Katha Ahura

පින්වන්ති මා – 13 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

13 කොටස

” මනු අයියා …..
මම ඔයාව බලන්නමයි ආවේ …..”

එහෙම කියලා අයියා ළඟට දුවගෙන වගේ ආපු ඒ කෙල්ල අයියගේ බෙල්ල වටේ අත් දෙක දාගෙන අයියව තුරුල් කර ගත්තා .

මගේ හිත් කලබල නොවුණම නෙමෙයි .තවත් ඒ දිහා බලන්න මට ඕන වුණේ නෑ .අයියා කිව්වත් හිත රිද්ද ගන්න එපා කියලා මේ හිත් ඕනවටත් වඩා අද දවස ඇතුලත රිදෙයි කියලා මට හිතුණා .

” සුදු අයියේ …

ශෝක්නේ අනේ අභී ….ඔයා කියපු විදියට නම් මම බලාගෙන හිටියේ දඟ මල්ලක්ව දකින්න …

ඒත් මේ බලන්නකෝ….. අහිංසක චූටි බබෙක් වගේනේ මෙයා ….”

එහෙම කියලා තරූ අක්කා මාව තුරුල් කරගත්තා .අයියා වගේම ආදරණීය චරිතයක් එයත්.

” අභී ….
කොහොමද ඉතින් ….අද මම ආවේ ඔයාව බලන්නමයි හොඳේ … ”

” හොඳයි අක්කි…..”

මම තරූ අක්කට වෙනසක් නොපෙන්වම හිනා වෙලා උත්තර දුන්නා .

” ම්ම්…ම්ම්…කොහොමද දන්නේ මම අක්කා කෙනෙක් කියලා …..”

” අයියා තමයි කිව්වේ අක්කි….”

” මෙහේ හොඳයි ද අභී …..”

” හොඳයි අක්කියෝ….”

” සතුටින් ද ඉන්නේ ඔයා ….”

” ඔව් අක්කි….වෙනදටත් වඩා ගොඩක් සතුටින් …..”

” ම්ම්..එහෙනම් කමක් නෑ අභී ….අපි යමු ගේ ඇතුලට ….”

මම තරු අක්කත් එක්කම ගේ ඇතුලට ආවා .

” රෝෂි ….දැන්වත් මගේ බෙල්ල අත අරිනවා … මරන්නද හදන්නේ මාව…”

අයියා රෝෂි ට බනිනවා ඇහුණත් තවත් ඒ දිහා බලලා මට හිත රිද්ද ගන්න ඕන වුණේ නෑ .මම තරු අක්කත් එක්කම හිටියේ අයියා දිහා පොඩ්ඩක් වත් නොබලා.

” සුදු අයියේ ….
ඔයාලා දෙන්න කාල ඉන්න …අපි ගෙදරින් කාල ආවේ ….”

” ඔව් සුදු …මට නම් දැන් බඩගිනියි හොඳටම … ”

අපි කට්ටියත් එක්කම කෑම මේසෙට ආවා .

” සුදු තේ හදලා ඕනද ඔයාලට …නැත්නම් ෆ්‍රිජ් එකේ බීම ඇති….”

” තේ එපා අයියේ ….ඔයාලා කාලා ඉන්න … මම බලලා අරගන්නම් ඕන දෙයක් ….”

” අභී ….බබා අද අතින් කන්න හොඳේ ….”

අයියා තරු අක්කලාට ඇහෙන්නේ නැති වෙන්න මගේ කනට කරලා කීවේ අනිත් අය ඉස්සරහ මට කවන්න විදියක් නැති නිසා .

මම අයියත් එක්කම ගිහින් අත සෝදගෙන ආවා .කෑම කෙසෙල් කොල වල ඔතල තිබුණු නිසාම පිඟානත් අරගෙන බත් එක ඒක උඩින් තියලා දිග ඇරලා දුන්නේ අයියා .

” මනු අයියා …..මටත් කටක් කවන්නකෝ….”

රෝෂි අයියා ළඟ හුරතල් වෙනකොට මට ආවෙ පුදුම තරහක්.මේ විදියට තවත් අහිංසක වෙලා හිටියොත් මටමයි පාඩු වෙන්නේ.

මමත් ප්ලෑන් කරලා පොඩි වැඩක් කරා.අයියා රෝෂි ට බත් කටක් කවන්න හදනකොටම මම බොරුවට කැස්සක් අරගත්තේ මට කෑම හිර වුණා වගේ.

අයියා රෝෂි ට කවන්න ගත්තු බත් කට ආපහු පිඟානට දාලා ක්ෂණිකව මගේ පැත්තට හැරුණේ රෝෂි ට හිතන්න වත් වෙලාවක් නොදී.

” අභී ….
ආ..මේ වතුර ටික බීලා ඉන්න ….”

අයියා වතුර වීදුරුවක් මගේ අතට දීලා අනිත අතින් මගේ පිට අත ගෑවා .

” සැරයිද අභී …කෑම ඔයාට….”

” නෑ අයියේ ….”

” හෙමින් කන්න බබා ….”

අයියා තාමත් මගේ පිට අත ගානවා.එයා පව්.එයාගේ වරදක් නෑ .මේ හෝන්තුවනේ බලෙන්ම අයියගේ ඇඟේ එල්ලෙන්නේ.

රෝෂි ගේ බලාපොරොත්තුව ඉටු වුණේ නැති නිසා එයා හිටියේ මට ඔරවගෙන.

” අභී ….
කෑම රසයිද….”

” ම්ම්…රසයි අක්කි….”

” ඔක්කොම කන්න ඕන එහෙනම් ….”

” අනේ…මෙච්චර ගොඩක් කන්න බෑ අක්කි….”

” පුළුවන් බබා….කන්නකෝ….

දැන් පන්සල් යන්න ඕන පයින් …ඒ නිසා පන්සලට යනකොට නිකන්ම බඩ බහීවි….”

” සුදු …ඔයාලා දෙන්න ලේස්ති වෙන්න අපි කාලා ඉවර වෙනකම් ….

එතකොට වෙලාව ඉතුරුයිනේ…..”

” ඔව් අයියේ …ඒකත් ලේසි .රෝෂි එන්න යන්න ලේස්ති වෙන්න ….”

අයියට ඕන වුණේ රෝෂි ව එතනින් එලව ගන්න කියලයි මට හිතුණේ .රෝෂි නැගිටලා ගියේ ආයෙත් මට ඔරවගෙන ම.

” අභී ….ආ…කන්න ….”

එයාලා ගියාට පස්සේ අයියා මට එයාගේ බත් එකෙන් කැව්වා .

” අභී …..”

” ම්ම්ම්……”

” ඇත්තටම බත් හිර වුණේ නෑ නේද …”

මම අමාරුවෙන් තද කරගෙන හිටපු හිනාව බකස් ගාලා මගේ මුවින් එළියට පැන්නා .

” මම දැන ගත්තා මේ කපටි ආච්චිගේ වැඩක් කියලා …ඊරිසියාව පේනවා මුළු ඇඟෙන්ම….”

” ආස ඇති ඒ හෝන්තුව බෙල්ලේ එල්ලිලා ඉන්නවා නම්…”

මම එහෙම කියලා අයියගේ අතක් රිදෙන්නම කොනිත්තලා දැම්මා .

” ආවු….අභී ….
මාව මරන්නද හදන්නේ ඊරියේ….”

” මරන්නේ නෑ …දඬුවම් දෙනවා…. නැට්ටිච්චියෙක්ට බත් කවන්නනේ හැදුවේ …”

” බුදු අම්මෝ….මේකිගේ නපුරු …. රාස්සියෙක් ද කොහෙද …”

” ආස ඇති කොටට ඇඳගෙන නලවනකොට ළඟට වෙලා ඉන්න ….

ඇයි අර හිටියේ බෙල්ලේ එල්ලගෙන ආපු ගමන් …..”

” අම්මෝ….අභී …..බලාගෙන ඔයා නම් දැන් පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගෑස් ටැංකියක් වගේ….බයේ බෑ…..”

අයියා මගේ කනකුත් මිරිකලා එහෙම කිව්වේ . කාලා ඉවර වෙලා අපිත් ගියේ ලේස්ති වෙන්න .

” අභී ……”

” ම්ම්…ම්….”

” මම සුදු දිග ගවුමක් එළියෙන් තියලා ඇති….. ඒක අඳින්න හොඳේ …..”

” හා අයියේ …..”

අයියා පව් කියලා හිතුණා .එයා හැම දෙයක්ම මම වෙනුවෙන් ලේස්ති කරලා.ඒත් මම කරෙ එයාවත් රිද්දවලා නිදා ගත්තු එකනේ.

මම ඒවත් හිත හිතම කාමරේට ආවේ ලේස්ති වෙන්න .කාමරේට එද්දිම දැකපු දෙයින් මගේ ඇස් වලට කඳුළු පිරුණේ මටත් නොදැනීම

අයියා මට පන්සල් ඇඳගෙන යන්න ලේස්ති කරලා තිබුණු ගවුම රෝෂි ඇඳගෙන.මාව දැකපු ගමන් එයා හරි ආඩම්බරයෙන් වගේ කණ්ණාඩිය ඉස්සරහ වටයක් කැරකුණා.

හිතට කොයි තරම් දුකක් දැනුණත් මෙයාලා ඉස්සරහ මට අඬන්න බෑ .ඇස් වලට උනපු කඳුළු වැටෙන්න නොදී මම අමාරුවෙන් රඳවගෙන හිටියේ.

” සුදු අක්කේ,..මෙයාට කියන්න මේ ගවුම මම ඇන්දා කියලා ….”

රෝෂි ඒක කෙලින්ම මට නොකියා තරූ අක්කට කිව්වේ මටත් ඇහෙන්නම.

” අභී ….
අනේ සොරි පැටියෝ ….

මේ කෙල්ලට අච්චර කියලත් පන්සල් යන්න ඇඳුමක් අරගෙන ඇවිත් නෑ ….

ඒකයි හොඳේ මේක මෙයා ඇන්දේ….”

ඇඳුමක් ගෙනාවේ නැත්නම් එයාට අල්මාරියෙන් වෙන ඇඳුමක් බලලා ගන්න බැරිද .අයියා මට තියලා තිබුණු ඇඳුමම ගත්තේ .

ලේස්ති වුණේ පන්සල් යන්න වුණත් මගේ හිතේ තිබුණු චේතනා නම් එකක් වත් හොඳ එකක් වුණේ නැහැ මේ වෙලාවේ .මොකද මගේ හිතේ පිරිලා තිබුණේ රෝෂි ගැන තරහක් විතරමයි.

අනේ ඇත්තමයි තරූ අක්කිගේ නෑනා නොවුණා නම් මෙලහකට මම රෝෂි ගේ දත් දෙකක් වත් බඩට යවලයි පස්ස බලන්නේ.

ඒ නිසාම තරූ අක්කා කියපු දේට මම මුකුත්ම කිව්වේ නෑ .මගෙ වෙනස තේරිලා වෙන්න ඇති එයා මගේ ළඟටම ආවේ .

” අභී ….තරහද මැණික මාත් එක්ක ….”

මම බිමට හරවගෙන හිටපු මූණ මගේ නිකටින් අල්ලගෙන අක්කා අහද්දි මට එයා පව් කියලා හිතුණා .මේකට අක්කගේ වරදක් නෑනේ .

” අනේ නෑ අක්කි….
තව ඇඳුම් තියෙනවනේ අයියා මට ගෙනෙත් දීලා …මම එයින් එකක් අඳින්නම්….’

” එහෙනම් ලේස්ති වෙලා එන්න බබා.අපි එළියට යනවා හොඳේ …..”

එයාලා එළියට ගියාට පස්සේ මම වොශ් එකකුත් දාගෙන අල්මාරියෙන් ඇඳුමක් හෙව්වේ මට පන්සල් අඳින්න .අයියට වගේ මට ඇඳුම් ගලපලා අඳින්න තේරෙන්නේ නෑ .

ලා පාටකට කියලා තිබුණේ කහ පාට දිග සායක් විතරයි .අනිත් ඇඳුම් වල පාට වැඩී.මම ඒ දිග සායත් ඇඳගෙන ඒකටම කළු පාට බ්ලවුස් එකක් ඇඳ ගත්තා .

කාමරෙන් එළියට යන්න හිත දුන්නේ නෑ .ඇඳ උඩින් වාඩි වෙලා කොට්ටෙකුත් උකුලට අරගෙන ඒක උඩින් ඔළුව තියා ගත්තා .

ටික වෙලාවකින් මට ඇහුණා කාමරේ දොර ඇහෙන සද්දේ.ඒ ආවේ කවුද කියලා බලන්නවත් මට ඌමනාවක් තිබුණේ නෑ .

ඒත් අල්මාරියේ දොර ඇරෙන සද්දේ ඇහුණම මම නිකමට හිස ඔසවලා බැලුවේ කවුද කියලා .ඇවිත් හිටියේ අයියා .

එයා අල්මාරිය ඇරගෙන මගේ ඇඳුම් අතරේ මොකක් හරි හෙව්වා .ටිකකින් ලා ක්‍රීම් පාටට හුරු බ්ලවුස් එකකුත් අතේ තියාගෙන අයියා මගේ ළඟට ආවා .

” අභී …ඔය බ්ලවුස් එක ගලවලා මේක ඇඳගෙන එන්න ….”

අයියා මට බ්ලවුස් එක දික් කරගෙන හිටියත් මම ඒක අතටවත් ගත්තේ .ඒ වෙනුවට අයියා දිහා බලාගෙනම හිටියා .

අයියාගේ ඇස් රතු වෙලා .ඒත් ඒ ඇස් වල තිබුණේ තරහක්ද දුකක්ද කියන හැඟීම මට වෙන් කරලා අඳුන් ගන්න බැරි වුණා .

” අභී ….උඹටත් ඕන මට රිද්දලා සතුටු වෙන්න ද ආ…..

මගෙන් පළි ගන්නද උඹ මෙහෙම කරන්නේ මට….”

වැරැද්දක් නැතුවත් අයියා මට මේ තරම් තරහින් කෑ ගහද්දි අමාරුවෙන් හංඟගෙන හිටපු කඳුළු ඇස් අගිස්සෙන් ගලාගෙන ගියා .

” අභී ….උඹට මම කියලා තියෙනවා මගේ ඉස්සරහ කඳුළු හලන්න එපා කියලා ….”

ඒත් එක්කම අයියා මගේ ළඟින් ඉවත් වෙලා ගිහින් කාමරේ දොර ලොක් කරලා ආවා .දැන් නම් මම දන්නවා අයියට හොඳටම කේන්ති ගිහින් ඉන්නේ කියලා .එයා දොර වහලා ආවේ බනින සද්දේ පිටට ඇහෙන්නේ නැති වෙන්න කියලයි මට දැනුනේ .

” ඇඳ ගනින් මේක මාව යකෙක් නොකර……”

අයියා ආයෙත් වරක් බ්ලවුස් එක දික් කරත් මම අතටවත් ගත්තේ නෑ .

” උඹට මම කිව්වම අඳින්නනේ බැරි…. වරෙන් මෙහෙට …..”

එහෙම කියලා ඇඳ උඩ වාඩි වෙලා හිටපු මාව නැගිට්ටවලා අයියගේ ළඟට ඇදලා ගත්තා .

අයියා මගේ මූණ දිහා වත් නොබලා අහක බලාගෙනම මම ඇඳගෙන හිටපු බ්ලවුස් එකේ බොත්තම් එකින් එක ගලවද්දි මම බලාගෙන හිටියේ අයියගේ මූණ දිහාම .

ඒ ඇස් තරහින් රතු වෙලා තිබුණේ .මම ඇඳගෙන හිටපු බ්ලවුස් එක ගලවලා ඇඳ උඩට වීසි කරපු අයියා එයාගේ අතේ තියන් හිටපු බ්ලවුස් එක මට ඇන්දුවා .

ඊට පස්සේ මගේ කම්මුලක් දිගේ ගලාගෙන ගියපු කඳුළු අත් දෙකෙන්ම පිහිදාලා දැම්මා .තවත් මොහොතක් වත් මට අයියගේ හිත රිද්දන්න හිතුණේ නෑ .

කාමරෙන් එළියට යන්න ගියපු අයියව මම ඇදලා අරගෙන එයාගේ පපුවට තුරුල් වුණේ හිතේ තිබුණු හැම දුකක්ම අමතක කරලා.ඒ සැනින්ම අයියත් මාව තුරුල් කර ගත්තේ මට හුස්ම වත් ගන්න බැරි තරම් මාව එයාට ළන් කරගෙන .

” අභී ….සමාවෙන්න මැණික ….
කවදාවත් හිතුවේ නෑ මේ විදියට කරන්න …

හැමදාම ඔයාව මලක් වගේ පරිස්සම් කරන්නයි මට ඕන උනේ …..ඒත් අද ඔයාම මගේ සීමාව පැන්නුවා……”

” නෑ …නෑ …මගේ අයියේ ….සමාව ඉල්ලන්න එපා.මමයි ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන ….

මමයි ඔයාට රිද්දුවේ…..”

අයියට තුරුල් වෙලා මම ඇති වෙනකම් ඇඬුවා .අයියා මාව තුරුල් කරන් මගේ හිස අත ගෑවා .

” අභී …අපි යමු දැන්….හෙට වෙනකම් ඉවසලා ඉන්න මැණික එයාලා යනක්ම්…..”

අයියා මාව අතින් අල්ලාගෙන එක්කන් ගියේ බාත්රූම් එකට.ටැප් එක ඇරලා එයාම අතට වතුර අරගෙන මගේ මූණ පහත් කරලා මූණ හේදුවා .

” ආයෙත් අඬන්න බෑ හොඳ ද .. ..යමු අපි දැන්…නැත්නම් පන්සල් යන්න පරක්කු වෙනවා ….”

මාත් අයියත් එක්කම එළියට ආවා .අක්කයි රෝෂි යි එළියේ ගල් බංකුවේ වාඩි වෙලා අපි එනකම් මග බලාගෙන හිටියේ ..

=====================================

” සුදු නංගි ….මල් ටිකක් කඩා ගත්තද….”

අයියා ඇහුවේ තරූ අක්කගෙන්.

” ඔව් අයියේ ….මල් කඩාගෙන ඔක්කොම ලේස්ති කරගෙන තියෙන්නේ .ඔයාලා එනකම් හිටියේ ….”

” එහෙනම් යමු සුදූ…..”

අපි කට්ටියත් එක්කම පන්සලට ගියේ පයින්.රෝෂි නම් වැඩි කතා බහක් නොකරම ගියේ .ඒත් අපි තුන්දෙනා කතා කර කර තමයි ගියේ .

මට සතුටුයි .අයියගේ කේන්තිය දැන් නිවිලා.එයා මාත් එක්කයි තරූ අක්කා එක්කයි ආයෙත් පුරුදු විදියට ම කතා කරා.

පන්සලට යන්න තිබුණේ පොඩි අඩි පාරක් නිසා තරූ අක්කයි රෝෂි යි ඉස්සර වෙලා මමයි අයියයි පස්සට වුණා .එයාලගේ වේගෙට මට යාගන්න අමාරුයි .

මොකද මම කවදාවත් මේ තරම් දුරක් පයින් ගිහින් නෑ .කකුල් දෙකම රිදුම් දෙනකොට මගේ වේගය මටත් නොදැනිම බාල වුණා .ඇවිදන් යන්නම බැරි තැන මට අයියගේ අතින් ඇල්ලුනේ ඉබේටම වගේ.

” අභී …ඇයි බබා……”

අයියා හිටියේ හොඳටම බය වෙලා .

” මුකුත් නෑ අයියේ ….කකුල් දෙක පොඩ්ඩක් රිදෙනවා.ඔයාගේ වේගෙට මට යන්න බෑ …..”

” අනේ ….සොරි අභී ….. මට අමතක වුණා . එන්න අපි හිමින් යමු…..”

අයියා මගේ අත මුදවලා එයාගේ අතින් මාව අල්ල ගත්තා .

” අභී …..කකුල් රිදෙනවද බබා…..”

” ඔව්..අක්කි ….ටිකක් විතර රිදෙනවා ….”

” ඔයාට පුරුදු නෑනේ පැටියෝ ඒකයි….. කමක් නෑ අපි හිමින් යමු…..

එන්නකෝ මම ඔයාගේ අතින් අල්ල ගන්න …”

එහෙම කියලා තරූ අක්කත් මගේ අනිත් අතින් අල්ල ගද්දි රෝෂි මගේ දිහා බැලුවේ මාව කන්න තරම් තරහ මූණකින්.

අයියා පහන් පත්තු කරන තැනට මාව එක්කගෙන ගියා.මට ඕන උනේ අයියත් එක්කම එක පහනක් පත්තු කරන්න .

අයියා තෙල් දාලා තිරයක් දාලා ලේස්ති කරලා දුන්නම මම අයියගේ අතින් අල්ල ගත්තේ රෝෂි ට පේන්නත් එක්කම.

” අභී …..ඇයි …..”

අයියා එහෙම ඇහුවේ මට විතරක් ඇහෙන්න මට ළන් වෙලා .

” අයියේ …අපි දෙන්නත් එක්ක එක පහනක් පත්තු කරලා දෙයක් ඉල්ලුවොත් ඒක අපිට හම්බ වෙනවද …..”

” ඇයි අභී ….එහෙම ඇහුවේ ….”

” අනේ……කියන්නකෝ අයියේ …..”

” ඒක හරියටම කියන්න බෑ අභී …..අපි ප්‍රාර්ථනා කරන්නේ හොඳ දෙයක් නම් ඒක ඉෂ්ට වෙයි……

මොකද කෙල්ලට එක පාරටම මතක් වුණ දේ ප්‍රාර්ථනාවක් ගැන අහන්න ….”

” නෑ ..මට මේ පහන පත්තු කරන ගමන් ප්‍රාර්ථනාවක් කරන්න ඕන අයියේ …..”

” මේ වෙලාවේ ඔයාගේ හිතේ කාත් එක්ක තරහා තිබුණත් ඔයාගේ ප්‍රාර්ථනාව වැරදි අදහසකින් වෙන්න දෙන්න එපා අභී …..”

” නෑ …නෑ ..අයියේ …මට ප්‍රාර්ථනා කරන්න ඕන උනේ …..”

මම එහෙම කියන්වත් එක්කම අයියා මගේ මුවට ඇඟිල්ල තියලා මම් කියන්න ගියපු දේ එක පාරටම නතර කරා.

” ඔයා කරන්න යන ප්‍රාර්ථනාව කාත් එක්ක වත් කියන්න එපා අභී …..මේ මට වුණත්….”

” ඒ ඇයි අයියේ ….”

” එතකොට ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නෑලු…”

” අනේ එහෙනම් කියන්නේ නෑ …..ඒ උනාට කමක් නෑ ඔයා මාත් එක්ක මේ පහන පත්තු කරන්නම ඕන ….”

” ඔයා නම් අභී ….කිව්වොත් කිව්වමයි…… කියන දේ අහන්නේ නැති නපුරු ඇට්ටර පුංචි කෙල්ලෙක් ……”

අයියා එහෙම කියලා මගේ අතින් අල්ලගෙනම පහන පත්තු කරා.මට සතුටුයි .රෝෂි මොන තරම් රිදෙව්වත් අයියා මගේ හිත රිද්දුවේ නෑනේ .

ආයෙත් එන්නම්

72 thoughts on “පින්වන්ති මා – 13 වෙනි දිගහැරුම”

  1. Ruwanthi Lakshani

    ඔන්න හවස 6 වෙනකොට මං ආවා….
    කතාව ලස්සනයි නියමෙට තිබුනා…..
    මනුකයි අභීයි හොදටම ගැලපෙන හින්දා….
    දෙන්නව සෙට් කරමු නේද සුමි අයියා….
    ???????????????
    සැමදා කමෙන්ට් කරමින් මේ කතාවට….
    අප සැම දෙනා මිතුරන් වී ඉමු එකට…
    සිත්මි අක්කි ඔබ අමතක නෑ අපට….
    මේ කතා කියවන්නේ ඔබ නිසා අද….
    ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
    සුමි අයියගේ පැතූමන් ඉටු වේවා….
    සිත්මි අක්කිටත් එලෙසින් ඉටු වේවා……
    අප සැම දෙනා සතුටට පත් වූවා … .
    මං හදවතින් ඔබ දෙදෙනට සුභ පැතුවා…..
    ??????????

    1. වරදින් නැතුව කතාව කියවන ඔබට
      කවදත් කොමෙන්ට් කරනවා වරදින්නේ නැතුව
      සතුටුයි දකිනකොට පද පෙළ එක දිගට
      හොඳ හොඳ ඒවා ඒවි කතාවේ ඉදිරියට
      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
      ලබන්නේ එකම සතුටයි මං හැමදාමත්
      ඔය ලෙන්ගතු කම වටින්නේ මට කවදත්
      ලියන්නෙ කතා ඒ හින්දයි ඉදිරියටත්
      හිත පිරෙනවා සතුටට ඔය වචනෙකටත්
      ?????????????
      ලියන්නෙ කතා ඔය හිත් සනසවන්නට
      ඔයාලා සතුටුයි නම් මගෙ සතුටුත් ඒක
      මට වටිනවා ඔයා ලෙන්ගතුකම බොම
      මගේ පැතුමන් සේම ඉටුවෙයි ඔබේ පැතුම…

      බොහොම ස්තූතියි රුවන්ති nangiya මේ ලෙන්ගතුකමට තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

    2. රුවන්ති අක්කියෝ ඔයා ඇයි අනේ මේ තරම් දවසක් හැංගිලා හිටියේ …. ඒකට නම් දෙන්න ඕන ගුටියක්…..
      මේ තරම් දක්ෂ කෙල්ලෙක් ඇයි අනේ හැංගිලා හිටියේ…… කියන්න වචන නෑ අක්කියා ඔයා ගැන නම්….
      හැමදාමත් මේ වගේ ලියන්න අක්කියා….. පුලුවන් නම් අක්කියා ඔයත් කතාවක් ලියන්න අක්කියෝ.. ….. තවත් මේ වගේ ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ…. මේක කියවලා රිප්ලයි කලේ නැත්නම් වැඩක් නෑ ඉතින්………
      තෙරුවන් සරණයි අක්කියා…..

  2. Me roshiyekwa kohenda appa genawe…puduma tharam kenthi mata nm…hma adara kathwaktama kohen giyath baaldiyak nam peralenawamai neda appaaa.hari asadaranaiiiii….

  3. ගේ පුරා තිබ්බ පාලුව යන්න
    ගෙදරට පෑයූ පුංචි
    පහන්තරුවයි
    නංගියේ නුඹ මට
    උඹේ දැඟලිල්ල ඉවරයක්
    නැතිකොට
    මටත් නෑ කිසි පාළුවක්
    ඉන්නවනෙ උඹ හරි අගේට මං ළඟ
    පොඩ්ඩක් තරවටු කළාට
    උඹව කොනිත්තලා මං හිනා උනාට
    ආස වුනේ නෑ මම උඹට දැනෙනවට
    පොඩි හරි වේදනාවක් කිසිම දින
    උඹ පොඩි දේටත් කඳුළු හලාගෙන අඬනකොට
    දන්නවාද මගේ නංගී මේ අයියා
    ඇඬුවා
    හිත ඇතුලෙන් කඳුළු හංගාගෙන
    මගේ කරේ එල්ලීගෙන
    තොරතෝංචියක් නැතුව කියවන්න උඹ
    කෝලම් මහ ගොඩයි නේද
    උඹේ මේ අයියා ළඟ
    කාලේ ටික ටික යනකොට
    උඹත් හරි හැඩ කෙල්ලෙක් වෙලා අද
    මට හරි ආඩම්බරයි
    මගේ නංගියේ උඹ ගැන.
    ඒත් කියාගන්නට නොතේරෙන මොකක්දෝ දුකක් හිර වෙලා
    අද පපුව මැද
    නංගියෙ උඹ නේද මගේ පුංචි
    රෝස මල
    දවසක මේ අයියගෙ උකුලෙන්
    ඈත් වෙන වග දැන දැන
    ඇහිපිල්ලමක් යට තියන් මම
    පරිස්සම් කල
    මම ඔයාගෙම අයියා සුමිත්

    1. අයියා කෙනෙක් තමන්ගේ නංගිට මේ තරම් ආදරේද අයියේ …..

      සිත්මි අක්කියෝ ….
      ඔයා නම් ගොඩක් ගොඩක් ගොඩක් වාසනවන්තයි අක්කියෝ….. මට අක්කි ගැන ගොඩක් සතුටුයි…. අක්කිය ගොඩක් පිං කරලා ඇති අක්කියෝ…. මේ වගේ අයියෙක් ලබන්න…… …

      මගේ අයියත් මට ගොඩක් ආදරේ ඇති…. සුමිත් අයියගෙන් සිත්මි අක්කියට ලැබෙන ආදරේ තරම් නම් නෑ ඉතින්……

      අක්කියෝ ඔයාගේ අයියව පන වගේ ආදරෙන් බලාගන්න…. මේ වගේ අයියෙක් ලැබෙන්නේ වාසනාවට …….

      අක්කියගෙයි අයියගෙයි මේ ආදරේ හැමදාමත් තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා….තෙරුවන් සරණයි අයියේ …. අක්කියෝ…..

      1. ආදරේ මාසි නංගියෝ ඔයාටත් මගේ නංගිට වගේම.. ?? මේ ලෙන්ගතු කම මේ සහෝදර කම කවදාවත් අමතක වෙන්නේ නැහැ

        1. Aiye supiri aiye ekanam. Aththatama sithmi nangi godak luky. Marama luky me wage aiyek labanna. Aththatama oya api hemogema aiya una. Dekala nethi unath katha karala nethi unath aiya kiyana namata oya marama watinakamak denawa apitath ekkama. Ekatanam api godak luky. Sithmi nangi itath wada luky. Hemadamath me wage lengathukamin inna aiye. Me sahodarakama hemadamath thiyagamu. Budu saranai.

          1. Aniwarenma nangiya me sahodara adare kawadawath nathi wenne na eka hamdma thiyenawa nangiya oyala Mata magema nangi wage eka kawadawath nathiwenne na .. me lengathu kamata adare Nangiya budusaranyi oyata

  4. Ruwanthi Lakshani

    අනේ ඔන්න යාළුවනේ මේ කතාවට dislike නම් දාන්න එපා….
    ඒක හොද නෑ….???????

  5. Thilini Navodya

    හරිම ලස්සනයි අක්කෙ???.මේක හරිම පිවිතුරු ආදරයක් ගැන කතාවක්❤️❤️❤️.හරි ආසාවෙන් හැමදාම කතාව දානකන් බලන් ඉදල කියවනව???.මනුක අභීට දෙන ආදරේ හරිම පිරිසිදු ආදරයක්. එහෙම ආදරයක් ලැබෙන්න පින තියෙන්න ඕන.කතාව ගැන නම් කියල වැඩක් සුපිරි??.අක්කෙ ඔයාටත් සුමිත් අයියටත් හදවතින්ම සුබ පතනව ඔය දෙන්නගෙ හැම දෙයක්ම හරියන්න කියල?????❤️❤️❤️?.සොරි අක්කෙ කමෙන්ට් එක පොඩි උනාට අද ටිකක් අසනීපයි.ඒත් ඔයාගෙ කතාව කියවන්නෙ නැතුව බැහැනෙ.

    1. අනේ නංගි ඔයාට මොකද උනේ.. හොඳ ඉන්නෙද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම නංගි..
      අනිවාර්යෙන්ම නං මේ පිවිතුරු ආදරය ඒ වගේම කොල්ලෙක්ගේ ඇසිරීම කොල්ලෙක්ගෙ ගතිගුණ කොහොමද ගෑණු ළමයෙක් ඉස්සරහ හැඟීම් පාලනය කරන්න කියන එක මේ කතාවෙන් කියවෙන්නේ
      මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඉක්මනටම hondaවෙලා ලොකු කොමෙන්ට් එකක් දෙන්න ද ඔයාට දළදා සමිදු පිහිටයි

  6. Godaak lassanai kathawa . me wage ayyek matath hitiyanam kiyala hithenawa .chuti dukak denenawa mata nam kiyawaddi .me wage aadarayak lengathu kamak me kathawa kiyawaddi hithata godaak denenawa .a wagema sathutui .godaak aasawen kathawa kiyeuwe mn .akki oyata godaak Thanks .issarahatath me wage lassanama lassana katha godaak liyanna shakthiya dairya lebenna ona .mn mage mulu hadawathinma suba pathanawa .budu saranai parissamin inna oyala dennama .Good luck

    1. Me lengathu kamata adare nangiya aniwarenma Mata nam oya adu paduwa na daga nangiyek ne inne .. hamdma sathututin Inna nnagiya kathawa adaren balanwata godak thanks nangiya budusaranyi oyata

      1. Ashka Rashmi

        Sorry wennoni mekata mn reply karanawata..ඒත් මට ඉවසන්නම බෑ මේම කමෙන්ට් එකක් දැක්කම…
        මම නං අභී උනොත් මොකද්ද දන්නවද කරන්නෙ …අර රෝශි ආව හැටියෙ අයියගෙ ඇගේ එල්ලුනෙ…මං නං ඒ විකාර බල බල ඉන්නෑ කෙලින්ම ගිහින් තල්ලු කරලා දානවා බිම වැටෙන්නම…අයියව අල්ලන්නවත් දෙන්නෑ…එතකොට අර අයියා කිව්වෙ අද අතින් කන්න කියලා ..මං නං එහෙම වෙලාවට කරන්නෙ අත කපාගෙන හරි කොහොමහරි හැමෝටම පේන්න අයියගෙ අතින්ම කෑම කනවා…එතකොට අර පන්සල් යන්න අයියා අරන් දීපු ඇදුම අර නැට්ටිච්චි ඇදන් ඉන්නවා දැක්කොත් අභී වගේ මං නං කදුලු පුරෝගන්නෑ…කෙලින්ම ගිහින් දෙක තුනක් කියලා ඇදුම එයාගෙන් කොහොමහරි ආයෙම ගන්නවා..අරන් මමම ඇදුම අදිනවා….එයාට කැත ඇදුමක් දීලා..එතකොට පන්සල් යද්දි බොරුවට කකුල් අමාරුවක් අරන් අයියට කියනවා වඩාගෙන යන්න කියලා..පන්සලේදිත් හැම වෙලේම මනුක අයියා ව මං ලගම තියාගන්නවා…..මං අභී උනානං එයාට වඩා මං ගොඩක් දග වේවි හිතුවක්කාර වේවි හුරතල් වෙවි…ඒ වගේම මේ රෝශි වගේ අය ඉස්සරහ ගොඩාආආආක් නපුරු වේවි .. …හරි .දැන් සතුටුයි මට…ඔන්න මං කිව්වා මං අභී උනානං කෝමද කියලා…? හොද වෙලාවට සිත්මි අක්කා මං වගේ නැති අභී කෙනෙක් මැව්වෙ….??මොකද එහෙනං කතාව මෙච්චර ලස්සන වෙන එකක් නෑනෙ….මොකද අභීගෙ ෆීලින්ග්ස් වලට කතාව කියවද්දි අපිම රිඇක්ට් කරගන්නෙ…සිත්මි අක්කි කතාව ඒ තරමට ලස්සනට හිතට වැදෙන්නම ලියලා තියෙන නිසානෙ…ඔය දෙන්නටම සුභ පතනවා මං.

        1. බුදු අම්මෝ මේම දඟ කෙල්ලෙක් හරිම ආදරණීයයි ඔයා ආදරේ කරන ඔයා මැරිකරන බෝයි නම් ඇත්තටම ලකී මොකද මේ වගේ හුරතල් ආදරයක් ලබන්න හැමෝටම බැහැ.. පට්ට සුපිරි කොමෙන්ට් එකක්.. කොමෙන්ට් එක බලපු විදිහට මටත් මාර ෆීලින්ග් එකක් ආවා.. සුපිරිම නංගියෝ ඔයාගේ ආදරේ හරිම හුරතල් හරියට අමන්දාගේ වගේ.. මට රිප්ලයි දාන්නත් බෑ හිනා වෙවී තමයි මම මේක කියෙව්වේ හරිම සතුටුයි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් නංගී ඔයාට

        2. Niyamai ashka….mamath ohoma thamai…kadulu purawan balan inne nam naa…thiyana tharaha e welawema pita kranawa??aye roshita manuka diha balannawath hithenne nathi wenna plan ekk gahanawa he heee

  7. මාරම ලස්සනයි කතාව..
    ආදරයට දෙවැන්නෙක් අවහම පුදුම තරහක්
    පුදුම ඉරිසියාවක් ඇතිවෙන්නේ
    එක මේ කතාවේ හොදට පෙන්නලා තියනවා..රොෂිනි මනුකට ලන්වෙයි කියලා අභිට ඉරිසියයි ?? මාරම ලස්සනයි සිත්ම් අක්කේ ඔයාගේ කතාව .. මන් හරිම ආසාවෙන් ඔයාගේ කතා වගේම සුමි අයියගෙත් කතා අහුර හැම රචකයෙග්ගේම කතා හරි අසානේ මම කියවන්නේ.. මම හැමෝටම සුභ පතනවා.???

    1. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි මල්ලියා අපට වැදගත් වෙන්නේ ඔයාලගේ මෙන්න මේ වගේ comin තමයි හදවතට දැනෙන්නේ අනිවාර්යෙන්ම මල්ලි ආදරේට දෙවැනි පාර්ශවයක් ආවොත් ගොඩක් ලොකු ප්‍රශ්නයක්. හෙට කොටසේ හොඳ හොඳ දේවල් බලන්න පුළුවන් බොහොම ස්තූතියි මල්ලි තෙරුවන් සරණයි ඔයාට

  8. අනේ අද කොටස ???? ලස්සනම ලස්සනයි සිත්මි අක්කි… හැබැයි අර අභිගේ දුශ්ටයා රොශිනම් හරි යන් නෑ අප්පා.. ඵ්යාව ඉක්මනට කපලා දාමූ නේ අක්කි.. heeeeeeee?????
    කතාව ඉතිං හැමදාම කියනවා වගේ සුපිරිරිරිරි…… හොදේ …
    අක්කි.. අයියායි කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා…
    තෙරුවන් සරණයි!!!! ????

    #All the best✌️?#

    1. අම්මො කොහොමද ෙමයින් කරන්නෙ එයාගෙ කවදාද කොල්ලාගේ බිරිඳ වෙන්නේ ??????. .. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි නංගි ඔයාලගේ මේ කොමෙන්ට් තමයි මට ශක්තියක් තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් සිත්මි අක්කා ඔයාලා ආදරෙන් මතක් කරා කිව්වා

  9. Nirosha Lakmali

    හරිම ලස්සනයි අයියේ කතාව….. කතාව දානකම් හැමදාම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ….
    Excellent……
    Wish your all the best…..

    1. බොහොම ස්තූතියි නං ගියා අද නම් ටිකක් කතාව දාන්න පරක්කු උනා නේද. මේ වගේම අය්යගෙ හොල්මන් කතාවක් බලන්න ඕනේ මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  10. Ashka Rashmi

    කතාව හරිම ලස්සනයි අයියෙ…අභීටත් වැඩියෙන් මට වෙන්නැති මේ රෝශි එක්ක කේන්ති ආවෙ…ඇත්තටම කතාව කියවද්දි පුදුම තරහක් ආවෙ රෝශි එක්ක…අනේ මනූව අභීටම දෙන්න හොදේ …රෝශිට එයාව අල්ලන්නවත් දෙන්නෙපා..පව් අභී..එයා අදින්න හිටිය ඇදුමත් ඒ මල හෝන්තුව ඇන්දනෙ..ඒ කොහොම උනත් මනූගෙ ආදරේ අභීම විතරක් වේවි…තවත් මේ වගේ ලස්සන දිග කොටසකින් හෙටත් එන්න අක්කියෝ…අක්කිටයි අයියටයි තෙරුවන් සරණයි .?❤?

    1. හාහාහා ඒ කියන්නේ කෙල්ලත් කාට හරි ආදරේ කරනවා කියන එක නේද.. ඒකනෙ ඒවගේ දෙවැනි පාර්ශ්වය ආදරේ කතාවක් ආවොත්කේන්ති යන්නේ.. බොහොම ස්තුතියි නංගි මේ ලෙන්ගතුකමට ආදරේ ගොඩක්.. ඔයත් කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ දවස් වල නං නංගියේ ගොඩක් වැඩ වගේ තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. Ashka Rashmi

        ඇත්තටම අයියෙ…මං ආදරේ කරනවා…ඒ මගේ මමාටයි ඩැඩාටයි..ඇත්තටම අදරයක් මැද්දට තුන්වෙනි පාර්ශවයක් ආවම කේන්ති යනවා …මගේ බ්‍රදර් ඒකට හොදම example එක??

  11. අනේ කතාව ගොඩාක් ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️❤️
    හුග දවසකින් මේ පැත්තට ආවේ.
    රෝෂී කියන වහන්තරාව ඉක්මනට එලවන්න වෙනවා.නැත්නම් මලවාතයක් වෙනවා.
    මට නම් ඒ හොල්මනව පේන්න බෑ.
    ?????

    කතාව හරිම ආසාවෙන් හැමදාම කියවන්නෙ.
    හැමදාම කතාව කියෙව්වට ඒත් හැමදාම කතාවට කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ.?????
    ඒකට සොරි හොදද
    පුලුවන් හැම වෙලාවෙම අනිවාර්යයෙන් කමෙන්ට් කරනවා.

    ඔයාලා දෙන්නම මාරම දක්ශයි.???
    අයියටයි අක්කටයි දෙන්නටම සුභ පතනවා කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
    ???????
    All the best

    1. ගොඩක් වැඩද නංගියෝ අයියගෙන් හොල්මන් කතාවක් ඉල්ලලා කොහේද කියලා මම ඒත් බැලුවා ඒත් මං නම් දාලා හොයන්න ගියේ නෑ මොකද කරදරයක් වේවි කියල මට හිතුන නිසා.. ඔයාලගෙ කොමෙන්ට් අඩු වෙද්දි මට ලොකු දුකක් ඒත් හැමදාම කොමෙන්ට් කරන්න බෑනේ ඔයාලටත් වැඩ තියෙනවනේ ඒ නිසා හිත හදාගත්තා ඒත් මං හරි ආසයි පුංචි කොමෙන්ට් එකක් හරි දානවනම්.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි නංගියා හැමදාම සතුටින් ඉන්න කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  12. Chadi kaveesha

    kathava gana nam kiyanna deyak naaa….superb????????? ….. onna mama Roshita nam kamathi naa habai…. good luck akki…..තෙරුවන් සරණයි ….

  13. Nethmi Samarasekara

    ??????????????????????????????????????❤️❤️❤️❤️❤️❤️?????????????ජීවිතේ ගොඩක් පුදුමයි නේ ද අයියේ..වෙලාවකට හිත රිදුනත් වෙලාවකට සතුටක් ,අපි හැමෝම අත්දැකීම් එක්ක ජීවිතේ ගෙවෙනවා. අයියගෙයි නංගිගෙයි බැදීම හරිම සුන්දරයි නේද.. තමන් ගෙම නංගියෙක් නොඋනත් අභි ව පරිස්සම් කරන තරම් ඒ අයියා.ඇත්තටම ගොඩක් ලස්සන කතාවක් මේක. මට කියන්න කිසිම අඩු පාඩුවක් නෑ. ගොඩක් හොදට කතාව ලියල තියෙනවා.. සිත්මි අක්කා ඇත්තටම ගොඩක් දක්ශයි. අක්කා මේ comment දකිනවා ඇති කියල මම හිතනවා. සිත්මි අක්කා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ හොද අයියෙක් ලැබුන එක. අයියාගෙ නිහතමානි බවට මම ගොඩක් ගරු කරනවා. මට අයියෙක් නෑනේ සිත්මි අක්කගෙ වගේව ඔන්න මගෙත් අයියා සහෝ ඔයා.. කමක් නෑ නේද…. සිත්මි අක්කගෙයි අයියගෙයි දෙන්නගෙම වැඩ කටයුතු සියල්ලක්ම සාර්තක වේවා කියල හදවතින්ම පාර්තනා කරනවා,…?️?️?️?️??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????බුදු සරනයි සුබ රාත්‍රියක්…❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????????????

    1. ඔ නංගියා ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්.. ඒක වේලාවකට අපි විඳිනවා වෙලාවකට අපි විඳවනවා ඒක තමයි ජීවිතේ හැම දෙයක්ම අතරින් අපි වැටෙන්නැතුව හිටියොත් අපි සාර්ථකයි.. අනිවාර්යෙන් මොනාද යන්න මං ඔයාට හොඳ සහෝදරයෙක් මං මේක මගේ වීඩියෝ එකට දාපු කොමෙන්ට් එකෙන් කිව්වා ඔයා දැක්කෙ නෑ මං හිතන්නෙ.. මේ බැඳීමට නමක් තියෙනවා ඒක තමයි සහෝදර බැඳීම ආසයි එ ලෙන්ගතුකමට ටික කොමෙන්ට් අක්කලා තරහ වෙන්න එපා මම ගියාම ඇත්තටම කතා ඔක්කොටම මට රිප්ලයි කරන්න වෙන නිසා ඇත්තටම හරි අමාරුයි එයත් එකට ඒත් මං වරදින් නැතුව ඔයාලාගේ කොමෙන්ටුවට මේවගේ ආදණීය කොමෙන්ට් එකක් දානවා.. බොහොම ස්තූතියි නංගියේ සුබ රාත්‍රියක් ඔයාට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  14. අයියේ…………………. මට කියන්න කිසිම දෙයක් නෑ අයියේ අදනම්. මට මාරම දුකක් දැනුනා කිව්වොත් බොරු නෙවෙයි අයියේ ඒක. මට තාම බැරි වුණු දෙයක් අයියේ මෙහෙම පන්සල් යන්න. මං ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු දෙයක් වුණත් තාම බැරි වුණා අයියේ. මට මාරම දුකක් ආවේ අයියේ අවසානේ කියවද්දි. අනේ මන්දා. ඒත් කතාව ලස්සනයි අයියේ. බුදු සරණයි.

    1. මගේ අක්කි පන……
      දවසක් ඒවි
      ඔය පුන්චි අතින් අල්ලන්
      ඔයාගේ ආදරේ එක්ක මේ වගේ පන්සල් යන….
      ඒ දවස ඉක්මනටම ඒවි මගේ අක්කියෝ….. මගෙ අක්කි ඔඅනගේ අයියා පන ආව ගමන් අපි මුලින්ම පන්සල් යමු හොදද …… දැන් සතුටින් ඉන්න මගේ අක්කි පන…….ආදරෙයිනේ ගොඩක් මේ නංගියා….. තෙරුවන් සරණයි අක්කියෝ…..

      1. ඒකනෙ මාෂි නංගියා මේ කෙල්ලට තේරෙන්නේ නෑනේ.. මොකෝ කියන්න දෙන්නත් එක්ක එකතු වෙලා මෙයාවත් යවමු එයා ඉන්න තැනට.. මේ අපි වගේ ඉන්නෙපැයි නැව ගිලුනත් බෑන් චුන්

        1. යවමු අයියේ … එහෙ ගිහින් පන්සල් යාවිද මගේ අක්කියා අයියා එක්ක පන්සල් …

    2. ඉතින් නංගි ඔයා බඳින්න ඉන්න කෙනා රට ගියෙ නිසා ඒම යන්න බැරි උනේ ඉතින් එයා ඉක්මනටම ඒවි එයා රට ගියෙ ඔය දෙන්න වෙනුවෙන්නෙ එක නිසා දුක් වෙන්න ඔට්ටු නෑ හරිද.. මේ ලෙංගතුකමට බොහොමත්ම ආදරේ නංගි හැමදාම සතුටින් ඉන්නවා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. ඒත් මෙහෙම දකිනකොට දුකයි අයියේ. මාරම හැඟීමක් දැනෙන්නේ. ඒකයි මෙහෙම දැම්මේ මං. සොරි ඔයාගේ කතාවට මෙහෙම දැම්මට. ඒත් මේ කතාව මට මාරම විදියට දැනුනා…..

  15. Buddhika subhashini

    ගොඩක් ලස්සනයි කතාව අයියේ ??? ..හැමදාමත් ලස්සනයි …??.good luck අයියා & අක්කි ?️?️?️?️?️?️

    1. පිරිත් ගෙදර ඉවරද.. නිදි මරන්න එපා වැඩිය පරිස්සමෙන් ඉන්න ඕනේ මේ දවස් වල බොහොමත්ම ස්තූතියි මේ ලෙන්ගතුකමට nangiya තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. Buddhika subhashini

        අම්මේ ඉවරයි අයියේ ☺️☺️ ඊයේ හොඳට නිදා ගත්තා..ගොඩක් පරිස්සමෙන් ඉන්නවා අය්යේ….තෙරුවන් සරණයි අයියේ ???

  16. හඩද්දී නුඹේ පපුතුරෙහි හැංගී.
    දැනුනා මහමෙර තරම් ආදරේ ….
    කියා ගන්නට නොහැකි උනත්… සිතනව ඇති නුබත් මට ආදරෙ…

    වෙන කෙනෙකු නුබ ලග දැවටෙන
    විටදි බෑ මට ඉවසන්නට
    නුබ අයිති මට පමනය…
    කිසිදා වෙන් නොවන ලෙස..

    ලස්සනයි සිත්මි අක්කියො…..
    පන්සල් ගියපු කොටස නම් ගොඩක් හිතට දැනුනා…..
    තමන් ආදරේ කරන කෙනා එක්ක පහනක් පත්තු කරද්දි දැනෙන ඒ සතුට ඇත්තටම කියා ගන්න බෑ….. …
    තෙරුවන් සරණයි අයියේ … අක්කියෝ..
    හැමදාමත් සතුටින් ඉන්න…

    1. ඉතින් මාෂි නංගියෙ අම්මගෙන් අවසරයක් ඉල්ලගෙන එක පාරක් හරි යන්නකෝ පන්සලට ගිහිල්ල එන්න ඔයාගේ ආදරවන්තයා එක්ක ගිහිල්ලා අපටත් බලන්න පොටෝ එකක් ගහලා එවන්න.. හරිම ආදරණීය හරිම ලස්සන කවි පද ටික නං ගියා මං ඒකට කරන රිප්ලයි එක මොකක්ද කියලවත් මම දන්නේ නැති නිසා මේ වගේ කොමෙන්ට් එකක් දාන්න ඒක නිසා තරහ වෙන්න බෑ හරිද.. මේක හැංගිලා තියෙන දක්ෂකම් කොච්චර තියෙනවද අර රුවන්තික එතකොට ඔයා තව කට්ටිය කොච්චර ඉන්නවද ඇයි ඔයාලා ඔයාලගේ දක්ෂකම් අපි වගේ මේ විදියට පෙන්නන්න නැත්තේ අනේ ඔයාලත් මේ වගේ කෙටි කතාවක් ලියන්න.. මේක අයියාගේ ආදරණීය ඉල්ලීමක්.. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. අයියේ පොඩි ප්‍රශ්නයක් තියනවනේ….
        මම එයා එක්ක පන්සල් ගියා අයියේ …. ඒ උනාට එයා මං එක්ක තනියම යන්න බයයිනේ. ඒකට මොකද කරන්නේ…. අම්මත් යන්න ඕන එයා ආවම පස්සෙන්….. ??????

  17. හපොයි …… අද අන්තිම කොමෙන්ට් එක මගෙන්ද…… අද නම් මාරම සතුටක් දැනෙන්නෙ….. හෙටත් අන්තිම කොමෙන්ට් එක දාන්න ඔන .??????
    (????????????)

  18. Hashini Navanjana.

    මට නම් හොඳටම තරහා ගිහින් ඉන්නේ දැන්…. ? ??
    ඇයි අනේ මේ අභී අර හෝන්තුවගේ විකාර බලන් ඉන්නේ… දෙන්න තියෙන්නේ හොම්බට හැටක්…. ????

    මං නම් කීයකට වත් මගෙ අයියා දිහා වෙන කෙල්ලෙක්ට බලන්න වත් දෙන්නේ නෑ. එහෙම බැලුවත් ගොඩාක් තරහා යනවා මට. අයියත් හරි ආසයි මාත් එක්ක බයික් එකේ එහෙම යනකොට කෙල්ලෙක්ට හෝන් පාරක් දාලා එහෙම මාව අවුස්සන්න. එතකොට නම් ඉතිම් එයාගෙ පිට ඉවරයි නියපොතු පාරවල් වලටම. ????

    තරූ නෙවෙයි කවුරු ඉදියත් අභී මොකටද ඒ රෝශිනීට ඕනි දේවල් කරන්න දෙන්නේ. තමන්ගෙ කියලා හිතෙන දෙයකට වෙන කෙනෙක්ගෙ බැල්මක් වත් වැටෙන්න දෙන්න හොඳ නෑ. මං නම් එහෙමයි. ???

    ඒත් සිත්මි අක්කියෝ ඔයා හරීම ලස්සනට ලියනවා. ??? කියවන්න කියවන්න තව තවත් ආස හිතෙනවා. ??? අභී දැන් ඔහොම බලන් ඉදියට ඉස්සරහට නම් එහෙම වෙන්න දෙනකන් නෑ නේද. ??? ඔය රොශිනීට හොඳ පාඩමක් උගන්නන්න ඕනි ආයේ මනුක ඉන්න පැත්තක් බලාගෙන බත් කටක් වත් කන්න බැරි වෙන්න… ???

    අක්කි මේ… ඒක නෙවෙයි… දකුණේ භාෂාව අනිත් පැතිවලට වඩා ලොකු වෙනසක් තියනවනේ… ??? ඉතිම් මං කතා ටයිප් කරනකොට හරි පරිස්සමින් තමයි ටයිප් කරන්නේ. ගොඩක් වෙලාවට අපේ වචන ටයිප් කරලා ආයෙත් කපලා වචනෙ වෙනස් කරනවා. ??? විශේෂයෙන් ඔය ලේස්ති කියන වචනය. ඒක කිවුවම මෙහේ ( නුවර ) අය හිනා වෙනවා අප්පා. ??? ඒ නිසා මං අමාරුවෙන් හිතලම ලැහැස්ති කියලා ටයිප් කරනවා. කතා කරනකොටත් එහෙමයි. ඒත් ඔයා එහෙම වෙනස් කරන්න ගිහින් නෑ. අපේ භාෂාවෙන්ම ලියලා. ඒ නිසා මට තවත් හිතට දැනෙනවා මේ කතාව. ඔන්න මමත් ආයේ නම් වචන වෙනස් කරලා අමාරුවෙන් ටයිප් කරන්නේ නෑමයී… ???

    සිත්මි අක්කියෝ ඔයාගෙ වගේම සුමී අයිගෙත් හැම වැඩක්ම ගොඩ ගොඩාක්ක්ක් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ❤❤❤ ප්‍රාර්ථනා කරනවා ???
    Best of luckkkk ????

    තෙරුවන් සරණයි ???? ඔයාලා දෙන්නටම
    ?❤?❤?❤

    1. ඔයා දන්නවද නංගි මාත් කතාව ලියද්දී ගොඩක් පරිස්සම් වෙනවා මොකද අපි කතා කරන සමහරක් වචන අනිත් පළාත්වල කට්ටියට විහිලුවක් වෙන නිසා.. අපේ වචන ගොඩක් වෙනස් නිසා අනිත් පළාත වල වචනත් එක්ක වෙනසක් පේන ඒ නිසා මං ගොඩක් පරිස්සම් වෙන ඒ වචන කියද්දී.??? ඒකනේ ඔය දෙන්නගෙ ආදරේ ලස්සනට ගලාගෙන යන්නෙ එහෙම තමයි ඉන්න ඕන…. අපිට ඉතින් ඔය ලව් සීන් නැහැනෙ අපි බැලුවොත් නිතරම නිදි සීන් .. ??. අනිවාර්යෙන්ම නං ගියා ආදරේ කරද්දි තමන්ගේ කෙනාට විතරක් තමයි ආදරේ කරන්න එතකොට එයා ආදරේ සාර්ථක වෙනවා ඔයාගේ ආදරණීය කොමෙන්ට් එකට බොහොමත්ම ස්තූතියි හරිම ලෙන්ගතුයි නම් කියයි කොමෙන්ට් එකට මං මේ සුමිත් boy කියන නම වෙනස් කරන්න හදන්නේ ඔයාලා ගොඩක් මට අයියා නෙ කියන්නේ වෙනස් කරාට කමක් නෑ නේද
      බුදු සරණයි නංගි යකෝ අපට ඉක්මනටම කතාවක් දාන්නෙ නැද්ද හැමදේකටම බොහොමත්ම ස්තූතියි රෝස කැකුළු මතක් කරා කියන්න තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

      1. Hashini Navanjana.

        ඒක ශෝයී… සුමිත් අයියා කියලා දාන්නද හදන්නේ….. ??? මට තවම හරියට නිදහසක් ලැබුනේ නෑ අයියේ. දූ පැටියා බලන්න දවසෙන් දවස කවුරු හරි එනවා මං කතාව ලියන්න පටන් ගන්න හැදුවොත්…
        ??? කෙටි කතාවක් හරි දාන්න ට්‍රයි කරන්න ඕනි… ???

        Good afternoon ? අයියේ
        බුදු සරණයි ????
        ????

      2. Buddhika subhashini

        මාත් නුවර හොඳද අයියේ ???? අපි කතා කරන විදිහට පිට පළාත් වල අය හිනා වෙනවා..ඒත් ඉතින් මම නම් වෙනස් කරන්නේ නෑ අනා කතා කරන විදිහ..??? එක එක පළාත් වලට එක එක ආවේණික භාෂාවන් තියනවා…ඒක වෙනස් කරන්න හොඳ නෑ අනිත් අය ඒවට හිනා වෙන්නත් හොඳ නෑ..අපි හැමෝම සිංහල ජාතියනේ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.