Katha Ahura

පිච්චමල් මනාලී|දහතුන් වන කොටස| නවකතාව

4.8/5 - (13 votes)

13

මොකද යකෝ මේ උඹට වෙලා තියෙන්නේ…උඹ වෙනදට මෙහෙම නෑ…කා එක්කවත් වැඩිය කතා කරන්නේ වත් නැති උඹ මොකද අර කෙල්ල එක්ක එල්ලි එල්ලි ගියෙ…හරියට මොකක් හරි ඇරියස් එකක් කවර් කරනවා වගෙ…….”

” මම ඒකිව කලින් ඉඳලම දන්නවා ……”

” මොකක්……..”
වරුන කෑ ගැසීය…….
…………………………………………

හීන් හිරි පොදයක් ඇද හැලෙමින්
රාත්‍රිය උදාවන්නට විය.
බැල්කනියට වි කලුවරේම ඇද හැලෙන හිරි පොදය ගත තෙමා දමමින් …සීතලට මුලු ගතම වැලද ගැනීමට ඉඩ දී බලා උන් දේදුනු…වලාකුලු වලින් වැසීයන සඳ දෙස බලා උන්නේ දුකෙනි.

” පැංචියෙ…නිදි නැද්ද තව ..එලියට වෙලා මක් කොරනවද …හිරිකිඩ වද්දගෙන අසනීප වෙන්නද ඕන……….”

ආච්චි අම්මාගෙ හඩ ඇසුනද දේදුනු නිහඩය…

” පැංචියෙ උඹ ඔය අඩනවද………..”

ආච්චි අම්මා ඇගෙ වෙනස වටහාගෙන ඇගෙන් ඇසුවෙ ශෝකයෙනි.

“මම තනිවෙලා ආච්චි අම්මේ…….”

” අනේ රත්තරනෙ ඇයි මෙ……කවුද කීවේ මගෙ කෙල්ල තනිවෙලා මගෙ කෙල්ලට කවුරුත් නෑ කියලා ..මේ හැමෝම ඉන්නවනෙ .”

“කවුරුත් නෑ ..”කියන එක තනිකම නෙමේ..අපි වටේ හුගක් අය හිටියත් අපි වෙනුවෙන් කවුරුත් නෑ කියන එකයි තනිකම කියන්නේ………..”

” ඔය හිතෙ වේදනාව මට නොදැනෙනවා නෙමේ මගෙ දරුවො…ඒත් උන දේවල් අපට වෙනස් කරන්න බෑනේ රත්තරනෙ …..එන දේකට මූන දෙනවා මිසක වුන දේවල් ගැන පසු තැවි තැවි ඉන්න එක හොද දෙයක් නෙමෙ….කවුරු හිටියත් නැතත් මේ ආච්චි අම්මා මගෙ කෙල්ලට ඉන්නවා ..මම හිටියත් නැතත් ඔය හිත ශක්තිමත් කරගනින් මයෙ දෙයියෝ කාටවත් රිද්දන්න බැරි වෙන්න…..”

ආච්චි අම්මා පැවසුවෙ දේදුනු ඇයව වැලද ගනිද්දී ඇගෙ හිස අත ගාමිනි.

” අම්මයි අප්පච්චී අද හිටියනම් මට මෙහෙම වෙන්නේ නෑ…මම මෙහෙම තනි වෙන්නෙත් නෑ…….”

” උන්දැලා ගෙනාව ආයුශ එච්චර වෙන්න ඇති පුතෙ….නාඩ ඉදින් දැන් ගිය දේවල් ගැන නොහිතා…….”

එසේ කියූ අච්චි අම්මා දේදුනුව තුරුලෙන් මෑත් කර ගේතුලට රැගෙන ගියෙ ඇගෙ හිත හැදීමට බොහෝ දේ පවසමිනි.

යහනට පැමිනියද නින්දක් ඈ අසලකවත් නොවීය..ආච්චි අම්මා තම මව හා පියා පිලිබද පැවසු දිනයේ සිට ඇගෙ නින්ද ඈ හට අහිමිව ගොස් තිබුනෙ කදුල හා තනිකම ඈ හට තව තවත් ලෙන්ගතු වෙද්දි.

…………………….

” එතකොට උඹ කියන්නේ උඹෙ රික්වෙස්ට් එක රිජෙක්ට් කරපු කෙල්ල මේකී කියලද……..”

” පැය ගානක් තිස්සේ උඹට ඕක තමා මම කියන්නේ…….”

” උඹට කන්ෆම්ද……..”

“ජගත් විස්තර කියද්දි .මමත් හිමීට ඒකි ගැන හෙව්වා බන්…මේ ඒකිම තමා දැක්කේ නැද්ද පොල් කන්නාඩි දෙක.. බංලෝ එකට ගියහම ඒක කන්ෆම් උනා……..”

” ??? ඒ කියන්නේ උඹව රිජෙක්ට් කරපු එකේ පලියද උඹ ඒ ගත්තෙ…යකෝ මම හිතුවෙ නෑ උඹ එහෙමයි කියලා…ලෝකෙටම සිංහයා වගෙ ඉන්න රාග්ට මේ බටු ඇට කෙල්ලෙක් වදින්නම දීලා ඒ කියන්නේ…යකෝ මේක සමරන්න වටින නිවුස් එකක්……….”

වරුන පැවසුවෙ බියර් ටින් එකක් කඩා දමා මුවතුලට හලා ගනිමිනි.

” මංදා බන් මට කන්ට්‍රෝල් නැති උනා ඒකී වගෙ එකියක් මාව රිජෙක්ට් කලා කිව්වම…….”

” උඹව නෙමෙ යකෝ උබේ චැනල් එක……..”

” whatever …..දැක්කම තරහා ගියා…….”

” නොතේරුම් කමට වෙන්න ඇති බන් …උඹව දන්නවනම් දැකලා ඔහොම ඉන්නේ නෑනේ…….”

” මෙඩිකල් කොලේජ් ගිය එකියකට කොහොමද බන් නොතේරුම් කමක්……බම්බු කියවනවා උඹත්………”

” හරි හරි දැන් ඕවා අමතක කරහන් …ආයෙ මරා ගන්න යන්න එපා..ඒකි මගෙ පොඩි එකීගේ ජීවිතේ බේරුවා …ඒකී ගැනවත් නොහිතා ..එහෙම එකියක් කීයටවත් නරක වෙන්න බෑ බන්……අපි ඕක අල්ලලා දාමු……”

වරුන පැවසුවෙ නුරාග් ගේ පිටට තට්ටුවක් දමමිනි.

……………………………………
කාලය ගතවී ගියෙ සුපුරුදු ලෙසයි.

උදෑසන ආහර ගත් දේදුනු මුහුන කට දොවා මුලුතැන් ගෙට වැදුනෙ සිරියා සමග උදෑසන ආහාර වේල සැකසීම සදහයි.

” අද මොනාද සිරියම්මේ හදන්න හදන්නේ…….”

” කිරිබත් ටිකක් හදන්න කියලා ලෑස්ති උනේ පැංචි බබා……..”

” අද ඉදියප්ප කමු…මම හදන්නම් සිරියම්මා හොද පොල්සම්බෝලයක් අඹරන්න ……..මොකෝ කියන්නේ…..”

” බේබිගෙ කැමැත්තක් ……..”
සිරියා පැවසුවෙ සිනාසෙමිනි.

පැයක් ඇතුලත සියල්ල සූදානම් කර කෑම මේසෙට ඇරි දේදුනු…අච්චි අම්මාගෙ කිරි එකද රැගෙන කාමරය වෙත ගියෙ ඈව අවදි කිරීමටයි.

දේදුනු කාමරයට යන විටත් ආච්චි අම්මා කාමරයේ ඇද සකසමින් ඉන්නායුරු දුටු දේදුනු කිරි වීදුරුව පසෙකින් තබා අච්චි අම්මාව පිටු පසින් වැලද ගෙන සිප ගත්තෙ ආදරයෙනි.

” අද උදේම නැගිටලා හොර කෙල්ල…..”

” ම්ම්ම්ම්ම්…එහෙම තමා අපි…මම බඩ්ඩක් හැදුවා ඔයාට………”
කුඩා දරුවෙකු විලස එසේ කී දේදුනු සිනාසුනෙ ආච්චි අම්මාගෙද මුවගට සිනහවක් එක් කරමිනි.

…………………………….
දහවල් වන විට ගිටාරයද ගෙන නිවසෙන් පිටව එලිමහනට ආ දේදුනු ගිටාරයෙ තත් පිරිමදින්නට විය.

“ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ආදරයේ උල්පත වූ අම්මා..
මා ඔබගේ පුතු වූ..
ඔබ මතු බුදුවන දවසේ..
මා රාහුල කුමරුන් සේ..
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
සුළඟිල්ලේ එල්ලී..

සඳ දියකොට කිරි වතුරෙන්,
ඒ දියරෙන් මුව දෝවා..
දිව මතුරක් වන් නැළැවිලි ගීයක,
මතකයි මා නැළැවූවා..
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී..
ඒ ජීවිතයට දිරි දී පණ දී..
මා දැඩි කල අම්මා..

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා,
නිදි ගන්වා යහන් ගැබේ..
සිහිනෙන් ගෑ මුදු සුවඳක් මෙන්,
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
දවසින් දවසට සෙනෙහස ලබැඳී..
ගෙනදී දිවියට නව පණ ලැබදී..
මා දැඩිකල අම්මා..”

ගීය අවසානයෙ හඩ බිදී යද්දි දේදුනුගෙ දෑසින් කදුලු කැට වැටෙන්නට විය.

” අම්මයි අප්පච්චි ඔයාට හුගක් ආදරෙ කලා පැංචියෙ….ඒත් ඔයාලගෙ මාමලා ඔය අම්මට හම්බුවෙලාවත් එයාල ගත්ත තීරනේ වෙනස් කලෙ නැ.එයාල හැමෝටම එයාලගෙ නම්බුව ලොකු වුනා අන්තිමට මගෙ කෙල්ල හිතේ දුකින්ම මැරිලා ගියා……”

එදා ආච්චි අම්මා කියූ ඒ වදන් දේදුනුගෙ දෙසවනෙ දෝන්කාර දෙන්නට විය. ගිටාරය පසෙකින් තැබු ඈ දෙපා මත හිස හොවා ගනිමින් ඉකිබිදින්නට විය.

දේදුනුගෙ හැම ඉරියව්වක්ම ආලින්දයෙ දොරට මුවාවි බලා වුන් ආච්චි අම්මාටද එක් කලේ දැඩි වේදනාවකි.ඇයගෙ වියපත් හිතට මෙන්ම ගතටද එය දරාගත නොහැකි තරම්‍ ය..අසරණ දරුවා විදවන අයුරු බලා ඉදීමට ආච්චි අම්මාට සවියක් නොවූ තැන ඈ සාලයෙ සැටිය මතට වැටුනෙ පපුවට අතක් තබා ගනිමින් .වේදනාවෙනි..

” මේ දරුවගෙ හිත නිවන්න දෙවියනෙ…..”

ආච්චි අම්මා සිතන්නට විය.

හවස් වන විට වාහනයක් ඇවිත් මිදුලේ නතර කරන විට ආච්චි අම්මා ගේ ඉස්සහට ගියෙ පැමිනියෙ කවුරුන්ද යන වග දැක ගැනීමටයි.

” ලොක්කියෙ ….මාවත් මතක් උනා එහෙනම් ……..”

වාහනයෙන් බැසගත් පහන්‍යා දුටු තැන ආච්චි අම්මා හඩ ගෑවේ සතුටිනි.

” පොඩි පුතෙ එන්න ඇතුලට ….”

පහන්‍යාට මෙන්ම තෙනුවරටද නිවස තුලට ආරාදනා කෙරු ආච්චි අම්මා උන්නේ සතුටෙනි.

” හදිසියේම මාව මතක් වෙලා මොකො ….ජෝඩුවට…….”

” ඇයි අපි එනවට අත්තම්මා කැමති නැද්ද…..”

තෙනුවර ඇසුවෙ සිනාසෙමිනි.

” ඕන් කීව්වා කතාවක්…ඔහොම හිටින් මම තේ ඩින්ගිත්තක් හදන් එන්න……”

පුටුවේ නිදාන උන් දේදුනු දෙසද වරක් බලමින් ආච්චි අම්මා කුස්සියට වැදුනේ තේ සෑදීමටයි.

නිදා සිටිනා දේදුනු දෙස මදක් බලාගෙන උන් පහන්‍යා අඩක් අහවර කර ස්ටූලය මත තබා තිබු වතුර වීදුරුව ගෙන දේදුනුගෙ මුහුනට හැලුවෙ දේදුනු සීතල වතුර පහරින් ගැස්සී අවදි වෙද්දි..

” ### මගෙ සැනසීම නැති කරලා උඹ සැපට නිදිද…කාලකන්නි ###”

” පහන්‍යා…..”
තෙනුවර කෑ ගැසුවෙ මදක් සැරෙනි.

තද නින්දක සිට එක පාරටම අවදිවු දේදුනුට ඇසුනු වචනත් සමග ඈ පියවි සිහිය ලද්දෙ මුහුන පුරා විසිරුනු ජල බිදිති අතින් පිසදැමිමෙන් අනතුරුවයි.

” අක්කේ……..”

දේදුනු මුමුනන්නට විය.

” අක්කා කවුද ගෑනියෙ අක්කා….ජාතියක් ජම්මයක් නැති ### ආවද නෑදෑකම කියන්න…….”

පහන්‍යා එසේ කියන විට දේදුනු සැටියෙන් නැගිට ඉවතට යෑමට සැරසුනෙ ඇගේ වදන් තුට්ටුවකටවත් මායිම් නොකරයි..

දේදුනුගෙ හැසිරීම හමුවෙ තවත් කෝපයට පත් පහන්‍යා සැටියෙන් නැගිට අඩියට දෙකට දේදුනු හට ලන්වි ඇගෙ නිය වලින් දේදුනුගෙ වැලමිට පෙදෙසින් අල්ලා ඈ වෙතට හරවා ගත්තේ කෝපයෙනි.

” මොකෝ ඇත්ත කියනකොට අමාරුද…….”

” මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා ඔයා මට වඩා හොදට දන්නවානේ අක්කේ….සොරි සොරි මිස් පහන්‍යා…ඔයාට මැනස් කියලා දෙයක් නැති උනාට මට තියනවා…නිකන් ඔයා එක්ක පැටලිලා දෙකෙ කොලේට මගෙ තත්වේ වට්ට ගන්න මම කැමති නෑ….ඒ නිසා හුගක් හොදින් මම මේ කියන්නේ…මගේ පාඩුවෙ මට ඉන්න දෙන්න…ආයේ ඔය කටින් මට වචනයක් කිව්වොත් අන්න එදාට මේ දේදුනු කවුද කියලා ඔයා දැන ගනි….”

එසේ කියූ දේදුනු ඇගෙ අතින් තම අත ගලවාගෙන පඩිපෙල නැග නොපෙනි ගියේ පහන්‍යා උනේ කුමක්ද යන්න සිතා ගත නොහැකිව බිරාන්ත වෙද්දි.

තෙනුවරද කිසිත් නොදොඩා උන්නේ ඔහුගේ හිතද මේ වන විට කැඩී බිදී ගොස් අවසාන බැවිනි.

…………………………..
කාමරයට වැදුනු දේදුනු කාමරයෙ දොර දඩස් ගා වසා දැමුවේ කෝපයෙනි..පහන්‍යාගෙ වදන් හමුවෙ තම ඉවසීම දෙදරා යද්දි තමා පැවසුවෙ කුමක්ද යන්නවත් දේදුනුට වැටහීමක් නොමැති විය
නමුදු පැවසු කිසිවක් ගැන දේදුනුට පසුතැවීමක්ද නොවුනේය.

රාත්‍රියෙ ඔවුන් පිටව යනතෙක්ම කාමරයෙන් පිටතට නො ආ දේදුනු ඔවුන් වාහනයට නගින අයුරු කවුලුවෙන් බලා උන්නේ හිතම වේදනාවෙන් පිරෙද්දි.

” එපා දේදු එපා…ඔය ඇඩුවා හොදටම ඇති තවත් ඔයාව පාගන්න කාටවත් ඉඩ දෙන්න එපා හැමදේම අමතක කරලා දාන්න…”
දේදුනුගෙ හිත ඈට පවසද්දි තිරය බිමට හෙලූ දේදුනු කවුලුවෙන් මෑත්වී ඇදට වැටුනෙ සුසුමක් පිටකරමිනි.

…..නැවත හමුවෙමු……

 

158 thoughts on “පිච්චමල් මනාලී|දහතුන් වන කොටස| නවකතාව”

        1. ?කවී?

          ?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️රෝස පාට මල්……. පාට ටයිප් කරන්න කම්මැලි කමටයි රෝස මල් කියලා දැම්මේ…….

  1. ?කවී?

    කතාව හුඟාක් ලස්සනයි සෙව් අක්කියෝ……. දේදු හුඟක් දුක් විදිනවා…. පව්….. දේදු වැටෙන්නේ නැතුව ඉස්සරහට ගිහින් එයාට කොන් කරන හැමෝටම පේන්න හොඳ තැනකට එයි කියලා හිතනවා අක්කි…… ඔයා කතාව ඇතුලෙ අපිව ජීවත් කරවනවා අක්කි…… All the best!!! පරිස්සමින් ඉන්න…… ජේසු පිහිටයි…… බුදු සරණයි……..

    1
  2. කටුඅත්ත කෝ
    පිනෝ
    නවෝදා
    ශේනු කෝ මට හරියට කතා කරන්නත් බැරි උනා ?
    එන්න කස්ටිය
    අද ඩෝනට් කෝ
    බටකොලේ

    1. රිතූ ??

      අඩේ අද අයියා කලින් ඇවිත් ? මම ඉන්නවෝ…. දැන් චුට්ටකට කලින් ගෙදර ආවේ……?

      1. ?? ඒක හරි නෑ වගේ ඩෝනට් ? නිකන් මම රෑට විතරක් ම එනවා වගේනේ ඔයා කියන්නෙ ?

        1. රිතූ ??

          හපොයි… ඉතින් අයියා වැඩි හරියක්ම එන්නෙ රෑටනේ…. ඒකයි කිව්වෙ ???

        1. රිතූ ??

          ඔහේ ඉන්නෝ අනේ ඉතිම් ? අද ගියා පොඩ්ඩක් ඇවිදින්න…. අක්කලගේ ගෙදර ගියා….. හයට විතර ආයේ ආවේ…. එයාලත් එක්ක පිස්සු නටලා මහන්සියි අප්පා ???

          1. රිතූ ??

            මොකද නවෝ මේ නරියෙක් වගේ හූ කියන්නෙ ??? මේ රෑ වෙලා ඔහොම හූ කියන්න හොඳ නෑ බොල

    1. රිතූ ??

      එහෙම අය ගොඩක් ඉන්නවා ??? සමහර අය පළවෙනි දවස විතරයි…. ඊට පස්සෙ ආසාවටවත් දකින්න නෑ ?????

      1. නෑ නෑ අපේ හිටපු කට්ටිය
        ශාන්
        සදු අක්කා
        නෙතු අක්කා
        නිතූ
        සිතූ
        සොනාලි අක්කා
        මහසෝනා
        නේහා
        දුලාන්
        සෙව්වන්දි අක්කා

          1. හේෂි .....

            එ ලොකු ඩොකෝ කෝ පොඩි ඩොකා ?????පොත් ටික කනවත්ද

          2. රිතූ ??

            එයා මේ පාර එක්සෑම් නේ… පාඩම් කරනවා ඇති….

        1. රිතූ ??

          ඒ ඔව් අප්පා ??? ඔතනින් දෙතුන් දෙනෙක්ම මේ අවුරුද්දේ එක්සෑම් කරන අය නේද? ?

          1. රිතූ ??

            බටේ අදත් කොසු පදින්න ගිහින්….. ගෙදර ආවද දන්නෙත් නෑ?

    1. රිතූ ??

      ඔයා ඉතින් එනවනේ අනේ…. හොයන්න දෙයක් නෑනී… ඔන්න ඔයා ආවේ නැතතන් හොයනවා ???

      1. හේෂි .....

        ය්කූ මෙච්චර ව්‍රලා මම තනියම කියෙව්වා එතකොට ආවේ නැ දැන් ඇවිත් හොයන්නේ නැ කියලා නහයෙන් අඩනව? දාකවා ලොදිය හැලියට ඊට පස්සේ දොදොල් කරලා යක්කුනට කන්න දෙනෝ හරි

        1. හපොයි…???

          මාහට සමාව දෙනු මැන උත්තමාවියනි….??‍♀️??‍♀️??‍♀️??‍♀️??‍♀️??‍♀️

        1. හේෂි .....

          පේන්නේ නැද මොක්කෙවත් නැ හොල්මනුත් හොල්මන් වෙනවා

  3. හේෂි .....

    මට කට්ටිවම ලෝදිය හැලියේ දාලා දොදොල් කරන්න හිතෙන්වා….මම එද්දි එකෙක් නැ ??

          1. පව් නේ?
            දඩුවම ලිහිල් කරමු තිකක් ?

          2. හේෂි .....

            ලිහින් නැ ඉන්න අන්තිම කාලේ දෙන්න ඔන පුලුවන් තර්ම් දරැණු දඩුවම්………????තව මොනාද කරන්න පුලුව න් කියලා හිතන ගමන් ඉන්නේ

    1. හේෂි .....

      කරනවා තමයි…..එහෙනම් මම යනෝ??? ගුඩ්මොනින් ඇ…….බායි බුදු සරණයි

    1. දුලාන් ?

      ? ඒකනන් ටිකක් අවුල් වගේ ??? කව්ද මේ විහිලු කරන්නෙ ??

      1. රිතූ ??

        අර පිස්සු පූසාගේ අප්පච්චි වෙන්නැති බොලව් ???? අපිට එදා කිව්වෙ 119 කෝල් කරන්න… ආන්සර් කරන්නෙ එයාගේ තාත්තා කියලා ???

  4. රිතූ ??

    ගුඩ් මෝනින් හැමෝටම ??? පන්ති තියෙන නිසා බොහොම අමාරුවෙන් පාන්දර 5ට නැගිට්ටා…. නැගිටලා ඇවිත් බලද්දි පන්ති නෑ කියලා මැසේජ් එකක් දාලා ?? අපරාදේ මගේ නින්ද ?? අතත් තුවාල වුණා ඒ මදිවට ??

      1. රිතූ ??

        ??? ඔක්කොමත් හරි…. උදේ පාන්දර තුවාල වුණාම…. දවසම ඉවරයි….. අපලයි ?

  5. රිතූ ??

    කෝ අපේ පිස්සු පූසා….. එයැයිගේ අප්පොච්චි ඇවිත් නේ ????

      1. රිතූ ??

        අන්නේකයි ?? පොලිසිය එනවනම් හොඳයි….. එතකොට මේ ඇප් එකට හොරෙන් ඇවිත් හොරෙන්ම යන අයව අල්ල ගත්තැහැකි ?

  6. හේෂි .....

    ???????කස්ටියටම ගුඩ්මොනින් ?????????මගේ නින්ද උදේ 6ට ක්ලාස් කිය්ලා 5.59 ට නැගිට්ටා ඊට පස්සේ කියනෝ ක්ලාස් 6.30 රලු…ඔන්න 6.30. වෙනකනුත් හිටියා…කොහොම හරි…දැන් කියනවා ක්ල්ස් නැලූ……????????මට එන තරහට……….?

    1. රිතූ ??

      අනේ මන්දා… එයාලා අපේ අහිංසක නින්දත් එක්ක ආතල් ගන්නවා ????

    1. රිතූ ??

      අනේ මන්දා පොලිසියක් විතරයි මේ ඇප් එකට අඩු වෙලා තිබ්බේ….. ඒකත් හරි ????

      දැන් අපිව ඔය arrest කරන්න රාලහාමි ගේ නම කිව්වා නම් බලන්න? ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.