Katha Ahura

පින්වන්ති මා – 16 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

16 කොටස

” සුදු නංගී …..
ගිහින් නිදාගන්න ඔයත්….දැන් රෑ වෙලා….”

” අභී ට මොකද කරන්නේ අයියේ ….”

” එයාව බිමට ගන්නම් සුදු මම….මේ කෙල්ලට නින්ද ගියාම හොරු උස්සන් ගියත් දන්නේ නෑ ….”

” ඒත් අභී ට බිම ඉන්න පුළුවන් ද අයියේ ….”

” ඇඟ රිදෙනවා ඇති බබා….ඒත් ඉතින් දැන් වෙන කරන්න දෙයක් නෑනේ ….

මම පාන්දර කිට්ටු කරලා එයාව ඇඳෙන් ගිහින් තියන්නම්…

රෝෂියි මාධවයි ඉන්න නිසා අභී මම ළඟ නිදියන එක හොඳ නෑනේ සුදු …..”

“ම්ම්ම්…සුදු අයියේ ….එහෙම වත් කරමු….ගුඩ් නයිට් හොඳේ .. .”

” ගුඩ් නයිට් බබා…..”

තරූ අක්කා යන්න ඇති.අයියා තාමත් මගේ ළඟින් වාඩි වෙලා ඉන්නේ කියලා මට දැනෙනවා.මම තාමත් නිදි විදියට රඟපානවා.

මේ රඟපෑම නිසා හැමදවසකම මට වුණේ හොඳක්.අයියා මාත් එක්ක නොකියන දේවල් ඔක්කොම මට දැනගන්න ලැබුණේ මෙහෙම හරි බොරු රඟපෑමක් කරපු නිසානේ .

මට දැනුණා අයියා මගේ ළඟින් නැගිටලා යනවා .මම ලාවට ඇස් ඇරලා බැලුවේ අයියා මොකද කරන්නේ කියලා .

එයා බිමින් පැදුර දාලා කොට්ටෙකුත් ශීට් එකකුත් ගෙනාවා.මම දන්නවා අයියා ඊ ළඟට එන්නේ මගේ ළඟට කියලා .ඒ නිසාම මම ඇස් දෙක පියාගත්තා .

පුරුදු විදියටම අයියා මාව හෙමින් සැරේ එයාගේ දෝතටම අරගෙන පැදුර උඩින් තිව්වේ මට රිදෙන්නේ වත් නැති විදියට .

ශීට් එක මගේ ඇඟට දාලත් ආපුහු එයා ශීට් එක ඇදලා ගන්නවා මට දැනුණා .ඇස් අරින්න බැරි නිසාම මම ඇස් තද කරගෙනයි හිටියේ .අයියගේ සද්දයක් වත් නෑ .

එයා එතන ඉන්නවද නැද්ද කියල වත් මට බලන්න විදියක් තිබුණේ නෑ .ටික වෙලාවකින් මට දැනුණා අයියා මගේ කකුල් දෙක එයාගේ උකුලට අරන් යටිපතුල් අත ගානවා.

සමහර විට මගේ කකුල් දෙක අයියා දකින්න ඇත්තේ ශීට් එක මගේ ඇඟට දාන්න ගියපු වෙලාවේ වෙන්න ඇති .

මට තව දුරටත් ඇස් දෙක පියාගෙන ඉන්න හිත දුන්නේ නෑ .මොනවා වුණත් අයියා පව්. මම ඇස් ඇරලා අයියා දිහා බැලුවත් අයියා දැක්කේ නෑ මම නැගිටලා කියලා .

එයා සිද්ධාලේප වගයක් අරගෙන මගේ කකුල් දෙකේ ගාලා අතගානවා.ඇස් වලට උනපු කඳුළු මට නතර කරගන්න බැරි වුණා .

” අයියේ ….”

මම අයියගේ පිටට අතක් තියලා කතා කරා. නොහිතපු වෙලාවක කතා කරපු නිසා වෙන්න ඇති අයියා එක පාරටම ගැස්සුණා මම දැක්කා .

ඒත් අයියා මගේ දිහා හැරිලා බලන්නේ නැතුවම මගේ කකුල් දෙක අත ගෑවා .

” කියන්න අභී …..”

අයියගේ හඬ බොඳ වෙලා වගෙයි මට දැනුනේ .ඒත් එයාට අඬන්න තරම් දෙයක් අද සිද්ධ වුණේ නෑනේ .

මට හිතුණේ අයියා මගේ දිහා නොබලම කතා කරන්නේ එයා අඬන නිසා කියලා .

” අයියේ ….

ඇති දැන්…..මගේ කකුල් දෙක රිදෙන්නේ නෑ… ”

බොරුවට උනත් මම එහෙම කිව්වේ අයියා පව් නිසා .මම කකුල් දෙක ඇදලා අරන් පැදුරෙන් වාඩි වුණා .

” අභී …..”

” ම්ම්ම්ම්……”

” මේ අයියා ඔයාගේ කවුරුත්ම නෙමෙයිද අභී ….”

ඒ ටික අහනකොට නම් අයියගේ හඬ හොඳටම බොඳ වෙලයි තිබුණේ .ඒත් ඇයි අයියා එහෙම අහන්නේ .

” අනේ…අයියේ ….ඔයා..ම…ගේ.. .”

එතනින් එහාට මම මුකුත්ම කිව්වේ නෑ .අයියගේ පිටට ඔළුව තියාගෙන ඇඬුවේ හිතට දැනුණු දුකට.

මට කියන්න ඕන උනේ එයා මගේ මුළු ජීවිතේම කියලා .ඒත් මට ඒක කියාගන්න ලැබුණේ නෑ .

අයියා මගේ පැත්තට හැරිලා මගේ මූණ දෝතටම අර ගත්තා .එතකොටයි මම දැක්කේ අයියගේ ඇස් වල පිරිලා තිබුණු කඳුළු .

” අභී ….ඇයි මට කිව්වේ නැත්තේ නිකමට වත්…”

” අයියේ ….මේ….මං…”

” ඔයාගේ වේදනාව මට දැනෙන්නේ නැති වෙයි කියලා හිතුවද අභී ….”

මේ තරම් වෙලාවක් අයියා අමාරුවෙන් ඇස් වල රඳවගෙන උන්නු කඳුළු කැට මගේ ඇස් ඉස්සරහම ගිලිහිලා ගියා .

මට තවත් අයියගේ කඳුළු බලන්න පුළුවන් කමක් තිබුණේ නෑ .මගේ අත් දෙකින්ම අයියගේ ඇස් වල තිබුණු කඳුළු පිහලා දැම්මේ මං අඬ අඬම.

” අනේ …මගේ…අයියේ …. අඬන්න එපා….ඔයාට කරදර කරන්න බැරි නිසයි නොකියා හිටියේ …..”

” මේ තරම් දවසකට මට ඔයාව වදයක් වුණා කියලා මම කියලා තියෙනවාද අභී …..

ඇයි මෙහෙම කරන්නේ මට….”

” නෑ නෑ ….අයියේ …ආයිත් එහෙම කරන්නේ නෑ ….ඔයාට කියන්නේ නැතුව ඉන්නේ නෑ ….”

මම අඬ අඬම අයියගේ පපුවේ හිස තියා ගත්තා .

” අඬන්න එපා මගෙ නංගි ….දැන් ඇති හොඳටම ….ඔයාගේ වේදනාව මේ අයියට දැනෙන්නේ නැති වෙයි කියලා කොහොමද හිතුවේ …..”

” සමා වෙන්න අයියේ …..මම ඒ තරම් හිතුවේ නෑ .ඔයා පව් කියලා හිතුණා කරදර කරන්න …..”

” ඔයා වේදනාවෙන් ඉන්න කොට රිදෙන්නේ මට අභී …මගේ පපුව පිච්චෙනවා වගේ ඔයාට චූටිම හරි වේදනාවක් දැනෙන කොට…..”

අයියගේ පපුවේ හිස තියාගෙන හිටපු මාව අයියා එහෙමම එයාගේ පපුවට තුරුල් කර ගත්තා .

නිදන ඇඳුමෙන් විතරක් වැහිලා තිබුණු මගේ ළමැදට අයියගේ පපුවේ උණුසුම ඕනවටත් වඩා දැනුණා .

විනාඩියක් දෙකක් නැහැ පැය බාගයක් වත් ගෙවෙන්න ඇති .මම තාමත් අයියගේ උණුසුමට ගුලිවුණ ගමන්.

” අභී ….නිදාගමු මැණික …දැන් රෑ වෙලා….”

අයියා එහෙමම මාව පැදුර උඩින් හාන්සි කරවලා ගිහින් ලයිට් එක නිවලා ආවා .මගේ ළඟින්ම හාන්සි වෙලා ශීට් එක අපි දෙන්නම වැහෙන විදියට දැම්මා .

අයියා හාන්සි වුණ ගමන් මම එයාගේ පපුව උඩින් මගේ හිස තියාගෙන එක අතක් එයාගේ බඳ හරහා දාලා එයාට තුරුල් වුණා .

අයියා ඒකට විරුද්ධ වුණේ නැහැ .වෙන වෙලාවක වගේ නම් මාව එහාටම තල්ලු කරලා දාවි.එත් අද මගේ නලලත් සිපගෙන මගේ පැත්තටම හැරිලා තමයි එයා නිදාගත්තේ .

” අභී …..”

” ම්ම්ම්ම්ම්……”

” අදින් පස්සේ පුංචිම පුංචි දෙයක් වත් මගෙන් හංගන්න එපා හොඳේ …..”

” ම්ම්ම්ම්……”

” ම්ම් ම්ම් නෙමෙයි …..අද ඔයා ගොඩක් දුර පයින් ගියානේ….ඒකයි කකුල් ඉදිමිලා තියෙන්නේ අභී …..

රිදෙනවද ගොඩක් …..”

” කලින් රිදුණා.ඒත් දැන් නෑ …ඔයා ඉතින් බාම් ගාලා අත ගෑවනේ….”

” මම දැක්කේ නැත්නම් රිදි රිදීම ඉන්නවා නේද…..”

” ම්ම්ම්ම්ම්…….”

” ම්ම්ම් තමයි ඉතින් …පණ්ඩිත කමනේ….”

මගේ කම්මුලකුත් මිරිකලා අයියා මාව තව ටිකක් එයාට තුරුල් කරගත්තා .

මේ තරම් ආදරය කරලත් අයියා මට ඒ ගැන කියන්නේ වත් නෑ .

දන්නේ නෑ කවද වෙනකම් හිතේම තියාගෙන ඉඳීවිද කියලා .

” අයියේ …….”

” මට නින්ද යනකම් මාව තුරුල් කරන් ඉන්නකෝ අයියේ ….”

මගේ කීමට අවනත වෙලා අයියා මාව තුරුල් කරගෙනම හිටියේ .එයාගේ පපුව උඩින් මම මූණ තියාගෙන ඇස් පියා ගත්තේ හැම දුකක්ම මොහොතකට අමතක කරලා .

උදේ වෙනකනුත් මම පොඩ්ඩක් වත් නිදාගත්තේ නෑ .අයියට නින්ද ගිහින් තිබුණත් එයා මාව තුරුල් කරගෙන හිටපු විදියටමයි උදේ වෙනතුරුත් හිටියේ .

මුළු රැයක් පුරාවට මම හිටියේ අයියගේ පපුව උඩ තුරුල් වෙලා.අයියා නැගිටිනකොටත් මම හිටියේ ඇහැරිලා.

” අභී …මොකද පාන්දර නැගිටලා ….”

” නැගිටලා නෙමෙයි අනේ…. මම නිදාගත්තේ නෑ එළිවෙන කම්…..”

” මොකක්…..මොකද කරේ නිදා ගන්නේ නැතුව …”

” ආ…මේ මම පිළිකුල් භාවනාව කරානේ….”

” අභී ….මොකක්ද කිව්වේ …..”

” ඔව් අනේ…..මම ඔයා දිහා බලාගෙන පිළිකුල් භාවනාව කරා….”

” අපොයි ….මේ කෙල්ලගේ කට නම්…. හොඳ වෙලාවට මගේ මූණ හරියට දැක්කේ නැත්තේ…

ලයිට් ඕෆ් කරලා තිබුණු නිසා හොඳයි….”

” විහිළුවක් කරේ අනේ…..ඒත් නිදා ගත්තේ නම් නෑ …”

” ම්ම්ම්….කමක් නෑ …නංගිලා ගියාම ඔයාට කරන්න වැඩකුත් නෑනේ ….දවසම නිදාගන්න පුළුවන් …..”

” අයියේ ….ඔයා ඇයි නැගිට්ටේ මෙච්චර පාන්දර …..”

” ඔයාව කාමරේට එක්කන් යන්න හිතාගෙන අභී ….”

” ඇයි ඒ….”

” මාධවයි රෝෂි දැන ගත්තොත් හොඳ නෑනේ අභී …..
සම්බන්දයක් නැතුව අපි මේ විදියට ඉන්න කොට එයාලා වැරදියට හිතාවි….”

” ඉතින් අපි වැරදි දෙයක් කරේ නෑනේ අයියේ ….”

” අභී ….ඒ අපි හිතන හැටි…ඒත් දකින කෙනා එහෙම හිතන්නේ නෑ ….

එයාලා විශ්වාස කරන්නේ එයාලගේ ඇස් දෙකින් දකින දේ…”

” අනේ තව ටිකක් ඉන්න දෙන්නකෝ….”

” අනේ..අනේ…රෑ පුරාවට හොඳට මට තුරුල් වෙලා හිටියා නේද හුරතලේ….

දැන් ඇති …නැගිටින්න හොඳ ළමයා වගේ…..”

” දැන් ආයෙත් නිදාගන්න බෑ අයියේ …. තරූ අක්කලා යනකම් නැගිටලා ඉන්නවා මෙහෙම …”

” ඔයා ඉන්න එහෙනම් ටිකක් හාන්සි වෙලා…. මම යනවා අභී කිචන් එකට….

සුදු නංගිට කිරිබත් ඕන කිව්වා උදේට කන්න …”

” මාත් එනවා ඔයත් එක්ක කිචන් එකට යන්න …”

” එහෙනම් ඇඳුමක් මාරු කරන් එන්න අභී … අපි තේ බීලම උයමු….”

” ඉතින් මෙහෙමම යමුකෝ ….”

” පිස්සුද අභී ඔය විදියට යන්න …ගිහින් ඇඳුමක් මාරු කරන් එන්න ….”

” ඉතින් ඇයි අයියේ ඔයා මට මේ ඇඳුම එපා කියන්නේ ….”

” අභී ….තේරුම් ගන්න බබා….

නයිට් ඩ්‍රෙස් එකක් ඇඳගෙන කෙල්ලෙක් කාමරයෙන් පිට ඇවිදින එක හොඳ දෙයක් නෙමෙයි ….

අනික පිට අය ඉස්සරහ ….”

” ඉතින් ඔයා පිට නෙමෙයිනේ….මගේනේ….මම ඔයත් එක්කනේ ඉන්නේ ….”

” ඒ ඔයා හිතන විදිය බබා…කෙල්ලෙක් තමන්ගේ මහත්තයා ඉස්සරහ මේ විදියට හිටියට කමක් නෑ …..

ඒත් පිට අය ඉදිරියේ එහෙම ඉන්න හොඳ නෑ ….
කෙල්ලෙක්ගේ ලස්සන තියෙන්නේ මෙහෙම මේ දේවල් පෙන්නගෙන ඉද්දි නෙමෙයි අභී …….”

අයියා මගේ පපුවට අතක් තියලා එහෙම කිව්වා .අයියා කියන දේත් ඇත්ත තමයි .ඇත්තටම ඒ වෙලාවේ මම හිටියේ නිදන ඇදුමට යටට මොනවත් අඳින්නෙත් නැතුවම .

” ඇඳුමකින් වැහිලා තියෙද්දියි කෙල්ලෙක්ගේ නියම ලස්සන තියෙන්නේ …..

මේ දේවල් බලන්න විඳින්න අයිතිය දෙන්න ඕන කවදහරි ඔයාගේ මහත්තයට විතරයි අභී …..

වචනයෙන් නොකිව්වත් හැම කොල්ලෙක්ම වගේ බලාපොරොත්තු වෙන්නේ වෙන කොල්ලෙක්ගේ බැල්මකින් වත් මේ දේවල් කිළිටි නොවුණු කෙල්ලෙක් බබා….”

” ම්ම්ම්ම්…..තව කියන්නකෝ අයියේ …..”

” මොනවද මේ තව කියන්න කියලා කියන්නේ මට….”

” තව කියලා දෙන්න ඉතින් මට විස්තර කරලා…”

” ම්ම්ම්…..කවද හරි ඔයා කසාද බැඳලා ගියපු දවසක ඔයයි මහත්තයයි ඉන්නේ වෙනම ගෙදරක නම් මේ විදියට හිටියට කමක් නෑ ……..

ඒත් ඔයා ඉන්නේ මහත්තයගේ අම්මලා,සහෝදර සහෝදරියෝ එක්ක නම් ඔයාලගේ කාමරෙන් පිට මේ විදියට ඇඳගෙන ඇවිදින්න බෑ …..

තේරෙනවා නේද දැන් මේ පුංචි කෙල්ලට මම කියන දේ…..”

අයියා අම්මා කෙනෙක්ටත් වඩා ආදරෙන් හැම දේම මට කියලා දෙනවා.සැර කරලවත් බැනලා වත් එයා මට දේවල් ඉගැන්නුවේ නෑ .

ආදරෙන් කියලා දුන්නා හැමදේම ….

” ම්ම්ම් …ඔව් අයියේ …..මම ගිහින් ඇඳුමක් මාරු කරගෙන එන්නම් හොඳේ …..

ඒත් ඊට කලින් මට දෙයක් ඕනේ…..”

” ඒපාර මොනවද ඕන ආයේ….”

” මෙතනට උම්මා එකක් ඕන ….”

මම කම්මුලක් පෙන්නලා අයියට එහෙම කිව්වා .

” ඔයා නම් හරි කපටි මුරණ්ඩු හිතුවක්කාර පිස්සු කෙල්ලෙක් අභී ….”

” කමක් නෑ ඔයා මොනවා කිව්වත්….මට ඕන ඕන ඕනමයි….

නැත්නම් මම මේ ඇඳුමෙන්ම මාධව අයියලා ඉස්සරහට එනව…..”

” අභී ….එහෙම ආවොත් එහෙම මම උඹව හම ගහනවා ඇට්ටර කෙල්ල …..”

කියලා අයියා මගේ කොපුලකුත් සිප ගෙන කන ටිකක් රිදෙන්නම ඇල්ලුවා .

” අයියේ …..”

” ම්ම්ම්ම්ම්……”

” මටත් එකක් දෙන්න ඕන ….”

” අභී ….ඔයා නම් පිස්සු කෙල්ල ….”

මම අයියගේ පැත්තට හැරිලා එයාගේ පපුවට දෙතොල් තද කරගත්තා .ඒත් එක්කම තමයි අයියා නොහිතපු විදියට මාවත් තුරුල් කරගත්තේ .

මම දන්නවා අයියා මට ආදරෙයි කියලා .ඒත් හැම වෙලාවෙම එයාට ඕන උනේ ඒ බවක් මට නොදැනෙන විදියට ඉන්න .

සමහර වෙලාවට චූටි චූටි දේවල් වලින් අයියට ඒක මග හැර ගන්න අමතක වෙනවා .දැනුත් උනේ ඒකම තමයි .

මම අයියගේ පපුව සිප ගනිද්දී එයා මාව තුරුල් කර ගත්තා .

” අභී ….දැන් ඇති බබා….නැගිටින්න හොඳ ළමයා වගේ….”

මම් අයියය කීකරු වෙලා නැගිටලා ගියේ ඇඳුමක් මාරු කර ගන්න .

අයියා මේ විදියට හරි මට දෙන ආදරේ හොඳටම ඇති මට සතුටු වෙන්න .

කිරිබත් නම් හදන්න මම දන්නේ නෑ .ඒත් සම්බෝල හදන්න මම තමයි අයියට උදව් කරේ.

චූටි චූටි දේවල් වලින් මම පුළුවන් විදියට අයියට උදව් කරලා සතුටු වුණා.

” අභී ….ඇස් දෙක ළඟටම අරගෙන ළූණු සුද්ද කරන්න එපා….ඔයාගේ ඇස් දැවිල්ල ගනී….”

අයියා එහෙම කියලා වැඩි වෙලාවක් යන්න ලැබුණේ නෑ .මගේ ඇස් වලින් කඳුළු එන්න ගත්තේ ළූණු සැර ගියපු නිසා .

” පණ්ඩිත ආච්චි ……කිව්වනේ ළමයෝ ඇස් ළඟට ගන්න එපා කියලා ….එන්න මෙහේ….”

අයියා මාව සින්ක් එක ළඟට එක්කන් ගිහින් එයාගේ අතින්ම මගේ ඇස් හේදුවා .

” වාඩි වෙලා ඉන්න අභී ….මම කරන්නම් මේ ටික ….”

” බෑ …බෑ …..මටත් උදව් කරන්න ඕන ….”

” මම අයියා එපා කියද්දිම එයාට උදව් කරා.අයියා ලේස්ති උනේ කිරිබත් එක කපන්න.

” අයියේ …අනේ ඉන්න …..මට කපන්න ඕන කිරිබත් ….”

” ආහ්….එහෙනම් ඔයා කපන්න අභී …..”

අයියා මගේ අතට පිහිය දුන්නට ඇත්තටම මම දන්නේ නෑ කිරි බත් කපන්නේ කොහොමද කියලා .

” අයියේ බෑනේ …..”

” හැම වෙලාවෙම නෙගටිව් වෙන්න එපා අභී …..අපි ඉගෙන ගමු හොඳේ ….

එන්නකෝ මම කියලා දෙන්න …..”

අයියා මගේ ළඟටම ඇවිත් පිහිය මගේ අතට දීලා මගේ අතත් එක්කම අල්ල ගත්තා .මගේ අතින් අල්ලගෙනම අයියා කිරිබත් ටික ලස්සනට කපලා තසිමකට දැම්මා .

” දැන් හරි නේද අභී ..ම්ම්…”

” ඊළඟ සැරේ මම තනියම කපන්නේ හොඳේ …..”

” ම්ම් හොඳ ළමයා …එහෙම තමයි ඉගෙන ගන්න ඕන …..”

මාධව අයියා වැඩට යන්න ඕන කියපු නිසාම තරූ අක්කලාටත් එයත් එක්කම ගෙදර යන්න වුණා .

හිත යටින් නම් මම ගොඩක් සතුටින් හිටියේ .මොකද එයාලා ඉන්නකොට මට ඕන ඕන විදියට අයියත් එක්ක හුරතල් වෙන්න නිදහසක් ලැබුණේ නෑනේ .

ආයෙත් එන්නම්

41 thoughts on “පින්වන්ති මා – 16 වෙනි දිගහැරුම”

          1. Shok ane oyala Mata Hari sathutuyi meme lengathu wela innawa dakkama hamdma oya wage Inna API okoma ekama Aya me hode budusaranyi set ekatama

  1. Hashini Navanjana.

    මදැයි ෆස්ට් කමෙන්ට් එක දාන්න ඉදියා… ☹️ මේ CHEETY ඇප් එකේමද මංදා ඉන්නේ… ???

    1. Mn me kathawata godaak aasai eka nisa .mata ona ikmanatama kathawa kiyawala balanna .math aasai oyala wage win karanna .ekai ithin .oyalath uthsaha karanna ithin ..???

      1. Hashini Navanjana.

        ??? mta nm chance ekak ennema na appa. Mta du patiyek innwane. Eya me welawata aharila wenadata. Ada doi… ekai try karala baluwe. Vihiluwata ane mn ehema kiuwe hrida cheetyoooo… ???

          1. Hashini Navanjana.

            ඔයාටත් බුදු සරණයි ?පැට්ටී… ❤

  2. kathwa gana kiyn kohomath wachn na ne akkiooo harim lassnai …. ???? thwa tikk diga kotsak dannkooo anee kochchr kiyewwath epa wenna good luck akk iiiooooo & ayyeee bs oylta parissamen inna

  3. Ashka Rashmi

    So sweet kathawa….අභී නං උම්මා පෙරේතියෙක්ද කොහෙද? හරිම ශෝක් අනේ කතාව…කියන්න ඕන මොනාද කියලවත් තේරෙන්නෑ අනේ මට…

    කොට කොන්ඩෙ සුදු මූණට ගෙනාවෙ
    අමුතු ලස්සනක්….
    ඒත් මං ආස දිග කොන්ඩයක්
    ඔබෙ රුවට අමුණන්න….
    කොට ඇදුමට ලස්සනයි තමයි උඹ…
    ඒත් මං ආස ඔය පෙනුම වනචර ඇස් වලින් බේරන්න…

    විස්කි බෝතලේට
    ආදරෙයි නේද උඹ….
    ඒත් ඒක නෙවේ උඹට ගැලපෙන්නෙ
    අත පුරෝලා කම්මුලට ගැහුවෙ ඒ නිසයි කෙල්ලෙ..

    දන්නවා මං…
    අමාරුයි උබට මා එක්ක ඉන්න…
    ඒත් මට ඕන
    වෙනස් කරන්න උබව….
    මත් වෙච්ච තොල්පෙති
    නෙවේ ඔය මූණට ලස්සන…
    දිග සාය දිග ගවුම..
    ඕන මට උබට හුරු කරන්න…

    ජීවිතේ උගතයුතු හැම පාඩමක්ම
    ආසයි කියාදෙන්න
    මේ ඇහිපිල්ලම් යට තියාන….

    රෑ සිහිනෙන් ඔබ හොයන උනුසුම
    දෙන්නම් ආදරෙන් තුරුලට අරන් උබව…
    දැනෙනවා මට
    උබ ආදරේ වග මට…
    ඒත් කුමක්දෝ පවුරක්
    හරස් වෙලා මේ ආදරයට….

    උබ තාම පුංචියි…
    එනමුත් මගේ ආදරිය නුබයි..
    රකින්නම් ඔය රෝස මල
    පොඩි නොවී ,පර නොවී …
    මේ පපුව මත සදහටම
    උඹ ඉදියි මගෙ හුස්ම ලෙස….

    ඔබට දළදා සමිදු පිහිටයි අයියෙ ❤??

    1. මුළු කතාවෙම ආදර්ශය ඔයා ලස්සනට කවියකින් ගලපලා නංගියා ඇත්තටම සුපිරි.. ඔයාගේ දක්ෂතාවයට ලියන්න වචන මම ලඟ නෑ නං ඒ තරම්ම අතිවිශිෂ්ඨයි.. මොනවද ලියන්නෙ කියලා මම වත් දන්නේ නෑ නංගියෝ කතාවේ මෙතෙක් දවස් ගියපු හැම දෙයක්ම ඉස්සරහට යන දේවල් පවා ඔයා මේ කවිය ඇතුලත් කරලා තියෙනවා…. මගේ වචනයෙන් කිව්වොත් පට්ට එළමකිරි.. අයියට ඉතින් මේ දවස් වල ගොඩක් දිගට කොමින්ට් කරන්න බෑ නංගියේ ඇත්තටම ෂොල්ඩර් එක තවම ඉදිමිලා ඒත් මං ඕගොල්ලන්ගේ දේවල් වලට වටිනාකමක් නොදී ඉන්නේ නැහැ කොච්චර අමාරු උනත්… බොහෝම ස්තුතියි නංගීගේ මෙ ලෙංගතුකමට ඇත්තටම ලොකු සතුටක් මේ වගේ කොමෙන්ට් දකිද්දී දළදා සමිඳුගෙ පිහිටයි ඔයාට

  4. Wow lassanai kathawa .godaak aadaraniyai .anee matath me wage ayyek hitiyanam ? .anee nee ne mata ayyek …..Me wage aadarayak labanna nam kellek kochchara pin karanna onada …aththatama kathawa godaak lassanai .Sellakkara kellek .dan kollek nisa ahinsaka guna yahapath kellek wela …harima lassanata kathawa liyala sithmi akki oyaa …………….good luck ………
    Ayye oyata kohomada ayye dan .hondaida oyata …oyata ikmanatama sanipa wenna ona budu saranai!! ayye parissamin inna….oyala dennatama mn hadawathinma suba pathanawa idiri wada katayuthu sarthaka wenna kiyala

    1. Dan Nam Mata aduyi nangiya thawama redenawa tikaka aiyya dagayek ne ekayi labevi labevi ekmanata oya wage aiyya kenk iwasaanna ko halida thank you so much nangiya budusaranyi oyata

    1. Ruwanthi Lakshani

      මෙතරම් ප්‍රේමයක් හිත තුල හංගා…
      සිටියේ කෝම ඔබ මෙතරම් මං හින්දා…
      ලැබුනා නම් ඔය සෙනෙහස මුල ඉදලා….
      මගෙ ජීවිතය ලස්සන වෙයි මුල ඉදලා….
      ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
      කෙටි කාලයක් තුළ ඔබ මගෙ ජීවිතය වුනා…..
      හැරදා නොයමි කිසිදා මා මියෙන තුරා…..
      මාගේ හද ගැස්ම ඔබ පමනයි දිවිය පුරා….
      ???????????????
      ඔබ මගෙ දිවිය පන මෙන් රැක්කා සේම…
      ඔබට නයගැතී මා දිවියම බෝම….
      ඔබෙන් තොර ලොවක් මට නැති සේම….
      ඔබ මගෙ පමනි සැමදා එක සේම….
      ???????????

      1. Ruwanthi Lakshani

        සැමදා රැයේ පායන පුර සඳ සේම….
        ඔබෙ හැකියාව වැඩි කරවයි එලෙසින්ම..
        සැමදා මෙවැනි ලස්සන කතා දෙන හින්දාම…
        ඔබට සුභ පතමි සැමදා මං බෝම…
        ????????????
        සිත්මි අක්කි ඔබටයි මේ පැතුම අද…
        මෙතරම් කතා ගොන්නක් ලිවූ ඔබ….
        පතමි ඔබට හද තුල ඇති ප්‍රනාමය….
        මෙවැනි කතා අප වෙත දෙනවාට….
        ????????????
        සුමි අයියෙ ඔබට හොදයි මම සිතමි…
        ඔබේ reply එක එනතුරු මම මග බලමි..
        සැබැවින් ඔබේ ලෙන්ගතු කම මට වටිමී…
        ඔබට හදවතින් අද මම සුභ පතමි…
        ????????????

        1. ලියනා කතා කියවලා හිත් සතුටු කරන්න
          ලස්සන කවි වලින් ඔබ එයි කොමෙන්ට් අරන්
          නැගෙනවා සිනාහා මුවගට දස දහස් ගණන්
          නෑ වත්කමක් මට මේ කවි පේළි තරම්..

          හැමදාම අනාගතයට සුභ පතන නිසා
          කොහොමද කියන්නේ ස්තූතියිම කියා
          ලෙන්ගතුකම තියෙයි හදවත උඩම තියා
          අපි එක්කම ඉන්න ඒකයි පැතුම සදා

          ඔබේ කවියට දෙන්න වටිනාකමක් මම
          ලියනවා අමාරුවෙන් හො මේ කවි පේළි අද
          ඔය සිත් සතුටු නම් තව මොනවාදෝ මට
          වටිනවා පේලි ගානේ ලියන කවි වල..

          අම්මෝ නංගී පැය භාගයක් තිස්සේ ලිව්වා හරිම අමාරුයි.. තෙරුවන් සරණයි ඔයාට

          1. Ruwanthi Lakshani

            අනේ sorry අයියේ…
            ඔයාට කරදරයක් කරන්න හිතුවෙ නෑ හොදේ…..
            ??????

          2. කවදාවත් කරදරයක් උනේ නැහැ අනේ ආයෙත් නම් සොරි කියන්න එපා මං ඒකට ආස නෑ ඔයාලයි මගේ සතුට ඔයාලයි මගේ ශක්තිය

  5. ??????Aneee Abita adarei kiyala Manu kiyanne nadda ane…? Adarayak papuwe hanga gena inna hari amarui deiyane. Sithmi akkiyo anee mage suuti akka patiyoooo manuwai abiwai wen karanna nam epa saththalaneeeee.

    Ape aiya babooo akkita kiyanna e dennawa ekathu karanna kiyala hode. Hama adara kathawakma ekathu wimakin awasan wen na thama. Eth me denna ekathu karanna. Mata bayai me denna wen weida kiyala.
    Ape motta aiyanam mata hamadama baninawa nidagannakota e mottayage lagatama wela nidagannawata. Hamadama boksin Parawal gaha gena thama nidaganne. Habai mage podi aiyath kamathi na mata punchima wedanawak danenawata. Hama aiya kenekma ehema wenna athi neda aiye……?

    Aiyage invitation ekatanam godak sthithi aiye. Eth man social meadia pawichchi karanne na aiye. Nathi prashna walatath mul wenawa social meadia. Man asa sathutin hinawela daga wadak dekak karala inna appa. Oya facebook paththenam idala hitala visit parak danawa ekath ithin aiya poddage 4n eken… Atha dan komada aiye? Good luck aiye akke oyala dennatama. Budusaranai. ????????

    1. Adareda kiyala issarata balanna pluwan nangiya Dan thmayi hodma seen yanne balanna ko moko wenne kiyala hode thank you so much nangiya budusaranyi oyata

      Ane nangiya math oya kicma deyak use karanne na only WhatsApp vitharayi eka gana kiuwe mama fb ewa mukuth mama use karanne na mage dewal thiyenne me app eka vitharyi nangiya aniwarenma Mata oneth fun eke nidase Inna wen mukuth one na Mata nane love seen mmaa thnakara nidi seen ne hehehe thanks nangiya me lengathu kamata budusaranyi

  6. හැමදාමත් වගේ අදත් කතාව ලස්සනයි…. ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි…

    මං නම් හිහුවෙ රෑ නිදාගන්න ගිහින් අභී රෝෂි රන්ඩුවෙයි කියලා… ඒත් හිතපු තරම් ලොකු වලියක් ගියෙ නෑනෙ අප්පා… ඒත් කමක් නෑ… ඒකෙන් ඉතිං වාසි උනෙ අභීට තමා… ?

    1. ලොකු වළියක් ඉස්සරහට බලාගන්න පුළුවන් නංගියා. ඉවසන් ඉන්නකො දැන් තමයි හොඳම හරිය එන්නේ කතාවේ.. ඒ ලෙංගතුකමට බොහොමත්ම ස්තුතියි නංගියා හැමදාමත් මේ විදිහට ඉන්න මං ඒකට ගොඩක් ආසයි තෙරුවන් සරණයි කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කෝ අනේ ඔයාගේ කතාව ඉක්මනටම දෙන්න කෝ බලනකං ඉවසුමක් නෑ මට

  7. හැමදාමත් වගේ හරිම ලස්සනයි අයියේ. මටනම් ඉරිසියයි ඒ වගේ ආදරේකට. ඒ තරම් ආරක්ශාවක්, ඒ තරම් ආදරයක්, මටනම් හිතාගන්න බෑ අයියේ ඒක. මාරම ලස්සනයි ඒ හැඟීම්. ඔයාගේ හැම වැඩක්ම හිතන පතන විදියටම ඉශ්ට වෙන්න කියලා පතනවා අයියේ. ඔයාගෙ හිත හොඳයි. ඒ නිසා ඔයාට හරියනවා. කිසිම දේකට ඔයා වැටෙන්න එපා.

    1. ඇයි නංගි ඔයාගේ අයියත් ඒ වගේම ආදරය කරනවා නේද ඔය වගේ ආරක්ෂාව වගේ හැම දෙයක්ම දෙනවා නේද අනේ අනේ ඉතින් ඉරිසියා කරලා හරි යනවද.. පිස්සු කෙල්ල මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ආදරේ හැමදාම සතුටින් පරිස්සමෙන්

  8. Hashini Navanjana.

    අදත් හරිම ලස්සනයී ??? සිත්මි අක්කියෝ…. ???
    දැන් නම් තවත් ශෝයී….
    මනුකගෙ ආදරේ ගැන දැන දැන කෙල්ල නොදන්නවා වගේ ඉදන් මනුකට තව තව ලං වෙනවා….
    හරිම කපටි කෙල්ලෙක් තමයි මේ අභී නම්… ☺️☺️☺️

    ඇත්තටම මනුක නම් පුදුම කොල්ලෙක්… කෙල්ලෙක් ඉස්සරහ ඒ තරම් හැගීම් පාලනය කරන් ඉන්නවා කියන්නේ… ආයේ නියමම කොල්ලෙක්… ???

    බලන්නකෝ අම්මෙක් වගේ ලස්සනට කෙල්ලට ඒ දේවල් පැහැදිලි කරලා දීපු විදිය.
    කෙල්ලෙක්ගෙ නිරුවත දකින්න මාන බලන පිරිමින් ඉන්න සමාජයක මනුක වගේ කොල්ලෙක් දෙවි කෙනෙක් වගේ චරිතයක්… ඒ වගේ පිරිමින්ට මනුක ලොකු ආදර්ශයක් ???

    කෙල්ල මනුකගෙ ආදරේට හරිම ලෝබයි නේද… ඒකනේ කොච්චර ඒ තුරුලේ ඉදියත් කෙල්ලට මදි… එහෙම තමයි කෙල්ලෙක් උනාම ආදරේ මුලු ජීවිතේම කර ගන්නවා. අනික අභීට අම්මා තාත්තගෙන් වත් හරියට ආදරයක් ලැබුනේ නැති නිසා මනුකගෙන් ගොඩාක්ක්ක් ආදරේ බලාපොරොත්තු වෙනවා… ඒ ආදරේ ඒ විදියටම ලැබෙයි නේද අක්කියෝ…. ???

    හෙටත් ලස්සන කොටසක් අරන් එනකල් බලන් ඉන්නවා… ???

    සුමී අයියේ ඔයාගෙ අතත් ඉක්මනින් හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… ❤️❤️❤️

    බුදු සරණයි ???? ඔයාලා දෙන්නටම ?❤?❤?❤

    ???????????

    1. අනිවාර්යෙන්ම නංගියා ඔයාගේ කොමෙන්ට් එක 100% හරි.. ඔයා හිතන්නේ පතන්නේ හරියට මනුක වගේ හරියට මේ sithmi වගේ ඒ ගැන නම් හරිම ආඩම්බරයි.. ඒකනෙ ඔයා මගේම නංගි කරගත්තේ මම.. අමාරුවෙන් අමාරුවෙන් ඕගොල්ලන්ගේ කොමෙන්ට් වලට රිප්ලයි කරනව නංගියා නැත්තං මට හරි දුකයි.. කොච්චර වැඩ තියාගෙනද name ඇවිල්ල දිගම කොමෙන්ට් එකක් දාලා අය්යව සතුටු කරලා යන්න මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගියා ඇත්තටම ගොඩාක් සතුටින් මේ දෙන වටිනාකම් වලට ඔයාලට කවදාවත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි මගෙ වත්කම ඔයාලා නංගි.. කියන කරන හැම දෙයක්ම සාර්ථක වේවා අනේ ඉක්මනට කෙටිකතාවක් හරි දෙන්න අයියලාට බලන්න ඕනේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.