Katha Ahura

පින්වන්ති මා – 20 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

20 කොටස

” අභී ..දොර අල්ල ගන්න මැණික මම ටවල් එකක් අරන් එනකම්…..”

අයියා මාව දොරට හේත්තු කරලා මගේ කොට ටවල් එක එයා ඇඳගෙන එයාගේ තෙත කලිසම ගලවලා දාලා කාමරේට ගියා.

ඇඟේ වතුර බේරි බේරි කාමරේට යන්න බැරි නිසාම මම දොරත් අල්ලගෙනම හිටියේ කකුල් වල වේදනාව නිසා .

අයියා අල්මාරිය ඇරලා මගේ උරහිස හරියට විතර උස ටවල් එකක් අරගෙන ඇවිත් මගේ ඇඟ වැහෙන්න ම ටවල් එක එතුවා.

ඊට පස්සේ මාව හරහට වඩාගෙන කාමරේට එක්කන් ආවා .

” අභී …ඇඟේ වතුර පිහිදාන්න බෑ මැණික …. ඔයාට දැවිල්ල ගනී….ආ මේ ටවල් එක මෙතනින් අල්ල ගන්නකෝ ….”

එහෙම කියලා ටවල් එකේ කොන් දෙක මගේ පපුව ළඟට එකතු කරලා මට අතින් අල්ල ගන්න කිව්වා .

පපුව ළඟින් ගැටයක් ගහලා ටවල් එක රන්දන්න බැරි වුණේ පපුවේ තුවාල නිසා .අයියා ගිහින් ෆෑන් එකේ වේගෙ වැඩි කරලා ආවා .

” අභී…..ටිකක් ඔහොම ඉමු ඇඟේ වතුර වේලෙනකම්….කවිඳුවා මග එන ගමන්…ඌ බෙහෙත් අරන් ඒවි….”

” අයියේ …..”

” ඇයි මැණික ….”

” මාව තුරුල් කරගන්න …”

” එපා පැටියෝ ….ඔයාට රිදෙයි තවත් මම ඔයාව තුරුල් කර ගනිද්දී ….බලන්න මේ පපුව රතු වෙලා තියෙන්නේ .. .. තුවාල වෙලා හීරිලා මැණික…..”

” ටිකක් තුරුල් කරගන්න රිද්දන්නේ නැතුව …”

මගේ ඉල්ලීම නිසාම අයියා එයාගේ ඇඟට මාව වත්තන් කරගත්තා .

” අභී ….මේ අයියට සමාව දෙනවද මැණික ….”

” ඔයා සමාව ඉල්ලන්න එපා අයියේ …. මමනේ ඔයා කියන දේ ඇහුවේ නැත්තේ….”

” මගේ හිතට හරි නෑ අභී ….හිත කියන්නෙම මම නිසයි මෙහෙම වුණේ කියලා .. .”

” නෑ ..නෑ …මගේ අයියේ ,අපි දෙන්නම ඒක අමතක කරමු….”

” අභී ….අපි කොට සායක් ඇඳ ගමු…එතකොට කකුලේ තුවාල පෙන්වන්න ලේසියි ඔයාට….”

අයියා මාව පරිස්සමට ඇඳ උඩින් වාඩි කරලා අල්මාරියෙන් මට අඳින්න ඇඳුමක් අරන් ආවා . මාව නැගිටවලා සායක් ඇන්දුවා.

ඇස් වලට කඳුළු පිරුණේ යට ඇඳුම් පවා අහිතක් නැතුවම අයියා මට අන්දවද්දී.මට ඉබේටම වගේ ඉකි ගැහෙද්දි අයියා මාව සැනසෙව්වා.

” අභී ….අඬන්න එපා පණ…නාඩා ඉන්න හොඳ ළමයා වගේ….”

ටවල් එක තාමත් මම පපුවට තියලා අල්ලගෙනයි හිටියේ .

” අභී … උඩට ඇඳුමක් දැම්මොත් ඔයාට දැවිල්ල ගනී මැණික …අපි ශීට් එකක් දාගෙන ඉමු කවී එනකම් හොඳේ ….”

පපුවේ තියෙන සීරීම් වලින් තාමත් ලාවට ලේ මතු වෙනවා .

ඒ නිසාම ඇඳුමක් ඇන්දොත් මට දැවිල්ල අල්ලන නිසා අයියා මාව ඇඳෙන් හාන්සි කරලා මගේ පපුව වැහෙන විදියට ශීට් එකක් දාලා ටවල් එක මගේ ඇඟෙන් අයින් කරලා දැම්මා .

අයියත් ඇඳුමක් ඇඳගත්තේ කවී අයියා කෝල් කරලා මග එනවා කියපු නිසා.

” අභී ..කවියා ඇවිත්,මම ගිහින් එක්කන් එන්නම් හොඳේ ….”

” අයියේ ….”

” බය වෙන්න එපා…මම ගේට් එක ළඟට විතරයි යන්නේ …..”

ටික වෙලාවකින් අයියා ආවේ අයියගෙම වයසේ වගේ පිරිමි ළමයෙක් එක්ක .මගේ ඇඳ ළඟින්ම පුටුවක් තියලා අයියා එයාට වාඩි වෙන්න දුන්නා .

” අභී ….බය නැතුව රිදෙන හැම තැනක්ම කියන්න බබා ….මේ ඉන්නේ මගේ හොඳම යාළුවා කවිඳු….”

මම කවිඳු අයියා දිහා බලලා හිනාවුණා .

” යකෝ කියපන් මම හොඳම යාළුවා වුණාට ඩොක්ටර් කෙනෙක් කියලා ….නැත්නම් මේ කෙල්ල බය වෙනවනේ බං….”

” හරි හරි බං.. උඹ දොස්තර කෙනෙක් නොවුණ නම් මම එක්කන් එනවද මෙහෙට ….”

කවිඳු අයියා මගේ කකුල් දෙක බලලා දෙන්න ඕන බෙහෙත් ඔක්කොම අයියගේ අතට දුන්නා .

ඒත් එයා දන්නේ නෑ මගේ පපුවේ තියෙන තුවාල ගැන.මම ශීට් එක බෙල්ල ගාවට වෙනකම් දාගෙන හිටපු නිසා කවිඳු අයියා දැක්කෙත් නෑ .

” එහෙනම් හරිනේ බං.. බෙහෙත් ටික වෙලාවට බොන්න දීපන් හොඳේ ….අර ක්‍රීම් එක ගාපන් කකුල් දෙකේම…..”

” කවී….තව අවුලක් තියේ බං….”

එහෙම කියලා අයියා මගේ ඉහ ඉද්දරින්ම වාඩි වුණා.

” අභී….කමක් නෑ නේද මැණික …මේක නොකියා හිටියොත් ඔයාටමයි අමාරු වෙන්නේ…”

අයියා දිහා බලලා මම ඔළුව වැනුවේ කමක් නෑ කියලා කියන්න .

අයියා මගේ පියයුරු නොපෙනෙන්න පරිස්සමට ශීට් එක පහත් කරලා මගේ පපුවේ උඩු කොටස කවිඳු අයියට පෙන්නුවා.

බාත්රූම් එකේදී මේ හැම දෙයක්ම අයියා දැක්කත් එයාගේ යාළුවා ඒ දේවල් දකිනවට අයියා කැමති වුණේ නෑ .

ඒ නිසාම එයා ශීට් එක පහත් කරලා එහා මෙහා නොයන විදියට අතින් අල්ලගෙනයි හිටියේ .

” ඕ…ගෝඩ් මචන්….ඒ කොල්ලා මේ තරම් තිරිසනෙක්ද…..මෙහෙම වධ දෙන්න තරම් ….”

මගේ පපුවේ තිබුණු සීරුණ තුවාල දැකලා කවිඳු අයියත් පුදුම වුණා .

” ඔව් කවියා ….මම යනකොටත් පපුවට තියලා සපත්තුවක් තද කරලත් ඉවරයි ….”

” මනුක මචන් ….මේකට නම් බෙහෙත් ගාන්න කලින් උඹට පොඩි වැඩක් කරන්න වෙනවා …”

” කියපන් කවී…මම ඕන දෙයක් කරන්නම්…. මට මගේ කෙල්ලව සනීප කරලා දියන් ඉක්මනට ….”

” මචන් මෙතන තැලුම් පාරවල් හිටින්න කලින් උණු වතුරෙන් තවලා හිටපන්….ඊට පස්සේ බෙහෙත් ගාපන්…

ඇඟ හිර වෙන්න ඇඳුමක් දාන්නේ නැතුව ඔයා විදියට ඉන්න දීපන් මේ තුවාල වේලෙනකම්….”

” මචන් පේන් කිලර්ස් මොනවා හරි තියෙනම් දීලා පලයන්….මේ කෙල්ලට බෑ බං දරාගන්න මෙච්චර වේදනාවක්….”

” බය වෙන්න එපා බං…ඒවත් මම අර බෙහෙත් එක්කම දීලා තියෙන්නේ ….

බලන්න අභී .. ඔයාට වැඩිය ඔයාගේ අයියට තමයි රිදෙන්නේ….

ඒ නිසා පරිස්සම් වෙන්න ඕන හොඳ ද …..”

” ඇහුණා නේද අභී ….කවී අයියා කියපුවා…පරිස්සම් වෙන්න කියලා ….”

” මනුක ඒක නෙමෙයි බං,පොලීසියට වත් කිව්වොත් නරකද….”

” ඒක කරන්න බෑ බං…අභී ගැන ඇත්ත කියන්න වෙනවා එහෙම වුණොත් ….

අභී ලගේ ගෙදරින් දන්නේ නෑනේ බං අභී මෙහේ ඉන්නවා කියලා …..”

” මට ඒක අමතක වුණානේ මචන් ….අවුලක් නෑ ….මේ බෙහෙත් වලට තුවාල වේලෙනවා ඉක්මනට ….
ක්‍රීම් එක ගාපන් දවසට දෙපාරක් ….”

” හරි මචන් …පින් උඹට මේ වෙලාවේ ආවට උඹේ වැඩත් දාලා….”

” උඹ දන්නවනේ යාළු කම වෙනුවෙන් පන වුණත් දෙනවා කියලා ….

මම ගිහින් එන්නම් මචන් ….අවුලක් උනොත් කෝල් කරපන්….”

කවිඳු අයියා උපදෙස් ගොඩක් දුන්නා මට වගේම අයියටත් .

” අභී ….ගිහින් එන්නම් නංගා ….වෙලාවට බෙහෙත් බොන්න හොඳේ …..”

මම ඔළුව වනලා හා කිව්වා .අයියා සාලෙට ගියේ කවිඳු අයියව ඇරලවලා එන්න .

මම ඇඳේ හාන්සි වෙලාම හිටියේ ඇවිදින්න අමාරු හින්දා .අයියා කාමරේට ආවේ කිරිබත් පිඟානක් බෙදාගෙනම.

” අභී ….කාලා බෙහෙත් බීලා ඉමු මුලින්ම …ඊට පස්සේ පුළුවන් බෙහෙත් ගාන්න….”

අයියා මගේ ළඟින්ම වාඩි වෙලා මට කිරිබත් කැව්වා .පව්…මම නිසා අයියට කරදර ගොඩක් .මේ හැම දෙයක්ම වුණේ මගේ වරදින් .

” අයියේ …..ඔයත් කන්න ….”

මට කවන ගමන්ම අයියටත් කන්න කිව්වේ නැත්නම් එයා නොකාම මට සාත්තු කර කර ඉන්න නිසා .

අයියත් කාලා ඉවර වෙලා මගේ බෙහෙත් ටික දුන්නා මට බොන්න .

ඊට පස්සේ අයියා පොඩි බෝල් එකකට උණු වතුර අරගෙන ආවේ මගේ පපුව තවන්න කියලා කවිඳු අයියා කියලා ගියපු නිසා .

මාව ආපහු ඇඳෙන් හාන්සි කරවලා මගේ පපුව වැහෙන්න දාලා තිබුණු ශීට් එක අයින් කරලා අයියා කිසිම කතාවක් නැතුව මගේ පපුව තවනවා .

” අභී …..”

” ම්ම්ම්ම්ම්……”

” මාත් එක්ක තරහද මැණික ….”

” ඇයි අයියේ ….”

” මේ විදියට ඔයාගේ දේවල් මම අල්ලනවට…. දකිනවට…..”

” නෑ අයියේ …මම කවද හරි ඔයාගෙම විතරයි …ඉතින් මේ දේවල් අල්ලන්න ඔයා අහන්න ඕන නෑනේ ….”

අයියා පපුව විතරක් නෙමෙයි මගේ කකුල් දෙකත් උණු වතුරින් තවලා තමයි බෙහෙත් ගෑවේ.

මට රිදෙයි කියන බයට අයියා හරි පරිස්සමින් තමයි හැමදෙයක්ම කරේ.

” අභී ….ශීට් එක දාන්න එපා ඇඟ හිර වෙන්න …ලාවට උඩින් දා ගන්න ……

බෙහෙත් ටික තුවාල වලට් අල්ලන කම් ඔහොම ටිකක් නිදාගන්න ….”

එහෙම කියලා අයියා ශීට් එක ලාවට මගේ ඇගට දාලා මගේ කකුල් දෙක තිව්වෙත් කොට්ටයක් උඩින් .

ඊට පස්සේ අයියා හැදුවේ කාමරෙන් එළියට යන්න .ඒත් මට ඕන උනේ අයියව මගේ ළඟින් තියාගන්න .

” අයියේ ……”

” ම්ම්ම්…ඇයි අභී …..”

“මෙතනින් ඉන්න ඔයත්….”

” බෑ බබා …..ඔයා නිදා ගන්න ටිකක් …මම සාලෙට යන්නම්….”

” අනේ ඉන්නකෝ අයියේ මගේ ළඟින් ….”

” ඔයා මේ විදියෙන් ඉද්දි මම මෙහෙම ඉන්න එක හොඳ නෑ අභී ….තේරුම් ගන්න ….”

” අනේ කමක් නෑ …මං ඔයාගෙනේ…ඉන්නකෝ මට නින්ද යනකම් වත්….”

අයියා කාමරෙන් යන්න හැදුවේ මම ගැන් හිතලා.එයා බෙහෙත් ගාපු නිසා මම හිටියේ උඩට ඇඳුමක් නැතුව ශීට් එක විතරක් ඇඟට දාගෙන නිසා .

අයියා හිතුවේ මගේ පැත්තෙන් කියලා මම දන්නවා .මගේ ඉල්ලීම හින්දම අයියා ඇවිත් මගේ ළඟින් වාඩි වුණා .

” අභී …නිදාගන්න මැණික ටිකක් …එතකොට ඔයා වේදනාව අඩු වෙයි…..”

එහෙම කියලා අයියා මගේ ඔළුව අතගෑවා.

එක අතකින් මගේ ඔළුව අතගාද්දි මම අයියගේ අනිත් අත අරගෙන මගේ කුස උඩින් තියලා එයාගේ අත අල්ලගෙනම ඇස් දෙක පියා ගත්තේ ටිකක් හරි නිදා ගත්තොත් වේදනාව අඩු වෙයි කියලා හිතලා.

සතියක් විතර යද්දී මට හොඳටම සනීප වුණා .ඒ සතිය ඇතුලත මගේ හැම වැඩක්ම වගේ කෙරුණේ අයියගේ අතින්.

අයියා මට කාමරෙන් එළියට වත් එන්න දුන්නේ නෑ .ඒ ගෙවුණු හැම දවසකම අයියා නිදාගත්තේ මගේ ළඟින් .

අයියා මුලින් ඒකට අකමැති වුණත් මගේ බල කිරිල්ල නිසාම එයාට කැමති වෙන්න සිද්ධ වුණා .

ආයෙත් එන්නම්

107 thoughts on “පින්වන්ති මා – 20 වෙනි දිගහැරුම”

          1. Ayyoo eema nee akkiyo ..time ekata awa ithin kathawa kiyawanna .ithin aasa hithenawa win karanna .ithin mn win kara

    1. Ruwanthi Lakshani

      විදිමි මහමෙරක් වූ ඔබේ ආදරය….
      ඉවසා සිටිමි මම හැම වේදනාවම….
      සිතින් හඩමි මා දුක පිටකරන්නට….
      ඔබට තවත් දුක නොදෙමී සිතා මම….
      ?????????????
      ඔබේ නෙතින් වැටෙනා කදුලක් ගානේ…
      මගෙ හදවත තැවෙයි බිදුවක් ගානේ….
      ඔබ මට පිදූ මේ සෙනෙහස එක වාගේ…
      ඔබව මගේ කරගමි මම හැම වාරේ….
      ?????????????
      මනුක අයියේ මම ඔබ නිසා අද….
      ලස්සන වූ ජීවිතයක් ගෙවයි අද….
      ඔබෙ පිවිතුරු සෙනෙහස දුන්නි මට…
      ඔබට කෙලෙස පිං දෙන්නද සිතුනි මට…..
      ?????????????

      1. Ruwanthi Lakshani

        උෂාන් අයියේ අද ඔබගේ කතාවට…
        කියවා ඇසට කඳුලක් එක් කෙරුනි අද..
        මෙතරම් සෙනෙහසක් ලොව කොහි ඇද්ද…
        පිං කර යුතුය මේ සෙනෙහස ලබන්නට…
        ?????????????
        ඔබටද මෙවැනි සෙනෙහසක් මතුවට ලැබේවා….
        ඔබෙ මේ හැකියාවට දියුණුව සැලසේවා….
        සිතේ තියන පැතූමන් අද ඉටුවේවා….
        ඔබට සුභම සුභ අනාගතයක් වේවා….
        ???????????

        1. අනේ රුවන්ති නංගියා මම වෙනුවෙන් ලියපු කවියත් පට්ට. ඔන්න හෙට නං කතාවට කවියෙන් රිප්ලයි කරන්න පුළුවන් මොකද මං හෙට නිවාඩුයි.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ආදරේ නංගියා මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට

      2. ඒක නම් නියමයි අනේ…. දැන් ඇති අනේ අපි බලන් හිටියා… ඔයාගේ කතවක් දෙන්නකෝ දැන්…. අනේ හා නේද. ම්ම්ම්ම්ම්ම්ම්

          1. ලියලා නැති උනාට කමක් නෑ අනේ ලියලා බලමු නේද ම්ම්ම්ම්ම් ඔයාට බැරි වෙන්නෙ නෑ අනේ……මේ තරම් ලස්සනට කවි ලියන්න පුලුවන් උනා නම් ඇයි කතවක් බැරි වෙන්නෙ

      3. මොනවා ලියන්නද දෙයියනේ මේ වගේ ආදරණීය පදවැල්වලට මම.. ඒ තරම් හිතට වදිනවා කතාවේ තියෙන හැම වචනයක් පාසාම මේ කවියෙන් කියවෙනවා.. ඔයා නම් සැබෑ දක්ෂයි.. මට හරි සතුටුයි නම් ගියා ඒකට හැංගිලා තිබිච්ච මේ වගේ දේවල් එලියට එනවා කියන්නේ ඇත්තටම පට්ටම පට්ට සතුටුයි.. ඔයා නම් සැබෑ දක්ෂයෙක් සුපිරියටම ලියනවා හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      4. ruwanthi නංගි කෝ අයියාගේ හොල්මන් කතාවට කොමෙන්ට් එක ඒක නැතුව පාලුයි වගේ මට

          1. Ruwanthi Lakshani

            අද කොහොම හරි දාන්නම් උෂාන් අයියේ

          1. අයියෝ අනේ……………. ඇත්තටම ඔයා ඊයේ මාව හොයපු හින්දම තමා අද ආවේ කලින්ම. අයියත් කියලා තිබ්බා මං ඕනවට එපාවට වගේ එන්නෙ කියලා. එහෙම නෑ අනේ. මට මේ වෙලාවට වැඩ ඉතිං……….. ?????

          2. හැමදාම මම එහෙනම් අක්කියව හොයන්නම්කෝ හොදේ….. පේන තැනක හැංගෙන්න ඕන හරිද….

          3. එහෙම උනොත් හොයා ගන්න බෑනෙ අක්කියෝ පේන තැනක හැංගෙන්න ඒ නිස හොදේ

          4. දෙන්නම කලින් වගේ හිටියේ නැති වුනොත් මම තරහ වෙනවා ඇත්තටම

  1. නුබේ මෙ සෙනෙහස
    දැනෙනවා මහ මෙර තරම්
    යන්න නොසිතමි
    කිසිම දවසක
    නුබෙන් ඈතට
    සමු අරන්……
    පන මෙන් රක්ෂා කරන
    නුබ වැනි අයෙක්
    දුටුවේ නෑ ලොව
    කෙදිනවත්…
    පෙර කෙරූ පිනකට
    ලැබුනෙ නුබ මට…
    අතැර නොයන්නෙමි
    සිහිනෙකින්වත්
    මා නුබේ හුස්ම පොදයි
    මා නුබේ හද ගැස්මයි
    මා නුබේ ප්‍රාණයයි
    ලබන හැම භවයෙම…..
    මා නුබේමයි……..

    මේ කතාව අනිවාර්යයෙන්ම අද කාලෙ පිරිමි ළමයි කියවන්නම ඕන කතවක් අයියේ …. සමජයේ අද වෙන දේවල් එක්ක මේ වගේ දේවල් ඒඅයගේ ඔලුවට දාන්න ඕන…. හැම කෙල්ලෙක්වම තමන්ගේ පන වගේ ආරක්ෂා කරයි…. මනුක වගේ අය මම දන්න තරමින් ගොඩක් අඩුයි…..
    හැම කෙනෙක්ම මනුක වගේ උනා නම්…….
    හරිම ලස්සනයි අක්කියා කතාව…. අයියේ ඔයාල දෙන්නා හැමදාමත් කතා ලියන්න මම සුභ පතනවා ඔයාල දෙන්නටම…. හැමදාමත් සතුටින් ඉන්න අයියෙ …… අක්කියො….. තෙරුවන් සරණයි

    1. පිරිමි ළමයි ටිකට විශේෂයෙන් කියවන්න ඕනේ කතාවක් තමා නංගියෝ මේක.

        1. පිරිමි ළමයි අනිවා කියවන්න ඕන. ඒත් එයාල කතා කියවන්නෙ නෑනෙ එකට මොකො කරන්නෙ

          1. කියවන්නේ නැත්තම් අල්ලගෙන දියකරලා පොවමු…

          2. එහෙම පුලුවන් නම් එහෙම කරමු අක්කියෝ…..

    2. මම මේ කොමෙන්ට් වලට මොනවා ලියන්නද කියලා මටවත් හිතාගන්න බැහැ දෙයියනේ ඒ තරම් පට්ට ඔයාලගේ හැකියාවන් මං ඇත්තටම දැක්කනං ඇත්තම කිව්වොත් මටත් වැඩිය දක්ෂයි ඔයාලා ඒක මං හදවතින්ම කියන්න. ඇත්තටම හරිම ආදරණීයයි නංගියේ හරිම ලස්සනට ගලපලා තියනවා වෘත්තියෙන් කවි ලියන කෙනකුටත් වැඩිය ලස්සනට ඕගොල්ලෝ ලියනවා කිව්වොත් මං සාධාරණයි.. මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරේ නංගියා මේ හැමදෙයකටම බොහොමත්ම ස්තූතියි කවිය ගැන කියන්න මට දෙයක් නෑ එතරම්ම පට්ට ුබ රාත්‍රියක් ඔයාට දළදා සමිදුගේ පිහිටයි

      1. අනේ තැන්කූ අයියෙ….. ඔයා මෙහෙම කියයි කියලා නම් හිතුවේ නෑ ඇත්තමයි….. මම කාලෙකින් ඔය ලියන්න ගත්තේ…. මම ඉතින් එපා උන කෙනෙක්නේ අයියේ …. මේ දේවල් ආපහු එන්න ගත්තෙ ඔයා නිසයි.ඒකට නම් ශාන් අයියේ ඔයාට ගොඩක් පිං හොදේ….. ගුඩ් මොර්නින්ග් අයියේ තෙරුවන් සරණයි

  2. Wow ….lassanai ..godaak aadare hithenawa ….manuka wage kollek labanna pin karanna ona ….sithmi akki lassanata kathawa liyanna thiyenawa .hadawathinma oyala dennatama suba pathanawa mn..karana kiyana hema deyakma sarthaka wenna kiyala ….good luck parissamin inna budu saranai …

  3. පව් අනේ අභීයි මනුකයි දෙන්නම. මටනම් හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා. ඒත් ඇත්තටම අද කාලේ මනුක වගේ අය නැති තරම්. එහෙම කාලෙක මේ වගේ කතාවක් ගොඩක් වටිනවා. දෙමව්පියෝ සල්ලි පස්සේ දුවනකොට තමන්ගෙ පවුලේ අය තමන් ළඟ නෑ කියලා තේරෙන්නේ ගොඩක් කල් ගියාට පස්සේ. එහෙම වෙනකොට හැම කෙනෙකුටම මනුක වගේ හොඳ අය හම්බෙන්නේ නැති තරම්. මේ කතාවෙ ගොඩක් දේවල් ආදර්ශයට ගන්න තියෙනවා. ගොඩක් ලස්සනයි අයියේ කතාව. හැමදාමත් අපි වෙනුවෙන් කතා ලියන්න. බුදු සරණයි ඔයාට.

    1. මනුක වගේ අය ඉන්න නිසා නෙමේ වගේ කතා ලියවෙන්නෙ නංගී නැත්නම් සිත්මිට කවදාවත් මේ විදියට ලියන්න බැරි වේවි.. කෙල්ලෝ හරි කොල්ලො හරි වෙනස් වෙන්න එකම හේතුව හිතන විදිය පතන විදිය අවිශ්වාසයෙන් ඔන්න ඕව කැටිකරගෙන ඔය දේවල් එක්ක ජීවත් වුනොත් කවදාවත් ආදරය සාර්ථක වෙන්නේ නැහැ.. ආදරේ කරන්න ඕනේ adawathe නැතුව සැකෙන් නෙවෙයි රූපය වත් පොහොසත්කම් වුවත් අදාළ වෙන්නෙ නෑ ඉතින් ඒ වගේ ජීවත් උනොත් මනුකලා වගේ ගොඩක් අය මේ ලෝකෙ ඉන්නවා.. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට nangiya තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  4. Thilini Navodya

    අනේ හරිම ආදරණීයයි❤️❤️?? මේ කතාව.මේ තරම් පිරිසිදු හැගීම් මේ තරම් පිරිසිදු ආදරයක් අනේ හරිම ලස්සනයි සිත්මි අක්කි ඔයාගෙ අදහස්??.මේක හරිම උතුම් ආදර කතාවක් මේ තමයි හරිම ආදරේ❤️.එහෙම ආදරයක් හැමෝටම ලැබෙන්නෙ නෑ.හරිම ලස්සනයි අක්කි කතාව කියන්න වචන නෑ මට??.ඔයා ලස්සනට කතාව ලියල තියනව.අක්කි ඔයාගෙයි උෂාන් අයියගෙයි හැම වැඩක්ම හරියන්න කියලා ප්‍රාර්තනා කරනව??❤️???? .

    අදුරේම තනිවෙලා
    අදුරේම මත්වෙලා
    අදුරු වූ මගෙ දිවිය
    එළිය කල හිරු කිරණ

    සද නැති අහසක
    පාලු රාත්‍රියක
    මගේ මග දක්වන්න
    පෑයු පහන් තරුව

    කාශ්ටක කතරක
    දුර පෙනෙන මිරිගුවට
    මායාව සිදලන්න
    ඇද හැලුණු මල් වැස්ස

    විඩාබර දිවියට
    අනාථ හදවතට
    සතුට එක්කල
    ඔබයි මගේ

    පැහැසර ආදරය….❤️❤️❤️??

    1. මම මොනවද තිළිණි නංගියා මේවට ලියන්නේ මම ඒ තරම් පට්ට සුපිරි ගැලපීම ගැන කියන්න වචන නෑ මට.. .. කොච්චර දක්ෂයි ද නංගි ඔයාලා මේ වගේ ඇදිල තිබිච්ච දේවල් එළියට ගන්න ලැබිච්ච එක ගැන ඇත්තටම මට මාරම සතුටක් දැනෙන්නේ ඇත්තටම සුපිරි නංගි ඉතින් වැඩ අස්සෙ කවිවලට කවිවලින් රිප්ලයි කරන්න අමාරුයි ඒකට වටිනාකමක් දෙනවා අනිවාර්යෙන්ම හෙට නම් පුළුවන් වේවි මොකද මං හෙට නිවාඩු නිසා..මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ස්තූතියි nangiya තෙරුවන් සරණයි ඔයාට සිත්මි නංගි මේ කොමෙන්ට් බලලා ගොඩක් සතුටු වුණා එයා ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තූතියි කියන්න කිව්වා

    1. ම්ම්ම්ම්ම් ඒකනේ…. නෙද අක්කියා….. ඔයා තමා ඒ හැමෝම අතරින් හොදම කවි කාරිය…… ???

      1. ඔව් ඇත්තටම ඒ කවි මාරම ලස්සනයි අනේ. මට බෑනේ ඔය මොකවත්. ?????

        1. බැරි වෙන්නෙ නෑ අක්කියා…. නිකන් ඉන්න ගමන් හිතට එන දේ ලියන්න ඔයාට බැරි නැහැ අනේ…. මම දන්නවනෙ…… හෙට අක්කියගෙන් එකක් ඕන හොදේ

      2. Ruwanthi Lakshani

        තැන්කූ නංගා…. මං විතරක් නෙවෙයි ඇයි ඔයාලත් ගොඩක් දක්ෂයි ???

        1. ඒ උනාට ඔයාගේ ඒව තමා ගොඩක්ම ලස්සන…. ඒ ටික කියවන්නෙ නැතුව එන්න හිතෙන්නෙම නැහැනෙ…….

    2. ඒකනේ නංගියා හැමෝටම එකපාරම දාන්න බැරි නිසා ඔන්න මම වෙනම එකක් දැම්ම ඔයාල ඔක්කොටම හොඳේ තෙරුවන් සරණයි

  5. Chadi kaveesha

    ada kathavath harima lassanai… Abhita hoda unane athiyantham….good luck akki………තෙරුවන් සරණයි dennatama……..

      1. දෙමුද මාෂියෝ අල්ලගෙන…………….? ඒත් ඉතිං මටත් හිතාගන්න බැරි වුණා තමා කියන්නේ මොනාද කියලත්. පවුනේ චාදියා……..

        1. එහෙම බෑනෙ අක්කිය ගහන්නම ඕන මෙයාට… හැමදාම සුට්ටි කොමෙන්ට් එකක් දාල මාරු වෙල යනවනේ…

    1. Me kella ekama comments eka copy pest karanwa kiyala hithenne Mata vitharada hehehe ane ithin meme Hari danne adaren kiyala mama dannwa ne thank you so much nangiya budusaranyi oyata good night

  6. Ashka Rashmi

    No words to say…fantastic super brilliant beautiful story ….ආදරය ආරක්ශාව රැකවරණය …මනුක හොද පෙම්වතෙක්…..

    දිලිසෙන කදුලු කැට
    නෙත් අගින් පිබිදෙද්දි
    මුවට අවසර නොලද ආදරය
    කෙසේ හෝ පිටවුනා
    ‘මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා ‘

    කෙල්ල දන්නවා මනුක ආදරේ කියලා.

    ඇහිපිහාටුවල රදවන්
    රැකගත් මගේ මැණිකට
    මෙතරම් වේදනාවක්
    මා නොවෙද වගකිවයුතු …
    ‘ මට සමාවෙන්න මැණික…මං නිසයි මේ ඔක්කොම…මට බැරි උනා එක මොහොතකට ඔයාව රැකගන්න….’

    ඔබෙ රිදුම් මට දෙන්න
    අවැසියි ඔබෙ වේදනාවන් මකාලන්නට…
    එන්න තුරුලට
    ගන්න මාගෙ ඔබ පතන උණුසුම
    ඔබයි මගේ ආදරිය
    අරුත කැන්දන් මගේ දිවියට
    ඉන්න ලං වී සදාකාලෙම…..

    මාත් හොයාගන්න ඕන මනුක වගේ කෙනෙක්ව? කතාව අක්කි ඔයා හරිම සස්සනට ලියලා..අද කාලෙ පිරිමින්ට ගන්න හොද ආදර්ශ ගොඩක් කතාවෙ තියෙනවා …හැමදාමත් මේවගේ ලස්සන කතා අපි වෙනුවෙන් අරන් එන්න අක්කි…ඔයාටයි අයියටයි දෙවි පිහිටයි ??????❤❤????

    1. අනේ දෙයියනේ මේ වගේ ගැලපීම් මේ වගේ වචන කොහෙන් එනවද කියලා හිතාගන්නවත් බෑ මං කිව්වේ දඟ කෝච්චිය මං හැමදාම කියන්නේ ඔයා අති දක්ෂයි කියලා.. මට නම් මේකට රිප්ලයි කරන්නවත් දන්නෑ ඒ තරම් සුපිරි නියමයි ලස්සනටම ලියලා තියෙනවා.

      ඔයාට මනුක වගේ boy කෙනෙක් අනිවාර්යෙන්ම ලැබෙනවා මොකද ඔයත් අභී වගේ ගොඩක් හොඳ දඟ කෝච්චියක් නිසා.. ඔයා එතන ඒ මනුක ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියා

      මේ ලෙංගතුකමට බොහොමත්ම ආදරේ ගොඩාක් ස්තුතියි හැමදාම මේ වගේ කොමෙන්ට් එකකින් අයියට ශක්තියක් වෙනවාට තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  7. Ane ayye oya kiww wge aththtm kathwta adenwa manukage adre kochchr watinwd abhi godaaak wasnwanthayi ehem kenek labenn oya wagem sithmi akkith godaak dakshayi e hama hagimakma ape hadwthatama danenn liynn ekanm majic ekk wena monw kiynnd kiyl hitha gann ba bs ayye parissmen inn ???

    1. Eka ne mama kiuwe nangiya heta hidala kathawa godak wenas wawe balanna ko hode .. a wagema me wage lassan comments Danna nangiya hode thank you so much nangiya budusaranyi oyata

  8. Buddhika subhashini

    ගොඩක් ගොඩක් ගොඩාරියක් ලස්සනයි අයියේ කතාව ????…good luck අයියා & අක්කි ??️??️??️??️??️

    1. හෙට ඉඳලා කතාව ගොඩක් වෙනස් වේවි නංගි බලන්නකෝ ඔයාලා ආස හිතෙන විදියට වෙනස් වේවි ඔයාලගේ හිතේ තියෙන දේවල් ඔක්කොම එක මනුක කියාවි බොහොම ස්තූතියි නංගි තෙරුවන් සරණයි ඔයාට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ

  9. මගේ ආදරණීය කවිකාර හිත් වලට මේ කවිය ලියන්නේ මම ඔයාල ඔක්කොටම

    කවියට තවත් කවියක් එකතු වෙන විට
    අමුතුම මිහිරක් දැනෙනවා හදවතට
    හැංගිලා තිබ්බ හැමෝගෙම හැකියාව ලොවට
    එළි කළ බව අගෙයි කවි පදවැල් ලෙසට

    කතා ලියන්නෙ ඔය හිත සනසන්නයි
    ලස්සන කොමෙන්ට් දෙන්නේ මට දිරි දෙන්නයි
    ඒ හැමෝටම ස්තූතියි සත්තයි
    මේ හැමදේම මට වටිනවා එය ඇත්තයි

    ලස්සන ලස්සන කවියෙන් පද ගළපලා
    මට දෙන කොමෙන්ට් දැක්කම හිත සැනසිලා
    මේ ලෙංගතුකමට හිත ඇබ්බැහිවෙලා
    රැඳිලා ඉන්න හැම මා හා එක්වීලා

    බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම ඉක්මනටම ඇවිල්ල කමෙන්ට් වලට රිප්ලයි කරන්නම් තාම වැඩ මම තෙරුවන් සරණයි

    1. ඔයා ගැන නම් කියන්න වචන නෑ අයියේ ……. ඒ තරම් ලස්සනයි අයියේ….. ඔයා ලියන සින්දු කතා ඒ වගේම මේ දේවලුත් මාරම ලස්සනයි අයියේ ……. මම දන්න තරමින් නම් අනිත් අය ඒ කියන්නෙ සින්දු ලියන අය ගොඩක් ඉන්නේ හරි ආඩම්බරෙන් … ඒත් ශාන් අයියේ ඔයා නම් එහෙම නැහැ … නැත්නම් ඉතින් මෙහෙම අපි එක්ක ඉන්නේ නෑනෙ….. ඔයා අපිට මෙහෙම සලකනවට අපි ගොඩක් ගරු කරනවා අයියේ ….. හැමදාමත් මේ ගති ගුන ඒ විදිහටම තියා ගන්න අයියේ ..ඔයාට වරදින්නෙ නෑ කවදාවත්….. තෙරුවන් සරණයි අයියේ

      1. මට ඕනේ ආදරේ නංගී මට ඕනේ ගොඩක් හොඳ යාලුවන් හොඳ සහෝදරියන් හොඳ සහෝදරයා. මං ආඩම්බරකම් පෙන්නල මොනවා ලබා ගන්නද මං දෙයක් කියන්නද.. මමත් සින්දු ලියලා හම්බකරන සල්ලි මං දෙන්නෙ පොඩි ළමයින්ට නංගි.. ඒක මං කරන්නේ හදවතින්ම. ඒ වගේ සතුටක් මට කවදාවත් ලැබෙන්නෙත් නෑ.. මං ආඩම්බරකම් පෙන්නූ නම් ලොකුකම් පෙන්නුව නම් ඔයාලා වගේ හොඳ නංගිලා ටිකක් මට ලැබෙන්නෙ නෑ නේද.. ඔයාලගේ වචන වලට මං ගොඩක් ආදරේ කරනවා හැමදාම මේ වගේ ඉන්න නංගියා තෙරුවන් සරණයි

        1. Nirosha Lakmali

          පට්ටම ලස්සනයි උෂාන් අයියේ කවිය. අනේ මන්දා මට නම් කවි ලියන්න අදහස් එන්නේ නැ. අයියා නම් හරිම දක්ෂයි.
          සින්දු වලින් වැඩ පෙන්නනවා.
          කතා වලින් වැඩ පෙන්නනවා.
          කවි වලින් වැඩ පෙන්නනවා.
          සුපිරිම සුපිරි වැඩ්ඩෙක් අපේ උෂාන් අයියා.

          1. මගේ නංගියට තව එකක් අමතක වෙලා අනේ ඇයි අයියා කෑම වලිනුත් වැඩ පෙන්නන්නෙ ලස්සන කේක් හදන්නෙ. මේ හිටියට ශ්‍රී ලංකාවට medel පවා ගෙනාපු කොල්ලෙක් මම.. බොහොම ස්තූතියි නංගියා ඔයාලගෙ කොමෙන්ට් තමයි මට ලොකු ශක්තියක් වෙන්නේ මේ හැම දේකටම ගොඩාක්ම ස්තුතියි

          2. Oyge kathw 100% aththa ayya adambara wuna kiyl apit mokuth labennane…. ithin kenek kathwk liyddi eyage hageem godake kathwen eya anith ayt kiynn blnw mm harid dann mokd mmth katha liyddi ehem karl thiyenw….. kathwkin withrakm nemei wena kenekt den onam wachnekin wunath eka theru gann eka anoth kenage wagakimak e dena e kena therum gannathi welwata api godak asarana wenawa ??? onm kenek ithin mta hithenw ayyai akki wunath me kathawakin pennanne thmange hageem walin edite krpu kotsak kiyl….. ehem bln yaddi ayyge ara wifela 3 dena hena lucky ne ??? good luck ayye oya mehem hamdam ape ratata witjrakm nemei oytath jayagrahana madel gann kiyla mm hadwathinm prarthna karanawa bs meke aniwarenm kiywnn oya dan busy wage ne

          3. Nirosha Lakmali

            ඒ ගැන නම් මං දැනන් හිටියේ නැ අයියේ. මේ හැම හැකියාවක්ම එක් කෙනෙක්ටම පිහිටන්නේ කලාතුරකින්. හරිම සතුටුයි. තව තවත් මේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

          4. බොහොම ස්තූතියි ඔයාලා දෙන්නටම මේ ලෙන්ගතුකමට ආදරෙයි ගොඩාරියක් තෙරුවන් සරණයි

  10. අනේ අක්කි ඇත්තටම කියන්න වචන නෑ.. කතාවක උනත් අභි මාරම වාසනාවන්තයි මනුක වගේ ආදරණීය පිරිමි ලමයෙක් ලබන්න… ???
    මනුක වගේ පිරිමි ලමයි නෑ අක්කි අද සමාජේ හොයගන්න.. ඉන්නවාත් ඇති එත් ගොඩක් නැතුව ඇති… ???
    ඇත්තටම අවංක ආදරයක් හොයා ගන්න එක ගොඩාක් අමාරුයි දැන් තියන සමාජෙන්… ඒ වගේම පින තියෙන්නත් ඔනේ.. ගැණු ළමයි පිරිමි ළමයි කියලා නෑ ඔක්කොම අවංක වෙන්න ඕනේ… එතකොටයි ආදරේ ලස්සන වෙන්නෙ.. ??

    ඇත්තටම අක්කි මේක ගොඩාක් ලස්සන ආදර්ශමත් කතාවක් ගෑනු ලමයිට වගේම පිරිමි ලමයිට.. ❤️❤️❤️

    හැමදාම කියනවා වගේ මේ වගේ ලස්සන කතා තව තවත් අපි වෙනුවෙන් ලියන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා හදවතින්ම.. ?? අක්කියි අයියයි කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි..??? අක්කි අයියා.. සතුටින් ඉන්න හැමදාම ???

    #All the best akki ❤️✌️#

    1. ඉන්නවා මනුක වගේ පිරිමි ළමයි නංගි අද කාලේ.. එක සොයා ගන්න බැරි අද ආදරේ කියන්නෙ අමුතු සෙල්ලමක් නිසා.. එහෙම ආදරයක් තියෙන නිසයි සිත්මි ලියනවා වගේම මටත් මේ ලියන දේවල් වලට උපදෙස් දෙන්න පුලුවන් වුනේ..

      අපි හිතන පතන විදිය වෙනස් කරා නං මනුකගෙ වගේ ආදරයක් ලබන්න පුළුවන් වෙනවා නංගි හෙට ඉඳලා නම් කතාව ගොඩක් වෙනස් වේවි ඔයාලට අවශ්‍ය කරපු සියලුම දේවි හෙට මනුක කියනවා බලන්නකෝ ඉතින් පස්සේ ගොඩක් වෙනස් වෙවී කථාව..මේ ලෙංගතුකමට බොහෝමත්ම ආදරේ නම් හැමදාම මේ විදියට ඉන්න මේ වගේ කොමෙන්ට් කරන්න ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න hadawatinma ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්

  11. Nirosha Lakmali

    හරිම ලස්සනයි අයියේ කතාව. මේ වගේ පිවිතුරු ආදරයක්. මට හිතා ගන්නවත් බෑ. අභී හරිම වාසනාවන්තයි මනුකගේ ආදරේ ලබන්න. ඒත් ඉස්සරහට මොනවා වෙයිද කියලා බයයි. අභීගේ දෙමව්පියෝ මොනවා කරයිද මේ දේවල් දැන ගත්තොත්. අභීත් මනුකට පන වගේ ආදරෙයිනෙ දැන්. මනුක මේ කෙල්ලට මෙච්චර ආදරේ කරද්දි කවදාවත් මේ කෙල්ලව වෙන කාටවත්ම දෙන එකක් නැ. හරිම සතුටුයි. කතාව නම් අති සාර්ථකයි. හදවතට පුදුමාකාර විදිහට දැනෙනවා. ඒ හැගීම් කියාගන්න තේරෙන්නේ නැ. අයියටයි සිත්මිටයි හදවතින්ම සුබ පතනවා කරන කියන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.
    Excellent…
    All the best…
    ????????????????????????????????
    ????????????????????????????????
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. දැන් නංගියේ ආවේ ක්‍රිකට් සෙල්ලම් කරලා.. මනුකාගේ වගේ ආදරයක් ලබන්න අනිවාර්යෙන්ම හදවතට අවංකවම ආදරේ කරන්න ඕනේ අවිස්වාසය කියන එක නැති කරගන්න ඕනේ. දෙන්නගෙ අදහස් ගැළපෙන්නෙ ඕනේ එතකොට අනිවාර්යෙන්ම මනුක වගේ ආදරයක් ලැබේවි නංගි.. ඔව් නංගියා කතාවේ ඉස්සරහට තවත් ආදරණීය දේවල් ලැබේවි අභී කොහොමද ලැබුණේ කොහොමද ආදරේ හිතුනෙ කොහොමද අනිවාර්යෙන්ම අනෙක් කොටස් වල වල තියෙනවා.. අන්තිම කොටසට ඉස්සරින් කොටසෙ වගේ ගොඩක් දුක හිතෙන සීන් එකක් යයි ගණන් ගන්න එපා මොකද තව කොටස් කිහිපයකින් කතාව ඉවර වෙනවා.. මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ආදරේ නම් ගියා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න සුබ උදෑසනක් ඔයාට

      1. Nirosha Lakmali

        අනේ ඉක්මනට ඉවර කරන්න එපා. ඉවර කරොත් හැබැයි ඊලග කතාව නම් දිගම දිග කොටස් 100ක් වත් තියෙන තවත් මේ වගේම ලස්සනම ලස්සන ආදරණීය කතාවක් ඕනේ. හාද…

        1. ඔව් නංගියා මේ කතාව තව කොටස් ටිකකින් වගේ ඉවරයි.. සිත්මි නංගිගේන ආයෙත් නම් කතාවක් බලාපොරොත්තු වෙන්න එපා මොකද එයා ලංකාවේ ඉන්න නිසා කතා ලියන්න බෑ කියලා කිව්වා.. ආයෙත් ගිය දවසට අනිවාර්යෙන්ම ලියල දේවි.. එතකන් අයියාගේ හොල්මන් කතාව බලන්න ඊට අමතරව මං කෙටිකතා දෙක තුනකුත් දාන්නම්.. අයියා ලියනවලු දී කොටස් 60ක විතර ලස්සන ආදරණීය කතාවක් එක සත්‍ය කතාවක් බලන්නකො ඒක නං තාම ඉවර නෑ එකට තව මාසයක් විතර යාවි හොඳේ

  12. Nirosha Lakmali

    අනා හරිම ෂෝයි. ඉක්මනට කතාව දානකන් බලන් ඉන්නවා. සිත්මිට කියන්න අපි වෙනුවෙන් කෙටි කතාවක්වත් දාන්න කියලා හාද. මොකද ඔයාලගේ කතාවලට හරිම ආසයි හරිම ආදරෙයි. කොහොම උනත් කමක් නැ. හදවතින්ම සුබ පතනවා අයියටයි සිත්මිටයි තව තවත් මේ වගේ ආදරණීය කතා ලියන්න.
    All the best….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.