Katha Ahura

පින්වන්ති මා – 15 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

15 කොටස

අම්මෝ සුදු නෝනා මේ බලන්නකෝ….මේ චූටි කෙල්ල අහිංසක නෑනේ ….අපේ සුදු අයියට කරදර කරනවා වගේ මෙයා ….”

මාධව අයියත් එහෙම කියාගෙන ඇවිත් මගේ ළඟින්ම වාඩි වුණා .

” බලපන් කොල්ලො ….දැන් උඹ ඇස් දෙකෙන්ම දැක්ක නිසා හොඳයි මෙයාගේ අහිංසක කම….”

” ඒකනේ අයියේ …මම හිතුවේ සද්දේ නොකර ඉන්න විදියට අහිංසක හා පැටියෙක් වගේ කියලා ….”

” අපොයි ..මෙයා අහිංසක නෑ කොල්ලො ….මම තමයි ඉතින් පව්….”

හැමෝමත් එක්ක මට විහිළු කරද්දී මගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙලයි තිබුණේ .

” සුදු නෝනා ….කෝ අපේ හුරතලේ ….”

මාධව අයියා තරූ අක්කගෙන් ඇහුවේ රෝෂි ගැන .අනේ ඉතින් එයාගේ හුරතලේ ගැන මමනේ දන්නේ.

හුරතලේ නෙමෙයි ඒක මගෙ අයියව උදුරාගෙන යන්න ආපු මල සමයම.

” අන්න කාමරේට වෙලා අයියගෙන් ලැප්ටොප් එක ඉල්ලන් ෆිල්ම් බලනවා ….”

” සුදු නංගී …එන්න කියන්න එයාටත් ….කට්ටියත් එක්කම කාලා ඉමු….”

තරූ අක්කා ගියේ රෝෂි ව එක්කන් එන්න …

” කොල්ලො යමන් කෑම මේසෙට ….අභී ..යමු…”

අයියා මාවයි මාධව අයියවයි එක්කගෙන කෑම මේසෙට ආවා .මාධව අයියට නොපෙනෙන්න මම අයියගේ අතින් අල්ලලා එයාව පොඩ්ඩක් නතර කරගත්තා .

” ඇයි අභී …..”

මට බය හිතුණා රෝෂි අදත් අයියා ළඟින් වාඩි වෙයි කියලා .ඒ නිසා මට ඕන වුණේ අයියව මගේ ළඟින් ම වාඩි කරගන්න .

” මගේ ළඟින් වාඩි වෙන්න අයියේ …”

” අභී …බය වුණාද රෝෂි මගේ ළඟට එයි කියලා ….”

” බය නෑ මං….එයා කිව්වොත් ඔයාට කවන්න කියලා ….”

” අම්මේ….කෙල්ලගේ ඊරිසියාව ….”

මට විහිළු කරත් අයියා වාඩි වුණේ මගේ ළඟින් ම.රෝෂි ත් ආවා තරූ අක්කත් එක්කම.

” චූටි අයියා ….”

රෝෂි මාධව අයියව දැකපු ගමන් ගිහින් එයාගේ බෙල්ලේ එල්ලුනේ මටත් ඔරවගෙන. අනේ ඉතින් මට පාඩු වෙයි.මට වැඩක් තියෙද මාධව අයියගෙන්.

” ඇති ..ඇති …කෝලම්…දැන් තමයි අයියව මතක් වුණේ ..”

රෝෂි මාධව අයියා ළඟ වාඩි වුණ නිසා මම සතුටින් හිටියේ .කාලා ඉවර වෙලා වැඩි වෙලාවක් මාධව අයියා හිටියේ නෑ .මහන්සි කියලා එයා නිදාගන්න ගියා.

තරූ අක්කා අයියත් එක්ක කතා කර කර හිටපු නිසා මමත් ගියේ නිදාගන්න .අද වෙනදට වගේ අයියා ළඟ දැවටි දැවටි හුරතල් වෙන්න අවස්ථාවක් මට නෑ .

නිදන ඇඳුමකට මාරු වෙලා මම ඇඳට ආවේ කකුල් දෙක රිදෙන නිසා ඉක්මනින් නිදාගන්න ඕන කියලා හිතලා.කකුල් දෙකේ ඉදිමුම තාමත් අඩු වෙලා නෑ .

මම ඇවිත් ටික වෙලාවකින් රෝෂි ත් ආවා රූම් එකට.අද රෝෂි ත් නිදාගන්නේ මාත් එක්කම නිසා මම ඇයට ඇඳෙන් ඉඩ තියලා බිත්තිය කොනට ගියා .

රෝෂි බල බල හිටපු ෆිල්ම් එක ඉවර කරලා ඊළඟට දා ගත්තේ හොල්මන් ෆිල්ම් එකක්.

හෙඩ් සෙට් එක ගහගෙන ෆිල්ම් එක බලපු එයා හොල්මන් ෆිල්ම් එක දා ගත්තා විතරයි හෙඩ් සෙට් එක ගලවලා සද්දේ මුළු කාමරේටම ඇහෙන තරම් හයියෙන් දාගෙන ෆිල්ම් එක බලන්න පටන් පටන් ගත්තා.

මට බය හිතුණත් මම ඒ පැත්ත වත් බලන්නේ නැතුව ඇස් දෙක පියාගෙන තද කරගෙන හිටියේ .ඒත් සද්දේ මට හොඳටම ඇහෙනවා .

සැරෙන් සැරේ ඇහෙන විකාර සද්ද නිසා මම හොඳටම බය වෙලයි හිටියේ .

ඉවසලා ඉවසලා බැරිම තැන මම කොට්ටෙකුත් අරගෙන එළියට ගියේ සැටියේ හරි නිදාගන්නවා කියලා හිතාගෙන .

එතකොට සාලෙ කවුරුවත් පේන්න හිටියේ නෑ .අයියත් කොහේ ඉන්නවද කියලා වත් මම බැලුවේ නෑ .

මහන්සි නිසාම සැටියෙන් ඇවිත් හාන්සි වුණා .ඒත් මට බයයි මාව බිමට වැටෙයි කියලා .

කකුලේ වේදනාවටම නින්ද ගියෙත් නෑ .ටිකකින් මට ඇහුණා අයියයි තරූ අක්කයි කතා කර කර ඉඳලා එළියේ ඉඳන් සාලෙට එනවා.

මම ඉතින් සුපුරුදු පරිදි මගේ බොරු රඟපෑම පටන් ගත්තා .නිදි වගේම ඇස් පියාගෙනම හිටියා .මුලින්ම මාව දකින්න ඇත්තේ තරූ අක්කා .

” සුදු අයියේ …..

මේ බලන්නකෝ ….අභී මේ මෙතන නිදියන්නේ ඇයි …..”

” බලන්න සුදු …මේ කෙල්ලට මම හැමදාම කියනවා සැටියේ නිදාගන්න එපා කියලා ….

මට බයයි මේ කෙල්ල බිමට වැටෙයි කියලා …. අදත් ඇවිත් නිදියගෙනනේ….”

මගේ කුස අතර තියෙන චූටි ඉඩ අතරින් අයියා මගේ ළඟින්ම වාඩි වුණා කියලා මට දැනුණා .

මම ඉතින් නිදි විදියට හොඳට රඟපානවා .ඒකත් මරු.මේ කරපු කපටි වැඩේ නිසා අයියා මට කියන්නේ නැති කොච්චර දේවල් මම දැනගත්තද.

” සුදු අයියේ ….. රෝෂි වලියක් වත් දාගත්තද දන්නේ නෑ අභී එක්ක ….”

” සුදු නංගී … ඔයා පොඩ්ඩක් ගිහින් බලන් එන්න රෝෂි මොනවද කරන්නේ කියලා …..

ඊට පස්සේ හිතාගන්න පුළුවන් ඇයි මෙයා සාලෙට ආවේ කියලා …..”

තරූ අක්කා යන්න ඇති කාමරේට .ඇස් ඇරලා බලන්න බෑනේ මට.ඒත් එක්කම වගේ අයියා මගේ නලල උඩින් එයාගේ දෙතොල් තියනවා මට දැනුණා .

මට පේන්න එයාගේ ආදරේ දැනෙන්න වත් දෙන්නේ නැති අයියා මම නිදි වෙලාවට තමයි මේ හැමදේම කරන්නේ .

මගේ හිසකෙස් අතරින් ඇඟිලි යවලා එයා හෙමීට මගේ ඔළුව අත ගෑවා .

” සුදු අයියේ රෝෂි හොල්මන් ෆිල්ම් එකක් බලනවා…”

” ඕහ්…ඒක තමයි බබා… එක දවසක් මම ෆිල්ම් එකක් බලලත් අභී බයවුණා ගොඩක් …

කාමරේට වත් ගියේ නෑ නිදියන්න …. එදා මාත් එක්ක මෙතන බිම නිදාගත්තේ ….”

අයියා හැමදේම තරූ අක්කට කියනවා.මට ලැජ්ජත් හිතුණා.ඒත් තරූ අක්කා අයියා ගැනවත් මම ගැනවත් වැරදියට හිතුවේ වත් නෑ .

මට පුදුමයි මේ සහෝදර බැඳීම ගැන තාමත් .

” සුදු අයියේ ….දැන් මොකද කරන්නේ …. මාධවට එළියට එන්න කියලා අභී ව ඔයාගේ කාමරේට එක්කන් යමුද……”

” ඒක නම් කරන්න බෑ සුදු නංගී ….. අභී ව මම මේ වෙනකම් මගේ කාමරේට එක්කන් ගිහින් නෑ ….”

” සුදු අයියේ ….ඒ කියන්නේ ඔයා තාමත් අභී ට කියලා නැද්ද ඔයා එයාට ආදරය කරනවා කියලා …..”

” නෑ සුදු …..

මම කිව්වේ නෑ .ඒ දේවල් මේ පුංචි කෙල්ලගේ ඔළුවට බර වැඩි වෙයි බබා…..”

” ඒ කියන්නේ ඔයාගේ කාමරේ තියෙන ෆොටෝස් වත් අභී තාම දැක්කේ නැද්ද අයියේ ….”

” නෑ බබා … ඒ කිසිම දෙයක් ගැන අභී දන්නේ නෑ …..”

තරූ අක්කගේ කටින් පිට වුණ දේවල් මට විශ්වාස කරන්නත් බැරි තරම් .ඒ කියන්නේ අයියත් මට ගොඩක් ආදරය කරනවා.

ඒත් ඇයි එයා මට ඒ බවක් නොකියන්නේ . එතකොට තරූ අක්කා කියන ෆොටෝස් මොනවද .මට විශ්වාස කරන්න බෑ මේ ඇහෙන දේවල් .අයියා ඇයි මට කියන්නේ නැත්තේ එයත් මට ආදරෙයි කියලා .

ආයෙත් එන්නම්

41 thoughts on “පින්වන්ති මා – 15 වෙනි දිගහැරුම”

    1. Ruwanthi Lakshani

      අරමුණක් නොමැතිව….
      ගලා ගිය ජීවිතය ….
      දෙමාපියන් සිටියමුත්…
      තනිවූ මාහට ….
      පිලිසරනක් වූයේ ඔබයි….
      අයාලේ යන්නට නොදී….
      තම පනටත් වඩා…
      රැක ගනිමින් මා ….
      ලග සිටියේ ඔබයි…
      ජීවත් වන්නට මට අරමුණක් ඇත….
      ඔබේ හදවතේ කොතැන හෝ මට…
      ඉඩක් ලැබෙනතෙක් බලා ඉමි අද…
      මහමෙරක් වූ ඔබේ සෙනෙහස….
      නොහැක වෙන අයෙකු හට පුදන්නට….

    2. Ruwanthi Lakshani

      සැමදා කතා කියවමි මම ඔබගේ….
      මාරම හැගීමක් හද තුල තෙරපේ….
      ජීවිතයට ගන්නා දේවල් නම් බෝ ඇත්තේ.
      කතාව ලස්සනයි සත්තකින්ම සුමි අයියේ.
      ??????????????
      ඔබගේ අතට ඉක්මන් සුව පතන්නේ….
      සුවපත් වෙලා අප හට reply කරන්නේ…
      සිතට දුකයි කෙටි reply එවන්නේ…
      අදවත් දිග reply එක දෙනවද අයියේ…
      ??????????
      ඔබට තියන වැඩ ගැන දන්නවා….
      නමුත් අපට ඔබෙ reply වටිනවා….
      නැතත් අපි comment නම් දානවා…
      ඔබට හදවතින් මම සුභ පතනවා…
      ???????????

      1. Ane raththarane Mata thawa podi dawasak denna mekath danne mama bed eke phone eka thiyan agillen kotan Yana eka onna yaluwek Wath hitiya nam ekata kiyala kotanna thibba wadata giyeth na Dan nam aduyi heta hidal sure aniwarenma hode harima lassnyi nangiya patta niyama daksha kenk oya hamdekatama thanks Nangi oyalage parthanawa Mata hoda wenna sakathiyak Una budusaranyi good night

  1. Ashka Rashmi

    Photos …?.අභීගෙ ෆොටෝස් මනුක ගාව.? එහෙමද?..ආහ්…සමහරවිට ක්ලබ් එකේදි අභීව නිතර නිතර දකිද්දි කොල්ලා කෙල්ලගෙ ෆොටෝස් ගහගන්නැති…අනේ ශෝක්…දැන් ඉතින් හරි සතුටුයි..මොකද මනුකත් අභීට ආදරේ වග අභී දැනගත්තනෙ…දැන් ඉතින් කෙල්ලගෙන් කොල්ලට බේරුමක් නැති වෙයි? එක අතකට රෝසි කලේ හොද වැඩක්….නැත්තං අභීට මනුකගෙ ආදරේ දැනගන්න ලැබෙන්නෑනෙ….ඔහොම්මම කෙල්ල ඇස් පියාගෙනම හිටියොත් අදත් මනූ ලගින්ම දොයියතෑකි…කතාව හරිම ලස්සනයි අයියෙ…ඉක්මන්ටම ඔයාගෙ අත සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි❤️❤️

    1. Ehema wenna athi neda nangiya kathawe maga harna dewal notherena API anith kotas walin dannawa ekayi mage nangige wadak ekata nam samawena one hode eka paratama tikaka ahussala ita passe ehema une me nisayi kiyala danwa hehe thank you so much nangiya thawa issarata balanna ko budusaranyi nangiya thank you so much nangiya oyalage parthanawata dan nam godak aduyi

  2. Ruwanthi Lakshani

    අරමුණක් නොමැතිව….
    ගලා ගිය ජීවිතය ….
    දෙමාපියන් සිටියමුත්…
    තනිවූ මාහට ….
    පිලිසරනක් වූයේ ඔබයි….
    අයාලේ යන්නට නොදී….
    තම පනටත් වඩා…
    රැක ගනිමින් මා ….
    ලග සිටියේ ඔබයි…
    ජීවත් වන්නට මට අරමුණක් ඇත….
    ඔබේ හදවතේ කොතැන හෝ මට…
    ඉඩක් ලැබෙනතෙක් බලා ඉමි අද…
    මහමෙරක් වූ ඔබේ සෙනෙහස….
    නොහැක වෙන අයෙකු හට පුදන්නට….

  3. Nirosha Lakmali

    මරේ මරු. ? පුදුම ලස්සනයි කතාව. අභීත් හරිම කපටි කෙල්ලෙක්. මනුකත් අභීට ආදරේ කරනවා කියලා කෙල්ල දැන ගත්තනේ. ෂුවර් එකටම ගොඩ කාලෙක ඉදලා මනුක අභී ගැන හොයලා ආදරේ කරලා ඇති. ඒ හොයනකොට අභීට හොරෙන් ගත්තු ෆොටෝ වෙන්න ඇති ඒ. හරිම ආසාවෙන් කියවන්නේ. අයියටයි සිත්මිටයි හදවතින්ම සුබ පතනවා.
    All the best ….
    ????????????????????????????❤❤❤❤❤❤❤❤❤❤❤????????????????????

  4. හායි අයියේ…

    අහ් හා… මනුක හොර ගෙඩියා වගේ ඉදලා නේද… කොල්ලත් කෙල්ලට ආදරෙයිනෙ.. ඒමදිවට කෙල්ලගෙ photos එහෙමත් room එකේ ‍තියාගෙන…

    හරිම ලස්සනයි අයියෙ කතාව… ගොඩක් ගොඩක් ලස්සනයි…

    දැන් අත කොහොමද අයියේ… හොදයිද… ඉක්මනින් සුව වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අයියේ…

    බුදු සරණය…

    1. Oyalage parthanawata Mata Dan godak hodayi nangiya Duka oyalage comments walata lassan watinakamk denna Bari ekata thawa dawasak denna aiyyata hode budusaranyi nangiya thank you so much nangiya

  5. Adanam kathwa shoooiiiii aneee??? mara lassnai harima sathutui manuka abhita adare karnwaneeeeeee yeeee yeeee ???? eth monda dnn ara photos het wenkm inn epai ewa blann kamk ne ada ayyge atha hodaida? Bs oya dennta paressmen inn

  6. Me roshi nisa hodakuth una neda ???….kathawa ithin adath godaaaaaaak lassanai…aiyage atha dan hodaida ….ikmnta hoda wenna kiyla wish kranwa

  7. Buddhika subhashini

    ශා මරු කතාව අයියේ ??? ගොඩක් ලස්සනයි හැමදාමත් අයියේ good luck අයියා & අක්කි ?️???

  8. Hashini Navanjana.

    අම්මෝ….. අද නම් ෆට්ට හැපී මට…. නිකන් මට ආදලෙයි කිවුවා වගේ…. ????
    ඇත්තටම මනුක අභීට ආදරෙයි කියලා හරියටම දැන ගත්තම මාරම ෆීලින්ග් එකක් ආවේ…
    මොකද සුමී අයියා ඒක එහෙම නෑ……….. කියලා කොච්චර වත් අපිට හිතෙන විදියට රිප්ලයි දුන්නත් අපි කීවෙම මනුක අභීට ආදරේ කරනව කියලනේ… ඒක ඒ විදියට ම උන නිසා ගොඩාක්ක්ක් සතුටුයි මට ? ? ? ?

    මනුක කලින් ආදරේ කරපු කෙල්ලෙක් වත් ඉදලද අභී වගේ….. ???? එහෙමත් නැත්නම් ගොඩාක් දවස් ඉදලම මනුක කෙල්ල ගැන sarch එකේ ඉදලා තියෙන්නේ. ඒ ෆොටෝස් එතකොට ගත්ත ඒවා වෙන්නැති.
    ????
    ශෝයී අනේ අභී…. කෙල්ලට හොඳට පුලුවන් නේද හොරා වගේ දොයි ? විදියට ඉන්න… මමත් ට්‍රයි කරනවා අයියා කෑම්ප් එකේ ඉදලා එහෙම රෑ වෙලා එනකොට දොයි ? වගේ ඉන්න. ඒත් අයියා ඇවිත් අම්මත් එක්ක එහෙම කියනකොට “පවු අම්මා… බලන් ඉදලා සෙටිය උඩම නින්ද ගිහින්.” කියනකොට හිනා යනවා අප්පා…… එක්කෝ ඔලුවට අත තියනකොටම හිනා යනවා. ඒ නිසා මට ඒක නම් කරන්න බෑ….
    ????
    අභී නම් ඒක නියමෙට කරනවා… ඒ නිසානේ මනුකගෙ හිතේ තියන දේවල් අභීට වගේම අපිටත් දැන ගන්න පුලුවන් උනේ…. ???? ඒකෙන් හිතට වද දුන්න දැවෙන ප්‍රශ්නයක් ඉවර උනා… ????

    සිත්මි අක්කියෝ ඔයා හරිම ලස්සනට ගොඩාරියක් ආස හිතෙන විදියට ලියලා තියෙනවා….. හරීම හරීම ලස්සනයී ????
    එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව කුතුහලය ගේන අලුත් ප්‍රශ්නයක් අරන් එනවා ඔයා….
    ???? මං මේ කිවුවේ මනුක අභීට ආදරේ කරනවා කියලා හරියටම දැනගන්න දීලා… ඊට පස්සේ ෆොටෝ කේස් එකක් අපෙ ඔලුවට දැම්මා…. ???? ඒකත් මරු අක්කියෝ…. ඒක තමා ටැලන්ට් එක කියන්නේ…. මං නම් ගොඩාක් කැමතියි ඒකට. ???? එතකොට තව තවත් ආස හිතෙනවා කියවන්න…. ? ? ? ?

    හෙටත් එහෙනම් ලස්සන කොටසක් අරන් එනකල් බලන් ? ? ? ? ඉන්නවා… ????

    ඒ වගේම අපේ සුමී අයියගෙ අත ඉක්මනින්ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….. ????

    බුදු සරණයි ???? ඔයාලා දෙන්නටම ?❤?❤?❤
    ☺️☺️☺️☺️
    ????????

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    මා වෙනුවෙන් ඔබේ හදේ
    කෙබදු වූ හැගීමක්
    ඇතිදැයි සිතා ලතැවුනු මා සිතට
    සහනයක් අද ලැබුනි මට…..

    කෙසේ නම් පවසම්ද
    මට මේ දැනෙනා වූ සතුට
    ඔබේ ඔය ආදරේ නාමයෙන්
    දිවුරා පවසන්නම්
    සැමදා ඔබගෙ විතරක්ම බව…..

    විටෙක සොයුරෙකු ලෙසින්
    විටෙක පියතුම ලෙසින්
    දුන්නු ඒ සෙනෙහසට
    නව අරුතක් එක් උනි අද…..

    ඒ ඔබේ ආදරයයී…..
    සෑමදා මා පැතු ලෙසටම…..

    ?……අභී……?

    1. චතූර්යයා ඉන්දීවරී

      වාආආආආආආආආආව් ඇප් එකේ හැමෝම කවිකාරියෝ වෙලා වගේ….ඒකත් නියමයි අනේ… ලස්සනයි නංගා අදහස… එළකිරි.. සුපිරි කිරි….????

      ඒ වගේම අයියගේ කතාවත් මාරම ලස්සනයි.. තෑන්ක්ස් අනේ අභීට මනුකගේ ආදරේ ගැන දැනගන්න සැලැස්සුවට. අර නපුරු රෝෂිව මම ගිහින් හග් කරනවා එයා අභීට කළ උදව්වට…

      දැන් ඉතින් අභීට විඳවන්න ඕන නා ආදරේ හිතේ හිරකරගෙන. මොකද මනුක අයියා ආදරේ වග නොපෙන්නුවත් දන්නවනේ දැන් අභී, මනුක එයාට ආදරේ බව.. ඔයාට ගොඩාක් පින් හොඳේ අයියේ අපේ මේ සූටි සූටි බලාපොරොත්තු හෙමි හෙමින් ඉටු කරනවට..රිප්ලයි නැතත් කමක්නෑ අත හොඳකරගෙන ඉන්නකෝ.. ඒනිසා අත ඉක්මණින්ම සුව වේවා කියලා හදවතින්ම පතනවා අයියේ.. පස්සේ බැරිය ඇරියස් කවර් කරගන්න.. හාද??? බුදු සරණයි අයියේ…

      1. Hashini Navanjana.

        මගේ චතූ අක්කියෝ…. ඔයාගෙන් තමයි මං මේ කවි ලියන්න නිසැදැස් ලියන්න පුරුදු උනේ….
        ???
        නැත්නම් මීට කලින් කවදාවත් මං ලියලා නෑ අප්පා… ??? ඒකට තෑන්ක්ස් අක්කි පැට්ටෝ…….. ???
        ඔයා හොදින් ඉන්නවා නේද… මං දැන් දොයියන්න ? යන්නේ… බුදු සරණයි ???? ඔයාට
        ?????

        1. Ammo me nangiya nam hako hako balanna ko mokada wenne kiyala Ara handsome boy kattiyata amathaka wela wage neda issarata lasaan selam balana pluwan thawam kellage Amma thaththa gana ewa kattiyata amathaka wela wage heheheh ane oyala Dana Kavi patta ane aththatama save Kara ganna vidiyak nane screenshot thmayi ithin ganna pluwan aththatama sathutuyi a wagema dukayi athath ekka lassan watinakamk denna Bari ekata reply eken sorry nangiya thank you so much nangiya budusaranyi oyata good night

      2. Chathu nangiya aniwarenma .. mama ekagayi ekata nam .. ammo Ada neda meya comments damme me kathawata chathu namin Apu ekata nam patta happy mata thank you so much nangiya budusaranyi oyata good night

  9. චතූර්යයා ඉන්දීවරී

    අනේ අපේ හේමන්ති අක්කි ගොඩාක් දවසකින් දැක්ක්නේ නෑ.. කවුරුත් දන්නැද්ද අක්කිගෙ අම්මට කොහොමද කියලා..

    අක්කියෝ…ඔයාගේ අම්මට සනීපද? ඔයාලා හැමෝම හොඳින් නේද? තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් අක්කිගෙ අම්මට ඉක්මණින්ම සුවවෙන්න කියලා ආශිර්වාද කරනවා අක්කි. බුදු සරණයි අක්කි පණ..

    1. Hashini Navanjana.

      ඔව් අනේ… මං දැක්කෙත් නෑ… හේමන්ති අක්කි ඔයා එනවා නම් චූටි රිප්ලයි එකක් හරි දාන්න. අම්මට කොහොමද කියලා….
      ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ… බුදු සරණයි ????

    2. Mama kalin ewageth ahuwa nangiya Eth reply ekak na ane Manda Akka hitiya nam oyala wagema comments danawa akkage ammata kohomada danne na neda ane akkata akkage ammata budusaranyi

  10. හදවතෙහි පුරාම
    සිටියේ නුබයි…
    පතන්නේ නුබේ ආදරයයි
    කියන්නට නොහැකිව
    දරාගෙන මා
    සිතේ ඇති මේ
    මහ මෙරක් ආදරය
    එනතුරා දවසක්
    සිටිමි මා පවසන්න…
    සුරතල් වෙමින් මා ලගම
    සිටින විට මේ ලෙසට
    තව කෙනෙකු වෙත නම් මේ සිත..
    යන්නෙ නෑ හෝ කෙදිනක
    රැකගෙන මගේ පන මෙන්
    ඉන්නම් දිවිතුරා නුබ ලගම
    නොලැබුනා වූ ආදරය
    විදින්නට හැකිවේව් නුබ හට..
    පතන්නම් හැම භවයෙම
    වෙන්න මාගේ පතිනිය…………
    $$$$ මනුක $$$$

    දැන් තමයි අයියේ කතාව කියවන්න ලැබුනේ … මනුකත් අභීට ආදරේ නිස දැන් නම් බයක් නෑ…. ඉස්සරහට මොන ප්‍රශ්නයක් ආවත් ඒ හැමදේම මේ ආදරේ නිසා ජය ගනී……
    තෙරුවන් සරණයි අයියේ

  11. Chadi kaveesha

    Wow………………….Manu Abhita kamathiiii…………???????????????????? ara napuri nam……..??? lassanai akkiyo kathava…………all the best……..තෙරුවන් සරණයි oyala dennatama……..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.