Katha Ahura

පින්වන්ති මා| 14 වෙනි දිගහැරුම|නවකතාව

5/5 - (1 vote)

පින්වන්ති මා

14 කොටස

පන්සල් ගියාට වඩා සතුටින් තමයි මම එනකොට ආවේ .මොකද අයියා මාත් එක්කම හිටපු නිසා .ඒ නිසාම රෝෂි ටිකක් විතර සයිලන්ට් වෙලයි හිටියේ .

” අභී ….අද රෑට කොත්තු කමුද….”

පන්සල් ගිහින් එන ගමන් තරූ අක්කා ඇහුවේ මගෙන්.උත්තරයක් නොදීම මම බැලුවේ අයියා දිහා .

” අභී …කැමතිද ….”

මම ඔව් කියලා අයියා දිහාට හැරිලා ඔළුව වැනුවා .

” සුදු අයියේ …එහෙනම් රෑට කොත්තු අරන් යමුකෝ ….”

කෙල්ලෝ තුන් දෙනාම අයියට දඩ ගහලා ඕන ඕන දේවල් ඉල්ල ගත්තා .

” මේ කෙල්ලො නම් ඔක්කොම එකයි.අද මාව විකුණගෙන කෑවා ….”

අයියා එහෙම කිව්වත් අද එයා හිටියේ ගොඩක් සතුටින් .

ඇඟට මහන්සි දැනුණත් ,කකුල් රිදෙන්න ගත්තත් මම ඒ හැම දෙයක්ම ඉවසගෙන ගෙදරට වෙනකම් ආවේ තවත් අයියට කරදර කරන්න බැරි නිසාම .

” සුදු ….මාධව එනවද රෑට ….”

” ආ…ඔව් අයියේ …එයා දැන් මග එන ගමන්…”

මාධව කියන්නේ තරූ අක්කගේ මහත්තයා . එයා ආවම නම් රෝෂි ඉඳීවි සද්දයක් නොකරම .

” සුදු නංගා එහෙනම් මාධවත් ආවම කමු නේද කට්ටියත් එක්කම….”

” ඔව් අයියේ …එයත් අභී බලන්න ඕන නිසාමයි අද එන්නේ….”

” හැමෝම එන්නේ අභී බලන්න විතරද සුදු … දැන් මාව අමතකද කට්ටියට….”

” අනේ මගේ හොඳ සුදු අයියනේ…..ඔයාව එහෙම අමතක වෙනවද….”

තරූ අක්කා අයියගේ බෙල්ල බදාගන්න ගමන්ම එහෙම කිව්වා .ඒ අයියගෙයි නංගිගෙයි බැඳීම හරි ආදරණීයයි .

අයියා මට සැලකුවෙත් ඒ විදියටම .ඒත් මට බෑ අයියව සහෝදරයෙක් විදියට පිළිගන්න .

මට ඕන හැමදාටම එයාගේ වෙලා ළඟින් ඉන්න .ඒ තරමටම මම අයියට ආදරය කරනවා.

” අභී ….වොශ් එකක් දාගෙන එන්න … සුදු ඔයාලත් වොශ් එකක් දා ගන්න …මාධව එනකම් කට්ටියම කයියක් දාගෙන ඉමු…”

” සුදු අයියේ ….ලැප්ටොප් එක දෙන්න මට ෆිල්ම් එකක් බලන්න ….”

රෝෂි අයියගෙන් ලැප්ටොප් එක ඉල්ලුව්වාම මට පුදුම තරහක් ආවේ .ඒත් ඉතින් නොදී බෑනේ .

” අභී ගේ කාමරේ ඇති.ගන්න නංගි ….”

අයියා එහෙම කිව්වම රෝෂි නැගිටලා ගියේ මගේ කාමරේට .මාත් ගිහින් වොශ් එකක් දා ගත්තේ එයාව ගනන් වත් නොගෙන .

බාත්රූම් එකේදී තමයි දැක්කේ මගේ කකුල් ඉදිමිලා තියෙනවා .ඒ මම ගොඩක් දුර පයින් ගියපු නිසා වෙන්න ඇති.

මම ඇඳුමකුත් දාගෙන සාලෙට ආවේ රෝෂි ට ඕන දෙයක් කරගන්න දීලා .තරූ අක්කත් ඒ වෙනකොට වොශ් එකක් දාගෙන ඇවිත් හිටියේ .

මම වටපිට බැලුවේ අයියව පේන්න නැති නිසා .

” අභී ….මොනවද වස්තුවේ ඇස් කරකව කරකව හොයන්නේ ….”

තරූ අක්කා එහෙම ඇහුවම මට ලැජ්ජ හිතුණා .එයාට තේරෙන්න ඇති මම හොයන්නේ අයියව කියලා .

” අයියා වොශ් එකක් දානවා බබා….”

මම තරූ අක්කත් එක්කම ටීවී එක ළඟින් වාඩි වුණා .ඒත් එක්කම වගේ තමයි ගෙදර බෙල් එක වැදුණේ.

” ඕන් මාධව ඇවිත් වගේ…. අභී එන්න මාත් එක්ක යන්න ගේට් එක ළඟට . . ..”

තරූ අක්කා එහෙම කියලා මාවත් එක්කගෙන ගේට් එක ළඟට ආවා .කාර් එකත් ඇතුලටම අරගෙන මාධව අයියා අපි ළඟට ආවේ හිනා වීගෙනම.

” සුදු නෝනා….මාව අඳුන්වලා දෙන්නේ නැද්ද අභී ට…..”

මාධව අයියා ඇහුවේ තරූ අක්කගේ කරට අතක් දාගෙනම.

” ඔයාව එන්න කලින්ම මම අඳුන්වලා දීලා ඉවරයි නේද අභී ….”

අක්කා එහෙම කිව්වම මම අයියා දිහා බලලා හිනාවුණා .

” අභී …කොහොමද නංගී ….”

” හොඳයි අයියේ ….”

” සුදු නෝනා කියපු තරම් නම් දඟ මල්ලක් නෙමෙයි වගෙයි නේද …”

” ඒකම තමයි මහත්තයෝ මමත් අයියට කිව්වේ .බලන්නකෝ මෙයා හරි අහිංසකයි නේ…”

” මෙහේ හොඳ යිද අභී ….”

මාධව අයියා ඇහුවේ මගේ ඔළුව අතගාලා.

” හොඳයි අයියේ ….”

” ටික ටික සාමාන්‍ය ජීවිතේකට හුරු වෙන්න අභී ….ඔයා අපි හිතුවටත් වැඩිය ඉක්මනට ගොඩක් වෙනස් වෙලා…..

ගොඩක් සතුටුයි ඔයා ගැන…..”

ඒ කියන්නේ මෙයාලා හැමෝම දන්නවා මම ගැන .රෝෂි ඇරෙන්න අනිත් හැමෝම මට එයාලගෙම නංගි කෙනෙක් තරමටම ආදරෙන් සැලකුවා .

රෝෂි මොන තරම් නපුරු කම් කරත් මම හිටියේ ගොඩක් සතුටින් .අපි ඇතුලට එනකොට අයියත් වොශ් එකක් දාගෙන ඇවිත් හිටියේ .

” අයියේ ….”

මාධව අයියා අයියව වැළඳ ගත්තේ ගොඩක් ආදරෙන් .අම්මලා තාත්තලා කවුරුත්ම නැති වුණත් සතුටින් ඉන්න පුංචි පවුලක් ඒක.

” මල්ලි …වොශ් එකක් දාගෙන එන්න කොල්ලො …..මහන්සි ඇතිනේ ඔයාට ….”

” ඔව් අයියේ ….ටිකක් මහන්සි …..අභී බලන්න ඕන නිසාමයි මම ආවේ ඔන්න ….”

” අපොයි …මේ කොල්ලත් ඇවිත් තියෙන්නේ අභී බලන්න විතරද…..”

අයියා ඇහුවේ මූණත් ඇද කරගෙන.

” මහත්තයෝ …අද අයියා දුකෙන් ඉන්නේ හොඳේ ….”

” ඇයි සුදු නෝනා ….”

” හැමෝම ඇවිත් තියෙන්නේ අභී බලන්න විතරනේ…..”

” ඇති ඇති දැන්…සුදු නංගී ..මේ කොල්ලව එක්කන් යන්න වොශ් එකක් දාන්න …”

” අමතක වුණානේ අයියේ . …”

” අද ඔයාලා දෙන්න මගේ රූම් එකේ ඉන්න …”

” අයියේ ….එතකොට රෝෂි ….”

” එයාට අභී එක්ක ඉන්න කියමු ඒ රූම් එකේ…”

තරූ අක්කා මාධව අයියත් එක්කම අයියගේ රූම් එකට ගියාම සාලෙ තනි වුණේ මමයි අයියයි විතරයි .

අයියා ටීවී එකත් දාගෙන සැටියෙන් වාඩි වුණාම මමත් ගිහින් අයියා ළඟින් වාඩි වුණේ එයාගේ ඇඟේ ගෑවෙන තරමටම ළන් වෙලා .

” අභී …..”

” ම්ම්ම්ම්…..”

” මහන්සිද අද ඇවිදලා….”

” මහන්සි ටිකයි අයියේ ….”

කකුල් දෙකම ඉදිමිලා වේදනාවෙන් රිදුම් දුන්නත් අයියට කියන්න ගියේ නෑ මම.හැම වෙලාවෙම එයාට කරදර කරන්නත් බෑනේ .

” අයියේ ….”

” ම්ම්ම්ම්ම් ඇයි අභී …..”

මම මුකුත්ම නොකියා අයියගේ උරහිසින් ඔළුව තියාගත්තා .

” අනේ…අනේ…..මගේ කෙල්ල ඇරියස් අල්ලනවා වගේ….”

අයියා හිතලා කිව්වේ නැති වුණත් අයියට ඒක කියවුණා .’ මගේ කෙල්ල ‘මම නැවත නැවත ඒ වචනය හිතින් කීප වතාවක්ම උච්චාරණය කරා.

අයියට මම ගැන පොඩි හරි හැඟීමක් තියෙනවා කියලා මට දැනෙනවා.ඒත් එයාට ඕන වුණේ ඒ බවක් මට නොපෙන්වා ඉන්නමයි.

මගේ නලල ලාවට සිපගෙන අයියා ටීවී බැලුවා .අයියට මේ විදියට තුරුල් වෙලා ඉන්න හැම මොහොතකම මට ලොකු සැනසීමක් දැනුනේ .

” අභී…..සුදු නංගා එනවා …..”

අයියා එහෙම කිව්වා විතරයි මම බයවෙලා අයියා ළඟින් ඉවත් වුණා .

” හූ….හූ….බය වුණානේ…..”

අයියා බොරුවක් කියලා මාව බය කරලා.මම අයියා ළඟට ගිහින් අයියගේ කනක් රිදෙන්නම මිරිකුවා.

” ආ..වු…අභී…..නපුරු කෙල්ලේ… රිදෙනවා බං..”

අයියා මට බැන බැනම මාව ඇදලා අරන් ආයෙම ළඟින් වාඩි කරවගෙන ටීවී බැලුවා . කෝකටත් කියලා මම ටිකක් අයියගෙන් ඈත් වෙලයි වාඩි වුණේ .

” ඇති ඔහොම බය තිබුණොත් සුදු නංගිට …. කියන්න ඕන තව සතියක් වත් එයාට මෙහේ ඉන්න කියලා …..

බලන්න බැරිය එතකොට කෙල්ල හුරතල් වෙන්නේ කෝමද කියලා …..”

අයියා මගේ දිහා බල බලම මට විහිළු කරා. සැටියේ තිබුණු කුෂන් කොට්ටයක් අරගෙන මම අයියට ඒකෙන් දමලා ගහනකොටම එතනට ආවෙ තරූ අක්කයි මාධව අයියයි.

ආයෙත් එන්නම්

53 thoughts on “පින්වන්ති මා| 14 වෙනි දිගහැරුම|නවකතාව”

    1. Nethmi Samarasekara

      Onna kalekin 1 st comment eka dawa….???????????????????????????????????????????? kathawa kiyawalama ennamko…???????????????❤️❤️❤️❤️❤️????????????????????????

        1. Nethmi Samarasekara

          Harima lassanai aiye kathawa. Dan thama kiyewwe. aiya Oyage atha ikmanatama sanipa wenna kiyala parthana karanawa. Atha hoda unama reply karannko… budusaranai????????????????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️?????????????️?️?️????

          1. Dan nam aduyi nangiya mama hithanne atha haduna ekayi thawa dawasak yaddi hodatama hoda wawe dig reply na hode wachana kotaddi amaruyi thank you so much nangiya budusaranyi

      1. Ruwanthi Lakshani

        අභීට මනුක හොද අයියෙක් වාගේ…..
        මටත් හිටියා නම් අයියෙක් මේ වාගේ….
        දුකයි නෙතට කඳුලක් ගැලුවා මාගේ…..
        ?????????????
        අභී හොද කෙල්ලෙක් වූවා සේම…..
        හොද අයියා කෙනෙක් ඉන්නා හැම තැනම….
        නංගිව රැක ගනී පන රැක්කා සේම….
        ?????????????
        සුමි අයියෙ කතාව හිත තුල රැදුනා….
        එයින් ගන්න බෝ දේවල් තිබුනා….
        අපට මෙවැනි ලස්සන කතා දෙන හින්දා…
        ඔබට කෙලෙස ස්තූතිය පුද කරන්නද මංදා….
        ????????????
        සැමදා කතාව පැමිනෙන තෙක් අපි ඉන්නේ….
        අමුතු බැඳීමකි අප තුළ ඇත්තේ…..
        මේ බැඳීම ඉදිරියටත් එලෙසම ඇත්තේ….
        ඔබට ජයෙන් ජය වේවා මං පැතුවේ…
        ???????????

        1. Harima lassnyi nangiya Eth Ada nam aiyyata reply karanna Bari wawe atha tikak redenawa nnagiya thawama thank you so much nangiya budusaranyi oyata

  1. Kathawa shoi akki oyaa lassanata kathawa liyala. Kathawa kiyawaddi godaak aasawen thama kathawa kiyawanne. Good luck budu saranai parissamin inna oyala dennama

  2. mona kiynnd app kathwa marm lassnai manuka & abhi shoe anee niyma couple eka??? kiyww kiywnn kathwa asawa wadi wenwa good luck akkiooo e wagema mta loku comment me dwaswla dann bari wuna anee sorry aye dwska dnnmko lokuuuuuuuu comment akk ayyt kiywlama epa wenn bs ehenm oylt hama wdakm sarthka wenn kiyl hadwathim parthma kanwa ???

  3. Hari lassani ane kathawa.hamadama comment nokalata rate danawa hode…kiynna wachna na kathwa gana nam…supiriiiii..pattaiiiii…ammoòohhh….ane plzzzz tikak diga koyas dannakoooo plz plz plz plz plz plz plz pl plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz…….

    1. Ane nangiya mama thamyi oya kotasa hadala danne nangiya ohita wada podi ewa dala thibbe samawenna Mata ekata hode .. thank you so much nangiya budusaranyi oyata

  4. Chadi kaveesha

    Roshi ekkada Abhita nida ganna venne…..Abhiv thallu karavida dan naa aden bimata ?? lassanai adath kathava……good luck akki…. තෙරුවන් සරණයි oyala dennatama….

  5. Thilini Navodya

    අනේ හරිම ආදරණීයයි ❤️❤️❤️මේ කතාව.පුදුමයක් නෑ අභී වෙනස් උන එක.මේ තරම් ආදරයක් ලග කිසිම හදවතකට නපුරු වෙන්න බෑ.දැන් අභී මනුකට ආදරෙයි කියල අපි දන්නවනෙ.ඒත් මනුක….. ??? එයාගෙ හිතේ තියෙන්නෙ ආදරයක්ද? සහෝදර කමක්ද? ඒක තේරුම්ගන්න මට ටිකක් අමාරුයි???.කමක් නෑ අක්කෙ ඔයාම ඒ ටික තේරුම් කරල දෙන්නකො???.අර රෝෂි නම් හරියන එකක් නෙමේ??????.මට නම් පට්ට ගැහුවැකි??.මං අභී උනානම් රෝෂිට උදාවෙන කල දසාව හරිම නරක එකක් වෙයි???.කොහොම උනත් කතාව හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් තමයි කියවන්නෙ.හැමදාම බලන් ඉන්නව 6 වෙනකන්.ඒත් කොහෙද මේ කතාවෙ පලවෙනි කමෙන්ට් එක දාන්න ඔලිම්පික් වල රේස් එකක් දුවනවට වඩා තරගයක් තියනවනෙ????.ඒ ඉතින් ඔයාගෙ දක්ෂකම තමයි අක්කෙ??.ඔයා මේ කතාවෙ චරිත ගලපල තියන විදිහ මාරයි.හරිම ලස්සනයි අක්කෙ හැමදේම ඔයාටයි සුමිත් අයියටයි මගෙ මුළු හදවතින්ම සුබ පතනව??????❤️??

    1. Ada nam aiyyata lassna reply ekak denna ba hode atha redenawa nangiya.. thank you so much nangiya budusaranyi oyata heta hidala ayth dannam lassan reply

  6. Buddhika subhashini

    කවුද අප්පා මෙච්චර ලස්සන කතාවකට bad rate දාන්නේ ??? හොඳ දෙයක් කරද්දී කොහොමත් ඉන්නවා අකුල් හෙලන්න කට්ටියක් ??
    කවුරු කොහොම bad rate දැම්මත් අපි ඉන්නවා අයියේ ඔයත් එක්කයි සිත්මි අක්කි එක්කයි ?????
    හැමදාමත් වගේ අදත් ගොඩක් ලස්සනයි අයියේ කතාව ??
    අර මලහෝන්තු රෝෂී කපලා දාන්න හොදේ ඉක්මනින් ????
    Good luck අක්කි & අයියා ???️?

  7. අයියෙකුගෙයි නංගියෙකුගෙයි බැදිම හරි ආදරනියය.. එත් අක්කෙක් හිටියනම් හොදයි කියලා හිතෙනවා.

    1. නැහැ මල්ලියා අක්කා කෙනෙක්ගේ බැදීමට වඩා අයියා කෙනෙක්ගෙයි නංගියෙක්ගෙයි බැදීම ගොඩක් ආදරනීයයි……
      අයියා කෙනෙක් ඉන්න නංගියෙක් ජීවත් වෙන්නෙ රැජිනක් වගේ….
      ඒ තරම් ආරක්ෂිතයි…..අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ ඒ නංගිටවෙන මොනවත් ඕන නැහැ … හැබැයි ඉතින් අයියත් ආදරෙන් ඉන්න ඕන නංගිට….
      තෙරුවන් සරණයි මල්ලියා

  8. Ashka Rashmi

    හපොයි…ඒ කියන්නෙ රෝශියි අභියි එකම කාමරේද ඉන්න වෙන්නෙ…මරු මරු?? අභීට තියෙන්නෙ රෝශිට හොද වැඩක් කරන්න…කාටවත් දැනෙන්නැති වෙන්න…නැත්තං මනුකට හොද නෑනෙ….හරිම ලස්සනයි අක්කි කතාව…තරූගෙයි මනූගෙයි තියෙන්නෙ හරිම ආදරණීය සහෝදර බැඳීමක්….මාත් ආස අයියා කෙනෙක්ට..ඒත් මට අයියා කෙනෙක් නෑනෙ…එතකොට ඉතින් අයියලා ඉන්න නංගිල ගැන මට පොඩී ඊරිසියාව ක් ඇතිවෙනවා…? ඔයා ගැනත් එසේමයි සිත්මි අක්කියෝ… ඒත් ඉතින් මට නැති ඒ ආරක්ශාව ඒ ආදරය ඔයාට ඕනවටත් වැඩියෙන් තියෙනවනෙ…මට සතුටුයි ඔයා ගැන…හැමදාම ඔයාලාගෙ මේ බැදීම තව තවත් ශක්තිමත් වෙලා සදාකල්ම හොද අයියයි නංගියි වෙලා ඉන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කි ?❤ අයියටයි ඒ අයියගෙ නංගිටයි දළදා සමිදු පිහිටයි ❤️

    1. Onna thawa wenna epa aiyyata Ada reply eka lassnata Danna Bari unata sinhal akuru walin liyannath ba nnagiya redenawa heta wena Kota Hari yavi heta hidala ayth ennam ko harida thank you so much nangiya budusaranyi oyata

  9. මගේ නංගිලා මල්ලිලා අක්කලා. ඒ මං සෙල්ලම් කරද්දි මගේ අතට පොඩි ඩැමේජ් එකක් වුණ හින්දා. මට ඕගොල්ලන්ගේ මේ කමෙන්ට් වලට රිප්ලයි කර ගන්න බැරුව ඉන්නේ ඇත්තටම වම් අතින් කොටන්න ගියාම අකුරු හරිම අමාරුයි මේ කොමෙන්ට් එකක් දාන්න මට මාර වෙලාවක් ගන්න වුණා.. අනෙ කොමෙන්ට් නොකර inna එපා මගේ රිප්ලයි නැහැ කියලා මං අනිවාර්යෙන්ම ඉක්මනටම දානවා බෙහෙත් දාල තියෙන්නෙ හොඳේ තෙරුවන් සරණයි සියලුම දෙනාට ම සතුටින් පරිස්සමින් ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තුතියි

    1. Thilini Navodya

      අයියෙ ඔයාට ගොඩක් අමාරුද? පරිස්සමින් ඉන්න අයියෙ.ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ඔයාගෙන් රිප්ලයි නෑ කියල අපි කමෙන්ට් කරන්නෙ නැතුව ඉන්නෙ නෑ අයියෙ.දානව මාගලක් වගේ කමෙන්ට් එකක්.ඔයා ඉක්මනට සනීප වෙන්න අයියෙ පරිස්සමින් ඉන්න.බුදු සරණයි.

      1. අමාරුයි කියන්නේ නං ගියා අත ටිකක් ඇදිලා තියෙන්නෙ උත්සන්න බැරුව ඉන්නෙ මං මේකත් වම් අතින් කොමෙන්ට් කරන්නේ.. හෙට වෙනකොට හරියාවි හෙට වෙනකොට මේ ඔක්කොටම රිප්ලයි කරනවා මං හොඳේ තෙරුවන් සරණයි නංගී බොහෝමත්ම ස්තූතියි මේ ලෙන්ගතුකම

        1. චූටි අයියේ… ඔයාට ගොඩක් අමාරු නැහැ නේද…. ම්ම්ම් ????
          ඉක්මනටම සනීප වෙනවා චූටි අයියේ ඔයාව…. තෙරුවන් සරණයි අයියේ පරිස්සම් වෙන්න තව ටිකක් හොදේ …

  10. යාලුවනේ ඔයාලට මතකද මම කෙටිකතාවක් දැම්ම හුස්ම සේ ලං වෙලා. මගේ අලුත් පද රචනය සිංදුවට.. අන්න ඒ සින්දුව අද හිරු fm එකේ අවුට් වුණා ඔයාලටත් පුලුවන් විරුවෙක් මේ ලින්ක් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරන්න ගූගල් එකට ගිහිල්ලා hirump3 kiyala gala eke athi ( Jeewithe Oyatamai ) download කරලා සින්දුව අහල හොද නරක කියන්න මට.. ගූගල් එකේ ඔය නම ගහලා ගැහුවත් ඔයාලට ඒ සින්දුව ගන්න පුළුවන් තෙරුවන් සරණයි

    1. Ashka Rashmi

      මේ…දැන් අත රිදෙනවා කිව්වා නේද…?එහෙනං ටිකක් රෙස්ට් කරන්න…හෙටවත් අපේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න බැරි වෙනවා අද අත තවත් තුවාල උනොත්…වම් අතින් කමෙන්ට්ස් දාන්නත් දැන්ම ඉදන් හුරු වෙන එක හොදයි එක අතකට..? ඒත් අයියා මහන්සි වෙන්නැතුව ඉන්න….මදැයි ක්‍රිකට් ගහන්න ගියා..? බෝලෙට ගහන්න පිත්ත තියෙද්දි අත පාවිච්චි කලාම ඕම තමා ඉතින්…ස්ප්‍රේ එකක් ගහගන්න…ඒකට ඉක්මන්ටම සුව වෙනවා…දැන් ඉතින් දෙයියනේ කියලා අත පැත්තකට දාලා නිදාගන්න…ඉක්මන්ටම හොද වෙයි ඔයාට…ඕන්න බලන්නකො හෙට වෙද්දි ඔය අත සම්පූර්ණයෙන්ම නැතත් ගොඩක් දුරට හොද වේවි….painkillers ගන්න අමාරුව වැඩි උනොත්…දෙවි පිහිටෙන් අයියට ඉක්මන්ට සනීප වෙයි…බුදු සරණයි❤️❤️

      1. Hehe me kella nam harima dagayi .. Dan nam aduyi Eth atha ussanna amaruyi phone eke bed eke thiyala kotanne sinhala akuru walin amaruyi nisa meme danne hehhe oya shok nangiya budusaranyi oyata

  11. Ruwanthi Lakshani

    එහෙම ද ඒත් අපි බැලුව සුමි අයිය reply කලේ නැත්තේ ඇයි කියලා. ☺☺☺☺☺ ඉක්මනට හොද වෙන්න පස්සේ reply කරන්න….
    බුදුසරණයි…?????

  12. Hashini Navanjana.

    ආදරනීය අභී…. ???

    මගේ චූටි කෙල්ලේ….
    ඔයාගේ ඔය හුරතල් දග වැඩ
    තවත් මං කොහොම නම් ඉවසන් බලා ඉන්නද…..

    මගේ හිතේ හැගුමන්
    නුබට හොරෙන් සගවන්
    තව කෙතරම් කාලයක්
    මෙලෙස විදවන්නද…..

    ඒත් මගෙ පැංචියේ…..
    නුබ තවම කැකුලකි පිපෙන්නට වෙර දරන
    මේ කුරිරු සමාජෙට නුබ තවම
    පොඩි වැඩියි…..

    ඉගෙන ගත් දිනක නුබ
    නොසැලී සිටින්නට එහි
    එදාට මගේ ආදරේ
    ලැබෙයි අඩුවක් නැතිව…..

    ….මනුක….

    ඉතිම් අක්කියෝ අදත් ගොඩාක් ලස්සනයි කතාව. ????
    අනේ අර සක්කරවට්ටම ලගට නම් අභී දොයියන්න යන්න එපා. එයාට තනියම ඉන්න දීලා මනුක ලගින් දොයි ? ගත්තා නම් හරි…….. ????

    නැත්නම් රෝශිට නින්ද යනකල් ඉදලා ඇදෙන් බිමට ඇදලා දාන්න ඕනි… ???
    මට පෙනෙන්න බෑ ඔය රෝශිව……. ???

    මනුක කෙල්ලට ආදරෙයි නේ…
    ??? ඒත් එයා ඒක පෙන්නන්නේ නෑ… කෙල්ල හැම දේටම පුරුදු කරලා ඒ ගැන කියයි… ???

    අනේ… ඒත් සුමී අයියේ ඔයාට මොකද උනේ… ☹️☹️☹️ අයියට ගොඩක් රිදෙනවා ඇති නේද..
    ??? ඉක්මනින්ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ…. ???

    බුදු සරණයි ???? ඔයාලා දෙන්නටම ?❤?❤?❤

    1. Ane harima lassnyi nagiya Eth samawenna mechchara lassan comments ekata watinakamk denna Bari unu ekata atha redenawa nangiya mema Hari danne oyala nisa oyala balan Inna nisa Mata samwenna nangiya harima lassnyi budusaranyi thank you so much nangiya

  13. අද කොටසත් ලස්සනම ලස්සනයි සිත්මි අක්කි……???? කියන්න වචන නෑ… අභි එයාගෙ දුශ්ටයා රෝශී එකම room නේ.. ?? අභි එක්ක මොන කොක්කක් දාගනිද දන්නේ නෑනේ… ???
    අක්කි ලස්සනට කතාව ලියලා තියනවා… #All the best akki ??#
    තව මේ වගේ ලස්සන කතා ලියන්න සුභ පතනවා…
    අයියටත් ඉක්මනට සනීප වෙන්න කියලාත් ප්‍රාර්තනා කරනවා #Get well soon aiya ???#
    තෙරුවන් සරණය!!!ි… අක්කි…. අයියා….

  14. Nirosha Lakmali

    අභී ගැන හැමෝම දන්නවනේ. මේ රෝෂිව නම් අයින් කරලා දාන්න ඉක්මනට. අභී මනුකගේ. මනුක අභීගේ. හරිම ලස්සනයි අයියේ කතාව. හරිම ආසාවෙන් කියවන්නේ. හදවතින්ම සුබ පතනවා අයියටයි සිත්මිටයි.
    All the best….

  15. අනේ මට මේ දවස් ටිකේම මේ පැත්තෙ එන්න් බැරි උනනෙ… සමාවෙන්න ඕනි… ඊයේ රෑ ඉදන් කතා කියවන්නෙ..

    අනේ හරිම ආදරණීය අයියා කෙනෙක්… සිත්මි අක්කා ලියන්නැත්තෙ අයියා ගැන තම…
    සිත්මි අක්කිනම් ගොඩාක් ලකී…
    (මටත් ඉතිං පොඩි ඊර්ෂ්‍යාවක් නැතුවාම නොවෙයි… ?) අයියගෙයි අක්කිගෙයි මේ ආදරණීය සහෝදර බැදීම හැමදාමත් ඒ විදිහටම තියෙන්න ඕනි… හැමෝටම මේ වගේ චාන්ස් නෑ… අයියා කෙනෙක් ඉන්න නංගියෙක් ගොඩක් වාසනාවන්තයි…

    අභි රෝෂි එකට නිදාගන්න නේද හදන්නේ… දැනිතිං ඉවරයි… අභී මොනා නම් කරයිද දන්නෙ නෑ… මොනා නැතත් හොද පාඩමක් උගන්නන්න තියෙන්නෙ… ?

    කතාවනම් ශෝක්… පුදුම තරම් ලස්සනයි.. මොනා කියන්නද කියලා මටතේරෙන්නෙ නෑ…

    අයියගෙ අත ඉක්මනින් සනීපවෙයි අයියේ… වැඩිය ඒඅතින් මොකවත් කරන්න යන්න එපා… රෙස්ට් කරන්න හොදට… අපේ comment වලට reply නොකලා කියලා අපි අයියා එක්ක තරහා වෙන්නෙ නෑ…

    අයියටයි,අක්කිටයි දෙන්නටම බුදු සරණයි… හැමදාමත් සතුටින් ඉන්න…

    1. Samawena nangiya reply eketa watinakamk denna Bari ekata meme Hari reply ekek danne enne oyala balanne nathiwa inn Bari nisa oyala adaren Dana comments ekata reply Danna asa nisa Dan nam aduyi nnagiya thank you so much nangiya budusaranyi oyata hoda wela enanm ko reply dann adaren

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.