Katha Ahura

පින්වන්ති මා – 25 වෙනි දිගහැරුම

4.3/5 - (7 votes)

පින්වන්ති මා

25 කොටස

අයියගේ පපුවට තුරුල් වෙලාම මම නිදා ගත්තා .හදිසියේම මම ඇහැරුණේ අයියගේ කට හඬින් .

” අභී ….අභී …

නැගිටින්න මැණික ටිකක් …”

” ඇයි අයියේ ….”

” පොඩි ගමනක් යන්න බබා ….”

” උදේ වෙලාද අයියේ …”

මම ඇහුවේ ඇස් දෙක වත් අරින්නේ නැතුව .

” නෑ බබා . ..තාම නෑ …
ඒත් අපිට දැන් යන්න වෙනවා …

ඔයා වොශ් එකක් දාගෙන එන්නකෝ ඉක්මනට ….”

අයියා නැගිටලා ගිහින් කාමරේ ලයිට් එක දැම්මා .මම නිකමට වෙලාව බැලුවේ ..

තාම රෑ එකොළහ මාරයි.

” කොහේද අයියේ අපි යන්නේ…..”

” චූටි ගමනක් මැණික …ඔයා ඉක්මනට වොශ් එකක් දාගෙන එන්න ….

නැත්නම් පරක්කුයි ….”

මම ගියේ වොශ් එකක් දාගෙන එන්න .අයියා යන්නේ කොහෙද කියලා කියපු නැති නිසා මට ඇඳුමක් වත් හිතා ගන්න බැරි වුණා අඳින්න .

මම ටවල් එක පිටින්ම කාමරේට ආවේ අයියා මට ඇඳුමක් තෝරලා දෙයි කියලා හිතලා .

ටික වෙලාවකින් අයියා කාමරේට ආවේ කොට කලිසමකුයි ටී ශර්ට් එකකුයි ඇඳගෙන .

” අභී … මේ ගවුම අඳින්න බබා ….”

අයියා මට දුන්නේ පාර්ටි වලට අඳින දිග ගවුමක් .

” අයියේ …පාර්ටි එකකටද අපි යන්නේ ….”

” ඔව් බබා …චූටි පාර්ටියක් …”

අයියා කාමරේ ඉද්දිම මම ගවුම ඇඳ ගත්තා .

” අභී ….
ලස්සනයි මැණික ගවුමට….”

මම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බැලුවා .ඇත්තටම ගොඩක් ලස්සනයි .මගේ ඇඟේ ගානටම තියෙනවා .

” අභී …එන්න මං කොණ්ඩේ පීරන්න…”

අයියා තමයි මට කොණ්ඩ මෝස්තර දැම්මේ . දැන් මගේ කොණ්ඩේ උරහිසින් පහළට වැවිලා තියෙන්නේ .

කොණ්ඩේ නිදහසේ කඩලා දාපු අයියා චූටි මල් වැලක් ගියපු බෑන්ඩ් එකක් මගේ ඔළුවට දැම්මා .

” මේ ඇති බබා …මේකප් නැතුව ඔයා ලස්සනයි …”

” අයියේ ….ඔයා ඔහොමද යන්නේ ….”

” මේ හොඳයි බබා …. වැඩි දුරක් නෑ …”

” ඉතින් ඇයි මම විතරක් මෙහෙම ලස්සනට ඇඳලා….”

” ඔයා කෙල්ලෙක් බබා …එන්නකෝ යමු…”

අයියා කාමරෙන් එළියට ගිහින් මගේ ඇස් දෙක වැහුවා එයාගේ අත් දෙකෙන්ම .

” අයියේ…ඇයි මේ….”

” මගේ යාළුවෝ වගයක් ඉන්නවා බබා එළියේ ….
ඔයාව එක පාරම උන් ටිකට පෙන්වන්න මට ලෝබයි වගේ….”

අයියා මගේ ඇස් වහගෙන නිසා මට තේරුණේ නෑ එයා මාව එක්කන් යන්නේ කොහෙද කියලා .

අයියා කියපු දේ විශ්වාස කරලා මම අයියත් එක්කම ගියා සද්දේ නොකරම .

හෙමින් සැරේ අයියා එයාගේ අත් දෙක ඉවත් කරාම මම ඇස් ඇරලා බැලුවා .

සතුටටද දුකටද කියලා මට තේරුණේ නෑ . ඒත් මගේ ඇස් වල කඳුළු පිරුණා .

” සුබ උපන්දිනයක් මගේ මැණික …”

මං අඬ අඬම අයියගේ පපුවට තුරුල් වුණා .කියන්න වචන නැහැ අයියා මේ දීපු සතුටට.

මටවත් මතක් වුණේ නැහැ අද මගේ උපන්දිනේ කියලා .

විසි එක කියලා ගහලා මගේ නමත් ලියලා යතුරක හැඩය ගත්තු උපන් දින කේක් එකක් අයියා ලේස්ති කරලා .

දවල් ඉඳන්ම මාව මග ඇර ඇර අයියා එහෙනම් මේකයි කරන්න ඇත්තේ.

කාමරේ තිබුණේ ඉටිපන්දම් ආලෝකය විතරයි .කේක් එක දැක්කම මට මතක් වුණේ අයියා හවස කියපු දේවල් .

මගේ කේක් එකෙත් ඉටිපන්දම් විසි එකක්ම පත්තු කරලා තිබුණා .

” අයියේ මං ආදරෙයි ….”

එහෙම කියලා මම කකුලේ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා අයියගේ කම්මුලක් සිප ගත්තා .

” හෝව්….හෝව්…මේ අපිත් ඉන්නවා නංගී…

ඊට වඩා නම් මොකුත් කරන්න එපා හොඳේ අපේ මනුකයට…..”

එකපාරටම ඇහුණු මහා කෑ කෝ ගැසීම නිසා මම වටපිට බැලුවේ .

ඒත් එක්කම කාමරේ ලයිට් එක පත්තු වුණා .අයියට තුරුල් වෙලාම තමයි මම වටපිට බැලුවේ .

පිරිමි ළමයි දහයක් විතර හිටියා .ඒත් අඳුරන මූණකට දැක්කේ කවිඳු අයියව විතරයි .

” මනුක….ඔය ඇක්ෂන් එකේම හිටපන් ෆොටෝ එකක් ගන්න කම්…

මොකද ඇල්බම් එකට මේ ඔක්කොම තියෙන්න ඕනනේ ….”

එහෙම කියලා එක යාළුවෙක් මගෙයි අයියගෙයි ෆොටෝ ගැහුවා .

” දඟ මල්ල…සුබ උපන්දිනයක් නංගි…”

කවිඳු අයියා මට මුලින්ම විශ් කරා.

” දැන් නම් දඟ මල්ල කියන්නත් බෑ වගේ බං…

බලපන් අර චූටි කෙල්ල ගොඩක් වෙනස් වෙලා දැන්…”

ඒ කියන්නේ අයියගේ යාළුවෝ හැමෝම මාව අඳුරනවා.

” නංගි …කේක් එක කපමු….”

එහෙම කියලා හැමෝම මගේ වටේට එකතු වුණා .කට්ටිය හැපී බර්ත්ඩේ සින්දුව කියන අතරේ මම ඉටිපන්දම් ටික නිවන්නයි ලෑස්ති වුණේ .

මම පහත් වෙනවත් එක්කම එතන හිටපු අයියගේ යාළුවෝ හැමෝම එක සැරේටම පහත් වෙලා මාත් එක්කම ඉටිපන්දම් ටික නිවලා දැම්මා .

” මනුක ….මොකද කියන්නේ ….බර්ත්ඩේ ගර්ල්ට මේකප් එකක් දාන්නද… ”

දෙයියනේ එදා වෙරි මරගාතේ මම කරපු ඔක්කොම දේවල් අද එයාලා ඒ විදියටම මට කරන්නයි හදන්නේ .

මම ටක් ගාලා අයියා ළඟට ගිහින් එයාගේ අතක් තදින් අල්ල ගත්තා .

” පිස්සුද බං…උඹලා ඒවා කරොත් එහෙම එදා උන සීන් එකේ හැටියට උඹලා අත පිහිද ගන්නේ මගේ ශර්ට් එකේ කියලා මට ෂුවර් …..

ඒක නිසා ඕන නෑ ….”

අයියා කියපු නිසාම මගේ මූණෙ අයිසින් නොගා බේරුණා මම.

” මනුක ….කිස් එක…කිස් එක….ඒක දැන් ඉල්ලපන් බං….”

යාළුවෝ ටික අයියට වද කරා මගෙන් කිස් එකක් ඉල්ල ගන්න කියලා .

ඒත් අයියා මගෙන් ඉල්ලුවේ නෑ …අයියා එහෙම නොකර හිටියේ කට්ටිය ඉස්සරහ මාව අපහසුතාවයට පත් කරන්න බැරි නිසා කියලා මම දන්නවා .

ඒ නිසාම මම ම ඉස්සිලා අයියගේ කම්මුලක් සිප ගත්තා හැමෝගෙම ප්‍රීති ඝෝෂා මැද්දේ .

” අභී …කේක් එක කපලා කවන්න බබා හැමෝටම ….”

මම කේක් එක කපලා මුලින්ම කැව්වේ අයියට.ඊට පස්සේ එයාගේ යාළුවෝ හැමෝටම කේක් කැව්වා .

ඒ හැම සිදුවීමක්ම මතක සටහන් විදියට අයියගේ යාළුවෝ ෆොටෝ ගැහුවා .

එයාලා ගෙනාපු තෑගි මට දුන්නේ සුබ පැතුම් එක්කම.අයියා ගැන කිය කිය විහිළු කරත් ඒවා හිත රිදෙන විදියේ විහිළු වුණේ නැහැ.

එයාලා කියපු දේවල් වලින් මට තේරුණේ එකම දෙයයි.ඒ අයියා මට ගොඩක් ආදරය කරනවා කියලා .

කවදාවත් අයියගෙන් ඈත් වෙන්න එපා කියලා තමයි එයාලා හැමෝම කිව්වේ මට.

” ඇති ..ඇති..බං…උඹලට මම පැයයිනේ දුන්නේ ….දැන් වෙලාව හරි….”

” අඩේ….බලපන්කෝ මූට අපිව එලව ගන්න තියෙන හදිස්සියක් … ”

අයියගේ යාළුවෝ ටික යන්න ලේස්ති වුණාම අයියත් එයාලත් එක්කම එළියට ගියේ මට එතනම ඉන්න කියලා .

මම දැන් තමයි වටපිට බැලුවේ .මුලින්ම මට හිතා ගන්න බැරු වුණත් දැන් තමයි මට තේරුණේ මම ඉන්නේ මේ තරම් දවසක් අයියා මාව එක්කගෙන ආපු නැති එයාගෙම කාමරේ කියලා .

කේක් එක තියපු පොඩි ස්ටූල් එක ඇරෙන්න කාමරේ තිබුණේ පොඩි ඇඳක් සහ මේසෙකුත් පුටුවකුත් විතරයි .

එයාගේ හොඳම කාමරේ මට දීලා එයා නිදාගන්න ඇත්තේ මේ චූටි ඇඳේ.

බිත්තිය පුරාවට තිබුණේ මගෙයි අයියගෙයි ලොකු කරපු ෆොටෝස් .ඒත් ඒ එකක්වත් මම දැනුවත්ව ගනිපුවා නෙමෙයි .

හවස අයියා කියපු සිදුවීම් වල ෆොටෝස් ඔක්කොම බිත්තිය පුරාම ගහලා තිබුණා .

මගේ තොල් වල තිබුණු ලිප්ස්ටික් වලින් අයියගේ මූණම රතු වෙලා තියෙන ෆොටෝ එකක් ළඟ මගේ ඇස් නතර වුණා .

මට තනියම හිනා ගියේ බීලා සිහි විකාරෙන් ඒ දවස් වල මම කරපු පිස්සු වැඩ ගැන හිතලා.

ඒ දේවල් ගැන කිසිම මතකයක් නොතිබුණත් අද ඒ දේවල් මගේ ඇස් ඉදිරිපිටම සැමරුම් බවට පත් වෙලා .

” මොකද තනියම හිනා වෙන්නේ….ආ.. මැණික …
කරපු හපන් කම් දැකලද…”

අයියා මගේ පිටිපස්සෙන් ඉඳගෙන මගේ බඳ වටා එයාගේ අත් දෙකම යවලා නිකට මගේ උරහිසට බර කරගෙන අහද්දි මම ඔව් කියලා හිස වැනුවා .

” මැණික ….”

” ම්ම්ම්ම්…..”

” සතුටුයි ද….”

” ම්ම්ම් ගොඩාරියක් අයියේ … ඒත් ඔයා හොඳ නෑ .. ”

” ඇයි බබා … ”

” ඇයි අහන්නේ ….දවසෙම මාව තරහ ගස්සලා මටත් හොරෙන් මේවද කරේ යාළුවෝ එක්ක ….”

” ම්ම්ම්…ඔයාව ටිකක් පුදුම කරවන්න හිතුණා මට….

විසි එක කියන්නේ කෙල්ලෙක් ගේ ජීවිතේ ලස්සනම උපන්දිනය බබා ….”

” ඇයි අයියේ …”

” අහලා තියෙනවා කතාවක් කෙල්ලෙක්ගේ ජීවිතේ දොරගුළු ඇරෙන්නේ අවුරුදු විසි එකෙන් පස්සෙළු….

ගොඩක් වෙලාවට යතුරකින් තමයි ඒ දේ සංකේතවත් කරන්නේ . . ..

ඒකයි මේ කේක් එකත් මම ඒ හැඩෙන්ම හැදෙව්වේ….”

” ලස්සනයි අයියේ කේක් එක….”

” අභී … ”

” ම්ම්ම්ම්….”

” ආදරෙයි මැණික ….ලෝබයි මට…ඒ වගේම බයයි මට ඔයාව නැති වෙයි කියලා ….”

” එහෙම වෙන්නේ නෑ අයියේ ….මටත් ඔයා නැතුව ඉන්න බෑ …”

” මේ පැත්තට හැරෙන්න මැණික ….”

අයියා එහෙම කියලා මාව එයාගේ පැත්තට හරව ගත්තා .ඊට පස්සේ සාක්කුවට අත දාලා චූටි ජුවලරි බොක්ස් එකක් එළියට ගත්තා .

” බබා … මේක ගොඩක් වටින්නේ නම් නෑ … ඒත් ඔයාට අද දවස මතක හරි තියේවි කියලා හිතනවා…..”

අයියා එහෙම කියලා යතුරක හැඩය ගත්තු චූටි පෙන්ඩන් එකකුත් එක්ක හීන්ම හීන් චේන් පටක් මගේ බෙල්ලට දැම්මා .

දැනුණු සතුටට ඇස් වල කඳුළුත් පුරවගෙන මම අයියට තුරුල් වුණේ .

” මැණික …අඬන්නේ මොකද අද වගේ ලස්සන දවසකත්… ”

” මේ අඬනවා නෙමෙයි අයියේ . . ..සතුටු කඳුළු …

මට ලැබුණු ලස්සනම තෑග්ග තමයි මේ…..
ඒත්….
වටිනම තෑග්ග මේක නෙමෙයි ….”

” මං දන්නවා බබා මේක ගොඩක් වටින්නේ නෑ කියලා …”

” මම කියන්නද වටිනම තෑග්ග මොකක්ද කියලා ….”

” ම්ම්ම්…කියන්නකෝ බලන්න ….”

” මේ ඉන්නේ මගේ මුළු ජීවිතේට ම වටින තෑග්ග තමයි ….”

මම එහෙම කියලා අයියගේ පපුවට ඇඟිල්ලක් තියලා එයාවම පෙන්නුවා .

” අභී …..”

” ම්ම්ම්ම්…..”

” දෙයක් ඉල්ලන්න දෙනවද…..”

” මොනවද අයියේ …..”

” ඉස්සෙල්ලා ඉල්ලන්න බැරි වුණ දෙයක් ….”

” මොකක්ද අයියේ ….”

මම දන්නවා අයියා ඉල්ලන්නේ මොකක්ද කියලා .ඒත් මම දන්නේ නෑ වගේ රඟ පෑවේ අයියා මොනවද කියන්නේ බලන්න .

” අභී ….උඹ නම් කෙල්ලෙ කපටිම නෑ …. දන්නෙම නෑ නේද මම ඉල්ලන්නේ මොනවද කියලා ….”

මම හිනා වෙවීම අයියගේ පපුවේ ඔළුව හංග ගත්තා .

” ඉතින් ඔයා ඒ වෙලාවේ ඉල්ලුවේ නෑනේ ….”

” අනේ….අනේ…මේකිටත් ඕන උනේ නොමිලෙම අරුන් ටිකට රොමැන්ටික් ෆිල්ම් එකක් පෙන්වන්නද ආ…..”

” නෑ අනේ… ඉතින් කිස් එකක් දුන්නා කියලා මොකද වෙන්නේ….”

” හා හා…අද මට එහෙම කිස් එකක් මදි…

හැමදාම ඔයා දුන්නනේ මදි නොකියන්න…
අද මම දෙන්නම් ඕකේ….”

අයියා එහෙම කියලා එයාගේ පපුවේ හංගගෙන හිටපු මගේ මූණ දෝතින්ම අල්ල ගත්තා .

මගේ කම්මුලක් දෙකම සිප ගනිපු අයියා පහත් වුණේ මගේ දෙතොල් වලට .

කොයි තරම් ආදරය කරත් කවදාවත් අයියා සීමාවන් ඉක්මවා ගියේ නෑ .

ඒත් අද නම් අයියම ඒ සීමාව ඉක්මවලා යන්නයි හදන්නේ .

එයාගේ දෙතොල් වලින් මට රිදෙන්නේ නැති වෙන්න මගේ දෙතොල් අල්ල ගනිද්දී මම ඇස් පියාගෙනම අයියට තුරුල් වුණේ අහම්බෙන් ලැබුණු ඒ උණුසුම් සිප ගැනීමට ඉඩ දීලා .

ඒත් එක්කම තමයි මගේ බඳ වටා අත් යවපු අයියා මාව තව ටිකක් එයාගේ පපුවට තුරුල් කරගත්තේ .

අයියා මගේ දෙතොල් අල්ලාගෙන හිටියේ හරි පරිස්සමට .පොඩ්ඩක් වත් මට නොරිදවා ඉන්න එයා ගොඩක් පරිස්සම් වුණා කියලයි මට හිතුණේ.

විනාඩි දහයකත් වඩා උණුසුම මට දීලා ඒ දෙතොල් මුදව ගත්තේ මගේ නලලත් මත නැවත වරක් හාදුවක් සටහන් කරලා .

ලැජ්ජාව නිසාම මම ඇස් ඇරියේ වත් නෑ .අයියගේ පපුවේ මූණ හංගගෙනම හිටියා .

” අභී …..”

” ම්ම්ම්….”

” තරහ වෙලාද සුදු නෝනා ….”

” ම්ම්හු……”

” එහෙනම් මොකද මූණ හංගගෙන … .”

” ලැජ්ජයි ….”

” අනේ මේකිගේ ලැජ්ජාව….මගේ ඇඟ උඩ නැගගෙන මාව බලෙන් කිස් කරන්න හොඳයි….

මම එකක් දුන්නම තමයි මේකිට ලැජ්ජාව …..”

” අනේ…තරහයි….”

” ආ…ඇත්ත ද….තරහ වුණා වුණ කියලා නම් ආයෙත් මේ වගේ කිස් දෙන්නේ නෑ කසාද බඳිනකම් හොඳේ ….

අද උපන් දිනේ නිසයි දුන්නේ …..”

” එහෙනම් අද දවසෙම මට කිස් ඕන ….ආයෙත් හම්බ වෙන්නේ නෑනේ …..”

” අපෝ…මේකි නම් පෙරේතියෙක් ම තමයි ….”

එහෙම කියලා අයියා ආයෙත් පාරක් මගේ කම්මුල් සිප ගත්තා .

ඒත් මං බලාපොරොත්තු වුණේ දෙතොල් හාදුවක් .අයියා ඒක දුන්නේ නැති නිසාම මගේ මූණ බෙරි වුණා .

” මොකද මගේ කෙල්ල මේ මූණ අටපට්ටම් කරගෙන…ආ…”

” මුකුත් නෑ …..”

මම අයියටත් ගස්සලා කාමරෙන් එළියට යන්නයි හැදුවේ .

” මෙහෙට වර….කවුද දැන් කාමරෙන් එළියට යන්න කිව්වේ ….”

” මට ඕන නිසානේ යන්නේ ……”

” දැන් එහෙම ඔයාට ඕන දේ විතරක් කරන්න බෑනේ ….මටත් කිස් එකක් දීලා යන තැනක යන්න පුළුවන් ….”

අයියා එහෙම කිව්වා විතරයි මම ගිහින් අයියගේ බෙල්ලේ එල්ලුනේ එයාට කිස් එකක් දෙන්න ඕන නිසා .

” අපොයි මේකිට තියෙන කුලප්පුවක්….. වර මෙහාට මම ම දෙන්න …..”

එහෙම කියලා අයියා මගේ දෙතොල් වලට උණුසුම් හාදුවක් දුන්නා .

” අභී ….නිදා ගමු බබා..ඔයාව මම අඩු නින්දෙන් නැගිට්ටෙව්වේ…”

” අයියේ … ”

” ම්ම්ම්…..”

” අද මට මේ කාමරේ ඉන්න ඕන ….”

” අනේ බෑ අභී … මේ ඇඳේ දෙන්නෙක්ට ඉන්න බෑ …..”

” අනේ පුළුවන් …ඉමුකෝ අයියේ …..

” අද බෑ කියන්නේ නෑ මම ඔයාගේ හිත රිද්දන්න බැරි නිසා …

අදට විතරයි හොඳේ ….”

මම හා කියලා ගිහින් ඇඳුමක් මාරු කරගෙන අයියගේ කාමරේට ආවා .උදේ වෙනකම් මම හිටියේ අයියා ළඟම.

” අභී …. ”

” ම්ම්ම්…..”

අයියා පාන්දරම ඇහැරිලා .

” අද ගෙදර එක්කන් යන්නම් ඔයාව හොඳේ ….”

” අනේ……..”

” අද ඔයාව අනිවාර්යයෙන් අම්මලා හොයනවා බබා ….
ඒ නිසා අපි උදෙන්ම ලේස්ති වෙලා යමු…
අදට ගෙදර ඉන්න ඔයා………”

” මාව එක්කන් යන්න එනවද….”

” ම්ම්ම්…එන්නම් බබා…කොහොමත් ගෙදර එන්න හිතෙන්නේ නෑ ඔයා නැතුව ..

මං කාර් එකේම ඉන්නම් රෑට .උදේම ඔයාව ගන්නම් හොඳේ …”

” ඔයා පව්නේ අයියේ …කොහොමද ඉන්නේ කාර් එකේ…”

” ඒක මං කරගන්නම්කෝ…ඉස්සර නම් දවස් දෙකක් වත් ඔයාව මෙහේ තියලා යනවා…

ඒත් දැන් එහෙම කරන්න හිත දෙන්නේ නෑ බබා … ඔයා ළඟ නැති වුණාම මට ලොකු අඩුවක් වගේ….”

” මටත් එහෙම තමයි අයියේ …රණ්ඩු වෙන්න හරි මට ඔයා ළඟම ඉන්න ඕන ….”

අයියා මාව උදේම ගෙදර එක්කන් ගියා .අකමැත්තෙන් වුණත් මම අයියට යන්න දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාම .

ආයෙත් එන්නම්

138 thoughts on “පින්වන්ති මා – 25 වෙනි දිගහැරුම”

    1. නොසිතූ විලස
      නොසිතූ අයුරින්
      ගෙන ආ පැතුමන්
      ඔබේ හදින්
      පිලිගන්නෙමි මා
      ආදරයෙන්…

      ජීවිතයේ මා
      ලැබු වටිනාම ත්‍යාගය
      ගෙන දුන්නේ නුබයි…
      නුබෙන් ලබන
      මේ සෙනෙහස
      විදින්නට මා
      ලැබුවා මා වරම්…

      නුබේ ඔය දෙතොල්
      මා දෙතොල් සිප ගනිද්දී
      අමතක වී මුලු ලෝකයම
      නුබේ ඔය පහස
      වින්දා මුලු ලොවටම රහසින්……
      පළමු වරට
      දැනුනු මේ උනුහුම
      රැදුනි නම් හැමදාම
      අපේ ආදරය තවත්
      සුන්දරය….

      පන සේ මා
      රක්ෂා කරමින්
      මා ලගින්ම සිටින නුබ
      දෙවියෙකි මිහිපිට
      ආදරෙයි හැමදාම
      සිටින්නම් තුරුල් වී
      නුබෙන් ඈතට
      නොයමි කිසිදින….

      අද නම් මාරම මාරම මාරම ලස්සනයි අයියේ….. මනුක නම් මගේ සුද්දා වගේමයි අනේ. .. හරි බය ගුල්ලෙක්… ඒ උනාට පැලෙන්න ආදරෙයි… ඒත් පෙන්නන්නෙ නෑ….. සොරි අලේ…. මගෙ කෙන ගැන කියවනවට….. අනේ ඉතින් අද වැඩිපුර එයාව මතක් උනනේ අයියේ සොරි හොදේ…… අද සිත්මි අක්කිය මාව ගොඩක් අසරණ කලා අලේ ……. මම පව්………….
      අනේ ඉක්මනට ඉවර කරන්න එපා අයියේ කතාව හොදේ …

      අභී අද ගෙදර ගියාම අම්මලත් වෙන කොල්ලෙක් ගෙන්නයිද දන්නෙ නෑ අනේ එහෙම නම් වෙන්න එපා හොදේ… අර හැන්ඩ්සම් ඒවිද දන්නෙ නෑ…. අනේ මේ ආදරේට නම් දුකක් දෙන්න එපා අයියේ……
      මේ මගේ ජීවිතේ මගේ කතාව විදියටම මේ කතාව යන්නේ…. අනේ මනුකව අභීගෙන් ඈත් කරන්න එප හලිද………හැමදාමත් ආදරෙයි සිත්මි අක්කියෝ……. බුදු සරණයි දළදා සමිදු පිහිටයි අයියේ අක්කියෝ…..

      1. ඔයාගෙ අදහස් හරිම ලස්සනයි ❤️❤️
        ඔයාටයි ඔයාගෙ සුද්දාටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      2. Ushan aiyya

        Wow.. ඒ කවිය මාව කොහෙටද කොහෙටද අරන් ගියා..හම්මෝ ඒකනම් පට්ට ඒත් පොඩි අවුලක් තියෙනවා අලුත් නංගි කෙනෙක්ද නැත්නම් නම වෙනස් කරලා අපු නංගි කෙනෙක්ද..
        ඇත්තටම කවියට කියන්න වචන නෑ සුපිරියටම ලියල තියෙනවා මාර හැකියාවක් ඒකනම්.. මොනවද ලියන්නෙ කියලා වත් හිතා ගන්න බෑ ඒ තරම් පට්ට

        අද නම් ලස්සනට දිගට ගියා කියන්නකො ඉතින් වැඩ ඉඳලා කතාව දුකයි නේ එතකොටම ගොඩ කරන්න ඔන්න මම නං නෑ සිත්මි අල්ල ගන්න ඕනේ හොඳේ.. තෙරුවන් සරණයි නංගී ඇත්තටම මේ ලෙංගතුකමට ගොඩක් ආදරෙයි ඇත්තටම සතුටුයි සුබ රාත්‍රියක්

        1. අනේ අයියේ කලින් නම් දෙකෙන් එකකින්වත් ලොග් වෙන්න බෑ අනේ… හිටපු ගමන් logout වෙනවා… ඇයි අනෙ ඒ ..මම පව් …..

      3. ආආආආආ මාෂී…. දූෂමාන ආරන්චියක් ආව ඇත්තෙයි… නිසදැසනම් ගොඩාක් ලස්සනයී……???

          1. Ushan aiyya

            දැන් කොහොමද හෂිනි නංගි ඔයාට.. මොන වැඩේ තිබුනත් මේ පැත්තෙන් නැතුව ඉන්න බෑ නේද.. අනේ පරිස්සමෙන් හොඳේ වෙලාවට බෙහෙත් බොන්නේ අපේ රෝස බෝලය ආදරෙන් බලාගන්න ආදරයෙන් මතක් කරා කියන්න

      4. Hashini Navanjana.

        අනේ හරිම…….ම ලස්සනයි මාෂියෝ… ??? ඒත් අනේ මං 6.5ට ඇවිත් බලනකොට 1st comment eka thibune chadi kaveesha gen neh… දැන් මාෂියා 1st වෙලා… මං උණ විකාරෙන් දැක්ක දෙයක් වත්ද… ???

        1. අනේ තැන්කූ…. හෂි….චාදීගේ එක තමා තිබුනේ… මං හිතන්නෙ මොකක් හරි දෙයක් වෙලා අනේ මමත් හිටියේ හරි දුකින් ඒකට .. 1st comment eka මට පෙන්නනවා ඒත් අනිත් අයට නෑ..පස්සෙ තමා හරිගියේ….ඉක්මනට සනීප වෙන්න හොදද බුදු සරණයි

          1. Hashini Navanjana.

            ඒකනේ මාෂියෝ… මට දැන් නම් උණ අඩු වෙලා… හෙට වෙනකොට අතට තියෙන අමාරුවත් හොඳ වෙයි… ?
            ඒක නෙවෙයි කෙල්ල මැරි කරාලු නේහ්හ්…
            ආව්… ආව්… පෙම් පාට….. ???
            Happy wedding life මාෂියෝ… ඔයාටත් ඔයාගේ සුද්දාටත් බුදු සරණයි ???

          2. Wish කලාට තැන්කූ…. ඔය අයියගෙයි මල්ලිගෙයි බොරුවක් අනේ….. තව හිතලත් නෑ marry කරන්න…..??? ලොකු අම්මලගේ ගෙදර ගිහින් හිටියේ අනේ.. මම අයියගේ කතාවෙ දැමමා එහෙ යනවා කියලත්…. ???? හැමෝම රැවටිලා අනේ…. මමත් බැලුවා කවදද මම marry kale kiyala ?????

          3. Hashini Navanjana.

            හපුයි දෙයියනේ….. මෙහෙමත් මැටි අයියෙකුයි මල්ලියෙකුයි…. ? අපිව රැවැට්ටුවනේ…. කමක් නෑ… ඔන්න මං ඔයාලගෙ වෙඩින් එකටත් කලින්ම සුභ පැතුවා කියලා හිතා ගන්නකෝ…. ?

        2. Hashini Navanjana.

          ඒකනේ… සුමී අයියේ… මොන ලෙඩේ හැදුනත් මං ෆ්‍රී නම් එන්නේ නැතිව ඉන්නම බෑ මේ පැත්තේ… දැන් නම් උණ ගොඩක් අඩුයි අයියේ… අතේ අමාරුවත් හෙට වෙනකොට හොඳ වෙයි…
          ?

          1. Ushan aiyya

            AI ban akkata thanks karanne digata dunna kiyala chuti nangiya diga karala denne aiyya ???

          1. Nethmi Samarasekara

            Marry karanna kenek hoyanawa thama hamba unama ennko aiyala nangila hamoma wedding ekata…

    1. Ruwanthi Lakshani

      පැතුමන් පුරා….
      පතා ආ විලස එදා….
      මා ඔබේ මයි සදා….
      රැක ගනිමී මෙමා…
      ඔබෙ පෙම සදා…
      ⚘⚘⚘⚘⚘⚘⚘
      පැතු සෙනෙහස එදා….
      හිමි වී ඇත මෙදා…
      රැජිනකි අද මෙමා….
      එය නොවෙනස් වෙයි සදා….
      ❤❤❤❤❤❤❤❤
      ඔබේ දිවි අරනේ…
      සහකාරිය මම වේ…
      කිමද ඔබ ලතැවේ….
      සෝසුසුම් අතරේ….
      ????????

      1. Ruwanthi Lakshani

        සුමී අයියේ ඔබට…
        දිරියක් වන්නට…
        සැමදා ලියමි…
        පදවැල් ගොන්න….
        ???????
        කියවා ඔබට…
        සතුටක් වෙන්න…
        පුදනවා ඔන්න….
        සුභපැතුම් ඔබට….
        ???????

        1. මාරම ලස්සනයි අක්කි.
          ඔයාගෙ හැකියාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
          ????

        2. Ushan aiyya

          Wow.. මගේ කවිකාරි ඇවිල්ල තියෙන්නෙ මේ.. පට්ට උදේ සුපිරියටම ලියලා තියෙනවා ඔයා ඉතින් කෝමත් වැඩ්ඩී නේ .. ඒකට කියන්න වචන නෑ මට.. ඔන්න මෙච්චර ලස්සන කවි ලියනවට අයියාගේ ඇත්ත ජීවිතේ ගැන කතාවක් අයියා දානව හරිද..ඒක කතාවටත් ආදරණීය කොමින්ට් ඕන ඒකනං කොටස් වශයෙන් යන කෙටි කතාවක්.. ඒකෙ නම් එක කොටසට කොමෙන්ට් දෙසියයක් ඕනි මට කැමතිද.. ඒ කතාවෙත් දැනගන්න පුළුවන් අයියා මොන වගේද කියල හැබැයි එක දෙයක් ඒක ලියන්නෙ කෙල්ලෙක් කියන විදියට… මොකද ඒකෙන් මගේ වර්තමානය වගේම අනාගතයේ තියෙනවා…. ඇත්තටම ඔයාගේ පද ගැලපීම නං පට්ට නංගියෝ ඒකට කියන්න වචන නෑ මට ඉතින් කවියෙන් රිප්ලයි කරන්න පුළුවන් මගේ නිවාඩු දවස විතරයි හොඳේ.. තෙරුවන් සරණයි නංගියා මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි සුබ රාත්‍රියක්

          1. Dunasha Gamage

            ඔයාගේ කවිකාරි?දෙනව ⁣හොදද ගුටියක්.ඒක මම දාපු නම.?????මෙන්න මෙයා දැන් එයාගේ කරගෙන.

          2. Ruwanthi Lakshani

            තැන්කූ උෂ් අයියේ දෙන්නම්කකො කවි මං ඕනතරම්…????

          3. Ruwanthi Lakshani

            ‘මගේ කවිකාරි ‘ ඒක මරු හොදේ….??????

          4. කෝ අනේ අපේ අර ලස්සනට කවි පද ලියන තිළිණි නවෝද්‍යා නංගියා මං දැක්කා මේ දවස් දෙකේ මගේ කතාවට කොමෙන්ට් එකක්වත් නෑ.. එයා දාපු කොමෙන්ට් එකක් හරි මට මිස් වුනා ද නැත්නම් රිප්ලයි නොකර ඉන්නේ කවදාවත්

          1. Ruwanthi Lakshani

            තැන්කූ හසී…. ඔයාට දැන් හොදයිනේ ලෙඩ… ????

          1. Ruwanthi Lakshani

            තැන්කූ මාෂී… බලමු ඉස්සරහට නේද ????

  1. Buddhika subhashini

    අනේ අද කොටස පට්ටයි අයියේ ??? …ඒ දෙන්නගේ ආදරේ ❤️❤️❤️❤️ වෙනදා වගේම අදත් කතාව ගොඩක් ලස්සනයි අයියේ ..good luck අයියා & අක්කි ?????????????????????????????

    1. Ushan aiyya

      එහෙමද නංගි ඔන්න ඉල්ලපු නිසා දිග කොටසක් දුන්නා හෙට පොඩි කොටසක් දීලා අනිද්ද තව දිග කොටසක් දෙන්නම්.. මොකෝ තව දවස් තුනෙන් කතාව ඉවරයි.. හෙට ඉඳලා අඬන්න ලෑස්ති වෙලා ඉන්න ????? තෙරුවන් සරණයි නංගි සුබ රාත්‍රියක් බොහොම ස්තුතියි මේ හැමදේකටම

    1. Ushan aiyya

      බොහොම ස්තූතියි නංගි තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් ඔයාට

  2. Roshani Madushani

    Kathava godak lassanai .hetath digama diga kotasak oni hode.oyage adahas gena nm kiynna vachana ne.manuka abita kemthi unane neda.abige ammlth dennta kemthi unoth nm hodai
    Kathava godak adaraniyai.??????budu saranai

    1. Ushan aiyya

      Heta podi ekak dila anidda loku ekak dennam ha da .. kamthi wena eka kese wethath hoda waliyak balaganna pluwan wawe ???? thank you so much nangiya budusaranyi oyata good night

  3. අම්මෝ මටනම් මාරම සතුටයි අදනම්..අනේ අභී කොච්චර වාසනාවන්තද? දිග comment එකක්නම් දාන්න වෙන් නෑ අයියෙ අද. අද අපේ පන්සලේ හාමුදුරුවෝ සියක් නමක් වැඩම කරලා රාත්‍රි පිරිත් සජ්ජායනාවක් තියෙනවා. අද ඉතින් රෑ එලිවෙනකම් මන් පන්සලේ. අයියට කියන්න ලොකු දෙයක් තියෙනව වගේම අයියගෙන් අහන්නත් මට දෙයක් තීනව මිතූ අයියේ. ඔයා මට මගේම අයියා වගේ නෙමේ මගේම අයියා. ඒ නිසයි ඒ දේවල් ඔයාට කියන්න හිතුවේ. ඒත් අයිය කැමති වෙයිද දන් නෑනෙ.

        1. Ruwanthi Lakshani

          අනේ මන්දා ඔන්න අයියාට විතරක් නෙවෙයි අපිටත් කියන්න…???

    1. සදෙව්මි මාව හොයලා තිබුනා නේද….. පොඩි ගමනක් ගියා අනේ මම….. තව දෙයක් මේ….. මට අක්ක කියන්න එපා අලේ…. මමත් 97 තමා……(මාෂි)

      1. මන් ඔක්කෝමලට කියන්බෙ අක්කි කියලා… මන් හැමෝගෙම නන්ගිනේ අලේ එතකොට…..?????

    2. අයියා කියන්න කිවුවොත් ඉතින් මේකෙම තම කියන්නෙ. ඔක්කොම දැන ගනී…..

      1. Ushan aiyya

        පෞද්ගලික දෙයක් නම් අහන්න එපා නංගි මේක මොකද ඔයා ගෑනු ළමයෙක් නේ.. මම නං ඉතිං හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකෙක් ඒක නිසා කිසි අවුලක් නැහැ ඒත් ඔයාට හොඳක් වෙන දෙයක් නම් අහන්න

        1. හෙට අනිද්දා මැරෙනවයි කියන්නෙ ඔයා ඒ තරම් වයසද ශාන් අයියේ …..
          මේ ඔන නැති දේවල් කියවන්න එපා හොදද … අපිත් මැරෙනවා තමා ඒත් අයියේ ඔය වගේ කතා කියන්න එපා විහිලුවටවත් හරිද ….

    3. Ushan aiyya

      ඔයාට කැමති දෙයක් අහන්න නංගියා මට පිළිතුරු දෙන්න පුළුවන් දේවල් වලට මං අනිවාර්යෙන්ම පිළිතුරු දෙනවා එන්න බැරි ඒවට මම දෙන්නේ නෑ හිත රිද්ද ගන්න එපා ඒ නිසා.. එහෙම උනොත් මට සමාවෙන්න.. එහෙමද..ඒක නං හොඳ පිංකමේ වැඩක් නෑ මාත් ආසයි ඒ වගේ දේවල් වලට නම්..බොහොම ස්තුතියි නංගි මේ ලෙන්ගතුකමට තෙරුවන් සරණයි ඔයාට අනිවාර්යෙන්ම ඔයාලා මගෙම නංගි වගේ

      1. Marena katha kiyanne aiye oyata pissuda..? Mehema ahannamko ehenam. Kellekui kollekui innawa. Kolla kellage aiyage hodama yaluwa. Dan kellageth hodama yaluwa. E kollawa mE kellata gewal wAlin propose karala. Kella kamathi na kasada badinna. Jewithetama kollek epa kiyala thiranaya karala iwarai. Eth e kolla dan aurudu 2ka wele idan ara kellata adare karanawa. Un dennage kasade success weida? E kella daha athe hithanawa me proposel eka kadala dana kramayak…. help this girl please…

        1. Ushan aiyya

          Ammo mawa amaruwe Danna epa Nangi adare kiyana wachaneta pawa mama kamthi na ehema eke okata nam uothara na Mata Inna ruwanthi nnagi Hari masshi Hari kiyavi ha da.. ane sorry nangiya love seen nam Mata alajic

          1. Ruwanthi Lakshani

            Apo ai mata mage lagath uththara ne appa. Love I don’t like a wachaneta man asa ne. Ane mata nam owata uththara denna beriyo…. man yanawo…. ?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️

        2. Ae kolla aurudu dekak balan innawa nam ae eya aththatama adare karanne ae kellata.. mokada kolla boruwak karanawa nam oya thatam kalayak ae kella wenuwen blan inne nahane. Ae kellage pawata thamai eka kadunoth kadenne. Hoda kollek labilath lagin thiya ganna pina na… mata nam danenne ehemai.sorry aiyagen ahapu rkata mama reply kalata. Eth mata kiyanna ona une ae kolla hoda kenek kiyala. Theruwan saranai

          1. Hashini Navanjana.

            ඔය වෙන කෙල්ලෙක් ගැන නම් නෙවෙයි මාෂියෝ මෙයා කියන්නේ… මේ සදෙව්මියා ගැනම තමයි…. ???

          2. ඔයා හරි හෂී අක්කි මේ සදෙව්මියගෙ ප්‍රශ්නයක් තමයි.

          3. ඔය ලැබිලා තියෙන නංගි අනිවාර්යෙන්ම මේ ගෑනු ළමයි කියන ඒවා ගැන හිතලා ඔය හොඳ තීරණයක් ගන්න

          4. Eka wathawakwaraduna kiyala hama wathawema waradinne nahane.hithe loku adarayak nathnam ekama eka kellek nisa oya widihata balan inn naha.oya aiyage yaluwa oyawa godak hodin bala ganiy kiyala hithenawa oya kiyana widihata…… manda ithin oyage kamaththa

  4. ???????????
    අනේ අද කොටස හරීම…. ආදරණීයයි සිත්මි අක්කියෝ..
    ඒ දෙන්නාගේ ආදරේ හරිම ශොක් අනේ ???? මේ කතාව අක්කි මාරම ලස්සනයි.. අක්කිගේ අදහසුත් හරිම ලස්සනට ගලපලා ලියලා තියනවා… ????
    හිත ඇදීලා……. යනවා මේ කතාවට.. මනුකත් ? ශොක්ම ශොක්… අභිත් එහෙම්මමයි…

    අක්කි මේ කතාව ගැන කියන්න වචන නෑ අනේ ඒ තරමටම ලස්සනයි…
    හෙට ඉදන් මොනා වෙයිද දන්නේ නෑ.. අභිගේ අම්මලා කාව හරි propose කරයිද දන්නේ නෑ අභිට.. එයාගේ birthday party එකේදි.. (heeeee නිකමට වගේ guess කලේ අක්කියෝ… හරියයිද දන්නේ නෑ ??)

    අක්කියි අයියයි කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.. ????
    තව ගොඩාරියක් ලස්සන කතා ? ? ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නාටම…
    හැමදාම සතුටින් ඉන්න ?????
    තෙරුවන් සරණයි අක්කි අයියා ???

    #All the best akkiyoo ❤️✌️#

    1. Ruwanthi Lakshani

      මටත් ඒකම හිතුනා අප්පා… එහෙම උනොත් ඉදල වැඩක් නෑ…. අර boyද දන්නෑ propose කරන්නෙ…. ??????

      1. කොහොම උනත් අන්තිමට අභි අයිති වෙන්නෙ මනුකටම තමා ???රුවන්තියෝ… සිත්මි අක්කි ලස්සනට ලියනවානේ ????

    2. Ushan aiyya

      ඔන්න මං නම් ඔය අනුමාන ගැන දන්නේ නැහැ කතාව තව දවස් තුනකින් ඉවරයි එ අනුමාන වලට උත්තර අනිවාර්යෙන්ම ලැබේවි හෙට ඉඳලා හඬන්න බලාගෙන ඉන්න..

      මේ වගේ ආදරණීය කොමෙන්ට් දාද්දි ලොකු සතුටක් දැනෙන්නෙ අපිට.. ඒ ළෙන්ගතුකම නම් කියන්න වචන නෑ ඇත්තටම..දිග රිප්ලයි එකක් නැති වුණාට සමා වෙන්න අයියේ වැඩත් එක්ක තමයි මේවට රිප්ලයි කරන්න එන්නෙ.. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  5. pathiraja shani

    Ane ayye mulinma sorry kiyanawa man english walinma commet karanawata ane sinhala typ wenne na…..waradiyt typ wenne a nisai…hmm adath godaaakma lassanai ayye kathawa…..akkage talent aka nm super .. .
    Abhige biryh day aka gedara ayata mathaka thiyeda.hmm balamuko hetama neda. ??

    Oya dennage hama wadakatauththakma sarthaka wenna kiyala wish karanawa…….dennatama budusaranai…..
    Manukawai abhiwai ekathu karanna akke aniwaryen ….❤️❤️❤️❤️❤️…………

    1. Ushan aiyya

      Ane meme Hari comments Dana eka ne apita thiyena sathuta eka kiyala Nima karanna Bari deyak nangiya godak sathutuyi ekata

      Aniwarenma nangiya issarata balana ko moko wenne kiyala oya kiyana karana dewal sarthaka wewa budusaranyi nangiya good night thank you so much

  6. Ashka Rashmi

    ඔන්න මං අනුමාන කරන්න යන්න අක්කියෝ…? ??? කතාවෙ පොඩි ඇක්ශන් සීන් එහෙකුත් යන්නෙපැයි…නැත්තං ඒක කතාවෙ අඩුවක් පාලුවක් වගේනෙ….මං හිතන විදිහට නම් ඔයත් හිතන්නෙ…අනිවාර්යයෙන්ම අභී ගෙදර යද්දි මුලු ගේම කනපිට පෙරලිලා තියෙන්න ඕන….මට හිතෙනවා අභීට එයාගෙ පේරන්ට්ස්ලා කාවහරි ප්‍රොපෝස් කරන්න හිතන් ඇත්තෙ කියලා…මොකද කලින් දවසක අභී ගෙදර යද්දි පේරන්ට්ස්ලා ගෙ තිබ්බ ඒ වෙනස මට චුට්ටක් ඇල්ලුවෙ නෑ…ඒක එදා කිව්වෙ නැත්තෙ මං හිතුවා ඒක කියන්න ඉස්සරහට දවසක් ඒවි කියලා…දිව්‍ය ඥාණය ??? බොහෝවිට ඔය ප්‍රොපෝස් කරන්න ඉන්නෙ අර හැන්ඩ්සම් වෙන්නැති…හොද වෙලාවට මොන දේ උනත් අභී ගාව අර පෙන් එක ඇතිනෙ…මං දන්නවා සිත්මි අක්කි ලස්සන අවසානයක් කතාවට දේවි කියලා….ඇස් වලට කදුලු ගේන්න එපා…මට දරාගන්න බැරි වෙයි??
    අද කොටස හරිම ආදරණීයයි…මං වගේ නං ඔයිට කලින් ඔය ලිප් කිස් එක ගන්නෙ…? ( just a joke) අනේ ආයෙත් කතාවක් ඕනි අක්කිගෙන්…හරිද…මේ පාරත් ටොප් රේට් එන්නෙ ඔයා…මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න කියලා…ඔයාගෙ හැම වැඩක්ම හොදින් කරගන්න අක්කි…අපේ හිත් මෙච්චර සතුටු කලාට ගොඩාක් පින්.ඔයාගෙ සහෝදරයගෙත් හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ??මං නපුරා එක්ක නං කතා කරන්නෑ….?? දෙන්නාටම සම්මා සම්බුදු සරණයි ? ❤️ සුභ රාත්‍රියක්..???

      1. Nirosha Lakmali

        මේ කෙල්ල එයාගේ කතාවේ දුක්ම දීලා. මේ කතාවේ දුකක් දෙන්න එපාලු දරාගන්න බැරි වෙයිලු අයියා එක්ක නම් හොදටම තරහා වෙලා වගේ. අපිත් එක්කත් තරහට පැට්ටො ඔයා…
        ?????

        1. Ushan aiyya

          ඔව් nirosh නංගියා මාත් එක්ක තරහ වෙලා මගේ නම වත් කියන්නේ නෑ අඩුගානෙ මම වෙනුවෙන් කොමෙන්ට් එකක්වත් දාන්නේ නෑ සිත්මි ගේ සහෝදරයා කියලා කියන්නේ මට දැන් ??? කමක් නෑ ඉතිං.. ඒත් මං එයාගේ කතාව ආදරෙන් බලල ආදරණීය දිග කොමෙන්ට් දානවා

        2. Ashka Rashmi

          අනේ නෑ අක්කා පණ….ඔයාලා ගැන ආදරේ පිරිලා ඉතිරිලා මේ දොර දිගේ ගලන ගමන් ඉන්නෙ…? මාත් සංවේදී කෙල්ලෙක් අනී….ඇත්තටම මේ කතාවෙ අවසානය දුකක් වෙනවට මං එක හෙලා විරුද්ධයි…? ඔයාලාව නලවලා අද මට වැඩක් කරගන්න හම්බුනෙත් නෑ අප්පා..???️

    1. Ushan aiyya

      Hi.. ආශ්කා නංගියා.. මම සිත්මි අක්කා.. මගේ මනුක අයියත් එක්ක තරහ වෙලා කිව්වනේ.. ඉතින් ඔන්න මං ඔයාට රිප්ලයි කරනවා..

      අයියා කියපු විදිහට මං දැක්ක විදිහට ඔයා අති දක්ෂ කෙනෙක් ඉතින් ඔයාගේ අනුමානය සියයට සීයක් හරි..ඒ විදියටමයි වෙන්නේ කිසි වෙනසක් වෙන්නේ නෑ හැබැයි කතාවෙ අන්තිම දුකක් වේවි කියල කියන්නම්කෝ.. මගෙ සුදු අයියා තරම් ඔයාට දිගට කොමින් දාන්නම් මට බෑ හොඳේ..

      පව් මගේ අයියා එයත් එක්ක යාලු වෙන්න ආයෙත්.. ඔයා කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී.. ඇත්තටම කිව්වොත් ඔයා අතිවිශිෂ්ට අති දක්ෂ කෙනෙක්.. ඒ ගැන නම් මට කියන්න වචන නෑ ඇත්තටම සතුටුයි..

      තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් ආයෙත් අයියත් එක්ක තරහ වෙන්නැතුව එයා එක්ක යාළුවෙලා ඉන්න.. පවුලෙ මගේ අයියා.. ආදරේ ගොඩාරියක් මම සිත්මි අක්කා

      1. Ashka Rashmi

        හානේ….හදුනගැනීම සතුටක් සිත්මි අක්කියෝ…ඔයාගෙ වර්ණනාවට බොහෝම ස්තූතියි අක්කි..කතාවෙ අවසානය දුකක් දෙනවා කියනවනං මං හෙට ඉදන් කතාව කියවන්නෑ….?? මොන දේ උනත් අභීව මනුකටම දෙන්න…එච්චරයි ..ඈවරයි දෑවරයි තුන් ඈවරයි .ඔයාගෙ දිග රිප්ලයි එකක් නැතුවට කමක් නෑ අක්කි පණ…වැඩ අස්සෙ ඉදගෙනනෙ මෙහෙම කමෙන්ට්ස් දානවා ඇත්තෙ….ඔයත් හරීම දක්ශ කෙනෙක් අක්කියෝ…ඔයාගෙ කතාවටත් ඔයාටත් මං හරිම ආදරෙයි…සුදු අයියා එක්ක යාලු වෙනවද කියන එක තීරණය කරන්න ප්‍රෙශර් කුකර් එකේ බත ඉදිලා ඉවර වෙන්න ඕනි…??…still cooking ආපෝ…මට වැඩ තියෙනවා මං යනවා..බුදු සරණයි❤️❤️

        1. Nirosha Lakmali

          මෙන්න අයියේ මේ දඟ මල්ල අපි කියපුවම කොපි කරලා අපිව surprise කරන්න වගේ හදන්නෙ. ඔය කිව්වට අයියා එක්ක තරහා නැ. මට ඒක ඉර හද වගේ ෂුවර්.

        2. මම මේ සිත්මිගේ සහෝදරයා කොමෙන්ට් කරන්නේ සෙත්මි මේ වෙලාවේ නිදි නිසා මටම කොමෙන්ට් කරන්න වුණා කමෙන්ට් එකට රිප්ලයි කරල අපහසුතාවයකට පත්වූවානම් මට සමාවෙන්න මොකද සිත්මිගෙ සහෝදරයා කොමෙන්ට් කරන්නේ..උදේට මං සිත්මිට කියන්නම්කෝ මේ වගේ කොමෙන්ට් එකක් දැම්මා කියලා සිත්මි ගේ සහෝදරයා එක්ක තරහ වෙලා ඔයා සතුටින් ඉන්නකො.. තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

  7. කතාව නම් මාරම ලස්සනයි අක්කියෝ ❤️❤️❤️❤️❤️
    ශෝයි අනේ කතාවට හිත ඇදීලා යනවා.????
    මනුකයි අභියිත් ශෝයිම ශෝයි.???
    අද අපිව සතුටින් තියලා හෙට බාල්දියක් හෙම පෙරලන්න එපා.
    අර හාල්පාරුවාව මතක් වෙනකොට මට හිතෙන්නෙම බාල්දියක් පෙරලයි කියලානෙ.??????
    අභීව ගෙදර යවන්නෙ නැතුව ඉන්න බැරිද අප්පා අයියේ ???

    අයියටයි අක්කටයි දෙන්නටම සුභ පතනවා හැකියාවන් දියුණු වෙලා කරන කියන,හිතන පතන සියලුම දේ ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න කියලා.
    All the best
    ??????

    1. ඔන්න ishu නංගී මම නම් බාල්දි පෙරලන්නේ නැහැ. සිත්මි අක්කා තමයි ඉතින්.. එම කරොත් කරන්නේ..බොහොම ස්තූතියි නංගියා මේ ලෙන්ගතුකමට ඇත්තටම මාර සතුටක් දැනෙන්නේ මේ වගේ කොමෙන්ට් දකිද්දි අපට..මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි පුංචි කොමෙන්ට් රිප්ලයි කියලා තරහ වෙන්න එපා හරිම මහන්සි නංගියා.. තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  8. ගෙස් කරා හරි නේද.. අභීගෙ උපන්දිනෙ තමා තිබිලා තියෙන්නෙ…

    අභී ගෙදර ගියා කියන්නෙ special මොනහරි දෙයක් වෙයි වගේ.. මට හිතෙන්නෙ අර හැන්ඩ්සම් බෝයිව අභීට ප්‍රපෝස් කරලද කොහෙද.. මට නම් හිතෙන්නෙම එහෙමයි.. හරිද දන්නෙ නෑ ඉතිම්.. මං මේ නිකමට වගේ කිවුවේ.. හිතට ආපු දේ නොකියා ඉන්න බෑ බෑ වගේ…

    කතාව හරිම ලස්සනයි අක්කියෝ…මොන කියන්නද කියලා තේර්ව්න්නෙ නෑ.. ගොඩාක් ලස්සායි කතව..

    මං සුභ පතනවා අයියටයි අක්කිටයි දෙන්නටම..
    බුදු සරණයි…

    1. ඒකනෙ අනුමාන කරපු ගොඩක් දේවල් අලි නේද…ඉස්සරහටත් ඒ විදියට අනුමාන කරපු හරි යන්න ඉඩ තියෙනව බලමු නේද අද මොකක්ද වෙන්නෙ කියලා… ගොඩක් දුරට අඬන්න වෙයි වගේ.. ඔන්න එහෙම වුනොත් මම නෑ හොඳේ.. අවංක ආදරේ කරද්දි කෙල්ලෙක්ගෙ ශක්තිය කොහොමද කියලා ඉස්සරහ කොටස් වලින් බලාගන්න පුළුවන්.. මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  9. අදනම් හරිම සතුටුයි නංගියෝ. හරිම ආදරණීය කොටසක්. අනේ මේ දෙන්නව වෙන් කරන්නනම් එපා හොඳේ. පව්නේ මෙච්චර ආදරෙන් ඉන්න දෙන්නා.
    මනුක හරිම හොඳ පෙම්වතෙක් නේද? අභීට කොච්චරනම් ආදරෙයිද? ඒ වගේ ආදරයක් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ නේද? අභීට දෙමව්පියන් කියලා නොදුන්න ගොඩක් දේවල් මනුක හරි ආදරෙන් කියලා දීලා. එහෙම ආදරයක් ඇත්තටම ගොඩක් පින්වන්තයි. අයියේ ඔයාගේ කතාවත් ඉක්මනට ඕනේ. බුදු සරණයි දෙන්නටම.

    1. ඇත්තටම පිනක් තියෙන්න ඕන අක්කියො…. මගේ ජීවිතේට නම් ගොඩක් දේවල් මම ගත්තා මෙ කතාවෙන්…..
      අක්කියා අපි දෙන්න කාලෙකින් රන්ඩු උනේ නෑනෙ පාලුයිනේ….?????
      තෙරුවන් සරණයි අක්කියෝ

          1. Mata lajjai aleeeee akkiyoooooooo…. husband kiuwa danma honeymoon ekkan yanna ba kiyala anee…. mama thawama soooooti kellek kiyala… ?????

          2. ඇත්තද මාෂියෝ………….? කෝ බලන්න සූට්ටන් කෙල්ලගේ මූණ………………..

    2. ඉතිං නංගියා ඔයාටත් තියෙන්නේ වගේ ආදරයක් ඔයා පිං කරල තියෙන්නෙ ගොඩාරියක් බලන්න ඔයා කොච්චර සතුටින් ද ඉන්නේ ඒ ආදරේ නිසා.. මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි නංගියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  10. Nethmi Samarasekara

    ලස්සනම ලස්සනයි අයියෙ කතාව..මේ ලස්සන කතාව ඉවර වෙනකල්ම දෙන්න හොදද. දුක හිතෙන අවසානයක් නම් දෙන්න එපා මට පපුවෙ අමාරුව හැදෙයි..අභීව මනුකට දෙන්න ඕන හොදේ නැත්තම් බලාගමු.. හෙටත් මේ වගේ දිගම දිග කොටසක් දෙන්න හොදද..බුදු සරනයි.සතුටින් ඉන්න..good luck?????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️?️?️??????

    1. දවස් ගානකට පස්සේ මේ ඇවිල්ලා ඉන්නේ.. කොහෙද අතුරුදන් වෙලා හිටියේ..හැමදාම විල්ල කතාව කියවලා මේ වගේ කොමෙන්ට් එකක් කරන්න එතකොට නේ අපිට සතුටු මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි නංගියා හෙට දිග කොටසක් දෙන්න බලන්න කෝ තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් ඔයාට

  11. Dunasha Gamage

    අම්මෝ මාර අම්රුවෙන් සුමියෝ මගේ manager ගෙන් 4n එක ඉල්ල ගන්තේ අදවත් මේ පැත්තේ එන්න.☹️☹️එයා මේ දවස් වල හරියට දරුණු වෙලා අනේ.?????මම මගේ කාමරේ ඉදන් හොරෙන් game ගහනවා එයාට අතටම අහු උනානේ අනේ.අම්මෝ ඒක මතක් වෙද්දිත් මට ??????.මොකද හැමදාම comment කරන්න ⁣වෙන්නේ නැති එකට sry සුමියෝ.???

    මේ දවස් වල මම දැවෙන ප්‍රශ්න ගොඩක ඉන්නේ අ⁣යියෝ පොතක් පෙරලද්දිම අර නිදි කුමාරිද කවුද ඉන්නේ අන්න එයා ඇවිත් මාව වැලද ගන්නවනේ තව පොතක් බලද්දි අකුරු නිකන් දුවනවා වගෙයි.කාට හරි පුළුවන් නම් මට උදව් කරන්නකෝ අ⁣නේ……මේවා විසද ගන්න.????

    ම්……කතාව නම් ඉතිං මාරම ලස්සනයි සුමියෝ ??කියන්න වචන නැ අනේ මල් හතයි.????so sweet ane ape sithmi akkiyage adhas nam.????
    ඇත්තටම ලොකු ආදර්ශයක් දෙනව මේ කතාවෙන් අද සමාජේ ඉන්න අම්මලා තාත්තලාට ගැහැනු ළමයින්ට පිරිමි ළමයින්ට වගේම හැමෝට ම.අද ජිවත් වෙන ගොඩක් අය හිතන් ඉන්නේ සල්ලි කියන්නේ ජිවිතේ ම කියලා.අන්න එහෙම හිතගෙන ජිවත් වෙන අයට මේක කියවන්න දෙන්න පුළුවන් නම් මේ රටට ම වෙන ලොකු යහපතක්.මොකද අද වෙනකොට මුළු ලංකාව ම සල්ලි නිසා විනාශ වෙනවනේ.හැ⁣ම හොද දෙයක් ම ඉස්සෙල්ලම පටන් ඕනේ ගෙදරින්නේ.ඒකනිසා තම තමන් හිතන විදිය එක්කෙනා එක්කෙනා හදාගත්තම මේ වැරදිලා තියන ගොඩක් දෙවල් හරිගස්සන්න පුළුවන් වෙයි ඉක්මනට ම.
    (Sry ayye mama kiyapuwa okkama kathawata adala nethuwa ethi mata terena ethta mama kiwwe)

    මනුක නම් පුදුම ඉවසිමක් තියන කොල්ලෙක්නෙ අනේ.සිත්මි අක්කියෝ මනුකට අභී ව දෙන්න හොදද.නැත්තම් අපිටත් දුකයිනේ ඉතිම්.එයාලව එකතු කරනව නේද? හා ද?……ඒ දෙන්න වගේ අදරේ කරන දෙන්නෙක් කතාවකින් හරි එකතු වෙනව බලන්න ආසයි අප්පා.???
    මේ කතාව ඉක්මනට ඉවර කලාට ඔන්න තව එකක් ඉක්මනට ඕනේ හොදේ…….????
    සුභ පතනව ඔයාගේ හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා.

    ආහ් සුමියෝ මම ප්‍රාර්ථනා කරනව ඔයාටත් අභීටත් වඩා උම්මා ⁣පෙරේතියෙක් හම්බෙන්න කියලා.???????ෂෝයි නේද?කොහොමත් හම්බෙයි මොකද ගොඩක් කෙල්ලො ඒවට හරි ආසයිනේ කොච්චර දුන්නත් මදි.

    1. බලන් ඉතින් මේ කෙල්ල මගේ ලොකු අම්ම වගේ නෙ මට කතා කරන්නේ..එකෙත් අමුතු ගතියක් තියෙනවා මොකද හැමෝම මට සුමිත් අයියා සුමිත් අයියා නේ කියන්නේ…ගොඩක් දවසකට පස්සේ හෙන ලොකු කොමෙන්ට් එකක් දැක්කා පට්ටම හොදේ බොහොම සතුටුයි ඒකට නම්.. මට නම් මෙච්චර කොමෙන්ට් එකක් දාන්න වෙන්නෑ නංගි හරි මාන්සි වෙලා ඉන්නෙ මම..

      ඇත්තටම සතුටුයි නංගියා මෙම කොමෙන්ට් දකිද්දී ඔයාලගේ ලෙන්ගතුකම තමයි අපට ලොකු ශක්තියක් වෙන්නේ ඉතිං කතාව තව දවස් තුනකින් ඉවරයි ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම හිතන්න..

      තෙරුවන් සරණයි නංගී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සුබ රාත්‍රියක් ඔයාට

  12. Nirosha Lakmali

    අදත් හරිම ලස්සනයි අයියේ කතාව ඒ වගේම මනුක අද අභීට ලං වුන විදිහ කිස් කරන විදිහ මට නිකන් මැවිලා පේනවා. අභීගේ ගෙදරින් හෙනයක් පාත් කරන්න වගේ නේද හදන්නේ. පව් මනුක කෙල්ලට දැන් ගොඩක් ආදරෙයිනෙ. කෙල්ල නැතුව ඉන්න බැරි නිසා පහුවදා එක්ක යනකම් රෑ එළිවෙනකම් කාර් එකට වෙලා ඉන්නම් කියනවා. අභී ඒ අතින් ගොඩාක් පින්වන්තයි. අර හැන්ඩ්සම්ට අභීව ගෙදර අය දෙන්න හදයිද කියලා ලොකු බයක් තියෙනවා. හැන්ඩ්සම්ට අභීව දෙන්න යනවා කියලා දැන ගත්තොත් නම් මනුක අභීව ⁣සද පානේම එක්ක යයිද කියලත් හිතෙනවා. ඔයාලා ඉතින් කතාව දාලා අවුල් දාලා සතුටු වෙන්නකෝ මොකද ලොකු අවුලක් ලග ලග එනවා කියලා තේරෙනවා. ඒත් ඉතින් අපි පිස්සු හැදිලා වගේ තමයි කතාව කියවන්නේ. ඒ තරමට හදවතට දැනෙනවා. හරිම ආදරෙයි කතාවට. කතා ලියන ඔයාලටත් හරිම ආදරෙයි.

    අදනම් කමෙන්ට් කොටලම අත රිදෙනවා.

    සිත්මිව මතක් කරා කියන්න අයියේ. හදවතින්ම සුබ පතනවා අයියටයි සිත්මිටයි තව තවත් මේ වගේ ආදරණීය කතා ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම දෙන්නගෙම හිතන පතන කරන කියන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
    ❤All the very best….❤
    ????????????????????????????????

    1. මම එහෙම කොමෙන්ට් නොදා ඉන්න කියලා දන්නවා නේද නංගියා.. ඔයාලා ආදරෙන් මට දෙන මේ ශක්තියට මම වටිනාකමක් නොදී ඉන්න කවදාවත්..

      ඔහු නංගියා මටත් හරි අමාරුයි කතා තුනකටම රිප්ලයි කරන්න ඕනේ කතා තුනේම කොමෙන්ට් 100 වැඩිය තියෙනවා ඒවට රිප්ලයි කරලා මම ලියන අලුත් කතාවෙත් පොඩි පොඩි කොටස් ලියනවා මේ ඔක්කොම කලවම් පලා වෙලා තියෙන්නෙ ඒ අස්සෙ company හරිම බිසී මේ දවස් වල gesla ගොඩයි

      ඔක්කොම කලවම් පලා වෙලා ඉන්න දැන් තමයි නංගි මං ගෙදර ආවේ ඒ ඇවිල්ල දැම්මෙ ඔක්කොටම රිප්ලයි කරගෙන යනවා..
      ඒකනෙ කුතුහලයක් දීලා එපැයි ඔක්කොම කරන්න හැබැයි ඔයා කියපු දේවල් වලින් සමහරක් ඒවත් හරි යන්න ඉඩ තියෙනවා. තව දවස් තුනයි නේ එතකොට හැම දෙයක්ම දැන ගන්න පුළුවන්

      බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගියා මේ කොමෙන්ට් මට ලොකු ශක්තියක් අපි හැමදාම ආසාවෙන් කියවන්න ඒක නිසා රිප්ලයි නොකර ඉන්න කවදාවත්ම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. Nirosha Lakmali

        අනේ කතාව තව දවස් තුනකින් පස්සේ නැ ඉවර වෙනවා කිව්වම මාර දුකයි අනේ. මොනවා කරන්නද ඉතින්. තව අලුත් කතාවක් ඉක්මනට දානකන් බලන් ඉන්නම්. අයියේ කොහොමද මං කියපු වැඩේ. තාම හොයාගන්න try කලේ නැද්ද.

  13. කතාව සුපිරී ඇත්තටම අයියෙ ……අයියගෙ youtube profile 1බලන්නේ කෝමද කියන්නකෝ

    1. Ushan aiyya

      බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් යූටියුබ් එකට ගිහිල්ලා search button එකේ Jeewithe Oyatamai කියලා ගාන්න එතකොට වීඩියෝ දෙක තුනක් එයි එකේ D.Sumith කියලා නමින් upload kala thiyenne mama

  14. Ushan aiyya

    ඉක්මනටම ඇවිල්ල අනිත් ඒවටත් රිප්ලයි කරන්නම් වැඩ අස්සෙ ඇවිල්ල රිප්ලයි කරල දුවන්නෙ මේ

    1. දුවන්න එපා අනේ….. වැටුනොත් එහෙම…….?????? හෙමින් ගිහින් හෙමින් එන්න….. හාද….

  15. Hashini Navanjana.

    ?????????
    අම්මෝ…. අද….. මනුක ටිකක් ටිකක් දග වීගෙන වගේ එන්නේ දැන්… එහෙම ඉතිං චුට්ටක් රොමෑන්ටික් උනාට මොකද නේද අනේ… සීමාවක් තියාගෙන….
    ???

    ඔන්න මං කිවුව දේ නම් හරි ගියා ඉතිම්…. අභීගේ B’day එක තමයි මනුක ප්ලෑන් කරේ කීව එක…
    ???

    අද නම් ඉතිං සුපිරිම සුපිරියි….
    මාරම ලස්සනයී සිත්මි අක්කියෝ….. ???
    අනේ… කතාව ඉක්මනින් ඉවර වෙන එකට නම් ගොඩාක් දුකයි අක්කි…….
    ? ??
    ආයේ ඉතිම් කවදා ඔයාගෙන් කතාවක් කියවන්න පුලුවන් වෙයිද දන්නේ නෑනේ…..
    ඒ නිසා ගොඩාරියක්ම දුකයි….
    ? ??

    සතුටක් එක්කම දුකක් වෙයිද කියලත් හිතෙනවා මට.
    ???
    අද අභීගෙ B’day එක….. ආ තව (Kiss eka ? ? )
    ???
    ඒ දේවල් එක්ක සතුටු හිතුනා වගේ අභීට ප්‍රපෝසල් එකක් වත් ගෙනත් තියෙයිද එයාලගේ මමී ඩැඩීයි….. අනේ එහෙම උනොත්…….
    ?????????

    කොහොම උනත් අක්කි සතුටු හිතෙන අවසානයක් දෙයි කියලා හිතනවා… (මොන ජිල්මාට් එකක් දාලා හරී…. ?)

    අද දුන්ම දිග…. කොටසට සුමී අයියට තෑන්ක්ස් හොඳද ???

    ඒ වගේම ඔන්න ඔයාලගේ ප්‍රාර්ථනා නිසාම දැන් නම් උණ අඩු වෙලා ගිහින්. අත කැක්කුම තමයි තියෙන්නේ… ඒකත් වම් අත නිසා හොඳයි. නැත්නම් කමෙන්ට් කරලත් ඉවරයි නේහ්… ???
    ඒකත් හෙට වෙනකොට හොඳ වෙයි…. ගොඩාක් තෑන්ක්ස් හැමෝටම…. ???

    බුදු සරණයි ???
    ??????????

    1. Ushan aiyya

      මේ ඉන්නේ අපේ ලෙඩ කෙල්ල..දිග කොමෙන්ට් කලාට කමක් නෑ ගොඩක් පරිස්සම් වෙන්න ඕන හරිද වෙලාවට බේත් බොන්න ඕන චූටි බෝලයක් ඉන්නව නේද..

      ඔහු නං ගියා මේ කතාව ඔයාලා ගොඩක් අනුමාන කරපු දේවල් හරියටම හරි ගියා ඉස්සරහටත් එහෙම වේවි මොකද තවද කොටස් තුනෙන් කතාව ඉවරයි..

      මේක දුකක් වෙන එකක් නෑ මං හිතන විදියට හැබැයි ඊළඟ කොටසේ නැත්තං අනිත් කොටසේ අඬන්න වෙනවා කියන එක නම් ෂුවර්..

      අදනම් දිගට රිප්ලයි කරන්න බෑ නංගී අත් දෙක රිදෙනවා මාර විදිහට..සමාවෙන්න ඒකට මට හෙට අනිවාර්යෙන්ම දිග කමෙන්ට් දාන්නම්..තෙරුවන් සරණයි ඉක්මනටම හොඳ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දළදා සමිදු පිහිටයි ඔයාට සුබ රාත්‍රියක් නංගී හැමදාම සතුටින් පරිස්සමෙන් එන්න

  16. මායා black..

    ලස්සනයි සිත්මි අක්කි කතාව අදත්..
    අද නම් අක්කලා ගොඩක් ඇවිත් නේද අයියේ..
    කතාවේ අවසානය ලස්සන වෙයි කියලා හිතනවා..
    අද නම් මට වැඩ ගොඩයි අයියේ..
    හරීම මහන්සියි..?
    Good night hamotm?
    All the best❤️

    1. Ushan aiyya

      ඒකනෙ අද අක්කලා ඔක්කොම කොමෙන්ට් කරලා නේද.. ඔයා පොඩි කොමෙන්ට් එකක් දාලා මාරු වුණා නේද..බොහොම ස්තුතියි නංගි මේ ලෙන්ගතුකමට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.