Katha Ahura

පිපුණු මල|අටවන කොටස|නවකතා|කතා අහුර රචක

5/5 - (2 votes)

කවදාවත් නොදැනුන හැගීම් ගොඩක් හිත අස්සෙන් එලියට එන්න පොරකනවා වගේ..මගේම වෙච්ච ලෝකෙක මං තනි වෙලා..කොහොම කියන්නද අද දවස පුරාම මගේ අතින් අල්ලන් කෑ ගහ ගහ කියපු කොල්ලා ලග මගේ හිත නතර වෙලා..එයාටවත් නොදැනෙන්න මං සැරින් සැරේ බලපු ඒ ආඩම්බර ඇස්…තාමත් මතක් වෙනවා..

“හෙට ක්ලාස් එනවා නේද” කල්පනා ලෝකෙක හිටපු මං ඇහැරුනේ තරිනිගේ කෝල් එකට..මටම කියලා ෆෝන් එකක් තිබුනේ නැති නිසා කෝල් එන්නේ ගෙදර ලෑන්ඩ් ලයින් එකට
එකට

“ඔව්..ඔව්..එනවා..මේ..ඒක නෙවෙයි හෙටත් එන්නෙ නැද්ද උඹ”

“ඇයි උඹ එහෙම අහන්නේ..අනේ මැණිකේ මං නැතුව උඹට පාලුයිද”

“අනේ පලයන් යන්න..පුලුවන් නං හෙටත් එන්නේ නැතුව ඉදපන්..”

“ඒ…යී..ඒ..මොකද ඒ..ආහ්හ්හ්..”

“හෙට කියන්නං මං තියනවා..බායී”

මුකුත් කියන්න කලින්ම කෝල් එක කට් කලේ බේරෙන්න බැරි බව දන්න නිසාමයි..

උදේම නැගිටලා ලෑස්ති උනේ ක්ලාස් යන්න..ඇදුමක් තෝර ගන්නම පැයක් විතර ගියා..අන්තිමට රෝස පාට දනහිස ලගට දිග ගවුම ඇද ගත්තේ ඒක ලස්සනයි කියලා හිතුන නිසා..

“අම්මා..මං අද ලස්සනයි ද??”

“ආහ්හ්..මේ මොකද මේ කවදාවත් නැතුව..මගේ කෙල්ල කොහොමත් ලස්සනයි නේ..”
අම්මා එහෙම කිව්වේ මගේ ඔලුවත් අතගාන ගමන්..
“පරිස්සමට ගිහින් එන්න එහෙනං පුතේ..”
අම්මටයි තාත්තටයි වැදලා පාරට දිව්වේ බස් එක අල්ල ගන්න..

ඔව් ඒ ආඩම්බර ඇස් අදත් බලන් ඉන්නවා..බස් හෝල්ට් එකේ කනුවකට හේත්තු වෙලා නිල් පාට ඩෙනිමට කලු පාට ශර්ට් එක ඇදලා..අදත් මං එනකංද කොහෙද..

“කොහොද බං බලන් ඉන්නේ…මෙහේ වරකෝ යන්න..මල වදේ..මොනවා වෙලාද මන්දා අද..බස් එකත් යයි මෙහෙම ගියොත් නං..”

මේකී මාව ඇදන් යන්නේ රටේ නැති ඒවා කියලා බැන බැන..මේ මෝඩයත් මොනවා කරනවද මන්දා..පොඩ්ඩක් මේ පැත්ත බැලුවම හෙන ගහනවද මං අහන්නේ..

“මේ උඹට මොකද බං වෙලා තියෙන්නේ..පෙත්ත බොන්න අමතක උනාද”

“අනේ මේ..මගුලක් කතා නොකර හිටපන්” හරිනේ..ඉතින් තව ටිකකින් බස් එක යයි..මාව දැක්කෙත් නැ එයා..මෙච්චර ලස්සනට හැඩ වෙලා ආවේ එයාට පේන්නනේ..දුක තමයි ඉතින් කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ..

“මොකද සුදු නෝනා මේ…ජිරාෆ් වගේ බෙල්ල දික් කර කර කාවද හොයන්නේ”

දෙයියනේ….මගේ ලගින්ම වාඩි වෙලා..අර ගොන් නෑම්බි නැගිටලා ගියේ කොයි වෙලාවෙද..මෙච්චර දෙයක් වෙලා මං දන්නේ නෑනේ.

“අද හරි ලස්සනයි නේ කෙල්ල..” එහෙම කියලා මගේ අතින් අල්ල ගත්තේ තද කරලා..විශ්වාස කරන්න ඒ තමයි මගේ ජීවිතේ එහෙම අත්දැකීමක් ලබන පලවෙනි වතාව..කවුරු හරි දකී කියන බය තිබුනත් මගේ අතින් ඒ අත අයින් කරන්න බැරි තරමේ ලෝබකමකින් හිත පිරුනා..වචනයක්වත් කතා නොකර මගේ අතින් අල්ලන් ගාල්ලට වෙනකම්ම ආවා..

දැන් ඉතින් මේ අත අතෑරලා ක්ලාස් එකට යන්න ඕනේනේ..හ්ම්ම්ම්..මොනවා කරන්නද ඉතින්..

“හරි හරි ඉතින්..මූණ දෙක කර ගන්න ඕනේ නෑ..සුදු නෝනට ක්ලාස් ඉවර වෙනකම් මං ඉන්නවා” ඇත්තමයි ඒ මූණ ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා..මූණට ආපු හිනාවත් එක්ක අනිත් පැත්ත හැරනකොට තමයි මතක් උනේ මගේ අතිජාත මිත්‍රරත්නය මෙතන නේද කියලා..

“අඩෝ..මේක කවද්ද උනේ යකෝ..එක දවසයි…එකම එක දවසයි මං ආවේ නැත්තේ..ඒ ටිකට මෙච්චර දෙයක් උනාද බං..” ඒ ප්‍රශ්නෙට හිනා වෙලා අහක බලා ගත්තේ දෙන්න උත්තරයක් නැති නිසා..

“අනේ වස්තුවේ මගේ පපුවට මෙච්චර දේවල් දරා ගන්න බෑ..කියපන්කෝ දැන්වත් උඹ ඌට කැමති කිව්වද”

“නෑ බං”

“එහෙනං මොකද්ද යකො මේ වෙන්නේ”

“මං දන්නේ නෑ”

දවසෙම ක්ලාස් එකේ උගන්නන කිසිම දෙයක් හරියට කර ගන්න බැරි උනේ තරිනිගේ ප්‍රශ්නත් එක්කම ඒ ඇස් මං ඉස්සරහ හොල්මන් කරන නිසා..

“සුදු නෝනා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා..ඒත් අපිට එච්චර වෙලාවක් නෑනේ..ඔයාගේ ෆෝන් නම්බර් එකක්වත් දෙන්නකෝ මට..”

“මගේ ලග ෆෝන් එකක් නෑනේ” අද දවසටම මගෙන් ඇහුන පලවෙනි වචන ටිකද කොහෙද…

“හ්ම්ම්…ඒකත් එහෙමද..” ආයෙත් කිසිම කතාවක් නැතුව බස් එක ටවුන් එකටම ඇවිල්ලා..හතර වටින්ම කරුවලත් වැටිලා තිබුනේ..අන්තිම බස් එකට තව විනාඩි විස්සක් විතර තියෙනවා..

“බස් එක යන්න වෙලා තියනවනේ..පොඩ්ඩක් එන්නකෝ”

“මේ..මේ..කරුවලේ..පිස්සුද..” බයෙන් උනත් බස් හෝල්ට් එකේ තිබුනු පඩිපෙල යටට ආවේ එතන අපි ඉන්නවා කියලා කාටවත් පේන්නේ නැති නිසා..

“සුදු නෝනා..මේක හීනයක් නෙවෙයි නේද…මං දන්නව වචන වලින් නොකිව්වට ඔයා මට ආදරෙයි කියලා..අපි මුණගැහිලා ගොඩක් දවස් නෑ තමයි..ඒත්….මං දන්නේ නෑ කෙල්ල..මෙච්චරයි කියන්න තියෙන්නේ කවදාවත් මට බොරුවක් කරන්න එපා..මොකද ආදරේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි..ඔයාට මේවා මුලින්ම කියන්නේ පස්සේ මට විදවන්න ඕනේ නැති නිසා…මට එහෙම බොරුවක් කවදම හරි දවසක ඔයා කරයි කියලා හිතෙනව නං මාව මෙතනම දාලා දැන්ම යන්න…ප්ලීස්..”

අනේ…ඔය ආඩම්බර ඇස් දාලා මං කොහේ යන්නද…නෑ…කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නෑ..සත්තයි…වචන වලින් නොකිව්වට මගේ හිතටම මං පොරොන්දු උනේ ඒ අතක් තවත් දැඩිව අල්ල ගන්න ගමන්…

“මචං..ආ..මෙන්න”

“තෑන්ක්ස් බං” එතනට ආපු යාලුවෙක් ගෙනල්ලා දුන්නේ පොඩි ෆෝන් එකක්..ඒත් මෙයා ලග එකක් තියෙනවනේ…තව එකක් මොකටද..

“සුදුනෝනා මේක ඔයාට..පරිස්සම් කරලා තියා ගන්න..අපිට කතා කරන්න පුලුවන් ඕකෙන්..මං ලග ඉද්දිනේ ආඩම්බරකාරී කතා නැත්තේ..ෆෝන් එකෙන්වත් කතා කරමු..

“අයියේ..පරක්කු වෙලා..දැන් යන්න ඕනේ..”

“පරිස්සමින් මගේ කෙල්ල..” එහෙම කියල පොඩ්ඩක් වටපිට බලලා මගේ නලලට ඒ තොල් තද කරේ හිතා ගන්නවත් වෙලාවක් නොතියා..එක දවසට මෙච්චර දේවල්..අම්මෝ..මේව දරාගන්න බැරුව මං මෙතනම පපුව පැලිලා මැරෙයි..

“මොකද..යන්න අදහසක් නැද්ද…හ්ම්ම්”

“නෑ..මේ..ආහ්හ්..ඔව්…නෑ…මං යනවා..” මටත් පිස්සුද මන්දා…දුවන ගමන් හැරිලා බැලුවේ ආයෙත් ඒ ඇස් දකින්න ආසා හිතුන නිසා..තාමත් මගේ දිහා බල බල හිනා වෙනවා..මටත් මොනවා වෙලාද මන්දා..

තරිනි බස් එකේ වාඩිවෙලා මං දිහා බලන් ඉන්නේ හොල්මනක් දැක්කා වගේ..

“මොකද බං ඔය..උඹව දැක්කම බය හිතෙනවනේ..”

“නෑ බං මාව දැකලා බය වෙන්න එපා..මමයි දැන් උඹව දැකලා බය වෙලා ඉන්නේ..”

“ඇයි ඒ..”

“ඇයි අහන්නේ යකෝ..උඹ දැන් ඌ එක්ක යාලුයි ඒ කියන්නේ”

“නෑ අපි යාලු නෑ..අපි ආදරේ කරනවා”

“හරි හරි කරන් පලයන්කො…කරන දෙයක් අපිටත් කියලම කරා නං තමයි වටින්නේ..”

“ආයේ එහෙම කාට හරි හිත ගියොත් කියන්නංකො උඹට”

“අම්මෝ…මෙතනම වලක් කපන් වැලලෙනවා මං..උඹ ඕනේ දෙයක් කර ගනින්..”

හිනා වෙලා ආයෙමත් මං ආවේ ඒ කල්පනා ලෝකෙට ඔව් මමයි..මගේ ආඩම්බර ඇස් අයිතිකාරයයි විතරක් ඉන්න ලෝකෙට..

37 thoughts on “පිපුණු මල|අටවන කොටස|නවකතා|කතා අහුර රචක”

        1. මට සුබ පතන්න ඉන්න හැමෝටම තැන්කූ හොඳේ? සමහර විට ආයේ අද දවසට මට app එකට එන්න බැරි වෙයි
          Class 2.30ට පටන්ගන්නව..?

        2. මට සුබ පතන්න ඉන්න හැමෝටම තැන්කූ හොඳේ? සමහර විට ආයේ අද දවසට මට app එකට එන්න බැරි වෙයි
          Class 2.30ට පටන්ගන්නව..?

    1. Nithu ?❤️

      සුබ පැතුම් මගේ චූටි මැනිකේ… ???????????????????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      සුබපැතුම් මගේ ජේසිය.. මේ දවස් ටිකේම ඔයාව මතක් වෙනෝ..සීතලයිනේ…

      මේ තෑගි වටිනවා හොදේ ලක්ශ ගාණක්.. මං සින්ඩිටත් බාගයාක් දීලා ආවෙ… ??

      ????????????????????????????????????????????????

      1. තැන්කූ අනු අක්කියෝ ?❤
        ඔයා අලුත්ද අලේ?? මට කවදාවත් හම්බවෙලා නෑනේ ??
        1. ඔයා මොන අවුරුද්දේද?
        2. තාම ඉස්කෝලේ යනවද, job එකක් කරනවද?
        3. කොහෙද ඉන්නේ?
        4. ඔයාගේ කොන්ඩේ දිගයිද?
        5. ඔයාට තව කව්ද ඉන්නේ? ඒ කියන්නේ සහෝදර, සහෝදරියෝ
        6. A/l වලට මොනාද කරේ?
        7. ආසම පාට මොකද්ද?
        8. ඔයාගේ ඇත්තම නම මොකද්ද?

  1. තේජා අක්කියෝ,

    අද කතාවත් ගොඩාරියක් ලස්සනයි ?
    අම්මෝ බලන්නකෝ අනේ ඒ දෙන්නගේ love එක ??කෙල්ල තිරිනිට class එන්නත් එපා කිව්ව නේ ?

    ම්ම්ම්…බලන්නකෝ අනේ ඒකෙත් හැටි කෙල්ල දැන් කැමතියි නේද මේ කොල්ලට..???

    අම්මෝ කෙල්ල අද ලස්සනට යන්න ඇති නේ… මොකද කරන්නේ කොල්ලා අද හිටියේ නැත්තන් එහෙම ??පව් වැඩේ නේ… එතකොට මට කෙල්ලගේ මුණ බලන්නත් ආසයි ??

    දැන් ඉතින් කෙල්ලට ෆෝන් එකකුත් තියෙනවා නේ…. දැන් ඉතින් මුළු දවසම ෆෝන් එක ඔබ ඔබ ඉඳියිද දාන්නේ නෑ..දැන් ඉතින් ඒ දෙන්නට ඕන විදියට කතා කරන්නත් පුළුවන් නේ…

    හැබැයි ගෙදරට අහු වුනොත් මොනා වෙයිද මන්ද????එහෙනම් වෙන්න එපා ඉතින් පව් නේ ඒ දෙන්න…

    හැබැයි ඉතින් මට තාම හිතාගන්න බෑ කොල්ලා හොඳයි ද කියලා ??
    බලමුකෝ ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා…

    හෙටත් කතාව කියවනකන් මග බලාගෙන ඉන්නේ… අක්කිගෙ මේ දක්ෂතාවය තව තවත් දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???

  2. . හම්බු යකු ප්‍රශ්න අහනවා කියලා ඔහොමත් අහනවද යස්මිනයෝ ?..
    ඒ මනුස්සයට හාටටක් හැදුනද දන්නේ නෑ…??
    Ok පැතුම් සුබ කික්ආ… අක්කි සුබ පැතුම් ??

    1. කික්කි ???පිත්තුද බොල ?
      ඒකනේ ඉතින් කියන්නේ ඉස්සර ඉඳන්ම මම මෙහෙම තමයි මල්ලියෝ.. මම මේ වගේ ප්‍රශ්නයි, මොඩ ප්‍රශ්නයි, උත්තර දෙන්න ලැජ්ජා හිතෙන ප්‍රශ්නයි ඉස්සරලම ඇහුවේ ලොකු අයියගෙන්… අම්මෝ ඒ දවසනම් මට කවදාවත්ම අමතක වෙන්නේ නැති වෙයි ???

  3. .. යස්මිනෝ අක්කි ඔයා අර අහල තියන ප්‍රශ්න වලට මන් වෙනස් විදිහකට උත්තර දෙන්නම් ok ?
    1. මගේ කැල්ල ඉපදුන අවුරුද්දේ.
    2. කැල්ල නම් තාම ඉස්කෝලේ යනවා ඒ කියන්නේ කැල්ලව බලන්න හරි ඉස්කෝලේ යනවා..
    එතකොට මොන ජෝබ්ද අනේ අෆි තාම චුටිනේ
    3.කැල්ලගේ ගෙවල් ළග.. දැනට කැල්ලගේ අම්මත් එක්ක friend ship එකක් හදාගන්න ගමන් ඉන්නේ අනාගතේදී උදව් වෙයි?
    4. මගේ කැල්ලගේ තරම්නම් කොන්ඩේ දිග නෑ…
    5. කැත කතා කියන්න එෆා සරිද මට ඉන්නේ only one එක කෑල්ලයි… ඊට අමතරව ඒකිගේ අක්කා මට line දානවා කියෙලා හිතෙනවා..?
    6. රෙද්දක් කියවන්න එෆා අෆ්ෆා o/l ලියන්නේ නැතුව කොහොමද බොල a/l ලියන්නේ
    7. එකී ආස මොන පටද මාත් ඒ පාටට ආසයි.
    8. මගේ කෙනාගේ ඇත්ත නම තමයි ??හුටා වැඩේ දෙල් නේද..
    ඔන්න ඔහේ මේ කිව්ව ඒවා අමතක කරලා දාන්න අෆ්ෆා.
    එයාට හුරතලේට කියන්නේ නම්………… දගී කියලා ????????

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    මන් කවද හරි ඇත්තට කැල්ලක් හොයාගත්තු දවසට නම කියන්නම්..

    .
    එතකම් මේ සිගිති ලෝකේ සිගිති මානසිකත්වේ ඉන්න දෙන්න ✋️✋️✋️??????????
    Ok සරියා ?

    1. යකූ පිස්සුද බොල මල්ලියෝ ??
      තමුන්ටනම් පිස්සු ඩබල් අප්ප ?ඔයත් එක්ක හිටියොත් අපිටත් පිස්සු හැදෙනවා අනිවා ??
      1. මම ඔයාගේ කැල්ල ඉපදුන අවුරුද්ද දාන්නේ නෑ… අපි හිතමු 2008
      2.එයා ඉස්කෝලේ යනවනම් ඉන්නේ 8පන්තියේ (මේ කෙල්ල බලන්න ගියාට කමක් නෑ හැබැයි ඕන් ප්‍රින්සිපල්ටනම් අහුවෙන්න එපා )
      3. කෙල්ල ඉන්නේ පේරාදෙණියේ කියලා හිතමු… හැබැයි පුතෝ බලාගෙන කෙල්ලගේ අම්මත් එක්ක friendship එකක් තිබ්බට කමක් නෑ… අනවශ්‍ය දේවල් ගැන කතා කරල චොර වෙන්න එපා
      4. අපි හිතමු කැල්ලගේ කොන්ඩේ ඉනට චුට්ටක් විතර උඩින් තියෙන්නේ කියලා
      5. බලාගෙන ඈ… කෑල්ල දැනගත්තොත් අක්කා ලයින් දානවා කියලා අක්කගේ නෙමෙයි ඔයාගේ බෙල්ල මිරිකයි ?
      6.ගනන් ගන්න එපා ඒයි පිස්සුනේ මට තාම ඉතින් බොලලා o/l වත් ලියල නැති ඇට කොල්ලෝ කෙල්ලොනේ
      7. අපි හිතමු කහ පාට කියලා
      8. අප්පටසිරි වැඩේ දෙල් තමයි කෙල්ලගේ නම කිව්වොත් ?
      අනේ එයා හුරතල් ද??ෂෝයි නේ දඟි කියන නම ඔයාටම ගැලපෙනවා ?????
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      හලි ඈ ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා කෑල්ලක් හොයා ගත්ත දවසට මට කෝල් එකක්ම දීලා කියන්නකෝ ????

      හරි හරි හරි මාත් තාම ඉතින් සිඟිති මානසිකත්වයකනේ ඉන්නේ ???…. ඒ නිසා ඔයත් එහෙම ඉන්න ???

      ???සරියා ???.
      .
      .
      .
      .
      .
      .
      .
      මා ඉහත සඳහන් කල සියලු තොරතුරු සත්‍ය තොරතුරු බවත්… ඒ මගේ ලොකු මාමගේ ලොකු දුවගේත් බව කරුණාවෙන් සලකන්න ??????

  4. Chuuti manike

    සුබ පැතුම් ජසී අක්කියෝ ?????️️?️️?️️?️️?️️?️️?️️?️️??????????????????????????????????????????????????????????????

    1. හම්මෝ තැන්කූ මගේ චූටි මනිකේ ?❤තෑගි ගොඩයි ??අම්මෝ ඔයා මන් වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලානේ… ඒ නිසා මේ මන් ගානේ,
      ????????????

    1. එයා තමයි සින්ඩි නංගා… ඒ කියන්නේ අපේ චූටි කුමාරි සින්ඩරෙල්ල ?

  5. අනේ තේජා අක්කි කතාවනම් එලම මට අර කොල්ලව 25% ක්‌ විතරයි ෂුවර් බලමුකෝ කතාව එලම හොදේ ❤️❤️❤️

  6. ❤❤❤❤❤❤❤
    අනේ මන්ද තේජ අක්කි,ඒ කොල්ලව තාම 100%ම විශ්වාස කරන්න බෑනෙ ඉතිම් ,ඒත් පොඩි විශ්වාසෙකුත් තියෙනව කොල්ල හොඳ ඇති කියල.අනේ මන්ද ඉතිම් අමාවි කෙල්ල මොනා කරගනීද කියල.(මට මතක විදිහය කෙල්ලගෙ නම අමාවි)

    කොල්ල අමාවිට දුන්න ෆෝන් එක ගෙදරට අහුවුණොත් නම් කෙල්ල ඉවරයි??.
    අනේ මන්ද ඉතිම්……..

    කොහොම වුනත් කතාව ලස්සනයි අක්කියො❤
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.