Katha Ahura

පින්වන්ති මා – 18 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

18 කොටස

” ආසාවෙන් ඉන්න ඇති නේද අත ගගා ඉන්න … දැන් හරිනේ…”

මම එහෙම කියලා අයියගේ මූණ හෝදලා අයියා ඇඳගෙන හිටපු සරමෙම අත පිහි දැම්මා .

” අභී ….මොකක්ද ඒ කරපු නරක වැඩේ…. එහෙමත් ඇඳගෙන ඉන්න ඇඳුමක අත පිහිදානවද ආ….”

” කමක් නෑ ….මම නරකයි තමයි ….”

” දැන් මොකද මේ මගේ මූණ හේදුවේ…. ”

” හේදුවේ රෝෂි කිස් කරපු නිසා …. ඇයි ඉතින් අර කැමැත්තෙන්ම මූණ දීගෙනම හිටියේ ඒ හොල්මනට….”

” අනේ …අභී ..ඔයා නම්….”

” ඇයි මොකද …..”

” ඔය තරමටම ඊරිසියයිද අභී ….”

” ඔව්..ඔව්…පහත් වෙන්න ටිකක් ….”

මම තරහින්ම අයියට පහත් වෙන්න කියලා අයියගේ කම්මුල් දෙකම සිප ගත්තේ එයාට හිතන්න වත් වෙලාවක් නොදී.

ඒ අතරෙම තමයි මම දැක්කේ ඉස්සරහ ගෙදර හැන්ඩ්සම් බෝයි බැල්කනි එකට වෙලා මේ හැමදෙයක්ම බලාගෙන ඉන්නවා .

ඒ මූණ තරහින් පිරිලා තිබුණේ .ඒ මම අයියව කිස් කරනවා එයා දැකපු නිසා වෙන්න ඇති .

” අභී …..හැදිච්ච ගෑණු ළමයි ඔහොම කරනවද ආ….”

” නෑනේ ….මම හැදිලා නෑනේ ….
අර රෝෂි ට විතරද කරන්න හොඳ …”

” අම්මෝ….ඇති ..ඇති ….
මේකිගේ තියෙන ඊරිසියාවක තරම තමයි …. රණ්ඩු කෙක්කක් මේක නම්….”

” අයියේ ….”

” එපාර මොකද …”

” මාව වඩාගෙන යන්නකෝ ගේ ඇතුලට ….”

” පිස්සුද මේ හාල් ගෝනියක් උස්සන්න මට… කොන්ද කඩන්නද ඕන මගේ….”

” කමක් නෑ …එහෙනම් මම එළියට වෙලාම ඉන්නවා … එන්නේ නෑ ගේ ඇතුලට …”

” ආ…ඉන්නකෝ එහෙනම් එළියටම වෙලා…. මම යනවා …”

එහෙම කියලා අයියා ගේ ඇතුලට ගියා.මම දන්නවා අයියා ආපහු ඇවිත් මාව එක්කන් යනවා කියලා .

මොකද එයා පොඩ්ඩක් වත් කැමති නෑ මම තනියම එළියේ ඉන්නවට.මට ඕන උනා අයියව පොඩ්ඩක් බය කරන්න .

ඒ නිසාම අයියා ගේ ඇතුලට යනකම් ඉඳලා මම ගේට් එකත් ඇරගෙන එළියට ආවා .

මම නිකමට ඉස්සරහ ගෙදර දිහා බැලුවේ හැන්ඩ්සම් ඉන්නවද කියලා .ඒත් එයා පේන්න හිටියේ නෑ .

මම පාර ළඟටම ඇවිදගෙන ආවා .මට ඇහුණා අයියා මගේ නම කියලා කතා කරනවා.

” අභී …අභී …..”

අයියා බය වෙලා මාව හොයනවා ඇති.මම මෙහෙම එළියට ආපු නිසා අයියට අනිවාර්යයෙන් තරහ යනවා කියලා මම දන්නවා .

මම ආපස්සට හැරුණේ අයියා පාරට එන්න කලින් ගේට් එකෙන් ඇතුලට යන්න .

ඒත් මට අඩියක් වත් ඉස්සරහට තියන්න ලැබුණේ නෑ .කවුරු හරි මාවත් ඇදගෙනම දුවන්න ගත්තා .

මාව ඇදගෙන යන කෙනානේ මූණ දිහා බැලුවත් ඒ මූණ ලේන්සුවක් ගැට ගහලා ආවරණය කරගෙනයි හිටියේ .

ඒත් ඒ කෙනා මාව ඇදගෙන ගියේ ඉස්සරහ ගෙදරට.ඒ කියන්නේ හැන්ඩ්සම් හිටපු ගෙදරට.

මට කෑගහන්න වත් මතක් වුණේ නෑ බයවුණු පාරට.ඒ කෙනා දුවන වේගෙට මට දුවන්න පුළුවන් කමක් තිබුණේ නෑ .

එයා මාව ඇදගෙන වගේ යද්දී ඒ ගෙදර මිදුලේ බොරළු පොලවෙම මම කකුල පැටලිලා වැටුණා .

මගේ දණහිස් දෙකම වැදුණේ බොරළු ගොඩේ. මාව බිම වැටුණත් ඒ කෙනා මාව බිම දිගේම ඇදගෙන වගේ ගියේ මම කෑ ගහද්දිම.

” අයියේ … මාව බේරගන්න අයියේ ….”

මට එච්චරයි කියන්න ලැබුණේ .අයියට මම කතා කරනවා ඇහුණද නැද්ද කියන්න වත් මම දන්නේ නෑ .

මාව ඇදගෙන ගියපු කෙනා මගේ කම්මුලට වේගවත් පහරක් දුන්නේ මාව ඒ ගේ ඇතුලටම ඇදලා දාලා.

මාව බිත්තියක් අයිනටම ඇදලා දාලා ඒ කෙනා මෙච්චර වෙලා මූණ වැහෙන්න ගැටගහලා තිබුණු ලේන්සුව ගලවලා දැම්මා .

මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ මෙහෙම දෙයක්.හීනෙන් වත් නොහිතපු මූණක් හිටියේ මගේ ඉදිරියේ.

ඒ හිටියේ වෙන කවුරුත් නෙමෙයි

” හැන්ඩ්සම් ”

ඇස් දෙකත් රතු කරගෙන බිම වැටිලා හිටපු මගේ දිහාට තවත් කිට්ටු වුණේ මම බයේ ගැහෙද්දි.

” උඹට ඌත් එක්ක විතරද හුරතල් වෙන්න පුළුවන් හැමදාම…. වරෙන් අද මම උඹව හුරතල් කරන්නම්…..”

එහෙම කියපු හැන්ඩ්සම් මගේ ළඟින්ම පහත් වෙලා මම ඇඳගෙන හිටපු බ්ලවුස් එකෙන් ඇදලා දැම්මා .

ඇදපු පාරට බොත්තමක් ගැලවිලා ගියත් ඌට මගේ බ්ලවුස් එක ගලවන්න ලැබුණේ නෑ .

බිත්තිය අයිනටම ගුලි ගැහුණු මම පුළුවන් තරම් හයියෙන් අයියට කෑ ගැහුවා .

” බේරගන්න අයියේ ….”

ඒත් එක්කම මට ඉවසන්න බැරි තරම් හයියෙන් වැදුණු තවත් කම්මුල් පාරක් නිසා මම ගිහින් බිත්තියේම හැප්පුණා.

තවත් මට කෑගහන්න පණක් තිබුණේ නෑ .ඒ නරුමයා උගේ මූණ වහගෙන හිටපු ලේන්සුව අරගෙන මගේ කට හිර වෙන විදියට ගැට ගැහුවා .

ඒ අතරෙත් මට ඇහුණේ අයියා මගේ නම කිය කිය කෑ ගගහා මාව හොයනවා.අයියා හීනෙන් වත් හිතන්න නැතුව ඇති මම ඉන්නේ ඉස්සරහ ගෙදරමයි කියලා .

” උඹ දන්නවද මම කොච්චර කාලයක් තිස්සේ බලන් හිටියද කියලා උඹව මගේ ළඟට ගන්න ….”

එහෙම කියලා මගේ ළඟ බිම ඉඳගෙන හිටපු ඒ නරුමයා එක සැරේටම නැගිටලා මගේ තුවාල වුණු දණහිස් උඩින් උගේ සපත්තුවක් තියලා පුළුවන් තරම් පෑගුවා.

සපත්තුවේ තිබුණු වැලිත් එක්කම මගේ කකුල් වලට සපත්තුව ටිකෙන් ටික තද වෙද්දී මගේ වේදනාව මට පිටකරන්න පුළුවන් වුණේ කදුළු වලින් විතරයි .

කෑගහලා අඬන්න ඕන උනත් මට කට ඇරගන්න පුළුවන් කමක් තිබුණේ නෑ .අත් දෙකින්ම උගේ කකුල් දෙක එහාට කරන්න උත්සාහ කරත් ඒක හරි ගියේ නෑ .

ආයෙමත් බිමට පහත් වෙලා මගේ බ්ලවුස් එක සම්පූර්ණයෙන්ම ඉරලා දැම්මේ රාක්ෂයෙක් වගේ ඇස් දෙකත් රතු කරගෙන.

” දන්නවද බැ&#&#** උඹේ මේ ඇඳුම මම ගලවන්න ට්‍රයි කරේ මීටත් මාස ගානකට කලින් යකෝ…..

ඒත් උඹේ මහ ලොකු අයියා අපිටත් කොකා පෙන්නලා උඹව අපෙන් බේරගත්තා ……

හොඳට මතක් කරලා බලපන් උඹට මාව මතකද කියලා ….”

ඌ එහෙම කිව්වත් මට කිසි දෙයක් මතක් වුණේ නෑ .මගේ නිරුවත් පපුව වැහෙන්න අත දෙක බැඳගෙම හිටියා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ .

කකුලේ වේදනාවට වඩා හිතට දැනුණු ලැජ්ජාව වැඩි වෙද්දී ඒ නරුමයා ඉස්සරහ මම උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත් වෙලයි හිටියේ .

” මම මේවා අල්ලන්න කොච්චර ට්‍රයි කරාද එදා….ඒත් උඹේ මහ ලොකු අයියා ඒකට චාන්ස් එකක් දුන්නේ නෑ …..

අද ඒකටත් එක්කම මම සතුටු වෙන්නම්කෝ…. මොකද අද උඹේ මහ ලොකු අයියටවත් බැරි වෙයි උඹව බේරගන්න ….”

එහෙම කිය කිය එ නරුමයා මගේ අත් දෙක ඉවත් කරලා මගේ පපුව අල්ලගෙම මිරිකද්දි මම පුළුවන් තරම් වෙර දාලා අත් දෙකින්ම ඌව එහාට තල්ලු කරන්න දැඟලුවත් මට ඒකට ශක්තියක් තිබුණේ නෑ .

ඒ දරදඬු අත් එක්ක ඔට්ටු වෙන්න මට බැරි වුණා .

මගේ පපුව අල්ල අල්ල මට රිදවද්දී මම දැඟලුවේ කොහොම හරි උගෙන බේරෙන්න .

වේදනාව මුළු ඇඟෙන්ම දැනෙද්දි ඌ නැගිටලා මගේ පපුවට සපත්තුවක් තද කරේ මගේ පපුව හිර වෙන තරම් තදකරලා .

කකුලේ වේදනාව තරමටම සපත්තු අඩියේ පාරවල් වලට මගේ පපුව සීරිලා ලේ එනවා දැක්කත් මට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නෑ .

මගේ පපුව පුළුවන් තරම් පාගලා මගේ මූණට ආයෙත් ළන් වෙද්දී මම තද කරලා ඇස් පියා ගත්තේ වෙන කරන්න දෙයක් නැති කමට.

” අත ඇරපන් බල්ලෝ මගේ කෙල්ලව….උඹ කොහොමද යකෝ මෙහෙම දෙයක් කරේ මගේ කෙල්ලට ….”

එක පාරටම අයියගේ කටහඬ මට ඇහුණෙත් ඒ නරුමයා මගේ ළඟින් ඇදිලා ගියෙත් එක පාරටම වගේ.

අයියා පුළුවන් තරම් බිම දාගෙන ඌට ගහනවා දැක්කත් මට කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ .

මට එතනින් නැගිටලා මගේ ඉරිලා ගියපු බ්ලවුස් එක හරි ඇඟට දා ගන්න ඕන උනත් මගේ කකුල් දෙක කෙලින් කරගෙන නැගිට ගන්න බැරි තරමට වේදනා දුන්නා .

ඌට සිහි නැති වෙලා බිම වැටෙනකම් ගහපු අයියා මගේ ළඟට දුවගෙන ආවේ ඇස් වල කඳුළු බේරි බේරිම.

දෙවෙනි වතාවට ආයෙත් මම නිසා අයියගේ ඇස් වලින් කඳුළු වැටෙන හැටි මම බලාගෙන හිටියේ මගේ ඇස් වලත් කඳුළු පුරවගෙන.

අයියගේ ඇස් වලින් ගලන් කඳුළු මම වෙනුවෙන් උනපුවා කියලා මම හොඳටම දන්නවා .

” අභී …..මගේ පණ….”

ආයෙත් එන්නම්

107 thoughts on “පින්වන්ති මා – 18 වෙනි දිගහැරුම”

          1. Dunasha Gamage

            Gahanne nethuw inna puluwanda aleee?laga pathak hitiya nam tokkak hari aninawa ethtamai….

            Oya akkiyekd nangiyekd nirupo??

          1. Dunasha Gamage

            මේකි ගල් කරලා හරියන්නැ හලෝ හම ගහන්න ඕනේ මෙ කරන දෙවල් වලට.

          2. ඒනම් අපි මාෂිව හම ගහල ගල් කරමුද….? ?????

          1. ඒ තරම් ලොකු දඩුවම් දෙන්න එපා අලේ …… මම තවම සූටි කෙල්ල… පව්නේ……

    1. Ruwanthi Lakshani

      සිත්මි අක්කි ලියනා අකුරක් පාසා…
      අප හද තුල තැන්පත් වෙයි බෝමා…
      ඔබේ කතා අප සැම රසවිඳින නිසා…
      ඔබටයි දෙන්නේ මේ මල් මිට සාදා…
      ????????????
      සුමි අයියෙ ඔබ රෑ අහසක් වැනිය…
      සිත්මි අක්කි ඔබ එහි පෑයූ සද වැනිය…
      කතා අහුරෙ අපි හැමදෙන තරු වැනිය…
      ඉතින් මේ අහස ලස්සන වෙනු ඇතිය…
      ?????????????
      සැමදා ඔබේ ලෙන්ගතුකම බෝම…
      අපට වටී එය මහමෙර සේම….
      මේ ලෙන්ගතු කම සැමදා එක සේම….
      පවතීවා පතනෙමි අප සෑම…..
      ????????????

      1. Ruwanthi Lakshani

        දුක සැප එක ලෙස බෙදාගෙන…
        හිදින්නෙමි මා ඔබ ලගින්.. …
        කුමන බාදා පැමිනියත් හෙට…
        මම සිටින්නෙමි එක ලෙසින්…
        මගේ හදවත පුරා ඔබ….
        රැදී ඉන්නේ පන ලෙසින්….
        ඔබ මගේ බව මා ඔබේ බව…
        දනිමි ඔබ මා එක සිතින්….
        මගේ දිවියම එලිය කල ඔබ…
        අද සිටින්නේ මා ලගින්….
        නොයනු කිසිදා මා දමා ඔබ….
        නැවත තනිවේ මා ඉතින්….
        ඔබේ උනුසුම මටම පමනයි….
        නොහැක වෙන අයෙකු වෙත පුදන්නට..
        ඔබට දිවුරා අද කියන්නෙමි….
        මනුක ඔබ දැන් මගේ පමනයි….
        ?????????

        1. කියන්න තියන ඔක්කොම ඔයා කිව්වම අපි මොනවද කියන්නේ අලේ ……

          දැන් නම් ඉක්මනටම ඔයාගේ කතාවක් ඕන රුවන්තියෝ……

          1. Ruwanthi Lakshani

            ඉස්සරහට බලමු යාලු…. අනේ මං එහෙම හිතුවෙ නෑ…. හිතට ආපු දේ ලිව්වෙ. කොහොම උනත් ඔයාට බොහොම ස්තූතියි මගේ comment එක කියවනවට ???????

        2. Dunasha Gamage

          Ammo……… hadawath newathuna wage kavikariyo.
          නියමයි හොදේ.පරිස්සමින් යාලු ඔයාට ඇස්වහ වදී

        3. Wow excellent මනුකට ලියපු කවි පද පෙළ ටික නම් සුපිරි පට්ට.. ඔක්කොම ගෑණු ළමයෝ ඔය වගේ හිතනවනම් කොල්ලෝ බූට් කන එක අඩු වෙයි නේද ????????

          1. Ruwanthi Lakshani

            බූට් මාරම රසයි නේද. කෑවෙ නැත්තම් වැඩක් නෑ නේද අයියා..??????

      2. මේකට දාන රිප්ලයි එක මොකක්ද කියලාවත් මට හිතාගන්න බෑ රුවන්ති නංගී.. ඔයා මේ තරම් කවියෙක් කියලා නම් මං කවදාවත් දැනගෙන හිටියේ නෑ මට හරි සතුටුයි අපේ ලියන කතා වලින් ඔයාගේ දක්ෂකම් එළියට ආපු එක ගැන ඒ ගැන නම් මට වත් කියන්න වචන නෑ අතිවිශිෂ්ටයි.. ඉතිං අයියා කවියෙන් නං රිප්ලයි කරන්නේ අයියා රූම් එකේ ඉන්නකොට විතරයි අයියා මේ වෙලාවේ වැඩ නිසා normal කොමෙන්ට් එකක් දානවා තරහ වෙන්න එපා අයියත් එක්ක හොඳේ.. හරිම ලෙංගතුයි හරිම ආදරණීයයි නංගි ඔයාගේ කවි පද ටික ඇත්තටම මට කොපි කරගන්න පුලුවන් නම් මම මේව කොපි කරගන්න වා .. සිත්මි ඔයාලා ආදරෙන් මතක් කරන්න කිව්වා. මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරේ නංගියා බෝම ස්තූතියි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

          1. ඇයි ඔයා ඔක්කෝම වෙනස් කරන්න කිව්වේ මේ නමට ආදරේ කිව්වේ ඉතිං වෙනස් කරා ♥️♥️♥️

  1. Wow lassanai kathawa .anee mokakda deiyane une pau abi …hadawathinma suba pathanawa oyala dennatama .good luck .thawa diga kotasak dannako ayye …budu saranai oyala dennatama sithmi akki wenada wagema adath lassanata kathawa liyanna thiyenawa .dukai kiyawaddi eth kiyawaddi godaak denuna hithata ….

    1. Aniwarenma nangiya diga kotasak dennam ko thawa Tika dawasakin kathawa ewarayi nangiya.. thawa issara duka hthena seen evi balanna ko thank you so much nangiya budusaranyi oyata good night

  2. Buddhika subhashini

    අපොයි ඒ මොකද වෙන්නේ ??? අර club එකේ අභීට කරදර කරන්න ආපු boy කෙනෙක් ද ඒ ???

    කතාව ලස්සනයි අයියේ ??? ..අද නම් පොඩ්ඩයි අනේ කතාව ???
    Good luck අයියා & අක්කි ?️?️?️

    1. හෙට දිග කොටසක් දෙන්නම්කො හාද ඔව් නංගියේ ඒ කොල්ලොන්ගෙන් එකෙක් තමයි ඉස්සරහට හැම දෙයක්ම දැන ගන්න පුළුවන්. බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට නංගියා හැමදාම සතුටින් ඉන්න ගොඩක් පරිස්සම් වෙන්න තෙරුවන් සරණයි

  3. Dunasha Gamage

    Ayyo sumiyoooooooo chutty episode dnne ei?thawa tikak digata dannako..
    Kathawa nam godariyak lassanai.ko mage sithmi akkiya sanipen inawada?eyata kiyanna oya mm eyawa mathak kala kiyala.thawa eyage hema wedakma sarthaka wenna ona kiyalath kiwwa kiyanna.oyageth ehemai hodada pissu ayye.

    1. Balan ithin me chuti kella mage akka wage Mata Katha karanne pissu kochchiya.. ha mama kiyannam ko kiyanna deyak na eya me comment dakinawa .. thank you so much nangiya budusaranyi oyata good night

  4. ඕ යේ.. මං කිවුවා හරි නේද අයියේ… හැන්ඩ්සම් කියන්නෙ අර එදා බීපු කොල්ලො ගොඩේ හිටපු කොල්ලෙක් නේද.. මෙච්චර දවසක් ඌ අභි දිහා බල බල හොරගල් ඇහිදලා තියෙන්නේ ඕකට තමා… ශික්.. මහා ජරා කොල්ලෙක් ඌ නම්.. ???

    වෙලාවට මනුක එතන්ට ආවේ.. නැත්තන් කෙල්ල ඉවරයි… අම්මෝ… ඔයින් බේරුනා ඇති.. අරූට හැන්ඩ්සම් කියලා නෙවෙයි දාන්න තිබ්බේ…?

    හැමදාමත් වගේ අදත් කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි සිත්මි අක්කියෝ… අක්කිටයි අයියටයි මං මගේ මුලු හදවතින්ම විශ් කරනවා… තව තවත් මේ වගේ ලස්සන කතා ලියන්න පුලුවන්න වෙන්න ඕනි… ඒ වගේම කරන කියන හිතන පතන දේවලුත් සාර්ථක වෙන්න ඕනි…

    බුදු සරණයි අයියේ… න

    1. බලන්නකො පොඩි නංගි ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා හැන්සම් කවුද කියලා දැනගන්න පුළුවන්. .. තවම ඔතනින් ඉවර වුණේ නෑ.. තව ඉස්සරහට හොද හොද දේවල් බලන්න පුළුවන් චුට්ටයි ඉවසන් ඉන්නකො.. ආදරේ කියන්නේ මොකද්ද කියලා මේ කතාවෙන් අනිවාර්යෙන්ම තේරුම් වේ අපි එතකන් ඉවසගෙන බලන්න ඕනේ හරිද මේ වගේ ලොකුම ලොකු කොමෙන්ටුත් ඕනේ හරිද ඒ වගේම අයියාගේ හොල්මන් කතාව ට ඕනේ හරිද කෝ අනේ කතාව තවම ලියලා ඉවර නැද්ද.. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අද වටින්ම ප්‍රාර්ථනා කරනවා නංගි සුබ රාත්‍රියක් ඔයාට බුදු සරණයි

      1. අනේ නෑ අයියේ.. තාම ලියනවා… තව ගොඩක් ලියන්න තියෙනවා… ?… ඉක්මනට දෙන්නම් අයියෙ කොහොමහරි…

  5. අහින්සකාවියේ.
    නුබ තවම පුංචි කැකුලකි
    පිපෙන්නට වෙර දරන..
    බඹර ඇස් නෙත ගැටෙයි
    විටෙන් විට…
    ඒ ඇස් වලින් මා නුබව
    හැදුවත් රැක ගන්න
    උබේ ඔය හිතුවක්කාරකමට
    ඇස ගැටුනා බඹර ඇස
    උනත් නුබ හට කරදර
    නොයමි හැරදා කිසිදින…
    රැක ගනිමි මගෙ පන ලෙස…

    අද නම් කතාව ගොඩක් දුකයි අයියේ….. හෙට නම් දිග කොටසක් ඕන හොදේ ……
    තෙරුවන් සරණයි අක්කි, අයියා

    1. මට හරි සතුටුයි ගොඩක් අයගේ හැංගිලා තිබිච්ච දක්ෂතාවයන් එලියට ආපු එක ගැන ඇත්තටම මේකෙන් කොච්චර ලස්සන kavikariya ද ඒ වගේම කොච්චර දක්ෂ මේ වගේ කවි වලින් දෙනවා වගේම ඔයාලගේ ක්‍රියාවන් අපට බලන්න දෙන්නකෝ.. මොනවද කියන්නේ කියලා වත් හිතා ගන්න බැහැ නංගී ඇත්තටම හරිම ලස්සන හරිම ලස්සන ගැලපීමක් ඔයා හරිම දක්ෂයි.. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් බෝම ස්තූතියි මේ ලෙංගතු කමට නංගී

      1. තන්කූ අයියේ…… මට අදහස් එන්නෙ නෑ අනේ… අපේ ගෙදර හැම වෙලාවෙම කවුරුම හරි ඉන්නවනේ…. ඉතින් වැඩිපුරම වෙන්නෙ කේන්ති එන එක ….. ඔයාගේ රිප්ලයි එකට ගොඩක් ගොඩක් තන්කූ අයියේ තෙරුවන් සරණයි

  6. හපොයි ?ඵ් මොකක්ද උනේ….මනුක කලින් අභීට handsom ගැන කියලා තිබ්බානම් මෙහෙම වෙන්නේ නෑනේ ???

    1. අන්න ඒකනෙ මුලින්ම කියලා තියන්න තිබ්බේ. එහෙම කියල තිබ්බනම් මැට්ටි කෙල්ලෙ කෝමද මේ වගේ සීන් එකක් මේ කතාවට දාන්නෙ.. මාත් එක්ක ඉදලමද කොහෙද මේකෙ ඉන්න කෙල්ලො ටිකත් පිස්සු කියවනවා දැන්.. අනේ මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  7. Ashka Rashmi

    මොකද්ද අනේ ඒ උනේ….මාව නිකන් ශොක් වෙලා ගියා…කවදාවත් මං මෙහෙම දෙයක් හිතුවෙ නෑ…හැන්ඩ්සම් එච්චර පහත්ද…ඔව්….ඔය හැන්ඩ්සම් තමා එදා ක්ලබ් එකේ අභීට බොන්න දීලා කරදර කරන්න හදපු කොල්ලා ..එහෙම නේහ්? එදා කරන්න බැරිවෙච්ච වැඩේ අද කරන්න හදපු හැටි…අනේ එයා අභීට කොච්චර රිද්දුවද…ඇත්තටම කතාව කියවද්දි මං හිටියෙත් පුදුම විදිහට බය වෙලා…අන්දමන්ද වෙලා …හොද වෙලාවට මනූ ආවෙ කෙල්ලව බේරගන්න …එහෙම නොවුනනං අභී විනාස වෙලා යන්නත් තිබ්බා? හැමදාම ලස්සන කොටස් දීලා අද බයවෙන ,හුස්ම නවතින ,හිතාගන්න බැරි වෙන කොටසක් දුන්නා නේද…ඇත්තටම ඔයා දක්ශයි…හෙට දිග කොටසක් දෙන්න….ලස්සන කොටසක්…අම්මෝ….වැඩි හුරතලයයි දගකාරකමයි අවදානම් වගේ? කෙනෙක් දෙයක් එපා කියන්නෙ ඇයි කියලා දෙපාරක් හිතන්න වටින කතාවක්.ඔයාටයි ඔයාගෙ අයියා බබාටයි බුදු සරණයි❤️❤️ අයියෝඕඕඕඕ අත සනීපද????????????????????

    1. හා මේ ඇවිල්ලා ඉන්නේ දඟ කෝච්චිය.. . ඔව් නේද එතන හිටපු කොල්ලෙක් වෙන්න ඕන බලන්නකො ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා.. පොඩි ඉඟියක් ඔයා හැන්ඩ්සම් උනොත් අභී බඳින්න ඉන්න කොල්ලා.. එතකොට මොකද වෙන්නේ.. කතාව මොන පැත්තකට ඇරේවි ද හැන්ඩ්සම් කියන්නේ ලොකු සල්ලිකාරයෙක් නම්..
      අපේ දඟ කෝච්චිය දක්ෂ කෙනෙක් නෑ ඉතිං කතාව ඉස්සරහ ගැන හොඳට තේරෙනවා නේද.. බලමු නේද මොකද සිත් මේ කවදාවත් ආදරේට දුකක් දෙන්නැති කෙල්ලෙක්.. මේ උෂාන් අයියා වගේ තමයි ඉතින් ??????

      මේ ලෙන්ගතුකමට බොහොමත්ම ආදරේ නංගි.. දැන්නම් අත ගොඩක් හොඳයි නංගි.. වැඩිය දඟලන්නේ නැහැ මොකද නැත්තං ඔයාලා තරහ වෙනවා දිග comment නෑ කියලා.. දඟ කෝච්චිය දැන් වගේ ඒ ගෙදර ඇවිල්ල තියෙන්නෙ කාල බීල සතුටින් ඉන්නකො. තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් නංගි

      1. Ashka Rashmi

        හා හා…i got it ayya…හැන්ඩ්සම් සල්ලිකාරයෙක්…අනිවා මේ වැඩෙන් පලිගන්න එයා අභීගෙ මමියි ඩැඩියි හම්බවෙයි…හම්බවෙලා කියයි එයාට අභීව මැරි කරන්න ඕන කියලා….ඉතින් ඒකට අභීගෙ පේරන්ට්ස්ලා කැමති වෙයි…ඒත් මංදන්නවා මනුක හරි ස්මාර්ට් කොල්ලෙක් ….එදා ක්ලබ් එකේදි කෙල්ලව කොහොමහරි පන්නන් ආව එකේ හැන්ඩ්සම් ගෙන් කොහොමහරි අභීව බේරගනී..හැන්ඩ්සම් ජරා කොල්ලෙක් කියලා ඔප්පු කරන්න පුලුවන් උනොත් නිකන්ම අභී මනූට ලැබෙයි…ඒත් අභීගෙ පේරන්ට්ස්ලා මොනා කරයිද කවුද දන්නෙ ….ඒ ගොල්ලො ඒවා පිලිගනීද…? Will see neh ? මේ දග කෝච්චියට වැඩ අප්පා මේ ටිකේ….ගුඩ් මෝනිං අයියා…බුදු සරණයි❤️❤️

        1. 20%ක් හරි දඟ කෝච්චිය.. අනිත්‍ය ඒවායේම වෙයිද කියලනම් මට හිතාගන්න බැහැ මං මේ වගේ දෙයක් කිව්වොත් මේ කතාවෙන් ඔප්පු කරන්න හදන්නෙ පෙන්නුම් කරන්න හදන්නෙ
          01. ආදරේ කියන්නේ මොකක්ද කියන එක
          02. කෙල්ලෙක් ගෙ නිරුවත ඉස්සරහ කොල්ලෙක්ගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද කියලා
          03. දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම නිසා තමන්ගේ දරුවන්ට අත්වෙන ඉරණම ගැන
          ඉතින් ඉතනකෝ කතාව මොන වගේ වේවිද කියලා.. ඉතිං කතාව ඉන්න එක මොන වගේ වේවිද තව ඉස්සරහට කතාව මොනවගේ වේවිද මේ වගේ කොමෙන්ට් වලට රිප්ලයි කරද්දී ගොඩක් සතුටුයි දඟ කෝච්චිය ඔයාගෙ වැඩ ටික කරගන්නවා පිරි වෙලාවට ඇවිල්ල කොමෙන්ට් එකක් දාන්න තෙරුවන් සරණයි

  8. Nirosha Lakmali

    ඇයි අනේ එහෙම කලේ. ගොඩාක් දුකයි. කෙල්ල කොච්චර නරක වැඩ කරත් තමන්ගේ ආත්ම ගරුත්වය නැති වෙන දේවල් කර ගත්තේ නැ. ඒත් අද ඒ කෙල්ලව ගෙනිහින් ඒ කරපු දේට නම් මං කැමති නැ අයියේ ඇත්තටම. මනුක විතරක් දකින්න ඕනේ දේවල් මේ විදිහට වෙන එකෙක් දැකපු එකට ඒ කෙල්ලට කරපු දේවල් හරිම වැරදියි. එහෙම දේවල් දාන්නේ නැතුව හිටිය නම් ගොඩක් හොදයි කියලා හිතෙනවා. මගෙ අදහස ඒක. හිත රිදෙන දෙයක් කිව්වනම් සමාවෙන්න.
    All the best..

    1. කවදාවත් තරහ වෙන්නේ නැහැ ඕක තමයි මේ කතාවේ point එක.. මට හරි සතුටුයි මේ වගේ කොමෙන්ට් එකක් දකිද්දී.. දන්නවාද නංගියා අද කාලේ කෙල්ලෙක්ගෙ නිරුවත දැකලා ෆොටෝ ගහලා ඒවගෙන් ගේම් දාන කොල්ලො ඉන්නව නේද.. අද කාලේ කොච්චර අසරණ වෙච්ච කෙල්ලො ඉන්නවද ඔය වගේ දේවල් වෙලා ඉතිං ඒ වගේ දේවල් වුණත් ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක් ගැන විශ්වාසය තියාගෙන ආදරේ කරගෙන ඒ කෙල්ලට කිසිම දුකක් කරදරයක් වෙන්නැතුව ආරක්ෂා කරන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ ඉස්සරහට බලන්න .. මම මේ කියනවට වැඩිය ඉස්සරහ කොටස්වලින් ඒ දේවල් ගොඩක් ඔයාලට තේරේවි… මේ ලෙන්ගතුකමට බොහොමත්ම ආදරේ නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. Nirosha Lakmali

        ඒක තමයි අයියේ අවංකව ආදරේ කරන කොල්ලෙක්ගේ යුතුකම. කවදා හරි දවසක තමන්ට බිරිදක් වෙලා මවක් වගේ රැක ගන්නවා. ඒ වගේම දරුවෙක් කුසේ තියාගෙන දුක් විදලා පි⁣ය පදවියක් උරුම කරලා දෙන්නේ. ඒත් තව අම්මෙක්ගෙ බඩෙන් ආපු කෙනෙක්ම තමයි තවත් කෙල්ලෙක්ට කරදර කරන්නේ. ඒත් මං මෙතන උන සිද්ධියට නම් කැමති නැ. මේ වෙලාවේ මනුකටත් අභීව බේර ගන්න බැරි උනානේ කෙල්ල නිරුවත් උනානේ. ඒ ගැන ගොඩක් දුකයි. මට දැනුනු දේ කිව්වේ. ඒත් ඔයාලගෙ දක්ෂතාවය උපරිමයි.

        1. අනිවාර්යෙන්ම මං එකඟයි නංගියා ඒත් කතාවේ ආදර්ශයක් දෙන්න ඕනි නිසයි මේ විදියට ලියලා තියෙන්නෙ මට සමාවෙන්න සිදුවෙච්ච අපහසුතාවයකට.. මෙතනින් එහා යන කොටස් වලට ඔයාට ගොඩක් ආස හිතෙයි පිරිමියෙක් කියන්න කවුද කියන එක හොඳට දැනේවි.. තෙරුවන් සරණයි නංගී සුබ රාත්‍රියක් ඔයාට

          1. Nirosha Lakmali

            සමාවෙන්න කියලා කියන්න එපා අයියේ. එහෙම කිව්වම ගොඩාක් දුකයි. අපි සහෝදර සහෝදරියො වගේ. ඒක ඔයාලගේ කතාව නිර්මාණය කරපු විදිහ ඔයාලට හැගෙන දේ. මං මට හැගෙන දේ විතරයි කිව්වේ. ඇත්තටම ඔයාලගේ දක්ෂතාව ගැන කියන්න වචන නැ. අනිවාර්යෙන්ම මං දන්නවා ඔයාල කතාව පුදුම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා ඒ වගේම කිසිම අසාධාරණයක් මේ කතාවට කරන්නේ නැ කියලත් දන්නවා. මං ඒ තැනදි වෙච්ච දේටයි අකමැති නැතුව කතාවට නම් නෙමේ හොදේ. කතාවට පට්ටම ආදරෙයි. අනිවාර්යෙන්ම සිත්මියි අයියයි කියන්නේ මාරම මාර වැඩ්ඩො දෙන්නෙක් ඉතින් ඇත්තටම ඉස්සරහට වෙන දේවල් ගොඩාක් ලස්සන වෙයි කියලා හොදටම දන්නවා. ඉතින් බය නැ. ආසාවෙන් හැමදාම කියවනවා.

          2. ආදරේ මේ ලෙන්ගතුකමට අනිවාර්යෙන් මට හොඳ සහෝදර සහෝදරියන්ට ලැබුණා මේකෙන්. ඇප් එකට වගේම ඔයාලටත් ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි නං අනිවාර්යෙන්ම අයියා ඔයාලත් එක්ක හැමදාමත්

  9. Nirosha Lakmali

    අයියගේ සමාවෙන්න රත්තරනේ කතාව ඊයේ තමයි කියෙව්වේ. අනේ ගොඩාක් පරක්කු වුනා ඒක කියවන්න. ඒකට සමාවෙන්න. කමෙන්ට් එකක් කෙටුවා. හරිම ලස්සනයි කතාව ඒ වගේම ගොඩක් දුක හිතුනා.

    1. එහෙමද නංගියා මං ඒත් බැලුවා ඒත් මං ඉස්සර වගේ කට්ටියගේ නම් දාල කොමෙන්ට් වලින් හොයන්නේ නැහැ මොකද මම වගේ නෙවෙයි හැමෝම ගොඩක් වැඩ තියෙන කට්ටිය ඉතින් මට එහෙම සොයලා කරදරයක් වෙන්න හිතුවේ නැහැ.. මට දැනුනා ඒක කරදරයක් කියලා.. මම ඒකට රිප්ලයි කරා මං දැක්කා ඔයා කොමෙන්ට් එකක් දාල තියෙනවා.. තෙරුවන් සරණයි නංගී

      1. Nirosha Lakmali

        එහෙම අපිට කරදරයක් නැ. ඒ වගේම අයියා නම වෙනස් කරපු එක ගැනත් ගොඩාාාරියක් සතුටුයි.

  10. Ane ayye oya nama wenas krlne…. ushan kiyn nam lassnai???? eth mmnam kamathi D Sumith kiyn ekata . Mokd mtnam purudu ehem kath karlne. Ane ayy nama wens kral nokan mokdd wage …. ayy issoroma app eke api athrta awe D. Sumith kiylne ithin e nam oyta godk galpenw…. ane mm mehem kiww kiyl ushan kiyn nam wens karnn epa e nanath godaaaaaaaak lassnaii ayyeeee
    Ethkota kathwnwm shoiii hithgann ba ara handsom boy napuruyi godaaaaaaak mm eyt kamthi na bs ayye

    1. Oayalage adare nisayi mama ehema Kare nangiya godka Aya ushanta kamthi kiuwa nisa mama eka haduwa aiyage atha hodayi Dan eth godak newe Dan atha holanna pluwan ane aththada Inna ko ehenam atha Hoda nokara inne aiyagen diga comment gannda atha Hoda wenna one ane ane memath daga nangila .. ane adare me lengathu kamata thank you so much nangiya budusaranyi oyata good night

  11. අනේ දෙයියනේ…. ??? මොකද්ද උනේ ඒ පාර… හයියෝ පවු අප්පා අභි.. ඒ වගේම ශොක් අප්පා.. ?
    පහුගිය දවස් ටිකේම එන්න උන් නෑනේ අනේ… exam නිසා.. ගෙදර නෙමෙයි හිටියේ…
    අද ආවාම මාර වෙනස්කමක් නේ වෙලා තියන්නේ sumith boy ushan aiya වෙලා ? මන් ඒත් පරන කතා කියවද්දි බැලුවා අලුත් කෙනෙක් ද කියලා heeeeeeeee නෑනේ බැලින්නම් සුමිත් අයියම තමා.. ???
    සිත්මි අක්කි කතාවනම් සුපිරිම සුපිරි හොදේ… අක්කිගේ කතා කොහොමත් සුපිරිරිරිරි……. නේ.. අක්කිටයි අයියායි තව මේ වගේ කතා ගොඩ… ගොඩාක් ලියන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා… #All the best akki aiya ?❤️❤️❤️#
    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි අක්කි… අයියා.. ❤️✌️

    1. කට්ටියම පොඩි වෙනසක් ඉල්ලුව නංගියා ඒකයි වෙනස් කරේ මම.. අනිවාර්යෙන්ම මුලින්ම exam වැඩ කරන්න. මේ කතා කොහොමත් තියෙනවනේ බලපු වෙලාවට වරද්දන් නැතුව කොමෙන්ට් එක නම් දාන්න ඕනේ හරිද.. ඔයාගේ එක්සෑම් එක සාර්ථකව පහසු වෙන්නේ කියල හදවතින්ම සුබ පතනවා නංගියා ඒ වගේම කරන කියන හැම දෙයක්ම අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් ඔයාට සිත්මි ඔයාලා ආදරෙන් මතක් කරනවා

  12. ඒ මොකක්ද දෙයියනේ ඒ වුනේ.???
    මාව නිකන් කරකවලා අතෑරියා වගේ.
    අර උලමට හැන්ඩ්සම් නෙමේ කියන්න තිබ්බේ.????
    අභීට මනුක ඒ උලම ගැන කියලා තිබුනනම් මේම වෙන්නෑනේ.???

    කතාව නම් ගොඩාරියක් ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️❤️
    හිටපුගමන් කරකවලා අතෑරියා නේද අක්කි ඔයා අපිව.ඔයා ගොඩාක් දක්ශයි අක්කියෝ ඒක නිසා තමයි අපිව උඩ ගිහින් බිම වැටුනෙ.????

    අත හොදයිද අයියේ දැන්.
    අලුත් නම ලස්සනයි හොදේ.❤️❤️❤️
    අයියේ ඔයාටයි සිත්මි අක්කටයි දෙන්නටම සුභ පතනවා සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
    ???????

    1. ඒකනෙ නේද අද සීන් එක ටිකක් අවුල් වගේ හැමෝම අප්සට් එකේ ඉන්නේ.. ඔන්න ඒකට නම් සමාව ඉල්ලනවා සිත්මි වෙනුවෙන්..

      ලස්සනයි ද මාරු කරපු නම ඔයාලා හැමෝම කියපු නිසා තමයි මාරු කලේ.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි නංගි ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  13. Ada mamada awasana comment eka danne…………….? Sorry wenna one ekatanam. Eth dennam kathawe hodama tika neda? Issarahata thawa lassana wei. Hemadamath mehema lassana katha liyanna hode…
    Mokada me okkomala nama maru karala? Eka mara wedakne ane? Ai ehema une?

    1. Moko penna naththe Dan hodin neda eka ne iyeth dakke na mama hodin neda parisemn sathutin inna me hamadekatama godka thanks nangiya budusaranyi nangiya good night oyata

  14. මොකක්ද ඒ උනේ…? පව් දෙයියනේ අභී. අර මිනිහාට අම්මෙක් සහෝදරියක් නැද්ද දන්නැ .. කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩුද ආතල් ගන්න. මේ වගේ මිනිස්සු ඉන්නව මේ ලෝකෙ. මට ඔය වගේ එකෙක් මුන ගැහුනොත් දෙන්නෙ බීපු රන් කිරි කටින් එන්න……..

    ඇයි කොල්ලන්ට හිතන්න බැරි හැම කෙල්ලෙක්වම තමන්ගෙ අම්ම තරම් වටිනව එයාලව ආරක්ෂා කරන්න ඕනි කියලා. සිත්මි අක්කියො ඔයා කතාව ගොඩක් ලස්සනට ලියලා තියෙනවා. මේ කතාවෙන් ඔයා හරි ලස්සනට සමාජයට පාඩම් ගොඩක් කියලා දෙනවා. කෙල්ලො කොල්ලො කියවන්න වටිනම කතාවක් මේ. ඔයා ගොඩක් දක්ෂයි අක්කිය. ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මුලු හදවතින්ම මන් ප්‍රාර්ථනා කරනවා.

    අයියේ ඔයාගෙ සින්දු ඔක්කොම මන් අහල තියෙන්නෙ. අලුත් සින්දුවත් ඇහුවා. මන් ගොඩක්ම කැමති බිදුනු සිත ලග සින්දුවටයි ජීවිතේ ඔයාටමයී සින්දුවටය. මේ සින්දු දෙකේම වචන හදවතටම දැනුනා අයිය. අයියගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අයියෙ…….

    දැන් අත හොදයිද අයියේ………? බේත් බොන්න වෙලාවට….. පරිස්සමට සතුටින් ඉන්න අයියා බබෝ……….

    1. ඔහු නං ගියා මේ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ විදියට ලියල තියෙන්නෙ අද කොටසෙ ඉදලා ඔයාලට ඒ දේ දැනෙයි කොල්ලෙක් කියන්නේ කවුද කොල්ලෙක් ජීවත් වෙන්න ඕනෙ කොහොමද කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සර හැසිරෙන්නේ කොහොමද කියන එක මේ හැමදෙයක්ම අද කොටසේ ඉඳලා කියවන්න පුළුවන්.. කතාවක් ආදරෙන් පටන් අරන් ආදරෙන් ඉවර කරාට ගතියක් නෑ කතාවක් ආදරෙන් පටන් ගණන් දුකෙන් ඉවර කරාට ගතියකුත් නෑ ඔයා බලන්න ආක්ශා නංගිගෙ කතාව එයා කොච්චර විදියට ගැලපීම දාලා තියෙනවද කතාවක් බලන්න ආස වෙන විදියට ලියලා තියෙනවා ද ඒ වගේ තමයි නංගියා අපිත් දක්ෂ රචකයෝ නෙමේ ඒත් පුළුවන් විදිහට බලන්න ආස වෙන විදිහට ලියනවා

      අනේ ඇත්තද නංගී බොහොමත්ම ස්තුතියි ඊයේ පෙරේදා out unu සිංදුව නං අද hit වෙලා තියෙනවා ජනප්‍රිය සිංදුවක් වෙලා ඒක මට ලොකු සතුටක්..

      ඔ නංගි අත නම් දැන් ගොඩක් හොඳයි ඔයාලගේ ප්‍රාර්ථනා නිසා තමයි ගොඩක් හොද වුනේ මොකද අයියා ගොඩක් දඟ කොල්ලෙක්නේ.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා

  15. Hashini Navanjana.

    හපූ…. මේ යකාට හැන්සම් කීවටත් ණයයි… ??? මහ ජරා කොල්ලෙක් නේහ් අප්පා ඒකා… ???
    පවූ අභී… කෙල්ල කොච්චර අසරණ වෙන්න ඇතිද. කොච්චර රිදෙන්න ඇතිද… ☹️☹️☹️
    වෙලාවට එහෙම හරි මනුක ආවේ… නැත්නම් මොනා වෙයිද…… ???

    කතාව ගොඩාක් ලස්සනයි ??? සිත්මි අක්කියෝ ❤❤❤ ඒත් ගොඩාක්ක්ක් තරහයි.. ? අර පොල් බූරුවා එක්ක. ආයෙ නම් හැන්සම් කියන්නේ නෑ… නෑ… නෑමයි… ???

    සුමී අයියේ… සමාවෙන්න ඕනි කතාව කියවලා ? කමෙන්ට් කරන්න පරක්කු උනාට. ???
    මං ඊයේ ගොඩාක් දුකින් ඉදියේ… කවදාවත් අඩන්නේ නැති අපේ රෝස බෝලේ ගොඩාක් ඇඩුවා. අඩනවා ට වඩා කෙදිරි ගානවා හරිම දුකයි. එයත් එක්කම මාත් අඩනවා. මාස හතරේ බෙහෙත් ? එක විද්දනේ ඊයේ. අනේ ගොඩක් අමාරුයි ඒ බෙහෙත. චූටි කකුල හොලවන්නේ වත් නැතිව අඩනවා. ඉතිං එයා අතේ තියන් ලගටම වෙලා ඉදියා. අඩන්නේම නැති නිසා එහෙම අඩනකොට හරිම ලෝබයි අයියේ. දෙවියන්ගෙ පිහිටෙන් අද නම් ලොකු අමාරුවක් නෑ පැටියට. වෙනදා වගේ සෙල්ලම් කරනවා. ??? ඒත් කකුල නම් හොලවන්නේ නෑ… හෙට වෙනකොට ඒකත් හොඳ වෙයි නේද…

    ආහ්… ඒක නෙවෙයි මං බැලුවා කවුද මේ උශාන් අයියා කියලා. ඔයාගේ මේ නම නිසා මට කෙනෙක් මතක් උනා… ???
    අපේ ඩාන්සින් ක්ලාස් එකටත් ආවා උශාන් කියලා කොල්ලෙක්. ඉතිං අපි ඉස්සරහ ජයමංගල ගාථා කියන්න යනකොට එයාලා වෙස් නටනවා. මාර හැන්සම්. කෙල්ලෝ එයාගෙ පස්සෙන් යනවා… ??? ඉතිම් මගෙත් හොඳ යාලුවෙක් උනා පස්සේ පස්සේ… ඔයා දන්නවත් ඇති හික්කඩුව Citrus Hotel එක.???
    ??? අපි ඒකේ wedding එකකට ගියපු දවසක එයා මගෙන් කැමැත්ත ඇහුවා. ඒත් මට නම් එයා යාලුවෙක් විදියටම විතරයි අප්පා හිතුනේ. කොහොම හරි අවුරුදු 3ක් ම….. මං අයියව මැරි කරනකන්ම කොල්ලා නෙවෙයි වැඩේ අත ඇරියේ… පවු ඉතිම්… ??? පස්සේ ඉතිං අයියා දෙයියනේ කියලා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේම ඉදිය කොල්ලෝ ටික බ්ලොක් කරලා දැම්මා. ?
    මං දන්න අයගෙන් උශාන් කියලා ඉදියේ එයා විතරක් නිසා මට අයියගෙ නම දැක්කම මතක් උනා. අනික උශාන් අපේ වයසෙම උනත් මට නංගි කියලා කතා කරේ… හරි අයියා… ???

    ඒ උනාට මං සුමී අයියම කියන්නම් හාද…. ???
    ඔයාගෙ අත දැන් හොඳද අයියේ……. ???

    අදත් ලස්සන කොටසක් අරන් එන්නකෝ… ???
    බුදු සරණයි ???? ඔයාලා දෙන්නටම ?❤?❤?❤

    ?????????

    මගේ පුංචි රෝස මල…
    නුඹට මහ හුගක් රිදෙන්න ඇති
    නරුමයෙක් ලග එලෙසින්
    පෙති තැලී පොඩි වෙද්දි…..

    සත්තයි රිදුනා මේ හිත
    නුඹටත් වඩා වැඩියෙන්
    නුඹේ ඔය කදුලු ලග
    ඒත් අසරණයි මම……

    ඉක්මන් උනා නම්
    මං තව මොහොතක්
    නුඹට ඒ වේදනාව
    නොදැනේවි කිසි දිනක…..

    සමාවෙයන් මගේ පණ
    නුඹේ මේ අයියට
    මතු යම් කිසි දිනක
    නොවෙයි යලි ඒ ලෙසට……

    දිවුරා පොරොන්දු වෙන්නම්
    රකින්නම් සැමදාම
    මැණිකක් රකිනා
    නාගයෙක් විලසකටම……

    ??මනුක??
    ? ?????????

    1. අනේ නංගියා මටත් දුක හිතුන ඒ ටික කියද්දී අපේ රෝස බබාට ගොඩක් රිදෙන්න ඇති නේද අනේ ලඟ හිටියනම් මං ????
      ගොඩක් දෙනවා ඒ කකුලට.. පව් දෙයියනේ කටක් ඇරලා කියන්න ද රිදෙනවා කියලා ඉක්මනටම රිදෙන එක අඩු වෙලා යවී නංගී

      ඒකනෙ අද කොටසේ ගොඩක් අය දුක් වුණා ඒ වගේම ගොඩක් අයට එපා උනා.. ඒත් කතාවේ දෙයක් කියන්න යන්න නිසා මේවගේ දෙයක් දාන්න ඇති කියලා මට හිතෙනවා සිත්මි.. අද කොටසෙ ඉඳලා ගොඩක් ලස්සන වේවි නංගියා අනිවාර්යෙන්ම බලන්නකෝ..
      අනේ ඇත්තද ඒ කොල්ල මම වෙන්න බැරිද..??? එහෙම වෙන්න බැහැනේ නේද මං ඔයාට වඩා ගොඩක් වැඩිමහල් නේ.. ඔයා ගත්ත තීරණය අද හරි නංගි බලන්නකො ඔගොල්ලන් කොච්චර සතුටින් ලස්සනට ඉන්නවද කියලා..මෙච්චරයි නේ වෙන්න ඕනේ ලස්සන බලයක් ගියා නමුත් අද ඔයාට දුක් විඳින්නත් ඉඩ තියෙන්න පුළුවන් එත් ඔයාගේ මහත්තයා කොච්චර ලස්සනයිද..
      අනේ කොච්චර ලස්සන පද ගැලපීමක් ද මං කිව්වේ මේකෙන් ගොඩක් දක්ෂ අය ඒ අයගේ දක්ෂතාවය පෙන්නන්න මේ වගේ හරි දාන එක මට ලොකු සතුටක් නංගියා ඒත් ඉතිං අයියට ඔයාගේ කතාවක් ඕනෙම කරල තියනවා.ඇත්තටම හරිම ලස්සනයි නංගියෝ කියන්න වචන නෑ නියමටම ගලපලා තේරුමක් ඇතිව ලියලා තියනවා ඔයාට ජය කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ රෝස බබා ට කරදරයක් දුකක් නැතුව ලස්සනට ජීවිතේ ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි

  16. Hashini Navanjana.

    ඔව් අනේ… මගේ අයියා ගොඩාක්ක්ක් ලස්සනයි.. එයා තමා මට ලස්සනම. ? ඒ වගේම ගොඩාක් සතුටින් ඉන්නවා අපි. මට මේ ඔයාගෙ නම දැක්කම ඒක මතක් උන නිසා කිවුවේ… ? රෝස බෝලෙට නම් දැන් රිදෙන්නේ නෑ වගේ. මේ ඉන්නේ දග කර කර. ඔව් නේ… එයා ඔයා වෙන්න බෑ නේ… ? ඒ උශාන් අපේ වයසෙනේ.. ? තෑන්ක්ස් අයියේ ඔයාට හැමදේටම.
    බුදු සරණයි ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.