Katha Ahura

පින්වන්ති මා – 17 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

17 කොටස

තරූ අක්කලාට කෑම මේසෙටම තිව්වේ කාලම යන්න .උදේ වැඩි නිසා මායි අයියයි කෑවෙ නෑ .එයාලා කනකම් අපි දෙන්නා සාලෙට වෙලා කතා කර කර හිටියා .

” අභී ….එයාලා යනකොට ඔයා මාධවටයි සුදු නංගිටයි වඳින්න ඕන හොඳේ ….”

” වඳින්න …….”

ඇස් දෙකත් ලොකු කරගෙන මම ඇහුවේ පුදුමෙන් වගේ.මොකද මම මගේ අම්මටයි තාත්තටයි වත් වැඳලා නෑ මේ වෙනකම්.

” ඔව් බබා….එයාලා දෙන්නම ඔයාට වඩා වැඩිමල් ….ඉතින් ඔයා වඳින්න ඕන ….”

” ඒත් ඇයි අයියේ ….”

වඳින්නේ ඇයි කියන හේතුව මට අයියගෙන් දැන ගන්න ඕන උනා.

” බබා …කවුරු හරි නෑදෑයෙක් වැඩිහිටි කෙනෙක් අපේ ගෙදරට ඇවිත් එයාලා යන්න හදනකොට අපි එයාලට වැඳලා එයාලගෙන් ආශිර්වාද ගන්නවා…..

ඒ වගේම තමයි අපි කාගෙ හරි ගෙදරකට ගියොත් ආයෙත් එන වෙලාවට ඒ ගෙදර ඉන්න වැඩිහිටියන්ට වැඳලා ආශිර්වාද අරගෙනයි එන්න ඕන …”

” මට තේරුණා අයියේ ..මම එහෙම කරන්නම්….”

” හොඳ ළමයා ….
දන්නවද අභී ….අපි වඳින වෙලාවට එයාලා දෙන ආශිර්වාද අපේ ජීවිතේට ගොඩක් වටිනවා….”

” ඒත් මම ඔයාට වැන්දේ නෑනේ අයියේ ….”

” ඒකට කමක් නෑ අභී …..මම ගෙදර ඉන්න කෙනානේ…මට ඕන ඔයා මේ හැම හොඳ සිරිතක්ම ඉගෙන ගන්නවා බලන්න ….”

” ම්ම්ම් මම ඉගෙන ගන්නම් අයියේ …. ඔයා මට කියලා දෙන්න හැම දෙයක්ම ….”

තරූ අක්කලා කාලා සාලෙට ආවේ යන්න බලාගෙන .

” සුදු අයියේ ….අපි යන්න හදන්නේ ….”

එහෙම කියාගෙනම රෝෂි ඇවිත් අයියගේ කරේ එල්ලුණා.කමක් නෑ .අද විතරනේ.

ඒ නිසා මම ඉවසගෙන හිටියේ එයා දිහා බලන්නේ වත් නැතුව .මම මුලින්ම ගිහින් වැන්දේ තරූ අක්කට.

” අභී ….බුදුසරණයි පැටියෝ .. මට නම් විශ්වාස කරන්නත් අමාරුයි …

ඇත්තටම ඔයා ගොඩක් වෙනස් වෙලා….ගොඩක් සතුටුයි අභී …”

තරූ අක්කගේ ආශිර්වාදය අයියා කිව්වා වගේම ඇත්තටම මගේ හිතට ගෙනාවේ සතුටක්.

එයා මගේ හිස අතගාලා මගේ දෙකොපුල් සිප ගත්තේ ගොඩක් ආදරෙන් .

මාම් දැක්කා අයියා ඒ වෙලාවේ බලන් හිටියේ මගේ දිහාම කියලා .මේ දේවල් නිසා ගොඩක්ම සතුටු වුණේ මගේ අයියා කියලා මම දන්නවා .

මම ඊළඟට වැන්දේ මාධව අයියට.

” අභී …බුදුසරණයි බබා…”

මාධව අයියා මට ආශිර්වාද කරලා මාව තුරුල් කර ගත්තේ එයාගෙම නංගිට තරම් ආදරෙන් .

” දඟමල්ල…..අයියත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ හොඳේ අපි ගියාම….”

මාධව අයියා එහෙම කියලා මගේ පිටට තට්ටුවක් දැම්මා .මම හා කියලා බිම බලාගත්තේ දැනුණු ලැජ්ජාවට.

මොකද මම අයියට කොට්ටෙන් ගහනවා එයා හොඳටම දැක්කනේ.

” අභී ….රහසක් කියන්නද…..”

තරූ අක්කයි රෝෂියි අයියත් එක්ක කතා කර කරම එළියට ආපු නිසා මාධව අයියා මගෙන් එහෙම ඇහුවේ එයාලට ඇහෙන්නේ නැති වෙන්න .

” කියන්න අයියේ ….”

රහසක් කිව්වම මටත් ඕන උනේ ඉක්මනට ඒක මොකක්ද කියලා දැන ගන්න .

” හැබැයි මේක අයියට කියන්න බෑ හොඳේ ….”

” නෑ …නෑ …ප්‍රොමිස් වෙනවා ….මම අයියට කියන්නේ නෑ ….”

” දන්නවද අභී ….මනුක අයියා ඔයාට ගොඩක් ආදරය කරනවා…පුළුවන් නම් හැමදාටම එයාගේ ජීවිතේ නවතින්න බබා….”

මාධව අයියා එහෙම කිව්වම මට දැනුණු සතුට වචන වලින් විස්තර කරන්න බැරි තරම් .ඒ කියන්නේ එයාලත් දන්නවා අයියා මට ආදරෙයි කියලා .

” මාධව අයියා ….”

” ඇයි බබා …කියන්න ….”

” මාත් රහසක් කියන්නද….”

” කියන්න බලන්න මේ දඟ මල්ලගේ රහස මොකක්ද කියලා ….”

” මම ….මේ…මා..ත්….”

” ඔව් කියන්න ඉතින් ….මොකක්ද මාත්….”

” මාත් අයියට ගොඩක් ආදරෙයි …”

” අභී …ඔය ඇත්තමද බබා….”

” ම්ම්ම්….මම ඇත්තටම ආදරෙයි අයියට…. ඒත් අයියා මට ආදරේ නෑනේ මාධව අයියා ….”

” ඔයා නොදන්නවා උනාට එයා ඔයාට ගොඩක් ආදරෙයි බබා ….එයා කියන්නේ නැත්තේ ලොකු හේතුවක් නිසා ….”

” ඇයි ඒ…. අනේ කියන්නකෝ…. මම නරක වැඩ කරපු නිසාද….”

” අනේ නෑ අභී …..ඔයා නරක වැඩ කරන කාලෙම තමයි අයියා ඔයාට ආදරේ කරන්න ගත්තේ ….

ඒක නෙමෙයි හේතුව ….”

” අනේ ප්ලීස් මාධව අයියා ….. කියන්න මට එහෙනම් ඇයි මට අයියා ආදරෙයි කියලා නොකියා ඉන්නේ ….”

” එයා බයයි බබා කවදම හරි දවසක ඔයාලගේ ගෙදරින් ඔයාව දෙන එකක් නෑ කියලා ….”

“ඇයි ඒ අපේ ගෙදරින් අකමැති වෙන්නේ….”

” ඔයාව ක්ලබ් එකේදී මුලින්ම දැකපු දවසෙමයි අයියා ඔයාට ආදරේ කරන්න ගත්තේ අභී ….

ඒත් අයියා දැනගෙන හිටියේ නෑ ඔයා කාගෙ කවුද කියන්න වත්…”

” එහෙනම් ඇයි මාධව අයියා ….. අනේ මට කියන්න ඇයි කියලා ….”

” පස්සේ තමයි අයියා ඔයා ගැන හැමදෙයක්ම දැන ගත්තේ …

අයියා වගේ සාමාන්‍ය කොල්ලෙකුට ඔයාලගේ ගෙදරින් කවදාවත් කැමති වෙන්නේ නෑ අභී …….

ඒකයි අයියා ඔයාට බලාපොරොත්තුවක් නොදී හිතේම හංගගෙන ඉන්නේ….”

” අනේ මාධව අයියා මට උදව් කරන්න …. මට අයියව නැතුව ඉන්න බෑ ….”

” මේ ප්‍රශ්නෙදි මට උදව් කරන්න බෑ පැටියෝ … හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි කැමැත්ත මත….”

” අනේ මට තේරෙන්නේ නෑ මාධව අයියා …. මට අයියව ඕන …එච්චරයි මම දන්නේ …”

” අභී ….ඔය කඳුළු පිහිද ගන්න බබා …අයියා දැක්කොත් මට බනීවි ඔයාව ඇඬෙව්වා කියලා …”

” නෑ ..නෑ ..මං අඬන්නේ නෑ අයියේ ….”

” දඟ කරන්නේ නැතුව ඉන්න ඕන හොඳේ …. කාලයත් එක්ක මේවා විසඳිලා යාවි…. හිතන්න එපා ඒ ගැන හොඳ ද….”

” ම්ම්ම්ම්…….මම එහෙම හිතන්නම් අයියේ … ගොඩක් පින් ඔයාට …මේ ටික හරි මට කිව්වට…”

” පිස්සු කෙල්ල සතුටින් ඉන්න ….අයියව ලැබේවි ඔයාට …”

මාධව අයියයි මායි වෙනසක් නොපෙන්වම තරූ අක්කලා ළඟට ආවා .

තරූ අක්කයි මාධව අයියයි දෙන්නම අයියට දණ ගහලා වැන්දා.

ඒත් රෝෂි අයියගේ කම්මුල් සිප ගත්තා ඇරෙන්න අයියට වැන්දේ නෑ .මට තරහ ආවත් ඉවසගෙන හිටියේ එයාලා යනකම් අයියව අල්ල ගන්න

එයාලා ගියාට පස්සේ අයියා ගේට් එකත් වහලා මම ළඟට ආවා .

මම අයියත් එක්ක කතා නොකරම එයාව අතින් ඇදගෙන එක්කන් ගියේ මිදුලේ තිබුණු ටැප් එක ළඟට .

ටැප් එක ඇරලා අතට වතුර අරගෙන මම අයියගේ මූණම හේදුවා .අයියා මුකුත්ම නොකියා පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියේ එයාට මම කරන දේ තේරුම් ගන්න බැරුව .

ආයෙත් එන්නම්

99 thoughts on “පින්වන්ති මා – 17 වෙනි දිගහැරුම”

    1. Me mashiyooo Mokakda bn mawa adath paradduwa oyala.
      ඕන් රීන් කට්ටු කට්ටු හෙට මෙයාල මට්ටු මට්ටු ඒස්වාහ් පුහ්……

      1. හපොයි දෙවියනේ……… අනේ මේ කෙල්ල නම්….. හෙටත් එන්නෙ මම තම හොදේ …..???? අපිට ඕව කරලා බෑ……….

        1. හපෝයී……. හෙටත් ආවොත් මන් මගේ මැජික් යෂ්ටියෙන් ඔයාල හැමෝම ගල් කරලා දානවා. මන් මෙහෙම ඉදියට සුරන්ගනාවියක් හොදේ……….? ???????

          1. Sedeumi nangiya oyata kawadawath ba masshi nangiya paradanna oya danne nadda epp eke eya marry karala thiyenne gedara Meka hehehhe

  1. Adath godaak lassanai kathawa .hadawathinma suba pathanawa oyala dennatama me wage katha thawa issarahatath liyanna
    shakthiya dairya lebenna kiyala .good luck .budu saranai parissamin inna ….

  2. Chadi kaveesha

    Kathava adath lassanai….habai ada chuttaine ?? heta diga kotasak one….තෙරුවන් සරණයි dennatama…..(a….aiye oyage atha hoda venakam mata reply comment epa )

  3. අම්මෝ මේ කෙල්ල නම්….. රෝෂි කිස්ස් එක දුන්න නිසානේ මේ මූන සෝදන්නෙ. ..??? අදත් ලස්සනයි අක්කියෝ කතාව…. තෙරුවන් සරණයි

    1. Ruwanthi Lakshani

      ඔබ මගේ ප්‍රාණයයි….
      හදවතේ ගැස්ම ඔබයි…
      දිවි ඇති තුරා ඔබ මගෙම පමනයි…
      ඔබෙන් තොර වූ ලොවක් නොම වෙයි…
      ????????????
      අදුරු අහස් ගැබේ පෑයූ පුන් සඳ මෙන්…
      එලිය දුන්නේ කවුද නුඹ මෙන්…
      ඔබ නොමැති ලොව අමාවක මෙන්…
      මගේ දිවියම නුඹයි පන මෙන්….
      ????????????
      මගේ දිවියට අරුතක් ගෙනා…
      කෙලෙස කියමිද මේලෙසා…
      ඔබ දෙපා මුල සිටිමි මා….
      හුස්ම පවතින තුරා….
      ?????????

      1. Ruwanthi Lakshani

        සුමි අයියේ අද ඔබගේ කතාව….
        රැදුනා හදවතේ මුල්ලක් නෑර….
        මෙවන් සෙනෙහසක් ලැබේ නම් දිවි පුරාම….
        රකිමි එවන් සෙනෙහස දිවි තුරාම….
        ???????????
        අවංක ආදරේ සැමදා ජය ගන්නේ….
        එවැනි දෙයක් අප හට හිමි නොවුනානේ..
        කුමක් කරන්නද එය අප ලැබුවානේ….
        වෙන්වීමක වේදනාව දැනුනානේ….
        ??????????
        ඔබගේ කතාවට මම හරි ආසයි….
        සැමදා සවස් වන තෙක් ඉන්නේ කෝමැයි..
        සැමදා එක ලෙසින් ඔබෙ නම බබලයි…
        ඔබට හදවතින් සුභ පැතුම් පුදයි…..
        ?????????????

        1. Hashini Navanjana.

          අනේ මංදා මේ කෙල්ලට දවසින් දවසට වෙනස්ම විදියට මේ වගේ කවි සිතුවිලි කොහෙන් එනවද කියලා… ??? ඔයා නම් හරිම දක්ෂයි රුවී…….. ??? අනේ ඔයත් කතාවක් ලියන්නකෝ කෙල්ලේ….
          අපි ආසාවෙන් බලා ඉන්නවා හොඳද ???

          1. හසිනි නංගියා ඇත්තටම ඔයා හරි මේ කෙල්ල දැන් මේ දවස් ටිකේ ලස්සන ලස්සන කවි පද ගලපනවා.. මටවත් තේරෙන්නේ ඒ විදියට ගළපන්න ඇත්තටම අති විශිෂ්ටයි නේද.. මාත් කිව්ව කතාවක් ලියන්න කියලා කෝ ගානක්වත් නෑනේ

        2. හරිම ලස්සනයි නංගියේ ඔයා නං ඇත්තටම දක්ෂයි ඔයාගේ කොමෙන්ට් එකට මට මාර සතුටක් දැනෙන්නෙ මොකද එක කවියෙන් ලියන නිසා.. ඉතින් අයියට නිතරම කවිය ලියන්න බැරි උනාට සමාවෙන්න අයියේ ගොඩක් අමාරු වෙන්නේ ඉන්නේ පුළුවන් හැම වෙලාවෙම කොමෙන්ට් කරන්නම් ඒ විදියට. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට nangiya ඇත්තටම සතුටුයි ඇත්තටම කියනවනම් මගේ සතුටමේ ඒකයි ඒක ඕගොල්ලන්ට තේරෙන එකට ගොඩාක් පින් තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් නංගී

          1. Ruwanthi Lakshani

            එකට කමක් නෑ සුමි අයියේ ඔයාට පුළුවන් නම් විතරක් reply කරන්න…?????

  4. Apoooo monada ayyyee thwa tikk lokuuuu kotsak dannkoooo plzzz ???? aneee hamdma wage kathwath shoke manukath shoke ane…… e wage ayy kenek hitiyanm shoiii aneee ???? eth ithin mata ayy kenek na ne ???? ayyl nathi ayta thmai ayylage age therenne good luck akkiioo & ayyeee bs gn oylta

    1. Ai anee apita inne me hoda aiya kenek. Lassana katha liyana kavi liyana aiyekne inne. Api hamoma sahodara sahodariyo nango. Api hamoma eka paulak kiyala hithamu.

    2. Aiyya kenk labevi ekmanata hode aniwarenma thank you so much nangiya hamdma meme comment daddi aththatama sathutuyi parisemn sathutin inna one harida budusaranyi good night

  5. Ashka Rashmi

    අනේ සිත්මි අක්කියෝ….කතාව නං මරු අනේ….ගොඩක්ම සතුටු අභී මනුක එයාට ආදරේ කරනවා කියලා දැනගත්ත එකට…දැන් නං අභීගෙන් මනුකට බේරෙන්න බැරි වෙයි…ඒත් ඇත්තටම අර කිව්වත් වගේ මනුකට අභීගෙ මමියි ඩැඩියි අකමැති උනොත් …? මං හිතන්නෑ මනුක අභීගෙ දෙමව්පියන්ගෙ අකමැත්තෙන් එයාව බාර ගනී කියලා…අභී කොච්චර එයාට ආදරේ කලත් …අනේ මංදා …ඔයා මොන ජිල්මාට් එක දාලා හරි කෝමහරි අභීව මනුකටම දෙන්න හොදේ…අපි ආස මේ කතාවෙ හැපි එන්ඩින් එකකට…අපේ බලාපොරොත්තු ඉශ්ට කරන්න අක්කි…
    අභී මරු..අර මනුකගෙ මූණ හේදුවෙ රෝශි කිස් කල හින්දා නේහ්…අනේ අම්මපා මං වගේ නං මූණ හෝදලා විතරක් පස්ස බලන්නෑ….ඒ කිස් එකේ විස යන්න මනූගෙ මුලු මූනම කිස් කරනවා පැය භාගයක් විතර..එතකොට හරිනෙ..මනුකත් හරි ආසාවෙන් ඉන්නැති රෝශි කිස් කරද්දි ? කතාව හරීම ලස්සනයි අක්කි…කෝ අර ඉස්සරහ ගෙදර හැන්ඩ්සම් බෝයි…එයාවත් මතක් වෙනවා මට හොදේ??ඔයාට බුදු සරණයි❤️❤️ ඔයාවත් අමතක නෑ සුමිත් අයියේ…ඔයාගෙ අත හොද කරගන්න ඉක්මන්ට ..ඔයාටත් බුදු සරණයි❤️❤️

        1. මනුක අද ඊයෙ අභිව ෆලෝ කරපු කෙනෙක් නෙමෙයි නංගි.. බලන්නකෝ අභී ගෙ අම්මල තාත්තල මොනවද කරල තියෙන්නෙ කියලා.. තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙනවා.. හැන්සම් boy අනිවාර්යෙන්ම ඊලඟ කොටස් දෙක තුනේදී දැනගන්න පුලුවන් මොකක්ද වෙන්නෙ කියලා එයා කවුද ඇයි එහෙම ඉන්නේ හැම දෙයක්ම.. මං කිව්වේ දඟ නංගියෝ. කතාවෙ මුලින් එක එක දේවල් කියල ඒ ගැන හොයන්න යනකොට ඒ ඔක්කොම අන්තිමට තමයි කියන්නේ කියලා.. කිසිම දෙයක් මඟ හරින්න ඇති අනිවාර්යෙන්ම අනිත් කොටස්වල තියේවි.. අපේ දඟ නංගියා තරම් දක්ෂ නොවුනොත් යමක් කමක් කරන්න පුළුවන් තත්වෙක ඉන්නවා.. සමාව ඉල්ලනවා දිග කමෙන්ට් නැති වුණාට ඕනේ. ඔයාට වැඩිය දඟයි නේ මම ඒක නිසා මේ අත හොඳ කරගන්න නං අඹෙන් නෑ දැන්ම.. බොහොම ස්තූතියි nangiya මේ හැම දෙයකටම තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

  6. Hashini Navanjana.

    අම්මෝ…. මේ අභී නම් ශෝයි අප්පා… රෝශිගෙ කිස් එක නිසා මූනත් සේදුවා… ??? මං නම් හැබැයි මූන සෝදන්නේ නෑ… මොකද එහෙම සෝදන්නත් වෙන්නේ කිස් එකක් කවුරු හරි දෙනකල් මං බලන් ඉදියොත් නේහ්… ???

    කිස් එකක් දෙන්න තියා ලගට වත් එන්න දෙන්නෑ මං නම්..
    නෑදෑයෝ වෙන කෙල්ලෙක්ට උනත් ඉන්නවා නම් ඉන්න පුලුවන් අතේ දුරින්… ??? එහෙම උනේ නැත්නම් එයාට වගේම මගේ අයියටත් අත් වෙන ඉරණම නම් හරිම නරක එකක් වෙයි…. ???

    ???????????

    කතාව හරීමමමමම…………………
    …………….. ලස්සනයීයීයීයීයීයී………………………………….. සිත්මි අක්කියෝ……
    ?????????
    ඉස්සරහට වෙන දේවල් දැන ගන්නකල් ඉවසුමක් නෑ දැන්………… ???

    අභීට හැම දෙයක් ගැනම මනුක කියලා දෙන විදිය ශෝයී අනේ….
    ??? ආදරේ හිතෙන්නේ නැද්ද එහෙම වෙනකොට ඉතිම්… ???
    අභීටත් උනේ ඒකම නේහ්… ???

    හෙටත් මේ වගේ ලස්සන කොටසක් අරන් එන්නකෝ සුමී අයියේ…. ???

    බුදු සරණයි ???? ඔයාලා දෙන්නටම ?❤?❤?❤
    ඔයාගේ අතත් ඉක්මනින්ම හොඳ වෙන්න ඕනී…

    ??????????

    1. Ashka Rashmi

      ඇත්තමයි හශී…මාත් ඔයා වගේමයි…කිස් එකක් දෙන්න තියා ඒ ගැන හිතන්නවත් දෙන්නෑ…අභීට තිබ්බෙ දුවලා ගිහින් රෝශිව තල්ලු කරලා දාන්න.එයාවත් තල්ලු කරලා මනුකටත් පාරක් ගහලා ගහපු පාර රිදුනා වගේ නං කිස් එකකුත් දෙන්න …කවුද බලන් ඉන්නෙ කින්ද මන්ද අදාලම නෑ..my car my petrol ..අභීව ටිකක් හදලා ගත්තනං හරි ඒ වගේ දේවල්වලට?? සිත්මි අක්කෝ…you can get our ideas to ur next story ?? ( just a kidding ) god bless you darling ?❤

      1. Hashini Navanjana.

        අනිවාර්යයෙන්ම ආශ්කා…. ??? එහෙම නැතිව පුලුවන්ද අනේ කෙල්ලොන්ගෙන් කොල්ලව බේරගන්න. ???

      1. Hashini Navanjana.

        ඕ…සදෙවුමියෝ… දැන් නැති උනත් ඉස්සරහට ඉදියි නේ… ඒ නිසා එක්ස්පීරියන්ස් ටිකක් ගත්තට කමක් නෑ කෙල්ලේ… ??? ඒ වලි වලත් ජොලියක් තියනවා අප්පා.. ???

        1. ආදරේ කරලා, ආදරේ විදලා, ආදරේ විදවලා experience ගොඩක් ලැබුනු නිසා තමයි ඒ වචනෙ මගෙ ජීවිතේන්ම අයින් කලේ. ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි අක්කියෝ

          1. Hashini Navanjana.

            ඔහොම තමයි කෙල්ලේ මාත් කිවුවේ… දැඩි තීරණේක ඉදියේ… ඒත් හිතුවෙ වත් නැති වෙලාවක ඇවිත් ඒ ආදරේ මාව ගොඩාක්ක්ක් වෙනස් කරා… ලස්සන ආදරේකට පුලුවන් මුලු ජීවිතයක්ම වෙනස් කරන්න. ඔයාටත් ඒ වගේ ලස්සන ලොකුම ලොකු ආදරයක් ලැබෙන්න කියලා මං හදවතින්ම ❤❤❤ ප්‍රාර්ථනා කරනවා පැට්ටී… මං හිතන විදියට ඔයත් මගේ වයසෙම තමයි… ???
            බුදු සරණයි ???? ඔයාට ?????

          2. ආදරේ නිසා මන් මාවම නැති කරගන්න හදපු කෙනෙක්. මන් මේ ඉන්න විදිහ හොදයි අනේ……. මන් දැන් ගොඩක් සතුටින් ඉන්නෙ මගේම අය එක්ක. ඒ සතුට නැති කරගන්න මන් කැමති නෑ. මන් 97 අනේ…

          3. Hashini Navanjana.

            මාත් 97 සුද්දි… ??? it’s okey dr. ? your choice ?

          4. හසිනි නංගියා හැමදාමත් වගේ ලස්සනම ලස්සන දිග කමෙන්ට් එකක් දානව ඒකට ගොඩාක් පින් මගේ ශක්තිය මගේ සතුට අපේ අනේ මන්ද කියන්න දන්නේ නෑ මම.. මේ හැමදෙයක්ම ඔයාලා දහමේ ලස්සන ආදරණීය කොමෙන්ට් එකට ගොඩක් පිං ආදරේ නංගි මෙ ලෙන්ගතුකමට හැමදාමත් කතාව ඉස්සරහට නම් ගොඩක් තරහ යන ඒවා ගොඩක් දුක හිතෙනවා ගොඩක් තියෙනවා ඉතින් ඒ හැම දෙයක්ම බලන්න මේ වගේ ආදරණීය කොමෙන්ට් දෙන්න ඕනේ.. ලොකුවට කොමෙන්ට් නෑ කියලා අයියත් එක්ක තරහ වෙන්න එපා අයියා ඉන්න තත්වෙ දන්නවනේ අයියා ඔයාලා වගේ දඟ කෝච්චියක් නේ.. ඉතිං ඉක්මනටම හොඳ වෙන එකක් නෑ.. බොහොම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් අපේ රෝස බෝල මතක් කරන්න

  7. ඔයාගෙ අත දැන් හොදයිද අයියෙ…? ඉක්මනටම හොද වෙයි නේද අයියේ…? බේත් ටික වෙලාවට බොන්න අයියේ.. පරිස්සමට ඉන්න අයියේ…??????

    කතාවනම් පොඩ්ඩයි අද. ඒත් ඉතින් හරිම ලස්සනයි. මනුක කවද්ද අනේ එයාගෙ ආදරෙ අභීට කියන්නේ? ආදරේ හරි පුදුමාකාරයි නේද අයියේ? ආදරේ නිසා සතුටු වෙන අය වගේම ආදරේ නිසා දුක් විදින අයත් ඉන්නව. ආදරේ මුලු ජීවිතේම කරගෙන ඒ ආදරේ හැමදාටම පාර්ථනා කරන අය ඉන්න මේ ලෝකෙ ආය කවදාවත් ආදරයක් ගැන නොහිතන්න තීරණය කරපු අයත් ඉන්නවා. ආදරය නිසා සතුටින් ඉන්න අය ගොඩ දෙනෙක් අතරෙ තමන්ව රවටලා අත් ඇරලා ගියපු ආදරේ ගැන හිත හිත ලෝකෙට පේන්න හිනා වෙලා සතුටින් ඉදගෙන හිත ඇතුලෙන් විදවන අයත් ඉන්නවනෙ.??????????

    අයියෙ මට පොඩ් උදව්වක් කරන්නකො අනේ….. මට ඉදියෙ අයියලා දෙන්නෙක්. ලොකුම අයියට මන් කියන්නෙ ලොකු අයියා කියලා. දෙවිනි අයියට මන් කියන්නෙ පොඩි අයියා කියලා. දැන් මට තව අයියා කෙනෙක් මුන ගැහුනනෙ එතකොට ඒ මගෙ තුන් වෙනි අයියා. එයාට කියන්න නමක් කියන්නකො අයියේ……???????

    සිත්මි අක්කි ඔයාටත් අයියෙ ඔයාටත් කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දළදා සමිදු පිහිටයි…????????

    1. Ashka Rashmi

      එයාට කියන්න සුමී අයියා කියලා…ඒක හරි නෑ වගේ නං සුදු අයියා කියන්න…අපේ සුමී අයියා සුදුයිනෙ කෝමත්..( ඇරත් දැන් කලු අයටත් තුදූ තුදූ කියලනෙ කතා කරන්නෙ?? ).ඒ හින්දා ඒක ගැලපෙයි…( මං හිතනවා ඔයා අදහස් කලේ සුමිත් අයියා ගැන කියලා .මං වැරදියි නං සමාව භාජනේට දානවා හොදේ…?)

      1. කිවුවෙනම් අයිය ගැන තමා අක්කි… ඒත් සුමී කියන නම fit නෑ අනේ… සුදු අයියා කියන වචනෙ මන් ආදරේ කියන වචනෙ එක්කම අයින් කරපු වචනයක්……වෙන හොද එකක් කියන්නකො හලෝ……. මට එන්නෙම නෑනෙ බන් නමක්……..????????

        1. Thilini Navodya

          අක්කි මං නමක් කිව්වට කමක් නැද්ද? කමක් තිබ්බත් මං කියන්නම්.තුන් වෙනි අයියෙකුට කියන්න හොදම නම තමයි චූටි අයිය කියල.මට මගෙම අයියල තුනක් ඉන්නව.තුන් වෙනි අයියට මං කියන්නෙ චූටි අයිය කියල.ඔයා කැමතිනම් විතරක් ඒ නම කියන්න

          1. හම්මෝ….. මෙ අක්කලා මාර comment නේ දාන්නේ…… මට මතක් වෙන්නෑනේ අප්පා ඕවා…… ???

          2. Eeee bn eka maru. Gatha yuththak thinawa ethana. Thawa nam tikak kiyannako kastiyama…

          3. Hashini Navanjana.

            සුමී අයියට 28යි ද කොහෙද ? (මට මතක විදියට) එයා ඔයාගේ පොඩි අයියට වඩා වැඩිමල් නම්…. ලොකු අයියට වඩා බාලයි නම්… මද්දු අයියා කිවුවත් අවුලක් නෑ නේහ්… ? ඒත් මට නම් කියවෙන්නෙම නැති වචනයක් ඒක.. ???

          4. මට ඔයාලා ඔක්කොම එකතුවෙලා දාන නම මම මගේ sumith boy කියන එකට දානවා මේ ඔක්කොම කමෙන්ට් වලට රිප්ලයි කරනවා හොඳේ ටිකක් time දෙන්න මට අත රිදෙන නිසා

      1. අයියගෙ සම්පූර්ණ නමයි වයසයි මට කියන්න…මං ලස්සන නමක් යෝජනා කරන්නං…?

        1. අම්මෝ මේ දඟ කෙල්ල හරි කපටි මගේ සම්පූර්ණ නම : D. Sumith ushan thabrew ( D. Ekayi thabrew ekayi thaththage wasagama ) waysa 27 ewara wela 28 labuwa marry karala babala 6 denekge thaththa kenk wife la thunak innawa athi neda oya visthara

          1. Waife lai babalai madi wage neda aiye.oya sinhala jathiye wardanayata ura denna ne yanne.???

          2. aiyoooo sory sorry nidi mathe mona type wenawada manda. Aiya oya mage loku aiyage wayasane. Dan mokakda kiyanne man….

          3. Aththatama oya marry krlda..??boru neda???? ow ow..wifla 3k babies la 6 k..impossible ?? oya muslim newene.anika enm sumith boy kiyla danna bane..sumit daddy or sumit papa??? kiyla dannepai .ushan kiyla lassana nmk tiyeddi sumit kiyla old fashion name ekk damme ai( sorry ema kiwwata et mn kiynna oni de kelinma kiynwa??)..oyta රසඥතාවයත් ugnnanna welane ane..ekat me apita..harima sochaniyai..anyway mn komahari oyge informations danagattane? gud night all of my friends ..mta nm nidaganna ba report liynna tino??? bye hamotama.

          4. Mama kiuwe me kelle Hari kapati kiyala.. Dan mage mama mokadda a old namata mama adare karanne hethuwak nisa nangiya .. boruwata marry karanna pluwanda kelle mama marry karala eka wife kenk lanakwe anith denna me thawa ekak set wigena enne eka tikak math Wadi ane Dan ko ban daga kelle nama Dan

          5. Nirosha Lakmali

            Ushan කියන නම හරිම ලස්සනයි අයියේ. මං කැමති උෂාන් අයියා කියන්න.

          6. නිරො නංගියා එනම් අපි ඒ නම දාමු සුමිත් බෝයි කියන එක වෙනුවට ඔයාලම බලල කියන්නකො

          7. Mannam kamathi Sumith Boyta. Ushan lassanai e unata kamathi sumith boyta. Mokada aiyawa mulin adunagaththe me naminne……

          1. Thama pregnantda appa. Me eyalage delivery una gaman ayama try karannako sahooo. Ginas wartha pothatawath yanna puluwanne ethakota. Onna balannako aiyth marry karalane inne. Me ape mottapala giya aya gana hitha hitha thama kadulu bonawa. Apita thama okkoma bana.

          2. Sedeumi nangiya ba ane ayth oya athi ethakota 9k innawa ne kohomda denna denna labunoth goda ne heheh

          3. Ashka Rashmi

            Apo na..jiwitheta ekkenek tiyagattama hodatama athi….mat asai ushan kiynna…ayyta kmathi nm anit ayat ekagai nm eka dnna..#USHAN# ntnm #SHAN#
            Anyway mta oni une oyge informations dngnna ? nmak kiynnma newe…et mn uda kiwwa nmata asai.

    2. දැන් නම් අත හොඳයි නංගියා ඒත් අයියා දඟ කෝච්චියක් නිසා මේක ඉක්මනටම නම් හොඳ වෙන්නේ නැහැ.. මොන බේත් ගණන් ගියා ්‍රීම් එකක් ගෙනෙල්ලා නිකං උලාගෙන ඉන්නවා.. අයියා ඉතින් නැව ගිලුනොත් බෑන් චූන් නේ..

      කතාවෙි තව ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා නම් ගියා ඒ මොනවද කියලා කතාව කියවලා ම බලන්න දුක හිතෙනවා තරහ යනවා ආදරෙයි දෙනවා බලන්නකෝ මොකද වෙන්නේ කියලා..

      ඔයාට කැමති නමකින් කතා කරන්න නං ගියා මං ආසයි එකට මේ සහෝදරයා ආදරේ කවදාවත් නැතිවෙන් නෑ ඔයාලා හැමෝම මට ආදරේ කියලා මං දන්නවා ඒ ආදරේට මමත් ආදරෙයි කිසිම වෙනසක් නෑ කතා නොකර දැකලා නැති වුණාට මෙ ලෙන්ගතුකමට මං ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි ඔයා කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක් ඔයාට

      1. Hammmooo ayyeee reply krnwa kiyl mehem dann epa anee ??? oytnam wifl la 3k madi wage ne…….. good luck good luck ohom giyoth oyta maseta kochchr salery ekk hoynn weida dnna…. apinam na owata????

  8. Thilini Navodya

    අම්මෝ මේ අභී නම් ඉරිසියාකාර දග මල්ලක්?????.ඔයා හරිම ආදරේ හිතෙන විදිහට මේ අභී කියන චරිතෙ නිර්මාණය කරල තියනව සිත්මි අක්කෙ❤️❤️??.කතාව කියවන්න තියන ආසාව දවසින් දවස වැඩි වෙනව???. නියමයි අක්කෙ කතාව නම් ගොඩක් ලස්සනයි??❤️.මනුකගෙ ආදරේ ලග අභී දවසින් දවස හොද කෙනෙක් වෙන?ව.ඇත්තටම මේ කතාව කියවන කොට අපිට අමතක වෙලා තියන හොද දේවල් ආයෙ ආයෙ මතක් කරල දෙනව??.ඔයා අදහස් නම් හරිම ලස්සනයි සිත්මි අක්කෙ❤️.හරිම ආදරණීයයි මේ කතාව????.හැමදාම හුගක් ආසාවෙන් බලන් ඉදල කතාව කියවනව.සුබ පතනව සිත්මි අක්කෙ ඔයාටත් සුමිත් අයියටත් ඔයාලගෙ වැඩ කටයුතු හැම දෙයක්ම හරියන්න කියල??????❤️❤️??.අනේ සුමිත් අයියෙ ඔයා reply කරේ නෑ කියල තරහවෙන්නෙ නෑ.ඔයා ඉස්සෙල්ල සනීප වෙලා ඉන්න.

    1. තරහා වුනොත් මටනේ පාඩු වෙන්නේ මේ වගේ ආදර කොමෙන්ට් කෝමද මං එතකොට ලබන්නේ.. ඒක නිසා අමාරුවෙන් හරි මං රිප්ලයි කරන්න ඕනේ එතකොටනෙ නංගිලා ඒ කොමෙන්ටුවට අයියා වටිනාකමක් දෙන්න.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි නංගියා අනිවාර්යෙන්ම සිත්මි යක්කු ගැන ගොඩාක් හදවත ලස්සන කෙනෙක් මටත් වඩා… එයා මේ කොමෙන්ට් ඔක්කොම කියවනව නං ගියා එයා ගොඩක් සතුටින් ඉන්නේ ඔයා දැනට නං කතාවක් ලැබෙන එකක් නෑ එයා ලංකාවෙ ඉන්න නිසා ලංකාවෙන් ගියපු දවසට ආයෙත් ඕගොල්ලන්ට කතා බලන්න පුළුවන් වේවි.. තෙරුවන් සරණයි නංගියා සුබ රාත්‍රියක් ඔයාට

  9. අම්මෝ අභී… එයත් මරු වැඩ තමා කරන්නේ… රෝෂි කිස් කරපු නිසා මනුකගෙ මූණත් හෝදනවා නේද…

    මං නම් හෝදන්නෙ නිකන් නෙවෙයි ඔහොම දෙයක් උනානම් සබන් එහෙම ගාලා හොදට අතුල්ලනවා.. නැතුව බැනේ… ?…

    කතාවනම් එළකිරි… මොනා කියන්නද මන්දා.. ඒ තරම් සුපිරි.. අනේ පව් මනුක.. අභීට ආදරේ කරලත් ඒක කියගන්න විදිහක් නැ… ඒ දෙන්නට එකතුවෙන්න බැරිවෙයිද.. අනේ.. එහෙම නම් වෙන්න එපා..

    1. අම්මෝ මේ කෙල්ල නම් හරිම ඉරිසියාවෙ ලැබිලා ඉන්න කොල්ලෝ නං හොඳ කට්ටක් කනව ඇති මේ කෙල්ලොත් එක්ක ඉන්න.. පේනවනෙ තියෙන තරහා.. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගියා කමෙන්ට් වලට රිප්ලයි පොඩි උනාට තරහා වෙන්න එපා හොඳේ තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  10. Buddhika subhashini

    අභී නම් මරු අනේ ??? වෙනදා වගේම අදත් කතාව ලස්සනයි අයියේ ??? .good luck අක්කි & අයියා ????????????

    1. ඒකනේ නේද නංගියා ඔයත් ඒ වගේ වෙන්න ඕනේ ෝම ස්තූතියි මේ ලෙන්ගතුකමට nangiya තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් පරිස්සම් වෙන්න ගොඩක් හොදේ

  11. මාත් ආව දවස් ගානකට පස්සේ අද කමෙන්ට් එකක් දාන්න.???
    මට අද නම් කමෙන්ට් එකක් නොදා ඉන්න බැරිවුණා.??
    අයියේ ඔයාගෙ අත කොහොමද දැන්
    ඔයාගෙ අත ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️❤️.
    අභී නම් නියමයි.???
    මොන කෙල්ලද කැමති තමන්ගෙ කොල්ලට වෙන කෙල්ලෙක් කිස් එකක් දෙනවට.????
    හරිනම් මූන පැය භාගයක් වත් සබන් දාලා හොදට අතුල්ලන්න ඔනා.
    ඊට පස්සේ දඩුවමක් විදිහට පැයක් විතර කිස් දෙන්න ඕනා.???
    ඒ ඔක්කොටම කලින් රෝෂිගෙ තොල් දෙක ගලෝලා අතට දෙන්න ඕනා ආයේ අනුන්ගෙ කොල්ලන්ව කිස් නොකරන්න.????
    මම අභී වුනා නම් ඔය ටික තමයි කරන්නෙ.
    සිත්මි අක්ක අපි තරම් දරුනු නොවුන එකට සතුටු වෙන්න ඕනා.

    සුභ පතනවා අයියටයි අක්කටයි දෙන්නටම කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියල.
    All the best ??????

    1. හම්මෝ මේ කෙල්ලොන්ගෙ තියෙන කේන්තිය බලන්නකෝ හරිම නපුරුයි නේ කොල්ලෙකුට කෙල්ලෙක් කිස් එකක් දුන්නා කියලා ඔච්චරටම දඬුවම් කරන්න ඕනෙද.. අම්මෝ හරි භයානකයි නේ.. හරිම ආදරණීයයි නංගියා මෙම කොමෙන්ට් දාද්දී මාරම සතුටක් අපට දැනෙන්නේ.. පුළුවන් හැම වෙලාවෙම ඇවිත් යන්න එන්න මේ වගේ ආදරණීය කොමෙන්ට් එකක් දාන්න නංගියා අයියා
      හොolman කතාවටත් දාන්න ඕනේ තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

  12. sinhala akuruwalin කොමෙන්ට් කරපු ඔක්කොටම hemin hemin කොමෙන්ට් කරනවා හොදෙ තරහ වෙන්න එපා

  13. Nirosha Lakmali

    අනේ අයියෝ අද හරිම ටිකයි දාලා තියෙන්නේ. හරීම ලස්සනයි අනේ. කියන්න වචන නැ. මරේ මරු. තව දිග⁣ට කියවන්න තියෙනවනම් අම්මෝ එක හුස්මට කියවන් යනවා එහෙනම්. හදවතට පුදුම විදිහට දැනෙනවා. කතාවේ සිදුවීම් මැවි මැවී පේනවා. දෙන්නව ඉක්මනටම එකතු කරන්න හරිද. ඒ දෙමව්පියන්ට දුව ගැන කිසිම ගානක් නැනේ. හොයන්නෙත් නැනේ. ඉතින් මනුකට තියෙන්නේ කෙල්ලව මැරි කරන්න. ඔයාල ලස්සනට කතාව ප්ලෑන් කරලා ඇතිනේ. ඒ නිසා හෙට ආයෙත් එන්නම් කතාව කියවන්න. ඒවගේම එක සිතින් ප්‍රාර්ථනා කරනවා අයියගෙයි සිත්මිගෙයි සියළුම පැතුම් ඉටුවේවා කියලා.
    Wish your all the best ….
    ??????????????????????????????????????????????????????????????????❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤?????????????????????????????????

    1. ඉස්සරහට බලන්නකෝ නංගියා අභී ගැන සොයනවද නැද්ද කියලා බලාගන්න පුළුවන් ඒ වගේම මනුක කොච්චර ෆලෝ කරලා තියෙනවාද කියලා බලාගන්න පුළුවන්.. මේ හැම විස්තරයක්ම ඉස්සරහට තියෙනවා නංගියා.. ඉස්සරහට තවත් ලස්සන වේවි ඒ වගේම ලොකු ලොකු සීනුත් තියනවා බලන්නකෝ හොඳේ.. තෙරුවන් සරණයි බොහෝමත්ම ස්තූතියි මේ ලෙන්ගතුකමට ම සුබ රාත්‍රියක් nangiya

  14. Ashka Rashmi

    Ape චතූ අක්කියි හේමන්ති අක්කියි නැතුව හරි පාලුයි නේද අයියෙ ?

  15. Nethmi Samarasekara

    Apoi mata comment ekk danna enna una durak aiya kathawanm mara lassanai oya wagema sithmi akkath godak dakshai dennatama suba pathanawa onna mn. Parakku wela comment karata tharaha wenna epa puluwan hama welema comment ekk danawa mn hondada aiye.budusaranai..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.