Katha Ahura

පින්වන්ති මා – 27 වෙනි දිගහැරුම

5/5 - (1 vote)

පින්වන්ති මා

27 කොටස

හැන්ඩ්සම් මට විරුද්ධව එක වචනයක් වත් කතා කරේ නෑ .

” එතකොට මේක ඔයා දෙවෙනි පාරටත් මගේ ජීවිතේ විනාශ කරන්න හදපු නිසා …

මගේ ජීවිතේ මම ලස්සනට හදාගෙන එද්දි ඔයාට ඕන උනේ මාව විනාශ කරලා දාන්න නේද….

කියන්න දෙයක් තියෙනවා නම් දැන් කියනවා මේ හැමෝටම ඇහෙන්න ….

අඩුම තරමේ තමුන් හරිද වැරදිද වත් කියලා මේ හැමෝගෙම ඉස්සරහ කියනවා විරාජ් …..”

මම විරාජ් ගේ ශර්ට් කොලර් එකෙන් අල්ලාගෙන කෑ ගැහුවේ හිතට ආපු තරහටම. හැමෝම බලාගෙන හිටියේ විරාජ් දිහා .

” ඔව්…ඔව්..මම ඔයාගේ ජීවිතේ දෙපාරක්ම විනාශ කරන්න හැදුවා තමයි …

එදා ක්ලබ් එකේදී අපි ප්ලෑන් කරා ඔයාගේ ඩ්‍රින්ක් එකට නිදි පෙති දාලා ඔයාව රූම් එහෙකට අරන් යන්න …..”

” ඇයි කියනවා මාව විනාශ කරන්න හැදුවේ ඒ විදියට …. මොකක්ද මම තමුසෙට කරපු වරද….”

අපි දෙන්නගේ කතා ගැන කිසිම දෙයක් නොදැන හිටපු මේ හැමෝම පුදුමෙන් වගේ අපි දෙන්නා දිහා බලාගෙන හිටියේ .

” මොකද අනිත් කෙල්ලො වගේ ඔයා කවදාවත් කොල්ලො එක්ක රූම් ගානෙ නොගිය නිසා ….

අනිත් හැමෝම කොල්ලොත් එක්ක විනෝද වෙද්දී ඔයා විතරක් බෝතලයක් කටේ තියාගෙන විනෝද වුණා …..

අපි කවුරු උත්සාහ කරත් ඔයාව රූම් එහෙකට අරන් යන්න අපිට බැරි වුණා ….

මොකද සිහි නැති වෙනකම් බීලා සතුටු වුණත් ඔයා කොල්ලොත් එක්ක ගියේ නෑ …

ඒ අතින් ඔයා අනිත් කෙල්ලොන්ට වඩා ගොඩක් හොඳයි පාරි….

ඒත් එදා අපේ ප්ලෑන් එක වැරදුණා…අර කොල්ලා ඇවිත් ඔයාව අපෙන් බේර ගත්තා …

එදා ඉඳන් ඔයා ක්ලබ් එකට ආවේ නෑ කවදාවත් …එතන හිටපු මගේ යාළුවෙක් ඔයාව අරන් ගියපු කොල්ලගේ ගේ ඉස්සරහ තමයි හිටියේ ….

ඒ නිසයි මම ඒ ගෙදරට ආවේ …මට හිතුණා එහෙදි ඔයාව අල්ල ගන්න ඕන කියලා…

මොකද ක්ලබ් එකේදී සිහි විකාරෙන් ඔයා අපිත් එක්ක ඩාන්ස් කරාට හොඳ සිහියෙන් ඉන්න කිසිම වෙලාවක ඔයා අපි කවුරුවත් අඳුන ගත්තේ නෑ ..

ඒත් ඒ කොල්ලා අපිව දැනගෙන හිටියා ..ඔයාට එළියට වත් එන්න නොදී ඒ කොල්ලා ඔයාව පුදුම තරම් පරිස්සම් කරා. ..

කිසිම විදියකින් ඔයාව තනි කරගන්න චාන්ස් එකක් ආවේ නෑ …මම හැමදාකම උඩ බැල්කනි එකට වෙලා බලාගෙන හිටියේ අවස්ථාවක් එනකම් …

එදා ඒ කොල්ලගේ නංගිලා ඇවිත් ගියපු දවසේ මට ඒ චාන්ස් එක ආවේ ඔයාම ගේට් එක ඇරගෙන එළියට ආපු නිසා ….

එදා ඔයාව කොටු කරගන්න පුළුවන් වුණත් ඒ කොල්ලා කොහොම හරි ඔයාව බේර ගත්තා … .”

” විරාජ් ….ඔයා පිළි ගන්නවද දැන්වත් ඔයා වැරදියි කියලා ….”

මම හැන්ඩ්සම් ගෙන් එහෙම අහද්දි එයා මගේ දිහාම ටිකක් වෙලා බලාගෙන ඉඳලා මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා .

” මට සමා වෙන්න පාරි….

මම ඔයාට කරේ ලොකු වැරැද්දක් කියලා මම පිළිගන්නවා..ඔයාට විතරක් නෙමෙයි තව ගොඩක් ගෑණු ළමයින්ට මගේ අතින් වැරදි වුණා …..

මට හොඳ නරක කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ …ඔයා වගේම මාත් ඒ වැරදි දේවල් වලට පුරුදු වුණේ මගේ අම්මටයි තාත්තාටයි මං ගැන හොයන්න ඌමනාවක් තිබුණේ නැති නිසා ….

අම්මගෙ තාත්තගේ ආදරේ මට ලැබුණේ නෑ …ළඟින් ඉඳන් හොඳ නරක කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ ….

ඒත්…
එදා ඔයාව බේරගන්න අර කොල්ලා ආපු වෙලාවේ මම තේරුම් ගත්තා මම ඔයාට කරේ ලොකු වැරැද්දක් කියලා ….

කොල්ලෙක් වෙලත් ඔයාගේ අම්මයි තාත්තයි වත් හොයලා බලපු නැති ඔයාව එයා පරිස්සම් කරපු හැටි මම දැක්කා පාරී….

ඇඳුමෙන් හැසිරීමෙන් ගතිගුණ වලින් හැමදේකින්ම ඔයාව සම්පූර්ණයෙන්ම කෙල්ලෙක් විදියට වෙනස් කරන්න ඒ කොල්ලගේ ආදරයට පුළුවන් වෙලා පාරි….

ඔයාට මම නිසා තුවාල වෙලා තියෙද්දි ඔයාව තුරුල් කරගෙන ඒ කොල්ලා අඬපු හැටි මම දැක්කා …

ඔයාට දැනුණු වේදනාවට වඩා එයාටයි රිදුනේ..එයා ඒ තරමටම ඔයාව පරිස්සම් කරා…..

ඔයා ගොඩක් පින් කරලා තියෙනවා පාරි ඒ වගේ කොල්ලෙක් ගේ ආදරය ලබන්න ….

කෙල්ලෙක්ට ලැබෙන්න ඕන ආත්ම ගරුත්වය ඒ කොල්ලා ඕනවටත් වඩා ඔයාට දීලා ඔයාව ආරක්ෂා කරපු හැටි මම දැක්කා …..

මං පිළි ගන්නවා…මම ගොඩක් වැරදි කරා… ඔයාට පුළුවන් නම් විතරක් මට සමාව දෙන්න පාරි….

මං ඔයාගේ අයියා කෙනෙක් කියලා හිතලා…

ඒ කොල්ලා තරමටම මම ඔයාව පරිස්සම් කරන්නම් මගේම නංගි වගෙයි කියලා හිතලා …

මට ඔයාව කසාද බඳින්න ඕන නෑ පාරි ….

මොකද මම දන්නවා ඔයා පණටත් වැඩිය අර කොල්ලට ආදරය කරනවා කියලා ….”

මම බැලුවේ වටේ හිටපු අයගේ මූණු දිහා …

පුදුමයි ….

හැමෝගෙම ඇස් වල කඳුළු ….

ඒ විරාජ් ගේ පාපොච්චාරණය නිසාද එහෙමත් නැත්නම් එයාලා කරපු වැරදි නිසාද කියන්න මට තේරුම් ගන්න බැරි වුණා .

ඒත් එක්කම තමයි ශෙරීන් ආන්ටි මගේ ළඟට දුවගෙන ඇවිත් මගේ අත් දෙකෙන්ම අල්ලාගෙන අඬන්න පටන් ගත්තේ .

” මගේ කොල්ලා වෙනුවෙන් මං සමාව ගන්නම් සුදු දූ…..

මමයි මේවට වග කියන්න ඕන …

සල්ලි පස්සේ ගියා ඇරෙන්න මම මගේ දරුවා ගැන හොයලා බැලුවේ නෑ ….

මම එයාට හොඳ අම්මා කෙනෙක් වුණේ නෑ සුදු දූ…..

මට සමාව දෙන්න ….”

කෙනෙක් තමන් කරපු වැරදි තේරුම් අරගෙන ,ඒ වැරදි හදාගෙන හොඳ මාර්ගෙක යනවා නම් එහෙම අයට සමාව දීලා හරි පාරට ගන්න කියලයි අයියා මට හැමදාමත් ඉගැන්නුවේ .

හැන්ඩ්සම් කරපු වරද එයාම පිළි ගත්තු නිසා මේ වෙලාවේ මම එයාට සමාව දෙන්න ඕන .

එයා කරපු වැරදි එයාම තේරුම් ගත්තු එකත් කොයි තරම් හොඳ ද.

මම හෙමින් සැරේ ගියේ හැන්ඩ්සම් ඉස්සරහට .

” විරාජ් අයියේ ….

මාව ඔයාගේ නංගි විදියට බාර ගන්නවද….”

එයාගේ පැත්තටම අත් දෙක දිගු කරලා අහද්දි එයාට හිතා ගන්න බැරි වුණා .

විශ්වාස කරන්න බැරි වුණා එයාට මම සමාව දුන්නා කියලා .

මම වත් නොහිතපු විදියට එයාගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ගත්තේ .

මගේ දිහාම බලාගෙන හිටපු හැන්ඩ්සම් එකපාරටම මාව තුරුල් කර ගනිද්දී වටේ හිටපු හැමෝම අත්පුඩි ගහන්න පටන් ගත්තා .

” මං පොරොන්දු වෙනවා පාරි….

හැමදාමත් ඔයා මගේම නංගි විදියට බාර ගන්නවා කියලා ….

මම දන්නවා ඔයා මට සමාව දුන්නේ අර කොල්ලා ඔයාට උගන්නපු හොඳ ගතිගුණ නිසාම කියලා ….

මට එකම එක අවස්ථාවක් දෙන්න සුදු නංගි ….

මම කරපු හැම වැරැද්දකටම ඔයා ඉස්සරහම මම එයාගෙන් සමාව ගන්නම් ….

එතකොට මගේ හිතත් නිදහස්…..'”

” එහෙනම් මගේ ඔළුවේ අත තියලා පොරොන්දු වෙන්න ආයෙ කවදාවත් බොන්නේ නෑ කියලා …
ක්ලබ් එකට යන්නෙත් නෑ කියලා ….”

මම කියපු විදියටම හැන්ඩ්සම් මගේ ඔළුවේ අත තියලා පොරොන්දු වුණා .

” මම පොරොන්දු වෙනවා සුදු නංගි ….ආයෙත් වැරදි වැඩ කරන්නේ නෑ ….

මම හොඳ කෙනෙක් වෙනවා …”

ඊට පස්සේ එතනට ආපු හැමෝම වගේ තම තමන්ගේ වැරදි පිළි අරගෙන එයාලගේ වැරදි නිවැරැදි කර ගන්න බවට පොරොන්දු වුණා .

හැමෝම එයාලා කරපු වැරදි ගැන ගොඩක් පසු තැවුණා.

158 thoughts on “පින්වන්ති මා – 27 වෙනි දිගහැරුම”

      1. Hashini Navanjana.

        අනේ චුට්ටම චුට්ටයි නේ අද…. ? ? ?
        ඇයි අයියේ ඒම කරේ…..
        ? ??

        ඒත් අද ගොඩාක්ම ගොඩාක්ක්ක් ලස්සනයි අනේ… හැමෝම වැරදි තේරුම් ගත්ත එක ගැන ගොඩක් සතුටුයි… ? ? ?

        හැන්ඩ්සම් නරකමත් නෑ නේහ්… ???
        එයා නරක වැඩ කරත් දැන් ඒ හැම වරදක්ම පිලිගත්තනේ… සමාවත් ඉල්ලුවා. ඒ වගේම මනුකගෙනුත් සමාව ගන්න ඕනි කිවුවනේ…

        හැන්ඩ්සම් මනුක ගැන කිවුව නිසා අභීට අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනි නෑ දැන්… ඒකත් මරු…
        දැන අභීගේ අම්මලා කැමැත්ත දෙයි මනුකට…

        හෙටින් ඉවරද අක්කියෝ කතාව. ඒක ගැන නම් දුකයි ගොඩාක්ක්ක් ? ? ?
        ආයේ ඔයාගෙන් කතාවක් කියවන්න කොච්චර කල් බලන් ඉන්න වෙයිද අනේ…
        ඒ නිසා තවත් දුකයි…
        ???

        හෙට නම් දිගම දිගගග කොටසක් ඕනි සුමී අයියේ….. ???

        බුදු සරණයි ??? ඔයාලට…
        ?❤?❤?❤?❤?

        1. Ushan aiyya

          හසිනි නංගි අනිවාර්යෙන් හෙට දිග කොටසක් දෙනවා මොකද හෙටින් කතාව ඉවරයි.. ඔව් නංගී සිත්මි ගෙන් කතාවක් ගන්න ගොඩක් කල් බලාගෙන ඉන්න වේවි… ඒ වෙනුවට අයියා කෙටි කතා ටිකක් දෙන්නම් නවකතා නම් ලියන්න බෑ නංගී.. මගේ ඔලුවරිදෙනව මාර විදිහට… තියෙන ලොකුම දුක තමයි ඔයාලා වගේ ආදරණීය නංගිලා සෙට් එකක් මට නැති වෙන එක ???.
          හැමදාම කතාවට වටිනාකමක් දෙන ඔයාට ගොඩාක් තෑන්ක්ස් නංගී… කොච්චර වැඩ තිබුණත් මොනදේ වුනත් ලෙඩ වුණත් ඔයා ඇවිල්ලා දිගම දිග කොමෙන්ට් එකක් දීලා අපට ශක්තියක් උනා ඒක මට කවදාවත් අමතක වෙන්නැ මේ හැම දෙයකටම ගොඩක් ආදරෙයි බෝම ස්තූතියි නංගි තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

          1. Hashini Navanjana.

            Me මායාවි ඊයෙ කොටසේ මගේ රිප්ලයි එක බලන්නකෝ අයියා.. මටත් තරහා ගිහින් ඉන්නේ… ?

          2. Ushan aiyya

            Mama baluwa hashini nangiya reply Kara Mata mawama EPA wela Ada okoma anith paththata

    1. Ashka Rashmi

      මොකද්ද අප්පා..ඔයා එක්ක නං බෑ අනේ…? විනාඩියයි පරක්කු උනෙත්…මං තුනද ඒ කියන්නෙ?

      1. Ruwanthi Lakshani

        දැන් හැමදාම record කැඩෙනව. දවසින් දවස කට්ටිය මාරු වෙනවනේ… ??????

      1. Ashka Rashmi

        මං ඉන්නෙ තරහින් නංගි….ඔයාගෙ මැටි අයියා හින්දා මං ඉන්නෙ හරිම තරහින්…

        මට නං හැබැයි හිතෙන්නෑ විරාජ් බොරුවක් කරනවා කියලා…සමහර වෙලාවට සමහරුන්ට එයාලාගෙ වැරදි පෙන්නලා දුන්නම ඒවා හදාගන්න උත්සාහ කරනවා…එහෙම අය ඕන තරම් ඉන්නවා..විරාජ් හැමෝම ඉස්සරහා පාපොච්චාරණ කලේ..ඇත්තටම එයාට වෙනස් වෙන්න ඕන හින්දා කියලයි මට හිතෙන්නෙ..එහෙම උනොත් හොදයි.අභී හින්දා විරාජ් වගේම ඔය සල්ලිකාර දෙමව්පියොනුත් හැදෙනවනං ලොකූ දෙයක්…මොනා උනත් විරාජ්ට පලි ගන්න ඕන උනානං එයා ඔහොම හැසිරෙන්නෑ…එහෙනං එයා ඔතනදි මනුකව මතක් කරන්නෑ….ඒත් එයා මනුකව මතක් කරලා එයා ගැන හොද කිව්වෙ මං හිතනවා එයා ඇත්තටම අභීට එයාගෙ නංගි කෙනෙක්ට වගේ සලකන්න අරන් කියලා…කොහොම උනත් මේ වෙන දේවල් හින්දා හැමෝම මනුකට කැමැත්ත දේවි..කතාව හිතපු විදිහටම අභිට මනුකව ලැබිලා ලස්සනට අවසාන වෙයි..තව කියන්න තියෙනවා ..ඒ ටික හෙට ඉතුරු කරගන්නම්කො…අක්කිගෙයි අයියගෙයි දෙන්නාගෙම කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා .දළදා සමිදු පිහිටයි ඔය දෙන්නටම..❤️

        1. Ushan aiyya

          අනිවාර්යෙන්ම ඔයා වගේ අතිදක්ෂ නවකතා ලියන ඔයා කියපු අනුමාන කවදාවත් වැරදුනේ නැහැ අනිවාර්යෙන්ම ඒ දේ තමයි වෙන්නේ හෙටින් කතාව ඉවර වෙනවා නේ හැමදේම බලාගන්න පුළුවන්…

          අනේ තරහ වෙන්න එපා නංගි මං වරදක් කලේ නැහැ nangiya..ඒ මගේ කොමෙන්ට් කරන ස්ටයිල් එක නංගි මං කොමෙන්ට් එකක් දැම්මොත් තවත් කට්ටියට කොමෙන්ට් දාන්න හිතන විදියට මං කොමෙන්ට් කරන්නේ.. ඒ වෙනස මේ මාස හතරට දැක්කෙ නැද්ද කියන්න… බලන්න අපි හැමෝම කොච්චර සතුටින් එකමුතුව ඉන්නවද කියලා ඒ අයියා නිසා නෙවෙයිද කියන්න අයියා නේද මෙහෙම හැම දෙයක්ම..

          මගෙන් වරදක් වුනා කියලා හිතෙනවනම් මට සමාවෙන්න නංගියා ආයෙත් ඒ වැරැද්ද කවදාවත් වෙන්නෙ නෑ මං අනිවාර්යෙන්ම කොමෙන්ට් නොකර ඉන්න කිව්වේ නෑ කොමෙන්ට් කරන්නෙ නෑ කිව්වෙ මේකෙනුත් ආතල් එකක් ගන්න.. ඒකත් අනිත් පැත්තට ගියා

          මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගියෝ ඔයාලා දාන කොමෙන්ට් තමයි මට හැමදාම ශක්තියක් වුණේ මේ හැම දෙයකටම පින් සිද්ධ වෙනවා.. තෙරුවන් සරණයි නංගි සුබ රාත්‍රියක් ඔයාට

          1. Ashka Rashmi

            ඔව් ඔව්..ඔයා කියන සෑම දේම ඇත්ත…මං පිලිගන්නවා…ඒත් ප්‍රශ්නෙ අයියාගෙ කමෙන්ට් සීරියස් දාන ඒවද ජෝක් එකට දාන ඒවද කියලා මට තාමත් වෙන් කරලා හදුනගන්න බෑ….?? උක්ත කමෙන්ට් එකත් එසේමයි??
            ඔයාගෙන් කීයක් නං වැරදි වෙලා තියෙනවද අනේ…ඔය උඩ කමෙන්ට් එකේම කොච්චර අකුරු වැරදිද…වාක්‍යක් අවසන් වෙද්දි අන්තිම තිත තියලා නැති තැන් ගොඩක් තියෙනවා…හරියට ගලපලා වචන ඒ ඒ තැන්වලට දාලා නෑ. …ඔයා තාම පූර්ව ලමාවියේ ඉන්නෙ….ඒවා සංවර්ධනය කරගෙන එන්න…අයියේ…ඔයා විතරද දන්නෙ ආතල් ගන්න…( මං ඒ වචනෙට එච්චර ආස නෑ ඔය කිව්වට…??️) මං යනවා ඔයාගෙ මායාවී කියවන්න..බුදු සරණයි❤️❤️ …සුභ රාත්‍රියක් .

          2. Ushan aiyya

            මගේ පූර්ව ළමා කාලය තව මාස හත අටකින් ඉවරයි නංගි.. . ඊට පස්සේ ඉතින් මගේ චූටි නංගිලා අයියගෙන් කතාවක් බලන්න නං වෙන්නේ නැහැ.. අනේ චූටි නංගියෝ අයියා වැඩ කරන ගමන් ඇවිල්ල දාන්නෙ ඉතින් මට තිත් තියන්න වෙලාවක් නෑ මට.. මගේ දඟ කෝච්චිය

          3. Nirosha Lakmali

            ඇයි අයියා තව මාස හත අටකින් අයියගේ කතාවක් කියවන්න වෙන්නේ නැ කිව්වේ. එහෙම නම් කරන්න එපා හොදද. අපි පට්ට ආසාවෙන් එන්නේ අයියගේ කතා කියවන්න. එහෙම නාවොත් නම් තරහම තරහයි.

      1. නිරොෂා නංගී මම දාන කෙටිකතාවේ ඔය හැම දේකටම උත්තර දෙනවා. එතකන් ඉවසන් ඉන්න මගේ චූටි නංගියා ?????♥️♥️♥️

        1. Nirosha Lakmali

          අනේ එහෙම නම් යන්න එපා අයියේ. කෙටි කතාවට සේරම දාලා. ඔයා නංගිලා ටික අයින් කරලා යන්නද හදන්නේ. එහෙම එපා කරන්න මේ නංගිලා අයියට මාර ආදරේයි. අනික අපිට ඉන්නේ මේ අයියා විතරයි මේ ඇප් එකේ ඒකත් නැති කරලා සතුටින් ඉන්න. අයියට දැන් අපිව වැඩක් නැ. සතුටින් ඉන්නකෝ.
          තෙරුවන් සරණයි!

          1. Eka aththa niro. Aiye api oyata kochchara adareda ane. Ai apen ath wenna hadanne..? Man oya nathi unoth me app ekenma ain wenawa. Oya ain unoth api oya hoyagena oya inna thanakata enawa.

          2. Nirosha Lakmali

            ඒක තමයි මාත් හිතුවේ අයියා නැත්තම් අයියගෙ කතාත් නැත්තම් මාත් එන්නෙ නැ ඇප් එකට. මොකද අපි හරි සතුටින් හිටියේ අයියා නිසා. ඒත් ඉතින් දැන් අයියට මේ නංගිලා දාලා යන්න ඕනේ කියනවනේ. මට නම් හරිම අවුල්.

          3. Ushan aiyya

            ඔයාලා දාලා මට කොහෙවත් යන්න බෑ නංගි ඔයාලා තමයි මගෙ වත්කම. ඔයාලා ඔක්කොම නිසා මං හිනාවෙලා සතුටින් හිටිය මාස හතරක් වගේ පොඩි කෙටි කාලෙකදි මට ආදරණීය නංගිලා සෙට් එකක් සෙට් වුනා.. දැකලා නැති කතා කරල නැති ඔයාලට මම පට්ට විදියට ආදරේ කරනවා.. සහෝදර ආදරේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ කියලා මගේ කතාව බලන්නකෝ.. අයියා හැමදාම ට්‍රයි කරන්නෙ හිනාවෙලා සතුටින් ඉන්න විතරමයි අයියට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ අනිත් හැම දෙයක්ම අයියට තියෙනවා.. ඔය වගේ දුක හිටියොත් අයියට අවුල් වෙන්නෙ ඒක නිසා වෙනදා වගේ ජෝලිගේ විහිළු කර කර සතුටින් ඉමු අපි හැමෝම හරිද

          4. Nirosha Lakmali

            දැන් බොරු නොකියා ඉන්න. අයියා ඇයි කිව්වේ ආයේ අයියගේ කතාවක් කියවන්න වෙන්නේ නැ කියලා. මට නම් දුකයි. අයියා කියපු දේ නිසා අයියගෙ කෙටි කතාව කියවන්න බැ මට. ඒකේ අයියා විස්තර ලියලා තියෙනවම් මට දැන ගන්න ඕනේ නැ. අපිව දාලා කොහේද යන්නෙ කියලා. හිනා වෙලා සතුටින් ඉන්න නංගිලාව අඩවලා. ඒක තමයි කරන්න යන්නෙ අයියා.

          5. Ushan aiyya

            දාලා යන්නේ නෑ මැට්ටි.. ඔයාලව දාලා මට කොහෙවත් යන්න පුලුවන්ද හොල්මනක් වෙලා හරි ඉන්නවා මේක ඇතුලේ.. හා ද

          6. Nirosha Lakmali

            ඇත්තටම ද කියන්නෙ. නැත්තම් හොල්මනක් වගේ අතුරුදහන් වෙයිද දන්නෙ නැ. හරිම සතුටුයි අයියේ. කියන්න වචන නැ.

        1. Chadi kaveesha

          Chuttai ne aiye ada….heta nam diga kotasak one …. naththam ???? Manuka nisa kii denek hoda unada…. eyanam superb boy kenek….තෙරුවන් සරණයි ….. ?????????

          1. Ruwanthi Lakshani

            අපරාදේ නේද….. මාර තරගයක් අප්පා 1st කමෙන්ට් එක දාන්න තියෙන්නේ….???????

          2. Ushan aiyya

            Chandi nangiya parda Una neda Ada thank you so much nangiya budusaranyi oyata good night

  1. ඇයි අනේ අද ටිකම ටිකයිනේ. ඇයි එහෙම? අනේ අපිට දිග කොටසක් ඕනේ. ඒත් මංනම් විශ්වාස කරන්නේ නෑ හැන්ඩ්සම් අභීව එයාගේ නංගි විදියට පිලිගනී කියලා. මට සැකයි ඒකනම්. අභීට මොනවා වෙයිද? එහෙම එක පාරටම නංගි විදියට පිලිගන්න? ?????????? අනේ මන්දා ඉතිං.

    1. Ushan aiyya

      අද පොඩි එකක් දැම්මේ හෙට ඇතිවන දුක නැති කරන්න.. හෙට දිගම දිග එකක් එනවා හෙටින් කතාව ඉවරයි නේ…මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

    1. Ruwanthi Lakshani

      කුමන බාදා ආවත්
      නොසැලෙමී මම….
      ඔබ මා පසුපස සිටිනා
      බව දනිමි අද….
      බාධක ජය ගන්න
      කියලා දුන්නෙ ඔබ…
      සැම බාධක ජය ගෙන
      යමි ඉදිරියට….
      ❤❤❤❤❤❤❤❤❤
      ඔබ සෙවනේ සිටිනා විට
      සැනසුමක් දැනේ…
      ඔබ අසලින් සිටිනවිට
      බිය නොදැනේ….
      ඔබ තුරුලේ සිටිනා විට
      උනුසුමක් දැනේ….
      පෙරුම් පුරන පෙම්වන්තිය
      මමයි ඔබේ….
      ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

      1. Ruwanthi Lakshani

        මටත් සැකයි අප්පා එක පාරටම නංගි කියලා පිලිගත්ත එක. ????? ඕනවට වඩා ඕනම කෙනෙක් විශ්වාස කරන්න හොද නෑ… ?????? මොකද තරහ වෙලා ඉන්නවට වඩා යාලු වුනාම හොදින් ඉදන් ඕනම දෙයක් කරන්න ලෙසී…??????? බලමුකෝ ඉස්සරහට නේද…???? අද පොඩි කොටසක් දුන්න නිසා තරහයි හොදේ…. ☹☹☹☹☹☹☹
        සිත්මි අක්කිටයි ඔයාටයි හදවතින්ම සුභ පතනවා…..?????????
        බුදුසරණයි..?????

        1. Ushan aiyya

          හෙට කොටසෙන් ඔය හැම දේකටම පිළිතුරු ලැබෙනවා නංගියෝ හෙටින් පස්සේ කතාව නෑ.. මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

      2. Ushan aiyya

        මෙන්න අදත් මගේ කවිකාරිගේ ලස්සන කවි පද පේලි ටික මට ආවා..කියන්න සතුටුයි හරිම ලස්සනයි ඔයාගේ දක්ෂ කමනම් සුපිරියටම තියෙනවා මෙච්චරකල් හැංගිලා තිබිච්ච එක ගැනනම් හරිම දුකයි.. තවත් කතා ලියලා දාන්න හිතෙනවා මේ කවිකාර පදපේලි දකින්න.. ඇත්තටම හරිම ලස්සනයි නම් කියන්න කියන්න වචන නෑ හරිම ලස්සන ගැලපීමක් කතාවටම ගැලපෙනවා මේ හැමදේකටම ඔයාට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

  2. ⚘⚘Tharu⚘⚘

    Mn qwwa de hari neda aiya..viraj unath waradi kle eyta hari dewala qya denna eywa hoda paththata ganna kenek hitiye nathi nisa..dan harinee..anthimta hari eya karpu waradi therum gaththane..ekama kochchara hodada..kathwa gdaaariyak lssanai aiya akki..⚘⚘⚘⚘⚘⚘⚘⚘

    1. Ushan aiyya

      Aniwarenma nangiya meke kiuwa okomage anumana godak Hari eka Mata sathutak .. thank you so much nangiya budusaranyi oyata hamdma sathututin parisemn Inna good night

    1. Ushan aiyya

      කතාවේ අවසන් කොටස්වල හරි මේවගෙ අයියත් එක්ක එකතු වීම ගැන නම් හරිම සතුටුයි.. බොහොම ස්තූතියි නංගි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  3. අප නිවස එලිය කළ මිණි පහන ඔබ තමයි…..
    අප සැවොම එක් කරන දම්වැලද ඔබ තමයි…….
    අප පවුල දියුණු කළ ලක්ෂ්මියද ඔබ තමයි…
    සුරගනකි ඔබ නම් සැබැවින්ම මගෙ දුවේ…..
    මගෙ දිවියෙ මට ලැබුණු වටිණාම තිලිණයයී….
    මගේ තුරුලට ඔබ ඇවිදින් අදට අවුරුදු තුනයි..
    පතන්නම් පැංචියේ ඔබට සුභ උපන් දිනයක්…….
    Happy Birthday My Princess Sithumi Himansa
    ??????????????????

    සිප් සතර හදාරන්න ‘අ’ යනු ‘ආ’ කියා….
    අකුරු කරවූ අද පටන් ණැන කිරුළ පලදින්න….
    ඉදිරියටම පියනගන්න….
    මා නතර කළ තැනින් ඔබ ඉදිරියට යා යුතුයි……
    සෙවනැල්ල සේ ලගින් හිදින්නම් දිවි තුරා…..
    වැටෙන විට නැගිටමින් කදුලු අතුරින් සිනාසෙමින්..
    රොන් සොයන බඹරුන්ට මලක නොව….
    එකම ලොවක් එළිය කරණ හිරු කිරණක් ලෙසින්.
    ජයගන්න දියණියනි සියලු බාධක මැදින්…
    ඔබ ඔබේ දිවි ගමන….

    අද මගේ princess ගේ උපන් දිනේ…

    අයියෙ අක්කෙ ගොඩක් ලස්සනයි කතාව. හැමදාමත් මග අරින්නෙ නැතුව කියවනවා කතාව. ඔයාල දෙන්නටම සුභ පතනවා. අද නම් කතාව කියෙව්වෙ නෑ. මොකද අද princess ගෙ උපන් දිනේ නිසා අද අපි පිරිතක් කියල හෙට දානයක් දෙනවා. මේ comment එක දැම්මෙ මගේ සහොදර සහෝදරියන් එක්ක මේ සතුට බෙදා ගන්න හිත ආස උනු නිසා.. බුදුසරනයි අයියේ අක්කි ඔයාලා දෙන්නටම.

      1. Sweet angel

        Wish ur happy birthday patiooooo
        ?????????????
        Akiooooo oyage patiyata subhama subha puan dinyk wewa kiyl mm hadawathinma prarthna karanwa bs oylata

      1. Thilini Navodya

        ඔයාගෙ චූටි සුරංගනාවි ට සුබම සුබ උපන්දිනයක් කියල මං ප්‍රාර්ථනා කරනව❤️❤️?????.

      2. Thilini Navodya

        හරිම ලස්සනයි අක්කි කතාව නම් හැමදාම හුගක් ආසාවෙන් කියවනව.අභී හරිම දේ තමයි කරේ.මනුක වගේම අභීත් එයාලගෙ ආදරේ ආරක්ෂා කරා.ඒත් හැන්ඩ්සම්,කෙනෙක් එක පාරටම එච්චර හොද වෙන්න පුළුවන්ද?අන්න එතන පොඩි සැකයක් තියනව.මොනා උනත් කතාවෙ සතුටුදායක අවසානයක් බලාපොරොත්තු වෙනව.සුබ පතනව ඔයාටත් උෂාන් අයියටත් දෙන්නටම.sorry අද මට කවියක් ලියන්න තරම් mood එකක් නෑ.මං අද ගොඩක් අවුලෙන් ඉන්නෙ.ඔයාගෙන් තවත් කතාවක් ඕන අක්කි.නැත්තං උෂාන් අයියගෙන් හරි තව කතාවක් ඕන.ඔයාලගෙ හැම දෙයක්ම හරියන්න කියල ප්‍රාර්ථනා කරනව ??????❤️

        1. Ushan aiyya

          thilina නංගි ඔයා හොදින් නේද අසනීපයක් එම නෑ නේද අනේ කවියක් නැති වුණාට කමක් නෑ සෑඩ් මූඩ් එකේ ඉඳලා මෙම කොමෙන්ට් එකක් දාන එක තමයි මට තියෙන ලොකුම ශක්තිය.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි මටත් අද මූඩ් එකක් නෑ නංගී.. . අනේ පරිස්සමින් සතුටින් ඉන්න නංගී හැමදාමත් තෙරුවන් සරණයි ඔයාට හෙට අවසන් කොටස නිසා දිග කතාවක් දාන්නම්

    1. මායා black..

      අනේ happy birthday princess❤️?????? අක්කි ඔයා ගැන මට සතුටුයි❤️
      වූටි princessta හරිම හොඳ අම්මියෙක් ඉන්නේ
      චූටියගෙයි අක්කිගෙයි හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා
      ❤️❤️❤️❤️❤️

    2. සුභම සුභ උපන් දිනයක් වේවා චූටි පැටියො…..හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා ඔන්න මාෂි නැන්දි සුභ පතනව………..තෙරුවන් සරණයි පැටියා….

      1. ගොඩක් ස්තූතියි මාෂි. ඔයාට මතකනම් ඔයා මගෙ දෝනිට නැන්ද නෙමේ ලොකු අම්මා…

    3. Ushan aiyya

      කිරි සිනාහ සලන
      මුවඟ පුරා
      සිඟිති දඟකාරකම්
      තවරලා
      දුව පනින පුංචි දූ
      ආදරෙන් හිනැහිලා….

      අද විශේෂම දවසක්
      චූටි දූව
      සුභ උපන්දිනයක්
      සිතූමී හිමන්සා දුවේ
      සුභ පතමි ආදරෙන්
      හදවතින් ලංවෙලා…..

      සුභ උපන්දිනයක් වේවා චූටි දූ ලෙඩක් දුකක් නැතුව සාර්ථක ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා කියලා මේ මාමා ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

      බොහොම ස්තූතියි නංගී කතාව අවසාන වෙනකන්ම ආදරයෙන් බලනකොට ඔයා නං දූගේ උපන්දිනේ දවසෙ කරපු දේ නම් ලොකුම ලොකුම හොඳ දෙයක් ඒකට නම් මට හරි සතුටුයි හැමදෙයකටම බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට

      1. ගොඩක් ස්තුතියි අයියෙ ඒ පැතුමට. ඒ ආශිර්වාදය මගේ දෝනිට ගොඩක් වටිනව. මන් ගොඩක් කැමති මේ වගේ වැඩ වලට. හේතු දෙකක් නිසා මේ පින්කම කලේ අයියෙ. පලවෙනි එක මගෙ දෝනිගෙ උපන් දිනේ… දෙවිනි එක පහුගිය කාලෙම අපි තුන් දෙනාගෙ ජීවිත සුලි කුණාටුවකට අහුවෙලා වගේ කැඩිලා බිදිලා විසිරිලා තිබුනේ.. ඒත් මන් නොහිතපු විදිහට මට නොලැබුනු මන් විදින්න ආස උනු ජීවිතේ මට ලැබුනා. ඉතින් ඒ සතුට අපි සැමරුවේ මේ පින්කම කරලා.. තෙරුවන් සරණයි අයියේ ඔයාට…

    4. Nirosha Lakmali

      ??????????????
      සුබම සුබ උපන්දියක් වේවා චුටී පැටියෝ….
      ??????????????

      1. Thank you sadu. Ashka neme man tharahai oya ekka. Oya kiuwa mage acsident eka gana katawath kiyanne na kiyala. Eth ekama kala oya.. oyanam maha nidikumbariyak patiyoo…..

    5. Hashini Navanjana.

      අනේ දුල් ඇවිත්… ඔයාට සනීපද සුදූ දැන්…
      චූටි බට්ටිච්චිට සුභම සුභ උපන් දිනයක් පැටියෝ….
      ?????

      ?? Happy birth day ??
      චූටි පැටියෝ… හැමදාම අම්මි තාත්ති හැමෝම එක්ක ගොඩාක් සතුටින් ඉන්න ඕනී…. ???

      බුදු සරණයි ???
      ❤❤❤❤❤❤

        1. මට සුවය ප්‍රාර්ථනා කරපු අයි‍යේ ඔයාටත් මගෙ සහෝදරියන් හැමෝටමත් ගොඩක් ස්තුතියි…ඔයාල හැමෝගෙම ප්‍රාර්ථනය නිසා තමයි මට ඉක්මනටම ගෙදර එන්න පුලුවන් උනේ….

  4. Buddhika subhashini

    කහ පාට ඇසළ මල්
    වැටුණු මල් මාවතේ
    ඇවිදගෙන ගියෙමු අපි
    අතින් අත අත්නොහැර
    ඔබේ සුවද පපුතුරෙහි
    හොවාගෙන වුවනතම
    හිදිමි මම ස්නේහයෙන්
    අමතකව මුලු ලොවම
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    පෙම්වතියව සිටිය මම
    ඊට මසකට පසුව
    ලොවටම හොරා රහසින්
    පතිනි කිරුළ දරමින්
    ඔබේම වුණ අපූරුව
    කෙලෙස අමතක කරන්නද
    සීතලම නුවරඑළිය
    වෙනදට වඩා සොඳුරුය
    ඔබේ විසල් උණුසුමෙහි
    ගුලිව මම සැනසුනෙමි
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    අද මගේ 4 වෙනි love anniversary එක..❤️❤️❤️❤️❤️ ඒත් දැන් නම් මම marry කරලා ඉන්නේ..ඒත් ඉතින් අමතක කරන්න බෑ ගෙදරට හොරෙන් ඉස්කොලේ යද්දි කරපු ආදරේ ….love you my hubby ❤️❤️❤️❤️ (ව්‍යංගාර්ථයෙන් දෙයක් තියනවා හොදේ ????)

      1. Ashka Rashmi

        ලොවටම හොරා රහසින්
        පතිනි කිරුළ දරමින්
        ඔබේම උනු අපූරුව

        මායාට තේරුන්නැද්ද තාම? happy anniversary akki…ජීවිතේ ඉස්සරහටත් ඒ අත් අත්නොහැර එකටම යන්න සුභ පතනවා .

    1. Ushan aiyya

      Wow.. ඒ ආදරය ඒ ළෙන්ගතුකම ඒ සෙනෙහස අපූරුවටම පද වලින් ඔයාට පෙන්නුම් කරයි.. එතැන උනු හැමදෙයක්ම හරිම අපූරුවට ඔයා ලියලා තියෙනවා.. ඒ ආදරය අපූරුයි nangiya…. Happy 4th love anniversary my dear lovely sister.. ඔයා ඔයාගේ මහත්තයත් ලැබෙන්න ඉන්න චූටි පුතාත් සියලුම දෙවිවරු ආරක්ෂාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි

      හැමදාම කොමෙන්ට් එකක් දාලා අයියට ශක්තියක් වුණාට බොහොමත්ම ස්තුතියි නංගි මේ හැම දෙයකටම ගොඩාක් පින් තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. Buddhika subhashini

        Thnx සුමී අයියේ ??? ..තෙරුවන් සරණයි අයියේ ඔයාට ❤️?❤️?❤️

    2. Hashini Navanjana.

      හී…. ??? ඔන්න මටත් තේරුනෝ…. ???

      ❤❤Happy anniversary❤❤
      බුද්ධියෝ…. ???

      හැමදාමත් මේ වගේ ආදරෙන් පවුලේ හැමෝමත් එක්ක සතුටින්ම ඉන්න කෙල්ලේ….
      ??????

      බුදු සරණයි ???

  5. Nethmi Samarasekara

    මේකත් අර හැන්සම්ගෙ ප්ලෑන් එක්ක්ද මoදා..????එහෙම එක මොහොතින් වෙනස් වෙයිද එයා හිතා ගන්න බෑ. කොහොම උනත් කතාව ලස්සනයි අයියේ.. ලස්සන උනාට අවසානේ දුකක් වෙයිද මන්දා එහෙම කරන්න නම් එපා. අදනම් කතාව චුට්ටම චුටටයි නේ දීලා තියෙන්නේ හෙටනම් මීට වඩා දිග කොටසක් ඔන හොදද.. අභීව මනුකට දෙන්න අයියේ හොදද..ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වේවා කියල හදවතින්ම සුබ පතනවා..???? බුදු සරනයි…

    1. Ushan aiyya

      හැම දේකටම උත්තර හෙට අවසන් කොටසෙන් බලාගන්න පුළුවන් නංගි.. අනිවාර්යෙන්ම ඔයා කියන දෙයක් කරන්නම්කො හාද.. මේ ලෙන්ගතුකමට බොහොමත්ම ස්තූතියි නංගී හැමදාම සතුටින් පරිස්සමෙන් තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

  6. Buddhika subhashini

    ලස්සනයි අයියේ කතාව හැමදාමත් ..ඒත් අද පොඩ්ඩයි අනේ ??..හෙට නම් දිග කොටසක් ඕනි අය්යේ ???? ..good luck අයියා & අක්කි ❤️❤️❤️❤️

    1. Ushan aiyya

      අනිවාර්යෙන්ම හෙට දිග කොටසක් දෙනවනං hatin කතාව ඉවරයි.. බොහොම ස්තූතියි නංගි තෙරුවන් සරණයි

  7. Sweet angel

    Kathw lassnai ayyeee & akkiooooo …. monw wunath ara handsome nm wishwasa krann ba ne ne ???
    Blamuko kathwe awsne nisa hoda deyk wei neda ayye… ???? good luck ayye bs parissmen hama wadakm karagann ❤️❤️❤️

    1. Ushan aiyya

      Thank you so much nangiya exam asse avilla kathawa balala comments danawata thank you so much nangiya budusaranyi oyata good night hamadama sathututin parisemn Inna

  8. කතාව නම් නියමයි ???? අයියේ.
    අද කතාව පොඩ්ඩයි දාලා තියෙන්නෙ නරක බබෙක් අයියේ ඔයා.??????
    ඔයා හොද බබෙක් නම් අයියේ හෙට දිගගගගග කොටසක් ඕනේ ????
    අර ගස් හිකනලාව විශ්වාස කරන්න පුලුවන්ද අයියේ.
    හෙට කතාව ඉවරයි කියලා මතක් වෙනකොට ගොඩාරියක් දුකයි ????
    සිත්මි අක්කගෙන් බැරිනම් ඔයාගෙන් හරි අපිට කතාවක් ඕනා අයියේ.
    සුභ පතනවා දෙන්නටම කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ???????
    ??All the best ? ?

    1. අයියා බබා හොඳ කෙනෙක් නරක කෙනෙක් නෙවෙයි.. ඒක නිසා අනිවාර්යෙන්ම හෙට දිග කොටසක් දෙනවා ඒ වගේම කතාව අවසන් කරනවා.. සෙත්මි අක්කාගෙන් කතාවක් එන්නෙ නෑ දැම්මම.. මං මගේ ජීවිතය ගැන කතාවක් ලියනවා වර්තමානය සහා අනාගතය ගැන. මේක සත්‍ය කතාවක් කියවලා බලන්නකෝ හැබැයි කොටස් පහක වගේ පොඩි කතාවක්.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  9. මායා black..

    අයියේ මනුකට කරදරයක් එහෙම වෙන්නේ නෑ නේද?? සිත්මි අක්කා එහෙම දෙයක් නම් කරන එකක් නෑ නේද? ??

    හැන්ඩ්සම්ගේ හදිසි විපර්යාසය චුට්ටක් සැක සහිතයි වගේ?
    අනේ මන්දා අපි බලමුකෝ මොනාද වෙන්නේ කියලා

    අභීගේ අම්මායි තාත්තයි මනුකට කැමති උනේ නැත්තම් සියල්ල විනාසයි ඒත් එහෙම වෙන එකක් නෑනේ කතාවේ අවසානය ලස්සන වෙන්න එපැයි ??

    කතාව හෙටින් ඉවරයිද අයියේ සිත්මි අක්කිත් දැන් ගොඩක් busy කිව්වනේ එයාගෙන් තව ලස්සන කතාවක් ලැබෙනකන් අපි බලන් ඉන්නවා කියන්න අයියේ අක්කිට..???අයියගේ කෙටි කතාව එනකන් බලන් ඉන්නවා හොඳේ?

    සුබ දවසක් ඔයාට අයියේ??
    All the best❤️

    1. අනිවාර්යෙන්ම නංගි ඔය ඔක්කොටම උත්තරයට ලැබෙනවා. හෙට අවසන් කොටසෙන්..

      ඇත්තටම හරි සතුටින් නංගි මේ ලෙන්ගතුකමට මං ඔයාලා දැකල වත් නැහැ ඔයා මාව දැකලත් නෑ අපි කතා කරල නෑ චෙක් කරල නෑ ඒත් ලෙන්ගතුකම උපරිමයෙන් තියෙනවා.. මේ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතියි නංගි

      ඔව් නංගියා අක්කාගෙන් කතාවක් ගන්න තව ගොඩක් කල් ඉන්න වෙනවා මගේ කෙටිකතාවක් මම ඉක්මනටම දාන්නම් හරිද.. බොහොම ස්තූතියි නංගී හැමදෙයකටම තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. මායා black..

        අන්න ඒකයි අයියේ මන් මේ ඇප් එකට ආදරේ.. කවදාවත් දැකලා නැති උනාට හැමෝම හරීම එකමුතුයි..
        දන්නවද හැමදාම දකින අපි ගැන හොඳටම දන්න අයවත් මෙච්චර හොඳට අපිත් එක්ක කතා කරන්නේ නැති වෙයි අයියේ..
        ඒත් මේ ඇප් එකේ ලංකාවේ හැම පැත්තකින්ම වගේ අය එකතු වෙනවා. එයාලා හැමෝගෙම දුක සැප හොයලා බලනවා. මට හරීම සතුටුයි අයියේ ඔයා කොච්චර busy කෙනෙක් උනත් අපේ comments වලට rply කරනවා ඒකට thnks අයියේ ගොඩක්..
        මන් කැමතියි ඇස් ඉදිරිපිට තියෙන බැඳීම් වලට වඩා කවදාවත් දැකලා නැති මේ බැඳීම් වලට..❤️
        ආදරෙයි හැමෝටම පැලෙන්න? ????

        1. Ushan aiyya

          අනිවාරෙන්ම මේ අය්යත් ඒකට ආසයි නංගියෝ ප්‍රශ්න නැහැ බැඳීම් නෑ.. ඒත් දුරින් ඉඳගෙන අපි අපේ වගේම ජීවත් වෙනවා ?????

  10. හැමදේම හොද විදියට විසදුනා නේද..
    .හෙට දිග කොටසක් ඕන අයියේ තෙරුවන් සරණයි . …

    1. ඔව් නංගියා හෙට දිග කොටසත් එක්කම කතාවක් ඉවර වෙනවා.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගියා. මොකද අද පුංචි කොමෙන්ට් එකක් අයියත් එක්ක තරහ වෙලාද.. තෙරුවන් සරණයි නංගි සුබ රාත්‍රියක් ඔයාට

      1. අනේ නෑ අයියේ අද ඔලුව කැක්කුමයි උදේ ඉදලා. තවම අඩු නැහැ ….හෙට දිගම දිග කොමෙන්ට් එකක් දෙන්නම්කෝ…… ගුඩ් මොර්නින්ග් අයියේ ……තෙරුවන් සරණයි

  11. Nirosha Lakmali

    අනේ හරිම ෂෝයි අයියේ කතාව. අභී නම් මාරම විදිහට වෙනස් වෙලානේ. දෙමාපියන්ගේ නොසැලකිලිමත් කම නිසා ජීවිත විනාශ කරගෙන අනිත් අයගෙ ජීවිතත් විනාශ කරන විරාජ්ලා වගේ අය තව මේ ලෝකේ කොච්චර ඇද්ද. ඇත්තටම කරපු වැරදි තේරුම් අරන් සමාව ගන්නවනම් එක පාරක් හරි සමාව දීලා බලන්න ඕන නේද. ඒ හැම හොද දෙයක් පස්සෙම ඉන්නෙ මනුකනෙ. ඒ අතින් මනුකලා වගේ අයත් ජීවත් වෙනවනෙ දෙමාපියන් නැති වුනාට පස්සෙත් තමන්ගෙ ජීවිතේ වරද්ද ගන්නෙත් නැතුව අනිත් අයගේ ජීවිතවලටත් වැරැද්දක් නොවෙන්න. ඇත්තටම මේ කතාව හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම කියවන්න ඕනේ. හරිම ආදර්ශමත් කතාවක්. මනුකගෙ ආදරේ රැකවරණය ලබන්න අභී ගොඩාක් පින් කරලා තියෙනවා. හැමෝටම ඒ වගේ ලැබෙන්නෙ නැනේ. අද සමාජේ ආදරේ කරලා කසාද බැදලා හොදින් ජීවත් වෙනවට වඩා කසාද බැදලා පවුල් ජීවිත අවුල් කරන් දික්කසාද වෙන අය තමයි වැඩි. අනේ එයාලත් මේ වගේ ආදරණීය කතා කියවනවනම් එයාලට ආදරේ කරන අයගේ අගය තේරුම් ගනී නේද. සිත්මිගේ කතාව නම් හරිම සාර්ථකයි. තාම කතාව ඉවර නැ නේද. අද චුට්ටම චුට්ටයි දාලා තියෙන්නෙ. පොඩ්ඩිත්තක් දුකයි ඒ නිසා. ඒ වුනාට ගොඩක් සතුටුයි අපිට වෙලාවටම කතාව දෙන නිසා.

    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සිත්මිටයි අයියටයි සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා….

    ❤❤? Excellent ?❤❤
    ❤❤? Super ?❤❤
    ❤❤? Perfect ?❤❤
    ❤❤? Nice ?❤❤
    ❤❤? Very Smart ?❤❤
    ❤❤? All the very best ?❤❤

    බුදු සරණයි!

    1. මෙ ආදරණීය කොමෙන්ට් එකට බොහොමත්ම ස්තූතියි නංගී..අනිවාර්යෙන්ම සියට සීයක් ඔයාගේ කොමෙන්ට් එක හරි නංගි ඔය වගේ හැමෝම හිතනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සනයිද.. එහෙම වෙන්නේ නැති එකයි දුක.. කතාව සාර්ථකයි කියලා අපට දැනිලා ඉවරයි නංගී ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඔයාලා දාන කොමෙන්ට් නිසා..

      ඔව් නංගි යටින් කතාව ඉවරයි ඊට පස්සේ මගේ කෙටිකතාවක් දාන්නම්.. ඒක කෙටි කතාවක් උනාට මගේ ජිවිතේ ගැන ලියැවෙන කථාවක් මගේ වර්තමානයයි මගේ අනාගතය ගැන..

      මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම

      1. Nirosha Lakmali

        ඒක නම් ඇත්ත අයියේ. අද සමාජේ කවුරුවත් ඒ දේවල් හිතලා ජීවත් වෙන ටික කාලෙවත් සතුටින් ජීවත් වෙන්නෙ නැ. එක අතකින් ඒ හැමදේම තමන්ගෙ ලැබීම.

        වර්තමානය කොහොම ලිව්වත් කමක් නැ අනාගතේ නම් අමන්දා කෙනෙක් ගැන හිතලම ලියන්න හොදේ. මොකද මං කියපු දේ අයියට අමතක වෙලාද දන්නෙ නැ. මට නම් අමතක නැ අයියේ. මං ඒ සුබ ආරංචිය අයියා ඉක්මනට කියයි කියලා බලන් ඉන්නවා.

        හැමදාමත් වගේ හදවතින්ම සුබ පතනවා…

        ?Wish your all the best ?

        1. Ushan aiyya

          කියවලම බලන්න නංගි ඒ අමන්දා ගෑනු කොච්චර ආදරේද කියලා මගේ ජීවිතේ ගැන උනාට ඔයාලට ආස විදිහට තමයි මං එක ලියල තියෙන්නෙ ගෑනු ළමයෙක් කියන විදියට බලන්නකෝ දැම්මට පස්සේ

  12. මටත් හැන්ඩ්සම්වනම් sure නෑ… ඒත් ඉතිං හෙටින් කතාව් ඉවරයි කියන්නෙ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නෑනේ…

    අනේ මංදා ඉතිං.. විරාජ් ඇත්තටම වෙනස් වෙනත් පුලුවන්.. එහෙන උනානම් ඇත්තටම ඒක හොද දෙයක්… අභී කරපු දේනම් හොදයි… ඒකෙන් එතන හිටපු හැමෝමටම වගේ වැරදි තේරුණානේ…

    හෙට ඉවර වෙන එකටනම් දුකයි අප්පා… ඒත් ඉතිං හැමදේකටම අවසානයක් තියෙනවනේ…

    කතව ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි අක්කියෝ.. අපි වෙනුවෙන් පුලුවන් දවසක තවත් කතාවක් අරන් එන්න අක්කියෝ…

    බුදු සරනයි…

    1. අනිවාරෙන්ම අක්කා ඔයාලා වෙනුවෙන් කතාවක් ලියන එක ෂුවර්..

      ප්‍රශ්නයක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා මොකද හෙට දිග කොටසක් ඉන්නේ අන්තිම කොටස උනාට..

      කමෙන්ට් එකේ හැම දෙයකටම පිළිතුරු හෙට අනිවාර්යෙන්ම ලැබේ.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි නංගී හැමදාමත් මේ වගේ ඉන්න අයියට ඒක ලොකු ශක්තියක් තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  13. කතාව චුට්ටයිනේ අද.ඒකට නම් දුකයි.ඒත් ඊට වඩා දුකයි හෙටින් කතාව ඉවර වෙනව කියපු නිසා.ගොඩක් ආසාවෙන් කියවපු කතාව ක් ඉවර වෙනව කිව්වම මාරම අප්සට් අයියේ.

    1. අනේ දුක් වෙන්න එපා ඉතිං ආයෙත් ටික දවසක් ගියාම මේ වගේ ලස්සන කතාවක් දෙන්නම් කියවන්න..ඔයාලා දුක් වුණාම අයියට පව්නෙ දුක් වෙන්න එපා තෙරුවන් සරණයි මේ හැම දෙයකටම බුදුසරණයි සුබ රාත්රියක්

  14. Dunasha Gamage

    Kathawa nam godak lassnai sithmi akkiyo.heta kathawa iwra wena akata nam godak dukai hode.

    (mama tarahai ara sumith kiyana ayyath akka mechchra chutty mata loku amma kiyanawa.meyata wihiluwata sumiyo kiyanne mama)???Yy

    1. Math ekka oya thara wenen na kiyala mama hodatama dannwa mama Vilu Karanne oya ekka ne punchi kelle eka ne oya Mata sumiyooo kiyana nisa mama ekata asayi godak.. manger he as deka whala mekata enne aiyya ekka thara wenna Bari nisa ne

      Ow nangiya hetin ewaryi .. thank you so much nangiya budusaranyi oyata good night

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.