Katha Ahura

පිච්චමල් මනාලී|පහලොස්වන කොටස| නවකතාව

4.1/5 - (30 votes)

 

15

“මොන මගුලක්ද කියවන්නේ..”

නුරාග් ගුගුරන්නට විය.

” කිව්වේ ඇහුන දේ තමා ඒ පොඩි දරුවෙක් කියලා මතක තියාගෙන වැඩ කරන්න ..ඔයාගෙ වයසට හරියන කෙනෙක් හොයාගන්න……”

එසේ කියමින් නුරාග්ගේන් තම අත ගලවා ගත් දේදුනු නිවස දෙසට ඇවිද ගියෙ නුරාග් උනේ කුමක්ද යන්න කල්පනා කරද්දි.
………………………………………..
” නංගි නිදිද…………”

” හ්ම්………….එන්න බෑ කියලා නහයෙන් ඇඩුව ………….මේකිනැතිව මට නින්ද යන්නේ නෑ බම්…මගෙ පොඩි එකි…….”

” එහන් බලෙන් හරි එක්ක ආව එක හොදයි………”

” ඇයි බන් මේ…………”

” දැක්කේ නැද්ද මඩ නාගෙන හිටපු අපූරුව……….”

” උඹේ තරහා තාම නිමුනෙ නැද්ද යකො….”
වරුන සිනාසුනෙ එසේ කියමිනි.

” එහෙම රෙද්දක්නෙමේ යකො….අනික…මට ඒකි අමුතු කතාවකුත් කිව්වා………….”

” මොකක්ද……….”

” පිනි පොඩීලූ මන් එයාට ……..”

” ම්ම්ම් මටත් කිව්ව බන් …විකාරයක් …ඒත් ඒක විකාරයක් නෙමෙයි….අපි ඒ ගැන ගෙදර ගිහින් කතා කරමු……..”

කා රතයෙ පිටුපස අසුනේ ගුලිවී නිදා ඉන්නා නැගනිය දෙසට නෙත් යොමමින් වරුන පැවසුවේ නුරාග් හට ඉගි කරමිනි.

………………………………………..
” ආච්චියම්මේ……….”

” මොකෝ පාලුද……..”

” හ්ම්ම්……”

” අර ට්‍රිප් එකක් ගැන කතාවුනෙ ..ඒක දැන් යනවද…….”

” යනවද කියලා අහන්නේ ඇයි ඔයත් යනවා….මා එක්ක…….”

” අනේ කෙල්ලේ ඔය අනං මනං මට හරියන්නෑ …පැංචිලා පරිස්සමෙන් ගිහින් එන්නකො…….ලක්මිනි දුවත් ඒ ලමයා බදින්න ඉන්න කෙනා එක්ක එනවා කියනවා මන් අහගෙන…..”
ආච්චි අම්මා පැවසීය.

” ඔව් ආච්චි අම්මා අපි එක්කම ඉගෙන ගත්ත යාලුවෙක් හසිත කියලා……..”

දේදුනු වැඩි දුරටත් පැවසුවෙ ආච්චි අම්මාට තුරුලු වෙමිනි.
මග බලා උන් දිනයට පෙර දින
දේදුනු ලක්මිනිටද දුරකතන ඇමතුමක් ලබා දෙමින් කොළබ යෑමට අවැසි සියලු බඩු බාහිර ආදිය ලෑස්ති කරමින් උන්නේය.

” පැංචි……….”
ඇදුම් අසුරමින් උන් දේදුනුට කවුරුන් හෝ කතාකල නිසා දේදුනු හැරී බැලුවෙ ඒ කවුරුන්ද යන වගයි.

පැමින සිටියෙ තමරායි.

මාස ගාණකට ආසන්නව නොදැක උන් ඒ රුව යලිත් දේදුනු ඉස්සරහට පැමිනිය විට ඇයට නොදැනීම ඉකි ගැසුනෙ …කොපමන යට කර දැමීමට උස්සහ කලද තාමත් තමාගෙ පපුව අස්සේ සැගවී තිබෙන සෙනෙහසට මතුවීමට ඉඩ ලබා දෙමිනි.

” සමාවෙන්න පුතෙ ….ඌමනාවෙන් එන්නේ නැති උන්නා නෙමෙ…….”

” එපා නැන්දේ මොකුත් කියන්න එපා…….”

දේදුනු පැවසූවට තමරා ගැස්සී ගියද ..ඔවුන් සැගවූ රහස තවදුරටත් රහසක් නොවේ යැයි දේදුනුගෙ ආමන්ත්‍රනයෙන්ම තමරාටපැහැදිලි විය.

” අක්කා පහල ඉන්නවා ගිහින් කතා කරන්න ඔය තරහා මරහා අමතක කරලා……..”

” මට අක්කා එක්ක කිසි තරහක් නෑ නැන්දෙ…ඒත් මම එයා පස්සෙ ගිහින් හැම වෙලේම එයා එක්ක ඉන්න බැලුවා ඒත් තව දුරටත් මට ඒක කරන්න බෑ..ප්ලීස් නැන්දා…..”

එසේ කී දේදුනු ඈ වෙතින් ඉවත්ව තම ගමන් මල්ල අසුරන්නට විය.

තමරාගෙ දෑස් වලට කදුලු කැට උනන්නට විය …ඒ හිත කැබලිවලට කැඩී ගොස් ඇති වග තමරාට වැටහෙන්නට විය.

” හෙට ට්‍රිප් එක යනවද….”

සියල්ලෝම කෑම මේසයෙ ආහාර ගනිමින් ඉදිද්දී පහන්‍යා දේදුනුගෙන් ඇසුවෙ උලුක්කුවට මෙනි.

” හම්………..”
එයට කෙටි පිලිතුරක් පමනක් ලබා දුන් දේදුනු ආහාර කැබලි ගිල දමන්නට විය..

” අපිත් හෙට මහනුවර යන්න ඉන්නේ……….ආච්චි අම්මා කිව්වා ඔයාලත් යනවා කියලා ඉතින් අපි එකටම යමු….එහෙම හොදයිනේ……..”

කවදාවත් නැතිව පහන්‍යා දේදුනු සමග කතා කලෙ සුහදවයි.

එයටද කිසිත් නොකි දේදුනු හිස වැනීය…පසුවට කාලය ගෙව්නේ නිහඩවමයි.

රාත්‍රී නවයට ආසන්න වෙද්දි දේදුනු නින්දට වැටින.

උදෑසන අට වනවිට ගමන සදහා සූදානම් වු දේදුනු සාලයට පැමිනියෙ පෙර දිනයෙ කොලබ යෑම සදහා පහන්‍යා හා තෙනුවර අයියාද ඇයට අඩගැසූවෙන් දේදුනු ආලින්දයට වී ඔවුන් එන තෙක් රැදී උන්නේය..

පහන්‍යා නිවැසියන්ගෙන්ද සමුගෙන තෙනුවර අයියාගෙ සුරතෙ එල්ලී එලියට බැස ඔවුන්ගේ කා රතයට ගොඩ වෙද්දි දේදුනුද රතයෙ පිටුපසට ගොඩවූයේ කතා බහකින් තොරවයි.

පැයක පමන කාලයක් ගතවී යද්දි දේදුනුට පිනිදිගෙන් දුරකතන ඇමතුමක් ලැබීය.

” පැටියෝ……”

” කොහෙද ඉන්නේ…….”

” අපි මග එන ගමන් …….”

” අයියා කිව්වා දේදු අක්කිගෙ අයියයි අක්කිත් එනවා කියලා ඇත්තද එ….”

” ඔව් පැටියෝ එයාලත් නුවර ට්‍රිප් එකක් යන්න දාගෙන ඉතින් එයාලටත් අපි එක්ක එන්න ඕනලු ඒකයි….”

” ඔය එනකන් මම මග බලන් ඉන්නවා අක්කි පරිස්සමෙන් එන්න…”

පිනිදි එසේ කියමින් දුරකතනය විසන්දි කලේය.

” කවුද දේදුනුගෙ කොල්ලද කෝල් කලෙ…….”

” නෑ ………”

” ඒකනේ ඒත් මම බැලුවා දේදුනු එක්ක යාලුවෙන්න තරම් පිස්සු හැදුන මිනිහා කවුද කියලා……”
පහන්‍යා පැවසුවෙ සමච්චලේට මෙනි…

” පොඩි අයියේ ඔයාට ලොකේශන් ශෙයා කලා වරුන අයියලගෙ…එහෙට තමා හැමෝම එන්නේ ඒ ඇවිත් හෙට පාන්දර යනවා කිව්වා .”
දේදුනු පහන්‍යා කිවූදේ ගානකට නොගෙන පැවසුවෙ තෙනුවර දේදුනුගෙ වදන් වලට හිස සලද්දි.

පැය දෙකක ගමනකින් පසු වරුනගෙ නිවස අසල රතය නැවතු මොහොතෙ දේදුනු හට දැනුනේ සහනයකි.
පැය දෙකක් පුරවට පහන්‍යා හා තෙනුවරගෙ රුව තම නෙත් මානයේ තබා ගෙන ඈ ඉසුලූයේ සුලු පටු ගින්දරක් නොවෙ…
පහන්‍යාද ඕනට වඩා තෙනුවර සමග ඇගලුම් කම් පෑවේ දේදුනු හට රිදවීමේ අටියෙනි ..

” අක්කී ඔයා ආවද……මේ අක්කිගෙ අයියයි අක්කීද……”
පිනිදි ඇසුවේ පහන්‍යා දෙසට දෑත පාමිනි.

” හායි මචං වෙල්කම්……”

වරුන අයියා පහන්‍යා අක්කාව සේම තෙනුවර අයියාව පිලිගත්තෙ බොහො කලක සිට ආශ්‍රය කෙරු අයෙකු විලසිනි..

හවස් වන විට චාරිකාවට ලක්මිනි හා ඇගෙ ප්‍රේම වන්තයා හසිතද වරුනගෙ මිතුරන් හා මිතුරියන් පිරිසක්ද චාරිකාවට එක් වන්නට විය.අලුයම අවදි වූ සියල්ලෝම චාරිකාව යෑම සදහා ලක ලෑස්තිවි නිවසින් පිටව බස් රතයට නැගුනෙ උද්‍යෝගයෙනි.
දේදු අසලින්ම පිනිදි අසුන් ගද්දි දේදුනු ඇගෙ හිස අත ගෑවේ සෙනෙහසිනි.

බුදුන් වැද අල්ලාප සල්ලාපයෙ යෙදුනු සියල්ලෝම බස්‍ රතය ට මගදි එක්කාසු වූ පුද්ගලයා දැක සතුටට පත්විය.

” අඩෝ මේ අපේ එකත් එනවද…එලනේ….”

වරුන අයියාගෙ මිතුරෙකු නුරාග් දැක කෑ ගැසුවේ සතුටිනි.
ඒ හමා දේදුනු පිනිදි දෙස බලද්දී ඒ ඇස් දිලිසෙන අයුරු දැක දේදුනුට නුරාග් ගැන දැනුනේ කෝපයකි …ඒ කෝපයෙන්ම දේදුනු නුරාග් දෙස බැලු විට ඔහුගේ ඇස්ද තමා මත වැටී තිබෙනු දැක දේදුනු ගැස්සී ගියෙ ..නුරාග්ද විදුලි වේගයෙන් ඔහුගෙ ඇස් ඇගෙන් අහකට ගනිද්දි.

ආහාර පාන අනුභව කරමින් ගී ගයමින් සතුටු සාමීචියේ යෙදෙද්දි දේදුනු කවුලුවෙන් පිටතට දෙනෙත් යොමු කලෙ පිනිදි නැගිටගොස් ගීත වලට නර්තනයේ යෙදෙන අතර වාරයෙයි.

කොපමන තහන්චි දැමුවද දේදුනුගෙ අකීකරු ඇස් නවතින්නේම තෙනුවර අයියා ලගයි ….ඇවිලෙන් බව දැන දැනම අයිතියක් නැති බව දැන දැනම දේදුනු ඔහුගෙ දැහැනේ ගිලී ඉදීමට පෙරුම් පුරයි .පහන්‍යා අක්කා තෙනුවර අයියාට ලන්වෙන හැම මොහොතකට හඩා වැටෙන තම හදවත වත්තම් කරගනිමින් …දේදුනු කවුලුවෙන් එපිටට දෑස් යොමු කලෙ හදවතේ වේදනාව ලෝකයාගෙන්ම සගවමිනි.
පැය කිහිපයක ගමනින් පසු
මහනුවර පොත්තපිටිය මාර්ගයේ පැමිණ, අලගල්ල තේ කර්මාන්ත ශාලාව අසලින් ගමන් ආරම්භ කළ
පිරිසගෙ කවට කම් පිරි බස් මැද දේදුනුද ඔවුන් හා එක් වුනි. තේ වත්ත මැදින් ඇවිද යන අතර වාරයෙ කුඩා අඩි පාර හමුවෙ අලගල්ල කන්ද නැගීමට ඇරබී පිරිස අතරින් දේදුනුගෙ තනියට පිනිදි එක් වූයෙ ඇගේ අතේ වෙලෙමිනි.

පැය දෙකහ මාරක් පමන ගාටමින් කන්ද නැග පිනිදි උන්නේ හෙම්බත්වීය .දේදුනුටද ඈව දරාගැනීමට තරම් සවියක් නොවෙද්දි… දේදුනුද පිනිදි සමගින් ගල් තලාවෙ වාඩිවූයේ හති අරිමිනි.

” සුදු අයියේ……අනෙ මගෙ කකුල් රිදෙනවා මට යන්න බෑ තව…..”
පිනිදි හඩන්නට විය…. ”

” මේ ආව එකේ හිමීට උඩට යන් බබා …ටිකක් මහන්සි ඇරලා….”
වරුනද පිනිදි ගාවින් වාඩිවෙමින් ඇගෙ හිස අත ගෑවේ සෙනෙහසිනි.

දේදුනු ඇස් කරකවා හිමින් සීරුවේ බැලුවේ තෙනුවර දෙසයි..ඔහු තම බිරිය පපුවට තබාගෙන ගිමන් හරිමින් සිටියේය…තවත් එදෙස බලා ඉදිමට නොහැකි තැන දේදුනු උන් තැනින් නැගිට මදක් කැලේ දෙසට ඇවිද යන්න විය…කවුරුත් නොපෙනෙන මායිමේ තලාවේ වාඩිවූ දේදුනු ඈත පරිසරය වෙතට දෑස් යොමු කලෙ තෙනුවර පසු පස දුවන නෙතට වාරන දමමිනි.

” මොකො හැන්ගිලා…. ”
ඇසුනු කටහඩ නිසා පිටු පස හැරී බැලු දේදුනු දුටුවෙ නුරාග් වයි.

කොට ඩෙනිමි කලිසමට ආමිකට් බැනියමක් හැද ඊට උඩින් අත් දිග කමිසයක් ගැටගසාගෙන උන් නුරාග්ගේ පෙනුම දේදුනු දැක උන්නට වඩා දගකාර ලාබාල පෙනුමක් ඔහුට එක් කර තිබුනි.

පින්බුනු මස්පිඩු වලින් බෙරෙන දහඩිය රත්තරන් පැහැයට හුරු හම මත දිස්නේ දෙන්නට විය.

දේදුනු මොහොතක් ඔහු දෙස බලා ඉද යලිත් ඉදිරියට දෑස් යොමු කලෙ ඔහුගෙ පැනයට පිලිතුරු නොදීමයි.

” මොකෝ ෆස්ට් ලව් එකද ඒ…..”

නුරාග් ඇසු පැනයට දේදුනු කලබල විය ..කලබලේ වැඩි කමට උන් තැනින් නැගිට ගත් ඈ නුරාග් දෙසට හැරුනෙ තම හැගිම් යටපත් කරගෙන ආයාසයෙන් මුහුනට හිනාවක් කැන්ද ගනිමිනි.

” මොන ලව්ද…..”
දේදුනු ඇසුවෙ උගුරෙන් මෙනි..ඇගෙ හඩ බිදී ගොස් ඇත.

” ඔය ඇස් හැම වෙලේම ඒ ඇස් පස්සේ යනවා…ඒ කියන්නේ අක්කා බැදලා ඉන්නේ ඔයාගෙ පෙම්වතාව ….එහෙමද……..”

” නෑ මස්සිනාව…….”

එසේ කියු දේදුනු තවත් ඔහුට කිසිත් කීමට ඉඩ ලබා නොදීම උන් තැනින් පිටව ගියෙ නුරාග් සමග කතා බස් කිරීමට ඇගෙ හිතෙ එතරම් කැමැත්තක් නොවෙද්දි.

ගල්තලාව මතට පැමිනි දේදුනු තම ගමන් මල්ල ඇද එයින් වතුර බොතලය පිටතට ගත්තේ අවුරශ්මිය නිසා පිපාසය වැඩිවෙද්දී නමුදු බෝතලය අතට ගෙන මූඩිය හැර බීමට යද්දි හිතා මතාම පහන්‍යා දේදුනුගෙ ඇගෙ හැපීමෙන් අත රැදි වතුර බෝතලය බිමට වැටි ගල්තලාව දිගෙ පහලට රෝල්ව ගියෙ දේදුනුගෙ ඇස් පහන්‍යා වෙතට යොමුවෙද්දි.

” අයියෝ අත පයක් වත් පන නෑ ….හලාගත්තෙ වතුර එක…මගෙ ලග තියෙන වතුර තෙනූටයි මටයි විතරයි.දැන් මොකද කරන්නේ…ශික්……..”

පහන්‍යා මුහුනට දුකක සේයාවක් ගෙනෙමින් මවා පාන්නට විය.

” ඕ ඉට්ස් ඕකේ …මගෙ ලග තියනවා වතුර ආ පැංචි මේක බොන්න…”

පසෙකට වී සියල්ල දෙස බලාගෙන උන් නුරාග්‍ දේදුනු දෙසට වතුර බෝතලය ලන් කරේ පහන්‍යාගෙ මුහුන අදුරු වී යද්දි.

” එපා අයියේ මම වතුර තිබහා ආවොත් ඉල්ල ගන්නම්…….”

එසේ කියු දේදුනු පහතට නැවි තම ගමන් මල්ල වසා දමා එය පිටෙහි එල්ලා ගත්තේ නුරාග්ගේ දෑස්ද කෝපයෙන් රතුවෙද්දි.

යලිත් ගමන ආරම්භ කල පිරිස කදුමුදුනට ලගාවන විට දහවල් කාලය එලබී තිබුනි. ගල මුදුනේ තැනින් තැන වාඩිව ගිමන් හල සියල්ලෝම ගල මත වැතිරුනෙ ගතට දැනුන වෙහෙස නිසාවෙනි.

ඔය අතර තෙනුවරද වරුන හා නුරාග් සමග කතාවට වැටි සිටිනු දුටු දේදුනු සුසුමක් හෙලුවේ පහන්‍යාද පැමින සිටි ගැහැනුන් හා කතාවට වැටෙද්දි.

” මොකො බන් මේ මූන බෙරි කරන්..හිනාවෙලා ඉදින්කෝ….”

ලක්මිනි පැවසුවෙ දේදුනුගෙ කම්මුල් දෙපසට අදිමිනි.

” අනේ ආවා ඉතින් මට වද දෙන්න යන්නකො හසිත ගාවට….”
දේදුනු පැවසුවෙ සිනාසෙමිනි.

” ඇයි රත්තරනෙ මේ…මාව මග අරිනවද … ඔය හිත ගැන මගෙන් හන්ගන්න බෑ උඹට…මම කතා කරන්න එන්න හදන හැම පාරම උඹ ශේප් වෙනවා….ඇයි අරකුන්ව එක්ක ආවේ……..”

” එන්න ඇහුවම බෑ කියන්න බෑ නේ බන්…….”

” මන් බලාගෙන ඒකිගෙ දැගලිල්ල…උඹට රිද්දන්න තියන එක චාන්ස් එකක්වත් ඒකි මිස් කරගන්නේ නෑ බන්…මන්දා මට තරහයි හුගක්…….”

” මන් කියලා මොනා කරන්නද ලකී..මම හුගක් අසරනයි….මම අමතක කරන්න හදන හැම සැරේන වෙනදටත් වඩා මතක් වෙනවා ..මට පිස්සු හැදෙයි ලකී…”
දේදුනු පැවසුවෙ ඉකි ගසමිනි.

” අඩන්න එපා රත්තරන් ..කට්ටියට නෝට් වෙයි …කෝ නාඩ ඉන්නකො….”
ලක්මිනි පැවසුවෙ තම මිතුරිය පිලිබද සැබෑම දුකිනි.

” මම ගිය ආත්මේ ලොකු පවක් කරලා තියනවා ලකී….”

දේදුනු කදුලු පිසලමින් ආයාසයෙන් මුහුනට සිනහවක් ගෙන පැවසුවෙ ඈතට දෑස් යොමු කරමිනි.

වටපිටාවේ අසිරිය විදිමින් සැවොම අමන්දානන්දයට පත් වෙමින් සිටියේය ..පැය කිහිපයක් එසේ ගෙවා දැමු පසු සියල්ලෝම කඩි මුඩියෙ ගලෙන් පල්ලම් බැසීමට පටන් ගත්තෙ වැහිකලුවක සේයාවක් අහස අරක් ගනිද්දී .

සියල්ලෝම තම තමන්ගෙ ලෝකවල තනි වෙමින් පල්ලම් බසින්නට විය..ඔය අතර තුර නුරාග් වුන්නේ දේදුනු වෙතම දෑස් අලවා ගනිමිනි. සැවොම ඉදිරියෙ යලිත් වරක් ඔහුව ප්‍ර්තික්ශේප කිරීම පිලිබද නුරාග් වුන්නේ නොසන්සුන්වයි…

සියල්ලෝගෙම අවදානය වෙනතකට යොමුවෙද්දී දේදුනුව තමා අසල නවතාගත් නුරාග් දේදුනු තම දෑත් මැද්දට හිර කරගත්තෙ ඇය පුදුමයෙන් විසල් කරගත් දෑස් ඔහු වෙතට යොමද්දී…

” තමුසෙ හිතන් ඉන්නේ හරි කෑල්ල කියලද……”

” මොනවද මේ කියන්නේ ..අත අරින්න මාව….”

” තමුසෙට වඩා හොද ලස්සන කෙල්ලෝ මම දැකලා තියනවා අයිසේ නිකන් පඩ ශෝ පෙන්නන එපා මට…ගෑනු මායම් වලට අහුවෙන එකෙක් නෙමෙයි මම…….”

” පිස්සුද මනුස්සයො මොනවද මේ දොඩවන්නේ….”

දේදුනු ඔහුව පසෙකට තල්ලු කරමින් ඔහුගෙන් ගැලවීමට උස්සහ කලෙ ඉදිරියෙ යන දෙතුන් දෙනෙකුගෙ ඇස් ඔවුන් මතට යොමුවෙද්දී…ඒ අතර පහන්‍යාගෙ ඇස් ද තිබූ බැවින් දේදුනු බිය වූයේ නිවසට ගිය පසු ඈ මොන විගඩමක් නටාවිද යන්න සිහියට නැගෙද්දී.

” නිකන් මාව කෙයා කරන්නේ නෑ වගෙ ඉදලා තමුසෙ හදන්නේ මගෙ අවදානය තමුසෙට ගන්න…”

” දෙයියනේ නුරාග් මාව අත අරිනවා…අර මිනිස්සු මන් ගැන මොනා හිතයිද…”

” මොන හිතන්නද තමුසෙ මාව අල්ල ගන්න හදනවා කියලා හිතයි ….”

” ඒ නිසා තමා මනුස්සයො මාව අත අරින්න කියන්නේ ..මට තියන ප්‍රශ්න හොදටම ඇති දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දෙනවා….”

දේදුනු එසේ කියද්දි ඇයව උස්සා දෝතට ගත් නුරාග් පරිස්සමෙන් අඩි තබමින් ඉදිරියට ඇදෙන්නට විය .

” අනේ මේ මිනිහට පිස්සුද ….”

” දගලන්න එපා යෝදියෙ තමුසෙට ඕන මාවත් මරාගෙනම මැරෙන්නද….”
නුරාග් ගුගුරන්නට විය.

” මව බිමින් තියනවා….”

” ඇයි මම එහෙම කරන්නේ…තමුසෙ මහ ලොකුවට මොනවදෝ මන්දා දෙඩෙව්වේ ….මම මෙහෙම කරන්නේ මගෙ නම්බුව බේර ගන්න….තමුසේ කිව්වේ මම අර පොඩි කෙල්ල එක්ක සම්බන්දයක් ඇති කරගන්න හදනවා කියලා…මාව මෙහෙම දැක්කම ඒකී දැන ගයි මට ඒකි ගැන හැගීම නෑ කියලා….අනික ඒකි තමුසෙ එක්ක රන්ඩු කරන්නේ නෑ කවදාවත්..මොකද ඒකී තමුසෙට ආදරෙයිනේ…….”

” ඒකට මාවමද හම්බුනේ….ලැජ්ජ නැද්ද මෙහෙම බලෙන් කරදර කරන්න….”

” මෙතන ඉන්න වෙන ගැනියෙක් උස්ස ගන්න මටනම් කිසි ප්‍රශ්නයක් නෑ…ඒත් ඒක උන්ගෙ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නේ ඒ නිසයි මම තමුසෙව උස්ස ගත්තේ… අනික තමුසෙගෙ ප්‍රේම කුරුල්ලත් අක්කටනෙ ලව්…ඉතින් ප්‍රශ්නයක් නෑ…. තමුසෙත් නැටුවෙ මේක කරගන්නනෙ මට කියලා..”

නුරාග් පැවසුවෙ හඩ බාල කරමිනි.

දේදුනුව දෝතට ගෙන කට්ටිය අතරට නුරාග් පැමිනෙද්දි සැවොගේම කටවල් තිබුනේ බාගෙට ඇරීය .

” මොකද බන් මේ….”

වරුන ඇසුවේ පුදුමයෙනි. නුරාග් හා දේදුනු උන්නේ නයයි මුගටියයි සේය ඉතින් ඔවුන් දෙදෙනා මෙසෙ දකින විට වරුනට දැනුනේ කුතුහලයකි.නමුදු එක අතකට එය වඩාත් හොදය…තම නැගනියගෙ හිතේ නුරාග් පිලිබද අදහසක් තිබේනම් ඇය එය දේදුනු වෙනුවෙන් අමතක කරන බව නො අනු මානය.

” පෙනේද නන්ගිගෙ හැටිය…දන්නැති පිරිමියෙක්ගෙ ඇගෙ නැගලා චික්….”

පහන්‍යා පැවසුවෙ තෙනුවරට ලන්වීය ..

” තමුන් බදින්න කලින් හොටෙල් අස්සේ රින්ගුවා ඒවා අමතකද….”

තෙනුවර පැවසුවේ කෝපය පාලනය කරගනිමිනි.පහන්‍යා නිහඩ විය .

කවදාවත් නොවිරු ලෙස තෙනුවරගෙ හිත අද නොසන්සුන්වී ඇත එයට හේතුව දේදුනු බව තෙනුවරට වැටහිනි.

…………………………………………
රාත්‍රී අටට කිට්ටුවන්නට තිබියදි ගලෙන් බැසගත් සියල්ලෝම ඉහල කෝට්ටේ ස්ටේශමට ලගා විය ඒ වන විටත් ඔවුන් පැමිනි බස් රතය පාරේ නවතා තිබු නිසා එයට ගොඩවූ සියල්ලෝම ගිමන් හරින්නට විය.
බස් රතය ඉදිරියට ඇදීගොස් ග්‍රීන් පාක් හෝටලයෙ නතර වද්දි සියල්ලෝම බස් රතයෙන් බැස තම තමන් වෙන්කරගත් කාමර තුලට ඇතුල් වන්නට විය ..දේදුනු පිනිදි හා ලක්මිනි එක කාමරයක තනිවද්දි..වරුන ,හසිත හා නුරාග් තවත් කාමරයක් වෙන් කරගන්නට විය ..අන් සියල්ලෝම බැදපු අය වූ නිසා ඔවුනට තනිතනි කාමර වෙන්කරවා ගන්නට විය…

රාත්‍රී නමයා මාර වන විට සියල්ලෝම ආහාර පාන ගෙන අවසන් කර ගිනිමැලය වටා රොක්වූයේ විනෝද වීමේ අරමුනිනි.

යහලුවෝ සියල්ලෝම එකට එක්ව ගීත ගායනයේ යෙදෙද්දි …දේදුනු ඔවුන් දෙස බලා උන්නේ අත්පොඩි ගසමිනි.

” අක්කි ..අපි සිංදුවක් කියමුද….”

” අනේ බෑ පැටියො….”

” අනේ ප්ලීස් මන් වෙනුවෙන්….”

” අනේ …”

“හොව් හෝව් කට්ටිය ඔයාලට පොඩි අනවුස් මන්ට් එකක්…අපි අතර ඉන්නවා දක්ශ ගායිකාවක් අපි එයාගෙ සිංදුවක් අහමු නේද…අක්කි ප්ලීස් මන් වෙනුවෙන් එකම එකක්….”

එසේ කියමින් වරුන අත තිබු ගිටාරය දේදුනු අත තැබු පිනිදි ඈ දෙසට කපටි සිනහවක් පා කලෙ දේදුනු ඈ හට තරවටු බැල්මක් හෙලද්දි..

සුසුමක් හෙලා ගිටාරය අතට ගත් දේදුනු තෙනුවර දෙස බැලුවෙ අහම්බෙනි…දේදුනුගෙ හිත ගැස්සෙන්නට විය ..තෙනුවරගෙ දෑස්ද තිබුනේ ඈ මතය…අමාරුවෙන් තෙනුවරගෙන් දෑස් ඉවතට ගත් දේදුනු ගිටාරයේ ස්වර වයන්නට විය.

ඇගෙ ප්‍රියතම ගීතය ඇය දෑස් පියාගෙන ගයන්නට විය.

“කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ

සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ

දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ළඟ තමා
කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
නේක වාරේ බැඳේ හදවතේ
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ……..”

මෙතෙක් වෙලා දුරකතනයෙ එල්ලී උන් නුරාග් ගිටාරයෙ හඩ පරයමින් නැගුනු ඒ ගීතවත් හඩට මත්වෙන්නට විය …ඔහුටත් නොදැනීම ඔහුගෙ අතින් දුරකතනය ගිලිහි යන්නට මොහොතක් තියා ඔහු දුරකතන ඇමතුම විසන්දි කර සාක්කුව මත රුවා ගත්තේ දෑත්ද කලිසම් සාක්කුව මත සගවා ගමිනි.

ඈ උන්නේ ගීතය අතර සැරි සරමින් ගීතයෙ ගිලෙමිනි …ඇගෙ රුව එයටම ඔබින ලෙස හැඩ ගැසිඇති ආකරය නුරාග්ට පෙනිනි.. පොල් අඩි කන්නාඩි පැලදගෙන දිගු කලිසමට දිගු කමිසයක් ඇද එයට උඩින් කබායක් පැලද වුන් ඇගෙ හිස මත අයිස් කැප් එකක් විය …සෑම මොහොතකම ගොතා දමා තිබු කොන්ඩය ඈ අද කඩා හැලෙන්නට ඉඩ හැර ඇත්තෙ කෙහෙරැලි උඩු සුලගට හසු වෙමින් දග කරද්දි …ඇගේ කොන්ඩය ඉන ගාවට පමන ඇත ..නුරාග් අනුමාන කරන්නට විය …
මදක් ඇගෙ දැහැනෙන් මිදුනු ඔහු තමා මේ කුමක්ද ඈ පිලිබද සිතන්නේ යැයි සිතන්නට විය මුවගට නැගුනෙ සිනහවකි.

ඇගෙ කටහඩ ලයාන්විතය ..තමා ඇසුවාට වඩා ඒ කටහඩ කොතරම් මිහිරිද නුරාග් සිතන්නට විය.

සැවොම උන්නේ ඇගෙ ලයන්විත කටහඩෙ අතරමන් වෙමිනි…පහන්‍යා උන්නේ දේදුනු ගැන උපන් තරහෙනි…තමා නිතරම ඈ ඉදිරියෙ කැපිපෙනෙන බව නො අනු මානය…තමාගෙ රූ සපුවෙ ආදාරයෙන් සැමගෙ දෑස් ඈමත බදවා ගැනීමට පහන්‍යා සමත් විය..නමුදු මේ මොහොතේ දේදුනු වෙත සැවොම ආකර්ශනය වෙද්දි පහන්‍යාට එය ඉවසාගත නොහැකි විය..

ගීතය අවසානය වන විට සැවොගේම අත්පොලසන් මැද දේදුනු ලැජ්ජාවෙන් සිනාසෙද්දි පිනිදි ඈව වැලද ගත්තේ ආදරෙනි.

” ලස්සනයි හුගක් අක්කියො….”
පිනිදි පැවසූව සැවොම සනාත කරන්නට විය..
තවත් මේ කෝලම් දරාගත නොහැකිවූ පහන්‍යා හිස රිදෙන බව පවසමින් ඔවුනට වෙන්වූ හොටෙල් කාමරය වෙතට ගියෙ වදනකුත් නොදොඩාමයි.

” කොහොමද වොයිස් එක….”

වරුන ඇසුවෙ නුරාග්ට තට්ටුවක් දමමිනි.

” පට්ටයි බන්….”

නුරාග්ගෙ වදන් පිට පැන අවසානය…ඔහුගෙ වදන් හමුවෙ වරුන සිනාසුනෙ නුරාග්ගේ බඩට පහරක් එල්ල කරමිනි.

එකොලහා පමන වනතෙක් ගී ගයමින් විනෝද වූ මිතුරො එකා දෙන්නා තම තමන්ට වෙන්වු කාමර වලට ගියෙ සුව නින්දක රසය විදීමටයි.

” පැංචි….”

ඒ හඩට දේදුනුගෙ හිත ගැහෙන්නට විය ..කිසිදාක තමාට එලෙසින් ආමන්ත්‍රනය නොකල තෙනුවර අද එලෙස කතා කරද්දී දේදුනුට දැනුනෙ නුහුරකි.

” පොඩි අයියේ….”
ආපස්සට හැරි දේදුනු එසේ ඇසු නිසා ඈ අසලට ලන්වූ තෙනුවර ඇගෙ නෙත් දෙස බලා හිදින්නට විය .

” මට සමාවෙන්න පැංචි…මගෙ අතින් ලොකු….”

” ඔයාට ඕනදේ උනානේ පොඩි අයියේ ..ඉතින් දැන් සමාව ඉල්ලන්න එපා…අනික මට ඔච්චර හොදින් කතා කරන්න ඕන නෑ.ඉස්සර වගේම උඹ බම්බොලන් කියලා කතා කරන්න මගෙ හිතෙ තරහක් නෑ….. ඔයා මොකුත් හිතන්නේ නැත්තම් මන් දැන් යන්නද හරිම මහන්සී අයියේ ඇගට අපි උදේට කතාකරමු ඕන දෙයක් ……”

එසේ කියූ දේදුනු තෙනුවර වචනයක් කීමට පෙර නික්ම ගියෙ හිතම ගැහෙද්දී..
තමාට සිදුවී ඇත්තේ කුමක්ද යන්න දේදුනු හටම නොතේරේ…තමා තෙනුවරට පැවසු වදන් එකක් නෑර මෙනෙහි කල දේදුනු විදුලි සෝපානයට නැගුනෙ දෑතින් නලල මිරිකා දමමිනි.

සෝපානයෙ දොර වැහෙන්න ඔන්න මෙන්න තිබියදි එයට ගොඩවු නුරාග් දේදුනු දෙස බැලුවෙ යටැසිනි.

නමුදු ඔවුන් අතර කිසිදු කතාබහක් නොවිනි..සෝපානයේ දොර විවර වෙද්දි පලමුවම එයින් එලියට බැසි දේදුනු ඉක්මන් අඩි තබමින් ඈතට යන අයුරු නුරාග් බලා වුන්නේ හැගීමකින් තොරවයි.

” මේකනම් හරි යන්නෑ කොල්ලෝ …නුඹට ලගදිම ලෙඩක් වැටෙනවා ශුවර්……”

නුරාග් ඈ යන දෙස බලා ඉද හිතන්නට විය.

……….නැවත හමුවෙමු…..

124 thoughts on “පිච්චමල් මනාලී|පහලොස්වන කොටස| නවකතාව”

        1. සුභ පැතුම් රිතූ අක්කි , හිමා අක්කි , ඉමී නංගි ????????????????????????????????????????????????

  1. හේෂි .....

    ?මේ කස්ටිම බෙදන් කන්න 3දෙනෙක් ඉන්නෝ නේ ????????????????????????????????????????????????????????????????

  2. රිතූ ??

    ආහ් ළමායි…… මාධි අක්කගේ අලුත් කතාවේ පලවෙනි එපිය දැන් ටිකකට කලින් යූටියුබ් එකට දැම්මා…. හරීම ලස්සනයි අප්පා ? ඔයාලත් කියවන්න…..

    “පොකට් වනී ” කියලා සර්ච් කරන්න…. එතකොට එනවා….. ???

          1. රිතූ ??

            ඉමී, කටුවා දෙන්නත් ඊයේ කවි දෙන්නම් කිව්වා නේ? ? කෝ

    1. රිතූ ??

      පිනෝ…. ඔයැයිගේ ජන්ම දිනයට උත්සවයක් පවත්වනවැයි? ?
      රැජිණිය නිසා අපට රාජ භෝජන දෙන්න වෙයි ඕං…. ?

      1. හේෂි .....

        ?අපි දොදොල් කමු…..මම කොහොමත් කස්ටියවම දොදොල් කොරන්න ඉන්නේ?……..

        1. රිතූ ??

          අනේ ඔහේගේ දොදොල තියා ගන්නවා පිනෝ….. ආයේ ඉතින් රැජිනගේ ජන්ම දිනය ඉහලින්ම සමරන්න ඕනි ?

          1. හේෂි .....

            හරි ඉතින් කස්ටිම මට තැගි දීලා පාටි දාන්න?මම වගේ කෙනෙක් ඉපදිම වෙනුවෙන්

          2. රිතූ ??

            අනේ වෙන වැඩ නෑනේ ???
            රැජිණ වෙලත් ලැජ්ජ නැද්ද පිනෝ අපෙන් තෑගි ඉල්ලන්නේ ??

          3. හේෂි .....

            අක්කි රැජින් නෙමෙ මොකා වුනත් කමක් නැ තැගි ඔන…..කෑම හරි ඔන මයි

  3. ?කවී?

    කොහොමද කට්ටිය???

    මට ප්‍රශ්නයක් තියෙනවා….. උත්තර දෙන්න පුළුවන්ද????

        1. රිතූ ??

          ?? ඔය ඇහුවේ…. ඉඳලා ඉඳලා ඇහුවා කොර වෙන්නම එකක් ?
          ඔයා දන්නවද උත්තරේ… කියමු බලන්න

          1. ?කවී?

            ඔයාලා උත්තර දීගෙන යන්නකෝ….. මං තව ටිකක් වෙලා ගිහිල්ලා එන්නම් හරි උත්තරේ කියන්න…… කට්ටියම හරි කියලා හිතෙන එක කියන්නකෝ???

          2. හේෂි .....

            ඇත්තමයි මේ කවියා හිටි ගමන් ඇහුවොත් අහන්නේ අපිව වෙන හොල්මන් වෙන ප්‍රස්නයක්

        2. කිකිළි වෙන්ඩැති
          කිකිළි නැතුව බිත්තරේ එන්න බෑනි
          ඒත් අනේ මන්දා
          මොකද්ද උත්තරේ

      1. හේෂි .....

        මම කියන්නද ඉස්සල ආවේ කවියා??කන් දෙක වහන් ඉන්න ඔනී

        1. ?කවී?

          මං හිතුවේ ආදම් කියලා…. කමක් නෑ….. ඔබේ පිළිතුර බාරගන්නවා…..

    1. ?කවී?

      උත්තරේ දැනගන්න ඕන අය කිකිළියෙක්ගෙ පිටේ නැගලා බිත්තරයක් අතේ අරන් ඉක්මනට එන්න

  4. ?කවී?

    උත්තරේ තමයි……………..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    ..
    .
    .
    .

    .
    .
    .

    ..
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .

    .

    .
    .
    .
    .
    .
    .

    .
    .

    ….

    ……

    ……

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    කිකිළි තමයි උත්තරේ…. මොකද බිත්තර කට්ට හැදෙන ප්‍රෝටීන වර්ගෙ හදන්නෙ කිකිළි විතරයි……

    1. ?කවී?

      ඔබ සැමගේ මොළයට දැනුම් සාගරයෙන් දිය බිඳක් පතිත වූවා නම් එය මාගේ සතුටට කරුණකි.
      ??????

    2. හී කෝ මට චොකෝ මං තමා හරියටම කිව්වේ ???????
      කොහොමද කෙල්ලගෙ වැඩ ෂෝක් නේ ?️?️?️?️?️

      1. හේෂි .....

        කෙල්ලගේ වැඩ සොක් එ වුනාට ඔටුන්න මගේ දුන්නොත් හොද නෑද?

        1. මාත් කියන්න ගිගේ කිකිලි කියලා තමයි???…කමක් නෑ මනී අක්කි කලින් කියලනේ…

          මනී අක්කි…????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.