Katha Ahura

පින්වන්ති මා |11 වෙනි දිගහැරුම|නවකතාව

5/5 - (3 votes)

පින්වන්ති මා

11 කොටස

” ම්ම්ම්ම්….. කියන්න අභී …..”

” මාත් එක්ක තරහද අයියේ …..”

” ම්ම්හු…..”

” එහෙනම් කේන්ති ගත්තේ …..නපුරු වෙලා මට බැන්නේ…..”

” සොරි අභී …..
මට කේන්ති යනවා ඉක්මනට … .ඒ වෙලාවට ඔයා වැඩිය හිතන්න එපා….”

” මම ආයෙත් එහෙම කරන්නේ නෑ …. ඔයාගෙන් අහන්නේ නැතුව එළියට යන්නෑ අයියේ ….”

” මට බයයි අභී ඔයා ගැන….. ඒකයි මේ තරමට පරිස්සම් කරන්නේ …”

එහෙම කියලා අයියා මගේ උරහිස වටේ අත යවලා මාව එයා ළඟටම ගත්තා .වෙනදට මම තමයි බලෙන්ම අයියට තුරුල් වෙන්නේ.

ඒත් අද අයියම මාව එයා ළඟට ගත්තා .මම අයියගේ උරහිසේ ඔළුව තියාගත්තම එයා මගේ ඔළුව අතගෑවේ කිසිම කතාවක් නැතුවම.ටික වෙලාවක් යනකම් අපි දෙන්නම කතා නොකර ඒ විදියටම හිටියා .

” අභී …වොශ් එකක් දාගෙන එන්න …අද ඔයා හදමු තේ…මම කියලා දෙන්නම් හොඳේ …”

මම අයියා ළඟින් නැගිට්ටේ ගොඩක් සතුටින් . ආසයි හිමින් හිමින් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න .මටත් ඕන සාමාන්‍ය ජීවිතේකට පුරුදු වෙන්න .

මුලින් මුලින් අමාරු වුණත් දැන් මම ඒකට හුරු වෙලා තියෙන්නේ මගේ කැමැත්තෙන්මයි. තරහකින් වත් දුකකින් වත් නෙමෙයි .ගොඩක් සතුටින් .

මේ හැමදෙයක්ම මගේ අයියා නිසා .මම ගොඩක් පින් කරලා ඇති අයියා වගේ කෙනෙක් මගේ ජීවිතේට අහම්බෙන් හරි මේ විදියට ළන් වෙන්න .

අයියත් වොශ් එකක් දාගෙන ආවට පස්සේ අයියා මාව කිචන් එකට එක්කන් ගියා.එයා කියලා දීපු විදියට තමයි මම තේ හැදුවේ .කහට ගානට තැම්බෙනකම් ඉඳලා සීනි අඩුවෙන් දාලා හදපු කිරි තේ එක ඇත්තටම රසයි.

” අභී …..
ඔයාට පාළුයි වගේද මෙහේ ඉන්න ..”

” නෑ අයියේ ….ඔයා ඉන්නවනේ…මට පාළු නෑ …”

” උදේට මොනවද අභී කන්න ඕන …”

” මොනා හරි අයියේ ….ඔයා කැමති දෙයක්…”

” දැන් මම ඔයා අකමැති දෙයක් හැදුවොත් ඔයා කනවද….”

” අමාරුවෙන් හරි කන්න පුරුදු වෙනවා ….”

” හොඳ ළමයා …එහෙම තමයි ඉන්න ඕන …ගෑණු ළමයෙක් වුණාම කෑම තෝරන්න හොඳ නෑ ….”

” ම්ම්ම්ම්…..”

” අපි ලේසි දෙයක් හදමු අභී …. ඔයාට පුරුදු වෙන්නත් එක්ක ….”

අයියයි මායි එකතු වෙලා පරිප්පු හැදුවා.හදලා පාන් කෑවා.වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ .ඒ නිසාම අයියත් එක්ක කියව කියව හිටියා .

” අභී ….”

” ම්ම්ම්ම්…..ඇයි අයියේ ….”

” හවස පන්සල් යන්න එනවද…..”

” පන්සල් ….”

මම ඇස් දෙකත් ලොකු කරගෙන අයියා දිහා බලලා ඇහුවේ පුදුමෙන් වගේ.

” ඇයි අභී .. …
ඔයා කැමති නැද්ද පන්සල් යන්න ….”

” නෑ ..නෑ ..අයියේ ….
එහෙම දෙයක් නෙමෙයි ….”

” එහෙනම් ඇයි අභී …..”

” මට මතක ඇති කාලෙක මම පන්සල් ගිහින් නෑනේ අයියේ ….”

” ඇයි ඔයා පෝය දවසට වත් පන්සල් ගිහින් නැද්ද අභී ….”

” නෑ අයියේ ….පෝය දවසටත් සමහර වෙලාවට අපේ ගෙදර පාර්ටි….”

” එතකොට ඔයා දහම් පාසල් ගියේ කොහොමද අභී……”

” මම කවදාවත් දහම් පාසලකට ගිහින් නෑ අයියේ ….ඉස්කෝලෙන් ඉගෙන ගත්තු දෙයක් විතරයි ….”

” ඔයා පව්….ඒත් දැන් ඒ ගැන පසු තැවිලා වැඩක් නෑ අභී ….

අපි අද හවස යමු පන්සල් …..”

” හා අයියේ ….මම ආසයි යන්න …”

” අභී ….ඔයාට පයින් ඇවිදලා පුරුදුයි ද…..”

” තාම නම් එහෙම කොහේවත් පයින් ගිහින් නෑ දුරක…”

” අද නම් ඔයාට යන්න වෙන්නේ පයින් හොඳේ …ඒක චූටි පන්සලක්…වාහනෙන් යන්න බෑ අභී …..”

” ම්ම්ම්ම්… කමක් නෑ අයියේ …
මට පුරුදු වෙන්නත් එක්ක යමු…..”

” ම්ම්ම්….යමුකෝ එහෙනම් අද….
එන්න අභී කිචන් එකට යන්න …පොඩි වැඩක් තියෙනවා කරන්න …..”

මම් අයියගේ අතේ එල්ලිලා ම කිචන් එකට ආවේ .අයියා පොඩි පොඩි බෝතල් වගයක් රැක් එකක තිබිලා අරගත්තා .ඊට පස්සේ ෆ්‍රිජ් එක ඇරලා කරපිංචා කිනිත්තකුත් අර ගත්තා .

” මේ මොනවටද අයියේ …”

” පුංචි බෙහෙතක් හදන්න යන්නේ ….ඔයාගේ කොණ්ඩේ වැවෙන්න ඉක්මනට …..”

අයියා එහෙම කිව්වම මට ආස හිතුණා ඉක්මනට මගේ කොණ්ඩේ වවා ගන්න .

” එක දවසින් දික් වෙනවද අයියේ කොණ්ඩේ ……”

” අනේ පිස්සු කෙල්ලේ…
එක දවසින් කොණ්ඩයක් දික් වෙන්නේ නෑ …

ඒත් ටිකෙන් ටික කොණ්ඩේ වැවෙන වේගෙ වැඩි වෙනවා …..”

” අනේ ශෝක් ….මම ආසයි…..”

” බලන්න ඉතින් .. . ඔයාගේ කොණ්ඩේ තාම එකට එකතු කරලා ගැට ගහන්න තරම් වත් මදිනේ …..”

අයියා චූටි සාස්පානක් ලිපෙන් තියලා ඒකට පොල් තෙලුයි,ඔලිව් තෙලුයි , කරපිංචයි, උළුහාලුයි දාලා රත් කරා.ඒ දාපු දේවල් මොනවද කියලා මම අහගත්තේ අයියගෙන්.

” අභී ….මේක නිවුණම ඔළුවේ ගාමු…චුට්ටක් රස්නෙනෙ ගෑවම හොඳයි……”

තෙල් එක නිවුණම අයියා ඒකත් අරන් සාලෙට ඇවිත් ස්ටූල් එක උඩින් සර්වියට් එකක් දාලා සාස්පාන ඒක උඩින් තියාගත්තා .

ඊට පස්සේ එයා සැටියෙන් වාඩි වෙලා මට එයාගේ ළඟ බිමින් ඉඳ ගන්න කිව්වා .මම ඉඳගත්තේ එයාගේ කකුල් දෙක අතරින් .

අයියා අත් දෙකින්ම තෙල් ටික ටික අරගෙන මගේ හිස් කබලේ ගාලා ඇඟිලි වලින් මසාජ් කරා.

ඒ වෙලාවේ මගේ ඔළුවට දැනුනේ පුදුම සනීපයක්.අයියා හෙමින් හෙමින් ඇඟිලි එහා මෙහා යවන විදියට මට නින්ද යන්න වගේ.

අයියගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ ඒ වෙලාවේ .ඒත් අයියගේ අත් දෙකේම තෙල් නිසා අයියට දුරකථනයට පිළිතුරු දෙන්න විදියක් තිබුණේ නෑ .

” අභී ….
ඔය ෆෝන් එක අරන් ආන්සර් කරලා ලව්ඩ්ස්පීකර් දාන්න බබා….”

මම් අයියා කිව්ව විදියටම ෆෝන් එක ආන්සර් කරලා ලව්ඩ්ස්පීකර් දැම්මා .

” හෙලෝ….සුදු අයියා … ”

” කියන්න මැණික ……මොකද අයියව මතක් වුණේ මේ වෙලාවේ ….”

කතා කරන විදියෙන් මට තේරුණේ ඒ කතා කරන්නේ අයියගෙම නංගි කියලා .

” ඔයා ගෙදරද ඉන්නේ අද…..”

” ඔව් බබා … අද උසාවියට යන්න ඕන උනේ නෑ .. ”

” ඔව්…ඔව්…ඉතින් …..
උසාවි යන්න ඕන නඩුවක් ඔයා ගෙදර එක්කන් ඇවිත්නේ….ඉතින් උසාවි යන්න ඕන නෑනේ …..”

” පිස්සී කට වහනවා ….නරකයි ඔයා…. එහෙම කියනවද ආ..හ්.. ”

” අනේ…හ්…. සුදු අයියේ …..
මම විහිළුවට කිව්වේ ….ඔයා දන්නවනේ මම ගොඩක් ආසාවෙන් ඉන්නේ ඉන්නේ කියලා අභී ව බලන්න …..”

දැනුයි මට තේරුණේ එයාලා කතා වුණේ මම ගැන කියලා .අයියා මගේ ඔළුව මසාජ් කරන ගමන්ම තමයි කතා කරේ.ඒ කියන්නේ අයියා මම ගැන එයාගේ නංගිටත් කියලා .

” අයියේ ….මම දවල්ට උයාගෙනම එන්නම් හොඳේ …..ඔයා උයන්න එපා… චුට්ටයි පරක්කු උනොත් ඉවසලා ඉන්න …..”

” බබා , මම හවස අභී එක්ක පන්සල් යන්න හැදුවේ … එහෙනම් ඔයත් යමු පන්සල් …”

” සුදු අයියේ …..ඒක නෙමෙයි ප්‍රශ්නේ …..”

” එපාර මොකද බබා…. ”

” අරයත් එන්න අහනව මාත් එක්ක ….”

” කවුද බබා..එන්න අහන්නේ …..”

” රෝෂි…”

” අයියෝ බබා….
එයා මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ මෙහේ ඇවිත් ….”

රෝෂි කියන නමත් එක්ක මගේ හිතට ලොකු අමුත්තක් දැනුනේ .එයා කවුරු වුණත් අයියා වැඩිය කැමති නෑ වගේ.

බලමුකෝ එයා කවුද කියලා .කවුරු වුණත් මගේ අයියව නම් දෙන්නේ නෑ කොහොමටවත් මම එයාට .

” මග අරින්න විදියක් නෑ අයියේ …..එන්නම ඕනලු….”

” ආ..හ්.. කමක් නෑ බබා ….එන්න එපා කියන්න බෑනේ අපිට …..”

” සුදු අයියේ ….උයන්න පරක්කු වෙනවා ….මම තියනෝ හොඳේ ….

” හා…බුදුසරණයි බබා….පරිස්සමින් එන්න එහෙනම් ….”

” බුදුසරණයි අයියේ …..”

කෝල් එක කට් වුණ ගමන් අයියා මාත් එක්ක කතා කරා.

” අභී …..
අද මගේ නංගා තරූ එනවා ඔයාව බලන්න ….ඒත් එක්කම එයාගේ නෑනත් එනවා … .”

මම මුකුත්ම නොකියා ඔළුව විතරක් වනලා නිකන් හිටියා .

” ඒ ළමයා පොඩ්ඩක් සෙල්ලක්කාරයි අභී …. ඒ නිසා මොනම හේතුවක් නිසා වත් හිත රිද්ද ගන්න බෑ හොඳේ …..”

මගේ හිතට හරි නැති වුණත් මම අයියා කියපු දේට එකඟ වුණා .

” අභී ….
තව පැය බාගෙකින් විතර ඔළුව හොඳට ෂැම්පු කරලා නාගන්න හොඳ ද…..”

මම හා කියලා බිම ඉඳගෙන හිටපු විදියටම අයියගේ කකුලටම ඔළුව හේත්තු කරලා ඇස් දෙක පියා ගත්තා .

” අභී …..
දැන් ඉඳන්ම කල්පනා කරන්න ගත්තද ආ..හ්…”

” නෑ අයියේ …..
මට නිදිමතයි වගේ….ඒකයි …”

” අනේ බබා….. එහෙනම් නාලම නිදියන්න …. කොහොමත් නංගා එන්න ටිකක් පරක්කු වෙයි….

ඔයාට නිදාගන්න වෙලාව තියෙනවා ඕන තරම් …”

” එහෙනම් මම දැන් නාන්නද අයියේ …..”

” හා අභී ….
ඔයා නාගන්න …මටත් නිදිමතයි ….

ආ.හ්…මට සරමක් අරන් තියන්න එළියෙන් ටී ශර්ට් එකකුත් එක්ක හොඳේ ….
මමත් නාගෙන එන්නම් ….”

අයියා මාවත් නැගිට්ටවලා එයත් ගියේ නාගන්න .මම නාගෙන ඇවිත් අයියා ගෙනෙත් දීපු කොට ගවුමක් ගත්තා ඇඳ ගන්න .

ගවුම ඔළුවෙන් දාලා අඳින්න ගත්තට කර ඇතුලෙන් මට ඔළුව දා ගන්නම බැරි වුණා .කොච්චර උත්සාහ කරත් මම තාමත් ට්‍රයි කරන්නේ ගවුම ඔළුවෙන් පහළට දාගන්න .

අයියත් දොරට තට්ටු කරේ ඒ වෙලාවෙම වගේ.

” අභී ….මම එන්නද ඇතුලට ….”

මේ වෙලාවේ මට අයියට එන්න කියන්නත් බෑ .එපා කියන්නත් බෑ .ඕන දෙයක් වෙන්න කියලා මම අයියට එන්න කියලා අනිත් පැත්තට හැරිලා හිටියා .

අයියා දොර ඇරගෙන කාමරේ ඇතුලට ආවත් මට එයාව පෙණුනේ නෑ .

” අභී ….මොකද ළමයෝ මේ…..
ගවුම පහතට අදින්න ….”

” බෑ නේ අයියේ ….ඔළුවෙන් පහළට යන්නේ නෑනේ …..”

” ඉන්න මම බලන්න ….”

අයියා මගේ ළඟටම ආවත් මට එයාව පේන්නේ නෑ .

” පිස්සු කෙල්ල ….
මේ කරේ තියෙන බොත්තම් ගලවන්නේ නැතුව කොහොමද ඔළුව දා ගන්නේ ….”

එහෙම කියලා අයියා ගවුමේ බොත්තම් ටිකත් ගලවලා දීලයි ගියේ .මට ඉතින් එහෙම තේරුමක් තිබුණේ නෑ .අද තමයි ගවුමක් ඇඳ ගත්තේ ඉස්සෙල්ලාම .

කණ්ණාඩිය වටේ රවුමක් කැරකිලා බැලුවේ කොහොමද කියලා .ඇත්තටම වෙනස් ලස්සනක්.මූණට වැටිලා තිබුණේ අහිංසක පෙනුමක් .

අයියා මාව හැම දේකින්ම පුදුම තරම් වෙනස් කරලා .

මේකප් තට්ටු පිටින් උලාගෙන වෙනදට ගෙදරින් එළියට බහින කෝටිපති මුතුවිලගේ බාල දූ එහෙමත් නැත්නම් පාරින්දි අභිලාෂා අද සාමාන්‍ය කෙල්ලෙක් බවට පත් වෙලා .

ඇඳුමෙන්,කතාවෙන්,හැදියාවෙන් ,කෑමෙන් බීමෙන් පවා අභී කියන සාමාන්‍ය කෙල්ල බවට පත් වෙලා .ඒ වෙනසේ අයිතිය මගේ අයියට තමයි හැමදාම.

කිසිම ආලේපනයකින් තොර මගේ මූණ ඇත්තටම ලස්සනයි .ඒත් ඒ ලස්සන හරියටම දැක්කේ අද කියලයි මට හිතුණේ .

මම සාලෙට ආවේ අයියත් සාලෙ ඇති කියලා හිතාගෙන .එනකොටත් අයියා එයාගේ ලැප්ටොප් එකත් උකුලෙන් තියාගෙන සැටියට වෙලා මොකක් හරි වැඩක හිටියේ .

” අභී …..
නිදාගත්තේ නැද්ද ළමයෝ ….”

” නෑ අයියේ …..”

මම ගිහින් අයියා ළඟින්ම වාඩි වුණා .

” මම හිතුවේ මෙලහටත් හොඳට ගොරව ගොරව නිදි ඇති කියලා ….”

” අයියේ මම ගොරවනවද….. ”

” නැතුව ….ඔයා කාමරේ ඉඳන් ගොරවන සද්දේ මගේ කාමරේට ම ඇහෙනවා රෑට මට…..”

” තරහයි….ඔයා මෝඩයා… බොරු කියන්නේ ඔයා…..”

” ආ..හ්…ඉන්නකෝ රෑට මම රෙකෝඩ් කරලා තියන්න ඔයාට අහන්න …..”

” අනේ…හ්…බොරු ….
ඔයාගේ ජොබ් එකේ හැටියට ඔයා ඇත්ත කියනවා කියලා පිළිගන්න බෑනේ අයියේ …..”

” ඇයි ඒ…ආහ්…..”

” නීතිඥයෝ වැඩිපුර කියන්නේ බොරු මයි…ඒකයි…”

” අභී ….ඔයා නම් පණ්ඩිත ආච්චි ….. හරි හරි මම බොරුකාරයා දැන්…..”

” අයියේ ……”

” ඇයි අභී …..”

” මම ඇත්තටම ගොරවනවද …..”

” හූ….බය වුණා නේද චන්ඩි කෙල්ල ….”

” අනේ….කියන්නකෝ අයියේ …..”

” බොරුවට අභී මම එහෙම කිව්වේ ….

ගොරවන්නේ නෑ …හැබැයි ළඟ ඉන්නේ කවුද ,එයා කවුරු වුණත් මේ ළමයා හොඳට තුරුල් වෙලා නිදි……”

අයියා එහෙම කිව්වම මට ලැජ්ජ හිතුණා .දවස් දෙකක්ම මම නිදිය ගත්තේ අයියගේ ළඟ .නින්දෙන් වෙන දේවල් ඉතින් මම දන්නවද.කමක් නෑ අයියනේ.

” අයියේ ……”

” එපාර මොකද පිස්සු කෙල්ල …..”

” ඔයාගේ නංගි නපුරු ද …”

” අනේ නෑ බබා….ඔයා වගේම තමයි …

කොයි වෙලාවෙත් හුරතලේම තමයි ….හැබැයි ඔයාට වඩා නම් අවුරුදු තුනක් වැඩිමල් එයා…”

” මට බයයි වගේ අයියේ …..”

” බය වෙන්න දෙයක් නෑ අභී …..එයා දන්නවා ඔයා ගැන…..”

” ඒ කොහොමද එයා මාව දන්නේ …..”

” බබා…එයා මගේ නංගි …එයාට හංඟන කිසිම දෙයක් මගේ ජීවිතේ නෑ අභී …..

ඉතින් ඔයාව මෙහෙට එක්කන් එන්න කලින්ම එයා දන්නවා ඔයා ගැන….”

මම ඊට වඩා දෙයක් තරූ අක්කා ගැන අයියගෙන් අහන්න ගියේ නෑ .අයියා කියන විදියට එයත් අයියා වගේම හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා මගේ හිත කිව්වේ .

මම අයියා ළඟටම ඇවිත් එයාගේ උරහිසින් ඔළුව තියාගෙන ඇස් පියා ගත්තා .අයියත් හිටියේ ලොකු වැඩක නිසා එයත් මට ඒ විදියට ම ඉන්න දුන්නා .

” අභී ….
නිදිමත නම් ඇඳට යන්න ළමයෝ …. ඔයාට අමාරුයි මෙහෙම නිදියන එක….”

” බෑ ..බෑ …ඔයත් වැඩනේ තාම….මම මෙහෙම ඉන්නම් අයියේ …”

” පිස්සී …නිදියන්න තියේ නම් හිටගෙන හරි කමක් නෑ හොඳට නිදි මෙයා…..”

” ඔයත් නිදිමතයි කියලනේ කීවේ ඉස්සෙල්ලා …. ඉතින් ඇයි ඔයා නිදියන්නේ නැත්තේ අයියේ …..”

” නිදිමතයි නම් තමයි බබා. .. ..ඒත් මේ හදිසි වැඩක් වැටුණනේ…..ඒක කරලම නිදියනවා….”

” හා…එහෙනම් මම ඉන්නවා මෙතනම ඔයාගෙ වැඩ ඉවර වෙනකම්…..”

” අභී …ඔයා නම් කපටි කෙල්ල …..”

” ඇයි ඒ….”

” නෑ ඉතින් නින්ද ගියාම මම එපැයි මේ බුල්ඩෝසරේ උස්සන් යන්න ඇඳ උඩට….

ඒකනේ මෙතනට වෙලා නිදියන්නේ ….”

” ඔයා මහ හොඳ නෑ අයියේ ….මෝඩ වලස් බූරු හරකෙක් ඔයා…..”

” අපොයි …අභී ……එච්චර නම් වැඩී….. එක නමකින් විතරක් බනින්න පීස්ස්ස්ස්ස්ස්ස්…….”

” ඔයා ගොරකයා…..”

” අභී ….මම එහෙම නම් ඉගැන්නුවේ නෑනේ ඔයාට….”

” නෑ මම තනියම ඉගෙන ගත්තේ ඒවා…..”

එහෙම කියලා මම අයියගේ උකුලේ තිබුණු ලැප්ටොප් එක උදුරලා මගේ අතට අරගත්තා .

” ඒයි පිස්සී ….දෙන්න ඕක මට…..විහිළුවට කිව්වේ එහෙම…..

හදිසි වැඩක් අභී …..”

” කමක් නෑ ….මේක ඕන නම් මාත් එක්ක කාමරේට යන්න එන්න …..”

” ඇයි ඒ කාමරේට යන්නේ ….ඕක දෙන්න මට හොඳ ළමයා වගේ……”

” ඔයා කිව්වනේ ඔයාට මාව උස්සන් යන්න වෙනවා කියලා …..දැන් එහෙම වෙන්නේ නෑ ….”

” අභී ……”

ආයෙත් එන්නම්

49 thoughts on “පින්වන්ති මා |11 වෙනි දිගහැරුම|නවකතාව”

    1. Buddhika subhashini

      අනේ ☹️☹️ මම අද තමා 1 st coment කරපු පළවෙනි දවස..☹️☹️☹️..ඊයෙත් කතාව කියවන්න බැරි වුන හින්දා තමා අද කලින්ම ආවේ.??

  1. Buddhika subhashini

    ඔන්න දැන් තමා කතාව කියෙව්වේ අයියේ ??? ..අදත් කතාව ගොඩක් ලස්සනයි ..සිත්මි අක්කි ලස්සනට ලියනවා ?? good luck අයියා &අක්කි ????️??????????????????????

    1. අද මුල්ම කොමෙන්ට් එක දැම්ම කොහොම හරි නේද.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි නංගියා හැමදාම මේ විදියට ඉන්න ඒ වගේම ගොඩක් පරිස්සම් වෙන්න ඕන හොඳේ.. තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  2. Anneeee. Matath innawa me wagema sweety aiya kenek. Man thama rata nidaganneth mage aiya gawa. Ammai thaththai dennama mata mage aiya patta thama ithin. Mata kawanne. Mawa trip ekkan yanne mage hodama yaluwath ithin mage aiya thama. Me kathawa kiyawana kota hithenne me liyala thinne mage aiyai mai gana kiyalamai. Anne akkiyo godak sthuthi hode. Me wage sahodara badimak gana kathawak liuwata. Aththatama manukai eyage nanga tharu wage puduma adarekin inna sahodara sahodariyoth innawa. I LOVE THIS STORY. BUDUSARANAI

    1. Sahodara adare vidinnath Pina thiyenna one nangiya a athin oya wasnawanthayi .. hamdmath me wage lenagthu kamin Inna apith ekka thank you so much nangiya me wage adaraniya comment ekata budusaranyi good night oyata

  3. ඇත්තටම අර බෙහෙතට කොණ්ඩෙ වැවෙනවද අයියේ…

    කතාවනම් හැමදාමත් වගේ අදත් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි…

    ෂුවර් එකටම රෝෂි කියන කෙනා කොල්ලට කැමති ඇති… ඒක වෙන්නැති එන්න දගලන්නෙත්… අනිත් එක තමා ඒ හේතුව නිසා වෙන්නැති කොල්ලා රෝෂිට අකමැති…

    මොනා උනත් ඒ දේ නිසා අභී හිත රිද්ද ගනී… මොකද අභී කොල්ලට ආදරේනෙ… තමන් ආදරේ කරන කොල්ලගෙ ඇගේ වෙන කෙල්ලෙක් එල්ලිද කාටද ඉතිං බලාගෙන ඉන්න පුලුවන්…

    ආයිත් කියනවා… කතාව superb…සිත්මි අක්කිව මතක් කරා කියන්න අයියේ… කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා…

    බුදු සරණයි!!!

    1. අපි දාලා බලමුද නංගිය වැඩේ සාර්ථක වේවිද කියලා මම හිතන්නේ වේවි නේද නැත්නම් සිත්මි ඔය වගේ එකක් ලියන්නෙ නැහැ.. අනේ මන්දා නංගියා කතාවේ මොකක් වෙනවද කියලා ආදරණීය අවසානයක් තියේවි කියලා මට නම් ෂුවර් නංගිලා ටිකක් අඬ වෙන්නත් එපැයි ඉතින් මම.. මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ස්තූතියි nangiya ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  4. Ruwanthi Lakshani

    Ane abi ayyai atharata katawath anna denna apa sumi ayya. Paune a denna. ????? kathawa godakma godakma goda….k lassanai ???????? ath kawadawath 1st comment aka daganna bene. Kathawa kiyawala anakota comment kathawatath wada digata thiyanawane ☺☺☺☺☺☺ harima adaraniya kathawak sumi ayya. Aththamai oyatai sithmi akkitai me wage lassana adahas kohen anawada manda. ??????? samahara kello tikak innawa katha ahura app ake padinchi wela dummala gahala wath alawanna beri wei…????? oyala dennatama subapathanawa ayya…. budusaranai ???????????????????????

    1. Api thovilayak dala ahin karamuda hehehe oyala Dana comment apita loku sakathiyak nangiya sudda kiyala thiyenne try karanna kiyala eka nisa api 1st comment eka ganna try karamuda ha da me lengathu kamkata thank you so much nangiya . Oya wage lassana wachana enne oyala nisa ne .. budusaranyi nangiya good night parisemn sathutin inna

  5. Anju N Shani

    හරී…………………ම ලස්සනයි අයියා කතාව.හරිම ආදරණීයයි.අදහස් හරිම ලස්සනයි.???
    අපිට ලස්සන කතා ගෙනත් දීලා හිත සතුටු කරන්න වෙලාවක් නොබලා ගොඩා…….ක් මහන්සි වෙනවා….ඔයාට ලැබෙන්නෙ ඉතින් අපේ comments දැකල ලැබෙන සතුටනේ…..ඒ වගේ අහිංසක සතුටක් ලබන ඔයාලට හැමදේම හරියනවා.?️?️?️?️ඒ වගේම හිතට දැනෙන වචන අමුණල හැමදාම රසවත් ආදර්ශවත් කතා මවන ඔයාට මීටත් වඩා දක්ශ writer කෙනෙක් වෙන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අයියාට අක්කිට වගේ ම අපිට කතා අරන් එන හැමෝටම.
    ?????????
    බුදුසරණයි!!!

    1. ඔයාලා ආදරෙන් දාන කොමෙන්ට් තමයි නංගියේ අපේ මහන්සියට ලැබෙන ලොකුම වටිනාකම ඒ දෙන වටිනාකමට ගොඩාක් පින්.. කතාව ගැන නම් මම වැඩිය කියන්න යන්නේ නෑ මොකද ඒක සිත්මි නංගිගේ කතාවක් නිසා. හැබැයි කට්ටියම ටිකක් අවුල් කරන එක එක කොමෙන්ට් වලින් ?? මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි නංගියා හැමදාම ඉන්න මේ වගේ කොමෙන්ට් දාන්න ෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  6. Niyamai aiye kathawa. Hari lassanai e adare. Aththatama supiri. Matanam kiyanna deyak hithagannama be. Roshi aththtama manukata adareida danne neda? Ehema unothnam pau abhi.. ???? Ehema karanna epa neda? All the best aiye. Budu saranai.

    1. Onna mama danne na kathawe wena ewa hehehe ewa Sithmi thmayi danne mama hora wage wensa Kara Kara danwa hehehe.. thank you so much nangiya me lengathu kamata budusaranyi good night

  7. Thilini Navodya

    කතාව දැන් නම් හරිම ආදරණීයයි???.ගොඩක් ආස හිතෙනව කියවන්න???.ඇත්තටම ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක් කෙනෙක්ව හොද කෙනෙක් කරන්නත් නරක කෙනෙක් කරන්නත් ආදරේට පුළුවන්.මනුකගෙ ආදරණීය මැජික් එක නිසා දැන් අභී හොද සංවර කෙනෙක් විදියට වෙනස් වෙලා❤️❤️❤️.මේකෙ මනුකගෙ චරිතෙ නිර්මාණය කරන්න සිත්මි අක්ක අරන් තියෙන්නෙ සුමිත් අයියගෙ ගතිගුණද මන්දා….?????කොහොම උනත් කතාව නම් නියමයි??.හරිම වෙනස් විදියක ආදර කතාවක්.එක දිගගගගගගගට කියවන්න තිබුනනම් හොදයි කියල හිතෙනව??.ඔයාල දෙන්නටම තියෙන්නෙ හරි වෙනස් ලස්සන අදහස්.ඒක ඔයාල දෙන්න ලියපු කතා වලින් ඔප්පු කරල තියනව.හදවතින්ම සුබ පතනව ඔයාල දෙන්නටම ඔයාලගෙ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල.????❤️???

    1. මේ ආදරණීය කොමෙන්ට් එකට බොහොමත්ම ස්තූතියි නංගී.. ඔයාලා දාන මේ කොමෙන්ට් තමයි අපට ලොකු ශක්තියක් වෙන්නේ අපට ලොකු සතුටක් වෙන්නේ.. මේ ලෙංගතුකමට බොහොමත්ම ආදරේ නංගියා.. ඔයා කොමෙන්ට් එකට මත් සීයට සීයක් එකඟයි හැමදාමත් මේ වගේ ඉන්න හැමදාමත් මේ වගේ ආදරණීය කොමෙන්ට් දාල ශක්තියක් වෙන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් කොමෙන්ට් රිප්ලයි එක පොඩි උනාට තරහා වෙන්න එපා හරි මාන්සී නංගියා

      1. Thilini Navodya

        අනේ තරහ වෙන්නෙ නෑ අයියෙ.ඔයා ගොඩක් වැඩ මැද්දෙ මෙහෙම හරි reply කරනවනෙ.ඒකම සතුටක් අයියෙ

        1. Ow nangiya Mata day time eke thmayi free night eke ne mama wada danuth wada karana gaman inne Dan Nam Mata pandara.. thanks nangiya budusaranyi oyata

  8. Thilini Navodya

    කතාව දැන් නම් හරිම ආදරණීයයි???.ගොඩක් ආස හිතෙනව කියවන්න???.ඇත්තටම ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක් කෙනෙක්ව හොද කෙනෙක් කරන්නත් නරක කෙනෙක් කරන්නත් ආදරේට පුළුවන්.මනුකගෙ ආදරණීය මැජික් එක නිසා දැන් අභී හොද සංවර කෙනෙක් විදියට වෙනස් වෙලා❤️❤️❤️.මේකෙ මනුකගෙ චරිතෙ නිර්මාණය කරන්න සිත්මි අක්ක අරන් තියෙන්නෙ සුමිත් අයියගෙ ගතිගුණද මන්දා….?????කොහොම උනත් කතාව නම් නියමයි??.හරිම වෙනස් විදියක ආදර කතාවක්.එක දිගගගගගගගට කියවන්න තිබුනනම් හොදයි කියල හිතෙනව??.ඔයාල දෙන්නටම තියෙන්නෙ හරි වෙනස් ලස්සන අදහස්.ඒක ඔයාල දෙන්න ලියපු කතා වලින් ඔප්පු කරල තියනව.හදවතින්ම සුබ පතනව ඔයාල දෙන්න දැනට කරන සහ ඉදිරියට කරන්න ඉන්න හැම දෙයක්ම වෙනුවෙන්ම සුබ පතනව.

    1. Thilini Navodya

      අනේ sorry අයියෙ එක කමෙන්ට් එක දෙපාරක් වැටිලනෙ.sorry…sorry…sorry

  9. අනේ මන්දා මේ සිත්මි අක්කිය මොනව කරන්න හදනවද කියලා…… මේ රෝෂියෙක් නිසා අභී නම් අඩනවා …….. අනේ අඩවන්න නම් එපා පව්නෙ ……

    මනුකගේ මේ ආදරේ ගැන නම් කියන්න වචන නැහැ ඇයියේ…..
    හැමොටම මේ වගේ ආදරේ කරන්න පුලුවන් උනා නම්……..

    සතුට , ආරක්ෂාව ,ආදරය ,සෙනෙහස….
    මේ දේවල් අපි හිතන පතන විදිහටම අපිට ලැබෙනව නම්………………………………………………………………………
    ඔයාලා දෙන්නටම
    තෙරුවන් සරණයි අයියේ …. අක්කියො…….

    1. මනුක වගේ ආදරයක් ලබන්න මනුකට වගේ ආදරයක් දෙන්න ඕනේ නංගියා.. එතකොට ඒ ආදරේ විඳින්න පුළුවන් අනිවාර්යෙන්ම.. ඔන්න කතා වෙන දේවල් වලට මම වගකියන්නේ නෑ ඒව සිත්මි අක්කත් එක්ක බේරගන්න ඕනේ.. ? මේහැමදෙයක්ටම බොහොමත්ම ස්තුතියි.. මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  10. Ashka Rashmi

    රෝඕඕඕඕඕඕඕශීඊඊඊඊඊඊඊඊඊ ….හූ ඊස් ශී…..මල සක්කරවට්ටමක්ද දන්නෑ…..මනුකගෙ ඇගේ එල්ලීගෙන ඒමි ආවොත් අභීට දුක හිතෙයි…හැබැයි එහෙම උනොත් අභී නිකා ඉන්න එකක් නං නෑ…හොද පාඩමක් උගන්නයි ආයෙ ගෙදර දුවන්නම….
    ශෝයි අනේ කතාව….හෙටත් ලස්සනම ලස්සන දිග කොටසක් අරන් එන්න හොදේ…ඔයාටයි සිත්මි අක්කිටයි දළදා සමිදු පිහිටයි ❤️

    1. කොහොමද එයා මනුකගේ girlfriend වුණොත්.. ලස්සනට තියේවි නේද නංගී.. ඔන්න මම දන්නෙත් නෑ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.. කොහොමද නගේ exam එකේ වැඩකටයුතු . මේ හැම දෙයක්ම පරිස්සමට කල්පනාවෙන් කරන්න ඔයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා.. පොඩි කමෙන්ට් එකක් දැම්මට නං අයියා දුක් එන්න හොඳේ.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි නංගී හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. Ashka Rashmi

        Ane me..ema ba hode..manukage gf abhi witarai witarai witaramai…exam itin kara..? results tama kohomada dannatte…? tama practical exam witarai…theory exam july wala? good night ayye

        1. Mama holaman ekata oyata reply kara harida balanna ko eka Hoda nangiya wage oyata good night nangiya Mata good morning ne ehenam api ekagathawayakata emuda mama adhi manukata dennam oya ahas amerata denna ?????

  11. Hammooo me abhi nam manuka nisama hodai … ??? mona kiynnd manda kathwa kiywnn kiywnn asai ekanam oya dennage majic ekkd kohedo lassnai akkiooo kathwa good luck digatama mehema lassana katha liyanna ????

  12. අද දවසට එන්න උනේ නෑනේ අනේ… exam අෆ්ෆා… එපා වෙලා ඉන්නේ… ?????
    ඉතිං සිත්මි අක්කී…. අද කොටසත් ලස්සනම ලස්සනයි හොදේ… අර රෝශිද අභිගේ දුශ්ටයා වෙන්න ඉන්නේ??? එයා ඇවිත් මොන කොක්කක් දාගනිද දන්නෑනේ.. ??
    අක්කි මේක හරි ලස්සන ආදරනීය කතාවක්.. ඇත්තටම ලස්සනයි අනේ.. මනුක ? ශෝක්.. අභිත් දැන් හොද වෙලා නිසා එයාත් ශෝ…ක්… ???
    ඉස්සරහට තවත් ලස්සන වෙයි..
    අක්කිගෙයි අයියගෙයි කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා.. ??? හැමදාම වගේ…
    තෙරුවන් සරණයි? අක්කි… අයියා …..
    #All the best✌️❤️#

    1. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි nangiya.. බලමු නේද ඉස්සරහට මොකද වෙන්නේ කියලා.. ආදර කතාවක් වේවිද වෛරය ඇති වෙච්ච කතාවක් වේවි ද කියලා බලමු ඉස්සරහට.. හැමදේකටම බොහොමත්ම ස්තූතියි nangiya තෙරුවන් සරණයි ඔයාට

  13. Hashini Navanjana.

    හරිම ලස්සනයී සිත්මි අක්කියෝ…. ???? ඔයා ගොඩාක්ක්ක් ලස්සනට ආදරනීය විදියට ලියනවා… ???? අභී පවු අනේ.. එයාට බය ඇති රෝෂි මනුකට ලං වෙයි කියලා.

    ඒක වෙන්නත් පුලුවන් නේද… ඒකනේ මනුක එයාට කැමති නැත්තේ. බලෙන්ම කොල්ලගෙ ඇගේ එල්ලෙන්න එනවා ඇති.
    ????
    එයාට පැත්තකට වෙලා ඉන්න කියන්න අනේ… මනුක අභී ආදර කතාව පටන් ගන්නත් කලින් එනවා මෙතන බකට් දාන්න.
    ????
    කවුරු හරි දුශ්ඨයෙක් එනවනේ අප්පා ආදරේ මැද්දට. ඒක ඉතිම් හැම ආදර කතාවකම වගේ වෙන දෙයක් නේද… ????
    ඒ නිසා ඔන්න ඔහේ අපි බලන් ඉමුකෝ මොකද වෙන්නේ කියලා. අභී කොන්ඩේ වැවුවම තවත් ලස්සනට ඉදියි. සිත්මි අක්කි කිවුව බෙහෙතට ඇත්තටම කොන්ඩේ වැවෙනවා. මාත් කරලා තියනවා ඒක… ????

    අනේ කතාව ඉක්මනින් ඉවර වෙන්නේ නෑ නේද… ???? සිත්මි අක්කිගෙ අනිත් කතා වලට වඩා වැඩියෙන්ම ආස මං මේ කතාවට. සමහරවිට ඒ අභී කියන විදියටම මේ කතාව ලියලා තියෙන නිසා වෙන්නැති.

    හෙටත් ලස්සන කොටසක් අරන් එන්නකෝ එහෙනම් ????

    බුදු සරණයි ???? ඔයාලා දෙන්නටම ?❤?❤?❤

    1. නංගියට මේ දවස් වල වැඩ වැඩියි වගේ අපේ රෝස බොලේ දඟකරන නිසා නේද.. ඔයාලා දාන කොමෙන්ට් වෙනකන්ම බලාගෙන ඉන්න නං ගියා ඒ තරම් ඒ කොමෙන්ට් වල ආදරය ලෙන්ගතුකම හැමදාම තියෙනවා ඒකට මං ගොඩක් ආසයි ඔයාලා හැමෝම දාන කොමෙන්ට් මං ආදරෙන් ආසාවෙන් බලන්න ඒ වගේම සෙත්මි නංගි ගොඩක් ආදරේ කරනවා කොමෙන්ට වලට.. අයියගෙන් ටික commente නෑ කියල තරහ වෙන්න එපා හරිම මහන්සි නංගියේ ඇත්තටම.. ඒත් ඔයාලගෙ කොමෙන්ට් වලට පොඩි කොමෙන්ට් දාලා යන්න මට හිත දෙන්න කෝමාරිකා වැඩියෙන් වැඩ ලියලා යනවා.. ආදරෙයි මේ හැමදෙයකටම බොහොම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුභ උදෑසනක්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.