Katha Ahura

පින්වන්ති මා – 21 වෙනි දිගහැරුම

4/5 - (2 votes)

පින්වන්ති මා

21 කොටස

ඊළඟට මට ඕන උනේ මට කරදර කරපු කොල්ලා කවුද කියලා හොයා ගන්න .මොකද එදා ඒ වෙලාවේ ඒ නරුමයා කියපු විදියට නම් ඊට කලිනුත් ඌ මට කරදර කරන්න හදලා තියෙනවා .

ඒත් අයියා නිසා ඒක කරගන්න බැරි වුණා කියලයි කිව්වේ .ඒ කියන්නේ අයියා අනිවාර්යයෙන් ඒ ගැන දන්නවා ඇති.

අයියා වුණත් මට හැමදාම කිව්වේ ඒ කොල්ලත් එක්ක කතා කරන්න එපා කියලනේ.ඒ නිසා අයියගෙන්ම මට ඒ ගැන අහන්න ඕන උනා.

දවසක් අයියයි මමයි සාලෙ ටීවී බල බල ඉන්න ගමන් මම අයියගෙන් ඒ ගැන ඇහුවා.

” අයියේ …..”

” ම්ම්ම්ම්…”

” මට ඔයාගෙන් දෙයක් දැන ගන්න ඕන ….”

” අහන්න අභී ….ඕන දෙයක් අහන්න ….”

” එහෙනම් පොරොන්දු වෙන්න මට ඇත්තම කියනවා කියලා …..”

” අභී …මේ වෙනකම් මම ඔයාට බොරු කියලා තියෙද ආ….”

” නෑ ..නෑ ..එහෙම නෙමෙයි අයියේ …. දැන් මම අහන්න යන දේට මට ඇත්තම කියනවද….”

” අහන්න බබා…මම ඔයාට හංගන දෙයක් නෑ …”

” එහෙනම් මට කියන්න කවුද ඒ කොල්ලා …”

” කවුද අභී …..”

” ඉස්සරහ ගෙදර…එදා මට කරදර කරපු….”

ඒක අහපු ගමන් නම් අයියගේ මූණ වෙනස් වුණා කියලා මට තේරුණා .

” අභී ….මම ඇත්තම කියන්නම්….තවත් මේ දේවල හංගලා වැඩක් නෑ තමයි …

ඒත් ඒ දේවල් අහලා ඔයා දුක් වෙන්නේ වත් පසු තැවෙන්නෙ වත් නෑ කියලා මට පොරොන්දු වෙනවද….”

” නෑ …නෑ …අයියේ …මම අඬන්නෙ වත් දුක් වෙන්නෙ වත් නෑ …අනේ මට කියන්න ඔයා දන්න හැම දෙයක්ම ….”

” ඉන්න අභී විනාඩියක් ….”

අයියා එහෙම කියලා එයාගේ ලැප්ටොප් එක අරගෙන ආවා .ඇවිත් ඒකේ තිබුණු එක ෆයිල් එකක් ඕපන් කරා.

අයියා ඒක හදලා තිබුණේ පාස්වර්ඩ් දාලා තව කෙනෙක්ට බලන්න බැරි වෙන විදියට .

අයියා පාස්වර්ඩ් එක ගහලා ඒ ෆයිල් එක ඕපන් කරලා ඒකෙ තිබුණු වීඩියෝ එකක් ඕපන් කරලා ලැප්ටොප් එක මගේ උකුල උඩින් තියලා මගේ ළඟින්ම වාඩි වෙලා මගේ උරහිසින් ඔළුව තියාගෙන ඇස් පියා ගත්තා .

වීඩියෝ එක දැක්කම මට මගේ ඇස් අදහ ගන්න බැරි වුණා .

ඒ එදා අයියා මාව මේ ගෙදරට එක්කන් ආපු දවසේ මම ක්ලබ් එකේදි බීලා සිහිය නැතුව පිරිමි ළමයි ගොඩක් එක්ක ඩාන්ස් කරන වීඩියෝ එකක්.

එදා අයියා මට ඇඳුම් ගන්න ගිය දවසේ මෙහෙ එක්කන් ආපු ගෑණු ළමයත් එක්ක අයියා කියපු හැමදෙයක්ම ඇත්ත කියලා මේ වීඩියෝ එකෙන්ම මම තේරුම් ගත්තා .

මගේ ජැකට් එක ගලවන්නේ වෙන කවුරුත් නෙමෙයි .

මට අර තරම් කරදර කරපු නරුමයා . එදත් ඌ මගේ ජැකට් එක ගලවලා දාලා මගේ පපුව අල්ලන වීඩියෝ එකක් ඒකෙ තිබුණේ .

මට මං ගැනම දැනුනේ ලැජ්ජාවක් .එතනින් එහාට වීඩියෝ එක බලන්න මට ඕන උනේ නෑ .

අයියා ඒ කොල්ලා ගැන නොකියා මාව මොන තරම් පරිස්සම් කරාද කියලා දැන් තමයි මට තේරෙන්නේ .

අයියට පොරොන්දු වුණ නිසාම මම ඇඬුවෙ වත් ඒ ගැන හිතුවේ වත් නැහැ.

මගේ අතීතය ගැන දැන් පසු තැවිලා වැඩක් නැහැ.ඒ හැම දෙයක්ම අමතක කරලා අයියා මට අළුත් ජීවිතේකට හුරු කරලයි තියෙන්නේ .

” අයියේ ….”

” ම්ම්ම්….”

අයියා මගේ උරහිසින් එයාගේ හිස අයින් කරගන්නේ නැතුවම කතා කරා.

” මේක මට පෙන් ඩ්‍රයිව් එකකට දාල දෙනවද….”

” ඇයි අභී ….”

” ඉස්සරහට ඕන වෙයි කියලා හිතෙනවා අයියේ ….”

” ම්ම්ම්ම්…..ඔයාට ඕන නම් මම ඒක කරලා දෙන්නම් අභී ….”

=====================================

දින සති ගනන් ගෙවිලා යද්දී අයියා ගැන මගේ හිතේ තිබුණු ආදරය තව තව වැඩි වුණා ඇරෙන්න දශමෙකින් වත් අඩු වුණේ නම් නැහැ.

අයියගේ මේ නිහඬ ආදරේ මගේ හිතට බර වැඩි .මට ඕන උනේ ඒක එයාගේ කටින්ම පිට කරව ගන්න .

වෙනදට වඩා අයියා මට ළන් වෙලා කියලා මට දැනෙනවා .දැන් අයියා හැමදාම නිදා ගන්නේ මගේ ළඟ .මම එයාගේ පපුව උඩ නිදියනවා ඇරෙන්න අපි දෙන්නගේ අතින් කිසිම වැරදි දෙයක් වුණේ නෑ .

අයියා හැම වෙලාවෙම මාව පුදුම තරම් පරිස්සම් කරා.වචනයෙන් ආදරෙයි කියලා නොකීවත් අනිත් හැම දේකින්ම එයාගේ ආදරේ මට ඕනවටත් වඩා දැනුණා .

සති දෙකකට වතාවක් අයියා මාව ගෙදර එක්කන් ගියා .ඒත් ගෙදර ඉන්න එක දවසක වත් මට අයියගෙන් ඈත් වෙලා ඉන්න හිත් දුන්නේ නෑ .

අම්මයි තාත්තයි වෙනදා තරමටම මාව නොසලකා හැරියේ නෑ .ඒත් මම මේ සැරේ ගෙදර ගියාම ඒ දෙන්නම මාත් එක්ක කතා කරේ සතුටින් වගේ.

ඒ වෙනසට හේතුව මොකක්ද කියලා කියන්න මම වත් දන්නේ නෑ .

” සුදු දූ ගොඩක් වෙනස් වෙලා …”

එයාලා දෙන්නම කිව්වේ එච්චරයි .ඒත් එයාලා මගේ දිහා බලලා පොඩ්ඩක් හරි සතුටු වුණා කියලා මට දැනුණා .

වෙනදට නැති ආදරයකින් එයාලා දෙන්නම මාත් එක්ක කතා කරා.මගේ වෙනසට වැඩියෙන්ම සතුටු වුණේ සිරි අම්මා .

” මගේ මැණිකේ ….කොහෙන්ද දෙයියෝ උයන්න ඉගෙන ගත්තේ …”

” හොඳයි ද සිරි අම්මා ….රසයිද මම උයපුවා…”

” ඔව් මැණිකේ රහයි…පුරුදුකාරියෙක් වගේම උයලා….”

මම ගෙදර ගියාම මගේ අතින්ම කෑම හැදුවා .මේ හැම දෙයක්ම මට ඉගැන්නුවේ මගේ අයියා .

ළඟින් ඉඳන් මගේ ජීවිතේට පාර කියන තාරකාව එයා.මගේ ජීවිතේ එළිය කරන පහන් තරුව මගේ අයියා .

මගේ කොණ්ඩෙත් දැන් උරහිසට පොඩ්ඩක් පහළට වෙන්න වැවිලා.එකට එකතු කරලා ගැට ගහන්නත් පුළුවන් .

අවුරුද්දකට කිට්ටු වෙන්න කාලයක් මම හිටියේ අයියත් එක්කම.

සතියෙන් දෙකෙන් අයියා මාව ගෙදර එක්කන් ආපු නිසා අම්මලාට මම ගැන ගානක් වුණේ නෑ .කොහොමත් එයාලා මම ගෙදර ඉන්නවද කියලා වත් හොයන්නේ නෑනේ .

=====================================

එක දවසක් රෑ අයියා හිටියේ ෆිල්ම් එකක් බල බල සැටියෙන් හාන්සි වෙලා.මම නිදන ඇඳුමට මාරු වෙලා ඇඳට ගිහින් බලන් හිටියත් අයියා නිදා ගන්න එන පාටක් තිබුණේ නෑ .

වෙනදට නම් මම ඇඳට ගිය ගමන් එයත් ඇඳට එනවා නිදා ගන්න .ඒ නිසාම මාත් සාලෙට ගියා .

” අභී ….ගිහින් නිදා ගන්න ….මම මේක බලලා එන්නම් ….”

අයියා යන්න කිව්වත් මම ගියේම නෑ .

” බෑ …ඔයත් ඕන ….”

” හරි ළමයෝ …මම මේක බලලා එනවනේ… ඔයා ගිහින් නිදා ගන්න ….”

” බෑ ….මටත් මෙතන ඉන්න ඕන ….”

මම එහෙම කියලා අයියව සැටියේ කොනටම තල්ලු කරලා මාත් සැටියෙම හාන්සි වුණා.

ඇත්තටම ඒක දෙන්නෙකුට හාන්සි වෙලා ඉන්න තරම් ඉඩක් තිබුණේ නෑ .ඒත් මට ඕන උනේ අයියගේ තුරුලටම වෙලා ඉන්න .

” අභී ….වැටිලා කොන්ද කඩා ගන්නද හදන්නේ ….මේ පැත්තට එන්න එහෙනම් …..”

එහෙම කියලා අයියා සැටියේ අයිනට මට එන්න කියලා එයා හැදුවේ වැටෙන පැත්තට එන්න .

මම අයියගේ ඇඟ උඩින්ම අනිත් පැත්තට පැනලා සැටිය අයිනට ආවා .සැටියේ චූටි ඉඩක මම අයියගේ ඇඟටම තද වෙලයි හිටියේ .

නිදන ඇදුමෙන් විතරක් ඉන්න මගේ ළැමට අයියගේ පිටේ රස්නය ඕනවටත් වඩා දැනුණා .

” අයියේ …..”

” ම්ම්ම්…..”

” අපි මෙතන ඉමු එළිවෙනකම්….”

” අච්චර ලොකු ඇඳක් තියාගෙන එළිවෙනකම් මෙහෙම හිර වෙලා ඉන්න පුළුවන් ද අභී …”

” අනේ…අයියේ ….”

” බලන්න මට දැනටම දාඩිය දාලා .නින්දෙන් මගේ ඇඟට යටවෙලා ඔයාට රිදෙයි කියලා මට බයයි මැණික ….”

” හරි ඒ ප්‍රශ්න දෙකටම මම විසඳුම් දෙන්නම් ඔයාට ….”

” පණ්ඩිත ආච්චි ….දෙයක් කිව්වොත් ඒකට කියන්න දහයක් විතර උත්තර තියෙනවා මෙයාට …..”

” අයියේ …..ලයිට් එක නිවන්නකෝ…. නිදා ගන්න මට….”

මට ඕන උනේ ලයිට් එළියෙන් වත් බාධාවක් නොවී අයියගේ තුරුලේ ඉන්න .

අයියා ගිහින් ලයිට් එක නිවලා ඇවිත් මගේ ළඟින්ම හාන්සි වෙලා ටීවී බැලුවා .

” අයියේ …..”

” ම්ම්ම්…..”

” නිකන්……”

” පිස්සුද මන්දා මේකිට…..නිදියන්න කට වහගෙන….”

” අයියේ ….”

” ආයිත් මොකද ….නම පාඩම් කරනවද අයියේ අයියේ කිය කියා….”

” මේ ශර්ට් එක ගලවන්න …..දාඩියයි කිව්වනේ….”

” අභී ……දැන් මට මේ දාඩිය නිසා මං ගැන හිතලමද මේක ගලවන්න කිව්වේ …..”

” ඔව්නේ….මං කිව්වනේ ඔයාගේ ප්‍රශ්න දෙකටම මම විසඳුම් දෙනවා කියලා ……”

” කපටි කෙල්ල ….මම දන්නවා දැන් හොර ගල් අහුලන්නේ මොකටද කියලා ……”

ඇත්තටම මට ඕන උනේ පුරුදු විදියටම අයියගේ පපුව උඩින් මූණ තියාගන්න .

ටිකකින් අයියා ඇඳගෙන හිටපු ශර්ට් එක ගලවලා එයාගේ පපුව උඩ මට ඉඩ හදලා දුන්නා .

මම අයියගේ පපුව උඩින් ඔළුව තියා ගත්තම අයියට බෙල්ල විතරක් හරවගෙන ටීවී එක බලන්න අමාරු නිසාම එයා රිමෝට් ඒකෙන් විතරක් ටීවී එක ඕෆ් කරලා දැම්මා .

එහෙට මෙහෙට හැරෙන්න ඉඩ මදි නිසාම මම එක අතක් අයියගේ ඇඟ උඩින් දාගෙන අයියට තුරුල් වෙලයි හිටියේ .

අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්න ඕන උණුසුම පොඩි කාලෙ ඉඳන්ම නොලැබුණු මම අයියගේ පපුවට තුරුල් වෙලා පොඩි එකෙක් වගේ ඒ උණුසුම විඳගත්තා.

” අයියේ …..”

” ම්ම්ම්ම්……..”

” මාව මෙතන උඩට ගන්න …..”

මම අයියගේ පපුව උඩට අත තියලා කිව්වේ කරුවලේ එයාට මාව පේන්නේ නැති නිසා .

” අභී ….ඇයි බබා…..ඉඩ මදි නේද මෙතන …. අපි යමු කාමරේට ….”

” නෑ .. නෑ …ඉඩ ඇති….ඒත් මට අද මෙතන ඉන්න ඕන ….අනේ මාව ගන්නකෝ අයියේ ….”

මම අයියගේ පපුවට ගගහ කියනකොට එයා මට ඒකට ඉඩ දුන්නා .

” ම්ම්ම්….එන්න එහෙනම් වදකාරි….”

කොහොම හරි රණ්ඩු කරලා මම අයියගේ පපුව උඩට ආවා .මගේ සිරුරේ සම්පූර්ණ බරම රැඳිලා තිබුණේ අයියගේ ඇඟ උඩ.

මගේ ළමැද අයියගේ පපුවටම තද වෙලා තියෙද්දි නුහුරු හැඟීමක් මට දැනුනේ .මගේ හර්ද ස්පන්දනය තරමටම අයියගෙත් පපුව වේගෙන් ගැහෙන විදිය මට දැනුණා .

මහ රෑක කෙල්ලෙක් මේ විදියට එයාගේ ඇඟ උඩම ඉන්නකොට එයාටත් හැඟීම් දැනීම් දැනෙනවා ඇති.

ඒත් අයියා හරි සංයමයකින් හැම හැඟීමක් ම පාලනය කරගෙන හිටියා .මාව සිප ගන්න තුරුල් කරගන්න පුළුවන් කම තිබුණත් එයා ඒවා ආයාසයෙන්ම මැඩ ගත්තා කියලයි මට හිතුණේ .

” අයියේ ….මාව බරයිද මෙහෙම ඉද්දි ….”

” ම්ම්හු…..වැලේ ගෙඩි කවදාවත් වැලට බර නෑ කියනවනේ මැණික …..ඒ වගේ තමයි මට ඔයාවත්…..”

” මාව හැමදාම ඔයා ළඟින් තියා ගන්නවද…..”

” මම වගේ දුප්පත් කොල්ලෙක් එක්ක මේ විදියට දුක් විඳ විඳ ඔයාට ඉන්න බෑ මැණික ……”

“අනේ මට පුළුවන් අයියේ ….මාව ඔයා ළඟට ගන්න හැමදාටම …”

” දවසක් නැත්නම් දෙකක් ඔයා ඉවසගෙන ඉඳියි බබා …ඊට පස්සේ ඔයාටම ටික ටික එපා වෙයි…..

ඔයා ගෙදර සැප විඳලා හැදුන කෙල්ලෙක් …ඉතින් මං ළඟට ඇවිත් දුක් විඳින්න දෙන්න බෑ මට මේ චූටි කෙල්ලට …..”

” මට මීට වැඩිය සැප ඕන නෑ ….අනේ මාව ඔයාගෙන් ඈත් කරන්න එපා අයියේ ….මට ඔයා නැතුව ඉන්න බෑ …..”

මම අඬ අඬම අයියගේ කම්මුල් උඩින් මගේ කම්මුල් තද කරා.මගේ ඇස් වලින් වැටුණු කඳුළු අයියගේ මූණ පුරාම වැටිලා ඒ මූණ තෙත් වෙලයි තිබුණේ .

” අභී …නාඩා ඉන්න මැණික …”

ආයෙත් එන්නම්

105 thoughts on “පින්වන්ති මා – 21 වෙනි දිගහැරුම”

    1. Ruwanthi Lakshani

      ඔබේ අහසෙ මං පුන්සද වෙන්නම්….
      ඔබේ සයුරේ හැමදා රල පෙල වෙන්නම්…
      දුෂ්කර වූ කතරක දිය පොද වෙන්නම්….
      ජීවිතයේ සැමදා මං ඔබෙ වෙන්නම්….
      ?????????????
      ඔබේ සෙනෙහෙ මට මහමෙර සේමා….
      ඔබේ තුරුලෙ ඉන්නට පිං කර ඇත බෝමා.
      කවදාවත් ඔබට දුකක් නොම වේවා…
      සදාකාලිකව මං ඔබගෙයි සෑමා…
      ???????????
      ඔබෙන් තොර වූ ලොවක් නැත මට…
      මගේ ලෝකයෙ රජුන් මෙන් ඔබ….
      ඔබට පිදු පෙම අදත් මෙන් හෙට….
      පුදමි හැම ආත්මයක් ගානෙම….
      ???????????

      1. Ruwanthi Lakshani

        සුමී අයියේ ඔබෙමේ අදහස් වලට…
        කෙතරම් කවි පද මම ලිව්වත් මදිය….
        එතරම් අපූරුය ඔබෙ මේ හැකියාව…
        දිනෙන් දිනම දියුණු වේවා ඔබ සෑම….
        ????????????
        ඔබේ කතාවට පදවැල් ලියමි මම…
        කෙතරම් වැඩ තිබුනත් reply කරයි ඔබ…
        ඔබේ තියන ලෙන්ගතු කම සෑම….
        අපට වටී සත්තයි මහමෙර සේම….
        ????????????

        ඊයේ සිටම උන සෑදී ඇත්තේ…
        ඒකයි ඔබට මා කෙටි කවි පෙල දුන්නේ…
        තරහ නොවනු අද මා සමගින්නේ..
        සැමදා ඔබට මා එක ලෙස සුභ පතන්නේ…
        ?????????

        1. Dunasha Gamage

          ane harima shoiiiiiiii kaviyo…
          Lassnama lassnai godariyak.eye ewath ada thmai kaviyo kiyewwe akath godak godak lassnai.hadawathinma prarthana karanawa oyage me hekiyawa thawa thawath wedi wenna kiyala.
          Ah me kaviyo thawa deyak oyage hitha ethule lassana lassna adahas wlin purunu gagak tiyanawada?

        2. ඉක්මන් සුවය පතනවා මම හදවතින්ම..
          සුවවෙයි ඔබට විශ්වාසයි ඒක මට..
          නොවරදවාම කියමි ඔබ ලියනා පද..
          කවියක් නැතිදාට පාලුයි හිතම අද…

          ඔයා දෙන දිරිය ලෙන්ගතුකම බොහොම අගෙයි..
          වචනෙන් කියන්නට බෑ මට වචන නැතෙ..
          හැමදාම ඉන්න කවි පදවැල් ගොතන නගේ..
          හොයා දෙන හයිය සවියකි මට නිතර වෙලේ..

          කතන්දර වලට කවි පද පේලි ලියා..
          එවනා කොමෙන්ට් ඔබේ හැකියාව ප්‍රගුණ කරා..
          නිරෝගීව සතුටින් ඉන්නටයි කියා..
          පතනවා නුඹට ආසිරි හදවතින්ම මෙමා….

          රුවන්ති නංගී ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

          1. Ruwanthi Lakshani

            අනේ හරිම ලස්සනයි අයියේ ?????? අනේ ඊයේ ගොඩක් අමාරු නිසා comment නොකලේ. නැත්නම් දන්නවනෙ අයියා මං අනිවාර්යයෙන්ම ඔයාට comment කරනව කියල. ?????. ඔයාගෙ ඔය ලෙන්ගතු කම ගොඩක් වටිනවා අයියේ. ??????

      2. Wow නංගියා ඒ පදවැල් ටික නම් සුපිරි ආයෙත් කියන්න වදන් නෑ.. පද රචකයෙක් වෙච්ච මටත් ඔය වගේ වචන එන්නේ ලස්සනට.. ඔයා නං සුපිරි නංගියා හරිම ලස්සනට ලියනවා ඇත්තටම සතුටුයි ඊයෙ ඉතින් දුකත් හිතුණා අයියගෙන් හොල්මන් කතාවට නැති උනාම ඒත් දැන් නිදන්නේ නංගියෝ ලෙඩ වෙලා කියලා.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම නංගියා.. මේ ලෙංගතුකමට බොහොමත්ම ස්තුතියි ඇත්තටම හරිම ලස්සනයි කතාවට ගැලපෙන කවියක් ලිව්ව

        1. Ruwanthi Lakshani

          අනේ ඔයා තරම් නම් නෑ. ?????
          ඔයා තමයි ගොඩක් දක්ෂ ඇත්තමයි යාලු…????

  1. Kathw shooii ayye athtma manukanm kochchr hoda kollek da? Ehem kollo hoynw kiynne ithin kalunika hoynw wge thami???? balnnko app cheety akki nam app ekemai mm kathw dann 10min kalin idan app eke eth maya 1st comment dale… api paw nadda ane……. ????….. kamkne kawdhari try karmuko ne me dwswal ayy busy ned? Ayyge ath dan hodyine ne…..??? Hmmmm kathw gan kiynn dewl ne super ithin oyayi sithmi akki majic ekkwath krld kohedo mehem lassna katha liynne ??? good luck ayya & akki issrhatath mehem lassnam lassna katha liynn…. mm ayyge සද මා සිත් තුරුල් කරගෙන song eka ahuwa ane eka godaaaak lassnayi ekat comment karnn nam bari wuna sorry hode like ekk nam damm anith tikath passe balnnko ayyage kathw withrak nemeyi songth magenm hadawthatma danuna ane manda maram lassnai video ekath mmath issr video nam edit kala oya wage dan nam e app eka na habayi ochvhr lassnatanam haduwe na anika mm jadapu songth nemei ne….. ayye aththatama oya godaaaaaariyaak dakshai hama athinm…. samhr wita jiwithe thankin watuna kiyl jiwithem wattgththe na ne oya eka apit loku adarshyak special for me & kiyy wachna ne ayye bs ada nam onn digaaaa comment ekk damm issrhata puluwan weida nam dann bari wunoth sorry hode thraha wenn epa ❤️❤️❤️

    1. Mama monawada liyanne me comments ekata Nangi a tharama hadawathata danuna nangiya.. ow nangiya sada ma sith song eka thamayi mage 1st song eka. eka kiyanne ahurudu 16k nangi kenek .. comments nodammath balana eka Mata sathutak nangiya ow nangiya song wala video hadannth mama liyanneth mama melody danneth mama thank you so much nangiya budusaranyi oyata good night

    2. Mama Hari asayi nangiya digata comments daddi eka Mata labena sakathiyak nangiya kawadawath thara wenne na nangiya oyala magema nangi wage Dan Mata budusaranyi

      1. Ekane ayye daksha kttiyat aniwarenm thanak labrnw ayy godk dakshai ne e nis ayyt e thna labenw ayyta withrk nemei matath ayy mgem ayy wage ???

        1. aththtam ayye eka oyge 1st song eka wunath dan kale inn songs writer lahe adahaswalata wada godak lassna profetional wachna eke thiyenw aththatama eka.mahenm godaaaaaaaaaaaak hithta danuna ns oyt parissmen inn hamdam

          1. Aniwarenma nangiya oyala Dan magema nangi la wage .. ow Nangi oya song ekata math godak adare oya song eka nisayi Mata godak oathichara labune thanks nangiya budusaranyi oyata good night

  2. Wow lassanai akkiyo kathawa .oyaa lassanata kathawa liyanna thiyenawa .super .kiyanna wachana enneth nee akkiyo .aadaraniyai kathawa ..hithata denenawa godaak ..shoi kathawa ..me wage aadarayak marama sathutui akkiyo …hadawathatama denuna …hadawathinma suba pathanawa oyala dennatama budu saranai parissamin inna .

    1. Oya kiuwa ne oyath abhi wage kiyala danwath hoda lamayek Una neda kiyawala .. sathutuyi nangiya mema comments dakiddi hamdma Inna exam wadath karanna hodata hode budusaranyi nangiya good night

      1. Mn godaak dewal igena gaththa ayye me kathawen .mn hithuwa .me para godaak hondata exam liyanawa kiyala mn hithagaththa ayye .ammalata sathutui ayye godaak mamath dan thaniyama mage wada karagannawa …

  3. Buddhika subhashini

    ❤️❤️ ගොඩක් ලස්සනයි අයියේ කතාව ❤️❤️.good luck අයියා & අක්කි ?????

    1. බොහොමත්ම ස්තුතියි නංගි තෙරුවන් සරණයි ඔයාට ගොඩක් පරිස්සමෙන් ගොඩක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

  4. Thilini Navodya

    හද ගැහෙන වාරයක් ගානේ
    පණ ගැහෙන හුස්ම පොද නුඹ
    නෙතු පියෙන වාරයක් ගානේ
    හිත නිවන නැළවිල්ල නුඹ

    ලග රැදෙන වාරයක් ගානේ
    හිත හොයන උණුසුමයි නුඹ
    මා හඩන වාරයක් ගානේ
    මුව නැගෙන සිනහවයි නුඹ

    ලැබුවෙමි නියත විවරණ නුඹෙන්
    පෙරුම් පුරන්නට යශෝධරාවක් ලෙස
    එන්නට මතු හැම භවයෙක
    නුඹේම පතිනිය වී…….??❤️❤️❤️

    1. Thilini Navodya

      ඔයාගෙ කතාව ගැන කියන්න වචන නෑ අක්කි හරිම ආදරණීයයි???.ඔයාගෙයි උෂාන් අයියගෙයි හැම වැඩකටම සුබ පතනව ????????❤️❤️

    2. Thilini Navodya

      අක්කි ඔයාගෙ කවි හරිම ලස්සනයි???.මං දැන් කතාව විතරක් නෙමෙයි ඔයාගෙ කවි කියවන්නත් බලාගෙනමයි එන්නෙ???.

        1. Thilini Navodya

          sorry මාව misunderstand ගන්න එපා මට මේ දවස්වල උණ මං වැඩ කරන්නෙත් උණ විකාරෙන්.මං දාපු රිප්ලයි එක වැරදිලා මං මටම දාගෙන.ඒ වගේම ඒකෙ type කරපු දේවලුත් වැරදිලා type වෙලා අනේ sorry මං ගැන වැරදියට හිතන්න එපා.

      1. Wow.. කොහෙද අනේ මේ දක්ෂතාව ඇඟිල තිබ්බේ.. හරිම ලස්සන ගැලපීමක්.. ඇත්තටම කියන්න වචන නෑ නංගි කතාවට ගැලපෙන ලස්සන කවි පදවැල් වලින් ඔයා කොමෙන්ට් එකක් දාලා තියෙනවා ඇත්තටම සුපිරි කවියක් එක.. මට හරි සතුටුයි මේ වගේ දක්ෂතාවයක් තියෙන නංගිලා ලැබුණු එකට ඇත්තටම සුපිරි නංගි හරිම ලස්සනයි ඊට දෙයක් කියන්න දෙයක් මට ඇත්තෙම නෑ ඇත්තටම නියමයි.. මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරේ නංගියා හැමදාම මේ වගේ කවියෙන් අයියගේ කතාවලට ශක්තියක් වෙන්න රුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් අනේ ඔයා ලෙඩ වෙලාද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා වැරදිලා දාන කොමෙන්ට් ගැන වැඩිය හිතන්න එපා නංගියා ඒක අත ඇරලා දාන්න

      1. Thilini Navodya

        ඔයා තරම්වත් ආශ්කා අක්කි තරම්වත් මං දක්ෂ නෑ අනේ ඔයාලගෙ කවි මාර ලස්සනයි හරිම ආස හිතෙනව කියවන්න???.thx අක්කි ඔයාට

  5. Dunasha Gamage

    ane harima shoiiiiiiii kaviyo…
    Lassnama lassnai godariyak.eye ewath ada thmai kaviyo kiyewwe akath godak godak lassnai.hadawathinma prarthana karanawa oyage me hekiyawa thawa thawath wedi wenna kiyala.
    Ah me kaviyo thawa deyak oyage hitha ethule lassana lassna adahas wlin purunu gagak tiyanawada?

  6. අනේ අක්කි… කියන්න වචන නෑ අනේ මේ කතාව ගැන ඔයා අපිව ඇදගන්න විදිහට ලස්සනටම ලියලා තියනෝ… ??✌️

    ඇත්තටම අභි මාර lucky අනේ කතාවක උනත් මනුක වගේ ආදරයක් ලබන්න.. ??
    හදවතටම දැනෙනව ඒ දෙන්නගේ ආදරේ..
    ඒ කියන්නෙ අක්කියෝ… ඔයා ගොඩාක්ම දක්ශයි කියලා ඒ විදිහට කියවන කෙනාගේ හිතට දැනෙන්න ලියනවා කියන්නෙ.. ??

    ඉතිං අක්කිගේයි අයියාගෙයි දක්ශතාවයන් ඉස්සරහටත් තව තවත් දියුණ වෙලා…. ඔයාලා දෙන්නාගේ කතා ආසාවෙන් කියවන්න බලන් ඉන්න අපි වෙනුවෙන් ??? තව ගොඩාරියක් කතා ලියන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කි… අයියා.. ???

    සතුටින් ඉන්න හැමදාම ??? තෙරුවන් සරණයි ?? අක්කි… අයියා..

    #All the best akki ❤️✌️#

    1. අදත් ලොකු කොමෙන්ට් එකකින් අයියට ශක්තියක් වුණා නේද.. ඇත්තටම සතුටු වෙනවා ඔයා මේ වගේ කොමෙන්ට් දකිද්දී පට්ට සතුටුයි අපිට කියන්න වචන නෑ නංගියා..
      සිත්මි අක්කිත් ඔයාලට ගොඩක් ආදරේ කරන ඔයා ගොඩක් සතුටු වෙනවා මේ කොමෙන්ට් දකිද්දී.. ඔයාලම ආදරෙන් මතක් කරනවා
      මේ කතාවෙන් ඕන්නං දෙයක් ඉගෙන ගත්ත නං මටයි නංගිටයි එක ලොකු සතුටක්.. හැමදාමත් මම ේ වගේ කොමෙන්ට් කරල ශක්තියක් වෙන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් නංගියා
      බොහොමත්ම ස්තූතියි නංගි

  7. Dunasha Gamage

    Hi sumiyo khomada oyata?ah me oya ushan kiyala nama wenas karagathta mama katha karanne sumiya kiyala hodada awlak nane?(awlak tibunath ithin karanna deyak ne sumiyo.?)
    Sithmi akkiya kathawa galapana widiya nam niyamai halo.hithata mokakda wenawa kathawa kiyawala iwara unama.eth ithin chutty chutty episode dala apiwa upsert karanawane.akanisa denna hithenawa oyata.?????????
    Mge sithmi akkiyata nam goddddariyak adalei qwa kiyanna.

          1. Aththada ruwanthi nangiya ane ane meme Kello dennek new Zealand Enna wawe Mata ganna ithin heheh paw diyane me Kello denna

    1. Ammo menna mage loku Amma avilla balan me podi kella Katha karana vidiya sumiya Lu Mata hehehhe.. so sweet ane math asayi meme Katha karaddi ekath loku wenasak ne aththatama sathutuyi nangiya patta.. hako hako Sithmi akkata Adare karanna ko inna ko heta mama danne na kathawa heheh thank you so much nangiya budusaranyi oyata good night

  8. Sithmiyo… kathawa genanam kiyanna wachana ne ane. Adare uthuranawa. E tharam adarayak hithagannawath be ane.. harima lassanai. Aiye oyalage bedimath me wage athi neda? Ekane nangi mechchara lassanata liyala thiyanne. Harima lassanai aiye. Oyalage hema wedakma sarthaka wenna kiyala prarthana karanawa. Budu saranai.

    1. Mitath eya giya adarayak nagiya.. oyatath thiye neda oya wage adarayak oyath wasanawathtyi ne sathutuyi nangiya adare gana igena gena me wage innawa dakiddi thank you so much nangiya budusaranyi oyata good night ko Ada ape masshi

  9. Ashka Rashmi

    අභී හරිම නරකයි අනේ…එයා මනුකව අපහසුතාවයට පත් කරනවා?

    නිසල වූ රාත්‍රියෙ?
    වළාකුලකට සද මුවා උනා….☁️
    තරුත් නිහඩව බලා උන්නේ☀️?
    මා දෙස නොවෙද….
    මාගේ පාරමිතාව දෙස නොවෙද…

    සුදු ඇත්දල පැහැය
    දුහුල් ඇදුමෙන් සැරසෙද්දී
    රෝස ලවන් පෙති
    මෘදු සුවඳ දෙකම්මුල් …
    ඇයිද සමච්චල් මා හට?

    ඝන අඳුරෙ ගිලෙමින්
    පපුව උඩ හිනැහෙන❤️
    තරු ඇස් ඔබටයි
    අහන්න පුලුවන් මේ හඳේ ගීතය…?

    චණ්ඩ රළ පෙළ ??
    බුර බුරා නැගෙද්දි
    වෙරළ සිප එය
    බිදී යන සේ….?

    කෙසේ මාගේ
    යොවුන් හැගුමන්
    දිගහරින්නද ඔබ ඉදිරියේ …
    මන්ද ඔබ තවමත් කැකුලකි?️?

    දැනෙන්නේ මට ඔබ
    කඩුපුලක් පරිද්දෙන් ?
    රැයෙහිදී පිපෙන්නට දගලන….
    එනමුත් අවැසියි මට ඔබ
    රකින්නට නෙළුමක් විලසින්…?

    එළබෙනා හෙට අනාගතයේ
    ඉඩදෙන්නම් පිබිදෙන්න
    පිවිතුරු හැගීමකින්
    මෙයයි මා පැතු පාරමිතාව ….
    සගවමි මගේ හද තුල
    ඔබ නමින් උපන්
    ආශාවේ හැගුමන්…?

    කතාව හරිම ලස්සනයි අක්කි….හෙටත් දිග කොටසක් ඕන හොදේ…ඉක්මන්ටම මනුක අභීට ආදරෙයි කියලා කිව්වනං මොකෝ අප්පා…. අර පෙන් එක පස්සට අභීට ප්‍රයෝජන වෙයි…specially මගේ අනුමානයට….? ඔයාටයි අයියාටයි සුභ පතනවා මං .කරන කියන හැම වැඩක්ම හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි❤️❤️

      1. Ruwanthi Lakshani

        ඇත්තමයි ඔයාගෙ අදහස් නම් එල කිරි වගේ…. කොටින්ම කිව්වොත් පට්ටයි හොදේ….????

    1. Wow දඟ කෝච්චිය ඒකනම් පට්ට.. ඔයා ඉතින් කොහොමත් wadiyek නේ.. කියන්න වචන නෑ නංගියා පද ගැළපීම නම් සුපිරි පද රචකයෙක් වෙච්ච මටවත් බෑ මේ විදිහට ලස්සනට ගළපන්න ඒ වගේද මේ වගේ වචන කවදාවත් එන්නේ නෑ මට.. අතිවිශිෂ්ටයි nangiya mage මේ දක්ෂතාවයට මම හිස නමා ආචාර කරනවා ඔයාට.. ඇත්තටම ලස්සනයි නංගියා. කතාවේ කොටසට ගැලපෙන්න සුපිරි විදියට වචන දාලා ලියන්න හැමෝන්ටම ලියන්න බෑ අද මම දැක්ක දෙයක් තමයි මේකේ සුපිරි කවි වැඩ්ඩියො ටිකක් ඉන්නවා.. හරිම සතුටුයි නම් කියා එම දකිද්දී.. ඔයාගේ අනුමාන කවදද නංගියේ වැරදුනේ අනිවාර්යෙන්ම සියයට සීයක් හරි මේ ඔයා දක්ෂ කෙනෙක් නිසා.. .. මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ආදරෙයි දඟ කෝච්චිය ඔයා කියන කරන සියලුම දේ සාර්ථක වේවා ඒ වගේම මනුක වගේ ලස්සන කොල්ලෙක් ඔයාටත් ලැබේවා.. දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  10. Nirosha Lakmali

    හරිම ලස්සනයි අයියේ කතාව. කියන්න වචන එන්නෙත් නැ. පට්ටම ආදරෙයි කතාවට. දිගට දාන්නකෝ අනේ. මේ නංගිලාට කොච්චර කියෙව්වත් මදි. අභීගේ ගෙදර අයගේ වෙනස නම් මට ඇල්ලුවෙ නැ. එයාල වෙන මොනව හරි ප්ලෑන් කරනව වගේ. අභී නම් මොන සැප සම්පත් තිබ්බත් මනුකව නම් දාලා යන්නෙ නැ. ඒත් මනුක කෙල්ල ගැන හිතලා මොනවා කරයිද කියලා තමයි අවුලෙන් ඉන්නේ. මනුක කෙල්ලට ආදරේ වුනාට පරිස්සම් කරාට මොනවාහරි දෙයක් නිසා කෙල්ලට ආදරෙයි කියලා කියන්නෙ නැ. ඒ හේතුව ඉක්මනට දැනගන්නකන් ඉවසිල්ලක් නැ. මනුක අභීගේ අභී මනුකගේ එච්චරයි. හදවතින්ම මේ අයියටයි සිත්මිටයි සුබ පතනවා තව තවත් මේ වගේ ආදරණීය කතා ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා.
    All the best…
    ????????????????????????????????
    ????????????????????????????????
    ????????????????????????????????
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. කතාව පොඩියට දාලා පුංචි දුකක් ඇති වෙනවාට සමාවෙන්න නංගියෝ සිත්මී ඔයිට වැඩිය පොඩි ඒව තමයි දුන්නෙ මම තමයි දිග කරල තියෙන්නෙ.. තව සතියකින් වගේ කතාව ඉවරයි නංගි.. තව කොටස් දෙකකින් වගේ බලාගන්න පුළුවන් මොකක්ද වෙන්නෙ කියලා.. මේ වගේ දිග කොමෙන්ට් දාල අපට ශක්තියක් වෙනවට ගොඩක් ආදරේ නංගි ගොඩක් ස්තූතියි ඇත්තටම මේ කොමෙන්ට් තමයි අපිට ශක්තියක් වෙන්න අපට තව කතාවක් ලියන්න ආස හිතෙන්නේ මේ වගේ කමෙන්ට් දාද්දි නංගි.. ඔයා දැන් ඉතින් මගේම නංගී කෙනෙක් වගේනේ. ආදරෙයි මේ ලෙන්ගතුකමට තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් වේවා ♥️♥️♥️???

      1. Nirosha Lakmali

        අපි ඉතින් හැමදාම අයියගේ නංගිලා තමයි. ඒක තමයි මොනවද වෙන්නෙ කියලා ඇවිල්ලම බලන්නම්කෝ.
        ගුඩ් නයිට්…
        බුදු සරණයි!

        1. මටනම් සුභ උදෑසනක් නංගියා මට දැන් 7am . අනිවාර්යෙන්ම ැමදාමත් මං ඔයාලගේ අයියා කෙනෙක් ඒක වරදින්නෙත් නෑ ඒක වෙනස් වෙන්නෙත් නෑ තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් නංගී

          1. Nirosha Lakmali

            ඒක නම් ඇත්ත. ඇත්තටම සතුටුයි මේ වගේ අයියෙක් අපිට ලැබුනු එක ගැන. ඒකට ගොඩාක් තෑන්ක්ස් කරන්න ඕනේ කතා අහුර ඇප් එකටයි ඒකේ නිර්මාතෘ ඇඩ්මින් අයියටයි. ගොඩාක් තෑන්ක්ස් ඇඩ්මින් අයියේ.

  11. කතාව ගැන නම් කියන්න වචන නෑ මාරම මාරයි.????
    ගොඩාක් ආසාවෙන් කතාව හැමදාම කියවනවා.
    හැමදාම කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ?????
    ඒත් පුලුවන් හැම වෙලාවෙම අනිවාර්යයෙන් කමෙන්ට් කරනවා.
    කතාව එක දිගට කියවන්න තිබුනනම් කියලා හිතෙනවා අප්පා ඒ තරම් කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

    මට අභීගේ අම්මගෙයි තාත්තාගෙයි වෙනස එච්චර ඇල්ලුවෙ නෑ.????
    මොකක් හරි යටිකූට්ටු වැඩක් වගේ.
    අර හැන්ඩ්සම් කියන හාල්පාරුවත් ඒකට සම්බන්ධයිද දන්නෑ
    මනුක අභීට ආදරෙයි කියලා කිව්වනම් ඉවරනෙ.මෙහෙම දුක් විදින්නැතුව.???

    අයියේ ඔයාටයි අක්කියෝ ඔයාටයි දෙන්නටම සුභ පතනවා ඉදිරි ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා.
    ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි ????
    All the best ??????

    1. ඉඳලා හිටලා ඇවිල්ල මේ කතාව බලලා මේ වගේ දිග කමෙන්ට් එකක් දාද්දි ඇත්තටම සතුටුයි නංගියා.. exam වැඩත් එක්ක ඇවිල්ල මේ වගේ කරන්නෙ කියලා මං හොඳටම දන්නවා මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරෙයි..
      ඔව් නංගියා ඔයා කියපු අනුමානය සියයට ගොඩක් හරි.. තව කොටස් දෙකකින් වගේ ඒ දේවල් දැනගන්න පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම..
      අපි දෙන්නට මේ කරන ප්‍රාර්ථනාවන් වලට ගොඩාක් ස්තුතියි නංගියා හැම දෙයක්ම අපට ලොකු ශක්තියක් හැමදාමත් මේ වගේ ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  12. අපේ චතූ ඉන්දීවරි නංගියා ලෙඩ වෙලා කියලා මට මේල් එකක් දාලා තිබ්බා.. එයාට ඉක්මන් සුවය අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු. දැනට හොස්පිට්ල් එකේ ඇඩ්මින් කරලලු.. නංගි ඔයාට දළදා සමිදුගේ පිහිටයි ඉක්මනින් හොඳ වෙන්න කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරනවා

    Ko ape hasini nangiya.. nawanjana nangiya.. shinsha nangiya.. hemanthi akki.. masshi nangiya.. dull Nangiya.. oyala hodin neda mathak wenawa ithin Nam dala karadarayak unata samawenna one nathi unama ahul ekayi

    1. Nirosha Lakmali

      චතූ නංගියට ඉක්මනට සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…

    2. ඔයාගේ මේ ලෙංගතුකම නිසයි අයියේ මේ හැමොම ඔයාට ආදරෙන් ඉන්නේ….. එක්කෙනෙක් හරි අඩු උනොත් ඔයා හොයලා බලනව…. ඒ නිසයි හැමෝම ඔයාට කැමති අයියේ ..තෙරුවන් සරණයි අයියේ

          1. Hashini Navanjana.

            අනේ…. මගෙ චතූ අක්කියෝ… මොකද ඔයාට… මොකක්ද අසනීපේ අක්කි…?
            ☹️☹️☹️ අනේ අපි හිතුවෙම වැඩත් එක්ක බිසී නිසා ආවේ නෑ කියලා. ඒත් ඔයා හොස්පිටල් එකේද…
            ගොඩාක් ඉක්මනින් හොඳ වෙන්න මගෙ අක්කියෝ….
            බුදු සරණයි ???? ඔයාට

  13. හයි අයියේ.. මං නම් ඉන්නෝ… මං හිතුවෙ අමතක වෙලා කියලා අපිව… අනේ ඒහෙම නම දාන එක කරදරයක් නෙවෙයි අයියේ… සතුටුයි අපිව අමතක නැනේ…

    මුලින්ම කියන්නම් චතූ අක්කිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මං…

    සමාවෙන්න ඕනි අයියේ… ඊයේ මට මේ පැත්තෙ එන්න බැරිඋනා… අද ඒ කතාටිකත් කියෝලා තමා ඔන්න මේ comment කරන්නෙ අයියේ… මට කරන්න assignment වගයක් තිබ්බා… අද ඒ ටික දෙන්න තිබ්බෙ.. ඒකයි අයියෙ එන්න බැරි උනේ…

    කතව ගැන මොනා කියන්නද කියලා මට හිතාගන්න බෑ… කොල්ලෙක්ට පුලුවන්ද එහෙම කරන්න… ඒක තමා මේ කතාවෙ තියෙන වෙනස… එහෙම හැගීම් පාලනය කරගෙන තමන්ගෙ කෙල්ලට පණ වගේ අදරේ කරන කොල්ලො ඉන්නවා… එහෙම බැරි අයත් ඉන්නවා…

    කතාවනම් සුපිරිම සුපිරි සිත්මි අක්කියෝ… කතාව ඇතුලෙ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා… ගොඩක් ආදර්ශමත් කතාව්ක් අක්කෙ මේක…

    දඅයියටයි,අක්කිටයි දෙන්නටම බුදු සරණයි…

    1. ඔයාලා පේන්නෙ නැතු උනාම මට මතක් වෙනවා නංගි ඒත් මං නම් දාලා යන්න ගියාම වෙන විදිහට හිතයි කියන බය මගේ හිතේ තියෙන එක මං වැඩිය දාන්න යන්නේ නැත්තේ…
      එහෙමද නංගියෝ ඒව ඉස්සරින් කරගන්නකෝ ඒක තමයි මුලින්ම කරන්න ඕනේ මම ප්‍රාර්ථනා කරන ඔයා කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා..
      කෝ නංගියා මං මුලින්ම පෙරවදන කිව්වේ එකයි මේක විශේෂෙන්ම කොල්ලොන්ට ලියන්නෙ කියලා ඒ වගේම ආදරේ කියන්නේ මොකද්ද කියල කිව්වෙ මම ඒකයි. ත පුංචි දවස් දෙකෙන් කතාව නං ඉවරයි බලන්නකෝ ඕගොල්ලන්ට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මේ කතාවේ මොකද අන්තිම කොටස් දෙකේ වගේ අභී දෙයක් කරනවා අන්න ඒ දේ ගෑනු ළමයි වෙන ඔයාලට ගොඩක් වැදගත් වේවි.. තෙරුවන් සරණයි නංගියේ සුබ රාත්‍රියක් ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්

  14. අනේ ඇයි අයියේ ඉක්මනටම ඉවර කරන්නෙ….. හැබැයි ඔන්න අලුත් එකක් නම් ඕනමයි එහෙනම් හොදේ… අයියේ හැමෝටම ආදර්ශයක් දෙන මේ වගේ කතා ඉක්මනට ඉවර කරන්න එපා අයියේ …. බලන්න මේ කතවෙන් මොන තරම් නම් දේවල් අපට ගන්න තියනවද… අනේ ආපහු ලියද්දි නම් ගොඩක් දිගට ලියන්න අයියේ ….. අක්කියටත් කියන්න හොදද …….. අක්කියගෙන් අලුත් කතාවක් තව ඉක්මනටම ඕන කියන්න අයියේ …. ඔයාගෙනුත් ඕන හොදේ ……(එකමද මන්දා දිගටම type කලේ….)

    නුබ ලගදි දැනෙන මේ
    අපිරිමිත සෙනෙහස
    කියා ගන්නට නොහැකි විය මට
    හිදින්නම් මේ ලෙස
    පපුතුරේ උනුසුමින්
    හිදින්නට ගුලිවී
    කලා පිං මම
    පෙර එක් දවසක…

    එක් දිනයක
    වැරදි කාරියක් වූ මා
    නුබ නිසා අද
    යහපත් ලෙස
    ජීවිතය විදිනවා…
    නුබ නිසා ලැබුන
    මේ සතුට
    මේ උණුහුම
    ගෙවෙන හැම
    මොහොතක
    ලැබේවා මට…..
    $$$$ අභී$$$$

    නුබ ගැන සිතුවිලි
    සිතේ සිර කරන්
    හිදින්නට බෑ මට
    තවත් මේ ලෙස…
    එනතුරා දවසක්
    හිදිමි මග බලන්
    පවසන්න නුබ හට
    මගේ ආදරය
    නුබේ ඔය දග වැඩ
    ගෙනෙයි මට සිනහව
    පතන්නම් හැමවිට
    ලැබෙන්න සතුටම
    $$$$ මනුක$$$$$

    1. Wow.. අනේ නංගි අනේ වගේ හැකියාවක් තියෙන ඔයාට කෙටිකතාවක් හරි ලියන්න බැරි කමක් නෑ අනිවාර්යෙන්ම ලියන්නකො බලන්නකෝ කොච්චර ලස්සන ගැළපීම් ද කියලා.. සිත්මි අක්කගෙන් ආයෙත් කතාවක් ගන්නවා කියන්නේ බොරු එයා ඉන්නෙ ලංකාවෙ නිසා දැම්මම ගන්න වෙන්නෙ නෑනෙ එයා ලියන්න බෑ කිව්ව මං කොච්චර කිව්වත්.ආයෙත් ගියාට පස්සේ තමයි ඉතින් කතාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එතකන් නම් මුකුත්ම ගන්න වෙන්නේ නැහැ.. අයියා පුළුවන් වෙලාවට අනිවාර්යෙන්ම කතාවක් ලියල දාන්නම් .. ඇත්තටම ඔයාගේ කවියට නම් කියන්න වචන නෑ නංගියා හරිම ලස්සන ලස්සන ගැලපීමක් ඔයාට ජයෙන් ජය තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි

  15. Hashini Navanjana.

    මාත් ඉන්නවා සුමී අයියේ… අනේ මොකක් හරි අවුලක් වෙලා මට ඇප් එකට ලොග් වෙන්න බැරි උනා… ? ??
    ඊයේ රෑ තමයි හදා ගත්තේ… ඊට පස්සේ බලනකොට ඩේටා නෑ…
    ? ??
    මටමයි අප්පා වෙන්නේ…….

    සොරි හොඳද පරක්කු උනාට. මං දන්නවනේ ඇයියා අපිව පේන්න නැති උනාම හොයනවා කියලා. ඉතිං මොකටද මැටි අයියේ අපි ඒකට තරහා වෙන්නේ…. ???
    සතුටු වෙනවා මිසක. ඔයාට අපිව අමතක වෙන්නේ නෑ කියලා ඒකෙන්ම තේරෙනවනේ….
    ඒ ලෙන්ගතු කම කවදාවත් අමතක වෙන්නේ නෑ මටත්… ???

    කතාව පුදුම ලස්සනක් අක්කියෝ…. ඔයාමේ ලියලා තියන විදිය නම්……….. සුපර්බ් ??? දෙබස්, අදහස්, සිදුවීම්, ආදර්ශ හැම අතින්ම ගොඩාක් ලස්සනයි….. ???
    ඉස්සරහට ගොඩාක්ක්ක් ආදරනීය වෙයි කියලා හිතෙනවා… ? ? ?
    මොකද දැනටම අභීගේ දග වැඩ වලින් මනුකට තව තවත් ලං වෙන්නනේ බලන්නේ…. ???
    කපටි කෙල්ලෙක් තමයී…. ??? බලන්නකෝ ඉතිං ඒ තරමට අභී මනුකට ලං වෙලත් කොල්ලා හැගීම් පාලනය කරන් ඉන්න විදිය. ඇත්තමයි පුදුම කොල්ලෙක් මනුක නම්. ලැබෙන පොඩි හරි අවස්ථාවකින් කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාස කරන්න, ප්‍රයෝජන ගන්න බලන් ඉන්න කොල්ලන්ට ලොකු ආදර්ශයක් මනුක.

    ?ආදරණීය අයියේ?

    නිරුවතට මාන බලනා
    දහසක් නෙතු පියන් අතුරින්
    නුඹේ ඔය නෙතු පියන් යට
    මට ලැබෙන ආදරය
    අනෙක් ආදර කතාවන්ගෙන්
    හාත්පස වෙනස් වූ
    නොයිදුල් ම පාරමිතාවකි……

    ඔබට මාගෙන් ලැබෙන
    නොයෙක් වූ අනුබලද
    කිසි ලෙසට නොතකමින්
    නුඹ සිටින අපූරුව
    මටද මහ පුදුමයකි……

    ගතට නොව මාගෙ
    හිතට පමණක් මෙලෙස
    පෙම් කරන නුඹේ හිත
    මහමෙරකි මෙමා හට……

    ඉතිං මට අවසරයි
    මේ භවයේ වාගේම
    සංසාරේ මතුවටත්
    නුඹේ පතිනිය වෙන්න……

    ❤ ඔයාගෙම අභී❤

    බුදු සරණයි ??? ඔයාලා දෙන්නටම ?❤?❤?❤
    ?????????

    1. අන්න ඒකනේ මට ඉතින් දුකයි ඔයාලා නැති උනාම වැඩියෙන්ම දුක ඔයාලගේ මේ ලස්සනම ලස්සන ආදරණීය කොමෙන්ට් එක නැති උනාම . .. මාත් ඔයාලගේ මේ ලෙන්ගතුකමට ගොඩක් ආදරේ කරනවා ලඟ ඇත්තටම ඔයාලා මගෙම නංගිලා වගේ..

      අම්මෝ නංගී කවිය කියන්න වචන නෑ පට්ට සුපිරියටම ගලපල තියෙනවා ඔයා ඉතින් කෝමත් දක්ෂයිනේ රෝස බොලේ නිසා නේද අපට කතාවක් පරක්කු නේද අනේ ඉක්මනට කොහොම හරි ලියලා දාන්න කෙටිකතාවක් හරි හොඳේ.. ඔයා කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇත්තටම ඔයාගේ පද ගැළපීම නම් සුපිරි නංගි නියම කවියක් ඒකනම්…ඔයාටත් ඔයාගේ මහත්තයාටත් අපේ චූටි බොළේටත් දළදා සමිදු පිහිටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

      1. Hashini Navanjana.

        ඔව් අයියේ… එයා නිසා තමයි. දැන් එයාගෙ ට්‍රයි එක වාඩි වෙන්න..ඒ නිසා ලග ඉන්නම ඕනිනේ… දැන් දොයි ගන්නවත් අඩුයි. සෙල්ලම නිසා… වෙලාවක් ලැබුන ගමන් කෙටි කතාවක් හරි අරන් එන්නම්කෝ අයියේ…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.