Katha Ahura

පින්වන්ති මා |12 වෙනි දිගහැරුම | නවකතාව

5/5 - (1 vote)

පින්වන්ති මා

12 කොටස

” මම කාමරේට ගියාම ඔයා ඇඳ උඩින් වාඩි වෙලා ඔයාගේ වැඩක් කරගන්න ….මම කරදර කරන්නේ නෑ අයියේ …..

මම නිදාගන්නවා ….”

එහෙම කියලා මම ලැප්ටොප් එකත් අරගෙන කාමරේට ගියා .අයියත් මගේ පස්සෙන්ම ආවේ එයාට වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා .

මම ඇඳ උඩට ගිහින් අයියගේ ලැප්ටොප් එක ඇඳ උඩින් තියලා කොට්ටයක් අරන් ඇඳ විට්ටමට හේත්තු කරා.

” ආ..මෙතනින් වාඩි වෙන්න ඔයා…..”

අයියා එතනින් වාඩි වුණාට පස්සේ තමයි මම එයාට ලැප්ටොප් එක දුන්නේ .මම තව කොට්ටයක් අරගෙන එයා ළඟම තියලා ඇඳේ හාන්සි වුණා .

” අභී …..
ශීට් එක දා ගන්න ඇඟට….”

අයියා එහෙම කියන්න ඇත්තේ මගේ ගවුම කොට නිසා වෙන්න ඇති.මම අයියා කියපු දේට අවනත වෙලා ශීට් එක අරන් පොරව ගත්තා .

මේ තරම් මාව පරිස්සම් කරන මං ගැන හිතන අයියට මම කොහොමද ආදරේ නොකර ඉන්නේ .මීට කලින් කවදාවත් මට මේ විදියට කොල්ලෙක් ගැන හැඟීමක් ඇති වෙලා නෑ .

කොල්ලො ඕන තරම් ආශ්‍රය කරා ළඟින්ම .ඒත් ඒ හැමෝටම වඩා නුහුරු වෙනස් හැඟීමක් මට අයියා ගැන දැනෙනවා .

අයියා ළඟම දැවටි දැවටි ඉන්න මම ගොඩක් ආස කරා .අයියා ඒ ගැන මොන විදියට හිතුවද කියලා මම දන්නේ නෑ .ඒත් මට දැන් අයියව දාලා යන්න බැරි තරමට හිතින් මම එයාට ගොඩක් ළන් වෙලා ඉවරයි .

” අයියේ ….”

” ඇයි ළමයෝ….”

” මට නින්ද ගියාම දාලා යන්න එපා…..”

” පිස්සී ….මට මෙතන ඉන්නද කියන්නේ ආ..හ්..”

” ම්ම්…මෙතනින් නිදා ගන්න ඔයත්…..”

” අභී ….තේරුම් ගන්න බබා…ඒක හොඳ දෙයක් නෙමෙයි ….

ඔයා දැන් ලොකුයි නංගි …හිතෙන හිතෙන විදියට කෙල්ලෙක්ට බෑ කොල්ලෙක් ළඟ නිදාගන්න …..”

මම කොච්චර අයියට ළන් වෙන්න හැදුවත් එයා හදන්නෙම මගෙන් ඈත් වෙන්න .එයාව මගේ ළඟින් තියාගෙන මම බලාපොරොත්තු වුණේ කායික සතුටක් නෙමෙයි .මට ඕන වුණේ එයා ළඟම ඉන්න විතරයි .

හිතට දැනුණු වේදනාවටම ඇස් වලට උනපු කඳුළු මට නතර කරගන්න බැරි වුණා .අයියා ළඟම හිටපු මම කොට්ටේ අරගෙන ඇඳේ එහා කොනටම දාලා අයියගෙන් ඈත් වෙලා මම ඇඳේ කොනටම ගිහින් ඇස් දෙක පියාගත්තා .

තිබුණු තරහටම පොරවගෙන හිටපු ශීට් එක ඇදලා අරගෙන ඇඳෙන් බිමටම වීසි කරලා දැම්මා .

තවත් මගේ හිතේ රිදෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ .මම කොට්ටෙට මූණ තද කරගෙන ඉකිගහන්න ගත්තේ අයියට ඇහෙයි කියලා බයට.

” අභී ….
ඇත්තට මූණ දෙන්න පුරුදු වෙන්න ….ඔය විදියට තරහ අරන් ප්‍රශ්න විසඳන්න බෑ …”

මට ඇති ප්‍රශ්නයක් නෑ ..අයියා මාව තේරුම් ගන්නේ නැති එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ .එයාට උත්තරයක් දෙන්න වත් මට ඕන උනේ නෑ .

අඬ අඬම මට නින්ද ගිහිල්ලා .ඇස් ඇරලා බලද්දී දැකපු දෙයින් පුදුම වුණ තරම කොයි තරම්ද කිව්වොත් ඉහළට ගත්තු හුස්ම මට පහළට දාන්නත් අමතක වුණා වගේ.

නිදාගන්න කලින් අච්චර දේවල් කියලා මාව අඬවපු අයියා එයාම මගේ ළඟට ඇවිත් මාව එයාගේ පපුව උඩට අරගෙන මාවත් තුරුල් කරගෙනම හොඳට නිදි.

මගේ හිස එයාගේ පපුව උඩටම අරගෙන එක අතකින් මාව තුරුල් කරගෙන .මම ඇඳෙන් බිමට වීසි කරපු ශීට් එක අරගෙන මගේ ඇඟ වැහෙන්න දාලා තිබුණා .

ඇස් වලට ආයෙත් කඳුළක් ඉනුවේ අයියා ගැන දුක හිතිලා .මම දන්නවා අයියට බෑ මම දුකෙන් ඉන්නවා බලන්න .

එහෙමම හැරිලා මම අයියගේ පපුව සිප ගත්තේ තව දුරටත් මගේ හැඟීම් හිත ඇතුලෙම හංඟගෙන ඉන්න බැරි නිසා .

ඒත් අයියට දැනුනේ නෑ .ඒ පපුව සිපගෙනම මගේ එක අතක් එයාගේ බඳ හරහා දාලා එයාට තව ටිකක් ළන් වෙලා මම ඇස් දෙක පියාගත්තේ ලොකු සැනසීමකින්.

පුදුමයි .මේ බැඳීමට තාමත් නමක් දෙන්න බෑ .එයා මාව තාත්තා කෙනෙක් වගේ ආරක්ෂා කරනවා.අම්මා කෙනෙක් වගේ ආදරය දෙනවා.ඒත් නමක් නැති මේ බැඳීමට මම ගොඩක් ආදරෙයි .

මට අයියව හැමදාටම මගේ ළඟින්ම තියා ගන්නයි ඕන .පොඩ්ඩක් හරි මම පින් කරලා ඇති .නැත්නම් අයියා වගේ කෙනෙක් කොහොමද අහම්බෙන් හරි මගේ ජීවිතේට මේ විදියට ළන් වුණේ .

මේ විදියට එකට නිදාගෙන ඉන්නකොට සමහර විට කෙනෙක්ට ඒක වැරදියට දැනෙන්න පුළුවන් .ඒත් මටත් වඩා හොඳට මම අයියා ගැන දන්නවා .

අයියා මේ විදියට මාව ළන් කරගෙන ඉන්නේ කිසිම වැරදි සිතිවිල්ලකින් නෙමෙයි .රාගයෙන් තොර වෙච්ච කාරුණික හැඟීම් විතරයි එයාට තිබුණේ .

වැරදි දේකට අවස්ථා ඕන තරම් තිබිලත් අයියා මාව පරිස්සම් කරේ මලක් තරම්ම පිවිතුරු විදියට .

=====================================

අයියගේ දුරකථනය නාද වුණේ ඒ වෙලාවෙමයි.ඒත් කාමරේට ආවේ ෆෝන් එක අරගෙන නෙමෙයි නේ.මම නිදි වෙලාවේ එයා අරගෙන එන්න ඇති.

මම ඇස් අරිනවත් එක්කම අයියටත් ඇහැරුණා.ඇස් ඇරියත් මම අයියගෙන් ඈත් වුණේ නෑ .එයාට තුරුල් වෙලාම හිටියා .

” කපටි ආච්චි….නැගිට්ටද……”

එහෙම කියලා අයියා මගේ නළලත් සිපගෙන ෆෝන් එක අතට ගත්තේ මම එයාගේ තුරුලේ ඉද්දීමයි.

” සුදු මැණික ….කියන්න …..”

කතා කරේ අයියගෙ නංගි .ඒ කියන්නේ තරු අක්කා .එයාල දැන් මග එනවා ඇති.අනේ එයාලා තව පරක්කු වුණා නම් හොඳයි කියලා මම හිතුවේ අයියගේ උණුහුමෙන් මට ඈත් වෙන්න වෙන නිසා.

” හා…හරි බබා….මම එන්නද හන්දියට ඔයාලව ගන්න …..

ම්ම්ම්…එහෙනම් පරිස්සමින් එන්න ….”

එහෙම කියලා අයියා ෆෝන් එක තිව්වා .

” මැට්ටී …..
අඬලා ඉවරද දැන්…..”

අයියා ඇහුවේ මගේ කම්මුලක් ලාවට මිරිකලා .මම මුකුත්ම නොකියා තව ටිකක් අයියට තුරුල් වෙලා එයාගේ පපුවේ මූණ හංඟගෙන හිටියා .

” ඇති …ඇති …දැන් හුරතල් වුණා …..අඬලා අඬලා මාවත් බය කරලා…….

දැන් හරි නේද ආසාව…..”

” හරි මදී…..මට තව මේම ඉන්න ඕන …..”

” ආ…තව කෝමද ඉන්න ඕන ….”

” මේම විතරයි අනේ…..මෙතනට වෙලා…..”

මම අයියගේ පපුවට අත තියලා එහෙම කිව්වා .

” දැන් ඇති මේම හිටියා ….හුරතලේ…..”

” අයියා පන……..”

” ආ….හ්…. ඒ පාර මොකද වුණේ ……”

” එයාලා ළඟම එනවද……”

” ඔව්..අභී ….
හන්දියේ ඉඳලා වීල එකක් අරගෙන එන ගමන්….

නැගිටලා මූණ ටිකක් හෝදගන්න බබා….. ඇසුත් රතු වෙලා අඬලා……”

මම අයියගේ පපුවෙන් මෑත් වුණේ ලෝබ කමින්.එයාගේ නංගි ඉද්දි මට මේ විදියට අයියට ළන් වෙලා ඉන්න බැරි වෙයි.

තව හොල්මනක් එනවා කිව්වනේ.එයාව මතක් වෙනකොට නම් මට දැනුනේ බයක්.

හරියට මගේ අයියව මගෙන් කවුරු හරි උදුරාගෙන යන්න හදනවා වගේ හැඟීමක් මට ඇති වුණේ .බලමුකෝ එයා ආවට පස්සෙම වෙන්නේ මොකද කියලා .

මම මූණත් හෝදගෙනම සාලෙට ආවා .අයියා සරමෙන් කොට කලිසමකට බැහැලා .එහෙම ඇන්දම අයියට ලස්සනයි .

ගේට් එකේ බෙල් එක වැදුණු නිසා අයියා එළියට යන්න හැදුවේ ගේට් එක අරින්න .

” අභී …. එන්න යන්න ඔයත්…..”

අයියා කතා කරපු නිසා මාත් අයියත් එක්කම එලියට ආවා .ගේට් එකෙන් ඇතුල් වුණු මුල්ම රුව මට අඳුන ගන්න අමාරු වුණේ නෑ .එයාට තිබුණේ අයියගෙම මුහුණුවර.

ඒත් අනිත් රුව දැක්කම නම් මගේ හිත පොඩ්ඩක් ගැස්සිලා ගියා .දැක්ක ගමන් කියන්න පුළුවන් ඒ විසේකාර කෙල්ලෙක් කියලා .

මම තරමටම ඒ රුවත් ලස්සනට තිබුණා .ඒත් ඇඳගෙන හිටපු ඇඳුමෙන් නම් මට එයා ගැන පැහැදීමක් ඇති වුණේ නෑ .

ඉස්සර මාත් ඇන්දේ මේ විදියට ම තමයි .ඒත් අයියා ළඟට ආවට පස්සේ ඒ හැම දෙයක්ම වෙනස් වෙලා මම වෙනස්ම චරිතයක් වුණා .

ඒ නිසාමද කොහෙද අද මට ඒ ඇඳුම් දැක්කම ලැජ්ජාවක් දැනුනේ .

” මනු අයියා …….”

ආයෙත් එන්නම්

63 thoughts on “පින්වන්ති මා |12 වෙනි දිගහැරුම | නවකතාව”

        1. Nirosha Lakmali

          මේ කොටස කලින් කියෙව්වනේ. අනේ සාන්ත කියලා අද අපිට තමයි කියන්න වෙන්නේ.
          ලස්සනම ලස්සනයි ඉතින් කතාව. හදවතින්ම සුබ පතනවා අයියටයි සිත්මිටයි.
          Wish your all the best….
          ????????????????????????????????????????????

  1. Kathawa godaak lassanai wenada wagema lassanata kathawa liyals oyaa akki .hadawathinma suba pathanawa mn karana kiyana wada katayuthu sarthaka wenna kiyala oyala dennagema .ada kotas maru wela wage neda ayye .budu saranai parissamin inna oyala dennam .akki lassanata kathawa liyala .good luck ….

  2. Ruwanthi Lakshani

    සැමදා සවස 6 වනතුරු ඇසිපිය නොගසන්නේ…..
    කමෙන්ට් දාන්නට හැමදෙන
    පොරකන්නේ…..
    කතාව ලස්සනයි කියන්න දේ
    නැත්තේ…..
    තරහ නැතුව like එකක් දී පහලට
    යන්නේ……
    Dislike දාන්නන් හට තරහක් මම
    නැත්තේ….
    නමුත් එහෙම නොකරනු එය
    හොද නැත්තේ…..
    සුමි අයියටයි සිත්මි අක්කිටයි
    සුභ අනාගතයක් වේවා….
    හදවතින් පතන්නෙමි ඔබලට ජය වේවා….
    ???????????????????????

    1. Ruwanthi Lakshani

      කතාව නම් මාරම ලස්සනයි අයියේ. ???? අමෝ අද ටික නම් මරු ????? අනේ ඔන්න මනුකට වෙන අය ඕන නෑ අභි විතරක් දෙන්න හොදේ……????? ඒ දෙන්නා එකතු කරන්න. ☺☺☺☺☺ අක්කිටත් සුමි අයියේ ඔයාට හදවතින්ම සුභ පතනවා….. බුදුසරණයි ???????????????

      1. බොහොම ස්තූතියි නංගියා මේ ලෙන්ගතුකමට ඔයාලා අතරෙන් දාන කොමෙන්ට් තමයි මට ලොකු ශක්තියක් වෙන්නේ ඒක නැති කරන්න එපා මොන බාධක ආවත් මට ආස කරන්නේ ඒ දේට විතරයි.. වෙනම කිසිම දෙයක් මං ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගී

        1. Ruwanthi Lakshani

          ඔව් නේද සුමි අයියේ කවුරු මොනවා කිව්වත් අපි වැටෙන්නෙ නෑ. සුභ රාත්‍රියක්…..???????

    2. නොවරදවා හැමදාකම කොමෙන්ට් කරන අය..
      ලයික් කරල කතා වලට උදව් කරන අය..
      ඒක තමයි සතුට මගේ හිතට දැනුනා අද..
      ඔයාලා දෙන ආදරේට වචන නෑනෙ මට..
      කොයි විදිහට කතා ලියලා දුන්නත් මම හෙට..
      ඔයාලා ඇති මගේ ලගින් දන්නවා ඒ ගැන..
      බැඩ් රෙට් ඩිස්ලයික් දුන්නත් කවුරුන් අපහට..
      රිද්දගන්න එපා ඔයාලගේ ලස්සන ඔය හිත..
      මම දන්නවා මගේ ලගින් ඉන්නා අය ගැන..
      හැමදාමත් මං ඇති ඒ ළෙන්ගතුකම ළඟ..

      1. Ruwanthi Lakshani

        අම්මෝ ඒක…. ???? නියමයි සුමි අයියේ…..☺☺☺☺ අනිවාර්යයෙන්ම අපි හැමෝම හැමදාම ඉන්නවා ??????

  3. කවදාවත්
    දැනුන නැති ආදරයක්
    මේ තරම් දැනෙද්දි….
    කොහොම් නම් ඉවසන් ඉන්නද ……
    විටෙක මවක මෙන්
    විටක පියකු මෙන්
    ලග රැදි නුඹ
    මට මගේ ජීවයයි……
    මේ උනුහුමේ
    හැමදාමත් රැදෙන්නට හැකි නම්
    ලොව සිටින එකම පින්වන්තිය
    මමයි ……..

    අදත් ලස්සනයි අක්කියෝ කතාව…. ඒත් අද නම් චුට්ටයිනෙ…….. දිග….. කොටසක් ඕන අක්කියෝ…. අනේ අයියේ අක්කියට කියන්නකො………..
    හෙට නම් මොනව වෙවිද දන්නෙ නෑ…..ම්ම්ම් දුකක් නම් වෙන්න එපා …
    තෙරුවන් සරණයි අයියේ

    1. Ruwanthi Lakshani

      ලස්සනයි යාලු ඒක ???? නරකද ඔයත් ලස්සන කතාවක් ලිව්වා නම් ??????

      1. Ruwanthi.. mama hithanne oya akkiyek wenna ona… thank you….mata ithin punchiyata galapala liuwata anith aya wage liyanna bahane. ….. ada mehema hari liuweth aurudu ganakata passe…..

    2. Mashiyooooo. Lassanai godak. Mathakada dawasak man kiuwa kathawak liyanna kiyala? Dan ekata kale hari mchoo. Liyanna lassanama lassana story ekak. Eth kiyawannanam bari wei. E unath mage suba pathum hamadama oyata labenawa.

      1. methana podi waradimak ina. Yanna kalin ekath hadala yannam.”tharaha wenna epa bn eth kiyawannanam bari wei. Oya liyana kathawa. Mokada man nathi nisa. E unath mage suba pathum hamadama oyata labewi.” Me tika kiyannai oni une. Eth hadissiyen type karapu nisa type wela thinne bageta. Samawenna ekata.

    3. Maashi නංගියා ඒ නිසදැස නම් පට්ට..ඔයා ඇත්තටම දක්ෂයි නේ ඉතිං ඔයාගෙන් කතාවක් අපිට ලියන්නැත්තේ කෙටිකතාවක් හරි ලියන්නකෝ ඔයාගෙ ජීවිතේ ගැන.. ඔයාල දෙන්නගේ ආදරේ ගැන හරි.. ඇත්තටම ආසයි බලන්න කියවන්න මේ ලෙන්ගතුකමට බොහොම ආදරේ නම් ගියා ඔයාලා මේ විදිහට උනානං ගැන මට ලොකු ශක්තියක් මේ හැමදේම බොහොමත්ම ස්තූතියි හරි මහන්සි නම් ඩිස්ප්ලේ කටවත් අත තියන්න බෑ එතරම් රිදෙනවා පොඩි කොමෙන්ට් දැම්ම කියලා වෙන්න එපා හොඳේ සුබ රාත්‍රියක් ඔයාට

      1. අනේ තෑන්ක්ස් අයියෙ… ??? මට කතා ලියන්න බෑනේ අයියෙ…. ම්ම්ම්ම් දවසක පුලුවන් උනොත් මම කතාවක් ලියන්න උත්සහ කරන්නම්… ඒත් ඔයාල ලියන තරම් නම් බැරි වේවි …..
        ගුඩ් මොර්නින්ග් අයියේ තෙරුවන් සරණයි ඔයාට

  4. Kathwa lassnai ane kwd danna ara napuri eyaw ehema manukata set karnna epa harida manuka ahigem withrai kathwa lassnam lassnai akkiooo haba me kotsa eda dmmain passe mm kiyeww kamak bs oya denntam

  5. Nethmi Samarasekara

    ????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️1st comment එක දාන්න ආවේ අද වේලාසනම කොහෙද ඉතින් දාල නේ 1st comment එක. අදත් ලස්සනයි අයියේ කතාව. එක දවසට කොටස් දෙකක්වත් දානවන්ම් සෝයි නේ අනේ. ඒ තරම් ආසයි මේ කතාව කියවන්න.අයියගෙයි නංගිගෙයි බැදීම හරිම ලස්සන බැදීමක් නේද.. කතාවට ලස්සන අවසානයක් ඇති නේද අයියේ. කතාව ඉවර වෙන්න ලග නෑ නේද ඉවර කරන්නම් එපා දැන්ම හොදද.. තව ගොඩාක් දිගට කතාව ඕන හාද ඉතිම්. සිත්මි අක්කටත් ස්තූතියි අක්කගෙ වටිනා කාලයෙන් පොඩි කොටසක් අරන් අපි වෙනුවෙන් කතා ලියනවට. ඒ වගේම අයියටත් සුබ පතනවා අයියගෙයි අක්කගෙයි ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්තක වේවා කියලා. මේ දවස් වල ගොඩක් වැඩ වැඩි අයියා පුලුවන් හැම වෙලේම එන්නම් comment එකකින් ශක්තියක් වෙන්න. ඔයාට තෙරුවන් සරනයි…❤️❤️❤️❤️???????️?️??????

    1. මම දන්නවා ඔයාට ගොඩක් වැඩ කියලා නැතිනම් ඔයා කවදාවත් මගේ කතාව මග හරින්නෙ නෑ මගෙ කතා වලට කොමෙන්ට් නොදා ඉන්නේ නැහැ මං ඒක දන්නවා නැතිනම් මගේ olman කතාවට ඔයා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දානව කියල මම දන්නවා..මේ ලෙන්ගතුකමට බොහොමත්ම ආදරේ නංගියා ඔව් නංගියෝ දැම්ම වීර වෙනම කොටස් විසි ගානක් තියෙනවා මගේ හිතන්නේ නංගි නම් කොටස් හතළිස් තුනක් එව්වා ඒ මං දන්නවා ඔයාලා ඒකට පොඩි කියලා මට බනින්නේ මං ඒ කොටස් එකතු කරලා ගලපලා හදලා තමයි තියෙන්නේ කොටස් 30 ට අඩුයි.. ඔව් ලස්සන ඉන්න ගතිය වෙලා ඔයාලට ගන්න පුළුවන් ආදර්ශමත් අවසානයක් වේවි ෙරුවන් සරණයි සුභ රාත්‍රියක් ඔයාට

  6. Chadi kaveesha

    akki adath katava superb …… habai onna Manu Abhige venna one hodada…..තෙරුවන් සරණයි oyala dennatama…….

  7. කතාවනම් ඉතින් අති විශිෂ්ඨයි. මන් ගොඩක් ආස කතාව තමයි මෙ කතාව. අම්ම කෙනෙක් වගෙ ආදරය කරන තාත්තා වගෙ ආරක්ෂා කරන අයියා කෙනෙක් ඉන්න නන්ගිලාට වරදින්නෙ හරි අඩුවෙන්. ජීවිතේ එන ඕනම දුකක්, කරදරයකට, අභියෝයන්ට මුහුන දෙන්න එහෙම අයිය කෙනෙක් ඉන්න නන්ගිලාට ගොඩක් පහසුයි. මොකද ඒ අයියා තමන්ගෙ නන්ගිට ශක්තියක් වෙන නිසා. මොනම හේතුවක් නිසාවත් ඒවගෙ අයියා කෙනෙක් තමන්ගෙ නන්ගිව අතහරින්නෙ නම් නැ.
    මන් හිතන්නේ සිත්මි අක්කියො ඔයාටත් ඉන්නේ මේ වගේම සහොදරයෙක්. ඒකනෙ අක්කියො ඔයා හරි ලස්සනට මේ සහොදරකම ඉස්මතු කරල තියෙන්නෙ. සුබපතනවා අක්කියෝ. බුදුසරනයි.

    1. අනිවාර්යෙන්ම නංගියා හොඳ අයියා කෙනෙකුට පුළුවන් නංගි කෙනෙක් පණ වගේ රකින්න නරකයි කෙනෙකුට පුළුවන් තමන්ගේ
      නංගිගෙ ජීවිතය විනාශ කරලම දාන්න එහෙම ජීවිත අද කාලේ ගොඩක් අහන්න ලැබුන දකින්න ලැබුණා නේද.. සතුටුයි නංගි උඹට මේ වගේ කොමෙන්ට් දකිද්දී..මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  8. Ammooo….me tika welawata rate 71 i ??….adat kathawa godaaaak lassanai..අභී nam atthatama පිංවන්තියක්…me wage soooi aiyek hambune e nisane…???

  9. Ashka Rashmi

    Adath kathawa harima lassanai ayye..aththatama manukagen labenawa wage arakshawak adarayak dan kale kellonta thamange thaththagenwath labenna..e tharamata dn samaje hari pahath dushta nicha thanakata watila tiyenne…oya kathawen denna hadana adarshaya godak hodai akkiyo..hamadama me wage adarshamat katha api wenuwen aran enna.akkitath ayyatath dalada samidu saranai ??❤

    1. Ada nam podi nangiya busy wage.. oyage comments ekata hadawathinam ekagayi nangiya .. aniwarenma e dewal mama dakala thiyenawa one tharam.. me lengathu kamata godak thanks nangiya budusaranyi oyata good night oyath karana kiyana siyaluma de sarthaka wenna one

  10. අපේ මේ බැඳීම වගේම බැදීමක් ඒකත්. ඒ හින්දමද මන්ද මාරම විදියට දැනෙනවා මේ කතාව. කතාව ලස්සනයි අයියේ. මට කියන්න දෙයක් හිතාගන්න බෑ ඇත්තටම. බුදු සරණයි.

    1. Aniwarenma nangiya sahodara badimata ganna badimak me loweth na Nangiya.. me lengathu kamata godak thanks nangiya budusaranyi oyata good night

  11. අවසන් ඉල්ලීම……….

    එක කුස නොයිපදුනත්……
    එක කුස උපන් සොයුරෙකු විලස……
    ඔබ පැමිණි පසු……..
    අමාවක අදුරින් වැසි තිබූ මගෙ දිවිය…..
    පසලොස්වක සදක ආලෝකයෙන් ඒකාලෝක විය..
    සොයුර,
    ඔබ නිසා මා සිනා සුනෙමි….
    ඔබ නිසා මා සතුටු උනෙමි….
    එනමුදු ඔබ,
    මා වරදකාරිය කොට…..
    දුකක් දීමට නැවත මා නොඑන්නෙමි පවසා..
    කදුලු සාගරයක මා ගිල්වා……
    හැරදා ගියේ කිමද ඔබේ සොයුරිය….?
    ඔබ පැමිණියේ ආලෝකමත් කිරීමට මා දිවිය……
    එනමුදු,
    දුන් සපත සුනු විසුනු කර……
    ඔබ ගියා………
    මගෙ දිවිය අදුරු විය…..
    මගෙ පවුල අහිමි විය……
    දැන් කාලය එලැබ ඇත………
    සැම දේ අත හැරීමට…..
    ඉදින් සොයුර මා සමුගමි…….
    යලි නොඑන්නට සියල්ලම අතැර…….
    සැමදා සතුටින් සිටිනු මැන…….
    එයයි මගෙ අවසන් පැතුම…………!

    Oyagei akkigei me lassana kathawa katha wei me wachana walin. Eth mata samawenna sumith aiye.me wachana tika man kiyanne mage loku aiyata. Loku aiyage waradi watahim nisa loku aiya eyage chuti nangiwa atha ariya. Man dannawa loku aiya oyalage me kathawa kiyawanawa. Ekai me wachana tika mehema damme. god luck oya dennatama.
    Loku aiye me tika oyata. Man kiyapu hamadema waradawa therum gaththu oya plz me wachana tika waradawa therum ganna epa. Mokada man me liuwa wachana liuwe man magema sahodarayekge thana thiyala salakapu loku aiyata. Budusaranai.

    1. Mama liuwata wadiya lassanata oya mee liyala thiyenne dul. Mama newei oya kathawak liyanna ….. godak hoda kathawak wewi ..hamadama sathutin inna……theruwan saranai

      1. Dul. මං ගියා හරිම ආදරණීය පද පෙළ ටිකක්. ඔයත් ආදරණීය කතාවක් ලියන්නකෝ ඔයාටත් ලොකු හැකියාවක් තියෙනවා.. .. මොනවා වුණත් ඔයා ලියල තියෙන්නෙ කතාවට ගැලපෙන කොමෙන්ට් එකක් මොකද සහෝදර ප්‍රේමය ගැන නෙමේ ගොඩක් තියෙන්නේ ඒක නිසා එක ගැලපීම ගොඩක් වැදගත් තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ දුවටත් ඔයාගේ මහත්තයාට ත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ස්තූතියි බුදු සරණයි ඔයාට සුබ රාත්‍රියක්

        1. Me pada peliya adaraniyada kiyanna nam danne na. Man liuwe mata kenekta kiyanna oni unu de. E wagema man eyata mekath kiyanawa. Loku aiye Me dawas 3di mata wenna thina okkoma una. Dewiyanta sthuthi wenna man dan thani wela.

          1. Mama mewata reply Dana eka harida Manda Eth dannam magema nangi kenk kiyala hithana nisa mewage private dewal mema Danna epa nangiya moko mewa balanne meke comments Dana Aya vitharak newe thawa godak Aya oya danwada me Katha FB eke link eken danawa kiyala ithin meme daddi oyata wagema oyage family ekata wagema oya kiyana oya loku aiyyatth hoda na

    2. Anne akkiyo ai annee me? Oya kalin kathawalata dapu hama comment ekakma man kiyawala thinawa. Oya eka comment ekakadi oyage loku aiyata pin dunna neda? Ehema loku aiya oyawa dala giyada akki? Oya thamath hithane oyage loku aiya sathutin idiyama athi kiyala. Eth e kena oyage sathuta gana hithala nane neda? Oyage sathuta ganath hithanna dear. Prashna walata muna denna akkiyo. Panala yanna epa. Budusaranai.

      HAGIM BARA UNATA NISADASANAM GODAK LASSANAI.

  12. අයාලේ යන්න ගියපු ජවිතයක්..
    හරි මගට අරගෙන..
    හැම වරදකටම.. සමාව දිිලා..
    වෙලාවකට සහොදරයෙක්..
    තවත් විටක පියෙක්..ලෙස
    ආදරය කරැනාව ලබාදි රැකවරනය ලබන්න ඇත්තටම පින් කරලා තියෙන්න ඔනේ..

    දෙමව්පියන්ගෙන් නොලබපු ආදරේ පිටස්තර තරැන⁣යෙක්ගෙන් ලබන්න තරම් මොන තරම් පින් කරන්න ඔනේද..

    අදත් කතාව ගොඩක් ලස්සනයි..???

    1. මේ මගේ සුදු මල්ලියා නේද ම්ම්ම්ම් … ඔයා නම් සුපිරියි මල්ලියා…..

    2. Wow මල්ලා ඒකනම් සුපිරි හරිම ලස්සනට ලියලා තියෙනවා අද නම් මට ගොඩක් සතුටුයි මොකද අද හැමෝම කවි වලින් තමයි කොමෙන්ට් කරලා තියෙන්නේ ඒක ඇත්තටම දක්ෂතාවයක් වගේම මට ලොකු ශක්තියක්.. මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරේ මල්ලි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි සුබ රාත්‍රියක් ඔයාට

  13. චූටි අයියේ….
    ඔන්න අද නම් හැමෝගෙම අදහස් වෙනදට වැඩිය ලස්සනට එලියට ඇවිත් තියනවා ….. හැමෝම ඉන්නෙ හිත්වල හිර කරන්. … මේ තරම් දවසක් කොහොම හිටියද මන්දා ….. අද ලස්සන නිසදැස් ටිකක් එලියට ඇවිත් ඔන්න….. අද ඉදන් හැමදාමත් මේ දේවල් දකින්න ලැබෙයි…… හමෝටම මගේ සුභ පැතුම්……..?????
    තෙරුවන් සරණයි

    1. අනිවාර්යයෙන්ම නංගියා මටත් පුදුමයි ඇත්තටම ඒ වගේම ගොඩක් සතුටුයි කොච්චර ආදරණීයයි හිත්ද මේ කතා අහුර app එකේ ඉන්නේ..හරිම ලෙන්ගතුයි හරිම ආදරණීයයි හරිම ලස්සනයි සියලුම දෙනාට බොහෝමත්ම ස්තූතියි සුබ රාත්‍රියක්

  14. Buddhika subhashini

    ලස්සනයි අයියේ අදත් කතාව❤️❤️ ..ඔන්න ඉතින් මට නම් ඔහොම ලස්සනට නිසදැස් නම් ලියන්න බෑ අනා..good luck අයියා & අක්කි ????????

  15. Hashini Navanjana.

    නමක් නොමැති මේ බැදීම……
    මට හිතෙන්නේ ඒ ආදරෙමය…..

    අනේ කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයී සිත්මි අක්කියෝ…. ???? මනුක නම් පුදුම කොල්ලෙක් තමයි.
    අම්මා සහෝදරිය වත් අදුරන්නේ නැති පිරිමින් ඉන්න සමාජයකට මනුකගෙන් ලැබෙන්නේ ලොකුම ලොකු ආදර්ශයක්. ????

    වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මනුක කියන්නේ නියම කොල්ලෙක්….. ? ???
    අභී තමන්ගෙම කෙනෙක් නොවුනත් ඒ කෙල්ලව තාත්තෙක් වගේ පරිස්සම් කරන විදිය අදහන්නම වටිනවා…. ????

    ස්නේහයේ නගරයයි සිත මගේ…….
    මාවතක් හෝ නොවූ රාගයේ…….

    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්…….
    කොයි ඉසවුවේද ඒ මෙත් පුරේ…….
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්…….
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ…….

    විශාරද අමරසිරි පීරිස් මහත්මයගේ මේ සින්දුව මනුකගෙ ආදරයටම ගැලපෙනවා. ඒ ලෙවල් වලදි “මළ ගිය ඇත්තෝ” නව කතාව කරනකොට අපේ සිංහල ක්ලාස් එකේ සුජිත් දිසානායක සර් නොරිකො සං ගෙයි, දෙවෙන්දොරා සං ගෙයි ආදරයටත් මේ සින්දුව උපමාවක් විදියට ගත්තා.

    මනුක පාරිට ආදරේ කරනවද නැද්ද කියලා හරියටම දන්නේ නැති උනත් මේ සින්දුව මනුකට ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ….. ????

    අදත් ලස්සනම ලස්සන කොටසක් අරන් එනකල් බලන් ඉන්නවා සුමී අයියේ…. ????

    බුදු සරණයි ???? ඔයාලා දෙන්නටම ?❤?❤?❤

    1. සුභ උදෑසනක් නංගි ඔයාට ඔන්න දැන් තමයි නැගිට්ටෙ මම හරිම මහන්සි නංගි ඇඟට.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි nangiya බලන්න කොච්චර ආදරණීය විදියට ලස්සන දිග කමෙන්ට් දානවද කියලා.. මේ ළෙන්ගතුකම කවදාවත් අමතක වෙන්නේ නංගියා හැමදාමත් ආදරෙයි කෝ අපේ රෝස බොලේ දැන් ළඟ ඇති නේද පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනාට දළදා සමිදු පිහිටයි මේ හැමදෙයකටම බොහොමත්ම ස්තුතියි nangiya ආදරණීය කොමෙන්ට් එකක් ගොඩක් ආදරෙයි ගොඩාක් සක්තිමත් මට a comment තෙරුවන් සරණයි නංගි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.