දි සෑහෙන්න අමාරුයි.. පෝන් එකත් චාජරේට ගහලා ගියේ ඒ වෙද්දී බැට්‍රිය බැහලම තිබ්බ හින්දා.. උබට කෝල් එකක්වත් දෙන්න බැරිවුනා ඒ හින්දා..”

” ඒකද එතකොට උනේ….මම හිතුවෙ.වෙන දෙයක්, මට උබ යද්දී බයික් එක ස්ටාට් කරපු සද්දෙවත් ඇහුනේ නෑ..”

” ඒක මම දන්නේ නෑ…උබ වෙන කල්පනාවක ඉන්න ඇතී…ඒත් මේ කවුද මේ….”

කවිශ්ක කුතුහලයෙන් කිව්වෙ අංශුව පෙන්නලා..

” මේ තමා අංශූ….”

” අංශූ.. අර නිසල්ක අහුලපු පා සලඹේ අයිතිකාරී.. අර හැමතිස්සෙම වගේ මාත් එක්ක කියන්නේ ,ඒ අංශුද… ඒත් කොහොමද එයා මෙහේ…”

කවිශ්ක ගේ හඩේ තිබ්බේ විශ්වාසකරන්නත් බෑ වගේ හඩක්.

” ඒක දිග කතාවක් කවීශ්ක.. උබ ඒ කතාව විශ්වාස කරන්නෙත් නැතිවෙයි…ඒක ඒ තරම්ම අමුතුයී…”

ඒත් එක්කමයි ගේ ඇතුලේ තිබ්බ කවිශ්ක ගේ පෝන් එක හඩ දෙන්න පටන් ගත්තේ..

” මගේ පෝන් එක නේද , කලු චූටී කතා කරනවා ඇතී… මගේ කෙල්ල බයවෙලා ඇති මම අද කතා කලේ නැත්තේ කියලා…”

කියපු කවිශ්ක පෝන් එක හොයාගෙන ගියේ දුවගෙන වගේ. කවිශ්ක කියපු දේවල් වලින් මට දෙයක් තේරුනා. ඒ කියන්නේ අංශුගේ හොදම යාලුවා වංදනා තමා කවිශ්ක ගේ පෙම්වතිය. කොච්චර ඒක අමුතුද.
මම අංශු දිහා බැලුවා.

” ඉතින් අංශු කියන්නකෝ…ඔයා ඇයි මාව අර යකින්නගෙන් බේරගන්න හිතුවෙ……”

මම ඒක අහද්දී අංශු බිම බලාගත්තේ ලැජ්ජාවෙන් වගේ…

” ඇත්තටම කියන්න්කො…ඇයි මාව බේරගත්තේ..”

මම ආයෙම ඇහුවා..

” මම එදා පා සළබ සීයලාගේ ගෙදරින් අරන් ගිහිල්ලා සින්දු කිය කිය නටද්දී අර අද ආපු ඒ අදිසි කෙනා ඒ දවස්වල ත් මාව හොයාගෙන ආවා.. මට ඉල්ලපු දේවල් කරලා දුන්නා.

ඉතින් ඒ පා සලබක් මගෙන් නැතිවෙන්න පොඩිවෙලාවක්ට කලිනුත් මම ඒ කෙනාව ගෙන්වල උදව්වක් ඉල්ලුවා.මට කෙනෙක්ව පෙන්වන්න කියලා…”

කියපු අංශූ මොහොතක් නිහඩව හිටියා.

” කවුද පෙන්නන්න කිව්වේ…”

” එදා මම එහෙම පෙන්නන්න කිව්වේ වතුර ගලාගෙන යන තැනකදී මට මගේ විවාහ සහකාරයාව පෙන්නන්න කියලා.. ඉතින් එදා ඒ දේ ඉල්ලල පොඩි වෙලාවක් යද්දී , අර ගගේදි ඔයාව දකිද්දී මම හිතුවෙ ඔයාද දන්නේ නෑ ඒ කෙනා කියලා.. අන්න ඒ හේතුව හින්දායි මට ඔයාව අර යකින්නගෙන් බේරගන්න ඕනා වුනේ…”

අංශූ ඒ දේ කියද්දී මට හිතුනේ ලොකු සතුටක්.

” …ඔයා ව එදා දැක්කට අස්සේ මටත් ඔයාව අමතක කරන්න බැරිවුනා..අර ගගේදී මම අහුලපු පා සලබ දිහා මම ඒ දවස්වල හැමදාම වගේ බලන් ඉන්නවා. ඒ පාසළබ මම ලග තියෙද්දී මම හිතුවේ ඔයා මම ලග ඉන්නවා කියලා… ඔයාව මට අමතක කරන්නම බැරිවුනා…

ඉතින් ඒ කෙනා මම වෙන්න බැරිද අංශූ….”

මම ඇහුවේ හැගීම්බර හඩින්.

“පුලුවන්…”

අංශු පහත් හඩින් කියද්දී මට දැනුනේ මම රටක් රාජ්‍යක් දිනුවා වගේ හැගීමක්..

??????????????????????

ඉතින් ඊට පස්සේ ගොඩක් දේවල් වුනා.. ඔව්. මගේ නරක කාලය එදා රැයින් පස්සේ නිම වෙන්න ඇතී.

අංශු මගේ ආත්මයේම කොටසක් වුනා. අවසානේ අපි නතරවුනෙ විවාහවෙලා. පා සලඹට බැදීමක් ඇතී දේවතාවිය අපිට අරුම පුදුම උදව් උපකාර කලා. ඒ උදව් නිසාම මගේ ආර්ථික තත්වය පවා වැඩිවුනා.

ඒත් මම දන්නවා ඒ පා සලඹට බැදීමක් තිබ්බ අනිත් කෙනා අර බිහිසුණු යකින්නත් අපි කරන කියන දේවල් , අංශු අතින් ආයෙම පා සලඹ නැතිකරගන්නවද කියලා අපි දිහා බලන් ඉන්න බවත්.

ඒ නිසාම අපි මේ පාර පා සලබ නැතිකරගනේ නැතිවිදිහට පරිස්සම් කරගත්තා. කිසිම මිනිස් ඇසකටවත් පේන්නේ නැති විදිහටම.

මගෙනුයි අංශුගෙනුයි පස්සේ මේ පා සළබෙන් කවුරු ප්‍රයෝජනයක් ගනීද කියලා කියන්න මේ මොහොත වෙද්දි කියන්න මම දන්නේ නෑ…………….??????????????????????????? සමුදෙන්න අවසරයි ? පා සළඹේ හඩ.

ඉතින් අද රැයින් පස්සේ ආයෙම පා සළබ නද දෙන්නේ නැති වෙයි..ඔයාලට අහන්නත් බැරිවෙයි. ඒ කතාව ඉවර නිසා.

මම ලියන හැම කතාවකම වගේ මුල් කොටස් හොදට ඇදගෙන ගියත් අවසන් කොටසේදී මම ඇනගන්නවා. මේ කතාවත් එහෙම එකක් කියලා හිතෙනවා….??????

මොනවා වුනත් පලවෙනි කොටසේ ඉදලාම කොටස් එකොලහකින් ඉවර වුන අවසන් කොටස වෙනකම්ම මමයි මගේ පා සළඹේ හඩයි එක්ක හිටිය කතාව කියවපු ලයික් කමෙන්ට්ස් දාපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තූතියි????????????

11 thoughts on “පා සළඹේ හඩ | ? 11 අවසන් කොටස ?| හොල්මන් කතා”

  1. අවසානයත් හොඳට තිබුනා. ගොඩාක් ලස්සන කතාවක්. තවත් මේ වගේ කතාවක් ඉක්මනින්ම අරන් එන්න කියලා ආරාධනා කරනවා. All the best……..???????
    බුදු සරණයි. ?

    3
  2. Kathawa Madi kiyala hithenne Mata vitharada.. ane thawa thibba nam patta anyway kathawa supirma Baya Una hode … Thawath ekak Aran Enna budusaranyi

    1
  3. අවසානය ලස්සනයි ගොඩක්… ලස්සන හොල්මන් කතාවක් ලියන්න අපි වෙනුවෙන්…✍️✍️✍️???????

    2
  4. Raaaaz… ඔයානම් මැණිකක් රත්තරනේ… ඔයා අපේ හිත් කුතුහලයෙන් බයෙන් ඉතිරෙව්වා… ආදරෙයි ඔයාටයි ඔයාගේ මේ කතා වලටයි… උම්මා ??????????????????????????????????????????????

    2
  5. අහ්හ් රාස්… ඔයා ඔයාගෙම කතා විතරක් දාල app එකක් හදන්නකෝ… එතකොට අපි ට වැඩියෙන් ආස කරන ඔයාගේ ඒවා කියවන්න හොය හොයා ඉන්න ඕනි නෑ… මන් ඔයාගේ නිශා දිලංකගේ හොල්මන් කතාවත් කියෙව්වා… ????

    1
  6. අමුතුම විදියක ලස්සන කතාවක් . කතාව දාලා හුග කාලයක් ගියාට පස්සෙ නෙ ඉතින් මට කියවන්න හම්බුනේ . කමක් නෑ කොහොමහරි කියෙව්වා ?

    හුගක් ආසාවෙන් කියවපු ත්‍රාසය , භීතිය උපරිමයෙන් තිබුණු සුපිරි කතාවක් කියන එක නම් අනිවාරෙන් කියන්න ඕන ?

    හැබැයි අර කවිශ්ක අතුරුදහන් වුන වෙලේ එයාව හොයන්න ගිය නිසල්කට හම්බුන මල සිරුර කාගෙද කියලා කොහෙවත් තිබ්බේ නෑ නේද .. හැබැයි තිබිලත් මම දැක්කේ නැද්ද දන් නෑ ?

    මොනාවුනත් ලස්සන කතාවක් . මම කියවපු හොදම කතාවලින් එකක් . කිසිම තැනකදි කම්මැලි කමක් නම් දැනුනේ නෑ . ඒ තරමට ම සුපිරි ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.