Katha Ahura

පින්වන්ති මා – 23 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

23 කොටස

” බබා දන්නවද මම ඔයාව මුලින්ම දැක්කේ කොහෙදිද කියලා ….”

” ම්ම්හු…”

අයියගේ පපුව උඩින් තියන් හිටපු හිස ඔසවලා මම අයියගේ පැත්තට හැරුණා .මට ඉවසුමක් නෑ අයියා කියන්න යන කතාව මොකක්ද කියලා දැන ගන්න කම්.

” ඔයා හැමදාම ගියපු ක්ලබ් එකේදිම තමයි ….”

” ඒ කවදද අයියේ …”

” මීට අවුරුදු දෙකකට කලින් ….”

” මොකක්….අවුරුදු දෙකකට කලින් ….”

මම පුදුමෙන් වගේ අයියගෙන් ඇහුවේ.මම අයියා ළඟට ඇවිල්ලත් දැන් අවුරුදු එකහ මාරක් විතර .

” ම්ම්…එදා මෙහෙ ආවේ ඔයාගේ කකුලට බෙහෙත් දාන්න ….”

” කවුද …කවිඳු අයියද….”

” අන්න හරි…එයාගේ උපන් දිනේ දවසේ ….

කොල්ලො කට්ටියට ඕන උනා එයාගේ උපන් දිනේට ක්ලබ් එකේදි හරියටම රෑ දොලහට කේක් කපන්න ….

අපි ඔක්කොම යාළුවෝ ටික එදා ක්ලබ් එකේ හිටියේ ….”

අයියා කියන දේවල් මම අහගෙන හිටියේ හරියට රස කතාවක් අහනවා වගේ.

” එදා උගේ 25 වෙනි උපන්දිනය…කොල්ලො කට්ටිය එකතු වෙලා කේක් එක උඩ ඉටි පන්දම් විසි පහක්ම ගැහුවේ ඌව අමාරුවේ දාන්න….

මොකද ඒ වෙලාවට හැමෝම බීලනේ ඉන්නේ ..

වෙරි තියෙද්දි ඌට ඉටි පන්දම් ටික නිවන්න වෙලා යනවා කියලා අපි දැනගෙන හිටියා ….

හරියටම රෑ දොලහට ඉටි පන්දම් ටිකත් පත්තු කරලා කවිඳු ට විශ් කරලා අපි කිව්වා ඉටි පන්දම් ටික නිවන්න කියලා …..

ඒත් කවිඳු ඉටි පන්දම් ටික නිවන්න පහත් වුණා විතරයි එතනට දුවගෙන ආවේ අවුරුදු දාහතක දහ අටක වගේ ලස්සන කෙල්ලෙක්……'”

” කෙල්ලෙක්….???”

මම පුදුමෙන් වගේ අයියගෙන් ඇහුවේ .

” ම්ම්ම්….දඟම දඟ මල්ලක් ඒක…. වයින් කරලා වගේ තමයි …. එක තැනක ඉන්න බෑ එයාට විනාඩියක් වත්….”

” ඊට පස්සේ ….”

” කවිඳුගේ කේක් එක ළඟ පහත් වුණු එයා කවිඳු ටත් කලින් අර ඉටිපන්දම් ටික ඔක්කොම නිවලා දැම්මා ….

අපි හැමෝම පුදුමෙන් බලාගෙන හිටියේ …. පස්සේ තමයි තේරුණේ එයත් ඉන්නේ හොඳ සිහියකින් නෙමෙයි කියලා ….”

” ඉතින් …..”

” ඊට පස්සේ කවිඳු ගේ අතේ තිබුණු පිහිය උදුරගෙන එයාම කේක් එකත් කැපුවා….

කවිඳු ට කේක් කැව්වේ එයා…ඒත් කවිඳු කෑවෙ නෑ එයා දීපු කේක් කෑල්ල …..

කට ගාවටම ගෙනෙත් අල්ලාගෙන ඉද්දි කවිඳු ට කන්න උනා කොහොම හරි…..

ඊට පස්සේ තමයි බබා හොඳම හරිය….”

” ඇයි ඒ…කියන්නකෝ අයියේ ….”

” පිහිය අතට අරගෙන එයා පිහියෙන් කේක් එක උඩ තිබුණු අයිසින් ටික ඔක්කොම හූරලා අතට ගත්තා ….

ඊට පස්සේ කට්ටියගෙන් කවිඳු පෙන්නලා ඇහුවා එයාද බර්ත්ඩේ බෝයි කියලා ….

කට්ටිය ඔව් කියද්දි ඒ කෙල්ල එතන හිටපු හැමෝටම බැන්නා ..

කවිඳු ට ලස්සනට අන්දලා නෑ කිව්වා ….. එයාට මේකප් කරලා නෑ කිව්වා …..”

“ඊළඟට…”

” කවිඳු ගේ අතින් අල්ලාගෙන එක්කන් ගියේ එතන තිබුණු පුටුවක් ළඟට ….අපිට ඒ වෙලාවේ ඒ කෙල්ල ගැන තරහක් තිබුණේ නෑ …..

එයා කරන දඟ වැඩ නිසාම අපි හැමෝම සතුටින් හිටියේ ….

කවිඳු ව පුටුවෙන් වාඩි කරලා එයා මේකප් දාලා දෙන්නම් කිව්වා කවිඳු ට…

එහෙම කියලා එක අතක තිබුණු අයිසින් ටික ඔක්කොම කවිඳු ගේ මුළු මූණ පුරාම ගෑවා ….”

මම බොහොම අමාරුවෙන් හිනාව තද කරන් හිටියේ .අයියා කියන කතාව ඒ තරමටම රසවත් .

අයිසින් වලින් මූණ මේකප් කරගෙන ඉන්න කවිඳු අයියව මට මැවිලා පෙනුණා.

” අභී ……”

” ම්ම්ම්ම්….”

” ඔයාව පුපුරන්න කලින් ඔය හිනාව එළියට දාලා ඉන්න බබා …..”

අයියා දීපු අවසරෙන් මම බඩත් අල්ලාගෙන හිනාවුණා ඇස් වලින් කඳුළු එනතුරුම.

” හරිද දැන්…කැකිරි පලලා ඉවරද….”

” හරි අයියේ …දැන් කියන්න ….”

” කට්ටිය එක්කෙනා දෙන්නා ඩාන්ස් කරද්දී එයාටත් ඕන උනා ඩාන්ස් කරන්න ….

කවිඳු ව එක්කන් ඇවිත් ඩාන්ස් කරන තැනට දාලා එයා ළඟ හිටපු තවත් යාළුවෙක්ගේ ශර්ට් එකේ අතේ තිබුණු අයිසින් ඔක්කොම පිහි දැම්මා ……

කරපු පිස්සු වැඩ නිසාම එදා දවසේ අපි ගොඩක් සතුටින් හිටියේ අභී …..”

” ඊට පස්සේ මොකද වුණේ අයියේ ….”

” අනේ අනේ…මේ කෙල්ලට තියෙන හදිස්සිය … කවුරු කියලද හිතන් ඉන්නේ ඒ දඟ මල්ල….”

” දන්නේ නෑ …කෙල්ලෙක් කියලා කිව්වට ඔයා කිව්වේ නෑනේ කවුද කියලා ….”

” වෙන කවුරුත් නෙමෙයි ඒ පිස්සු කෙල්ල …..ඔයා ගැන තමයි මම මේ කියන්නේ ……”

” ම..ම….”

” හ්ම්ම්…හ්ම්ම්….ඔයා තමයි …..මම තව යාළුවෙක් එක්ක වාඩි වෙලයි හිටියේ …ඩාන්ස් කරන්න ගියේ නෑ අපි ….

ඔයා ඩාන්ස් කරන තැන ඉඳලා දුවගෙන ආවා ….
මගේ අතේ තිබුණු ෆෝන් එක අරගෙන මගේ යාළුවගේ අතට දුන්නා ….

බලෙන්ම මාව නැගිට්ටවලා අරන් මගේ කර වටේ අතක් දා ගත්තා ….”

” ඊට පස්සේ ….”

දැන් නම් මට ලැජ්ජයි වගේ.මම සිහි විකාරෙන් කොයි තරම් නරක වැඩද කරලා තියෙන්නේ .

” මගේ කරට උස වත් නෑ හරියකට ….වෙරි මරගාතෙම කකුලේ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා හිටියේ මේකි….

යාළුවට කිව්වා ෆොටෝ එකක් ගන්න කියලා අපි දෙන්නගේ…”

” ඉතින් යාළුවා ෆොටෝ ගත්තද අයියේ …..”

” නැතුව ….ගත්තේ නැත්නම් එහෙම ඊළඟට මේ කෙල්ල මොනවා කරයිද කියලා හිතාගන්න බෑනේ අපිට …..”

” අයියේ …කෝ ඉතින් ඒ ෆොටෝස් …”

” ආ…දැන්ද වෙරි හිඳිලා සිහිය ආවේ ෆොටෝස් හොයන්න ….”

” අනේ සුදු අයියනේ මගේ…මට බලන්න ඕන …”

” අප්පේ මේකිගේ බටර් පාර …මං පස්සේ බලන්න දෙන්නම් හොඳේ ….”

” හා දැන් කියන්න ඊට පස්සේ මොකද වුණේ ….”

” ඔයාගේ යාළුවෝ ආවා ඔයාව හොයාගෙන … එතකොටත් ඔයා හිටියේ මගේ ළඟ …

ඔයාව එක්කන් යන්නයි එයාලා ආවේ …”

” හ්ම්ම්ම්….ඊළඟට ….”

” ඔයාට යන්න බෑ කිව්වා …මට කිව්වා ඔයාට උම්මා එකක් දෙනකම් යන්නේ නෑ කියලා ….”

” අනේ අයියේ ….බොරු නේද ඔයා කියන්නේ …

” නෑ බබා …ඇත්තමයි ..ඉන්නකෝ ඔයාට මම බලන්න දෙන්නම් ඒ ඔක්කොම …

ඔයාමනේ කිව්වේ ෆොටෝස් ගහන්න කියලා … ඒ අතරේ තව යාළුවෙක් ඒවා ඔක්කොම වීඩියෝ කරලා ….”

” අනේ …ලැජ්ජයි නේ මට…..”

” හා හා කෙල්ලට දැන්ද ලැජ්ජ හිතුණේ ….”

” මගේ ළඟට ඇවිත් මගේ බෙල්ල වටේට අත් දෙකත් දාගෙන ඔයා බලන් හිටියා මම ඔයාට උම්මා එකක් දෙනකම් ….”

” අනේ ..දැන් ඇති අයියේ ….”

” බෑ …බෑ …හොඳම හරිය කියන්න ඕනනේ … ඔයාගේ යාළුවෝ කිව්වා ඔයාට කිස් එකක් දෙන්න .

නැත්නම් එයාලට යන්න පරක්කු වෙනවා කියලා ..

මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ …. මම ඔයාගේ නලලට කිස් එකක් දුන්නා ….”

” ඔයා එහෙමත් කරාද අයියේ ….”

” ඔව්නේ.ඒත් ඔයා එදා මගේ යාළුවෝ ඉස්සරහම මට ලැජ්ජ කරා අභී .. .”

” අනේ….ඇයි ඒ….”

” මට බැන්නා ඔයා….මෝඩයෝ ඔහොම නෙමෙයි කිස් කරන්නේ කියලා කිව්වා ….

එහෙම කියලා ඔයා මගේ මූණ අත් දෙකෙන්ම අල්ලාගෙන මගේ කම්මුල් දෙකම රතු වෙනකම් කිස් කරා……

ඒ හැම දෙයක්ම යාළුවෝ වීඩියෝ කරලා තිබුණේ …..

ඔයාගේ තොල් වල ගාලා තිබුණු ලිප්ස්ටික් මගේ මුළු මූණෙම ගෑවිලා ……”

” අනේ …ඇති අයියේ …..”

” බෑ . .බෑ …ඉවර නෑනේ කතාව ..ඊට පස්සේ තමයි ඔයා යාළුවොත් එක්ක ගෙදර ගියේ ….

ගෙදර ගිහිල්ලත් මට මතක් වුණේම ඔයාගේ පිස්සු වැඩ අභී …..

ගෙදර ඇවිත් මම ඒ ෆොටෝස් වීඩියෝ ඔක්කොම බැලුවා ආපහු ….

හිනා යනවා දැක්කම…..

හැබැයි එක දෙයක් කියන්න ඕන අභී ….ඔයා සිහියෙන් හිටියත් වෙරි මතින් හිටියත් උම්මා පෙරේතියෙක් ….
ඒකම තමයි ඔයාට ඕන ……”

” අනේ…තරහයි……”

” මට ඔයාව ආපහු බලන්න ඕන උනා අභී .. . යාළුවන්ටත් නොකියම මම ඊට පහු වෙනිදත් ක්ලබ් එකට ගියා …..

ඒ යනකොටත් ඔයා බීලා යාළුවොත් එක්ක ඩාන්ස් කරනවා ….

සිහියක් ඇත්තෙම නෑ ඔයාට ….

ඒ විදියට මම මාසයක් එක දිගට ක්ලබ් එකට ආවා ඔයාව බලන්න ….

මට ඔයාව නොබලා ඉන්න බැරි වුණා අභී ….

බීලා බීලා මගේ ඇස් ඉස්සරහම ඔයා ජීවිතේ නාස්ති කරගන්න හැටි මම බලන් හිටියා ….

බැරිම තැන තමයි කට්ටියගෙන් ඔයා ගැන අහලා බැලුවේ …..”

” ඉතින් කට්ටිය මොකද කීවේ අයියේ …..”

” එයාලා තමයි කිව්වේ අම්මලාගේ නොසැලකිල්ල නිසා තමයි ඔයා මේ තත්වෙට වැටිලා තියෙන්නේ කියලා ……

මම එක දවසක් ඔයා ගෙදර යද්දී ඔයාගේ පස්සෙන්ම බයික් එකේ ඇවිත් ගේ තියෙන තැනත් බලාගත්තා …..”

” හොර ගෙඩියෙක් අයියේ ඔයා ….”

” ඊට පස්සේ මට ඕන උනේ හොඳ සිහියෙන් ඉද්දි ඔයා මොකද කරන්නේ බලන්න …..

ඔයා ක්ලබ් එකට ආවට එතන හිටපු කිසිම පිරිමි ළමයෙක් දිහා බලන්නේ වත් නෑ …..

ඔයාගේ යාළුවෝ එක්කමයි ඉන්නේ ….

බීලා සිහිය නැති වුණාම තමයි කොල්ලොත් වට කරගෙන ඩාන්ස් කරන්නේ ….

මම ඒකෙන් තේරුම් ගත්තා ඔයා එහෙම ඕන කමින් වැරදි කරන ළමයෙක් නෙමෙයි කියලා ….”

” ඊට පස්සේ …..”

” දවසක් මම ගියා ඔයාගේ අම්මයි තාත්තයි මුණ ගැහෙන්න ගෙදරටම ….

ගිහින් කිව්වා ඔයා ගැන …..ඒත් එයාලට ඌමනාවක් තිබුණේ නෑ අභී ඔයාව හරි පාරට ගන්න …..

එයාලා කිව්වේ වෙලාවක් නෑ කියලා එයාලට ඔයා වෙනුවෙන් වෙන් කරන්න ….

ඊට පස්සේ තමයි මම කිව්වේ මම ඔයාට ආදරය කරනවා ….ඔයාව කසාද බඳින්න කැමතියි කියලා …..”

” ඉතින් අම්මලා මොකද කිව්වේ අයියේ ….”

” ඇහුවා මගේ විස්තර …දේපළ ගැන..

ඒත් මගේ කියලා මට මහ ලොකු දේපළක් නෑ අභී ….මේ ඉන්න ගේයි කාර් එකයි විතරයි මට තියෙන්නේ …..”

” අම්මලා කැමති වුණා ද අයියේ ….”

” නෑ අභී ….මාත් එක්ක ඇවිත් ඔයාට දුක් විඳින්න දෙන්න බෑ කිව්වා …..

ඔයාලගේ ෆැමිලි එකට ගැලපෙන කෙනෙක්ට විතරයි කිව්වා කවද හරි ඔයාව කසාද බන්දන්නේ…”

” අයියේ …..”

” ම්ම්ම්… ”

” ඉතින් හදිස්සියේ වත් මට අම්මලා කියන කෙනෙක් කසාද බඳින්න වුණොත් ඔයා මොකද කරන්නේ …..”

” මට මුකුත්ම කරන්න බෑ බබා …..

අම්මලාගේ ආශිර්වාදය නැතුව මට ඔයාව මගේ ළඟට ගන්න බෑ …..”

” මම ඔයා ළඟට ආවොත් …..”

“ඒත් මම ඔයාව බාර ගන්නේ නෑ අභී ….”

” ඒ කියන්නේ ඔයාට මාව එපාද අයියේ ..”

” ඔයාව ඕන මැණික ….ඒත් අම්මලාගේ හිතට දුකක් දීලා ඔයාව මගේ ළඟට ගන්න බෑ …..

දරුවෙක් නිසා අම්මා කෙනෙක්ගේ ඇස් වලට කඳුළු ආවොත් ඒක ගෙවා ගන්න බැරි පවක් අභී ….

කවද හරි අපිත් අම්මලා තාත්තලා වුණ කාලෙක ඒ පව අපේ හිත් ඇතුලේ විඳව විඳව තියෙනවා මැණික ….”

” ඉතින් ඔයා වෙන කෙනෙක්ව බඳිනවද අයියේ …..”

” නෑ අභී ….කවදාවත් නෑ ..

අද මම ඔයාගේ ඔළුවේ අත තියලා දිවුරනවා…

ඔයා ඇරෙන්න මේ හිතේ වෙන කාටවත් ඉඩක් නෑ ..
ඔයා නැති වුණොත් මම ජීවිත කාලෙම තනිකඩව ඉඳී….

ඔයාට මොන තීරණය ගන්න වුණත් මම ඔයාට ද්වේශ කරන්නෙවත් ඔයාට කිසිම වැරැද්දක් කියන්නේ වත් නෑ අභී …..

ආදරය කියන්නේ හිමි කර ගැනීමම නෙමෙයි මැණික ….

අහිමි වුණත් හිත ඇතුලේ ඒ ආදරේ වෙනස් නොවී තියෙනවා හැමදාටම ඔයා වෙනුවෙන් ……”

ආයෙත් එන්නම්

116 thoughts on “පින්වන්ති මා – 23 වෙනි දිගහැරුම”

        1. ඔහොම ඔට්ටු නෑ හොදේ… කතාව කියෝලා 1st comment දාන්න try කරන්න ඕනි.. ඒක තමා වටින්නෙ… ?

    1. Ruwanthi Lakshani

      දෙමාපිය සෙනෙහෙ උතුම් බව දනිමි මම..
      නමුත් එවැනි සෙනෙහස නොලැබුනා මට..
      මනුක අයියේ ඒ සෙනෙහස දුන්නෙ ඔබ…
      අභී ඔබට සැමදා නයගැතී අද….
      ?????????????
      ඔබේ පනටත් වඩා මා රැක ගනී අද…
      බලා සිටිමි ඔබ මාගේ වෙන තුරුම…
      මේ සෙනෙහස එක ලෙස දිවි තුරාම…
      ලැබෙන්නට කියා දෙවියන් යදී මම…
      ????????????
      ඔබේ ආදරය මට මහමෙරක් වැනි…
      ඔබේ තුරුලේ ඉන්නට මං ලෝබ වුනී…
      ඔබේ උනුසුම සැමදා මට ඕන වුනී….
      මම සැමදා සෙවනැල්ලක් සේ ඔබ ලග හිදිමී…..
      ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

      1. Ruwanthi Lakshani

        ඔබ තබනා පය ඉදිරියට ම තැබේවා….
        ඔබ සිතනා පැතුමන් සැම ඉටුවේවා…
        රැකි රක්ෂා කටයුතු දියුණුම වේවා…
        ඔබ හට ආසිරි මල් වැසි වසීවා….
        ??????????????
        ??????????????

          1. Ruwanthi Lakshani

            බලමුකෝ පැට්ටෝ… තැන්කූ ඔයාට…?????

          1. Nirosha Lakmali

            පට්ටම ලස්සනයි. කියන්න වචන එන්නෙ නැ. සුපිරියි.

        1. ඒ පාර්තනාව මට වගේම ඔයාටත් එසේම වෙන්න කියලා මාත් ප්රාර්ථනා කරනවා.. දළදා සමිඳු පිහිටයි රුවන්ති නංගී ඔයාට

      2. Wow.. මේ තියෙන්න ආදරණීය කවිය.. පට්ට හොදේ සුපිරියටම ලියල තියනවා ඔයා නං සුපිරි wadiyek නංගී.. අයියට ඉතින් කවිවලින් රිප්ලයි කරන්න පුළුවන් අයියගේ of එක දවසේ විතරයි හොදේ අනිත් දවස් වල මේ වගේ ලියල ලස්සන වටිනාකමක් දෙන්නම්කො කවියට.. ඇත්තටම හරිම ලස්සනයි නංගියේ අනේ ඉක්මනටම කතාවක් දෙන්නකෝ ඔයාට පුලුවන් අනිවාර්යෙන්ම පුළුවන් ඒක නිසා අනිවාර්යෙන්ම කතාවක් දෙන්න මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි නංගි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් ඔයාට

  1. Anee kathawa shoi anee ada nam marama sathutui abi karapu pissu wada niyamai akkiyo kathawa super ..Anee dan kathawa kiyawaddi godaak aasa hithenawa ….Good luck ..
    Hadawathinma suba pathanawa oyala dennatama …budu saranai parissamin inna …..

  2. අනේ… මේ යන විදිහට අභීට මනුක හම්බවෙන එකක් නෑ වගේනේ… ?

    සිත්මි අක්කියෝ… ඒ වගේ නෝටි වැඩ නම් කරන්න ඔට්ටු නෑ හොදේ… අනේ එහෙම කරහම දුකයිනෙ අප්පා..

    අනේ එහෙමනම් කරන්න එපා… මනුකවයි,අභීවයි කොහොම හරි එකතු කරන්න..

    අයියේ.. නැත්තන් අක්කිටත් එක්ක හරියන්න අයියට තමා ගුටි දෙන්නෙ හොදේ… ???

    දන්නවනෙ අපෙ හැටි..ඒක නිසා කතා ලියද්දි පරිස්සමින් ලියන්න හොදේ.. ? (joke ekak kale hode.. ?)

    කතාවනම් මරු… හැමදාමත් වගේ… අභිත් මරු මරු වැඩ තමා කරලා තියෙන්නෙ.. අභීනම් පිස්සු කෙල්ලෙක් තමා… ඔයින් බේරුනා ඇති.. කොහෙද මේ කෙල්ලට බිවුවාම කිසිම සිහියක් නෑනේ… නැත්තන් අරම කරයිද.. අනිත් එක අදුරන්නෙ නැති කොල්ලෙක්ගෙන් කිස් ඉල්ලයිද..

    කෙල්ලගෙ වෙලාවට මනුකගෙන් ඉල්ලුවෙ.. අර හැන්ඩ්සම්ගෙන් එහෙම ඔහොම දෙයක් ඉල්ලුවනම් ඉතිං කෙල්ල ඉවරයි.. බුදම්මෝ…

    දැන්නම් කතාව ඉවර වෙන්න ලගයි වගේ නේද අයියේ.. හයියූ.. දුකයි අප්පා… ඒත් කමක් නෑ.. සිත්මි අක්කගෙ තවත් ලස්සන කතාවක් කියවන්න පුලුවන් වෙයිනෙ.. නේද අයියෙ එතකොට..

    අකිකිගෙයි අයියගෙයි හැම වැඩක්ම සාර්ථක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..

    බුදු සරණයි දෙවි පිහිටයි අයියේ අක්කේ දෙන්නටම..
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. අන්න ඒ අනුමාන නම් ටිකක් හරි වගේ නංගියා මනු කට අභී ලැබෙන්නෑ වගේ.. මනුක මැරුනොත් ඒම නේද..???.

      ඉතින් බලන්න මෙච්චර ලස්සන comment දාද්දි කතා නොලියා ඉන්න පුළුවන්ද සිත්මි අක්කාගෙන් කතාවක් ගන්න නම් දැම්ම බෑ නංගී ඒකට මට සමාවෙන්න මොකද සිත්මි අක්කා ලංකාවේ ඉන්නේ එයා ආයෙත් ගියා දවසට තමයි කතා ගන්නපු ඔයා ලංකාවේ ඉන්දැද්දි කතා ලියන්නෙ නැහැ. බලමු ට්‍රයි එකක් මොකද ඔයාලගෙ කොමෙන්ට් ඔක්කොම එයා කියවනවා.. ඒ නිසා ඉතා වෙනස් වෙන්න පුළුවන්..

      ඔව් ඔව් අනිවාර්යෙන්ම මට ගුටි කන්න වෙනවා තමයි මේ සෙට් එකම හරි දඟ කෙල්ලෝ ටිකක් නේ ඉන්නේ.. ඒත් හරිම ආදරණීයයි හරිම ලෙංගතුයි ඒකට නං එන්න ගුටි කෑවත් කමක් නෑ.

      ඔයාගේ කතාවකුත් ඉක්මනටම දෙන්න නංගි අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්. අයියා ලියන අයියගේ ඇත්ත කතාවක් ලඟදිම දානවා ඒක කෙටි කතාවක් එතකොට දැනගන්න පුළුවන් ඇයි අයියා???? එක්කෝ ඕනේ නැහැ

  3. Ashka Rashmi

    අන්නාව්….සෝ ස්වීටි අක්කියෝ…..ආදරේ හිතෙනවා කතාවටත් කතාව ලියන ඔයාටත්…අභී නං දග මල්ලක්ම තමා…අනේ ශෝක් අනේ..උම්මා පෙරේතියෙක්..අනේ මාත් හරිම ආස දෙයක් තමා ඒ?? උම්මා වලට…කවුද ඉතින් ඒවට ආස නැත්තෙ??..ඒත් දුකයි අභීගෙ පේරන්ට්ස්ලා ගැන…මනුක කොච්චර අභී ගැන හිතනවද..ඒත් ඒ කැක්කුම අභීගෙ පේරන්ට්ස්ලා ට නැති හැටි..ඇත්තටම සල්ලි මිනිස්සුන්ගෙ ජීවිත කොච්චර වෙනස් කරනවද…බඩෙන් වදාපු දරුවො ගැනවත් කැක්කුමක් නැති අම්මලා තාත්තලා ඉන්නෙ…ඔයාගෙ කතාව දැන් කාලෙ කොල්ලොන්ට වගේම දෙමව්පියන්ටත් ලොකු ආදර්ශයක් අක්කි….හැමදාමත් මේ වගේ ආදර්ශමත් කතා අරන් එන්න අපි වෙනුවෙන් ..ඔයාගෙ වැඩ හැම එකක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .උශාන් අයියටත් එසේමයි…එයා නං මා එක්ක තරහා වෙලාලු ඉන්නෙ…? දෙන්නටම බුදු සරණයි❤️❤️ සතුටින් ඉන්න??

    1. කොමෙන්ට් එක නම් මාත් එක්ක තරහටම තමයි ලියලා තියෙන්නේ.. අක්කාටම ආදරේ කරගෙන ඉන්නකො අයියත් කොයි වෙලාවක හරි ඕනේ වේවි නෙ.

      අනිවාර්යෙන්ම නංගියා ගන්න පුළුවන් ආදර්ශ තමයි මවුපියන්ට කොල්ලොන්ට කෙල්ලොන්ට ඔක්කොටම මෙයින් ආදර්ශයක් ගන්න පුළුවන්.. හේම අරගෙන අලි මේ ලෝකෙ ලස්සනම නම් කොච්චර හොඳයිද දඟ කෝච්චිය.. එහෙම වෙන්නේ නැති එකයි දුක නංගියා මොනවා කරන්නද ලෝකෙ ගෝලාකාරයි කියනවනේ මිනිස්සු විවිධාකාරයි කියනවනේ. අපි වගේ උන් නන්නත්තාරයි කියනවනේ..???

      අනේ දඟ කෝච්චිය මට පුලුවන්ද ඔයත් එක්ක තරහ වෙලා ඉන්න අද උදේ පොඩි ආතල් එකක් දුන්නෙ දැක්කනෙ comment ගොඩ… අපේ කෙල්ලො සෙට් එක මොනවත් චුට්ටක් තිබ්බත් ඇති හැදී ගෙන එන්න. ඒත් ඔයා අන්තිමට දාපු එකට ඇත්තටම දුක හිතුන නංගියෝ මට.. මොකද මං ඒ කතාවත් එක්ක ජීවත් වෙන කෙනෙක්..

      අද ඒකටත් හරියන්න හෙට දාන්නම්කෝ ලස්සන දිග කමෙන්ට් එකක් හරිද.. ඒත් ඉතිං ඔයාට නම් ගානක් නෑ මං තරහ වුණොත් එකයි හිටියත් එකයි නැද්ද

      බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට තෙරුවන් සරණයි මේ කොමෙන්ට් එක දැම්මේ උශාන්ගේ ආත්මය…??? ගුඩ් නයිට් දඟ කෝච්චිය

      1. Ashka Rashmi

        ඒක තමයි මාත් මේ බැලුවෙ ..මේ wall එකට ආව හැටියෙ හෙන පුලුටු ගඳක් දැනෙන්නෙ..බලන් ගියාම ඒ අපේ උශාන් අයියගෙ ආත්මයනෙ….?????

  4. අම්මෝ හිනා කාලා පනගියා අදනම්.??????
    මනුකට අහීගෙ ගෙදරින් මොකක් හරි බාල්දියක් පෙරලයි වගේ අර හැන්ඩ්සම් කියන හාල්පාරුවත් එක්ක එකතුවෙලා.????
    සිත්මි අක්කියෝ මොන බාල්දි පෙරලුවත් කමක් නෑ අහීව මනුකටම දෙන්න හොදේ.

    වෙනදා වගේම කතාව ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
    කතාව ඉවර වෙන්න ලගයිනේද.
    ඒකට නම් ගොඩාක් දුකයි ????
    සිත්මි අක්කියෝ තවත් ලස්සන කතාවක් ඉක්මනට ඕන.????

    අයියටයි අක්කියටයි දෙන්නටම සුභ පතනවා කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා වගේම තවත් මේ වගේ ලස්සන කතා ගොඩාක් ලියන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    All the best ??????

    1. Ruwanthi Lakshani

      ඔව් නේද අපට තරගෙට comment කරන්න උෂාන් අයියාගෙ කතාවක් ඕනමයි.. ????

        1. ආ දෙන්නම්කො sadeumi නංගියා එකක් ලියමින් යන්නේ තාම වැඩ ඉවර නැහැ ඒක මගේ කතාව උනාට ඒක මං කෙල්ලෙක් කියන විදියට තමයි ලියන්නෙ

          1. කෝම ලිවුවත් අයියගෙයි අක්කිගෙයි කතා ගොඩාරියක් ලස්සනයි අනේ……

      1. රුවන්ති නංගී අවුල තියෙන්නෙ ඔයාලගේ මගේ ටයිම් එක වෙනස් නේ ඉතින් කොහොමද තරගෙට කොමෙන්ට් කරන්නෙ මම ඔන්න ඔයාල වගේ දඟ සෙට් එක එකතු වුනොත් හරියටම හරි එහෙනම් එතකොට කොමෙන්ට් දාන්න පුළුවන්.. ඔව් නංගියා මාව වෙනස්ම කෙටි කතාවක් ලියනවා ඒක මගේ ජිවිතේ ගැන බලලා ලස්සන කොමෙන්ට් දාන්නකො තාම ලියලා ඉවර නෑ මං ඉක්මනටම අප්ලෝඩ් කරන්නම්

    2. මම වැඩ කෙල්ලොනේ ඔයාලගේ වෙලාවෙන් පාන්දර එකට ඇවිල්ලා රණ්ඩු වෙන්න එන්නම්.. ඒක ඇවිල්ලා ඔය ඔක්කොම කමෙන්ට් වලට රිප්ලයි කරන්නම් හොඳේ

    3. ෂා මරුනෙ අද සෙට් එකම පුල් enjoy කරලනේ.. අනිද්දා විතර අඬන්න බලාගෙන ඉන්නකො ඒක නිසා මේ දවස් දෙක හොඳට හිනා වෙලා kala beela sathutin innako.. අම්මෝ මේ වගේ දිග කමෙන්ට් දාද්දි පට්ට සතුටුයි නංගියේ මට.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි

      සිත්මි අක්කාගෙන් ආයෙත් කතාවක් ගන්නවා කියන එක නම් බොරු එයා ලංකාවෙන් ඉන්නෙ ආයෙත් ගියපු දවසකට තමයි ගන්න පුළුවන් වෙන්නේ එතකන් ට්‍රයි කරමු මොකද එයා මේ කොමෙන්ට් ඔක්කොම දකිනවා.. ඒක නිසා ලියන්නත් ඉඩ තියෙනවා

      මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් හෙටත් එන්න ඕනේ

      1. ආ අපිව අඩවලා ඔයා සතුටින් ඉන්නකො අයියේ.
        අපි දන්නවා අපේ සිත්මි අක්ක හොදයි කියලා.??
        එයා අපිට දුක් දෙන්නෑ ඔයා වගේ.

  5. මායා black..

    අම්මෝ අභී මාරයිනේ ? උම්මා පෙරේතියෙක් කියන්නේ නිකන්ද නේද?? හැමදාම වගේ අදත් කථාව ලස්සනයි. ඔන්න අභීවයි මනූවයි වෙන් කරන්නේ එහෙම නෑ හොදේ අයියේ.. ඔයා එහෙම කරන්නේ නෑ කියලා නම් දන්නවා.. කතාව ලඟදීම ඉවර වෙයි නේද?? ඉක්මනටම තවත් මේ වගේම කතාවක් අරන් එන්න අයියේ..
    All the best ayya❤️

    1. මනුකය වගේ තමයි මමත් මමත් හරි පෙරේතයි උම්මා වලට.. අනේ මන්දා මේවා දන්නේ සිත්මි අක්කා තමයි මම නම් දන්නෑ මේ කතාව ගැන මට තියෙන්නෙ ඔයාලා දාන කොමෙන්ට් වලට රිප්ලයි කරගෙන යන්න විතරයි ???. මනු කට මොනවා හරි උනොත් ඔන්න මම නෑ හොඳේ.. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගී තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. මායා black..

        බලන් යද්දි මෙතන ඉන්නේ උම්මා පෙරේතයෝ ටිකක්නේ? මන් නම් කෑම පෙරේතයෙක් ? එහෙනම් අයියට අභී වගේ උම්මා ගොඩාක් දෙන අමන්දා වගේ ලස්සන අක්කියෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ???
        Good morning ayye❤️

  6. අනේ…… මනුක ශොක් අනේ????…. අක්කි ඔයා කතාව ලියන විදිහට අපිව නිකන්ම ඇදිලා යනවා කතාවට අනේ ඒ තරම් ලස්සනට ලියලා තියනෝ…. අභිත් ශොක් අනේ… කරන වැඩ… “උම්මා පෙරේති” එකත් මරු නම අක්කි.. heeeeeee ???

    අනේ අක්කියෝ…. කතාව ගැන නම් කියන්න වචන නෑ අනේ… ඒ තරම්ට සුපිරිම සුපිරිරිරි….. ?????????
    මන් නම් මාර ආසාවෙන් කියවන්නෙ මේ කතාව… ඒ මනුක නිසා ? එයා ශොක් අනේ…. heeeeee…
    අක්කි ලියන විදිහත් ලස්සනම ලස්සනයි…. ?????
    අනේ ඉක්මන නම් ඉවර කරන්න එපා සුදු අක්කියෝ…දිගටම ඔනේ…

    අක්කියි අයියයි කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ??? ඒ වගේම අක්කිටයි අයියාටයි තව මේ වගේ ලස්සන කතා ගොඩාරියක් ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ????
    තෙරුවන් සරණයි අක්කි අයියා…
    හැමදාම සතුටින් ඉන්න ?????

    #All the best akki ❤️✌️#

    1. අභී වගේ උම්මා පෙරතියෝ මේකෙ ඉන්නවද.. ඉන්නවනම් පෝලිමේ එන්න බලන්ඩ..???

      අනේ අද නම් ලොකු කොමෙන්ට් එකක් ඇවිල්ල තියෙනව මේකටනම් ගොඩාක් ගොඩාක් ස්තුතියි.. ඇත්තටම සතුටුයි නංගියා මේ වගේ කොමෙන්ට් දකිද්දී මටත් සිත්මි අක්කටත් ඒක වචනවලින් කියන්න බැරි සතුටක්..

      කතාව නං තව දවස් හයකින් ඉවරයි නංගි අයියා ලියන එකක් තමයි ආයෙත් එන්නෙ සිත්මි අක්කාගෙන් එකක් නං ගන්න ටිකක් පරක්කු වේවි.. මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් නංගී

      1. මාත් පෙරේතයි උම්මා වලට …. ඔයාට දුක නැද්ද අනේ අපිව අඩවන්න….

      2. උම්මා වලට කවුද අනේ පෙරේත නැත්තේ.
        ඔයත් මරුකතා තමයි අහන්නේ අයියේ.

  7. කතාව ඉතින් වෙනදා වගේම ගොඩා…ක් ලස්සනයි අක්කියෝ ……. මේ කතාව ඉක්මනට ඉවරවුනාට ඉස්සරහට තව ලස්සන කතාවක් ඔනේ හරිද? ❤️❤️ good luck akki & ayya ???????
    Bs oyalata parissmen inn

    1. බොහොම ස්තූතියි nangiya ඉස්සරහට තව කතාවක් එන්න නම් ටිකක් පරක්කු වේවි හොදේ අයියයි අක්කයි දෙන්නම ගොඩක් බිසී මේ දවස් වල.. එතකන් අය්යගෙ හොල්මන් කතාව බලාගෙන ඉන්නකෝ. තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් නංගි ඔයාට

  8. Nirosha Lakmali

    අනේ කොච්චර පවුද මනුක. මෙච්චර මේ කෙල්ලට ආදරේ කරනවා. ඒත් ගෙදර අයට කෙල්ල ගැන කියලත් ඒ මිනිස්සු ගනන් අරන් නැනේ. තවත් සල්ලි කා⁣රයෙක්ට දුවව බන්දලා දෙන්න හදන්නෙ. මෙච්චර සල්ලි සල්ලි කිය කිය තමන්ගේ දරුවගේ ජිවිතෙත් විනාශ කරනවා මේ මිනිස්සු සැනසිමෙන් ඉන්නවද කියලා මට හිතෙනවා. දවසක්වත් සැනසීමෙන් නිදාගන්නවද මන්දා. ඒත් මේ කෙල්ල මොනවාහරි කපටි වැඩක් කරලා මනුක එක්කම ඉදි. ඒත් මේ මනුක ඇයි මෙහෙම කරන්නෙ. ඇයි කිසිම ආදරයක් නැති දෙමාපියන්ගෙන් කැමැත්ත අරන් මේ කෙල්ලව බදින්න හිතන්නෙ. ඇයි ඒ දේ නොවෙනවා කියලා මනුකට නොතේරෙන්නේ. හරිම දුකයි. මනුකගේ රූම් එකේ මේ ෆොටෝ නේද තියෙන්නෙ. අනේ ඉතුරු කොටස් කියවනකන් ඉවසිල්ලක් නැ. හදවතින්ම සුබ පතනවා අයියටයි සිත්මිටයි සියළුම පැතුම් ඉටුවේවා කියලා.
    All the best….

    1. හෙට ඉදල අනිවාරෙන්ම ඔයාම දේකටම උත්තර ලැබෙනවා නංගියෝ ඔයාට.. මනුක කියන්නේ අවංක කෙනෙක් ඒකයි දෙමවුපියන්ගේ හිත් රිද්දන්නේ නැතුව අභී එයාගෙ කරගන්න ට්‍රයි කරන්නේ.. ඉස්සරහට බලන්නකෝ අභී කියන්නේ කවුද කියලා ඕගොල්ලන්ට තේරේවි.. මනුකට වඩා ලොකු ගේමක් ගහනවා අභී බලන්නකෝ මොකද කියලා..

      මේ වගේ ආදරණීය දිග කොමින් දානවට බොහොමත්ම ස්තූතියි නංගියා ඇත්තටම හරි සතුටින් මෙම කොමෙන්ට් දකිද්දී ඔයා කියන කරන සෑම දෙයක්ම සාර්ථක වේවා ෙරුවන් සරණයි සුභ රාත්‍රියක් නංගී ඔයාට

  9. චතූ අක්කි ඔයාට කොහොමද දැන්….? ඔයාට ඉක්මනටම සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව අක්කිය….

    ඒ වගේම තමයි මෙ app එකේ අපි එක්කම ඉදපු දුල් අක්කිය දැන් සතියක් තිස්සේ ඉන්නෙ hospital එකේ.. පොඩි ඇක්සිඩන් එක්ක වෙලා.. අක්කියො ඔයාටත් ඉක්මනටම සුවය ලැබෙන්න කියලා මුලු හදවතින්ම මන් ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …..

    1. Thilini Navodya

      හද ගැහෙන රාවයේ රිද්මයයි නුඹ මගේ….❤️❤️❤️
      හෙලන හැම හුස්මකම ජීවයයි නුඹ මගේ…..❤️❤️❤️❤️
      හැම මොහොතක නැගෙන සිතිවිල්ල නුඹ මගේ….❤️❤️❤️
      දකින හැම දසුනකම නුඹ සිතුවමක් වගේ……❤️❤️❤️

      නුඹ නමින් හදවතේ උපන් පෙම
      සයුරකී…..❤️❤️❤️
      නුඹේ ඔය හසරැල්ල සයුරු රැළි
      දහරකී…….❤️❤️❤️
      හැගීම් අහසක් වගේ නුඹගෙ ගැන මං නොකී…..❤️❤️❤️
      නුඹ ගැනම සිත සිතා දුටු සිහින
      දහසකී……❤️❤️❤️

      මගෙ පාලු අහස් කුස එළිය කල
      සදවතිය…..❤️❤️❤️
      මගේ හද විල පිපුණු සුන්දර නෙළුම් මලිය….❤️❤️❤️
      හදවතේ දග කරන නුඹ මගේ
      සුරතලිය…..❤️❤️❤️
      දන්නවද රත්තරන් නුඹ මගේ පන නලය…..❤️❤️❤️

      1. Thilini Navodya

        සිත්මි අක්කි හැමදාම වගේ කතාව අදත් හරිම ලස්සනයි.හැමෝටම ආදරේ කරන්න පුළුවන් උනාට කෙනෙක්ව හොද කෙනෙක් කරන්න හැම ආදරේටම බෑ.
        මනුකගෙ ආදරේ ඒක කරා.මොන දේ උනත් අන්තිමේදී අභී මනුකගෙ මනුක අභීගෙ වෙයි කියල හිතනව.එහෙම නොවුනොත් අඩනව ඔයාව කදුලුවල ගිලෙන්නම.අක්කි ඔයාගෙයි උෂාන් අයියගෙයි හැම වැඩක්ම හරියන්න කියල හදවතින්ම සුභ පතනව…❤️???????

      2. Wow.. දෙයියනේ හරිම ලස්සනයි ඔයාගෙ පබැඳුමනම් ….කොහෙද දෙවියනේ මෙච්චරකල් හැන්ගිලා හිටියේ..?

      3. මායා black..

        ලස්ස්ස්ස්සනනාආආයියියියි…..??? මේ ඇප් එකේ හැමෝම වගේ මාර දක්ෂයිනේ බලන් යද්දී.. අක්කි මාරම ලස්සනයි අනේ..

      4. Ushan aiyya

        තිළිණි නංගී මං මොනවද අනේ මේ කවිවලට ලියන්නෙ හදවතට වදිනවා සුපිරියටම කොච්චර ලස්සන ගැළපීම් ද.. ඇත්තටම මට මාර සතුටුයි නංගී ඔයාලා වගේ දක්ෂ අයත් එක්ක මේම ඉන්න ලැබිච්ච එක ගැන.. කවදාවත් දැකලා නෑ කවදාවත් කතා කරල නෑ ඒත් මේ ලෙන්ගතුකම ඒ හැම දේකටම පරාදයි.. ඇත්තටම හරිම සතුටුයි නංගී..අයියට නං කවිවලින් රිප්ලයි කරන්න තරම් වෙලාවක් නෑ අයියගේ of එක දවසේ ඉතින් ට්‍රයි එකක් දෙන්නම්…ඇත්තටම ඕගොල්ලන් හරිම දක්ෂයි නංගි මට මාරම සතුටුයි කොච්චර ලස්සන කවි ලියන්න පුළුවන් නංගිලා සෙට් එකක්ද මේකෙ ඉන්නෙ ඔයාලගේ දක්ෂතාවය වැඩි වැඩියෙන් ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක් තෙරුවන් සරණයි ඔයාට මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි

    2. චතු නංගි නම් හොස්පිට්ල් එකේ මං හිතන්නෙ තාම උණ අඩු නෑ කියලා තමයි මේල් එකක් දාලා තිබ්බේ මට එයාට ඉක්මනටම හොඳ වේවි අනිවාර්යෙන්ම

      අනේ දුල් නංගි ට මොකද උනේ දන්නෙවත් නෑ නේ ලොකු ඇක්සිඩන් එකක් නෙමේ නේද එයාට ඉක්මනින් සුවය වෙන්නෙ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

      1. දුල් අක්කිව වෑන් එකක තමයි acsident වෙලා තින්නේ.. කකුල පොඩ්ඩක් damage වෙලා කියල තම කිව්වුනම්.Eth duka hithena aranchiyakuth thinawa. Mage akkiyata ikmanata hoda wei. E akki godak hoda kenek…..

        1. Hashini Navanjana.

          අනේ… දුල්ට මොනා වෙලාද… ඉක්මනින් සනීප වෙලා එන්න කෙල්ලේ…. බුදු සරණයි ????

          1. අපේ දුල් අක්කිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  10. අනේ ඇයි අනේ මෙහෙම දුකක්? එතකොට මනූටයි අභීටයි එකතු වෙන්න වෙන්නෙම නැති වෙයිද? එහෙම වුණොත් දුකයිනේ අප්පා……….. ඇඬෙනවනේ……….
    අද කාලේ සල්ලි පස්සේ දුවන අය හිතන්නෙම එයාලාගේ ලමයිනුත් සල්ලි තියන කොල්ලෙක්ම බැඳගෙන සල්ලි පස්සෙම යන්න ඕනේ කියලා. ඒත් එයාලාට තේරෙන්නේ නෑ සල්ලිම නෙවෙයි ජීවිතේ කියන්නේ කියලා. එයාලට එහෙම තේරෙනකොට වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා ඉවරයි. සුභ පතනවා නංගි හැමදාමත් අපි වෙනුවෙන් කතා ලියනවාට. අයියේ ඔයාටත් පින් කොච්චර වැඩ වුණත් අපේ කමෙන්ට් ඔක්කොටම රිප්ලයි කරනවාට. ඔයාලාට බුදු සරණයි.

    1. Ushan aiyya

      අනිවාර්යෙන්ම නං ගියා මං ඔයාගේ කොමෙන්ට් එකට එකඟයි අද කාලේ ජීවිතය ආදරේ කියන්නෙ සල්ලි සල්ලි වලට ඕනම බලු වැඩක් කරන්න ලෝකයක් අද තියෙන්නෙ ඒත් මනුක අභී වගේ කට්ටිය හිටියොත් ඒ දේවල් ඔක්කොම වෙනස් වෙනවා.. ජීවිතේ කියන්නෙ ඕක නංගියා..ඔයාලා මම වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා කමෙන්ට් දාද්දි මට ඒවට රිප්ලයි නොකර ඉන්න බෑනේ නංගි මාත් අනිවාර්යෙන්ම වටිනාකමක් දෙන්න ඕනේ ඉස්සරහ කොටස් වලින් බලාගන්න පුළුවන් මනූකට වෙනදේ.. තෙරුවන් සරණයි නංගී සුබ රාත්‍රියක් බෝම ස්තූතියි මේ ලෙන්ගතුකමට

  11. Buddhika subhashini

    ලස්සනයි අයියේ අදත් කතාව ??…good luck අයියා & අක්කි ?️?❤️??️❤️

    1. Ushan aiyya

      බොහොම ස්තූතියි නංගියා දැන් ඔයාට කොහොමද අනේ පරිස්සම් වෙන්න ගොඩාරියක් හොඳේ තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. Buddhika subhashini

        සෙම අයියේ ගොඩක් ..හරිම අමාරුයි උදේට..දැන් මාස 6 වෙනවා අයියේ ❤️❤️..පුතු පැටියෙක් කියලා doctor කිව්වා ..හරිම දගයෙක් ??.. ගොඩක් පරිස්සමෙන් ඉන්නවා අයියේ …තෙරුවන් සරණයි ඔයාට ?️?️?️

  12. Hashini Navanjana.

    අනේ අද නම් ශෝයී ම ශෝයී අක්කියෝ…. අභී…. අනේ එයා………. sooooo cute ???
    ආදරේ හිතෙන්නේ නැද්ද ඒ දග වැඩ වලට ඉතිම්… බීලා ඉන්න නිසා එයා කිසිම වැරදි අදහසකින් නෙවෙයිනේ ඒ දේවල් කරලා තියෙන්නේ…. මනුකගෙන් උම්මා ඉල්ලුව නිසාම හොඳයි ඉතිං… වෙන කොල්ලෙක් උනා නම්…………… ???

    ඔයා ගොඩාක් ලස්සනට ලියනවා සිත්මි අක්කි. ??? ඒත් ඉතිං දුකින් ඉන්නේ අපි. කතාව ඉක්මනින්ම ඉවර වෙන්න යන නිසා… ? ??
    අනික අක්කි මෙහේ නිසා දැන්ම කතාවක් ගන්න වෙන්නෙත් නෑ කියලා සුමී අයියා කිවුවනේ… ?
    ඒ නිසා අයියගෙන් ඕනි කතාවක්…. ???

    මට නම් හරිම තරහයි අප්පා අභීගෙ අම්මා තාත්තා එක්ක. එයාලා කෙල්ල ගැන බලන්නෙත් නෑ… වැරදි මාර්ගෙ යනකොට හරි මාර්ගෙට ගන්න උවමනාවකුත් තිබිලා නෑ. ඒත් අභී කවදා හරි මැරි කරන්න ඕනි කියන්නේ හොඳ සල්ලිකාරයෙක්ව. ඇත්තමයි පුදුම දෙමවුපියෝ. සල්ලි මත්තෙම නහින දරුවන් බිල්ලට දීලා හරි සල්ලිම විතරක් හොයන මේ වගේ අයත් අද කාලේ ඉන්නවා අක්කි. ඒ හැම පැත්තක් ගැනම ඔයා පෙන්නලා දෙනවා. ඒ වගේම ඒ දේවල් වලින් ලොකු ආදර්ශයක් ගේනවා…. ගොඩාක් පින් අක්කියෝ ඔයාට. මේ හැම දේකටම. ? ? ?

    ?අභී?

    උස අත්තක පිපුණු කැකුලකි නුඹ……..
    නෙලා ගන්නට අවැසි වුවත් නුඹ මට……..
    දහසක් බාදක බැදී ඇත එයට……..

    ඒ නමුත් මගේ හද ඉල්ලන්නේ නුබම පමණක් නම්
    මා කුමක් කරන්නද…….

    කෙදිනක හෝ මා පතනා ලෙසට…….
    නොලැබුනොත් කිසිදිනක නුඹ මට…….
    ඉන්නම් සදා මා තනිකඩව…….
    නුඹ නමින් ලියූ ආදරේ සමගම……..

    ?මනුක?

    1. අනෙ ගොඩක් ලස්සනයි හෂී… කො අන්නේ රෝස බෝලේ… මන් මතක් කලා කියන්න…???????????????????මේ ටික සදු පුන්චි දුන්නා කියන්න රෝස බෝලේට…..

      1. Hashini Navanjana.

        තෑන්ක්ස් පැට්ටී… ??? ඔන්න මං ඔක්කොම උම්මා ටික දුන්නා රෝස බෝලෙට. සදු පුංචි දුන්නා කියලා… ?

    2. Ushan aiyya

      මේ ඉන්නේ අපේ අනිත් වැඩ්ඩී..මොනව ලියන්නද මොනව කියන්නද මං මේ කොමෙන්ට් එකට එච්චරටම ආදරණීයයි මටනම් තේරෙන්නේ මේ කොමෙන්ට් වලට මං රිප්ලයි කරන්නේ මොනවද කියලවත්.. මෙච්චර ලස්සනයි එච්චර ලෙන්ගතුයි

      අනේ ඉතිං අයියා පව් නැද්ද හෝ ල්මන් කතාවකුත් දැම්මානේ.. අයියාගේ ඇත්ත ජීවිතය ගැන කෙටි කතාවක් දාන්නම් කොටස් දෙක තුනක වගේ හැබැයි අයියගේ ඇත්ත ජීවිත කතාව උනාට ඒක මම ලියන්නේ කෙල්ලෙක් කියන විදියට තව දවස් තුනක් අතරකින් අප්ලෝඩ් කරන්නම් කෝ

      කවිය නං හරිම ලස්සනයි නංගියේ ඒ පදවැල් පට්ට විදියට ගලපලා තියෙනවා ඔයා ඉතිං කෝමත් දක්ෂ කෙනෙක් නේ ඉක්මනටම කතාවකුත් දෙන්න ඕනේ ෙරුවන් සරණයි අපේ රෝස බෝලේ මතක් කරා කියන්න සුබ රාත්‍රියක් ඔයාට

      1. Hashini Navanjana.

        තෑන්ක්ස් අයියේ… ??? ඔන්න මං එයාට කිවුවා මතක් කරා කියලා. මේ ඉන්නේ උදෙන්ම ඇහැරිලා සෙල්ලම් කර කර. ? කලින් දාපු රිප්ලයි එක පහලින් වැටිලා තියෙන්නේ… සොරී…

  13. ම්ම්ම්ම්ම් කතාව ගැන මොනාද අයියේ කියන්නේ…? ආදරයක් ලගදි කසාදයක් ලගදි සල්ලි ඉස්සර වෙනව කියන්නෙ එතන කිසිම හැගීමක් නෑ. සල්ලි නිසා ඇති වෙන බැදීම් වලට පැවැත්මක් නෑ. පැවතුනත් සාර්ථක නෑ. ඒ දේ ඇයි මේ සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි…? ????
    සල්ලි වලට වහ වැටිල තමන්ට වටිනම දේවල් නැති කරගන්න මිනිස්සු සල්ලි නිසා බොරු ආදරයක් පෙන්නන මිනිස්සු ඉන්න මේ ලෝකෙ ට මනුක වගෙ මිනිස්සු ආශිර්වාදයක්. සිත්මි අක්කියො ඔයා ගොඩාරියක් දක්ෂයි මගෙ අක්කියෝ… I LOVE YOU SOOOOOOOO MUCH ??

    අද මගෙ Prasantetion එක complete කලේ අයියේ.
    ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි අයියේ හොද මාතෘකාවක් තෝරල දුන්නට. ඒ වගෙමයි දුල් අක්කියො ඔයාටත් ගොඩක් ස්තූතියි hospital එකේ ඉදියත් ඔයා මට ගොඩක් වටින තොරතුරු හොයල දුන්න. ඒ වගේම අක්කියො ඔයාගෙ sirtath මන් ස්තූතියි කිවුව කියන්න. මට හොදටම විස්වාසයි මේ පාර මට හොද marks ලැබෙයි කියල.ආයෙම පාරක් ඔයාල් දෙන්නටම ගොඩාරියක් ස්තූතිය.සිත්මි අක්කි ඔයාත්, මිතූ අයියෙ ඔයත් , දුල් අක්කි ඔයත් පරිස්සමට සතුටින් ඉන්න හොදේ . බුදුසරනයි…??????

    1. මායා black..

      අක්කිට ලකුනු ගොඩාක් ලැබෙන්න කියලා මාත් සුබ පතනවා.. all the best❤️??

    2. Ushan aiyya

      අනිවාර්යෙන්ම නංගියා අද කාලේ සල්ලි මත්තෙම හැමෝම නැවෙන්නේ.. ජීවිතයේ මොකක්ද ජීවත්වෙන්න ඕනෙ කොහොමද ඉන්න ඕනේ කොහොමද කියලා කවුරුත් දන්නෑ ඒකයි අද හැමෝටම වැරදිලා තියෙන්නේ.. ඔයාගේ කොමෙන්ට් එකට මං අනිවාර්යයෙන්ම එකගයි nangiya.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තුතියි

      අනේ මට ස්තුති කරන්න එපා නංගියා මං ඔයාට උදව්වක් කරේ ඔයාගේ දක්ෂතාවය ඔයා ඒක තෝරගෙන ඔයයි හොඳට වැඩ කරන්නේ ඉතිං.. මං සුබ පතනවා හැමදෙයක්ම හොඳින් සාර්ථක වෙන්න කියලා… දුල් නංගිට ඉක්මනින්ම honda වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු එයා ගොඩක් හොද නංගි කෙනෙක් තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් නංගි ඔයාට

      1. Thanks aiya. ස්තූතියි කරන්න ඕනි යට එ විදිහටම ඒ දේ දෙන්න ඕනි .. මාත් ප්‍රාර්ථනා කරනවා අයියෙ දුල් අක්කිට ඉක්මනටම හොද වෙන කියලා…..

      2. Hashini Navanjana.

        තෑන්ක්ස් අයියේ… ??? ඔන්න මං එයාට කිවුවා… මේ ඉන්නේ උදෙන්ම ඇහැරිලා සෙල්ලම් කර කර. ?

    3. Hashini Navanjana.

      ඔයාට best marks ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සදූ…. ???

      1. Hashini Navanjana.

        ඒ වගේම චතූ අක්කියට, දුල්ට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.