Katha Ahura

පින්වන්ති මා – 22 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

22 කොටස

” එහෙනම් එකම එක පාරක් මාව තුරුල් කරගෙන ආදරෙයි කියන්න මට…..”

” අභී ….හැමදාම ඔයා මාව අසරණ කරනවා නංගි …..”

” ඇයි හිතේ තියාගෙන ඉන්නේ ….මට දැන ගන්න ඕන ඔයා මට ආදරේද නැද්ද කියලා … කියන්න අයියේ දැන්වත්….”

” අභී ..මැණික ..දැන් ඇති ඇඬුවා …නිදා ගන්න අඬන්නේ නැතුව …..”

” බෑ ..බෑ …අද මට දැන ගන්නම ඕන ඔයා මට ආදරේද නැද්ද කියලා ….”

ටිකක් වෙලා යනකම් සද්දයක් වත් නැතුව හිටපු අයියා එකපාරටම

” ආදරෙයි මැණික ..ආදරෙයි …මගේ ජීවිතේටත් වැඩිය මං ඔයාටයි ආදරේ කරන්නේ ….”

කියලා කියද්දී මට ඒ දේ විශ්වාස කරන්නත් බැරි වුණා .කවදාවත් හිතුවේ නෑ අයියා මට එයාගේ හිතේ තියෙන ආදරේ ගැන කියාවි කියලා .

” අයියේ …අනේ මගේ අයියේ තව එකම එක සැරයක් කියන්න ඒ වචන ටික….”

” ආදරෙයි මැණික මහ ගොඩක් …ඒකයි ළඟින් තියාගෙන මේ තරම් පරිස්සම් කරේ…. මගේ ඇස් මානෙම තියා ගත්තේ ආදරේ නිසයි …”

” ම…ම්..මම ඒ තරම් පින් කරලද මගේ අයියේ … ඔයාගේ ආදරේ මට ලැබෙන්න තරම් ….”

මම අඬ අඬම අයියගේ මුළු මූණ පුරාම මගේ දෙතොල් අරන් ගියේ පිස්සියෙක් වගේ.අඬ අඬම මම ඒ මූණ ම සිප ගත්තා .

මේ වගේ මොහොතවල් කීයක් උදා වුණත් කවදාවත් අයියා මට අනුබලයක් දුන්නේ නෑ .

ඒත් අද නොහිතපු මොහොතක අයියා එයාගේ අත් දෙකම මගේ පිට උඩින් දාලා එයාගේ පපුවට මාව තුරුල් කරගෙන මගේ සිප ගැනීමට ඉඩ දුන්නා .

මට මහන්සියි කියලා දැනුනම මම අඬ අඬම අයියගේ පපුව උඩින් ආයෙමත් මගේ හිස තියා ගත්තා .

” සුදු නෝනා …ඇයි මේ….නාඩා ඉන්න දැන්….”

” අඬන්නේ නෑ මගේ අයියේ ….සතුටට මේ….”

මම අයියගේ පපුවේ මූණ තියාගෙන අයියට තුරුල් වෙලාමයි හිටියේ .මගේ කියලා දැන දැනත් මට ලෝබ හිතුණා එයාගේ උණුහුමෙන් ඈත් වෙන්න .

” මැණික …දැන්වත් යමුද ඇඳට….”

” අනේ අපි මෙතන ඉමුකෝ….”

” මෙතන ඉන්න බෑ බබා එළි වෙනකම් …”

” එහෙනම් මාව වඩාගෙන යන්න කාමරේට …”

” බොරුද මම කිව්වේ …කපටි කෙල්ල …”

” අනේ අයියේ ….උස්සන් යන්නකෝ මාව….”

අයියා මාව උස්සගෙන ගිහින් කාමරේ ඇඳ උඩින් තිව්වා .මගේ ඇඟ වැහෙන්න ශීට් එකකුත් දාලා එයත් මගේ ළඟින්ම නිදා ගත්තා .

දැන් නම් හිතට පොඩිම වත් බයක් නෑ මට.අයියත් මට ආදරය කරනවා කියලා දන්නවනේ.

” අභී …මේ සතියේ ගෙදර නොයා ඉන්න පුළුවන් ද….”

” ඇයි අයියේ . . ”

” අපි ලබන සතියේ යමු….”

” ම්ම් ඒකට කමක් නෑ අයියේ ….”

අයියා දන්නේ නෑනේ මම පොඩ්ඩක් වත් කැමති නෑ කියලා ගෙදර යන්න .මට කොහොමත් ඕන අයියා ළඟින්ම ඉන්න . ඒ නිසා මට කවද ගෙදර එක්කන් ගියත් ප්‍රශ්නයක් නෑ.

අයියත් හේතුවක් කිව්වේ නැති හින්දා මම අහන්න ගියෙත් නෑ .ඒ සතියත් ගෙවිලා ගියේ අයියත් එක්කම.

====================================

එක දවසක් අයියගේ හැසිරීමේ මට ලොකු වෙනසක් දකින්න ලැබුණා .එයා කාට හරි කෝල් කර කර නිතරම මොනවා හරි ගැන කතා වුණා

ඒත් මම ඉන්න තැනකවත් මට ඇහෙන්න වත් එයා කතා කරේ නෑ මොනවත්ම.මම හිතුවේ එයාගේ උසාවියේ වැඩ මොනවා හරි වෙන්න ඇති කියලා .

ඒ නිසා මාත් ඒ ගැන අහලා කරදර කරන්න ගියේ නෑ .

වෙනද තරමට අයියට මගේ ළඟින් ඉන්න වෙලාවක් තිබුණේ නැති තරම් .

මමත් බුම්මගෙන සාලෙට වෙලා ටීවී එක බල බල හිටියා .

අයියා සැරින් සැරේ මම දිහා බැලුවත් මමත් එයාව ගනන් ගත්තේ වත් නෑ .එයා බලන බලන වෙලාවට මම කරේ එයාට ඔරවපු එක.

“අයියට කෝල් එකක් ආවේ මාත් ඉන්න තැනම.ඒත් එයා ඒක ආන්සර් කරේ එහාට ගිහින් .

ඊට පස්සේ ආයෙත් මගේ ළඟට ආවා .මම හිටියේ එයාව දැක්කේ නෑ වගේ .

උදේ ඉඳන් මාව ගනන් ගත්තේ නෑනේ එයා.දැන් ඉතින් මාත් එහෙම තමයි .

” අභී ….ටිකක් කාමරේට යන්න .මගේ යාළුවෙක් එනවා දැන්…..”

අයියා කවදාවත් මට එහෙම කතා කරලා නෑ . ඇස් වල කඳුළුත් පුරවන් මම අයියා ළඟට ගිහින් එයාගේ අත රතු වෙන්නම කොනිත්තලා කාමරේට දුවගෙන ආවා .

දොරත් ලොක් කරලා දැම්මේ අයියත් එක්ක තිබුණු තරහටම .මගේ තරහයි දුකයි අඩු වෙනකම් මම අඬපු එකයි කරේ.

පැයකට විතර පස්සේ අයියා ඇවිත් දොරට තට්ටු කරත් මම දොර ඇරියේ නෑ .

” අභී ….මේ දොර අරින්න ….”

අයියා කතා කරනවා ඇහුණත් මම හිටියේ ඇහුණේ නෑ වගේම .

” අභී ….කිව්වම අහලා දොර අරින්න … දන්නවනේ මට කේන්ති ගියොත් .”

අයියා ඒ කියපු විදියට නම් මම පොඩ්ඩක් විතර බය වුණා .මොකද එයාගේ මහසෝනා ආරූඪ වුණොත් එහෙම තොවිල් නටන්න වෙනවා එලව් ගන්න .

මම නැගිටලා ගිහින් දොරේ ලොක් එක ඇරලා ආපුහු ඇවිත් ඇඳටම වැටුණා .

මම දන්නවා අයියා මගේ ළඟට එනවා කියලා . ඒ නිසාම අනිත් පැත්තට හැරිලා මූණ කොට්ටේ අස්සෙන් තද කරගෙන හිටියේ ඒ පැත්ත බලන්නේ වත් නැතුව .

” අභී …ඔය තරමට ගස්සන්න එපා හොඳේ …. බලාගෙන මූණ ඇද වේවි ….”

අයියා එහෙම කියලා ඇඳෙන් වාඩි වෙලා මගේ මූණ එයාගේ පැත්තට හැරෙව්වා .එතකොටත් මගේ ඇස් වල කඳුළු .

මම අයියගේ මූණ දිහා බැලුවෙම නෑ .ඔරවගෙන හිටියේ .

” අභී …ඇයි මේ….”

අයියා ඇහුවේ මගේ ළඟින්ම හාන්සි වෙලා.මම ඒත් කතා කරේ නෑ ඒ මෝඩයා එක්ක .

උදේ ඉඳන් හවස් වෙනකම් මට වෙනස් කම් කරලා දැන් එනවා නලවන්න.

” අභී …කියනවා මොකද මේ…”

” මුකුත් නෑ ..”

අයියා අහපු විදියටම මමත් තරහින්ම උත්තර දුන්නා .

” දැන් ෂුවර් ද මුකුත්ම නෑ කියලා ….”

” ඔව්..ඔව්…මුකුත්ම නෑ තමයි … තිබුණත් ඔයාට වැඩක් නෑනේ ….ඔයාට වෙන වැඩනේ….”

“හාකො…මුකුත්ම නැත්නම් මම ඕන නෑනේ … මම යනවා ..”

අයියත් එක්ක කොච්චර රණ්ඩු වුණත් මම ආසයි එයා මගේ ළඟින්ම ඉන්නවට අයියා ඇඳෙන් නැගිටිනවත් එක්කම මම එයාගේ අතින් ඇදලා ඇඳේම වාඩි කරව ගත්තා .

” දැන් මොකද …මාව ඕන නෑ කිව්වනේ…”

” මම ඕන නෑ කිව්වේ නෑනේ ….බොරු කියන්න එපා…මම කිව්වේ මුකුත් නෑ කියලනේ….”

” මේකිට කියන්න උත්තර නම් තියෙනවා කොහෙන් හරි…”

” මට උම්මා එකක් දීලා යන තැනක යන්න ….මට ඔයාව ඕන නෑ …..”

” එහෙමත් පුළුවන් ද ඉල්ලන ඉල්ලන වෙලාවට උම්මා දෙන්න …මාව ඕනෙත් නැත්නම් උම්මා ඕනෙත් නෑනේ …..”

” ඒක ඕන මට…දීලා යන්න ….”

අයියා හිනා වෙවීම පහත් වෙලා මගේ නලල සිප ගත්තා .

” මදිනේ මට ඒක…මෙතනටත් ඕන …”

එහෙම කියලා අයියට මම මගේ කම්මුලක් පෙන්නුවා .

” මේකි නම් ගිය ආත්මේ උම්මා පෙරේතියෙක් ද කොහෙද . …

ඒකනේ මේ මටම වද දෙන්නේ උම්මා ඉල්ල ඉල්ල ….”

” හරි ඉතින් ඔයාට දෙන්න බෑ නම් බෑ කියලා කියන්න ….මම දෙන්නම් ඔයාට ඒ වෙනුවට ….හරිනේ එතකොට …..”

” ආ…එහෙමද ආස….මේකි වල් වෙආ හොඳටම ….”

” ඉතින් ඔයානේ වල් කරේ මාව….”

” අපොයි අල්ල ගත්තද ඒකටත් මේ අහිංසක මාව….අභී ඔයත් එක්ක නම් කතා කරලා දිනන්න බෑ බබා ….

ඊට වැඩිය ලේසියි මට උම්මා එකක් දීලා ඔයාගෙන් බේරිලා යන එක…..”

” හා එහෙනම් යන්නකෝ බේරිලා ….”

මම එහෙම කියලා අයියා කිස් එකක් දෙන්න පහත් වෙනකොටම එයාව ඇදලා ඇඳටම ගත්තා .

” අභී …ඔයා නම් අනේ ඇත්තමයි යස්ස කෙල්ලෙක් …දඟ කරනවා වැඩියි හොඳටම ….”

” ෂ්..ෂ්….කෑ ගහන්නේ නෑ …”

මම එහෙම කියලා අයියගේ දෙතොල් උඩින් ඇඟිල්ල තියලා අයියා කතා කරන එක නතර කරා.

” දැන් ඇස් දෙක පියා ගන්න අයියේ ….”

” එපාර මොකද ….”

” උදේ ඉඳන් මාව ගනන් ගත්තේ වත් නෑනේ .මට බැන්නා කාමරේට යන්න කියලා ….. මට තනියම කන්න කිව්වා …

අද දවසම මාව තනි කරානේ…..”

” අපොයි අභී ….මගෙන් පලි ගන්නද හදන්නේ මේ….”

” නෑ …නෑ ..දඬුවම් දෙන්න ….”

අයියා හිනා වෙවීම ඇස් පියා ගත්තා .මම අයියගේ පැත්තට හැරිලා එයාගේ කම්මුලක් උඩින් වෙනදා වගේම මගේ දෙතොල් තිව්වා .

==========-=========================

අපි දෙන්නා කොච්චර රණ්ඩු වුණත් ඒ හැම දෙයක්ම විහිළුවට විතරයි .ඇත්තට තරහා වෙලා ඉන්න අපි දෙන්නටම බැරි වුණා .

මම හැමදාම ආස කරේ අයියගේ පපුව උඩින් හිස තියාගෙන නිදාගන්න .

අදත් ඒ විදියටම මම අයියගේ පපුව උඩින් මගේ හිස තිව්වේ එහෙම ඉද්දි මට ලොකු සැනසීමක් දැනෙන නිසා .

” අභී …..”

” ම්ම්ම්ම්……..”

” නිදි ද……”

අයියා ඇහුවේ මගේ බඳ වටා එයාගේ අත් යවලා මාව තුරුල් කර ගන්න ගමන්.

” ම්ම්හු…..”

” ආදරෙයි මැණික ….”

” මාත් ….”

” කොච්චරක් ද…”

” දන්නේ නෑ ….ඒත් මට ඔයා නැතුව ඉන්න බෑ … ඔයාගෙන් ඈත් වෙන්න බෑ අයියේ …..”

” මටත් බෑ සුදු නෝනා ….මටත් ඔයාව ඕන …. ඒත්…..”

” ඇයි හැමදාමත් හේතුවක් නොකියා ඔයා අතර මැදින් කතාව නතර කරන්නේ අයියේ ….

ඇයි කියලා කියන්නකෝ මට…..”

” බයක් තියෙන්නේ මැණික ඔයා ගැන…..”

” ඇයි ඔයා එහෙම කියන්නේ අයියේ …..”

” මාත් එක්ක ඇවිත් දුක් විඳින්න ඔයාට පුළුවන් ද…..”

” ඉතින් මම මේ ඇවිත් ඉන්නේ …..දුක් වින්දේ නෑනේ …..”

” ඒත් මැණික ඔයාගේ අම්මයි තාත්තයි තරම් මම සල්ලි කාරයෙක් නෙමෙයි ….

ඔයාට ටික කාලයක් යද්දී මේ ජීවිතේ එපා වෙයි….”

” ඔයා හිතනවද අයියේ මට ඔයාව එපා වෙයි කියලා …..”

” අපි ආදරේ කරන කාලෙ වගේ නෙමෙයි බබා කසාද බැන්දම….

බබාලා ලැබෙද්දි කාලයක් යනකොට මේ දේවල් වෙනස් වෙනවා ……ඔයාට එහෙම වුණාම එපා වෙයි මැණික …..”

” මගේ අයියා හිතන්නේ මට ඔයාව එපා වෙයි කියලද….”

” මට එහෙම හිතෙන්නේ නෑ මැණික ……ඒත් මට බයයි ඔයා ඒ ගැන හිත හිත කල්පනා කරොත් මටයි පව් පිරෙන්නේ…….”

” ඔයා තාමත් මාව තේරුම් අරන් නෙමෙයි ද ඉන්නේ අයියේ …..”

” අහන්න මැණික ……මට ඔයාව ගොඩක් දැනෙනවා …..ඔයාව නැති කරගන්න මටත් ලෝබයි….

ඒ තරමටම මම ආදරෙයි අභී …..

ඒත් බබා කවදහරි අම්මලා අකමැති වුණොත් එදාට ඔයාට මගෙන් ඈත් වෙන්නම වෙනවා …..”

” අම්මලා අකමැති වුණත් මම ඔයා ළඟට එනවා අයියේ ……”

” බැහැ මැණික …..

අපි දෙන්නට දෙන්නා කොයි තරම් ආදරේ කරත් අම්මලාගේ අකමැත්තෙන් මම ඔයාව මගේ ළඟට ගන්නේ නෑ ….

එයාලගේ ආශිර්වාදය ලැබුණොත් විතරයි මම ඔයාව කසාද බඳින්නේ……”

” හරි අයියේ …..මම එයාලගෙන් කැමැත්ත ගන්නම් …..”

” ඔයා කියන තරම් ලේසියන්ම එයාලා කැමැත්ත දෙයි කියලා හිතනවද මැණික ….”

” දන්නේ නෑ අයියේ ….ඒත් උත්සාහ කරන්න පුළුවන් නේද …..”

” මම එක පාරක් උත්සාහ කරා කිව්වොත් ඔයා පිළි ගන්නවද අභී ……”

අයියා කියන දේ මට විශ්වාස කරන්නත් බැරි වුණා .ඒ කියන්නේ අයියා අපේ අම්මලාගෙන් අහලවත්ද.ඒත් අම්මලා එයාව අඳුරන්නේ නෑනේ .

” අයියේ ….මොකක්ද ඒ කතාවේ තේරුම…..”

” ඒක දිග කතාවක් මැණික ….”

” අනේ කොච්චර දිග වුණත් කමක් නෑ …..මට කියන්න අයියේ …..

මට ඒ හැම දෙයක්ම දැන ගන්න ඕන අයියේ …..”

” මට තේරෙන්නේ නෑ බබා මේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා …..”

” කොහෙන් හරි කමක් නෑ …..කියන්න අයියේ ….තවත් හංගන්න එපා මට මේ දේවල් ….

ඔයා මොනවා කිව්වත් මම ඔයාව දාලා යන්නේ නෑ ….”

” ඔයා මාව දාලා යයි කියලා සැකයක් නෑ මැණික …ඔයාව මට නැති වෙයි කියන බය විතරයි තියෙන්නේ …..”

” නෑ …නෑ ..අම්මලා අකමැති වුණත් මම ඔයාව දාලා යන්නේ නෑ …”

ආයෙත් එන්නම්

129 thoughts on “පින්වන්ති මා – 22 වෙනි දිගහැරුම”

      1. ඔන්න අය්යේ මම අද සිංහලෙන්ම comment කලා 1st coment එක දාපු සතුට තමයි ඉතින් ????? සිංහලෙන් comment කරද්දි english වලින් 10 සැරක් ගහන්න පුලුවන් ඔයාලට කතා ලියද්දි එපා වෙනව ඇති නේ…
        හම්මෝමෝමෝ අය්යේ 1st comment එක දානවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි අධි රුධිර පීඩනයම ඇතිවෙන වැඩක් sticker එකක් වත් දාන අතරෙ වෙන කෙනෙක් comment කලොත් නෙ….????
        කියන්න දෙයක් නෑ කතාවනම් ගොඩාක් ලස්සනයි අකිකියෝ…. මේ අභී කෙල්ල නම් උම්මා පෙරෙතියක්ම තමයි … ??? මනුකත් ඉතින් දෙනවා කියලා ඔහොමත් උම්මා දෙනවද නේද? කෙල්ල ඔච්චර gass පෙන්නන එකේ පොඩ්ඩක් අවුස්සන්න එපැයි……. ඇත්තටම කොල්ලෙක් වෙලා එච්චර ඉවසීමෙන් ඉන්නව කියන්නේ කොච්චර දෙයක්ද නෙද අය්යේ?? ???? මේ කතාව ගොඩාක්ම වටින්නේ boys ලට තමයි ඉතින් …… අක්කියි අය්යයි හමදාම හමෝටම ගොඩාක් හොද අදර්ශයක් හැම කතාවකින්ම දුන්නා ඔයාලා මහන්සිවෙලා කතා ලියන එකේ වටිනාකමක් ලැබෙන්නේ කතාව කියවන හැමෝම මේ ආදරශ තමන්ගේ ජීවිතේට ගත්තොත් තමයි….. ලගදිම කතාව ඉවර වෙයි නේද අය්යේ කමක් නෑ හැම දේකම අවසානයකුත් තියෙනවනෙ ඉතිම් ??? මොනවා වුනත් ඔයාලා දෙන්නගේ හැම ප්‍රාර්තනාවක්ම, වැඩක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ත්නා කරනවා බුදු සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න හැමදාම ❤️❤️❤️

        1. හනේ….. සිංහලෙන් comment කරලා සමහර වචන වැරදියටත් වැදිලා ගනන් ගන්න එපා අය්යේ….. අපිට ඉතින් ඔය සිංහල වැඩිය බෑ නෙ නේ එකෙන්ම english නේ ….. hee heee ?????????????????

        2. Mama kiuwe boruda try karoth onema deyak pluwan kiyala atha harinna Hoda na aniwarenma pluwan …

          අනිවාර්යෙන්ම නංගියා මේ කතාවෙන් ඔගොල්ලන් ආදර්ශයක් ගත්ත නං ඒක තමයි අපේ සතුට අපට ඕන වුණෙත් එච්චරයි ඇත්තටම සතුටුයි මේ වගේ කොමෙන්ට් දකිද්දී මේ වගේ එකමුතු වෙලා ඉන්නකොට මාරම සතුටුයි . බලන්න ඔයාල ඔක්කොම හැමෝගෙම කමෙන්ට් වලට රිප්ලයි කරගෙන සතුටෙන් ඉන්න හැටි බලන්නකෝ. ඇත්තටම සතුටුයි ඔව් නංගියා තව දවස් හයකින් කතාව ඉවරයි.. බලන්නකෝ ඊළඟ කොටස ඉඳලා මොනවද වෙන්නේ කියලා.. තෙරුවන් සරණයි නංගියේ සුබ රාත්‍රියක් මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි

      1. Please welcome today winner of the 1’st comment one an only SWEET ANGELL….
        ???????????????

        Me thilinaya piliganu manawi soyuriya…..
        ??????????????

        Obata labunu sammanaya gana obe adahas dana ganna kamathiyoooooo……

        1. Kiyanna wachna ne sadewmi akkioooo thnk u soooooo much ❤️❤️❤️❤️❤️ oyge sammaneta mm 1st time ne win kale godaaaak sathutui oyl wage sahodariyo labuna ekata …. onn mm oyage sammane mage room eke udinm thibba hode sathutui ne ????

      2. අම්මෝ මටනම් මාරම සතුටුයි අදනම්.. මනුක අභීට එයාගෙ ආදරේ ගැන කිවුවනේ…මේ ආදරේට ගොඩක් කරදර, බාදක, අභියෝග, දුක් වලට මූන දෙන්න වෙයිද අයියෙ..? මනුක වගේ හොද කොල්ලෙකුට දෙවියො නපුරක් කරයිද…? (මේ කතාවෙ දෙවියො සිත්මි අක්කියා තමයි ඉතින්..) මටනම් ටික ටික හිතාගන්න පුලුවන් කතාවෙ ඉස්සරහ ගැන. කියන්නෙනම් නෑ. බලමුකො මේ අයියයි අක්කයි මොනාද කරන්නෙ කියලා….????????

          1. ඇයි අක්කියෝ……. මේ ඔයාගෙ comment 1 හොදට තියෙන්නේ

          2. ඒක තමා නේ නන්ගා මාත් අද 1st comment නේ…?

        1. Sadeumi nangiya හොඳ මිනිස්සුන්ට දෙවිය කවදාවත් කරදරයක් කරන්නෙ වරදක් කරන්නෑ හැමදාම දෙවියෝ ඉන්නේ එයාලත් එක්ක නංගී.. ඒත් මේක කතාවක් නිසා ඊළඟ කොටසේ ද මොනවා වෙයිද දන්නෑ හැබැයි ඔයාලා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම එක තියෙයි.. තව ටික දවසකින් කතාව ඉවරයි නේ මේ හැම දේකටම උත්තර ලැබෙයි හරිද හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට

  1. මේ කතාවට කැමති අය like එකක් දගෙනම පහලට ගිහින් comment එකකුත් දන්න.. ?

      1. හම්මොමෝ….මේ අය්යා like පෙරේතයෙක්ද කොහෙදෝ….?????
        මේ තියෙන comment මදිද අනේ…..
        ඉල්ලනවනම් ඉතින් අනිවා like දෙනවා ඔන්න මමත් දැම්මා ????

        1
    1. Ruwanthi Lakshani

      ඔබේ තුරුලේ උණුසුමට ගුලි වී
      ඉන්න ඇත්නම් සදා….
      ඔබේ නෙත් අග පෙනෙන මානේ
      රැදී ඉන්නම් සදා….
      හදේ නොමියෙන පැතුම ඔබ වේ
      සදාකාලිකවම සදා….
      ඔබේ වී මා ලගම ඉන්නම්
      නොයමි කිසිදා මං සදා…
      ❤❤❤❤❤❤❤❤❤❤
      කුණාටු වූ සාගරයේ
      ගිලී සිටියෙමි මෙමා….
      නුඹයි ඒ සැඩ මාවතින්
      ගොඩගත්තේ මෙමා….
      කැඩී විසිරුණු මගේ දිවියම
      නැවත සැදුවේ නුඹ තමා…
      නුඹෙන් තොරවූ ලෝකයක් නැත
      මගේ දිවියම නුඹ තමා…
      ?????????

      1. Ruwanthi Lakshani

        ඔබටත් මෙවැනි ආදරයක් ලැබෙන්නට….
        පතමි හදවතින් අයියේ ඔබට මම….
        සිත්මි අක්කි එක ලෙස සුභ පතමි මම…
        ඔබ නිසානෙ කියවන්නේ කතා අද….
        ?????????????

        1. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරන්නම්කෝ thank you so much මගේ නංගියා

      2. Thilini Navodya

        අදත් ඔයාගෙ කවිය ලස්සනයි අක්කි.දැන් නම් අපි එන්නෙ ඔයාගෙ කවිය කියවන්නත් එක්කමයි.ඔයාගෙ අදහස් හරි ලස්සනයි අක්කි.?❤️????

      3. Wow.. ඒකනම් පට්ට නංගියේ මං මොනවද කියන්නේ ඉතින් මේකට.. ඔයාගේ දක්ෂ කම ඔයා එන්න එන්නම වැඩි කරනව නංගියා මාර ලස්සන ගැලපීමක්.. ඇත්තටම මට මාරම සතුටුයි නංගී මේවා දකිද්දි රිප්ලයි කරන්න පරක්කු වුනේ අයියට ගොඩක් බීසි උනා දැන් තමයි ගෙදර ආවේ.. පට්ට මහන්සි නංගියා අනේ අද ගොඩාක් ලොකුවට නෑ කියලා තරහ වෙන්න එපා හොඳේ රිප්ලයි එක.. ඇත්තටම ගොඩක් සතුටුයි නම් ගියා මොකටද දන්නවද බලන්න කතා කරේ ඕගොල්ලන් ගොඩක් එකමුතුයි කියලා මට දැනෙනවා හැමෝගෙම කමෙන්ට් එකටම හැමෝම රිප්ලයි කරනවා.. මාර එකමුතුවක් මාර ලෙන්ගතු කමක් තියෙන්නේ නංගියා ඒකට නම් ගොඩක් සතුටුයි මට.. ඔයාගේ කවිය ගැන නම් මට කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි ඇත්තටම පට්ට තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් හැමදාමත් මේ වගේ ශක්තියක් වෙන්න අයියට මේ ලෙන්ගතුකමට ආදරෙයි

    1. කොහොමද නංගි ඔයාට නිතරම නැති නිසා නම මතක තියෙන්නේ ඒකට සමාවෙන්න ඕනේ.. බොහොම ස්තුතියි නංගි මේ ලෙන්ගතුකමට තෙරුවන් සරණයි ඔයාට

  2. හයියෝ දැන් මටත් ඒ කතාව දැනගන්නකන් ඉවසිල්ලක් නෑ… ඇයි අප්පා එහෙම කලේ.. දැන් හෙට වෙනකන් බලන් ඉන්න එපැයි…

    අපේ ඉවසීම ඔහොම පරික්ශා කරන්න එපා අනේ… ?

    අභීගේ අම්මලා සල්ලි පස්සෙ දුවන අයනෙ… ඒක මනුක කියන විදිහට එයා ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.. ඒක නිසා වෙන්නැති අභීගෙ අම්මලා කොල්ලට කැමති නැත්තේ…

    අභීගෙ අම්මලා හදන්නෙ අභීව අර හැන්ඩ්සම්ටවත් දෙන්නද දන්නෙ නෑ.. අනේ ඒ තිරිසනාට නම් අභීව දෙන්න එපා… එහෙම උනොත් ඉවරයි.. එතකොට මනුකත් පව්..

    මනුක කොච්චර හොද කොල්ලෙක්ද… අභීව කොච්චර හොදට බලගත්තද.. අභීව මනුකටම දෙන්න..

    කතාව ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි… මේ කතාව ඉවර උනාම සිත්මි අක්කිගෙන් තව කතාවක් ඕනි අයියේ හොදේ.. අක්කිට කියන්න..

    බුදු සරණයි අයියේ!!!

    1. ඉවසිල්ල පරීක්ෂා කරන එක කෙසේ වෙතත් අනිද්දා ඉදල අයියට අක්කට ගාවිද දන්නෙ නෑ ඔක්කොම එකතුවෙලා.. කතාව දුක නිසා ???. මං මොනව කියන්න නංගියා මේ ලෙංගතුකමට. ඇත්තටම පට්ට සතුටක් දැනෙන්නේ මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි.. අනේ අද අයියට හරි මහන්සි නංගියි ඒක නිසා පොඩි රිප්ලයි එකක් දාන්නෙ තරහ වෙන්න එපා හොඳේ මම පොඩි රිප්ලයි කරා කියලා ඔයාලා නම් පොඩි කොමෙන්ට් දාන්න බෑ හරිද… බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

  3. Anne me matanam ba ayama sinhala walin taype karanna. Ai wade amaruwen taype karapu ekath angelge comment eka athulatama gihin padinchi welane… Dawas 3kma eka digata poth kiyawala mage mole koloppan wela mithu aiye… nadda ohe bethak hoyaganna. …????

    ANNE ME TIKA MAN KIYANNE DUL AKKIYO OYATA. MAN HITHANAWA OYA ME KATHA BALANAWA KIYALA.. Man agriculcher course ekak karanne. Man me dawas wala prasantetion ekak karanawa. Oya agriculcher pheeld ekata sambanda nisa mata akki oyagen udauwak oni. Akki oya kamathida mata udau karanna. Mata thawa dawas 3i thiyenne. Plese help me dear.

    1. Mmmmm mehemai nango man agriculcher gana igena gena thiyenawa practically sambanda une mage husband marry kalata passe dan aurudu 3k withara. Mata puluwan udauwak man karannam nangoo. Eka mata sathutak…

      1. Kiyala wadak na Ruwanthi akkiyo. Me katha koma type karanawada manda bn…anne thnks dul akkiyo.. sadeumiwihansa0704 mekata email ekak dannako dul akkiyo ethakota oyawa contact kraganna puluwanne mata…

        1. Ammo dul poddi oya dakimath sathuatk Mata mama iye oyawa heuwa hodin neda mage nangiya parisemn sathutin inna budusaranyi oyata kohomada duwa panchita budusaranyi nangiya

          1. Chuti du hodin innawa aiye. Labana mase 4 mage princess ge B’day eka. Edata akuru kiyawanawa eyata. Mage kella sathutin inawa aiye

      1. Aththada ruwanthi chuti nangiya pissu hadnewada ekada kathawa podi unama baninne denne dekak laga hitiya Nam hehehe thanks nangiya me ekamuthu kamata

    2. Ithin Tamil walin type karamu ko nangiya hehhe .. kohom damath oyala danne apita kiyala dannwa podi nangiya eka nisa kenthi ganna ba halida thank you so much nangiya budusaranyi oyata good night godak sathutuyi oya okomage kavi walata reply karana ekata Nam oyata waridinne na kawadawath

  4. Kathawa nm godak lassanai akki. ?manuka abita adharei kiwwa eka nm godak happy. Samahara aya wachanen adhere kiyala kiyawen oppu karan na eth manuka kiyawen oppu karala wachanen kiwwa. Adha samaje adharaya wachanayata pamanak sima karana minissu athare manukala wage charitha nm durlabai. Ithin akki oyanm godak talented hodhe aiyya e wagema oyath. Oya dennatama wish karanawa hamadhema sarthaka wenna kiyala. Budhusaranai. ?

    1. A wish eka hamdmath apita asirwadayak nangiya thank you so much nangiya ow nangiya manuka wage Aya aduyi eth adare karana vidiayata manuka wage Aya soya ganna pluwan one tharam .. thank you so much nangiya budusaranyi oyata good night

  5. Kathawa godaak lassanaii???…abhige dance krana video eka eya pen ekkta dagattha neda..eka kawada hari ona wei kiyla hithenwa abhige ammalata pennanna …ita passe eyala kamattha dei manukata..☺☺☺☺

    1. Ehemda nangiya anumanaya Hari yananth pluwan thawa kotas 6k wage thiyenne oya okoma wisaduma labevi edata thank you so much nangiya budusaranyi oyata good night

  6. Kathawa niyamai akkiyo ..godaak lassanai kathawa ..harima aadaraniyai ……superb ……hadawathinma suba pathanawa oyala dennatama ..good luck budu saranai parissamin inna Good night

    1. Thank you so much nangiya aniwarenma oyalage parthana apita loku sakathiyak me hamdeyakatama thank you so much budusaranyi good night nangiya

  7. Hashini Navanjana.

    අද නම් හරීම ලස්සනයී අක්කියෝ…. ???? ගොඩක් සතුටුයි අද… මනුකගෙ කටින්ම අභීට ආදරෙයි කිවුව එක ගැන. ඇත්තටම මාර පුදුමයි අප්පා මනුක ගැන. පුදුම විදියට ඒ කොල්ලා හැගීම් පාලනය කරන් ඉන්නේ…. ගොඩක් අයට කරන්නම බැරි දෙයක් ඒක… ඒත් අක්කි ඒකෙන් පෙන්නන්න හදන්නේ එහෙම කොල්ලොත් ඉන්නවා කියලා නේද අක්කියෝ… මේ කතාවෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශයත් ඒක. අනොත් ආදර්ශ වලට අමතරව…

    අභී නම් උම්මා පෙරේතියක්ම තමයි… කොහොමත් කෙල්ලෝ ආසයි නේ තමන්ගෙ ආදරේ ලග ඒ විදියට හැසිරෙන්න… ????
    ඉතිං අභිත් ඒ වගේම තමයි…
    ???
    හා….. නැද්ද…. ???

    මට හිතෙනවා අභීට මනුක ගෙදර යන්න එපා කිවුවේ විශේෂ හේතුවක් නිසා කියලා… ???
    අභීගේ B’day එක වත් තියෙනවද…. ඒකේ party එක plan කරනවා මනුක. මට හිතෙන දේ කිවුවා ඔන්න. වැරදිද දන්නෑ ඉතිම් ???

    ❤❤❤❤❤❤❤❤❤
    “නුඹ නමින් මගෙ හිතේ
    උපන් මේ ආදරය
    භාවනාවක් වැනිය
    පාරමී දම් පුරන……”
    ❤❤❤❤❤❤❤❤❤

    ඒත් අභීගේ දග හුරතල් වැඩ ලගදි ඒ දැහැන බිදුනොත්………………….

    ඒක අපි පස්සේ බලමු නේද සුමී අයියේ…. ???

    බුදු සරණයි ??? ඔයාලා දෙන්නටම…
    ?????????

    1. Ruwanthi Lakshani

      මටත් නිකමට හිතුනා…. ඒක නම් ඇත්ත ආදරේ ලග හැමෝම මේ වගේ හුරතල් වෙන්න ආසයි…?????

        1. එක නෙමෙයි මෙයාලත් උම්මාවලට පෙරේතයි වගේ නේ…
          ????
          මම නම් එහෙම නෑ හරිද… ???

        1. හම්මෝ මේ එකමුතුකම හැමදාමත් තියාගන්න හරිම ආදරණීයයි ඇත්තටම ගොඩක් සතුටුයි. කෝ අපේ දඟ කෝච්චිය ( ආශ්කා නංගියා )

    2. අම්මෝ මේ කෙල්ල කොල්ලගෙ හිත කියපු විදිය බලන්නකෝ.. අනුමානය නම් සියයට සීයක්ම හරි.. කමෙන්ට් කරන්න පරක්කු වුණාට සමාවෙන්න නංගියා ඇත්තටම මාර බිසී මේ දවස් වල.. මං සිත් එක්ක දිග කමෙන්ට් නෑ කියලා තරහ වෙන්න එපා හොඳේ.. ඇත්තටම මාර සතුටුයි නම් ගියා ඕගොල්ලන්ගේ දක්ෂකම් දැං ගොඩක් පෙන්නනව ලස්සන කවි වලින්.. ඇත්තටම හරිම ලස්සනයි නංගියාගේ කවි.. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගියා.. තව දෙයක් මන් දැක්කා නං ඒකට නම් මට maharama සතුට ඒ තමයි ඔයාලගේ ලියන ආදරණීය කවි වලට හැමෝම රිප්ලයි කරල හැමදේකටම වටිනාකමක් දීමට ඒ එකමුතුකමට නම් මං ගොඩක් ආදරේ කරන ගොඩක් සතුටුයි මට ඒකට.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  8. මායා black..

    අනේ හරිම ලස්සනයි කතාව අයියේ.. සිත්මි අක්කිට කියන්න එයාට අපි සුබ පැතුවා කියලා කියලා.. මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්නේ නෑ .ඒ අතින් අභී වාසනාවන්තයි.. මන් ආදරේ ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ හැබැයි හැම කෙල්ලෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ආදරයක් කියලා නම් දන්නවා.
    අයියගෙයි අක්කිගෙයි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.☺️☺️
    All the best❤️

    1. එහෙනම් මේ කතාව ඔයාට ගොඩක් වටිනවා මොකද ඔයා ආදරේ කරන කෙනාට මේ විදියටම ආදරේ කරන්න එතකොට ඔයාට මනුක වගේ ආදරයක් අනිවාර්යෙන්ම ලැබෙනවා මේ කොමෙන්ට් සිත්මි අක්කා දකිනවා එයා ඔයාලා ගොඩක්
      මතක් කරනවා සතුටින් ඉන්නේ මෙම කොමෙන්ට් දකිද්දී .. බොහොම ස්තූතියි නංගී මේ ලෙන්ගතුකමට තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  9. ජීවිතය වෙනස් විය….,
    දැන හැදින සිටි අය නිසා නොව…..
    අහම්බයකින් මුණගැසුණු අය නිසා….
    රැක ගන්න සැමදාම…,
    ජීවිතයට අර්ථයක් නොදුන් අය නොව…
    ජීවිතයට අර්ථයක් ලබා දුන් අය….
    මතකයේ තබා ගන්න…,
    තමන්ගේ සතුට පතා ඔබ ලග රැදුනු අය නොව…
    ඔබගේ සතුට පතා ඔබ හැර ගිය අයව…..
    දිවි ගෙවන්න සතුටින්…..,
    අනුන් ගැන සිතා නොව…
    තමන් ගැන සිතා…..
    අමතක කරන්න…,
    ඔබට වැරදුනු තැන් නොව…
    ඔබව වැරදියට වටහා ගත් මිනිසුන්ව..
    සිනා සෙන්න..,
    ලෝකයට පෙනෙන්නට නොව…
    ඔබේ මුලු හදවතින්ම…….

    තමන්ගෙ පහත් ආශාවන් සන්සිදුවා ගන්න ගැහැනුන්ට ලන් වන පිරිමි ඉන්න සමාජයක මනුක කියන්නෙ මැණිකක්. මනුක වගේ මැණික් මේ ලෝකෙ පහල උනොත් මේ අදුරු ලෝකය ලස්සනට දිස්න දිදී බබලාවී. හරිම ලස්සනයි අක්කියෝ කතාව.

    අයියගෙ අලුත් සින්දුව ගොඩක් ලස්සනයි අයියේ.
    අයියා අපි නැති උනාම හොයල බලන්නෙ අයිය ගොඩක් හොද සහෝදරයෙක් නිසා…. අපි කවුරුවත් ඒ සහෝදරකම වරදවා තේරුම් ගන්නේ නෑ අයිය.. මේ මුලු app එකේම ඉන්නෙ එකම පවුලක සහෝදර සහෝදරිය..

    අයියටත් අක්කිටත් සුභ පතනවා හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා.. බුදුසරනයි

      1. ගොඩක් ස්තූතියි නන්ගියෝ…. ඔයාල ටතරම් මන් දක්ෂ නෑ පැටියො….???

    1. Hashini Navanjana.

      ඒ අදහස් ගොඩාක් ලස්සනයි දුල්… ( අක්කිද නංගිද දන්නෑ නේ ඒකයි නම විතරක් කීවේ හොඳද සුදූ… ???)

      1. අනේ ගොඩක් ස්තූතියි හෂී… මාත් ඔයාගේ වයසෙම තමයි පැටියෝ……

    2. Wow .. ඒකනම් පට්ට ඒ ලියපු හැම වචනයකටම මං හරි ආසයි. මොකද මේකේ ලියපු දේවල් වල ඇත්ත හොඳ හැටි තියෙන නිසා ආයෙ වචන දෙයක් නෑ සියයට සියයක් සාර්ථකයි ඔයා ලියපු දේ.. ඒ වගේම මං සතුටු වෙනවා ඔයාව ආයෙත් මේකේ දකින්න ලැබුණු එක ගැන.. ජීවිතේ කියන්නෙ විදින්න තියෙන දෙයක් වුණාට විඳවන්නත ඕනේ නංගියෝ එතකොටයි අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් අපේ අඩුපාඩු හදාගන්න පුළුවන්.. ඇත්තටම සතුටුයි nangiya මේ වගේ අර්ථවත් කවි ඕගොල්ලන්ගේ අතරින් එලියට එද්දී දැනෙන සතුට කියා නිම කරන්න බෑ කොච්චර දක්ෂයි ද ඔයාලා.. ආයෙත් නම් මාරුවෙන් හදන්න එපා හොඳේ ගුටි දෙන්නේ සොයාගෙන ඇවිල්ලා..

      මේ සහෝදරයා ඔයාලට හැමදාමත් ආදරේ ඒකේ කිසි වෙනසක් වෙන්නෑ හැමදාමත් ඒ විදියමයි.. ගොඩක් යන්න බෑ නංගියි අත්තටම හරි මහන්සි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් ඔයා කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

      1. ගොඩක් ස්තූතියි අයියෙ. මගේ ජීවිතේ ලැබෙන දේ වලින් ඈත් වෙන දේ වලින් මන් පාඩම් ඉගෙන ගෙන ජීවිතේ ඉස්සරහට යන්නයි උත්සාහ කරන්නේ. අයියටත් බුදුසරනයි අයියේ.. අත හොදයිද අයියේ දැන්…?

        1. ඒ දේට මං ගොඩක් ආදරේ නංගියා එහෙම හිතනකොට කවදාවත් ඔයාට වරදින් නැහැ.. ඕනෙම දේකට මේ අයියා ඉන්නවා අනිවාර්යයෙන්ම.. දුකත් එක්ක සතුටක් තියෙද්දි එකේ මාර ගතියක් තියෙනවා නංගියා.. තෙරුවන් සරණයි අත නම් දැන් ගොඩක් හොඳයි නංගියෝ හරි මහන්සි මට මේ දවස් වල වැඩ වැඩියි මට

  10. Thilini Navodya

    නීල ඉදුවර පාන නිල් අහස හැඩකෙරූ………..
    නුඹ මගේ කිරිල්ලිය ඒ අහසෙ තටුසැලූ……………
    නීල දිය රැළි නගන විල් තෙරම හැඩකෙරූ…………..
    නුඹයි සුදු නෙළුම් මල ඒ විලේ සුපිපුණූ…………..

    නීල නිල් අහසෙ දුර ඉගිලෙන්න සිතෙනවද……
    නිල් අහසෙ නිම් සොයා දුර යන්න
    හදනවද……..
    මගේ පුංචි සමනලියෙ නුඹ මේක දන්නවද…….
    ඒ අහස බියකරුයි සිතන්නත් බැහැ නේද……..

    ගිජුලිහිනි රෑන් ඒ අහසෙ සැරිසරමින් ඇතී……
    උන් නුඹව දුටුවොතින් අනතුරක්
    එහි ඇතී……..
    උන් නුඹේ පුංචි තටු සැනින් සිද
    ගනු ඇතී…..
    ඒ නිසයි කිරිල්ලියෙ මගේ සිත බිය සිතී…….

    රත්තරන් නුඹව මා රැක්කෙ ඇස් යට තියන්….
    සමාජය විසකුරුයි සිටින් එය සිහි
    තබන්…..
    දන්නෙ නෑ නුඹ මගේදැයි නොවේදැයි
    මෙමං…..
    ඒ උනත් නුඹට පෙම් කරමි අහසක්
    තරම්……❤️❤️❤️❤️❤️

    අක්කි අදත් කතාව හරිම ලස්සනයි??.මොකක් උනත් අභීගෙයි මනුකගෙයි ආදරණීය බැදීම කඩන්න එපා.එහෙම උනොත් අපිට දුකට මොනාහරි වෙයි.ඒ තරම් ආදරෙයි මේ කතාවට.ඔයා හරිම ලස්සනට කතාව ලියල තියනව.ඔයාටයි උෂාන් අයියටයි හදවතින්ම සුබ පතනව ඔයාලගෙ හැම දේකටම.??????❤️?

    1. Hashini Navanjana.

      අම්මෝ… ඒක… අනේ හරිම ලස්සනයි නංගෝ… ??? (හිතනවා නංගියෙක් කියලා. ඔන්න මං නම් 97 ?)

    2. අම්මෝ නංගියා පද රචනය කරන මටත් මේ වගේ වචන ලස්සනට ගළපන්න බෑනේ.. සුපිරි නංගියා පට්ට ඔයාලගේ ඇඟිල තිබිච්ච මේ දක්ෂකම් එලියට ගත්තෙ එක නං මටත් සිත්මි ටත් පට්ටම සතුටුයි..වචනෙන් කියන්න බැරි සතුටක් නංගී එක බලන්න කොච්චර ආදරණීය කොච්චර ලස්සනට ගලපලා ලියන තියෙන කවියක් ද.. ආදරණීය කවිකාර හිත් ගොඩක් දැක්කා මං මේකේ ඔයාලා ඔක්කොම පට්ට දක්ෂයි.. බැරිද අපි වෙනුවෙන් මේ වගේ ලස්සනට ගලපන කතාවක් ලියලා දෙන්න කෙටි කතාවක් හරි අයියලා වෙනුවෙන් බලන්න.. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් අදනම් ටිකයි කෙටුවේ හරි මාන්සිය නංගි

  11. ළමයි අයියා ගොඩක් බිසී.. ගෙදර ඇවිල්ලා තමයි ඔක්කොටම රිප්ලයි කරන්නෙ හොදෙ තරහ වෙන්න එපා ඒක නිසා .. ලංකාවේ වේලාවෙන් පාන්දර එකට වගේ

        1. අම්මෝ මේ දඟ කෙල්ලො ටික.. ඔක්කොමට ආදරෙයි ඔයාල ඔක්කොටම ගොඩාරියක් හැමදාම මේ වගේ එකමුතුව ඉන්න ඕනේ හරිද

  12. Nirosha Lakmali

    අම්මෝ අදත් හරිම ලස්සනයි. ඇති යන්තම් මනුක අභීට ආදරෙයි කිව්වා. ඒ කියන්නේ මීට කලින් අභීගේ ගෙදරින් අභීව මනුක ඉල්ලලා වගේනේ. මං කිව්වනේ අභී නම් මැරුවත් මනුකව දාලා යන්නෙ නැ කියලා. ඒ කෙල්ලට ඕනේ සැප සම්පත් නෙමෙයි මෙච්චර කල් නොලැබුනු මනුකගෙන් පමණක්ම ලැබුණු ආදරේම විතරයි. ඒ ආදරේ වෙන් නම් කරන්න එපා ප්‍රශ්න දාලා. එහෙම වුනොත් අයියටයි සිත්මිටයි දෙනවා ?. කතාවට මාරම ආදරෙයි. කතා ලියන ඔයාලටත් හරිම ආදරෙයි. එක සිතින් ප්‍රාර්ථනා කරනවා සියළුම පැතුම් ඉටුවේවා කියලා.
    All the best……
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ????????????????????????????????
    ????????????????????????????????

    1. ප්‍රශ්නයක් නං ඔන්න අපි නම් දාන්නේ නෑ හැබැයි අර අභී ගේ ගෙදර අයයි අර කොල්ලයි නම් ප්‍රශ්නයක් දාවි වගේ ඉස්සරහට.. තව කොටස් හයකින් කතාව ඉවර වෙනවා නංගි .. හැමදෙයකටම උත්තර.එ කොටස් වලින් ලැබේවි.. ලස්සන ආදරණීය කෙටි කතාවකට අද අයියා අත තියෙනවා බලමු සාර්ථක වෙයිද කියලා.. ඒක සත්‍ය කතාවක් .. මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්..??????????????????

      1. Nirosha Lakmali

        ආයේ අහලා කියවන්නත් කලින් අලුත් කතාවත් එකෙන්ම සාර්ථකයි කියලා හදවතින්ම විශ්වාස කරනවා. මොකද ඒ දක්ෂතාවය උපරිමයෙන්ම අයිය ලග තියෙනවා. ආයේ මොකට බය වෙනවද. ඇත්තටම හරිම සතුටුයි. ඔයාලගෙ කාලය ශ්‍රමය වැය කරලා මේ තරම් ලස්සන කතා අපිට දෙනවට ගොඩාක් පින්.
        Good Luck….
        ?????????????

  13. අනේ… ❤️❤️❤️❤️❤️ අද නම් මාර ලස්සනයි… අභිට මනුක ආදරේ කිව්වානේ… අනේ ශෝක්ක්ක්ක්ක්ක්ක්……. ????

    හැබැයි අක්කියෝ ඔයා කතාව බාගෙටනේ දැන්මේ…? අනේ මනුක අර කතාව කිව්වනම් තවත් ශොක්ම ශොක්…. ??? අයියො අෆ්ෆා…. දැන් ඉතිං ඒ කොටස බලන්න හෙට වෙනකන් ඉන්න එපැයි… ????

    ඔයාගේ කතාව කොහොමත් සුපිරිරිරි නේ.. ???????
    හෙටත් එනවා බලන්න කතාව මන්… ??පරිස්සමින් ඉන්න අක්කී… අයියා….
    කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… තෙරුවන් සරණයි අක්කි… අයියා…. ????

    #All the best akki ❤️✌️#

      1. ඒක නෙ දාලා නෑ මොකක් හරි අවුලක් වෙන්න ඇති නංගියා bonus කතාවක් එක්ක දාවි එතකොට සතුටුයි නේ

    1. ඒක නේද අපි අල්ලගෙන ගමු sithmi අක්කටයි එම කරේ කියලා.. ඉවසන් ඉන්නකො හැමදේකටම උත්තර ලැබේවි ඉතුරු කොටස් වලින් හරිද.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ආදරේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ මේ එකමුතුකමට ගොඩක් ආදරේ මම.. ගොඩක් දිගට කොමෙන්ට් කරන්න මහන්සි නම් ගියා අද කුඩම්මා වෙලාවේ මම ඒක නිසයි හෙට අනිවාර්යෙන්ම ගොඩක් ලොකු රිප්ලයි එකක් දෙන්නම් හොඳේ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  14. අම්මෝ ඇතියාන්තන් මනුක අභීට ආදරෙයි කිව්වනෙ අද නම් මාර හැපි මනුක නිකන් මට ආදරෙයි කිව්වා වගේ.?????

    සිත්මි අක්කියෝ කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
    ගොඩාක් ආසාවෙන් හැමදාම කතාව කියවනවා.
    ඊලඟ කොටස කියවනකන් ඉවසිල්ලක් නෑ දැන් නම්.

    අක්කියෝ ඔයාටයි අයියේ ඔයාටයි දෙන්නටම සුභ පතනවා සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා වගේම තවත් මේ වගේ ලස්සන කතා ගොඩාක් ලියන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    All the best
    ???????

    1. ඔයාලගේ සුබපැතුම් අපට ලොකු ශක්තියක් නංගියා හැමදාම සාදරයෙන් ආදරෙන් හැමදාම පිලිගන්නවා.. මේ ලෙංගතුකමට බොහොමත්ම ආදරේ හෙට ඉදලා ඔයාලා පතන කියන දේවල් කථාවෙන් dawe අනිවාර්යෙන්ම බලලා හරි කොමෙන්ට් එකක් දාන්න මේ වගේ ලොකුම ලොකු.. ගොඩක් ලොකු රිප්ලයි එකක් නැති උනාට තරහා වෙන්න එපා අද ටිකක් අයියට මහන්සියේ හරිද.. සිත්මි අක්කා මේ කොමෙන්ට් දකින්නාවා එයා හැමදාම ඔයාලා මතක් කරනවා සතුටින් ඉන්නේ ඔයාලා නිසා තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගී

  15. අදනම් ගොඩක් සතුටුයි මනුක අභීට ආදරෙයි කියපු හින්දා. ඒත් එයාට ඇයි මේ කරදර? එහෙමම කරන්නත් එපා සිත්මියෝ….. චූට්ටක් දුන්නම ඇති. පව්නේ ඒ දෙන්නා. කතාව ගොඩක් ලස්සනයි නංගියෝ. අයියටත් විෂ් කරනවා මේ කමෙන්ට් වලට රිප්ලයි කරනවට. අදනම් අයියා ගොඩක් බිසී කියලා දාලා නේද? පරිස්සමින් ඔයාලගේ වැඩ ටික කරගන්න. දෙන්නටම බුදු සරණයි.

    1. ඔව් නංගියා දැන් ටිකකට කලින් ආවෙ ඒ මහන්සි පිට ඇවිල්ල කොමෙන්ට් දැක්කම පිස්සු හැදුනා මට. අම්මෝ කොමෙන්ට් ගොඩයි.. ඔයා නිසා අන්තිම හොඳටම ගියා. sithmita අපි අල්ලගෙන ගහමු.. ඔයාලගේ ලෙන්ගතු කමට මට රිප්ලයි නොකර ඉන්න බැරිනම් ගියා මං මේ හැමදෙයක්ම කරන්නේ සිත්මි වෙනුවෙන්.. ඔයාලගේ ආදරේ වෙනුවෙන් මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් ඔයාට

  16. Ashka Rashmi

    Wow..fantastic …last comment ? ඔයාගෙ කතාව මං ඊයෙ කියෙව්වෙ…රෑ හතට විතර…? නිසඳැසක් එක්ක දිග කමෙන්ට් එකක් කොටලා post comment button එක ඔබන්න හදද්දිම data ඉවර උනානෙ…හයියෝ සංසාරේ…phone එක පොලොවෙ ගහන්න හිතුනා අප්පා එවෙලෙ…?
    දැන් හැමෝම කවි,නිසඳැස් කමෙන්ට් කරන නිසා මං සාමාන්‍ය පරිදි වැඩේට බහින්නං ඉතින්….?

    කතාව හරිම හරිම හරිම ලස්සනයි අනේ…අභිත් ශෝයි මනුකත් ශෝයි….ඔයාගෙ මේ කතාව හින්දා දැන් මටත් හිතිලා තියෙන්නෙ මනුක කෙනෙක් හොයාගන්න…ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ඔයා තමා සිත්මි අක්කි? කතාව දිග මදි අනේ …ආයෙම ඉස්සරහට ලියන කතා දිගට දිගට දිගට ඕන හරිද…..හුම්? ඔයාටයි අපේ උශාන් අයියටයි සුභ පතනවා .ඔයාලා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා .දෙන්නාටම දළදා සමිදු පිහිටයි ❤️

    Evolution and Biogeography ??
    අප්පිරියා පාඩමෙන්
    ඇස් ඉවතට ගියේ
    හවස හයේ කණිසමට…?
    ‘බෑ බෑ…තව ටිකක් පාඩම් කරමු’
    පපුවට අත තියලා
    සැනසුවා මගේ හිත…
    තවත් පැය බාගයක් පැයක් ඉවසන්න හිත…⌛️⏳

    වටේටම කැරකෙන
    අම්මාගෙ ඇස් නිතරම ?
    මා වටා වෙලෙන්නේ
    ‘ ඔයා ඔය පාඩම් කරනවද…නැත්තං ෆෝන් එක ඔබනවද….’ ??
    හිත බයෙන් හිටි මොහොත එලබුනේ
    ගිනි කන්ද පිපුරුනා …?
    Volcanic eruption ?

    ‘ මහන්සියි අම්මි….චූටි බ්‍රේක් එකක්…?’
    සුදෝ සුදු දත් දෙපළ?
    පෙන්නුවේ අම්මාට
    නෝන්ඩි හිනාවෙන්?
    අවසර දුන්නා ඇය හුස්ම ගන්නට.?

    ඇගෙන් ලද අවසරෙන්
    ඉක්මන්ට ආවෙ මං
    ඔබගෙ මේ ලස්සන
    කතාව කියවන්න.?

    හැමදාමත් වගේ
    සීරුවට ඇස් ගියේ
    ඔබෙ අතින් ඇමිනිච්ච
    අකුරු පේලිය මතට?

    සිතට සැනසීමක්
    සතුටක් ලැබුනෙ මට
    දෙවරක් නොහිතාම
    කෙටුවා දිග අදහසක්….?

    ඒකටත් මට ගියා
    මිනිත්තු දහයක්ම ?️
    Accept කරද්දිම
    ආවා නේද කෙටි පණිවිඩයක්..??
    Your free data is exceeded ‼️??️
    #Blast # ? ?
    # Dead# ?

      1. hanee paw appa me akki baba …….. habai akkta hodtama thrha gihin e welwe ne naththm ithin mechchr sundara wachn tikk liynn hithennane…????
        Good luck akkioooooo ???

        1. Nirosha Lakmali

          අම්මෝ ඒක පට්ට. මටත් එහෙම වෙලා තියෙනවා. හරිම දුකයි එතකොට නම්.

          1. මායා black..

            අම්මෝ පිස්සු හැදෙනවා? ඒ වචන ටික නම් සුපිරියි??

    1. අම්මෝ සාන්ත ඒක මට තවමත් හිනා.. ඔයාලා සුපිරි වැඩ්ඩෙක් අනේ.. කොහොමද ඔහොම ලියන්නේ වෙච්ච දේවල්.. ඇත්තටම සුපිරි කියන්න වදන් නෑ නෑ ලියලා තියෙන වෙච්ච දේවල්.. නිකන්ද කියන්නේ මේකෙ ඉන්න අතිදක්ෂ කෙල්ලො ඔයා කියලා.. ඒත් මම ඔයාව එව්වා කොමෙන්ට් එකෙක් පේන්න නෑ කියලා.. සතුටුයි නංගි මේ වගේ කොමෙන්ට් එකක් දැක්කම පට්ට සතුටුයි මට හැම දේකටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයා කියන කරන හැම දෙයක්ම සාර්ථක වේවා..හරිම මහන්සිය නංගි මේ දවස් වල ඒ නිසා පොඩි කොමෙන්ට් එකක් හොඳේ තරහ වෙන්න එපා දඟ කෝච්චිය හරිද.. අනිවාර්යෙන්ම ඔයාට මනුක වගේ කොල්ලෙක් ලැබෙනවා ඒක මට ෂුවර්

        1. Duka thamayi ranjani ekata hethuwa mama meke kiyanne na mama adare karanne nathi hethuwa kathawalin liyanwa eka balanna keti kathawak wensama vidiyata liyanne 90%k aththa ithuru ewa Boru moko kathawa lassana karanna one nisa ita passe balana me manukata oya kamthi wenawada kiyala ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.