Katha Ahura

පිච්ච මල් මනාලී| දාහතර වන කොටස| නවකතාව

5/5 - (10 votes)

 

14

” එපා දේදු එපා…ඔය ඇඩුවා හොදටම ඇති තවත් ඔයාව පාගන්න කාටවත් ඉඩ දෙන්න එපා හැමදේම අමතක කරලා දාන්න…”
දේදුනුගෙ හිත ඈට පවසද්දි තිරය බිමට හෙලූ දේදුනු කවුලුවෙන් මෑත්වී ඇදට වැටුනෙ  සුසුමක් පිටකරමිනි.
…………………………….

ජීවිතේ කියන්නෙත් හරියට  නව කතාවක් වගෙ .කියවන අය කතාව කදුලු අතරින් ගිලිලා බාදක වලට මුහුන දීලා  ලස්සන අවසානයක් එනකන් බලන් උන්නට… අපේ නවකතාවෙ කදුලු පිරුනු තැන් ආවම අපි ජීවිතෙන් පැනලා යනවා..අවසානේ වෙනකන් රැදෙන්නැතිවම…..
දේදුනු සිතන්නට විය.

……………………………

” හැලෝ පුතෙ………”

” ඕ ආච්චම්මා කියන්න……..”

” කොහෙද ඉන්නේ……….”

” ලක්මිනි එක්ක දැනුයි ආච්චම්මේ   ශොප් එකට ආවේ..සාරියත් තෝරගෙනම ඕන බඩු ටිකත් අරගෙනම මම එන්නම්……..”

” රෑ වෙන්න කලින් එන්න දරුවො……..”

” හරි …බයවෙන්න එපා මම ඉක්මනටම එනවා…….”
දේදුනු  දුරකතනය විසන්දි කර සාක්කුව තුල රුවා ගන්නට විය.

ලක්මිනි සමග සාරි කිහිපයක්ම තෝරමින් උන් දේදුනුගෙ උර හිසට යමෙක් අත තැබූවෙන් දේදුනු පිටුපස හැරුනෙ  මදක් ගැස්සීගෙනය.

” නංගිට මාව මතකද මන්දා……..”

” වරුන අයියද මේ….”

දේදුනුගෙ අනුමානයට පිලිතුරු සිනහවක් පෑ වරුන ලක්මිනි සමගද සිනාසුනෙ ඉතා සුහදවයි.

” මොකො මෙහෙ…….”

” සාරියක් බලන්න ආවා අයියේ…ගැරැජුවේශන් එකට…….”

ලක්මිනි පිලිතුරු දෙන්නට විය.

” අහම්බෙන් හුරුවට දැක්කේ…..සාරිය තෝරගෙන ඉවරද  ඉවරනම් පහලට යමු ඔයාලට පෙන්නන්න කෙනෙක් ඉන්නවා……..”

වරුන එසේ කියූපසු දේදුනුද ලක්මිනි සමග   පහල තට්ටුවට පැමිනියෙ වරුනගෙ ආරාදනයෙනි.

” මැට්ටි…. කොහෙද ඉන්නේ කෙනෙක් පෙන්නන්න තියනවා …ෆස්ට් ෆ්ලෝ එකේ  එලිවේටර් එක ගාවට එන්න……”

එසේ කියු වරුන දුරකතනය විසන්දි කලේය.. විනාඩියක පමන කාලයක් ගත වෙන්නට ඇත ..වරුන ලගට පැමිනි තරුනිය වරුනගෙ සුරතෙ එල්ලුනෙ  මූනත් බෙරි කරගෙනය…ඇගෙ ඒ හුරතල් ක්‍රියා කලාපයට දේදුනුට සිහි වූයේඇගෙ කුඩා අවදියයි.

” ඇයි අනේ තාම තෝර ගෙන ඉවරත් නෑ…….”

” හරි හරි අපි තෝර ගමු…ඊට කලින් ඔයා මේ අක්කව අදුරනවද කියලා බලන්නකො…..”

වරුන පැවසුවෙ  දේදුනු දෙසට ඇස් යොමු කරමිනි.

” මේ කවුද…………බැරිවෙලාවත් මේ අර අක්කද……….”

ඈ ඇසුවෙ දේදුනු මතම දෑස් රදවා ගෙනය.

“හ්ම් ඒ අක්කි තමා……..”

” ඕ god අයියා…….”
එසේ කී තරුනිය දේදුනුව වැලද ගත්තෙ මහත් සෙනෙ හසකිනි.

” කියන්න අක්කිට මාව මතක නෑ නේද….”

” පැටියො………..”

”  මේ තමා දේදු මගෙ නංගි ..ඔයා පණ රැක්ක මගෙ පණ  මේ……..”

වරුන වැඩි දුරටත් පවසන්නට විය.

හදුනාගැනීමෙන් පසු පුංචි හුරතලියගෙ දාහක් ඇවටිලි කිරීම් මැද  දේදුනු මෙන්ම ලක්මිනීද ඔවුනගෙ නිවසට පැමිනියෙ  ඔවුන්ගේ බලවත්  ඉල්ලීම ප්‍රතික්ශේප කිරීමට නොහැකි තැනයි.

” අක්කි ආ මෙන්න ගන්න….මමයි හැදුවෙ……”

වරුන අයියාගෙ නැගනිය ලක්මිනි හට මෙන්ම දේදුනු හටද තේ බන්දේසිය අල්ලා තේ පිලි ගැන්විය.

”  හුගක් පින් අක්කී…ඇත්තමයි .ඔයාල නොහිටින්න අද මගෙ අයියා තනිවෙලා……….”

පුංචි නැගනිය පැවසූවෙ දෑගිලි එකින් එකට පටලවා ගනිමින්කදුලු පිරි නෙතිනි.

” අපි දන්නේ නෑ පැටියො ..ඔයාඒ වෙලාවෙ මොන තරම් පීඩනයකින් හිටියද කියලා…ඒත් මතක තියාගන්න ..ජීවිතෙ ප්‍රශ්න වලට මුහුන දීලා ඉස්සරහට යනවා මිසක් ඒ ප්‍රශ්න වලින් මිදෙන්න  ජීවිතෙන් පැනලා යන්න එපා…බලන්න ඔයාගෙ අයියා කොච්චර දුක් උනාද …”

” මට තේරෙනවා අක්කි…ඒත් මට දරන්න බෑ…මම තනිවෙලා වගෙ දැනෙනවා…….”

” හරි හරි දැන් අඩන්න එපා…මෙච්චර කල් ඔයාට අයියා විතරනෙ හිටියෙ අද ඉදන් ඔයාට අක්කලා දෙන්නෙකුත් ඉන්නවා කියලා හිතාගන්නකො…හොදද…….”

දේදුනු පැවසුවෙ මහත්වූ සෙනෙහසිනි.කාලයක් තමාද ආදරය රැකවරනය තම සොහොයුරියගෙන් බලාපොරොතු උනි..නමුදු ඇයට එය කිසිදා ලැබුනේ නැත..තමාට නොලැබුන ඒ සෙනෙහස මේ ආගන්තුක හුරතලියට වැඩිහිටි සොහොයුරියක ලෙස ලබා දීමට දේදුනු ඉදිරි පත් වූයේ තමා තනිවී විදි දුක ඈ හට ලබා නොදෙනෙමි යැයි මොහොතක් තුල ඇතිවූ සිතුවිල්ලේ  බලපෑමෙනි.

” ස්කූල් නිවාඩු නේද……..”

” ඔව් අක්කී …………”

” යමුද අපේ දිහා ……..”

දේදුනු ඇසුවේ හදීසියේම යමක් සිහිපත් වූ නිසා.

” ඔය ඇත්තමද…….”

” හ්ම්ම්ම්ම්ම්ම්…….”

” අයියා එවන එකක් නෑ……….”

” ඔයා කැමතිද කියන්නකො……..”

” ඔව් …….මම කැමති ……….”
පුංචි හුරතලිය පැවසූවේ කදුලු පිරි වතිනි.

” අයියගෙන් මම අහන්නම්…….”
දේදුනුගෙ ප්‍රතිචාරය හමුවේ පුංචි හුරතලිය ඈ වැලද ගත්තෙ මහත් සෙනෙහසකිනි.
……………………………………

” ඔයා නැතිව අයියට හුගක් පාලු හිතෙයි…….තමාත් ඔයාට යන්න ඕනද……..”

” අනේ මම ඉදලම නෑ…මට අක්කි කෙනෙක් නෑ අම්මත් නෑ…අනෙ මම ඉදලා එන්නම් පරිස්සමෙන් ඉන්නම්…….”

පිනිදි පැවසුවේ පිටුපස අසුනෙ උන් දේදුනුව වැලද ගනිමිනි.

” බය වෙන්න එපා අයියේ  ස්කූලුත් නිමාඩුනෙ තව දවස් දෙකකින් ….මම නන්ගිව බලා ගන්නම්…බය වෙන්න එපා….”

” නෑ දේදු මෙයා හරි හිතුවක්කාරයි නන්ගී…අම්මයි අප්පච්චී නැතිවුන දවසෙ ඉදලා මම මගෙ ඇස් මානයෙන් එහාට මෙයාව යවලා නෑ… “

රතය දාවනය කරන ගමන් වරුන ඉදිරිපස කන්නාඩියෙන් දේදුනු හා පිනිදි දෙස මාරුවෙන් මාරුවට බලමින් පැවසුවෙ  දුකෙනි.

වරුනගෙ බය සාදාරනය නන්නාදුන නිවසක තම නැගනියව තනි කිරීමට ආයියා ලෙස ඔහු බිය වීම සාදාරනය…මදක් ඒ පිලිබද සිතූ දේදුනු දෙදෙනාගෙම හිත නොරිදවීමේ අටියෙන් මෙසෙ පැවසීය..

“දැන් ස්කූලුත් නිවාඩු නිසා පැටියා අයියා එක්ක ගෙදර යන්න …. වෙලාවක් දාගෙන  හැමොම අපේ ගෙදර එන්න සතියක් විතර ඉන්න බලගෙන හොදද….මේ හදීසියෙ කොහොමත් අමාරුයිනේ…අනික අක්කට අමතක් උනා තව සති දෙකකින් අක්කගෙ ගැජුවේශන් එක…ඉතින් ඒකට ටිකක් බිසී වෙනවනෙ….”

  දේදුනු පැවසුවෙ පිනිදිගෙ හිස අත ගාමිනි.

” ඔයාට මාව අමතක් වෙයිද…….”

” අනේ නෑ පැටියො ……”

” ප්‍රොමිස් කියන්න…….”

”  ප්‍රොමිස් පැටියො…….”

දේදුනුගෙ මෙන්ම තම නැගනියගෙ කෝලම් බලමින්  උන් වරුනගෙ මුවගට නැගුනෙ සිනහවකි.

අවසානයයෙ වරුනට හා වරුනගෙ නැගනියට සමුදෙමින් කා රතයෙන් බැස නිවසට යාම සදහා දේදුනු  බස් රතයට ගොඩ වූයේ ..වරුනට කරදර කිරීමට හිත් නොදෙද්දි.

හවස හයාමාර වනවිට නිවසට සේන්දු වූ දේදුනු ඇග පත දොවා ගත්තෙ ආච්චි අම්මාද හමුවීමෙන් පසුවයි..

නාන කාමරයෙන් පිටතට ආ සැටියෙ  දුරකතනය හඩ නගන්නට උනු …

පැමින තිබුනෙ කෙටි පනිවිඩයකි.

” අක්කී ඔයා ගෙදර ආවද……….”

පනිවිඩට දුටු සැනින් දේදුනුගෙ මුවගෙ නැගුනෙ  සෙනෙහස පිරි සිනහවකි.

” ඔව් පැටියො අක්කී ආවා……”

පැමිනි පනිවිඩයට පිලිතුරු පනිවිඩයක් යොමු කල දේදුනු තම  තෙත හිසකේ පිස දමන්නට විය..

…………………………………………

දිනෙන් දින උපාදි පිරිනැමීමේ උස්සවය ලන්වුනායින් දේදුනු උන්නේ මහත් සතුටිනි…එයට හේතුව තමරා මෙන්ම විජේද ඇගෙ උස්සවයට සහබාගී වන බවට දුන් පොරොන්දුවයි.

බලාසිටි දිනය උදාවූයෙන් දේදුනු සාරිය ගත දවටා ගත්තේ මහත් උනන්දුවකිනි..

” පුතේ ඔයා ලෑස්තිනම් යමුද ….වාහනේ ඇවිත්…….”

අච්ච්චම්මා පැවසූ වට සාරියෙ පොට සදමිනි තරප්පු පෙල දිගෙ පල්ලම් බැසිදේදුනුගෙන් දිස්වූයේ ප්‍රබෝදමත් ක්‍රියාශීලි පෙනුමකි.

පහලට ආ සැටියෙ ආච්චි අම්මාගෙ දෙපා නැමදු දේදුනු  සිනාසුනෙ සුපුරුදු අයුරිනි..

” තෙරුවන්ගෙ සරණයි රත්තරනෙ……”

අම්මලාද  උස්සව ශාලාවට එන බව දැන්වූයෙන් දේදුනු වගෙම  ආච්චි අම්මාද  කෙලින්ම උස්සව ශාලාවට ඇතුලු වූයේ  පැය දෙකක ගමනකින් පසුවයි.

ශාලාවට පැමිනි පසු   දේදුනු මිතුරියන් හා එක් වෙද්දි.
ආච්චි අම්මා උස්සව ශාලාවෙ වැඩිහිටියන්නට  වෙන්වුන පුටුවක් මතට බර වූයේ සැහැල්ලුවෙනි.

” හැලෝ අම්මා………..”

” අ දරුවො .ඔයාල උස්සවේද ඉන්නේ……….”

” ඔව් අම්මා…ඔයාලා එන ගමන්ද……”

” අනෙ දරුවො බලන්නකෝ අක්කා බඩේ අමාරුවක් හදාගෙනනෙ…”

තමරා පවසන විට දේදුනුගෙ කට කොනකට නැගුනෙ සිනහවකි..

“මෝඩි මෝඩි මන් කිව්වා බලාපොරොත්තු තියාගන්න එපා කියලා   …ඒ තමුන්ගෙ අම්මා තාත්තා නෙමෙයි මාමායි නැන්දයි…එයාලට තමුන්ට වඩා තමන්ගෙ දරුවයි වටින්නේ….”

හදවත කෑ ගසද්දි දේදුනු දුරකතනය විසන්දි කරන්නට විය.
දැනුනේ වේදනාවකි…දෑස් මත්තට කදුලු ගලා එද්දි ආයාසයෙන් එය වලකා ගත් දේදුනු ලක්මිනීගෙ අත මිරිකුවෙ ඇගෙ උරහිසට වාරු වෙමිනි.

උස්සවය ආරම්භ  විය   …..විවිදප්ප්‍රසන්ගයන් හමුවෙ ආරදිත අමුත්තා කතා කිරීමට පටන් ගත්තේය.

” ටීං ටීං……..”

තම අත රැදි දුරකතනය  දෙදුරුම් කෑ නිසා දේදුනු ඒදෙස බැලුවෙ හැගිමකින් තොරවයි.

” ඔන්න අපිත් ආවා…….මගෙ අක්කියව බලන්න…….”

දුරකතනයට ආ පනිවිඩට නිසා දේදුනු  පිටු පස වැඩිහිටියන්ගෙ පෝලිම දෙසට දෑස් යොමද්දී දුටුවෙ  පිනිදි පැමින ඇති අයුරුයි….ඈ අත ඔසවමින් දේදුනුට පෙනෙන ලෙස අත වැනුවෙ දේදුනුගෙ හිතම අවුලා දමමිනි.

උස්සවය  අවසානයෙ කබාය හා උපාදි බැටලය රැගෙන  ආච්චි අම්මා සමග ශාලාවෙන් පිටතට පැමිනි දේදුනුව  පිනිදි වැලද ගත්තෙ මහත් සෙනෙහසිනි.

” තනියමද ආවේ……….”

” නෑ අයියා ඇවිත් දාලා ගියා…කන්ගැජුලේශන් අක්කී…..”

” ඇයි පැටියො මන් වෙනුවෙන් මේ තරම් දේවල් කරන්නේ…….”

”  කරන්නේ ඔයා මගෙ අක්කි නිසා අක්කේ……..”

පිනිදි පැවසුවෙ ඈව යලි වරක් සිප ගනිමිනි.

ජායාරූප ගන්නා අවස්තාවේ පවුලෙ උදවියගෙ ජායාරූප ගැනීමේදි සැවොගේම  මාපියන්  ඉතාමත් ආඩම්බරයෙන් එයට මුහුවෙද්දී දේදුනුට දැනුනේ  හදවත බරවී යන හැගීමකි ….තමාගෙද වාරය එලබී නිසා ආච්චි අම්මාව තමා වෙතට ලන් කරගත් දේදුනු…දෙවරක් නොසිතාම පුංචි පිනිදිවද තමා වෙතට අඩ ගසා ගත්තෙ  පිනිදිගෙ දෑස් දිලිසෙද්දි.

උස්සවය අවසානයෙ …නිවසට යෑම සදහා රැදෙද්දි… වරුනගෙ කා රතය ඔවුන් ඉදිරියෙ නැවත්වූයේ පිනිදි දේදුනු හට මෙන්ම ආච්චි අම්මාටද රතයට නගින මෙන්  විදාන දෙද්දි.

” අක්කි මතකනෙ 7 වෙනිදා එන්න ඕන හොදෙ අනිවාර්‍යෙන් ට්‍රිප් එක යන්න…..”

පිනිදි ශටරය පහත් කර ලක්මිනි දැක හඩ ගෑවේ සැවොම හිනස්සමිනි..ඇගෙ වදන් හමුවෙ දෑතින් ෆිට්  යෑයි පැවසු ලක්මිනිද  සැමට අත වනා පිටව ගියෙ සතුටිනි.

” දේදුටත් අපි හින්දා වදේ නේද ..කෝ අම්මලා ආවේ නැද්ද නන්ගී අද………..”

වරුන ඇසු පැනයට ආච්චි අම්මා කවුලුවෙන් පිටතට දෑස් යොමු කලෙ වේදනාවෙනි.

” මට අම්මයි තාත්තයි නෑ අයියේ එයාලා නැතිවෙලා තියෙන්නේ මන් පොඩි කාලෙමයි……..”

දේදුනු පැවසූවට තිදෙනාගෙම දෑස් දේදුනු වෙත යොමු වූයේ පුදුමයෙනි.

කටුකවුවද සත්‍ය එය නොවේද …අදත් එයා ඔප්පු වූයේ තමා අසරනයකු විලස තනිකර දමමිනි …තවත් ඒ බැදීම් මත්තෙ ඇලලී සිටීමට හිත ඉඩ නොදෙද්දි  ඈ සිනහවකින් වත සරසා ගත්තෙ පිනිදි ඇයට තුරුල් වෙද්දී.

කෙසේ හෝ පිනිදිගෙ දැඩි පෙරැත්තය මත දේදුනුගෙ නිවසටම පැමිනි පසු දේදුනු  සමග නැවතීමට පිනිදි වරුන හට ඇවටිලි කලෙ කදුලු සලමිනි.

” හිතුවක්කාර වෙන්න එපා බබා ඕනට වඩා දන්නවනෙ අයියගෙ හැටි……….”
වරුන පැවසූවට පිනිදි ඉකි ගසන්නට විය.

” හිටපුදෙන් අයියේ මටත් පාලුයි නේ …මම පරිස්සමෙන් බලා ගන්නම්……….”

දේදුනුගෙ වදන් හමුවෙ අකමැත්තෙන් වුවද  වරුන නිවසින් පිටව ගියෙ පිනිදිට දාහක්  නීති දමමිනි.

රාත්‍රී  කාලය වන විට කෑම මේසේ ඉදගෙනම විවිද දේවල් පිලිබද කතා බස් කල පිනිදි දෙස සෙනෙහසින් බලා වුන් දේදුනුට විටක දැනුනේ ඈ ගිරවියක් කියාය…

දෙමාපියො නොමැතිව තම සොහොයුරාගේ ආදරය ආරක්ශාව හා හුරතලය මැද්දේ හැදී වැඩි ඇති ඈ බොලද යුවතියකි.

එදා මුහුදට පැනපු අවස්තාව පිලිබද හිමි හිමියෙන් කතා කරද්දි ඈ පැවසුවේ තමාට කියා කිසිවෙකු නොමැතිව ඈ දුක්විදි බවයි..මිතුරියන් පවා ඈ ව ප්‍රතික්ශේප කරද්දී ඈ හට එය දරාගැනීමට තරම් ශක්තියක් නොමැතිව ඇති වග දේදුනු අද වටහා ගත්තේය.

ආහාරද අරගැනීමෙන් පසු ආච්චි අම්මාගේ ඇද මතට ගොඩවූ දේදුනු මෙන්ම පිනිදි නින්දට වැටුනේ සැනසීමෙනි.

……………….

සුපුරුදු පරිදි අවදි වූ දේදුනු සිරියම්මා සමග එකව කෑම බීම සකසා  ආච්චි අම්මවද පිනිදිවද අවදි කලේ සිනාසෙමිනි.පුංචි සුරතලිය තව තවත් ගුලිවෙමින් නින්දට වැටෙද්දි  ඇයට නිදා ගැනීමට ඉඩ දී දේදුනු මිදුලට පැමිනියෙ  නැව්ම් දවසක වාතාශ්‍රය හොද හැටි ආග්‍රහනය කරගනිමිනි.

පසුව    මිදුලේ රෝස පැල ලග නතරවූ දේදුනු දුටුවෙ මෙතෙක් කාලයකට  නොපිපි රෝස පදුරේ රෝසමලක් පිපී ඇති අයුරුයි.

දේදුනුගෙ හිතට දැනුනේ  අමුතු සතුටකි     …….

” මල් පිපිලද අක්කි……..”

” හ්ම් ..ඔයා වගෙ ලස්සන රෝස මලක් පිපිලා………”

දේදුනු පැවසුවෙ නිදිගැට කඩමින් තමා වෙතට පැමිනි පිනිදි දෙස බලමිනි..

ආහාර  පාන ගෙන හවස් වන   තුරු  දේදුනු මල් පැළවලට සාත්තු කලෙ  පිනිදිගෙ තොර තෝන්චියක් නැති  කතා බහ මැද්දෙයි.

රාත්‍රිය උදා වනවිට   ආලින්දය සැවොම රැස්වෙද්දී  දේදුනු ගිටාරයේ තත් සුසර කරන්නට විය.

“අක්කිට සින්දු කියන්න පුලුවන්ද.”

පිනිදි පැවසුවෙ  ආච්චි අම්මට තුරුලු වෙමිනි…

” අහන්න ඕනද….අහන් ඉන්නකො එහෙනම්…….”

ආච්චම්මා පැවසූවට සිනාසුනු දේදුනු දෙනෙත් පියා ගන්නට විය.

“නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවේ
ඔබ යන්න යනවානම්

සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කළේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකම්

දෑස් වසා කඳුළු සලා
දෑස් වලින් සිනා සලා
සුසුම් වලින් කතා කලා
ඔබ යනවා සුවඳ තියා”

ගායනව අවසානයෙ පුටුවෙන් නැගිට ගත් පිනිදි අත්පුඩි සගමින් කෑ ගැසුවේ ප්‍රීතියෙනි….

” ඕඔgod අක්කී ඔයාගෙ වොයිස් එකනම් සුපර්බ්….. වන් මෝ වන් මෝ අක්කී……”

පිනිදිගේ ආයාචනා මැද්දෙ  ගීත හතරක් පහක්ම ගායනා කල දේදුනු හති ඇරියේ සිනාසෙමිනි.

” ඔයාව නුරාග් අයියා දැක්කොත් උස්සන් යනවා ශුවර් …….”
පිනිදි පැවසුවෙ  ආච්චි අම්මා කුස්සියට යනතෙක් මාන බලා ඉදිමිනි

” නුරාග්….”

“හ්ම්ම්ම්….මගෙ බෝයි………”

”  මොකක්……..”
දේදුනුට  කෑ ගැසුනෙ  ඉබේටමයි.

” අයියෝ අනේ මූනේ හැටි…නුරාග් අයියා මගෙ ක්‍රශ් එක..”

පිනිදි පවසන විට දේදුනුගෙ මනසෙ ඇදී මැකි ගියෙ වරුන අයියා සමග පැමිනි  දඩබ්බරයාගෙ  රුවයි..

” මුට වෙන කෙල්ලෝ නැතුවද මේ පොඩි කෙල්ලක් අල්ලන් ඉන්නේ …ශික්……”
දේදුනු හිතන්නට විය.

” අක්කිට බෝයි කෙනෙක් නැද්ද……”

” අනේ මේ පන්ඩිත කෙල්ල ගුටි කන්න එපා මගෙන් හොදද ……..”

දේදුනු එසේ කියමින් පිනිදිගෙ කම්මුල මිරිකා දැමුවෙ  පිනිදිද මහ හඩින් සිනාසෙද්දි.

කාලය ගෙවි ගියේ දේදුනුට වගේම     පිනිදිට  අලුත් බැදීමක සෙනෙහස   හිත සතුටින් විදගැනීමට  ඉඩ හසර ලබා දෙමිනි…

“අක්කි…අනේ මටත් දෙන්නකො මමත් හිටෝනවනෙ…..”

” නෑ නෑ මඩට බහින්න එපා …අසනීප වෙයි ….ඔහොම උඩට වෙලා ඉන්න ….”

ගමේ උදවිය සමග එක්ව කුඹුරට  බැස  පැල ඉන්දවමින් ඉන්නා දේදුනු දෙස බලාගෙන   ඇවටිලි කරනා පිනිදිට දේදුනු සැර කෙරුවෙ තදිනි.

ඇගෙ වදන් හමුවෙ නිහඩ ව කාලය ගෙවෙද්දි  දේදුනු ඇස් උස්සා බැලුවෙ පිනිදිගෙන් සද්දයක් නොනැගුන තැනයි.

දේදුනුගෙ හිත ඇවිලෙන්නට ගතවූයේ තප්පර කිහිපයකි. පිනිදි කදුලු පිරි වතින්  ඈ දෙස බලා ඉන්නා යුරු  දුටු දේදුනු තමාට බැන ගත්තෙ ඈ හට නපුරු වූවා වැඩිද යන්න සිතමිනි.

අතපය සෝදා ගත් දේදුනු පිනිගෙ අතින් අල්ලාගෙනවිත්   නියරේ වාඩි කරවූයේ ඈ දෙසට නෙත් යොමු කරමිනි.

” ඇයි දැන් මගෙ පැටියා මේ අඩන්නේ…….”

” මට අම්මා මතක් වුනා අක්කී….”

” අනේ රත්තරන්…..”

” එයත් ඔය වගේමයි…මම අසනීප වෙයි කියලා හුගක් බයයි …මට එයාව හුගක් මතක් වෙනවා අක්කි….”

එසේ කියමින් ඉකි ගැසු  පිනිදිව දේදුනු  වැලද ගත්තෙ ඇගෙත් නෙතට කදුලු උනද්දි …

ඇගෙ පුංචි හිතත් තමාගේ හදවත සේම දුක් විදින බව දුටු දේදුනුට ඉහිලුම් නොවීය.

“අහන්නකො පැටියො …ඔයා ඔහොම අඩනවට අම්මලා හිටියනම් එයාලා කැමති වෙයිද….”

” එයාලා දැන් නෑනේ…”

” එයාල නැතිඋනාට  දැන් අක්කී ඉන්නවනේ….අක්කි කැමතිත් නෑ අක්කිගෙ පුංචි සුරන්ගනාවි අඩනවට……”

දේදුනු පැවසුවෙ ඇගේ වතේ කදුලු පිස දමමිනි.

” සමහර වෙලාවට අපිට අපි හොයන ආදරේ ආරක්ශාව  ලබා ගන්න ෆයිට් කරන්න වෙනවා පැටියො…ඒත් සමහර මොහොතවල් වල අපි අමාරුවෙන් හොයගත් අපි අමාරුවෙන් ලන් කරගත්ත වින්ද ඒ ආදරේ අත ඇරලා දාන්න තරම් අපි ශක්තිමත් වෙන්න ඕන…පුංචි ඔයාට මේ දේවල් තාම තේරෙන්නේ නැතුව ඇති … අපි කැමති නොකීවට ..අපෙ හිතේ අපි ආදරය කරන මිනිස්සු අපි ගැන  ටිකක්  හරි කෙයා කරනවනම් අපි  හුගක් කැමති එයාලගෙ පුංචි ආදරනීය වචනයකට පුලුවන් අපෙ මුලු දුකම නැති කරලා දාන්න ඒ වගේම තමා අපේ ජීවිතය අපායක් කරන්නත් අපි හුගක් ආදරේ කරන මිනිස්සුන්ට පුලුවන් නන්ගෝ…මම කියන්නේ ඔයා කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා..තනියම නැගිටින්න ඇත්තට මුහුන දෙන්න කවුරු කොහොම කිව්වත් අපිට අපි විතරයි රත්තරන්….කවදා හරි දවසක අපි තනිවෙනවා…එහෙම තනි වුනත් ඔයාට දුකක් නොහිතෙන විදිහට වැඩ කරන්න…”

” ඔයා වගේද……”

පිනිදි ඇසු පැනයට දේදුනු නිරුත්තර විය ..ඇගෙ මුවෙ ඇදුනේ  වේදනාබර සිනහවකි.

” මම විදවන තරම් ඔයා දන්නේ නෑ රත්තරන් ….මේ හිත දවස ගානේ ඇවිලෙනවා….”
දේදුනු සිතන්නට විය.

හවස් යාමය වනවිට පිනිදිගෙ දගකාර කම හමුවෙ දේදුනු මෙන්ම පිනිදිද උන්නේ මඩ ගොඩේ නටා හෙම්බත් වීය..හවස පීල්ලෙන් අතපය සෝදාගෙන  පාර දිගෙ ඇවිද ආ දේදුනු මෙන්ම පිනිදිද උන් තැනම නතර වූයේ වත්තට ඇතුලුවන මායිමේ නවතා තිබු වාහනය දුටු විටයි…කුඩා ඇල්ටෝ රතය  කාගෙද යන්න දේදුනුට මතකය….

” නුරාග් අයියා……”

පිනිදි දිව ගොස් නුරාග්ට තුරුලු  වූයේ නුරාග්ද  පිනිදිගෙ හිස අත ගාද්දි.

” අයියා ආවද …….”

” ඔව් ඇතුලෙ……”

එසේ කියූ සැනින් පිනිදි මිටින් හල කිරිල්ලියක මෙන් නිවස තුලට දිව යන අයුරු බලා වුන් දේදුනුගෙ    මුවගෙ සිනහවක් ඇදී මැකී ගියේය.

දේදූනුද අඩි ඔසවමින් නුරාග්ව පසු කරමින් අඩි දෙකතුනක් ඇවිද ගියෙ ගැහෙන හිත හන්ගා ගනිමිනි.

” ආහ්හ්……..”

දේදුනු කෑ ගැසුවේ  පිටුපසට ඇදී ගොස්  තම කොන්ද වාහනයෙ බදට තදින් වදිද්දි.

” තමුන්ට පිස්සුද……..”

” ඒක අහන්න ඕන මම…වතුරයි මඩයි නාගෙන ලැජ්ජ නැද්ද ඔහොම එන්නේ…තමුසෙනම් කොහොමත් ආතක් පාතක් නැති එකීනේ..ඒත් අර පොඩි එකීව අල්ලන් මේ කරන විකාරේ මොකක්ද……”

නුරාග් ඇසුවේ ඒ ඇස් මතට එබෙමින් කෝපයෙනි..

“ඒ කෙල්ල පොඩි කියලා දන්නවනම් තමුන්ට ලැජජ නැද්ද ඒ කෙල්ල අල්ලගෙන මගුල් නටන්න…..”

පෙර දිනයෙ පිනිදි පැවසූව මතකයට නැගෙද්දි දේදුනු එය වචන කලෙ නුරාග්ගේ දෑස්ද ඒ වචන හමුවේ ගැස්සී යද්දි.

”  මොනවද ඕයි මේ කියන්නේ……”

” කියන්නේ ඇත්ත.ඔයා ඔය හැසිරෙන විදිහෙන් ඒ ලමයා තවත් බලාපොරොතු තියා ගන්නවා…….”

“මොන මගුලක්ද කියවන්නේ..”

නුරාග් ගුගුරන්නට විය.

” කිව්වේ ඇහුන දේ තමා  ඒ පොඩි දරුවෙක් කියලා මතක තියාගෙන වැඩ කරන්න ..ඔයාගෙ වයසට හරියන කෙනෙක් හොයාගන්න……”

එසේ කියමින්  නුරාග්ගේන් තම අත ගලවා ගත් දේදුනු නිවස දෙසට ඇවිද ගියෙ නුරාග් උනේ කුමක්ද යන්න  කල්පනා කරද්දි.

…………..නැවත හමුවෙමු…….

100 thoughts on “පිච්ච මල් මනාලී| දාහතර වන කොටස| නවකතාව”

  1. සකලබුජං(DPK 2000)

    ~හඩන අහස~

    විටෙක හෙමින්
    විටෙක වේගෙන්
    සලයි කදුළු නුඹ
    අපිව තෙමෙන්න

    අපව නොතෙමා
    කදුළු පිසගෙන
    වරද අපේ නම්
    සමා දෙනු මැන…

    4
    1. සකලබුජං(DPK 2000)

      මං හිතුවේ මේක පෝස්ට් වුන් නැ කියලනේ… අයියෝ… ???

        1. සකලබුජං(DPK 2000)

          ඔව් අනේ එපා වෙනෝ… චුරු චුරු ගානවා හැමවෙලේම…

  2. සකලබුජං(DPK 2000)

    ~හඩන අහස~

    විටෙක හෙමින්
    විටෙක වේගෙන්
    සලයි කදුළු නුඹ
    අපිව තෙමෙන්න

    අපව නොතෙමා
    කදුළු පිසගෙන
    වරද අපේ නම්
    සමා දෙනු මැන…

    *දුලා*

    1
  3. සකලබුජං(DPK 2000)

    ~සුළං රැලි~

    එහෙන් මෙහෙට
    මෙහෙන් එහෙට
    දැවටි දැවටි
    ගස් වැල් වල

    සිසිල ගෙනෙයි
    හැමදෙන හට
    වෙහෙස නිවයි
    මද පවනෙන්

    *දුලා*

    3
    1. අනේ පොලිස් අන්කල් ඔයාගෙ නම කියනවද????
      නමනි කියන්න කිව්වේ number එපා
      නම උපන්දිනේ ඒවා කියන්න
      බොරු ටෝක් දෙන්නැතුව ???

        1. රිතූ ??

          ඒයි කටු අත්ත…. කවියක් ඕනි ????

          අප්පටසිරි ? එදා කට්ටිය මගෙන් කවියක් ඉල්ලුවා නේද? අමතක වුණා ???

      1. රිතූ ??

        ඕකෙ ඉමියෝ…. මාත් දෙන්න බලන්නම්… එදා මගෙන් කවියක් ඉල්ලුවා කියලා අමතක වුණා ????

          1. රිතූ ??

            හරියෝ… ?? මට එදා ඇත්තටම අමතක වුණා… දැන් ඔයාලට කවියක් කියන්න කිව්වම මතක් වුණේ එදා කවුරු හරි ලියපු කවියකට අයියා රිප්ලයි එකක් දෙන්න කිව්වා නේද කියලා ???

  4. රිතූ ??

    සෙව් අක්කේ….. කතාව ගොඩක් ලස්සනයි…. ? හැමදාම කියන දේ තමා අප්පා අදත් කියන්න වෙන්නෙ ? අන්තිම කොටසට කමෙන්ට් එකක් දෙන්නම්…. ??

  5. රිතූ ??

    බටේ
    නුදී
    චූටි
    පිස්සු පූසා
    ප්‍රබුද්ධ
    මහසෝනා
    සොනාලි අක්කා
    අනූ
    නෙතූ අක්කා…

    කෝ අප්පා ඔයාලා? ???

    1. හරි අන්කල් අපි විහිලු කරනව නෙවේ
      අයිතිවාසිකම් සුරකිනවා

          1. කවී මල්ලිට කියන්න අප රැවටුනා කියලා ?

          2. රිතූ ??

            මේ එයා නම් ඔයාලා ඔහොම අංකල් කියලා කතා කරනකම් බලන් ඉඳීවිද? ?? කාට හරි එයාගේ වයස පොඩ්ඩක් වැඩියෙන් කියවුණාමත් රණ්ඩු කරන කෙනා ? ????

          3. අපව රවට්ටනකොට ඒම කිව්වම අපි දැනගන්නවනේ මල්ලියෙක් කියලා ?‍♀️ ඇයි ඩෝනට් ?????

          4. රිතූ ??

            බටේ…. මම ඒ කිව්වෙ මිදි මල්ලි ගැන නෙමෙයි ??‍♀️??‍♀️??‍♀️ අයියා ගැන ??‍♀️??‍♀️??‍♀️??‍♀️

  6. හේෂි .....

    මේ පොලිස් අංකල් විස්තර කියනවද මාගේ රාජ්‍යේ මම දන්නේ නැති කට්ටිය ඉන්න බැ නේ……….?????දෙනුකුනෝ රජ ප්ට්ටම දෙන්නම්…..නවත්තමු නේ

      1. හේෂි .....

        එකනේ නිති දාන්න පුලුවන් මට විතරයි ….?මෙතන…..නිතී හදන්න එනවා….මම හදනවා මම ම දඩුවනුත් කොරනව

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.