Katha Ahura

පින්වන්ති මා – 26 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

26 කොටස

උදේ පේන්න වත් හිටියේ නැති වුණත් දවල් වෙනකොට අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ආවා .

මම හිටියේ කාමරේට වෙලාම.එළියට එන්න තරම් හිත සතුටින් තිබුණේ නෑ .

මගේ කල්පනාව බිඳිලා ගියේ අම්මා මට කතා කරපු නිසා .පුදුමයි .කවදාවත් මාව මතක් වෙන්නේ නැති අම්මා ඇඳ ළඟටම ඇවිත් මට කතා කරනවා.

මම දොර ඇරලා ආපහු ඇවිත් ඇඳේම හාන්සි වුණා

” සුදු දූ…අද ගෙදර පාර්ටි එකක් තියෙනවා .. ඔයාට විශේෂ කෙනෙක්ව හඳුන්වලා දෙන්න ඕන….

ඒ නිසා අද රෑට ක්ලබ් ගානෙ යන්න තියා ගන්න එපා….”

මගේම අම්මා වෙලත් මම ගැන දන්න තරම් තමයි .අද මගේ උපන් දිනය වෙලත් එයාට ඒක මතක තිබුණේ නෑ .

ඒත් ඊට වඩා වෙන වෙන පාර්ටි නම් එයාට ඕන තරම් තිබුණා .මම මුකුත්ම නොකියා හිටියේ අයියා අද කොහොමත් මාව එක්කන් යන්න එන්නේ නෑ කියපු නිසා .

ඒ නිසා ඉතින් මට අද රෑ ගෙදර ඉන්නම වෙනවනේ.

හතට විතර අම්මා ආයිමත් කාමරේට ආවේ මම ලේස්ති වෙලාද කියලා බලන්න .

” සුදු දූ…ඉක්මනට පහළට එන්න ලේස්ති වෙලා ඉවර නම්….”

වෙනදට විච්චූරණ ඇඳුම් අඳින මම අද අයියා මට උපන් දිනේට අරගෙන දීපු ගවුමම ඇඳ ගත්තා .

ඇත්තටම මම අද හරි චාම්.මම පඩිපෙළ බැහැලා පහළට එනකොටත් කට්ටියගෙම ඇස් තිබුණේ මගේ දිහාවට .

” නිල්මාලි….එදා මම දැක්කේ නෑනේ මේ තරම් ලස්සන දුවෙක් ඉන්නවා ….

බලන්නකෝ කොච්චර ලස්සනද කියලා මේ සුරංගනාවි….”

” අනේ ඇත්තමයි …අපි එදා දකිනකොට හිටියේ කොණ්ඩෙත් කොටට කපා ගත්තු කොල්ලෙක් වගේ කෙල්ලෙක්නේ….

බලන්නකෝ දැන් හරිම ලස්සනයි …”

අම්මගේ යාළුවෝ හැමෝටම තේරුණු මගේ වෙනස අපේ අම්මට තේරුණේ නැහැ.

එයාලා කියන නිසාම අම්මා මගේ දිහා බැලුවා කියලයි මට තේරුම් ගියේ .

අම්මත් දැන් තමයි හරියටම මාව දැක්කේ .මොකද මම ලේස්ති වෙලා ආවේ එදා අයියා මාව හැඩ කරපු ව්දියටමයි.

පුදුමෙන් වගේ ටිකක් වෙලා මගේ දිහා බලන් හිටියේ .

කට්ටියගේ කතා මැදම සාදය ආරම්භ වෙලා තිබුණේ .

ටික වෙලාවකින් වාදනය වෙමින් තිබුණු ගීතය නතර කරලා අම්මා හැමෝටම කිව්වේ එයා ළඟට එකතු වෙන්න කියලා .

ඊටත් පස්සේ මාව එයා ළඟටම ගත්තේ හැමෝම ඉස්සරහ බොරු ආදරයක් පෙන්නලා .

මම හිතුවේ මගේ උපන් දිනේට සුබ පතන්න කියලා .නැහැ.එහෙම හිතපු මටයි වැරදුණේ .

” අද මේ සතුටු දවසේ මම තවත් සුබ ආරංචියක් දෙන්නයි හදන්නේ ඔයාලට …..

විරාජ් පුතා එන්න ඉස්සරහට ….”

අම්මා එහෙම කියලා කාට හරි පිරිමි ළමයෙක්ට ඉස්සරහට එන්න කිව්වා .

” අද මගේ හොඳම යාළුවයි මායි නෑදෑයෝ වෙන්නයි යන්නේ …

ඒ කියන්නේ ශෙරීන් ගේ පුතාගෙත් මගේ දුවගෙත් විවාහ ගිවිස ගැනීම දැන් සිදු කරන්නයි හදන්නේ … ”

අම්මා එහෙම කියනවත් එක්කම කට්ටිය වේගයෙන් අත් පොළොසන් දුන්නත් මම හිටියේ විරම්භීත වෙලා.

මගෙන් වත් අහන්නේ නැතුව කොහොමද අම්මා තනි තීරණයක් ගන්නේ .

” විරාජ් පුතා … කෝ එන්න ළමයෝ …”

අම්මා එහෙම කියලා ආයෙත් ඒ පිරිමි ළමයට කතා කරාම ඒ කොල්ලා ඇවිත් මගේ ළඟින් හිට ගත්තා .

මම තාමත් බැලුවේ නෑ ඒ කවුද කියලා වත්.අම්මා කොහොම කොහොම කිව්වත් අයියා ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව මම කසාද බඳින්නේ නෑ .

” පුතා ඔය මුද්ද දාන්න පාරිගේ අතට….”

අයියා කියන නිසාම අභී කියලා පුරුදු වෙලාම අම්මා මට පාරි කියලා කියද්දි අමුතුයි වගේ දැන්.

ඒත් ඉතින් අයියට විතරක් අභී වුණ මම අනිත් හැමෝටම පාරි තමයි .

අම්මා එහෙම එහෙම කියනවත් එක්ක මම බැලුවේ මගේ ළඟම ඉන්න කොල්ලා දිහා.

කොල්ලගේ මූණ දැකපු ගමන් මම අඩියක් විතර පස්සට පැන්නේ මට හිටපු තැනත් අමතක වුණු හින්දා .

ඒ වෙන කවුරුත් නෙමෙයි හිටියේ .

” හැන්ඩ්සම් ”

ඒත් එක්කම තමයි මෙච්චර වෙලා සන්සුන් වෙලා හිටපු මම දුම්මල වරම අතට ගත්තේ .

” නවත්තනවා … නවත්තනවා මේ විකාර ඔක්කොම …

මගෙන් අහන්නේ නැතුව මං ගැන තීරණ ගන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ …

අඩුම තරමේ මගේ අම්මටයි තාත්තටයි වත්….”

” පාරී කට වහනවා …කාටද ඔය කතා කරන්නේ…”

” නැහැ…මම අද කට වහන්නේ නැහැ… අවුරුදු විසි එකක්ම මේ හැම දෙයක්ම බලාගෙන කට වහගෙන හිටියා .

ඒත් අද මේ හැමෝම නොදන්න මුතුවිල මාළිගාවේ තිත්ත ඇත්ත මොකක්ද කියලා මම කියන්නම්…..”

කොහේ තිබුණු ශක්තියක් ද මන්දා ඒ වෙලාවේ මට ආවේ .හැමෝම පුදුමෙන් වගේ බලාගෙන හිටියේ මගේ දිහා .

” අද මෙතනට ආපු හැමෝම කෝටිපති ව්‍යාපාරිකයෝ විතරයිනේ…
කවුරුත් සාමාන්‍ය පවුල් වල අය නෑනේ නේද …

ඒ නිසා මං කියන්නම් මේ කෝටිපතියන්ගේ පවුල් ජීවිත කොහොමද ගෙවෙන්නේ කියලා …..

නමට විතරක් කසාදයක් කරගෙන දරුවෝ දෙතුන් දෙනෙක් හදලා ඒ ළමයිව ගෙදර වැඩකාරයන්ට බාර දීලා අම්මලා තාත්තලා පාර්ටි වලින්ම සතුටු වෙන ජීවිත විතරයි එයාලට තියෙන්නේ .

දරුවෝ අම්මගේ උණුසුම තාත්තගේ රැකවරණය හොයන කාලෙදි එයාලට වෙලාවක් නෑ දරුවෝ වෙනුවෙන් කැප වෙන්න ….

හොයන්න බලන්න කෙනෙක් නැති වුණාම දරුවෝ අයාලේ යනවා ..නරක පුරුදු වලට ඇබ්බැහි වෙනවා ….

මම කියන දේවල් බොරුයි කියලා කියන්න පුළුවන් එක්කෙනෙක් හරි ඉන්නවා නම් එන්න මගේ ඉස්සරහට ….”

මම එහෙම කිව්වත් හැමෝම නිහඬ වෙලා හිටියා ඇරෙන්න කවුරුත් මට විරුද්ධව කතා කරන්න ආවේ නෑ .

” සුදු දූ…නවත්ත ගන්නවා ඔය පණ්ඩිත කතා… ”

අම්මා හිටියේ කට්ටිය ඉස්සරහ අපහසුතාවයට පත් වෙලයි.මොකද මම කෑ ගහපු විදියට එයාට ලැජ්ජ හිතෙන්න ඇති.

” එපා නිල්මාලි …ඒ දරුවව නතර කරන්න එපා.කතා කරන්න අවස්ථාවක් දෙන්න ඒ ළමයට…..

ඔයාලා කවුරුත් නොදන්නවා වුණාට මමත් සාමාන්‍ය පවුලක කෙනෙක් ….

ඔයාලා වගේ කෝටිපති පවුලක කෙනෙක් නෙමෙයි …”

එහෙම කිව්වේ එතන හිටපු මැදි වයසේ පිරිමි කෙනෙක් .ඒ කවුද කියලා මම අඳුරන්නේ නැති වුණත් එයා නිසාම මට අවස්ථාවක් හම්බ වුණා ආයෙත් කතා කරන්න .

” උදේට ගෙවල් වලින් පිටත් වෙන මේ හැමෝම දුවන්නේ සල්ලි පස්සේ විතරයි ….

එයාලගේ ළමයි කොහේ යනවද, මොනවා කරනවද කියලා මේ කවුරුත් දන්නේ නෑ ….

මේ හැමෝම හිතන්නේ ළමයින්ගේ අකවුන්ට් වලට සල්ලි ටිකක් වැඩිපුර දැම්මම හැම දෙයක්ම හරියට විසඳෙනවා කියලා ….

ඒත් ඒ සල්ලි වලින් ළමයි මොන තරම් වැරදි වැඩ කරනවද කියලා මේ කවුරුත් ම දන්නේ නෑ ….

මමත් ඒ හැම ළමයෙක් වගේම වැරදි දේවල් වලට ඇබ්බැහි වුණා …

දවස ගානෙම ක්ලබ් යන්න පටන් ගත්තා …

බීලා බීලා කොල්ලොත් එක්ක නැටුවා …කරන්න පුළුවන් තරම් වැරදි වැඩ කරා….

ඒත් ඒවා නතර කරන්න මගෙ අම්මටවත් තාත්තටවත් වෙලාවක් තිබුණේ නෑ ….

අඩුම තරමේ මම ගෑණු ළමයෙක් කියලා හිතලා වත් මගේ ජීවිතේ හදා ගන්න උදව් කරේ නෑ ….

මම මේ හැම දෙයක්ම කියන්නේ මගේ අම්මට වත් තාත්තාට වත් ලැජ්ජ කරන්න හිතාගෙන නෙමෙයි ….

මෙතන ඉන්න හැම කෙනෙක්ම කරන වැරදි එයාලටම තේරුම් කරලා දෙන්න ….

මොකද මේ වැරැද්ද මෙතන ඉන්න හැමෝගෙම අතින් දැනටත් සිද්ද වෙන වරදක් නිසා ….”

ඊළඟට මම හැරුණේ හැන්ඩ්සම් දිහාට.

” එතකොට ඔයා…මොකක්ද නම කිව්වේ ..ආ..හ්..විරාජ් ….

තමුසෙට කොහෙන්ද හයියක් ආවේ මාව කසාද බඳින්න තරම් ….”

එහෙම කියලා හැන්ඩ්සම් ට මම කම්මුල් පාරක් ගැහුවේ එයාට තියා එතන හිටපු කාටවත් හිතා ගන්න වත් බැරි වෙන්න .

හැමෝම පුදුම වෙලා බලන් හිටියත් හැන්ඩ්සම් මට වචනයක් වත් නොකියා බිම බලාගෙනම හිටියා .

” හැමෝම ඔහොම ඉන්න …යන්න එපා කොහෙවත්ම…

මම මෙයාට ගැහුවේ ඇයි කියලා හේතුව සාක්ෂි ඇතුවම බලන්න දෙන්නම් ….”

එහෙම කියලා මම මගේ කාමරේට ගිහින් ලැප්ටොප් එක අරගෙන ඇවිත් මේසෙ උඩින් තියලා එදා ක්ලබ් එකේදී හැන්ඩ්සම් මට කරදර කරන්න හදපු වීඩියෝ එක දාලා හැමෝටම බලන්න දුන්නා .

මම වීඩියෝ එක තියෙන චිප් එක අයියගෙන් ඉල්ලගෙන ආවේ මට ඕන වෙයි කියලා දැනුණු නිසාමයි.

ඒත් එක්කම හැන්ඩ්සම් ළඟට දුවගෙන ආපු එයාගේ අම්මා ශෙරින් ඇන්ටි

” විරාජ් මොකක්ද උඹ ඒ කරපු නැහැදිච්ච වැඩේ….”

එහෙම අහලා එයා අත ඉස්සුවේ හැන්ඩ්සම් ට ගහන්න .

ඒත් මම ශෙරීන් ආන්ටි ගේ අත් අල්ලාගෙන ඒක කොහොම හරි වලක්වා ගත්තා .

” ශෙරීන් ආන්ටි ….

නතර කරන්න ඕක….

මේ ඉන්නේ ඔයාගේ පුතා වුණත් ඔයාට කිසිම අයිතියක් නෑ මේ වෙලාවේ මෙයාට දඬුවම් දෙන්න තරම් ….”

” නැහැ දුව…එයා කරපු වරදට එයාට දඬුවම් ලැබෙන්න ඕන ….”

” නැහැ…එයාට දඬුවම් දෙන්න තරම් ඔයා හොඳ අම්මා කෙනෙක් නෙමෙයි ….

මොකද මෙයා කරපු වැරදි ගැන හොයලා බලන්න ඔයාලට වෙලාවක් තිබුණේ නෑනේ …

මම වගේම මෙයත් ඒ හැම වැරැද්දක් ම කරේ ඔයාලගෙම වැරදි නිසා ….”

ඊළඟට මම ආයෙත් හැරුණේ හැන්ඩ්සම් දිහාට.

මම එයාගේ අනිත් කම්මුලටත් පුළුවන් තරම් ශක්තිය යොදලා අයියලහා ඉද්දි දෙවෙනි පාරටත් මගේ ජීවිතේ විනාශ කරන්න හදපු නිසා.

ඒත් මට පුදුමයි .

ආයෙත් එන්නම්

126 thoughts on “පින්වන්ති මා – 26 වෙනි දිගහැරුම”

    1. Chadi kaveesha

      hoda vade handsom ta…denna ona dekak visi venna…???? adath aiya diga kotasak dunnu nisa thanks akkiyo oyata ?????? තෙරුවන් සරණයි ….

    1. Hashini Navanjana.

      මගේ නූරි… ( කෙටි කතාව ) කියවපු මගේ ආදරනීය යාලුවෝ සෙට් එකගෙන් අහන්නේ මේ…. ??? ඔයාලා මගෙ කතාවේ ගොඩක්ම ආස උන සයුශ් ගෙ චරිතය, එයා කතා කරන ස්ටයිල් එකෙන් මගේ නව කතාව කියවන්න කැමති අය ඉන්නවා නම් ලයික් එකක් දාගෙන යන්න. මොකද අද කතාවේ හැදින්වීම ලිවුවා මං …….. ????

      1. Hashini Navanjana.

        කතාව ලියන්න කලින් ඔයාලා ආස style එකකින් ලියන්න ඕනි නිසා අහලම පටන් ගන්න හිතුනා… ???

          1. Hashini Navanjana.

            හයියූ… දෙපාරක් කමෙන්ට් කරලා… ?

          1. Hashini Navanjana.

            තෑන්ක්ස් චාදියෝ… ??? ටික දවසක් යයි පැටියෝ… ?

          2. Hashini Navanjana.

            තෑන්ක්ස් බුද්ධි… ??? ඔයාට කොහොමද අනේ දැන්… පැටියා එන්න ලගයිද… ?

        1. මරුනෙ අක්කියෝ.
          එහෙනම් අපිට ඉක්මනින් ඔයාගෙ කතාවක් කියෙව්වැහැකිනේ.????

          1. Hashini Navanjana.

            තෑන්ක්ස් ඉශූ… ??? ටික දවසක් යයි පැටියෝ… ?

          2. කතාවක් ලියනවා කිව්වම ඉවසන් ඉන්නනේ බැරි … ඉක්මනටම කියවන්න ඕනනේ…..මගෙනුත් සුභ පැතුම් හෂි….

      2. Nirosha Lakmali

        එකෙන්ම කැමතියි. හදවතින්ම සුබ පතනවා ආදරණීය කතාවක් ලියන්න.
        ❤Wish your all the best…❤

          1. නියමයි නියමයි අක්කියෝ… හරිම සතුටුයි.. අක්කගෙන් අලුත් කතාවක් හම්බවෙනවනෙ කියවන්න… ඒ style එකෙන් ලියන්න අක්කියෝ.. ඒක මරු…

          1. Hashini Navanjana.

            තෑන්ක්ස් නවංජනා නංගියෝ…. ??? ඔයාගේ කතාවත් ඉක්මනින්ම ඕනී… ?

      3. Ushan aiyya

        මම ආසයි ඔයා කතා කරන බාසාවෙන් ලියනවනම් නුරිගේ භාෂාවත් පට්ට හැබැයි කෙල්ලෙක්ගේ පාට් එකක් කරන්න හාද මේ විදියට ආපු එකක් සතුටක් ඒ කියන්නේ ලඟදිම කතාවක් බලන්න පුළුවන් ?????

        1. Hashini Navanjana.

          ඔන්න සුමී අයියා… එහෙනම් ඔයාලගේ අදහස් බලලා මං කතාවේ පළවෙනි කොටස ලිවුවා… දෙකටම පොදුවේ ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ම ලිවුවා… මං එහෙම ලියන 1st time… බලමුකෝ සාර්ථක වෙයිද කියලා… ?
          ඒක හොඳයි නේද අයියේ…. ?

        1. Hashini Navanjana.

          ම්ම්… තව මාස 4යි නේද… ??? ගොඩාක් පරිස්සමින් ඉන්න කෙල්ලේ… ඒ වගේම හොඳට කාලා ඉන්න සුද්දි… ලස්සන බෝල පැට්ටෙක් අරන් එන්නකෝ… බුදු සරණයි ??? ඔයාට… ???

          1. Buddhika subhashini

            අම්මෝ තාම කන්න බැරියෝ ??? තාම vomit වෙනවා කෙල්ල .. මොනවා කරන්නද ඉතින් ?? …ඉවසගෙන ඉන්නවා සුදු ..අපේ සූකිරි බෝලේ හොදින් ඉන්නවද . ❤️❤️❤️❤️❤️

      4. මායා black..

        අනේ ශෝක්නේ මන් ආසයි එයා කතා කරන විදියට❤️
        අක්කි ඉක්මනටම ලියන්න හොදේ අපි බලන් ඉන්නවා?

    1. Ruwanthi Lakshani

      ඔබට බැදි සිත
      ඔබට පිදු පෙම
      ඔබගෙ උනුසුම
      කිසිදා අමතක නොවේ මට….
      ????????
      ඔබේ තුරුල්ලේ
      රැදී එකසේ
      ඉන්න ආසයි
      සැමදාම මාහට…..
      ????????
      ඔබගෙ පතිනිය
      වන්න ආසයි
      අපේම ලොවක
      තනිවෙන්න ආසයි….
      ????????
      ඔබ නොමැති ලොව
      නොහැක ඉන්නට
      ඔබෙන් තොර
      දිවියක් නොමැත මට
      සදා අදුරේ සැගවෙමී මම…..
      ????????

      1. Ruwanthi Lakshani

        ඔබගෙ කතාවට සැමදා
        පදවැල් ගොතමී….
        එය මා විසින් ඔබහට
        දෙන තිලිණයකී….
        ඔබගේ දියුණුවට සැමදා
        මම සුභ පතමි….
        මේ මල් මිට අයියේ
        ඔබටයි අයිතී…..
        ?????????

      2. Ushan aiyya

        Hi.. මගේ කවිකාර sweet girl.. කොහොමද ඉතිං … කියන්න වචන නෑ මගේ භාෂාවෙන් කිව්වොත් එළමකිරි… සුපිරියටම ලියලා තියෙනවා නංගි කතාවට ගැලපෙන කවියයි අයියට ලියපු කවියයි.. මට නම් තේරෙන්නෙ මොනවද කියන්නෙ මොනවද ලියන්නෙ කියලා මේවට… දුකයි අයියට ඉතිං අයියා වැඩ කරන ගමන් රිප්ලයි කරන්නෙ කවියකින් රිප්ලයි කරන්න බැරි වෙන එකට..මෙමරි ලියල ඔයාගේ ආදරණීය කවියට වටිනාකමක් දෙනවා නංගී මං ඔයා නම් පට්ට දක්ෂයි ඒ ගැලපීම ඒ වචන සුපිරියටම ලියල තියෙනවා… මට වෙන කියන්න දෙයක් ඇත්තෙම නෑ නංගියෝ patta patta patta.. ඔයා කියන කරන හැම දෙයක්ම සාර්ථක වේවා ෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගියා

  1. Ruwanthi Lakshani

    අම්මෝ අභී නම් මරු අප්පා… ????? එහෙම තමයි ඉන්න ඕනේ. ????? සුපිරි අයියේ කතාව. කියන්න දෙයක් නෑ… ???????

    1. Ushan aiyya

      අභී ඔයා වගේ නේද. ??? thank you so much නංගියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  2. Nirosha Lakmali

    අප්පට සිරි. අභී දැන් චන්ඩි රැජිණක් වෙලානේ. අද නම් මට මාරම සතුටුයි අයියේ. කෙල්ලො වුනාම බය වේලාම ඉදලා හරි යන්නෙ නැ. අනිත් අයවත් පොඩ්ඩක් බය කරලා තියා ගන්න ඕනේ. හොද වැඩේ ඔය හැන්ඩ්සම්ට ගහලා මදි. අභී මනුකගෙම විතරයි. අවුල් දැම්මොත් තරහම තරහයි. අභී මනුක ලගටම යයි නේද. මේ දේවල් වුනාට පස්සේ මනුකට අභීගේ ගෙදරින් කැමති වෙයි නේද. මේ⁣ දෙන්නව වෙන් කරන එකක් නැ කියලා හදවතින්ම විශ්වාස කරනවා.

    අයියටයි සිත්මිටයි හදවතින්ම සුබ පතනවා කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.
    ❤All the very best….❤
    ????????????????????????????????

    1. Ushan aiyya

      කමෙන්ට් කරන්න පරක්කු වුණාට සමාවෙන්න. management meeting එකක් තිබ්බ නංගි.. මේ දවස් වල වැඩ චුට්ටක් බිසි…

      ඒකනෙ මාත් අභී වගේ කෙල්ලෙක් හොයන්න ??? හෙට කතාව ඉවරයි නංගී.. සිත්මි අක්කාගෙන් නම් දැන්මම කතාවක් බලාපොරොත්තු වෙන්න එපා එයා මේ දවස් වල පට්ට බිසී
      බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගියා ලොකු comin දාන්න වෙලාවක් නෑ නංගි ඉක්මනටම හැමෝටම කොමෙන්ට් එකට පොඩි රිප්ලයි එකක් හරි දාගෙන යනවා තෙරුවන් සරණයි ඔයාට

      1. Nirosha Lakmali

        මං හිතුවා අයියට වැඩ වැඩි ඇති කියලා. නැත්තම් ඉතින් අයියා රිප්ලයි නොදා ඉන්නෙ නැ කියලා දන්නවනේ. රිප්ලයි නැ කියලා තරහා වෙන්නේ නැ. ඒ නිසා පරිස්සමින් වැඩ කරගන්න.
        බුදු සරණයි!

  3. Buddhika subhashini

    ??? අද නම් නියමයි අය්යේ…ඔහොම තමා අර දෙමව්පියන්ට කතා කරන්න ඕනී…good luck අයියා & අක්කි ❤️?❤️?❤️?❤️?

    1. Ushan aiyya

      අද තවත් ලස්සන කොටසක් තියේවි. යටින් කතාව ඉවරයි.. බොහොම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට අනේ පරිස්සම් වෙන්න මේ දවස් වල ගොඩාරියක් හොඳේ

  4. Hashini Navanjana.

    අද නම් මට සතුටුයි අයියේ… මොකද අභී ඒ විදියට කතා කරපු නිසා… එයා කොච්චර නම් වෙනස් කරලද මනුක. බාහිර රූපෙන්, පුරුදු, ගතිගුණ වලින් වගේම සිතුවිලි වලිනුත් කෙල්ල ගොඩක් වෙනස් වෙලා… ???

    හොඳ වැඩේ ඒ දේවල් අභී ඒ විදියට කරපු එක නම්. අර හාල්පාරුවටත් හොඳම හොඳ වැඩේ… දීපු කනේ පාරට… ???
    මං වගේ උනා නම් සපත්තු ? පාරකුත් දෙනවා හොදවැයින්… ඒත් අභී කිවුවත් වගේ ඒ කොල්ලගෙ පිටිනුත් සම්පූර්ණ වැරැද්දම දාන්න බෑ නේද… ???
    අභීගෙ අම්මා තාත්තගෙ වැරදි නිසා අභී වැරදි පාරක ගියා වගේම ඒ කොල්ලත් ඒ වගේ වැරදි වැඩ වලට පෙලඹුනේ අම්මා තාත්තාගෙ නොසැලකිල්ල නිසානේ… ඒ අම්මටත් අභී ඒ දේ ගැන කියපු එක නම් ශෝයි….

    ඉතිං අක්කියෝ…. හරිම ලස්සනයි කතාව. ??? මං නම් දුක් වෙන්නේ නෑ දැන්… මොකද අභී දැන් ශක්තිමත් කෙල්ලෙක්… ???

    ඒ නිසා විශ්වාසයි අභී මනුකගෙම වෙනවා කියලා… ???
    මනුක කියනවා වගේම අම්මා තාත්තගෙ කැමැත්තත් කොහොම හරි ගනියි කෙල්ල.
    මට හිතෙන විදියට විරාජ් එයාගෙ වරද පිලිගෙන ඉන්නේ… ඒකත් ලොකු දෙයක් නේ නේද….
    ???

    හෙටත් ලස්සනම ලස්සන කොටසක් අරන් එනකල් බලන් ඉන්නවා…. ???

    බුදු සරණයි ???
    ??????????

    1. Ushan aiyya

      කමෙන්ට් කරන්න පරක්කු වෙනවාට සමාවෙන්න නංගි මේ සතියේ ගොඩක් වැඩ.. ඔලුව එක තැනක නෑ හැම තැනටම දුවනවා ඉවරයක් නෑ

      දිග රිප්ලයි කොමිනට නෑ කියලා අයියත් එක්ක තරහ වෙන්න එපා හොඳේ free වෙලාවට දිග කොමෙන්ට් දානවා නෙ අයියා

      ඔහු nandiya කතාව හෙටින් ඉවරයි… හැම දෙයක්ම රට වේවි කියලා මට හිතෙනවා මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි නම් ගියා තෙරුවන් සරණයි ඔයාට දැන් කොහොමද හොඳයි නේද අපේ රෝස බෝලේ මතක් කරා කියන්න තෙරුවන් සරණයි

  5. අනේ අද මරූ… අභි මාර ගැන්මේන්නේ කතා කරනන්නේ. මනුක නිසා තමා ඉතිං…
    ශෝක් අක්කියෝ කතාව..
    ඔයායි අයියයි කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ???
    තෙරුවන් සරණයි ???
    #all the best akki ❤️✌️

    1. Ushan aiyya

      ඒකනේ කතාව ෂෝක් නේද ඉතින් කතාව ඉවරයි හොඳේ.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගි තෙරුවන් සරණයි ඔයාට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න රිප්ලයි දිගට දාන්න බෑ නංගි ගොඩක් වැඩ අස්සෙ මේ ඇවිල්ල දාන්න

  6. Sweet angel

    නිම්තෙරක් නොපෙනෙන සසර ගමනක
    සොදුරු නැවතුම ජීවයයි සැමගේ….

    දුක් කදුලු නෙතු අග සිරකරන්
    හිනැහෙනා කුසුමක්ය නුඹ මට
    කිසිදාක නොබසින සද එළියමයි
    අම්මේ……

    කම් කටුලු මැද ගෙවෙන දිවි මග
    නොසෙල්වෙන ගල් පවුර නුඹම ය
    කිසිදාක නොබසින හිරු එළියමයි
    අප්පච්ච……

    සිව්වසක දිවි මග ආයු ලැබ
    සිටීවා මා අසල සැමදින
    මෙවන් වූ දින ඔබෙන් මා ලද
    ජීවයයි මෙලොවේ…..

    එය වේ පැතුම මාගේ
    මේ උපන් දිනයේ
    ඔබහට
    ප්‍රණාමය මාගේ….

    ඇත්තටම අය්යේ….. කෙනෙක්ගේ උපන් දිනේ ගොඩක්ම සතුටු වෙන්නේ එයගේ අම්මයි අප්පච්චී… මම දන්නවා මගේ අම්මයි අප්පච්චි මේ මම ලියපු නිසදැස කවදාවත්ම දකින්නැති වෙයි එත් අද මගේ උපන් දිනේ දවසේ මට ඕන වුනේ ඒ දෙන්නට ස්තූති කරන්න ❤️❤️❤️❤️❤️❤️

    Kathw shooi ayye comment krnn bari wunata sorry passe dwska dannkoo lokuu ekk bs parissmen inn oyala ????

    1. හිතන පතන සියල්ලම ඉටුවෙන සුභම සුභ උපන්දිනයක් වේවා.?????????

      1. I wish you Happy birthday angel…… eyalata dakinna widiyak kiyannada…. oya hadapu me nisadasa oya thun denama inna photo ekak aran edit karala frame ekak dala gedara thiyanna…. good luck theruwan saranai

    2. Ushan aiyya

      Many many happy returns of the day my sweet sister … ඔයා පතන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මේ අයියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි ඔයාට මගේ නංගියා.. සුභ උපන්දිනයක් වේවා

    3. මායා black..

      Happy cake day!!?❤️?
      අක්කියෙක්ද නන්ගියෙක්ද කියලා නම් දන්නේ නෑ?
      Have a blast??

    4. Ushan aiyya

      රිප්ලයි කරන්න පරක්කු උනාට සමාවෙන්න නංගි ගොඩක් වැඩ අස්සෙ හිටියේ මම ඇත්තටම ආදරණීය ලස්සන කවියක් මේක ලස්සනට ගලපලා තියෙනවා නංගී ඔහු මම දන්න ඔයා වැඩ කියලා ඒකයි මං වැඩි ඔයා ගැන එව්වේ නැත්තේ නැත්නම් මං නමක් දාලා ඔයා ගැන බලනවා ඔයා කිව්ව එන්න වෙන්න වෙන්නෑ කියලා .. මේ ලෙන්ගතුකමට බොහෝමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට

      1. Sweet angel

        Ow ayye me dwswala wada godaaak thiyenw ….. aththtama comment krnn bari wei passe dwska dannmkooo loku comment anith katha wltath …. plzzz thrha wenna epaaa
        Me akkila & ayyla mata wish krla thibuna ekta kiygann bari thram sathutui ❤️❤️❤️❤️
        Godak thnks oyla hamotama bs ayye oyath parissmen inn

  7. අභී කෙල්ල වැඩ්ඩියෙක් වෙලානෙ???
    කෙල්ලො උනාම එහෙම තමයි ඉන්න ඕන.???
    මන් හිතන්නේ කෙල්ලෙක් වුනාම හරිදේට හරී කියන්නත් වැරදිදේට වැරදි කියන්නත් ඒ වැරැද්ද පෙන්නලා දෙන්නත් ශක්තිය තියෙන්න ඕනා.???
    ඔය හිපාටුවට ගහලා මදි හම ගහන්න ඕනා හරිනම්.?????
    මට ඒ උලමාව හම්බුනොත් බෙල්ල ගලෝලා අතට දෙනවා බල බල ඉන්න.??
    අභීගේ ගෙදරින් මනුකට කැමති වෙයි නේද අක්කියෝ.
    හෙට දිග කොටසක් දෙන්න අයියේ.

    කතාව ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
    මාරම ආසාවෙන් කතාව හැමදාම කියවනවා.
    අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියටයි අක්කටයි දෙන්නටම
    ??All the very best ? ?
    ???????

    1. Ushan aiyya

      අම්මෝ මේ කෙල්ලගේ නපුරුකම් බලන්න.. මම අහන්න එහෙම බනින්න හොඳයිද.. ??

      ඇත්තටම සතුටුයි මේ වගේ කොමෙන්ට් දකිද්දී.. ලොකු රිප්ලයි එකක් කරන්න වෙලා නෑ දැනට මේ වගේ දාන්නකො ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට

  8. ⚘⚘Tharu⚘⚘

    Adath kathwa gdk lassanai ayaa..eth m unth m waradda klth virajuth paw neda..viraj e thrm loku waraddak krnna pelabenna hethuwath eylge amma thaththa eya gana hewwe baluwe nathi nisa neda..eyta demawpiyange adare hariyta hambuna nm visheshenma ammage adare hambuna nm kawadawathma kellekta e wge deyak krnna aiya..demawpiyo salli passe duwaddi lamai kochchara asarana wenwda..eylta oni adare karunawa wgema hoda naraka salli walta denna ba..me kathwa adaraniya kathawakma vtharak nemei..ada samaje gdk welawata sidda wena deyak..aththamai me kathwa nm gdk lassanai wgema hithata danena kathwak..adaraya vtharakma nemei adarshamath kathwak..me wge katha thwa gdaaariyak ooni akki aiya dennagenma…good luck..

    1. Ushan aiyya

      Aniwarenma nangiya mmaa ekagayi oyage comments ekata comments reply Danna parakku unata sorry godak busy nangiya
      Me hamdekatma godka thanks budusaranyi oyata hamdma sathututin parisemn Inna

  9. Shaaa niyamai ??…ara handsome kiyla hithan inna nariyata hoda wadak krnna ona…aye kellek diha balannath baya hithenna ????…dan nam abhige parentsla manukata kamathi wei ?????

  10. අන්න එහෙම තමා කෙල්ලෝ ඉන්න ඕනි… අභී කරපු වැඩේනම් මරු…

    මං ගෙස් කරා හරි නේද අයියේ… හැන්ඩ්සම්ව අභීට ප්‍රපෝස් කරයි කියලා… කතාව ගොඩාක් ලස්සනයි අක්කියෝ..

    මට අද පොඩි අකර තැබ්බයක් උනා…අනේ අහ දිඅ comment එකක් දාන වෙන්නෙ නෑ අයියේ… sorry…

    1. Ushan aiyya

      Eka ne oya hariyatama kiuwa
      Sorry nangiya matath comments karanna parakku Una wada godka ane moko une oya hodin neda nangiya thank you nangiya budusaranyi

  11. pathiraja shani

    Ammooh handsome kawa neda .abhi gen…….
    Abhi chandi kellek wela neda….❤️❤️

    Oma thamai demapiyata kiyala denna oni waradi ..hadaganna…
    Dan samahara wita manukata kamathi wei neda abhilai gedarin.
    Heta wenakam ewasillak.na ayyee.godaaaak lassanai
    Sithmi akki lassanata kathawa ..liynawa…..good luck dennatama…..❤️❤️❤️theruwan saranaiii

    1. Ushan aiyya

      Comments eka parakku unata sorry nangiya godka busy … Aniwarenma nangiya Sithmi akkagen danam ekak ganna wenne na .. passe Devi hode .. thank you so much nangiya budusaranyi oyata

  12. නුබේ සෙනෙහසින්
    එක් මොහොතක්
    ඈත් වූ විට
    දැනෙන පාලුව
    විදින වේදනාව
    අපමනය….

    විසි වසරකට පෙර
    පුංචි බිලිදියක වී
    ආවත් මම
    මේ ලොවට
    සුන්දරයි සිතා
    නොලැබුනා මට
    පැතූ ඒ සෙනෙහස

    හමු උනා කුමරෙක්
    නොසිතූ වෙලාවක
    ගෙවනවා දිවියම
    ඔහු තුරුලේ හැමදාම
    සිතුවමුත් කවුරුන් හෝ
    වෙන් කරන්නට
    අප දෙදෙන
    මියැදුනත් නෑ කිසිම දින
    වෙන්වන්නෙ අප දෙදෙන …

    අද නම් මරු හොද වැඩේ හැන්ඩ්සම්ට….. ඔහොම වෙලා මදි….. ඒ උනාට පව් එයත් නේද අයියේ … එයාගේ දෙමව්පියන් එයාව හරියට හැදුවා නම් එයත් නරක කෙනෙක් වෙන්නෙ නෑනෙ….(මටත් පිස්සුනේ එහෙම උනා නම් කතාවක් නෑනෙ…) තෙරුවන් සරණයි අයියේ, අක්කියෝ

    1. Hashini Navanjana.

      අම්මෝ…. මාෂියෝ…. හරිම ලස්සනයි අනේ ඒක. කතාවටම ගැලපෙන විදියටම ලස්සනට ගලපලා ලියලා ඔයා… ???

    2. Nirosha Lakmali

      මාරම ලස්සනයි නංගා. හදවතින්ම සුබ පතනවා තව තවත් මේ වගේ කවි ලියන්න.
      All the very best…

    3. Ushan aiyya

      සොරි නංගියා රිප්ලයි කරන්න පරක්කු උනාට ගොඩක් වැඩ අනේ මම…ඇත්තට හරිම ආදරණීය ලස්සන කවියක් යන සුපිරි වැඩ්ඩෙක් ඔය වගේ කතාවක් ලියන්න ට්‍රයි කරන්න ඕනේ…

      පොඩි කොමෙන්ට් රිප්ලයි එකක් දාන්නෙ ගොඩක් වැඩ හෙට දාන්නම් දිග එකක් හොඳේ තෙරුවන් සරණයි ඔයාට සාර්ථක වේවා

  13. මායා black..

    ඕ යේ?? අභී නියමයි ආ
    අද නම් මට මාර happy?
    තව දෙක තුනක් අනින්න තිබ්බේ..
    අද නම් කතාව සුපිරීයියියියි….??
    අයියේ මේ දවස් වල නම් මට වැඩිය comments දාන්න බැරි වෙයි exam ලඟයිනේ.. පාඩම් කරන්න ගොඩාක් තියෙනවා.. හැබැයි කතාව නම් මන් කියවනවා කියවලා රේට් කරන්නම්..
    අයියත් busy nd ගොඩක්.. ඒත් අපේ comments වලට rply කරනවට thanq ayye..?
    Good night ayye?
    All the best❤️

    1. Ushan aiyya

      හරි පාඩම් වැඩ කරන්න නංගි ඊට පස්සේ ෆ්‍රී වෙලාවට ඇවිල්ල කොමෙන්ට් කරන්න.. මුල් තැන exam එකට දෙන්න ඕනේ හරිද..ඔයාගේ සෑම සාර්ථක වෙලා ඔය උඩින්ම පාස් වෙන්නෙ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි හැමදෙයකටම බොහොමත්ම ස්තුතියි

  14. Thilini Navodya

    නැගෙන්නෙමි
    රුදුරු සයුරක් විලසින්
    මගේ ප්‍රේම පාරමිතාවට
    බිද දමන්නන්ට එරෙහිව…….

    හමන්නෙමි
    සැඩ සුලගක් වී
    ඔබටත් මටත් එරෙහි
    සියල්ල සිද දමන්නට…….

    සුන් කරන්නෙමි
    සියලු නපුර
    ඔබේත් මගේත්
    ප්‍රේමයට එරෙහි……

    රැදෙන්නෙමි අභියස
    රකින්නෙමි පණපුදා
    හද දෙවොලේ
    ඔබ නමින් පුරන……❤️❤️❤️

    සංසාරගත පාරමිතාව…….❤️❤️❤️

    හුගාක් ලස්සනයි අක්කි කතාව??.හරිම ආසාවෙන් කියවනව?.අනේ මට සමාවෙන්න කමෙන්ට් කරන්න බැරි උනාට.මං අසනීප වෙලා hospital ඉදල එනකොට.මං නොකරපු වැරැද්දකට මට හිටපු එකම යාලුව මං එක්ක තරහ වෙලා.අනේ sorry ඒත් මං අද ඉදන් වෙනද වගේ කමෙන්ට් කරනව.අපේ කමෙන්ට් පෙරේත උෂාන් අයියට අද ඉදන් ආයෙ දිග දිග කමෙන්ට් දෙනව.අදට විතරක් සමාව දෙන්න උෂාන් අයියේ.ඔයාල දෙන්නගෙම හැම දේකටම සුබ පතනව❤️???????

    1. Ushan aiyya

      Wow.. මේ ඇවිල්ලා ඉන්නේ කවිකාරි.. ඒකනම් පට්ට උදේ ලස්සනටම ගලපලා තියෙනවා කියන්න වචන නෑ සුපිරි.. අනේ මොකද උනේ නංගී බෙහෙත් ගත්තද ඔයා අනේ පරිස්සං වෙන්න ඕනේ අද නම් ලොකු කොමෙන්ට් එකක් දාන්න ටයිම් මදි හෙට අනිවාර්යෙන්ම දානවා.. බොහොම ස්තුතියි මේ හැමදේකටම නංගී ඇත්තටම ඔයාගේ පද ගැලපීම සුපිරි නියම ගලපල තියෙනවා තෙරුවන් සරණයි ඔයාට

  15. Dunasha Gamage

    Ammata horen awe sumiyo??kathawa godak lassnai hode.ada nam abhi mama wage wela wage.hetath diga episode akak denna hodada me wage.ehenam mama yanawo bye….

  16. අදනම් සුපිරි අයියේ. නියමයි. අභීට ඔහොමවත් කියාගන්න පුලුවන් වෙච්ච එක හොඳයි. ඇත්තටම සල්ලිකාර පවුල්වල ඇත්ත තත්වේ ඕක තමා නේද? ඒක තේරුම් ගන්නවානම් සමාජේ මේ තරම් කුරිරු වෙන එකක් නෑ නේද? අභීනම් දැන් නියමම කෙල්ලෙක්. ඒත් ඉස්සරහට? අනේ මන්දා.
    නංගියෝ හැමදාමත් කතා ලියන්න අපි වෙනුවෙන්. අයියේ ඔයාගෙත් වැඩ අස්සේ දාන කමෙන්ට් එක මාර වටිනවා හොඳේ. බුදු සරණයි. ?????

    1. Ushan aiyya

      Aniwarenma nangiya eka.nam aththa.. Ada nam reply karana parakku Una ekata samawena hode thank you so much nangiya budusaranyi oyata heta diga ekak dannam hode ????♥️♥️♥️♥️

  17. අනේ සුමී අයියේ ඔයානම් සුපිරී ඇත්තටම හලෝ ..

    මටනම් හිතෙන්නේ අයියේ ඔයාගෙ හදවත ගොඩාක් ආදරනීය අහිංසක නිර්මාණශීලී හදවතක්…..කෝමත් ඉතිම් ඇත්තටම අපේ සුමී අයියා දශ්ටයානේ….??????????
    අවංකව කියනවනම් අයියේ ඔයාගෙ කතා කියවන අපට රසයක් ලබාදීම වගේම ලොකූ ආදර්ශයකුත් හැම කතාවෙන්ම දෙන්න ඔයා අමතක කරන්නේ නෑ….ඇත්තටම අයියෙ කතාව පට්ට කියන්න වචන නෑ හරිද හලෝ…..
    හැම කතාවෙම වගේ අභීවත් එයාගෙ අම්මයි තාත්තයි heart attack hadila hari storye kollawa maranawa kiyala hari proposal ekata kamathi karawai kiyala mamath hithuwe ayye…eeth balannakoo ayye oyaa සාම්ප්‍රදායික බවෙන් ඈත් වෙලා කතාව හරිම තාත්ත්වික ව ඉස්සරහට ගෙනියනවා…ඉතිම් අනේ ඔයා පට්ට කියනව ඇර මොනා කියන්නද මට හිතන්න බෑ….ඇත්තටම මේ මගේ පෞද්ගලික අදහස හොදද අයියේ …කතාව කෝමද ඉස්සරහට වෙන්නෙ කියල මට හිතා ගන්න බෑ…ඒත් කෙල්ල ගොඩක් පිං කරල තියෙන්න ඇති එයාගෙ අයිය පනව එයාටම ලැබෙන්න…කතාවෙ නම පිංවන්තී මා හින්දා දෙන්නට දෙන්නා අනිවාර්යයෙන් ලැබෙයි කියල මට හිතෙනව හොදේ………

    1. මේ කතාව ලියන්නේත් සිත්මියි ඔයයි නේද අයියේ….ඔයාට වගේම සිත්මි වත් ඔයා වගේම ගොඩාක් අගය කරනව හොදද …..ඒ වගේම හදවතින්ම ගරු කරනව කතා අහුරෙ අපි වෙනුවෙන් කතා ලියන හැම ලේඛකයන්ට ලේඛිකාවන්ට වගේම කතා අහුරෙ ඇඩ්මින් සර්ටත් හොදේ….

      1. අනේ මටනම් ඔයාට උශාන් අයියා කියන්න බෑ හොදද …. ….අයියගෙ පලවෙනි කතාවෙ දෙවෙනි කොටසෙ ඉදන් විතර මට මතක විදියට මම අයියට ක්මෙන්ට් කරා…ඉතිම්ම් එදා ඉදන්ම මටනම් ඔයා සුමී අයියම තමා හොදේ….තරහ වෙන්නෙපා එහෙම කිවුවට හොදේ…..
        අම්මෝ අයියේ චන්ඩි කෙල්ලො සෙට් එකට මල පනීද දන්නෙ නෑ නේද ?????????

    2. Ushan aiyya

      සමාවෙන්න ඕනේ රිප්ලයි කරන්න පරක්කු උනාට ඇත්තටම ගොඩක් වැඩ තිබ්බ නංගී.. මං ජන දීපු වර්ණනාවට බොහොමත්ම ස්තූතියි ඔයාලත් මම වගේ නිසයි මං ඔයාලත් එක්ක මෙච්චර ලෙන්ගතු ඔයාලත් මාව ගණන් ගත්තේ නැත්තං මම මේ වගේ ළෙන්ගතු වෙන්නෙ කවදාවත්.. මටත් වඩා ඔයාලා ගොඩාරියක් හොඳයි ඒකයි මං මෙච්චර ආදරේ කරන්න ඔයාලා හැමෝටම..ඔව් මං දන්නවා ඔයා මගේ කතා වලට කොමෙන්ට් දෙකකට තුනකට වැඩිය දාලා නෑ කියලා ඒත් ඔයා නැති උනාම මං කොමෙන්ට් වල දාලා ඔයාව එව්වා ඔයා දකින්න නැතුව ඇති a comment.. .. හැබැයි ඔන්න ඔයා මට නයෙක් පෙන්නුවට ඕන මං නම් දුෂ්ඨ නෑ හොඳේ.. ඔයා කැමති නමක් මට කියන්න නංගි මං ඒ ඕනම ඒකට කැමති ඕනම එකට ආසයි. ගොඩක් දිග කමෙන්ට් එකක් දාන්න ටයිම් නෑ අයියා වැඩත් එක්ක ඇවිල්ලා ඉන්නේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

  18. Ushan aiyya

    ළමයි එකපාරටම වැඩ වගයක් සෙට් වුණා ඔක්කොම ඉවර කරලා තමයි මේ පැත්තට එන්නේ වෙන්නේ ඇවිල්ලා කතා දෙකේම කොමෙන්ට් වලට රිප්ලයි අනිවාර්යෙන්ම දාන්න රිප්ලයි පරක්කු වුනා කියලා තරහ වෙන්න එපා හොඳේ අනිවාර්යෙන්ම මං ඇවිල්ලා දාන්නම්ඔයාලා ඔක්කොටම සුභ රාත්රියක් තෙරුවන් සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඔක්කොම

    1. Thilini Navodya

      තරහයි තරහම තරහයි.අයිස් කැටේ දිය වෙනකන් යාලු වෙන්නෙ නෑ?.

      විහිලුවට හොදේ කිව්වෙ.ඔයාට පුලුවන් වෙලාවක reply කරන්න.???.ඔයා එක්ක තරහ වෙන්න බෑ අනේ.

      .

      1. Ushan aiyya

        මම දන්නවනේ මාත් එක්ක තරහ වෙලා ඉන්න බෑ කියල ඔයාලා නංගිලා මට ඔක්කොම ගොඩක් ආදරේ කියලා මං දන්නවනේ

  19. Ashka Rashmi

    කමෙන්ට් එකක් දාන්න ආපු දුර…හම්මෝ…මට මාර මහන්සියි අප්පා….සොරි වෙන්නෝන උශාන් අයියේ මෙච්චර පරක්කු උනාට කතාව කියවන්න හොදේ…? දිග කමෙන්ට්ස් දාන්න ටිකක් අමාරුයි අද..ඒත් මේක කියන්නම ඕන…ආන්න කෙල්ලො…අභී නං පට්ට අයියෙ…මරේ මරු…විරාජ් කාරයා ඇත්තෙ දැන් අර මොකද්ද ගිලපු මොකද්ද එකා වගේ…වැරැද්ද තමන් අතේ තියාගෙන කතාකරන්නවත් බෑනෙ කෝමත්…අභී කියපු හැම දෙයක්ම හරි…ඒ වගේ අම්මලාට දැන්වත් ඇත්ත තත්වය තේරුම් කරලා දුන්න එක හොදයි…කතාව ඉවර වෙන්න ලගයිද අනේ ඒ කියන්නෙ? ..අනේ…හරිම ආසාවෙන් කියවන කතාවක්නෙ…තව දුර ඇදගෙන යන්නකො….කියන්නකො උශාන් අයියෙ සිත්මි අක්කිට…? කොහොම උනත් අන්තිමේදි අභීව මනුකටම අයිති වෙනවා..මට ශුවර්..ඔතනට මනුකත් ඒවි බොහෝ විට..හැමෝම මනුකට කැමැත්ත දේවි…ඇයි ඉතින් අභීව විරාජ්ගෙනුත් බේරලා මෙච්චර වෙනස් කෙල්ලෙක් කලේ එයානෙ…

    අයියාටයි අක්කිටයි සුභ පතනවා .තරහා වෙන්නෙපා චූටි කමෙන්ට් එකක් දැම්මට හොදද ..බුදු සරණයි❤️❤️ සතුටින් ඉන්න.

    1. Ushan aiyya

      අම්මෝ මේ ඇවිල්ලා ඉන්නේ මං හිතුවෙ මාත් එක්ක තරහා වෙලා මාව අයින් කරල කියලා.. hadanam අයියටත් දිග රිප්ලයි එකක් කරන්නටයි මදි වැඩ ගොඩ ගැහිලා නංගී එනවා කොමෙන්ට් එකක් දානවා ආයෙත් යනවා ආයෙත් එනවා කමෙන්ට් එකක් දානවා ආයෙත් යනව ඕක තමයි දැන් කරන්නේ මම මේ ටිකේම…

      ඔව් නංගි හෙටින් කතාව ඉවරයි. බොහොම ස්තුතියි මේ ලෙන්ගතුකමට නංගී අද නං ලොකු රිප්ලයි එකක් දාන්න බෑ හොදේ හෙට අනිවාර්යෙන්ම දාන්නම් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබෙන්නේ කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට තෙරුවන් සරණයි ඔයා කියපු අනුමාන ඔක්කොම හරි ඒකට ගොඩක් තෑන්ක්ස්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.