Katha Ahura

පින්වන්ති මා – 24 වෙනි දිගහැරුම

5/5 - (6 votes)

පින්වන්ති මා

24 කොටස

” අයියේ …..”

” ම්ම්ම්…”

” මාත් දෙයක් කියන්නද….”

” කියන්න අභී ….”

මම අයියගේ පැත්තට හැරිලා අයියගේ ඔළුව උඩින් මගේ දකුණු අත තියා ගත්තා .

ඒත් අයියා මම කරන්න යන දේ දැනගෙන වගේ මගේ අත් එයාගේ හිස උඩින් ඉවත් කරා.

” අයියේ ….අහන්න …..

ඔයාට අයිතියක් නෑ මානව නීති රීති උල්ලංඝනය කරන්න …. ”

” අභී ….පණ්ඩිත කෙල්ලේ…..

එපාර මට නීතිය උගන්නලා මගේ ජොබ් එකටත් විදින්න වගේ මේකි හදන්නේ …..”

මම ආයෙත් අයියගේ හිස උඩින් මගේ අත තිව්වා .ඒ සැරේ නම් අයියා මට විරුද්ධ වුණේ නෑ .

” මගේ අයියා පණ…ඔයා වගේම මාත් පොරොන්දු වෙනවා ….

කවදාවත් වෙන කෙනෙක්ව බඳින්නේ නෑ ….

මට හැමදාටම ඕන ඔයාව විතරයි ….”

” මැණික මම නිසා ඔයාගේ ලස්සන හීන… ජීවිතේ විඳින්න ඕන කාලෙ නැති කර ගන්න එපා….

අම්මලා කියන දෙයකට කැමති වෙන්න බබා ….”

” නැහැ අයියේ ….

ඒක කවදාවත් වෙන්නේ නෑ ඔයා කොහොම කිව්වත්….

ඔයා නොදන්නවා උනාට සමහර විට ඔයාටත් වඩා මම ඔයාට ආදරේ කරනවා ඇති ….”

” මම ඒක දන්නවා අභී …..

මට ඒක ගොඩක් දැනුණා ….

ඒත් මම හැමදාමත් ඒ බව නොදන්නවා වගේ හිටියේ ඔයාගේ හිතට බොරු බලාපොරොත්තු දෙන්න බැරි නිසා …..

ඒත් ඔයා ඒක කියන තැනටම මාව ගොඩක් අසරණ කරා නංගි ….”

” මං කියන්නද අයියේ වැඩක් ….”

” ම්ම්ම්…කියන්නකෝ….”

” අපි දෙන්නා හැමදාම මෙහෙම ඉමු…. කසාද බඳින්න ඕන නෑ ….”

” අපොයි ආච්චියේ …..

එතකොට අපි දෙන්නට ළමයෙක් හදන්න වෙන්නේ නෑනේ ….”

” මෙහෙම ඉඳන් හදමුකෝ ඉතින් . ”

” මේකි නම් මොකෙක්ද මන්දා ….තාම ළදරු අවධියේ බං ඉන්නේ උඹ ….”

” ඇයි ඒ….”

” ඇයි යෝදියේ …

ළමයගේ උප්පැන්න සහතිකේ මව්පියන් විවාහකද කියලා අහලා තියෙන තැනට දාන්නේ එතකොට නෑ කියලද… ”

” එහෙමත් එකක් තියෙද අයියේ ….”

” ඔව් මැට්ටියේ …

ඊට වඩා ලේසියි උඹ මගේ ගෑණිත් වෙයන්…. ළමයත් වෙයන් .

මම උඹවම හුරතල් කර කර ඉන්නම් හැමදාම .. …. ”

කොච්චර දුක හිතෙන දේවල් තිබුණත්, අම්මලාගේ කැමැත්ත ගන්න පුළුවන් වෙයිද කියන බය තිබුණත්,ඒ හැම දෙයක්ම අමතක කරලා මම අයියත් එක්ක ඉන්න හැම මොහොතකම සතුටින් ඉන්න උත්සාහ කරා.

” අයියේ ….”

” ම්ම්ම්ම්..එපාර මොකද ….”

” මාව හුරතල් කරන්නකෝ ටිකක්…..”

” අපොයි මේකි නම් දැන් හොඳ ගානකට ඇවිත් ….”

” අනේ……ප්ලීස් ….”

එහෙම කියලා මම අයියගේ පපුව උඩින් ආයෙත් මගේ හිස තියා ගත්තා .

” අභී .. ..
දන්නවද අපි දෙන්නා මෙතන පැය කීයක් හිටියද කියලා …..”

” ම්ම්හු…මතකයක් නෑ අයියේ ….”

” හවස නේද අපි දෙන්නා රණ්ඩු වෙවී මෙතෙන්ට ආවේ …..

දැන් රෑ අටත් පහු වෙලා අභී ….”

” එච්චර වෙලාද අයියේ …..”

” ම්ම්ම්ම්…කොහෙද ඉතින් මේකි හුරතල් වෙනවනේ….

වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ මට….”

” ඉතින් ඔයා ඇයි එහෙනම් මාව හුරතල් කලේ….ගොන් අලියා ඔයා…..”

” බුම්මගෙන හිටියනේ මට ….

කී පාරක් නම් කියලා මේ අහිංසකයට ඔරව ඔරව හිටියද….
ඒ මදිවට ගස්සන ගැස්සිල්ල…..

හුරතල් කරන්නම වුණා ඉතින් ශේප් කර ගන්න….”

” ඉතින් මම ආදරේටනේ එහෙම කරේ….”

” අම්මේ මේකි පාන් නැතුවම බටර් ගානවා…

ඇයි වදේ ආදරේට එහෙමත් ගස්සනවද…”

” නරකයා…ඔයා ගොන් වස්සා….”

” ඈ බන් කෙල්ලේ උඹ කැළෑ ඉස්කෝලේකටද ගියේ …..”

” ඇයි ඒ….”

” නෑ ඉතින් ඉස්සෙල්ලා ගොන් අලියා කිව්වා … දැන් ගොන් වස්සා කිව්වා ….

උඹ දන්නේ අමුතු ජාතියේ ගොන්නු වගයක්නේ බං…”

” අනේ තරහයි මෝඩ වඳුරා ….”

” අර අර බොරුද මම කිව්වේ ….”

” හරි හරි ඉවරයි කියලා ….”

මම එහෙම කියලා අයියගේ කම්මුලක් සිප ගත්තා .

මේ විදියේ ආදරණීය සිප ගැනීමක් ඇරෙන්න මමවත් අයියවත් අපේ සීමාවන් ඉක්මවලා ගියේ නෑ .

ඒ තරමටම අයියා මාව පරිස්සම් කරා.

සමහර වෙලාවල් වලදි සිප ගැනීම් වැළඳ ගැනීම් වලට මම අනුබල දෙද්දිත් අයියා හරි පරිස්සමට ඒවා මග ඇරලා එයාගේ සීමාවේ හිටියා .

මේ තරම් උත්තරීතර බෝසත් චරිතයක් මට අහිමි කර ගන්න බෑ .

මම පින් කරලා තියේනම් කවදම හරි දවසක අයියව මටම ලැබේවි කියලා මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණා .

” අභී ….යමු කන්න …”

” හා අයියේ …ඒත්…”

” ඒපාර මොකද ….මේ කෙල්ල කට ඇරියත් මට බයයි වගේ….”

” ඇයි ඒ…..”

” ඇයි කියලා අහන්නේ …..

මාව අමාරුවෙ දාන ඉල්ලීම් විතරනේ මේ කෙල්ලට තියෙන්නේ ….”

” නෑ අනේ….මං එහෙම නෑ ….
මං හරි හොඳයි….”

” අම්මේ….මේ අවුරුදු එකහ මාරක් තිස්සේ මම දකිනවනේ මේ කෙල්ලගේ හොඳ …..”

” හා බොරු ද ඉතින් ….මං හොඳ නැද්ද …”

” බොරු නෙමෙයි මැණික …..

ඇත්තටම ඔයා ගොඩක් වෙනස් වෙලා ….

මං තරම් හදවතින්ම සතුටු වෙන කෙනෙක් නෑ ඔයාගේ මේ වෙනස් වීමත් එක්ක …..”

මම අයියගේ කම්මුලක් නැවතත් සිප ගත්තා .”

” ආදරෙයි මගේ අයියට….”

” මාත් ආදරෙයි මගේ දඟ මල්ලට….”

මායි අයියයි කෑම මේසෙට ආවේ රෑට කන්න . උදෙයි දවාලෙයි දෙකේම මම කෑවෙ තනියම .

අයියට මාත් එක්ක කන්න වෙලාවක් තිබුණෙම නෑ .මොකක් නමුත් ලොකු වැඩකයි අද දවසෙම එයා හිටියේ .

සැරින් සැරේට කෝල් ආවා .යාළුවෝ ගෙදර ආවා .

ඒත් අයියා මට ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නෑ .කෑම කන අතරෙත් අයියට කෝල් එකක් ආවා .

අයියා හිටියේ මට බත් කවන ගමන් නිසා එයාට කෑම මේසෙන් නැගිටලා යන්න විදියක් තිබුණේ නෑ .

ඒ නිසාම එයා මාත් ළඟ ඉද්දිම කෝල් එකට උත්තර දුන්නා .

” 11.45ට වරෙන් බං…උඹලාට හරියටම පැයයි දෙන්නේ ….

ඊට වඩා නම් ඉඳලා උඹලා මාව අමාරුවේ දාන්න එපා…..

අද මගේ දවස….හරි හරි ඒවා ඔක්කොම උඹලාට ක්ලබ් එකේ සෙට් කරලා තියෙන්නේ ….

මොකද මම හිටියා කියලා වැඩක් නෑනේ එතන….

හරි බං….කට වහගෙන තියපන්…. වෙලාවට වරෙන් ඈ….”

අයියට ආපු කෝල් එක ගැන හිතන්න උත්සාහ කරත් මගේ මෝඩ මොලේට ඒ ගැන පොඩිම වත් ඉඟියක් තේරුම් ගන්න බැරි වුණා .

අයියා කාටද එන්න කිව්වේ ….. ක්ලබ් එකේ කතා….
අනේ මන්දා….

ඕවා හිතුවොත් මට මොන්ගල් වෙනවා .

” අභී ….”

” ම්ම්ම්ම්……”

” ඔයා ගිහින් නිදා ගන්න හොඳේ …. මට පොඩි වැඩක් තියෙනවා …..

මන් ඉක්මනට එන්නම් ..”

” අනේ අයියේ …..”

” අද විතරක් දෙන්න බබා ….ප්ලීස් මැණික …..”

හිතට පුංචි දුකක් දැනුනත් අයියා ඒක කියපු විදියට බනින්න වත් හිතුණේ නෑ මට.

මම කාමරේට ඇවිත් ඇඳුමකුත් මාරු කරගෙන නිදා ගත්තේ දවල් වත් මම නිදා ගත්තේ නැති නිසා .

ටික වෙලාවකින් අයියා ආවා කාමරේට .මම ඉතින් සුපුරුදු විදියටම මගේ රඟපෑම පටන් ගත්තා .

ශීට් එකත් මගේ ඇඟ වැහෙන්න දාලා අයියා මගේ නලල සිප ගත්තා .

ඊට පස්සේ අත් දෙකෙන්ම මාව ඔසවලා වගේ අරගෙන වෙනදා වගේම මගේ හිස එයාගේ පපුව උඩින් තියාගෙන මාව තුරුල් කර ගත්තා .

මේ තරම් ආදරයක් මට දෙද්දිත් මම කොහොමද මගේ අයියව දාලා යන්නේ .

අම්මලාගේ කැමැත්ත මම කොහොම හරි ලබා ගන්නවා.

මගේ අයියා වෙනුවෙන් …මගේ ආදරේ වෙනුවෙන් …

101 thoughts on “පින්වන්ති මා – 24 වෙනි දිගහැරුම”

    1. Ruwanthi Lakshani

      දිවුරා එදා කීවා ඔබ මගේ බව ….
      සැමදා හුරතල් වූවා මා ඔබ සමග….
      ජීවිතයේ පාඩම කියාලා දුන්නේ ඔබ….
      ඒ සියල්ල කිසිදා අමතක නොවේ මට…
      ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
      පෙර දා ඔබ මගෙ දිවියම වෙනස් කලා….
      කෙලිලොල් දිවිය ඔබ හින්දා මා අතෑරියා…
      ජීවිතයේ හැමදේටම ලග සිටියා…
      කෙතරමි බාධා ආවත් හැර නොයමී කිසිදා…
      ?????????????

      1. Ruwanthi Lakshani

        සුපිරි සුමි අයියේ කතාව..?????? අනේ ඔයා හොදම තැනින් නවත්තලා තියෙන්නේ දැන් දෙන්නේ දෙකක් ?????????
        අනික පොඩි කොටසක් දීලා තියෙන්නේ. ??????? ඒකට කමක් නෑ ඔන්න හෙට නම් දිග කොටසක් ඕන හොදේ…?????? ඔයාට හදවතින්ම සුභ පතනවා සුමි අයියේ…❤❤❤❤❤❤❤ බුදුසරණයි…??????

        1. Ushan aiyya

          මේ දාලා තියෙන්නෙ ආදරණීය කවි පද වැල් ටික..ඇත්තටම හරිම ලස්සනයි නන්ගියේ මම දෙයක් කියන්නම් ඒක අනිවාර්යෙන්ම කියන්න ඕනේ මට ආයෙත් සින්දුවක් ආවොත් මං ඔයා ලියල තියන ඒවගෙන් වචන හොරකම් කරනවා කමක් නෑ නේද.. ඒ තරම් ලස්සන වචන ටිකක් තියෙන්නේ..හොරකම් කරනව නෙවෙයි මට නේ ලියන්න ඉතින් මට ගන්න සම්පූර්ණ අයිතියක් තියෙනවනෙ ???? aththatama harima lassanai nangiye දරණීය ගැලපීමක් කිසිම අඩු පාඩුවක් නෑ ඔයා නම් ඇත්තටම දක්ෂයි අති සාර්ථක වෙන්න කියලා ලස්සනට ලියන්න තවත් ධෛර්යය ලැබෙන්න මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

          ඔන්න මට ගාලා ලියන්න සිත්මිට තමයි ගන්න ඕන මම තමයි චුට්ටක් එහෙයින් මේ වෙනස්කරලා වැඩි කරල දාල තියෙන්නෙ.. ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තුතියි නම් ගියා හැමදාම මට ලොකු ශක්තියක් කියන කරන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් ඔයාගේ දක්ෂ තාවට කියන්න මට වචන නෑ

          1. Ruwanthi Lakshani

            තැන්කූ උෂාන් අයියේ.. අනේ ශෝයි නෙ. ?????? මගෙන් කිසිම අවුලක් නෑ. ඔයා ඕන තරම් වචන ගන්න…⚘⚘⚘⚘⚘ මට ගොඩක් සතුටුයි අයියේ.. ????

          2. Ruwanthi Lakshani

            ඇත්තද චූටි මල්ලි. ඒකත් මරු හොදේ… ????? අපෝ සුමි අයියා සීයා කෙනෙක් නේද….

        2. අදත් ගොඩක් ලස්සනයි ඔයාගෙ නිසදැස… හැමදාමත් මේ වගේ ලස්සන පද වැල් කියවන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ….??????

      2. Hashini Navanjana.

        හරිම ලස්සනයි රුවී… ??? අනේ කතාවක් ලියන්නකෝ කෙල්ලේ ඔයත්…

        1. Ruwanthi Lakshani

          අනිවාර්යයෙන්ම නංගා tryඑකක් දාලා බලමුකෝ… තැන්කූ….????

        2. Ruwanthi Lakshani

          අනිවාර්යයෙන්ම නංගා try එකක් දාලා බලමුකෝ.. තැන්කූ හසී…❤❤❤❤

          1. Ashka Rashmi

            හනේ….මාත් 97 ..මේකෙ ඉන්න ගොඩක් අය ඒ කියන්නෙ 97 ද? ඔයාගෙ පදවැල් නං හැමදාමත් වගේ සුපිරි අනේ…ඔයත් කතාවක් ලියන්න ට්‍රයි කරන්න…ඔයාට අමාරු වෙන එකක් නෑ ඒක…all the best dr???

          2. Hashini Navanjana.

            එහෙනම් කමක් නෑ රුවී කිවුවට… මාත් 97 නේ… ආශ්කා කියන කතාව නම් ඇත්තම තමයි. ගොඩක් ඉන්නේ 97 අය. ඔන්න අපේ සෙට් එක තමයි වැඩිම… සුමී අයියේ… වැරදි වැඩ කරලා බෙරෙන්න නම් බැරි වෙයි… ( මං මේ කිවුවේ චූටි කොටස් දාන එක, අපිව අඩවන සීන් දෙන එක එහෙම ?)

          3. Ruwanthi Lakshani

            තැන්කූ හැමෝටම….අයියෝ මං ඔයාට හැමදාම අක්කි කිව්වා අශ්කා sorry ….පැට්ටෝ…???

          4. ඒ කියන්නේ මං ඔයාලා ඔක්කොගෙම චූටි මල්ලි මම 2018 වාව් ඒකනම් පට්ට ඔයාලා ඔක්කොම මට චූටි මල්ලි කියන්න ?????️?️

  1. Ane adha mamadha appa first comment eka dala thiyenne wow eka nm niyamai akki oya nisa mn velawata wada karannath igena gaththa. Matath asa hithuna comment ekk dala first wenna ekath hri .kathawa nm ithin kohomath lassanaine ekane api hamadhama 6.00 wenakm balan inne. Akki aiyya dennatama wish karanawa hamadhema sarthaka wanna kiyala.?all the best akki and aiyya. BUDUSARANAI.

    1. Ushan aiyya

      Wow ehemda onna Akka nam na akkge aiyya thama inne ithin Akka dakinawa me comments eka nam sathutak welawata wada karana ekata nam ow Ada oya win paw ape daga set eka agiya athaka na hehe thank you so much nangiya budusaranyi oyata good night

    1. Ushan aiyya

      Ba ba comments eka diga Madi abhi umma perethi manuka comments pereteyek kiyala danne nadda .. thank you so much nangiya budusaranyi oyata good night

  2. ඔයාලා දෙන්නම ගොඩක්ම දක්ශයි.කතාව කියවනකොට එවා මැවීලා පේනවා .ඔයාලා දෙන්නටම මං සුබ පතනවා ලගදිම ඔයාලා ගෙම පොතක් එලි දක්වන්න ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා කියලා

    1. බොහොමත්ම ස්තූතියි නංගියාමේ ලෙන්ගතුකම හැමදාම කතාව බලලා මේ වගේ කොමෙන්ට් කරන්න.. තෙරුවන් සරණයි ඔයාටත් සුබ රාත්‍රියක්

  3. Buddhika subhashini

    අනේ මරු කතාව අයියේ ??? .good luck අයියා & අක්කි ❤️?❤️?❤️?❤️?❤️?

  4. Buddhika subhashini

    වෙනදා වගේම අදත් කතාව ගොඩක් ලස්සනයි අයියේ ??? .good luck අයියා & අක්කි ❤️?❤️?❤️?❤️?❤️?

    1. බොහොම ස්තූතියි nangiya ෙරුවන් සරණයි ඔයාට ගොඩක් පරිස්සමෙන් ඉන්න සුබ රාත්‍රියක් ??????

  5. Ashka Rashmi

    ආහා…මනුක හදන්නෙ මොකාක් හරි හොර වැඩක් කරන්න…මට හිතෙන්නෙ ඒ අභීගෙ birthday එකට වගේ ලෑස්ති වෙන්නෙ …අර රෑ 11.45 කියනවා ඇහුනෙ….ඔව් ඔව්..ශුවර් ඇන්ඩ් ශොට්…ඒකම තමා…මනුක හදන්නෙ අභීව සර්ප්‍රයිස් කරන්න …හනේ කතාව හරිම ආදරණීයයි අනේ….අභීගෙ දෙමව්පියො නම් කියලා වැඩක් නෑ…මෙච්චර දවසක් කෙල්ල පිට ඉන්නවා ඒ මිනිස්සුන්ට ගානක් වත් නෑ…අද කාලෙ සල්ලිකාර දෙමව්පියො ගොඩක් අය එහෙම තමා….දුප්පත් දෙමව්පියො ඒ අයගෙ දරුවන්ව කොච්චර පරිස්සම් කරනවද,රැක ගන්නවද,ආදරේ කරනවද….ඒත් ඒ ආදරය කරුණාව රැකවරණය සල්ලිකාර පවුල්වල ඇත්තෙ නෑ…එයාලා හිතන් ඉන්නෙ හැම මාසෙම ලමයගෙ account එකට වැටෙන සල්ලි ඒ ලමයව බලාගනී කියලා….ඒත් ඒ උගත් මෝඩයො දන්නෑ ඒවලින් ලමයි දෙමව්පියන් ගෙන් ඈත් වෙනවා වගේම යන්න තෝරගන්නෙ වැරදි පාරවල් කියලා…..අන්තිමට ඒවා දැනගනිද්දි ලමයට වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා..ඒ අතින් බලද්දි මං ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක්…මට ඉන්නෙ ගොඩාක් ආදරණීය දෙමව්පියො ..ආදරණීය ලස්සන පවුලක් තියෙන එක ඇත්තටම මට ආඩම්බරයි..

    මේ කතාවෙ නම මේ කතාවට 100% ක්ම ගැලපෙනවා.මනුක වගේ කොල්ලෙක් ජීවිතේට ලැබිච්ච එකට අභී ඇත්තටම වාසනාවන්ත පින්වන්ත කෙල්ලෙක්….මෙහෙම කොල්ලො අද සමාජයේ ඉන්නවනං ඉන්නෙ ඒ අතේ ඇගිලි ගානට වෙන්නැති…ඒත් මේ කතාව කියවලා එක කොල්ලෙක් හරි ජීවිතේ හදාගන්නවනං…එක අම්මා කෙනෙක් වෙන්න ඉන්න තාත්තා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් අනාගතය ගැන හරි තීරණ ගන්නවනං ඒක තමා වෙන්න ඕන අවශ්‍යම දේ….මේ කතාවෙන් රසාස්වාදනය විතරක් නැතුව ජීවිතේ ලස්සන කරගන්න පුලුවන් යහපත් ආදර්ශ එකතු කරගන්න උත්සාහ කරන්න…ඒක තමා සිත්මි අක්කිත් උශාන් අයියත් බලාපොරොත්තු වෙන දේ…

    කතාවට ලස්සන අවසානයක් දෙන්න අක්කි…මොකද අපි හැමෝගෙම බලාපොරොත්තුව ඒක තමා….ඒ බලාපොරොත්තුව ඉශ්ට කරන්න…අද නං නිසදැස් ලියන්න බෑ හොදේ…දැන් ඉන්නෙ කලබල මානසිකත්වයෙන්…අද මැච් එකනෙ…? හම්මේ කාලෙකට පස්සෙ අපේ සිංහ පැටවු 300 පැන්නුවා…???️?️ අද ඉතින් රෑට නින්ද යන්නෙත් නැතිවෙයි…උශාන් අයියට නං මැච් බල බල ඉන්ඩ බෑනෙ…?? ඔයාලා දෙන්නාගෙම වැඩ හොදට කරගන්න හොදේ…දෙන්නටම සුභ පතනවා…බුදු සරණයි❤️❤️ සුභ රාත්‍රියක්???

    1. ඔයා කතා කරන විදිහට කියන කරන දේවල් වලින් හිතාගන්න පුළුවන් ඔයාට ලස්සන ආදරණීය පැමිලි එකක් තියෙන එක්කෙනෙක් කියලා..

      ඔයා අනුමානය කරපු දේවල් වැරදුනේ කවදද ඔයා ඉතින් දක්ෂ කෙනෙක් .. අනිවාර්යෙන්ම ඒ දේ වේවි ඒත් අනිද්දා ඉදලා කතාව එහෙම් පිටින්ම අනිත් පැත්ත ගැහේවි..ඔන්න ඒකට නම් මාව අල්ල ගන්න එපා සිත්මි අල්ලාගෙන එයාට හොඳටම බනින්න අනිද්දා ඉදලා මම මේ පැත්ත පළාතේ එන්නේ නැහැ ගොඩක් බිසී ඒ දවස් 3 ????

      මනුකළ වගේ අය ඉන්නවා නංගි අද ආදරේ කියන්නෙ වෙන්දේසියක් සල්ලිවලට විකිනෙන්.. මම හරි නේද

      ඔව් නංගියා මං කෙටි කතාවක් ලියලා ඉවරයි දැන් ඒ වගේ අඩුපාඩු බලනවා මේක ඇවිල්ල මගේ ජීවිත කතාවක්.. හැබැයි ඒක මම තියෙන විදියට ලියන්න බැරි නිසා මම කෙල්ලෙක් කියන විදියට තමයි ලියන්න.. ඒකෙ ගොඩක්ම තියෙන්න ඇත්ත ඕගොල්ලන්ට ආදරෙන් බලන්න ඕනේ නිසා එහෙන් මෙහෙන් මනංකල්පිත ඒව ටිකක් දාලා තියනවා
      බලන්නකෝ අයියා ගැන ගොඩක් දේවල් එකෙන් දැනගන්න පුළුවන්.

      මාත් මැච් එක බලනවා ඉතින් වැඩ කරන ගමන් ටයිම් එක අවුල්.. අදත් අපේ සිංහ පැටව් කාවි වගේ..මේ ලෙංගතුකමට බොහෝමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න එන්න කෝ new Zealand මං දෙන්නං එකක් හදලා රසම රස කේක් එකක් සුබ රාත්‍රියක් නංගි

  6. මායා black..

    මොකක් හරි දෙයක් තියෙනවා ?මනුකගේ birthday එකද?? මන් කියන ගොන් කතා ගනන් ගන්න එපා හොදේ?..

    හරීම ආදරණීයයි අනේ❤️.. මට මනුක ගැන ආදරේ හිතුනා?? ඒත් මනුක අභීගෙනේ..??
    මනුකගේ ආදරේ හරිම වෙනස් නේද අයියේ. එයා කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ආදරේ කරන්නේ.. එයා අභී ලඟ එයාගේ හැඟීම් පාලනය කරන් ඉන්න විදිහ අනේ ශෝයි අය්යේ..?

    සිත්මි අක්කි හිතන විදිහ හරිම වෙනස්.. මන් එයා හිතන විදිහට ආසයි.. එයාගේ හැම කතාවකින්ම එයා සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. හැමෝම ඒ විදිහට හිතනවා නම් මේ ලෝකේ අද කොච්චර ලස්සනයිද??

    අක්කිටයි අයියටයි මගේ ගානින් චොකො මෙන්න බෙදාගෙන කන්න හරිද ???

    ඉතින් අදත් කතාව ලස්සනයි.. අක්කිගෙයි අය්යගෙයි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි දෙන්නටම ගොඩාක්ක්ක්….❤️❤️
    All the best?

      1. අයියෝ බන් මායාවි එකේ අර මැරුන කොල්ල ගැන හිතුවා…. දැන් මනුක ගැන හිතනවා….. ලැබෙන්නෙ නැති අය ගැනම හිතන්නෙ ඇයි වදේ…….??????

        1. මායා black..

          ජොලියට ඉතින්? ලැබෙන්නේ නෑ කියලා දන්න හින්දනේ මන් මේ විකාර කියවන්නේ??❤️

          1. ඒක මරු බන්…??????
            මනුක වගෙ හොද අර boy වගේ handsome කොල්ලෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හොදේ පැටියෝ….

          2. මායා black..

            Hee අක්කි දැන් නම් මට ඒ ප්‍රාර්ථනාවට වඩා වටින්නේ exam ගොඩ දා ගන්න කියන ප්‍රාර්ථනාව තමයි??

    1. මනුක ගේ birthday එක නම් නෙවෙයි ඊට වඩා එයා සීන් එකක් වෙන්නේ බලන්නකෝ ඔන්න මට බනින්න බෑ සීන් එක දැනගත්තට පස්සේ..

      ඔව් ඉතින් අයියා හිතන විදිහට නංගිත් හිතන්න එපැයි නේද.. හැබැයි ඉතිං එයාට අයියා අමතක වෙලා තියෙන්නේ දැන් මැරි කරන්න යනවනේ….

      චොකලට් දීලා නම් මෙ අයියා දැලේ දාගන්න බැරි වෙයි නංගියෝ.. අයියා දැලේ දාගන්න තියෙන්නේ එකම දෙයයි මෙන්න මේ වගේ දිග komit දෙන්න… බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  7. අභීගෙ උපන්දිනේද… මනුක හදන්නේ අභීව surprise කරන්න නේද අයියේ.. මොනා නැතහ් මනුක කරන දෙයක් කරන්නෙ අභී වෙනුවෙන් වෙන්න ඕනි…

    කතාවනම් ගොඩක් ගොඩක් ගොඩා…..ක් ලස්සනයි අක්කියෝ… අභීව මනුකටම දෙන්න අක්කියෝ හොදේ… අනේ නැත්තන් පව්නෙ ඒ දෙන්නා…

    1. Hashini Navanjana.

      නවංජනා නංගියෝ…. කොහොමද පැට්ටි ඔයාට… ??? කෝ…. අනේ ඔයාගේ කතාව තවම නෑනේ… ???

      1. හොදින් ඉන්නවා අක්කි පණ..අක්කිට කොහොමද ඉතිං… කෝ අක්කි සෝස බෝලේ ඉන්නවද… තාම ලියනවා අක්කියෝ කතාව… කොටස් 20ක් විතර ලියලා ඉවරයි..

    2. ඔන්න මම නං ඒක දන්නෑ මමත් තාම කතාව කියවලා නෑ..??? අද නංගියා බිසී වගේ අයියට පොඩි කොමෙන්ට් එකකින් ශක්තියක් වෙලා තියෙන්නේ..මේ ලෙන්ගතුකමට බොහොමත්ම ආදරේ නංගි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් තවම කතාව ලියලා ඉවර නැද්ද

      1. අනේ ඔව් අයියේ… comment එකක් නොදා යන්න හිතුනෙ නෑ.. ඒකයි චූටි එකක් හරි දැම්මේ..

  8. Hashini Navanjana.

    හී.. හී… ??? මං කිවුව දේ හරි වගේ… අභීගෙ බර්ත් ඩේ එක මනුක ප්ලෑන් කරන්නේ කියලා…
    ඒත් ඒක වැරදෙයිද මංදා ???

    අදත් ගොඩාක්ක්ක් ලස්සනයී අක්කියෝ… ???
    ආදලේලේලේලේ…. හිතෙනවා අප්පා…. ???
    මනුක කොහොමද අප්පා ඒ තරම් හැගීම් පාලනය කරන් ඉන්නේ… අභී කීවත් වගේ බෝසත් ගතිගුණම තමයි මනුකට නම් තියෙන්නේ… ඒ වගේ කොල්ලෙක් නැති කර ගන්න කැමති කවුද ඉතිං… එත් ඉතිං මනුකට අම්මලගේ කැමැත්ත ලැබුනොත් නම් මීට වඩා තත්වෙ වෙනස් වෙයි වගේ… ඒ ගැන නම් මං මුකුත් කියන්නෙම නෑමයි…..
    ? ? ????
    ?????????

    අභී කීව කතාවත් හරි අනේ… කැමැත්ත ලැබෙන්නේ නැත්නම් ඔන්න ඔහේ මේ ඉන්නවා වගේම ඉන්න කියමු අප්පා. එහෙම නේද සිත්මි අක්කියෝ….. ???

    අද නම් චුට්ටයිනේ…. ???
    දුකයි ඒකට… ඒත් සුමී අයියා පුලුවන් විදියට දිගට දෙනවනේ……. ඒ නිසා කමක් නෑ….. ඒත් හෙට මීට වඩා දිගට ඕනි හොඳද ???

    අක්කගෙයි අයියගෙයි හැම වැඩක්ම ගොඩාක්ක්ක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…. ???

    ඒ වගේම අපේ චතූ අක්කිටත් දුල්ටත් ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…..

    බුදු සරණයි ??? ඔයාලා හැමෝටම…..
    ?????????

    1. අනේ මන්දා අක්කියෝ මොනව වෙයිද කියල බයේ ඉන්නෙ මන්නම්… මේ…. මනුක අභීට ආදරේ නිසා නේ දග මල්ල කියන්නේ….. එතකොට…???? එක්කො ඕන් නෑ…

    2. කෙටිකතා ලියන ආදරනිය නිසදැස් ලියන කවි ලියන චූටි නංගියාගෙ අනුමානය වැරදෙන්න විදියක් නෑනේ..

      එතනින් එයාට නං අනුමානය හරි යන එකක් නෑ වගේ ඔන්න මනුකට මොනවා හරි උනොත් මම නෑ හොඳේ . සිත්මි ට අල්ලගෙන දෙමු මොනවහරි කරල තිබ්බොත් හරිද..

      මනුකළ වගේ බෝසත් අය ගොඩක් ඉන්නවා නංගියේ නැතිනම් සිත්මි ට මේ කතාව ලියන්න බෑ කොටින්ම..

      මේ හැම දේකටම බොහොමත්ම ස්තූතියි නංගි ඔයාලගේ ලෙන්ගතුකම ගොඩක් ශක්තියක් ලැබෙන සතුට කියා නිම කරන්න බෑ
      මේ හැම දේකටම බොහෝමත්ම ස්තූතියි නංගියා.. තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් අපේ චූටි බෝලය මතක් කරා කියන්න

  9. Nirosha Lakmali

    අනේ අනේ ඔහොම කරනවද අපිට. මෙච්චර ආසාවෙන් කියවනවා. පොඩ්ඩම පොඩ්ඩක් දාලා. කතාව හරිම ලස්සනයි. දිග කොටස් නැති නිසා දුකයි. මොකද අපිට එහෙම දුක් දෙන්නේ. හැමෝම දුක් දීලා සතුටින් ඉන්නකෝ. හැබැයි කතාවේ නම් අවුල් දාන්න බැ හරිද. පොඩ්ඩක් දාලා කතාවත් අවුල් කරලා අපිවත් අවුල් කරොත් අයියවයි සිත්මිවයි තියන්නෙ නැ. ?????????????????
    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දෙන්නම කරන කියන හිතන පතන සියළුම පැතුම් ඉටුවේවා කියලා.
    All the best…

    1. Nirosha Lakmali

      හැමදේම මට ලැබුණේ නුඹ හින්දානේ
      ඔබ නොයෙනා ගමන් ගියා යලි නේන සේ
      මම මගේ පාඩුවේ වේදනා ඉවසුවා ආදරේ
      ජීවිතේ ඔයාටමයි පූජා කලේ
      ආයේ නම් ලැබෙන්නෙ නැ ඔබ මේ ආත්මයේ

      මගෙ ලෝකේ මා ගාව ඔබ සතපවා
      මතකයෙ දිගු ගමනක් අරන් ඔබ ගියා
      වෙනකෙකුගේ ආදරය යලි මට එපා
      මම එතැනමයි ඉන්නෙ නෑ වෙනස් වෙලා
      ජීවිතේ ඔයාටමයි පූජා කලේ
      ආයේ නම් ලැබෙන්නෙ නැ ඔබ මේ ආත්මයේ

      මතු භවයෙ හිමි වෙන්න පෙරුමන් පුරා
      මං තනිවෙලා ඉන්නවා දිවි තුරා
      හැමදාම හැමදේම ලැබුණත් නු⁣⁣ඹෙන්
      ලග ඉන්නෙ නැති අඩුව දැනෙනවා තදින්

      හැමදේම මට ලැබුණේ නුඹ හින්දානේ
      ඔබ නෙයෙනා ගමන් ගියා යලි නේන සේ
      මම මගේ පාඩුවේ වේදනා ඉවසුවා ආදරේ
      ජීවිතේ ඔයාටමයි පූජා කලේ
      ආයේ නම් ලැබෙන්නෙ නැ ඔබ මේ ආත්මයේ
      ජීවිතේ ඔයාටමයි පූජා කලේ
      ආයේ නම් ලැබෙන්නෙ නැ ඔබ මේ ආත්මයේ

      මං හරිම ආදරෙයි අයියේ මේ සින්දුවට. පුදුම ලස්සනයි.

    2. හෙට නම් අනිවාර්යෙන්ම දානවා දෙක කොටසක් ?? ඔයාගේ නම පටලැවිලා මම වෙන නංගිගේ කොමෙන්ට් එකට කෑගැහුවා මෙච්චර පොඩි කොමෙන්ට් එකක් දැම්මේ ඇයි කියලා අප්පෝ මොනව හිතයිද දන්නෙ නෑ.. මටමයි වෙන්නේ… අනිද්දා ගෙන් පස්සේ කෝමත් අවුල්වේ කට්ටියම බලන්නකෝ.. බොහොම ස්තුතියි මේ ලෙංගතුකමට තෙරුවන් සරණයි නංගී ුබ රාත්‍රියක්

      1. Nirosha Lakmali

        කාටද අයියා කෑගැහුවේ. පව් අනේ. මං ඉතින් කමෙන්ට් එකක් දානවනේ අනිවාර්යෙන්ම ටිකක් හරි දිගට. ඊයේ පාන්දර වෙනකම්ම අයියගේ සින්දුව ඇහුවා. අද වැඩට යන්නත් පරක්කු වුනා. හරිම ලස්සනයි අයියේ ඒ සින්දුව මං හරිම ආසයි. හරිම ආදරෙයි.

          1. Nirosha Lakmali

            මට සින්දු ඔක්කොම අහන්න ඕනේ you tube එකෙන්ද අහන්න පුළුවන්. මට සින්දු සේරම ටික download කරගන්න විදිහක් කියන්නකෝ. නැත්තම් සේරම සින්දුවල මුල් පේලිය දාන්නකෝ අයියේ. මං කොහොම හරි හොයාගන්නම්. මං ආසයි මේ සින්දුවට ගොඩක්

  10. අනේ හරීම….. ආදරණීයයි අක්කියෝ මේ කතාව.. මනුක ??? කොච්චර හොද කෙනෙක්ද… අභිත් ඒ ආදරේ නිසාම හැදිලා ලස්සනට දැන් ජිවත් වෙනවා… අභි මාර lucky මනුක වගේ boy කෙනෙක් ලබන්න..
    මේක කතාවක් උනත් මන් මාර ආසයි මනුකටයි අභිටයි… ???? ගොඩක් ආදර්ශමත් කතාවක් දැන් කලේ ඉන්න හැමෝටම මේ කතාව..

    අක්කි ඔයා ඇත්තටම දක්ශයි.. ඔයා අපිව කතාවට මාර විදිහට අදලා ගන්නවා.. හරිම ආදරණීය විදිහට ලියලා තියනවා අක්කි ඔයා මේක.. ?????

    අයියා කිව්වා තව කොටස් 6කින් විතර ඉවර වෙනවා කියලා ලස්සන අවසානයක් දෙන්න අක්කි කතාවට.. ?? ඔයා කොහොමත් එහෙම කරනවනේ.. ඔයා ලස්සනට කතාව ලියනවනේ අක්කි.. ???

    අක්කියෝ.. අයියණ්ඩී… ඔයලා දෙන්නම කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..
    හැමදාම සතුටින් ඉන්න ?????
    පරිස්සමින් ඉන්න…
    තෙරුවන් සරණයි අක්කි.. අයියා.. ???

    #All the best akki ❤️✌️#

    1. අයියා නෙවෙයි කිව්වේ තවත් කොටස් හයකින් ඉවර වෙනවා කියලා අක්කා. අක්කා තමයි මේ කතාව කියන්නෙ .. අයියා ඒ මේන ටිකක් දාලා අමුනලා ඕගොල්ලන්ට දෙනවා ???. මනුක වගේ කොල්ලෝ ඉන්නවා හොඳේ.. ආදරණීය ලස්සන ආදරයක් දුන්නොත් මනුක වගේ කොල්ලෙක් හොයාගන්න එක simple..

      බොහොම ස්තුතියි මේ ලෙංගතුකමට ඇත්තටම සතුටින් මේ වගේ දිග කොමික් දකිද්දී අයියට රිප්ලයි කරන්න අමාරුයි හරි මහන්සි නංගි පොඩි කොමෙන්ට් දැම්ම කියලා ඕගොල්ලන් දිග කමෙන්ට් නොදා ඉන්න එපා තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් හැමදේකටම බොහොමත්ම ස්තුතියි

  11. අම්මෝ මන් නම් දැන් මේ කතා කියවන්නෙ පුදුම භයකින් අප්පා. මේයාල ඉස්සරහට මොනව කරයිද දන් නෑ…. මන් ආෂ්කා අක්කා එක්කනම් තරහයී. හැබැයි මේ කතාවෙ අවසානය දුකක් උනොත් මන් අයියෙ ඔයා එක්කයි සිත්මි අක්කි ඔයා එක්කයිත් තරහා වෙනවා..??????

    මනුක වගේ හැමෝටම හැගීම් පාලනය කරන්න බැ එහෙම උනානම් අද සමාජයේ තියෙන කදුලු කතා ගොඩක් අඩු වෙයී මන් හිතන්නේ.. මනුක වගේ කෙනෙක් මට ලැබුනොත් මාත් ආයම ආදරයක් ගැන හිතයි…. කිසිම කෙල්ලෙක් කැමති නෑ මනුක වගේ කෙනෙක්ව අහිමි කර ගන්න…….????

    අද කතාවනම් පොඩ්ඩම පොඩ්ඩයිනෙ අයියේ. හෙටනම් ගොඩාරියක් දිග කොටසක් ඕනි හාද….?
    ??????

    චතූ අක්කි ඔයාටත් දුල් අක්කියො ඔයාටත් ඉක්මනටම සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…. දුල් අක්කියො ඔන්න හිතුවක්කාර නොවී කකුල හොද වෙනකම් Bed rest කරන්න හොදේ……???????

    අයියේ ඔයත් සිත්මි අක්කි ඔයත් සතුටින් පරිස්සමට ඉන්න හොදද… ඔයාල දෙන්න තියන හැම පියවරක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරනයි….! ?????

    1. Ashka Rashmi

      ඇයි හත් දෙයියනේ මේ අහිංසක මා එක්ක තරහා….නිකන්ම නිකන් කතාවක් හින්දා මා එක්ක තරහා වෙන්න එපා නංගියෝ…???

      1. හොද අහින්සක… අහින්සකයිනම් අර කුරුලු කූඩුවට අච්චර ලොකු දුකක් දෙනවද බන්…..? ?????????????

      2. Hashini Navanjana.

        ඒක කොහොමද ආශ්කා නිකන්ම නිකන් කතාවක් උනේ.. ? ??
        කොච්චර ආසද අපි කතාවට. කතාවේ ජීවත් වෙන අපිට ඔයා ආයේ ඔහොම කිවුවොත්….. දෙන්නේ…. ?????
        ????????

        1. ඒක ඇත්ත අනේ. ඔය මැටි මෝලෙට ඒ කථාව නිකන්ම නිකන් කතාවක් උනාට මන් ඒ කථාවට ගොඩක් ආදරියි. ඒ නිසාමයි මන් තරහත්..

    2. මායා black..

      අනේ අක්කිට මනුක වගේම කොල්ලෙක් ලැබේවා!! ඕම් ශාන්ති❤️?

      1. බලමු ලැබෙයිද කියලා…..
        අනේ මගෙ මනුක පැටියෝ ඔයා කොහෙද ඉන්නෙ වස්තුවේ……..?????

      1. හ්ම්ම්ම්ම් මන් 97 තමයි.. ඒත් මන් ආසයි හැමෝගෙම නන්ගි බබී වෙන්න….

        1. Ruwanthi Lakshani

          අහා ඇත්තද ඔයාට මාර ආසාවක්නනෙ තියෙන්නේ… අපි හැමෝම කියන්නම්කො නංගි බබා කියල… ?????

          ඔබට සතුටුයි දැන්…..????

          1. ආයිත් අහල අක්කියෝ… සතුට වැඩි කමට නටන්න හිතෙනවා…???

    3. ඔන්න මාව නං අල්ල ගන්න එපා ඕවට මම නෙවෙයි කතාව ලියන්න මට තියෙන්නෙ දාලා දෙන්න විතරයි.. සිත්මි යකාත් එක්ක තරහ වෙන්න මොකද කතාව මේකේ අන්තිමට වෙන දේ දන්නේ මම නේ.. මට මැවිලා පේනවා මේ කෙල්ලෝ රණ්ඩු වෙන විදියට අන්තිම කොටස් දෙකේ ඒ දවස් දෙකේ මම මේ පැත්ත පළාතේ එන්නේ නැහැ
      බොහොම ස්තූතියි නංගියා මේ ලෙන්ගතුකමට ඇත්තටම මේ වගේ දිග කොමෙන්ට් දකිද්දී ගොඩක් සතුටුයි අපිට

      චතු නංගිටත් දූල් නංගිටත් ඉක්මන් සුවය පාර්ථනා කරනවා මමත්. තෙරුවන් සරණයි ඒ දෙන්නටම
      ඔයාටත් බොහොම ස්තූතියි නංගියේ ඔයත් කියන කරන දේවල් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්

  12. හම්මෝ……ගොඩාක් කාලෙකින් මේ පැත්තෙ ආවෙ…මට නම් ප්‍රශ්න ගොඩායි අෆ්ෆා….
    කතාව සුපිරී ඇත්තටම අයියෙ……හැමදාම කියෝලා එක්සලන්ට් රේට් කරා ඉතිම්…..කමෙන්ට් කරන්න බැරි උනා ඒත් අයියේ ….මේ කවුද දැන් මේ උශාන් අයියා කියන්නේ…….???? කෝ අපේ සුමී අයියා????එතකොට සුමී අයියා ලියුව කොයි සෝන්ග් එකේ කවර් එකේද සුමී අයියගෙ ෆොටො එකක් තියෙන්නේ…..??????

    1. Hashini Navanjana.

      අම්මෝ…. මෙන්න මෙයා ගොඩාක් දවසකින්…. ??? කොහොමද සිහන්සා ඔයාට…. හොදින් ඉන්නවා නේද…. ???

        1. ඒකනී නන්ගෝ මම නිකන් කෝමා එකක ඉදල සිහිය ආව වගේ මේව දැකල දැන් ඉන්නේ…….පිස්සු හැදෙයි වගේ අෆ්ෆා…..ඔයාලාවත් මගේ මේ ප්‍රශ්න වලට විසදුම් දීලා මේ අහිංසක හිත සනීප කිරීමේ සත්ක්‍රියාවට සහභාගි වෙන්නලාකෝ…????????

      1. හොදින් ඉන්නව සුදූ …..බිසී අනේ මේ දවස් වල….කෝමද ඔයාගෙ සූකිරි බෝලේ???දැන් ලොකූ දග මල්ලක් වෙලා ඇති නේද සුදූ ……

    2. හම්මෝ මේ ඇවිල්ල තියෙන්නෙ මං කොටස් කීයක් ඔයාගේ නම mention කරාද. ඒත් දැක්කෙ නෑ වගේ ගියා නේද
      ඔන්න ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නම් මම.
      මම තමයි සුමිත් අයියා උශාන් අයියා කියලා නම දැම්මේ මේකෙ ඉන්න දඟ කෙල්ලො ටික සුමිත් කියන නම කැතයි කියපු නිසා
      සුමිත් අයියා ලිව්ව song වල සුමිත් අයියගේ ෆොටෝ එකක් නැහැ youtube එකේ තියෙන ප්‍රොෆයිල් ෆොටෝ එකේ ඉන්නේ සුමිත් අයියා. ඒකෙ නම් ටිකක් කෙට්ටුවට ඉන්නෙ හැබැයි මහතයි

      පුළුවන් හැම වෙලාවෙම ඇවිල්ල කොමෙන්ට් එකක් දාලා ශක්තියක් වෙන්න මේ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.