Katha Ahura

පින්වන්ති මා – 19 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

19 කොටස

මගේ ළඟට දුවගෙන වගේ ආපු අයියා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තේ හරියට මාව ආයෙත් එයාට ලැබෙන්නේ නැති ගානට .

අයියා මාව එයාගේ පපුවට තද කරන් ඉද්දි මට වේදනායි කියලා කියන්න ඕන උනත් ඒක කියන්න බැරි වුණේ මගේ කට ගැට ගහලා තිබුණු නිසා.

මම අයියගේ ශර්ට් එකෙන් ඇද්දේ අයියගේ අවධානය මගේ දිහාට ගන්න .

” අභී …මගෙ මැණික ….රිදෙනවද පන….මං ආවනේ මැණික ….කතා කරන්න මාත් එක්ක …”

එතකොටයි අයියා දැක්කේ මගේ කට ගැට ගහලා තියෙනවා .

අයියා ටක් ගාලා ඒ ලේන්සුව ගලවලා අයින් කර ගමන් මම මේ තරම් වෙලා බාගෙට හිරකරගෙන හිටපු හුස්ම කැස්සක් එක්කම පිට කරලා දැම්මා .

ඇස් වලින් කඳුළු බේරි බේරි මම අඬද්දි මගේ අයියා ඊටත් වැඩිය අඬනවා මම දැක්කා .

මට කතා කරගන්න පුළුවන් වුණ ගමන් මට ඕන උනේ මෙහෙන් පිටවෙලා පුළුවන් තරම් ඉක්මනට ගෙදරට යා ගන්න .

අයියගේ ගෙදරට ගිහින් එයා ළඟ මට මැරුණත් සැපයි.

” අයියේ ..අපි..ගෙදර යමු…”

මම පපුවත් අල්ලාගෙන කියද්දියි අයියා මගේ පපුවෙන් ලේ එනවා දැක්කේ .

” අභී ….රිදෙනවද මගෙ නංගි ….”

අයියා අඬ අඬම එයා ඇඳගෙන හිටපු ශර්ට් එක ගලවලා මගේ ඇඟ වැහෙන්න දාලා එයාගේ අත් දෙකට මාව හරහට අ‍ර ගත්තා .

මාව වඩාගෙන එන ගමනුත් අයියා කරේ සිහි නැති වෙලා බිම වැටිලා හිටපු ඒ නරුමයගේ මූණ කකුලෙන් තද කරලා පාගපු එක.

මාව ගෙනෙත් සැටිය උඩින් තියපු අයියා ආයෙත් එළියට දුවලා ගිහින් ගේට් එක වහලා ආවේ කවුරු හරි ඒවි කියලා බයට වෙන්න ඇති.

මගේ කකුල් වල තිබුණු ලේ වලින් සායෙන් වැඩි හරියක් ලේ වලින් රතු පාට වෙලයි තිබුණේ .

” අභී ….කතා කරන්න මගේ පන….මට බෑ ඔයාට රිදෙනවා බලන්න ….

මාව පිස්සෙක් නොකර කතා කරන්න මැණික ….”

මම පපුවත් අල්ලාගෙන අඬන හැටි දැක්කම අයියා හොඳටම බය වෙලයි හිටියේ .එක පාරට මට දැනුනේ මගේ හුස්ම හිර වෙනවා වගේ.

පොඩි කාලෙ ඉඳන්ම මම මැරෙන්න ගොඩක් බයෙන් හිටියේ .මේ වෙලාවෙත් මට හිතුණේ මම මැරේවි කියලා .

ඒත් මට අයියව දාලා යන්න බෑ .මම අඬ අඬම අයියගේ අතක් අරගෙන මගේ පපුවට තියා ගත්තේ අන්තිම වතාවට හරි මගේ හිතේ තියෙන දේ අයියට කියලා දාන්න .

මම මැරුණොත් සමහර විට මගේ හිතේ මේ තරම් කාලයක් තිබුණු දේ අයියට දැන ගන්න ලැබෙන එකක් නැති වෙයි.

” අයියේ ….අයියේ …මට…”

” අභී …කියන්න මැණික ඔයාට අමාරුද…..”

” මං මැරෙයිද අයියේ ….මට ඔයාව දාලා යන්න බෑ ….”

” නෑ …නෑ …මැණික …ඔයාට මුකුත්ම වෙන්නේ නෑ ….අයියා ඔයාගේ ළඟින්ම ඉන්නවනේ…. කතා කරන්න පන මාත් එක්ක ….”

” අයියේ ….මං ආදරෙයි ඔයාට….මට මැරෙන්න බෑ ….මට ඔයා ළඟ ඉන්න ඕන ….”

” මැණික …මුකුත්ම වෙන්නේ නෑ ඔයාට….ඔයාට යන්න බෑ මේ අයියව දාලා…

හුස්ම ගන්න හොඳට….ඔයා බය වෙලයි ඉන්නේ …ඒකයි මේ……”

සැටිය උඩ හිටපු මාව අයියා ආයෙත් දෝතටම වඩාගෙන එක්කන් ආවේ කාමරේට .

මාව ඇඳෙන් තියලා ජනෙල් රෙදි මෙහාට කරේ මට හුලන් වදින්න ලේසි වෙන්න .

වතුර ටිකක් ගෙනෙත් මට පොවපු අයියා මගේ මූණට වතුර ටිකක් ඉස්සේ මට සිහි නැති වෙයි කියන බයට.

ඒත් එක්කම කලිසම් සාක්කුවේ තිබුණු ෆෝන් එක අරගෙන අයියා කාට හරි කෝල් එකක් ගත්තා .

” කවී ඉක්මනට වරෙන්….මගේ කෙල්ලට අමාරුයි බං….”

එහා පසින් කියපු දෙයක් මට ඇහුණේ නෑ .අයියා කියන දේවල් විතරයි මට ඇහුණේ.

” නෑ …නෑ …හොස්පිට්ල් ගෙනියන්න විදියක් නෑ මෙහෙම ….එහෙම උනොත් පොලිස් කේස් එකක් වෙයි……හරි බං ඉක්මන් කරපන් ….”

අයියා කෝල් කරේ එයාගේ යාළුවෙක්ට.එයා කෙටියෙන්ම යාළුවට විස්තරේ කිව්වා .මේ වෙනකොටත් අයියා මම නිසා ගොඩක් කලබල වෙලයි ඉන්නේ .

” අයියේ ….”

” ඇයි මැණික …රිදෙනවද ගොඩක් ….පොඩි වෙලාවක් ඉවසලා ඉන්න ….

මගේ යාළුවෙක් එනවා දැන් ඔයාව බලන්න …. එයා බෙහෙත් අරන් ඒවි…..”

මම අයියගේ අත අරගෙන මගේ පපුව උඩින් තියා ගත්තේ වේදනාව නිසාම.

” රිදෙනවද අභී ….ඉවසලා ඉන්න මැණික …”

” මේ හීරුණු තැන් වල තුවාල දැවිල්ලයි අයියේ …මට ඉන්න බෑ …..”

පපුව හීරුණු තැන් වලින් ලේ එනවා තාමත් .ලොකු තුවාල නොවුණත් සීරීම් නිසා මුළු පපුවම දැවිල්ලයි මට.

හිතුවේ වත් නැති මොහොතක මගේ පපුවට පහත් වුණු අයියා පිස්සුවෙන් වගේ කටින් පිඹ පිඹ මගේ ළැම පුරාම දෙතොල් අරගෙන ගියා.

අයියට ඕන උනේ මගේ පපුවේ තියෙන තුවාල නිසා ඇති වුණු දැවිල්ල නැති කරන්න කියලා මම දන්නවා .

අයියට ඉඩ දීලා මම දෑස් පියා ගත්තේ මගේ මුළු ඇඟම වේදනාවෙන් ඇදුම් කන නිසා .කකුල් දෙක හොලවන්නවත් බැරි තරමට රිදෙනවා .

” අභී …තාම දැවිල්ලද මැණික . ..මේ ලේ පිටින් මේ විදියට අරූට ඔයාව බලන්න දෙන්න බෑ …. අපි මේවා හෝදමු අභී …..”

අයියා මාව ඇඳෙන් නැගිට්ටව ගත්තත් මට ඇවිද ගන්න බැරි වුණා .

මාව අයියගේ ඇඟට වත්තන් කරගෙනම එයා මාව බාත්රූම් එකට අරගෙන ගියත් මට හිටගෙන ඉන්නකොට කකුල් දෙක රිදෙන්න ගත්තා .

අයියා මාව එයාගේ ඇගට හේත්තු කරගෙනම ෂවර් එක ඇරලා මාව ෂවර් එක යටට අරගත්තා .

මම හිටියේ අයියගේ පපුවට හේත්තු වෙලා නිසාම මම වගේම අයියත් වතුර වලින් නෑවිලයි හිටියේ .

ඇඟට වතුර වැටෙද්දී සීරුණ තැන් දැවිල්ල ගනිද්දී මට මගේ වේදනාව ඉවසන් ඉන්න බැරි වුණා .

” බෑ …අයියේ …මට බෑ …දැවිල්ලයි ..අනේ මට ඉන්න බෑ වතුරේ….”

මම අඬ අඬම අයියගේ පපුවේ ඔළුව හංග ගත්තේ මගේ වේදනාවටම .

” මැණික …ඉන්න තව ටිකයිනේ….මාව අල්ලාගෙන ඉන්න ….”

අයියා පහත් වෙලා මගේ කකුල් දෙකේ තුවාල වල කැටි ගැහිලා තිබුණු ලේ හේදුවත් මගේ සාය ලේ වලින් පෙඟිල වගෙයි තිබුණේ .

” මැණික ..සමාවෙන්න… .මට වෙන කරන්න දෙයක් නෑ …අපි මේ උඩ සාය ගලවමු.ඒකේ ලේනේ….”

එහෙම කියලා අයියා මාව එයාගේ ඇඟට හේත්තු කරගෙනම මගේ උඩ සාය පහතට කරලා ගලවලා දැම්මා .

මගේ ඇඳුම් එකෙන් එක ඇඟෙන් ඉවත් කරලා මගේ ඇඟේ තිබුණු ලේ පැල්ලම් අයියා හෝදලා දැම්මේ මගෙන් සමාව ඉල්ල ඉල්ලම.

අයියා ඉස්සරහ මේ විදියට ඉන්න වුණත් මට දුකක් වත් ලැජ්ජාවක් වත් දැනුනේ නෑ .ඒ මම අයියට මගේ පනටත් වැඩිය ආදරේ කරන නිසා .

” අභී ….සබන් නොගා ඉමු…ඔයාට තවත් දැවිල්ල ගනීවි …”

” අයියා සබන් නොගාම මාව නෑව්වා.අයියත් මුළු ඇඟම තෙමිලයි හිටියේ .මාවත් පපුවට වත්තන් කරගෙනම අයියත් ඔළුව ෂවර් එකට අල්ලලා මාත් එක්කම නා ගත්තා .

” අභී ….දැවිල්ල ද රත්තරන් තාමත් …මට සමාව දෙන්න මැණික ….විනාඩි පහකට මට ඔයාව පරිස්සම් කරගන්න බැරි වුණා …..”

” නෑ …නෑ ….මගේ අයියේ …ඔයා වැරදි නෑ …. ”

” අඬන්න එපා අභී …..ඔයා මගේ පණ…ඔයාට මොනවා හරි වුණා නම් මට ජීවත් වෙන්න ඕන නෑ මැණික …..”

” මමයි ගේට් එක ඇරගෙන පාරට ගියේ අයියේ ……. මට සමාවෙන්න ….”

” ඒ දේවල් අමතක කරමු අපි….ඔයාට කරදරයක් වුණේ නෑනේ උගෙන් …..

එහෙම වුණා නම් මම කොහොමද අභී ඔයාගේ අම්මලාට මූණ දෙන්නේ ….”

” නෑ …නෑ …මට මුකුත් වුණේ නෑ අයියේ ….ඔයා ආවනේ මාව බේර ගන්න ….”

ආයෙත් එන්නම්

100 thoughts on “පින්වන්ති මා – 19 වෙනි දිගහැරුම”

    1. Ruwanthi Lakshani

      මගේ පිවිතුරු ආදරය…
      පුදන්නේ ඔබට පමනයි…
      මා කල පෙර වැරදි වලට…
      මා මෙන්ම ඔබත් විදවයි…
      ?????????
      නොහැක මට එය බලා ඉන්නට…
      පැතුවෙ මා ඔබ තුරුලෙ ඉන්නට….
      කව්ද පැමිණියෙ බාධා කරන්නට…
      නොහැක අද අප වෙන් කරන්නට….
      ??????????
      ඔබ සිටීනම් සෙවනැල්ල සේ ලග….
      හිතට හයියකි සෑමදා මට….
      කිසිම දේකින් නොසැලෙමී මම…
      අභී කවදත් මනුකගේ බව…
      දනිමි ඔබ මා එක ලෙසින් අද…..
      ❤❤❤❤❤❤❤❤❤❤

      1. Ruwanthi Lakshani

        සැමදා සවස 6වනතුරු අප ඉන්නේ….
        ඔබෙ ලස්සන කතාව පැමිනෙන
        තෙක් නේ….
        කියවා අප සැම දෙන රසවිදගන්නේ….
        ඔබට හදවතින් අද සුභ පතන්නේ….
        ?????????????
        ඔබෙ කතාව කියවන්නට ආව නිසා…
        අලුත් අලුත් යාලුවො මුන ගැසුනි එදා…
        මේ ලෙන්ගතු කම සැමදා එකම ලෙසා…
        පවතින්නට කියා මම පතමී සැමා…..
        ???????????

        1. අනිවාර්යෙන්ම නංගියා මේ ඇප් එක නිසා ආදරණීය යාලුවෝ සෙට් එකක් ලැබුණා.. ඒක මං කියන්න හදවතින්ම ඔයාලා හැමෝටම මේ ලෙංගතු කමට බොහෝමත්ම ස්තූතියි තෙරුවන් සරණයි

        2. Hashini Navanjana.

          අනේ හරීම ලස්සනයී රුවී…… ඔයා නම් මාරම කවිකාරියෙක්….. එක්සලන්ට් ????
          ????

          1. Ruwanthi Lakshani

            තැන්කූ නංගා…. ඇයි ඔයත් එහෙමනෙ….?????

          1. Ashka Rashmi

            ආක්ශා නෙවේ අනේ ආශ්කා..හැමදාම කියනවා ඒත් වරද්දනවා..? ඔය එහෙට මෙහෙට යන වෙලේ නම පොඩ්ඩක් පාඩං කරගත්තට පාඩු නෑ අනේ? මම වගේ නේද කියන එකෙන් ඔබ අදහස් කලේ කුමක්ද ??? ඕන්න හෙට මගේ උපන්දිනේ හොදේ..නෑ ඉතින් නිකන් මතක් කලේ ??

          2. මම ආස ආක්ෂා ට ????? ආශ්කා දැන් හරි නේද.. so sweet කිව්වේ එකට අනේ මාත් ඒ වගේ නේද කියලා ඇහුවේ ????? උපන්දින කිව්වේ මොකක්ද නංගී මම දන්නෑනෙ එම වචනයක්

      2. මොනව ලියන්නද නංගියෝ මං මේ කවි පද පෙළ ටිකට ඒ තරම් පට්ට සුපිරිම.. කොහේද නංගියෝ මෙච්චර කල හැංගිලා තිබ්බෙ දක්ෂ කම එළියට ආවේ. මාරම ලස්සනයි සුපිරියට ගලපල තියෙනවා.. අයියට ඉතින් කවි වලින්ම රිප්ලයි කරන්න වෙන්නේ සිකුරාදට තමයි එදාට මං නිවාඩු නෙ.. ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයා හදවතට දැනෙන වචන ටිකක් ඔයා සුපිරියටම ගලපල තියෙනවා කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ඔයාට

          1. Ruwanthi Lakshani

            මගේ comment එක කියවල like දැම්ම හැමෝටම ස්තූතියි…..???????

        1. කියන්න සතුටුයි ජූනි මාසයේ ටොප් කොමෙන්ට් වලට මේ කතාවට දාපු ඔක්කොම කොමෙන්ට් තමයි ටොප් කොමෙන්ට් වලට තියෙන්නේ සන්තෝසේ බැරුවා

          1. Ruwanthi Lakshani

            මං කවදාවත් top comment වලට ඇවිල්ලා නෑ. ඒත් අයියාගෙ කතාවට comment කර නිසා අද මෙතන ඉන්නේ. Thank you අයියේ….?????

          2. අනේ රුවන්ති නංගියේ ඇයි මට තෑන්ක්ස් කරන්නේ ඔයාගේ දක්ෂතාවයට නේද ඔය ලැබිලා තියෙන්නේ.. ඇත්තටම දක්ෂ කෙනෙක් ඔයාගේ පද ගැලපීම අතිවිශිෂ්ටයි.. ජය වේවා නිදාගන්නෙ නැද්ද කෙල්ලෙක් ලංකාවට 12 පව් නේද

  1. සිත්මි අක්කියෝ… ඔයා නම් ලස්සනට ලියලා තියනවා මේ කතාව.. ??අභිත් හිටියට වඩා 100%ක් හැදිලානේ මනුකගේ ආදරේ නිසා.. ??? අනේ අක්කි මට නම් ඉරිසියා හිතුනා මුල් දවස් වල අනේ මටත් මනුක වගේ අයියෙක් හිටියා නම් කියලා.. ????
    කොහොම උනත් අක්කි මේ කතාව ලස්සනම ලස්සනයි හොදේ… ආසාවෙන් කියවනවා.. මනුකලා අද සමාජෙ අඩුයි.. handsome වගේ අය තමා ගොඩාක් ඉන්නේ.. ඇත්තටම මේක ආදර්ශමත් කතාවක් වෙයි අක්කි ගෑනු ලමයිට වගෙම පිරිමි ලමයිටත්…
    ඉතිං අක්කියි අයියායි කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.. තව කතා ගොඩාරියක් ලියන්න පුළුවන් වෙන්න කියලාත් ප්‍රාර්තනා කරනවා ✌️?
    සතුටින් ඉන්න හැමදාම ?? තෙරුවන් සරණයි අක්කි.. අයියා.. ???
    #all the best ❤️✌️#

    1. අනිවාර්යෙන්ම නංගියා මේක ගොඩක් ආදර්ශමත් කතාවක් හෙට කොටසෙදි ඔගොල්ලන් දුක් උනේ නැත්තං ඕගොල්ලන්ට ඇඬුණේ නැත්තං අපේ කතාව සාර්ථක නැහැ පිරිමියෙක් කියන්නේ කවුද පිරිමියෙක්ගේ ඇගේ පාලනය කරන්නේ කොහොමද කියලා හෙට කොටසින් බලාගන්න පුළුවන් හෙටින් පස්සේ කතාව ගොඩක් වෙනස් වේවි මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට හැමදාම මේ වගේ කොමෙන්ට් දාන ශක්තියක් වෙන්න

  2. Chadi kaveesha

    Abhi paw ane.Manuka Abhita kochchara adare karanawada kiyana eka ada theruna…..good luck akki….තෙරුවන් සරණයි dennatama….

  3. Dunasha Gamage

    Godak lassnai adath kathawa.ethtama me wage dewal wenawa nam kochchara hodaida neda?manuka wage kollo godak aduine den.ohoma kellek issaraha thamange hegeem palanaya karaganne a kellata ethtama adare karana kollek witharai.mokada ada samaje inna kollo balan inne ahinsaka jeewitha winasa karannane.ithin me kathawenuth loku adarshayak samajet denawa.ape sithmi akkiya kemathi nane ithin poth liyanna.me wage dewal gena poth liyala anith ayata kiyawanna salaswanawa nam aka loku pinak wagema loku ahirwadayak wei me samajeta.kohoma unath kathawa nam superb……..

    1. Aniwarenma chuti kella comment ekata aniwarenma mama ekagayi Sithmi oyala adaren mathak karanna kiuwa me hamdeyakatama godak thanks nangiya budusaranyi oyata

  4. Ane paw abhi ayye hithgann ba kathwa mrata wenas wuna ne …… eth manuka abhita kochchr adred. E athin balddi abhinam godaaak lucky ….. issrhata mona weid dann hammooo mage hismath hira kryid danna oya denna ayya wagemayi sithmi akkith den eka pollkinm denw ne ???? good luck oylta oylge dakshthawaya thmai ithin shooiii kathwa meyalge ham rahaskm issrhata hambei ne ne ethkam blmuko habayi kathwnam podi anee ??? bs ayyeee parissmen inn ikmanta athath hod kra gann

    1. Abita kochchara adare karada kiyala issara kotas walin Dana ganna pluwan nangiya adare kiyanne kochchara uothum deyakda kiyala meken igena ganna pluwan nangiya heta Nam adanna pluwan echcharta adaraniya wawe heta me hamadekatama thank you so much nagiya budusaranyi oyata

  5. Nirosha Lakmali

    අනේ හරිම දුකයි අභී ගැන. මනුක දෙවි කෙනෙක්.. හරිම ලස්සනයි. මගෙ හුස්මත් නතර වෙනවා. හයි ස්පීඩ් එකේ කියවන් ගියේ. ඒත් ඉතින් අද චුට්ටම චුට්ටයි දාලා තියෙන්නේ. තවත් මේ වගේ ආදරණීය කතා ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අයියටයි සිත්මිටයි හදවතින්ම සුබ පතනවා.
    Excellent…….
    Perfect……
    Super…….
    Wish your all the best….

    අද නම් බෝනස් කොටසක් ඕනේමයි. අනේ බෝනස් කොටසක් ඕනේ අය මේකට කමෙන්ට් එකක් කොටන් යන්න. අද නම් ඉතුරු කොටස කියවන්නම ඕනේ. ප්ලීස්.

    1. ඒකනෙ මගෙ නංගියේ මම කිව්වේ.. අද කොටසෙ ඉදලා ගොඩක්ම කතාව වෙනස් වේවි කියලා ඔයාලා ආදරෙන් කියපු කතාවේ හෙට නං පොඩ්ඩක් හරි දුක් වෙනවා කියලා මං හොඳටම දන්නවා ඒම උනේ නැත්තං අපේ කතාව සාර්ථක නෑ හෙට කොටස බලන්නකෝ මොකද වෙන්නේ කියලා.. අවංක පිරිමියෙක් කියන්න කවුද කියලා හෙට අනිවාර්යෙන්ම දැන ගන්න පුළුවන් ආදරේ කියන්නෙ මොකක්ද කියල හෙට අනිවාර්යෙන්ම දැනගන්න පුළුවන්.. මේ ලෙන්ගතු කමට බොහෝමත්ම ආදරේ nangiya තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. Nirosha Lakmali

        අනේ දිගට දාන්නකෝ අයියේ. කොච්චර කියෙව්වත් මදි. ඒක තමයි හැම කතාවෙම හෙට හරි දුක හිතෙන භය හිතෙන කොටස් තියෙන්නේ. ඇත්තටම ප්‍රෙෂර් වැඩි වෙයිද මන්දා. හෙට වෙනකන් ඉවසන් ඉන්නෙ බොහොම අමාරුවෙන්.

  6. Ashka Rashmi

    වර්ණවත් එලි සංග්‍රාමේ
    එකට නටන තරු ගොන්නක….
    මත්වෙන්න ආසාවේ ඇය
    අසිහියෙන් දිව්වලු බඹර රෑනක මැද්දට….

    ඇගේ පහසට
    සිනහවෙන බඹර කැල….
    තරු දෑසකට හසු උනේ
    ඇගේ ඉරණම ඔබ නේද වෙනතක ගෙන ගියේ…..

    එක කුඩා ඇසිල්ලක
    වෙනස් උනි නේද මෙතෙක් කල් මහන්සිය…
    ඔබේ ප්‍රේමිය අද
    ඉඳුල් උනේ බඹර පහසට….

    ඉඩදෙන්න දැන්වත්
    හිත ඇතුලෙ හැංගුව ප්‍රේමයට
    ඇයගෙ දුක්ගිනි සිදලන්න…
    ඇගෙ කදුලු ඔබෙ මුවෙන් පිසලමින්
    දෙන්න උණුසුම ඇය පැතූ ලෙස….

    නැවත කිසිදා කිසි ලෙසින්
    නොවන්නට ඈට හිරිහැර
    රැකගන්න ඒ රෝස කුසුම
    කාලයයි ඇය වෙන්න ඔබගේ පතිනිය….

    මටත් ඕන මනුක වගේ හොද ආදරවන්තයෙක්…මනුකව මට දෙන්න බැරිවෙයි ද සිත්මි අක්කියෝ…

    කතාව හරීම ලස්සනයි….කෙල්ලට දැනෙන වේදනාව අයින් කරන්න පුලුවන් මනුකට විතරයි…පස් මහ බැලුම් බල බල ඉන්නැතුව මනුකට තියෙන්නෙ අභීව මැරි කරන්න අනේ…ඔයා ඉස්සරහට මොනා කරයිද දෙයියො තමා දන්නෙ….බලමු මං ඊයෙ අනුමාන කරපු එකම වෙයිද කියලා…ඔයාට සුභ පතනවා අක්කි…ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ….අයියටත් එසේම ප්‍රාර්ථනා කරනවා …බුදු සරණයි❤️❤️ දෙන්නටම…

    1. Wow එක ලස්සනයි අශ්කා.. ඔයා very talented කවි කතා ලස්සනටම ලියනවා.. ✌️❤️ all the best ❤️❤️❤️

    2. Hashini Navanjana.

      අනේ… ඒක හරිම ලස්සනයී ආශ්කා ??? ඔයා ගොඩාක් ලස්සනට කතා ලියනවා වගේම කවිත් ලියනවනේ… ???

      1. ගොඩක් ලස්සනයි ආශ්කා.
        ..ඔයාගේ නමත් ලස්සනයි …. වැඩත් ලස්සනයි ……?????

    3. වසරින් වසර ගෙවී ගොස්
      නුඹ යොවුන් වියෙකි අද
      එදා අපි අතර බැඳී
      ඒ මිතුදම
      තවමත් වලංගු වේය අප හට…
      ලෙන්ගතුකම
      සහෝදරත්වය
      සෙනෙහස
      අපේ මිතුදම,
      මේ සියල්ල එක් කරමින්
      පතමි ආසිරි..
      සුභ උපන්දිනකි ” ආශ්කා නංගි ” ඔබට…..

      My dear sister…
      On your special day I’d Like to wish You an exciting life.. Full of great Discovereies and joyful Surprises !!!
      Many many happy returns of the day my beautiful sister..

      ඇත්තටම සතුටුයි ඔයා වගේ අතිදක්ෂ කෙනෙකුට මුලින්ම සුභ පතන්න ලැබුන එක ගැන මං හිතන්නෙ හරියටම ලංකා වේලාවෙන් 12ට සුබපැතුවේ මේ දඟ අයියා වෙන්න ඇති නේද දඟ කෝච්චිය… මම මම හිතන්නේ නෑ නේද අම්ම තාත්තා ඔයාගේ boyfriend ඉස්සරින්ම සුබ පතන්න ඇති නේද… Anyway කරන කියන සියලුම දේම අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියා සතුටින් පරිස්සමෙන් ඉන්න

      1. Ashka Rashmi

        හානේ ….අනේ thank you sooooooooooooooooooooooo much ayya??? ඇත්තටම මට මුලින්ම විශ් කලේ ඔන්න ඔයා..??..හරිම සතුටුයි.??…( හැබැයි ඔයාගෙ ඔරලෝසුවේ වෙලාව හදාගන්න ඉක්මන්ට මොකද ඕකෙ විනාඩි 4ක් වැඩියි?) thank you thank you thank you …thank you very much .

    4. ඔයාට ඉතිං මේ විදියට පද ගලපනවා කියන්නේ නතින් නේද නංගියා.. මොකද ඔයා උපන් හපන් දක්ෂතාව තියෙන කෙල්ලෙක් නිසා.. මං මොනව කියන්නද මොනවා ලියන්නද නංගියා හැමෝම කියලා තියෙන්නේ ඒ දක්ෂතාව ඒ ලස්සන ගැන.. ඇත්තටම හරිම ආදරණීයයි නම් කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි.. හෙට කොටස නම් ගොඩාක් ආදරණීය එකක් වෙයි ඇත්තටම කිව්වොත් ලස්සන අද මතක් නං ඕගොල්ලන්ට තියෙන්නේ ඒ හදවත උණු වේවි අනිවාර්යෙන්ම.. මේ හැමදේකටම බොහෝමත්ම ස්තුතියි nangiya තෙරුවන් සරණයි ඔයාට

  7. ඔබේ ඔය දෑසින් වැටෙන
    කදුලු සගවා ගන්නයි
    පැවසිය නොහැක මට…
    නුබේ ඔය වේදනාව
    මටත් එලෙසම දැනෙනවා
    මගේ මැණික
    රකිමි පන සේ
    දිවි තුරාම
    නුබ අයිති
    මා හටය
    නුබට වෙන මේ කරදර
    ඉවසන්න තවත්
    නොහැක මට…
    ..

    පව් අනේ මනුක….මොන තරම් නම් ආදරෙන් ඉන්නවද…. ඇත්තටම මනුක වගේ අය අද ගොඩක් අඩුයි.අද ගොඩක් කෙල්ලන්ට මේ දේ වෙනවා. .. මේ ගොඩක් තැන් බලද්දි මටත් ඉන්නෙ මනුක කෙනෙක්…. ගොඩක් ආදරෙන් ඉන්න ….. හැබැයි ඉතින් ඉන්නෙ දුරනේ….. ලග ඉද්දි නම් මේ ආදරෙමයි මටත් ලැබෙන්නෙ…..
    ලස්සනයි අදත් ඔන්න….හැමදාම මේ ආදරේ ලැබෙන්න මේ දෙන්නට…තෙරුවන් සරණයි අයියේ … අක්කියෝ

    1. අම්මෝ ඒක පට්ට හොඳේ මොනවද ලියන්නේ කියලා වත් හිතා ගන්න බෑ මම මේ නංගිලා කොහෙද හැංගිලා හිටියේ බලන්නකො පද ගලපන විදිහ මට සින්දුවක් ගළපන්න සතියක් දෙකක් යනවා. ඇත්තටම හරිම ලස්සනයි සුපිරි විදියට පද ගලපලා තියනවා කතාවට ගැලපෙන නියමටම ලියලා තියෙනවා.. අතිවිශිෂ්ටයි මගේ salute එක බාර ගන්න.. මේ ලෙංගතුකමට බොහොමත්ම ස්තූතියි nangiya තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  8. Anee wachana walin kiyala nima karanna beri tharamata kathawa hithata denuna akkiyo .me wage aadarayak labanna kochchara pin karanna onada .godaak lassanai kathawa … hadawathinma suba pathanawa oyala dennatama thawa me wage katha godaak liyanna shakthiya dairya lebenna kiyala ..karana kiyana wada katayuthu sarthaka wenna ona.oyala dennagema …dukak karadayak nam wenna epa oyala dennatama ..budu saranai parissamin inna .Good luck .akki & ayya ….

    1. Aniwarenma nangiya Ada hidala kathawa godak lassan wawe nangiya adare kiyanne mokadda kiyala oyalata danevi Nangi me lengathu kamata godak thanks nangiya budusaranyi oyata good night

  9. Ruwanthi Lakshani

    අම්මෝ සුමි අයියේ (කමක් නැද්ද ඒ නම කිව්වට ???) ඔක්කම කට්ටිය කවියෙන්ම වැඩේ දෙන්නේ…

    1. Heeee ඔව් ඔව් ඔක්කොමල්ලා මාර දක්ශයි.. ?❤️ ලස්සනට පද ගලපලා ලියලා තියනවා ඔක්කොමල්ලම නේද රුවන්තියෝ… ?????

    2. Aniwarenma kiyanna nangiya oyala adare Kara namak ne.. ow Nangi Mata Hari sathutuyi eke palamu kena oya oyayi wade patan gaththe ekata thank you

  10. Thilini Navodya

    හරිම ලස්සනයි අක්කෙ කතාව❤️❤️❤️.අනේ ඇත්තමයි මට ඇඩෙනව.ඊයෙ කොටස කියවල ශොක් උනා අක්කෙ.ඒත් අද කොටස කියෙව්වම ඊයෙ අභීට කරදර කරපු අර නරුමයවයි අභීව පණ වගේ පරිස්සම් කරන මනුක වයි නිකම්ම සංසන්දනය උනා අක්කෙ?.ඒ වගේ ආදරයක් ලබන්න පින තියෙන්නම ඕන තමයි.ඔයා මේ කතාවට දාපු නම හරියටම හරි.මං ආදරේ කරන්න බය කෙනෙක්.අනේ මේ මනුකගෙ ආදරේ ඒක හදවතටම දැනෙනව ඒත් ඇත්තටම මේ වගේ අය කොච්චර අඩුද.ඇත්තටම දැන් තමයි තේරෙන්නෙ ඔයා ඊයෙ දැම්ම කොටස ඇයි ඔයා මේ කතාවට Add කරේ කියල.ඔයා ඒ කොටස දැම්මෙ මනුකගෙ චරිතෙ තව ටිකක් ඉස්මතු කරන්න??.මනුකව අපිට තව ටිකක් දැනෙන්නයි ඔයා ඒක කරේ නේද.ඇත්තටම ඔයා හරිම සාර්ථකයි අක්කෙ??.අපිට මනුකව හොදටම දැනුන.හරිම ලස්සනයිඅක්කෙ කතාව හරිම ආදරණීයයි????.හදවතින්ම සුභ පතනව අක්කෙ ඔයාගෙයි අපේ උෂාන් අයියගෙයි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල???????❤️?.

    සිතින් සිතන්නෙමි
    හදින් පතන්නෙමි
    කවදා කොහෙදී හෝ
    හමු වන්නට ඔබ
    හිමි වන්නට ඔබ……

    සිහින දකින්නෙමි
    පෙරුමන් පුරන්නෙමි
    විද ගන්නට ඔය
    අපමණ සෙනෙහස……

    බලා හිදින්නෙමි
    පැතුමන් පුරමින්
    කවදා හෝ ඔබ
    මගේ වනතුරා……..

    සිතට කියන්නෙමි
    හදට කොදුරමින්
    ඉවසන්නට ඔබ
    මුණගැසෙන තුරා…..❤️❤️❤️

        1. Hashini Navanjana.

          ඔයත් හරිම ලස්සනට කවි ලියනවනේ තිලිනියෝ………. ???
          ගොඩාක් ලස්සනයී ???

    1. හම්මෝ මෙන්න තවත් හැංගිලා තිබ්බ දක්ෂකමක් එලියට ඇවිල්ල.. සුපිරි පට්ට කියලා වැඩක් නෑ නියමටම ගලපල තියෙනවා.. මං හරි ආසයි මේ වෙනසට නංගියා ගොඩාක් නංගිලා කොමෙන්ට් කළ තියෙන කවියෙන් එකට මට ගොඩක් සතුටුයි මොකද ඔයාලගේ හැංගිලා තිබිච්ච දක්ෂකම් ඔය ඔක්කොම එළියට ඇවිල්ල තියෙන්නේ. ඇත්තටම සතුටුයි ඔව් නංගියා කතාවේ අද ඉඳලා ගොඩක් වෙනස්වෙලා ඔයාලා හිතපු නැති ආදරයක් ගැන දැනගන්න ලැබේවි හැමදෙයක්ම ලස්සනට ගලපලා මගේ ඕගොල්ලන්ට ඉදිරිපත් කරල තියෙනවා. හේනෙන් ගත්තු කමට බොහොමත්ම ස්තුතියි දිග කමෙන්ට් එකක් නෑ කියල තරහ වෙන්න එපා අයියා වැඩත් එක්ක තමයි මේ ඔක්කොම කරන්නේ තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් නංගි ඔයාට බොහොමත්ම ස්තූතියි ඇත්තටම මාර සතුටුයි මට

  11. Hashini Navanjana.

    අදත් ගොඩාක් ලස්සනයී සිත්මි අක්කියෝ ????
    ඇඩුනා කතාව කියවද්දි… මනුකගේ ඒ ආදරේට වචන වලට. පුදුම තරම් ලස්සනට ඒ දේවල් ලියලා ඔයා… ????

    පවු අභී…. කොච්චර නම් දුක ඇත්ද ඒ කෙල්ලට.
    ඇත්තටම අර පොල් බූරුවට නම් හොඳ පාඩමක් උගන්නන්න ඕනි. මනුක කොහොමත් ලේසියෙන් අත අරිනකන් නෑ ඒකව.. ???? පුදුම තරහක් එන්නේ….

    මනුක වගේ උනා නම් හැම කොල්ලෙක්ම කොච්චර ලස්සන වෙයිද මේ හැම ආදර කතාවක්ම. ? ඒත් එහෙම කොල්ලෝ අඩුයිනේ.. අර පොල් බූරුවා වගේ අයනේ වැඩි. ඔන්න මං ඒකගේ නම වෙනස් කරා… හොඳද… ඒකා කිවුවේ තියන තරහට හොඳද අක්කියෝ… එහෙම දුක සතුට තරහා අපිට මේ විදියට හිතට දැනෙන්නේ ඔයාගේ මේ කතාව ඇතුලේ අපිත් ජීවත් වෙන නිසා. ඒ තරම් හිතට දැනෙනවා අක්කියෝ…

    සමාවෙයන් මගේ මැණික
    උඹ විදපු ඒ වේදනාවට
    වැරදිකරු මමයි තනිකරම…..

    ඒ මොහොත හෝ මං
    උඹව තනි නොකරා නම්
    අදත් උඹ නොඉදුල්‍ ය
    පෙරදි උන්නා ලෙසම…..

    යලිත් එය නොවන්නට
    වග බලා ගනිමි මම
    ඇස් පිල්ලන් යට තියාන
    රකින්නම් හැමදාම……

    බුදු සරණයි ???? ඔයාලා දෙන්නටම ?❤?❤?❤

    ??????????

      1. Hashini Navanjana.

        තෑන්ක්ස් මාෂියෝ… ??? අක්කි කිවුවට ඔයත් මගේ වයසෙමද කොහෙද… ඔයත් 97 නේද… මාත් 97 (සුමී අයියගේ කමෙන්ට් වල තිබුනා මතක විදියට.)

      1. Hashini Navanjana.

        තෑන්ක්ස් රුවී ??? ඒත් ඔයා තරම් ලස්සනට ගලපන්න නම් බෑ මට.

    1. අද නං හරිම ලස්සනයි මේ කොමෙන්ට් අද ඔක්කොම කවිවලින් කොමෙන්ට් කරලා කොච්චර ලස්සන ගැළපීම් ද.. ඔයා ඉතින් කොහොමත් දක්ෂයින් කවි ලියන්න.. ඇත්තටම හරිම ලස්සන නංගියා මොනවද ලියන්නෙ කියලවත් මම දන්නේ ඒතරං හදවතට දැනෙන කොමින්ට්.. වචන නෑ මට ගළපන්න
      ඔව් නංගී අද ඉදල ගොඩක් ලස්සන වෙයි ඒත් අර හාල්පාරුවා මොන වගේ කෙනෙක් වේවිද කියලා ඉස්සරහට අනිවාර්යයෙන්ම තියෙනවා බලන්නකෝ කොල්ලා කෙසේ වෙතත් කෙල්ල හොඳ වැඩක් කරයි කියලයි මට හිතෙන්නේ..

      හැමදාම ආදරෙන් කියවලා ආදරෙන් මේ වගේ දිගම දිග කොමෙන්ට් එකක් දානවා ට ඔයාට ගොඩාක් පින් නංගියා මේ හැමදෙයක්ම ලැබෙන්නේ ඔබ නිසයි හැමදේකටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් අපේ රෝස බෝල් මතක් කරා කියන්න ඔයාගේ කවිය හරිම ලස්සනයි නන්ගියේ එකට ලියන්න පද ගළපන්න මම දන්නෙ නෑ ඇත්තටම එච්චර ලස්සනයි

  12. කමෙන්ට් එකක් දාන්න ආපු දුරක්. මහන්සියි අප්පා……………. ??????????
    ඇත්තටම ඔයින් ගියා ඇති අනේ. පව් මනුක. ඔය තරම් දුක් දෙන්න එපා අනේ. දැන්වත් මනුක අභීට ආදරෙයි කියන්නකෝ……… කතාව හරි ලස්සනයි අයියේ. හැමදාමත් මේ වගේ කතා ලියන්න හොඳේ………….

    1. මගෙ අක්කි පන…… කොහෙද අනේ ඔයා යන්නෙ ම්ම්ම්ම්ම්ම් මොකෝ පේන්න නැත්තේ….. මටපාලුයිනේ …. බුදු සරණයි අක්කියෝ…..???

      1. ruwanthi නංගියා පුලුවන්නම් මට දෙන්න කොමෙන්ට් කියවලා කමෙන්ට් වලට රිප්ලයි කරල මට හරි මහන්සියි

    2. ඒකනේ ඉස්සර වගේ උදේම ඇවිල්ල komit කරනවනම් කොච්චර ෂෝක්ද දැන් ඉතින් නංගි එන්නේ ඕනවට එපාවට හරි දුකයි ඉතිං ඒකත්. ඒත් මොනව කරන්නද වැඩත් එක්ක එන්න බැරි නේද නංගියා පුළුවන් වෙලාවට ඇවිල්ල මේ වගේ හරි කොමෙන්ට් එකක් දාලා යන්න බොහෝමත්ම ස්තුතියි නංගි කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ඔයාට

  13. හායි අයියේ… අදත් කතාව මාරම ලස්සනයි..

    මනුකනම් හරිම පුදුම චරිතයක්.. හරිම ආදරණීයයි… කොල්ලගෙ වැඩ වලින්ම ආදරේ පේනවා නොකිවුවට.. කෙල්ලනම් කොහොම හරි ආදරේ ප්‍රකශ කලා ඒක හොදයි…

    1. අදින් පස්සේ කතාව ගොඩක් ලස්සන වේවි නංගී බලන්නකෝ .. ආයෙත් වැඩ වැඩි වෙලා වගේ මේ පැත්තෙ එන්න පරක්කු වෙන්නෙ අනේ පරිස්සමෙන් හොදේ කරන කියන දේවල් සාර්ථක වේවා බුදු සරණයි ඔයාට සුභ උදෑසනක් නංගි මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.