Theja kaushi

I like reading stories

සිතිජයක නැවතුමක්|අවසාන කොටස|නවකතා

හෝරා කිහිපයක් ගෙවිලා ගියත් ශානුගේ වචන දරුණු විදියට මගේ හිත පාරවන්න අරන්..ඒ කෙල්ලගේ කදුලු අස්සේ හැංගුණ වැරදිකාරයා මම වෙද්දී ඇයි ඒ එයාට හිතුණේ මටම මේ දේවල් කියන්න..දරාගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තිබුණ ඔලුවේ කැක්කුමට පැනඩෝල් දෙකක් බීපු මං ෆෝන් එකත් අරන් එළියට ආවේ සනුල්ට කෝල් එකක් ගන්න “මං මහ පවුකාර ගෑනියෙක් අයියා..මට තිබුණා මේ දේවල් මෙහෙම …

සිතිජයක නැවතුමක්|අවසාන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිපස්වන කොටස|නවකතා

“මං ගිහින් එන්නම්..පරිස්සමින් ඉන්න ඕනේ හරිද..වීක් එන්ඩ් එකේ මං එන්නම් එක්කන් යන්න..” මගේ ඔලුවත් අතගාලා සෙනාල් කාර් එකට නැග්ගේ යන්නම් කියාගෙන.. “ගිහින් කෝල් එකක් දෙන්න..බුදු සරණයි..” “හරි මැණික..ඔයා කියනවා නම් ඉතින් කෝල් කරන්නම එපැයි..” කාලෙකට පස්සේ මගේ මූණේ ඇදුණ හිනාව නිසාද කොහෙද සෙනාල් තාමත් බලන් ඉන්නවා.. “ඔන්න ඔහොම හිනාවෙලා ඉන්න කවී..මගේ කෙල්ලගේ ඇත්තම ලස්සන පේන්නේ …

සිතිජයක නැවතුමක්|විසිපස්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිහතරවන කොටස|නවකතා

කවීන් බයික් එකෙන් බැහැලා මගේ ළඟට එන්න අඩිය තියද්දිම සෙනාල්ගේ කාර් එක වේගෙන් ඇවිත් අපි ගාව නතර වුණේ මගේ හිතට සැනසීමක් එක් කරමින්.. “නඟින්න කෙල්ල කාර් එකට..මං ටිකක් මූට කතා කරලා එන්නම්..” “අනේ එපා අයියා..අපි යමු..” සෙනාල්ගේ අතක එල්ලිලා මං එහෙම කිව්වේ මෙතන වෙන්න යන ප්‍රශ්නේ නතර කරන්න..කවීන් අත් දෙකත් මිට මොළවගෙන කේන්තියෙන් බලන් ඉන්න …

සිතිජයක නැවතුමක්|විසිහතරවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිතුන්වන කොටස|නවකතා

“මේ කසාදේ අපි දෙන්නගේම ජීවිත වල රැවටීමක් විතරයි සෙනාල්..” “එහෙම වෙන්නේ අපිට අපි නොගැළපෙනවා නම් විතරයි කවී..ඔයාවත් මමවත් පොඩි එවුන් නෙවෙයි..ප්‍රශ්නයක් තියනවා නම් අපි කතා කරලා විසඳගමු..” “ඒ ප්‍රශ්න කතා කරනවට වඩා ඔයා මෙතනින් නවතින එක හොඳයි..මාව තේරුම් ගන්න සෙනාල්..” තව දුරටත් සෙනාල් එක්ක කතා නොකර ඉන්න එකෙන් වෙන්නේ අගක් මුලක් නැති ප්‍රශ්න වැලක පැටලෙන …

සිතිජයක නැවතුමක්|විසිතුන්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිදෙවන කොටස|නවකතා

“ඕකද දරුවෝ ඇදන් යන්නේ..” “ඇයි අනේ..මේක හොඳ නැද්ද..ඔයාම නේද අරන් දුන්නේ..බලන්නකෝ ලොකු තාත්තේ..” “කෙල්ලෙක් ලස්සන දිගට ඇන්දම තමයි..කොහෙද ඉතින් ඔයාගේ ලොකු අම්මට ඕවා තේරෙන එකක්යෑ..” “හරි හරි..ලොකු තාත්තලා දූලා එක පැත්තක් වෙන්නකෝ..මාවත් ඕනේ වෙයිනේ දෙන්නට..” අපි දෙන්නටම ගස්සගෙන ලොකු අම්මා කාමරේට ගියේ තරහකට නම් නෙවෙයි..කලු පාට රෙද්දේ සුදු ඉරි ගියපු මේ ගවුම ලොකු අම්මමයි මට …

සිතිජයක නැවතුමක්|විසිදෙවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසි එක්වන කොටස|නවකතා

ලොකු අම්මගේ ඉල්ලීමට කුරුණෑගල ආවත් මගේ හිත මං ලඟ නෑ වගේ..නිතර නිතර මතකෙට එන අතීතේ මාව වට්ටන්න හදන හැම වෙලාවකම මං කොහොම හරි නැගිට්ටා..අම්මා තාත්තාගේ වගේ ආදරේ ලැබෙන හෙවනක ජීවත් වෙන එක විතරයි මට සැනසීමකට තිබුණේ..සමහර විට මං තවත් ගමේ හිටිය නම් අම්මට වුණත් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ද වෙන්න තිබුණා..ඒ දේවල් දරාගන්න අම්මට බැරි …

සිතිජයක නැවතුමක්|විසි එක්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිවන කොටස|නවකතා

“ඇයි කවීන් මට මෙහෙම කරන්නේ..ඔයාට මට කෝල් එකක් දෙන්න බැරි තරමටම බිසී වුණාද..ආහ්හ්..” “අහන්න කවී..ටිකක් මාව තේරුම් ගන්න..බබාව මෙහෙම තනියම දාලා මට එන්න විදියක් නෑ..” “එන්න බැරි වුණත් ඔයාට තිබුණා මගේ කෝල් ආන්සර් කරන්න..ඇයි එහෙමවටත් නොකළේ..” මගේ හඬ ටිකෙන් ටික උස් වෙද්දී අම්මත් දොරකඩට ඇවිල්ලා බලන් ඉන්නවා..ඒත් මට ඕනේ වුණේ නෑ කවීන්ව එහෙම ලේසියෙන් අතාරින්න..ඒ …

සිතිජයක නැවතුමක්|විසිවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|දහනවවන කොටස|නවකතා

“මට මහ බයක් දැනෙනවා කවීන්..සෙනාල් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා වැඩියි..” “එයා ශානුට ගොඩක් ආදරෙයි කවී..ඒකයි මේ හැමදේම..” “ඇයි ඔයාට බැරි මේක ශානු එක්ක විසඳගන්න..මට නං දැන් එපා වෙලා මෙහෙම හොරෙන් හම්බවෙලා..” ශානු ගැන මට දැණුනේ ඉරිසියාවක්..ඒක දැනෙන්න ගත්තේ කවීන් දවසෙන් දවස මට ළං වෙද්දී..එහෙම ආදරයක් ශානුට දීලා අත් දෙක පිහදගෙන පැත්තට වෙන්න මගේ හිත ඉඩ …

සිතිජයක නැවතුමක්|දහනවවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|දහඅටවන කොටස|නවකතා

අම්මගේ මූණ දකින පළවෙනි මොහොතෙම මගේ ඇස් වලට කදුළු පිරුණේ අම්මා මලක් වගේ ආදරේ දීලා රැකපු මං අම්මටත් හොරාම ගෑනියෙක් වෙච්ච නිසා..ඒ කිසි දෙයක් නොදන්න අම්මා මාව බදාගෙන මහ හුඟක් වෙලා ඇඩුවා..අම්මා මොන තරම් මං වෙනුවෙන් බලන් හිටියද කියන්න ඒ ඇස් සාක්ෂි..හිතෙන් දස දහස් වාරයක් සමාව ඉල්ලුවත් මේ පව් හෝදගන්න බෑ කියලා මං දන්නවා.. “මාව …

සිතිජයක නැවතුමක්|දහඅටවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|දාහත්වන කොටස|නවකතා

ගෙවුණ හැමදවසකම මං කල්පනා කලේ මෙතනින් පැනලා යන විදියක් ගැන..කවීන් කියන විදියට මං මෙතනට ඇවිල්ලා සති දෙකකටත් වැඩී..ඒත් මගේ හිත වෙනස් කරන්න කවීන්ට අවස්ථාව නොදෙන්න මං පරිස්සම් වුණා..කවීන් ඇරෙන්න මේ කාමරේට කිසිම කෙනෙක් යන්නේ එන්නේ නෑ..කිසිම කෙනෙක්ගේ කටහඬක්වත් එළියෙන් ඇහෙන්නේ නෑ..එහෙම කවුරු හරි හිටිය නම් මොන යම් විදියකින් හරි මට උදව්වක් ගන්න තිබුණා.. මෙතනින් එහාට …

සිතිජයක නැවතුමක්|දාහත්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|දහසයවන කොටස|නවකතා

කලුවරේ උහුලගන්න බැරි තරම් සීතලක් දැනෙද්දී මං හිටිය තැන ඉදන්ම තවත් ගුලි වුණේ පොඩි හරි උණුහුමක් බලාපොරොත්තුවෙන්..කිසිම දෙයක් නොපෙනෙන මේ මහ කලුවරේ කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බැරි වුණත් සීතල සිමෙන්ති පොළවක මං වැටිලා ඉන්නවා කියල නම් තේරුණා..එළියෙන් මහ වැස්සක හඬ ඇහුණත් වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නැත්තේ වැස්ස සැර නිසාද කොහෙද.. එකින් එක සිඳුවීම් මතකෙට එද්දී …

සිතිජයක නැවතුමක්|දහසයවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|පහළොස්වන කොටස|නවකතා

“අම්මේ…මං යනවා..” කුස්සියේ ඉන්න අම්මට කෑගහලා යනවා කියන ගමන් මං හෑන්ඩ් බෑග් එක කරට දාගත්තා..අඩියට දෙකට සාලෙට ආපු අම්මා බිත්ති ඔරලෝසුව දිහාත් බලලා තමයි මගේ ළඟට ආවේ.. “අද මොකද මේ වේලාසන දුවන්නේ..තව වෙලා තියනවනේ..බත් කටක්වත් කාලා යන්න දරුවෝ..” “අනේ බෑ අම්මේ..ටිකක් වේලාසන යන්න ඕනේ..පොඩි වැඩ වගයක් තියනවා..” “අනේ මන්දා..හිතට මොකද්ද වගේ පුතේ..අද යන්නම ඕනේද..” “අනේ …

සිතිජයක නැවතුමක්|පහළොස්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|දහහතරවන කොටස|නවකතා

තාත්තගේ දාන වැඩ ඉවර වුණාට පස්සේ සංකල්ප නිතර නිතර අපේ ගෙදර එන්න යන්න ගත්තා..සංකල්ප ගැන විශේෂ කැමැත්තක් නොතිබුණත් මං ඒ හැම වෙලාවකම ඔහුව අද්‍යනය කලේ කොහොමත් මේ කසාදේ කරන්න වෙන බව දන්න නිසා..පෙනුමෙන්,කතාබහෙන් සංකල්ප හොඳ කෙනෙක් බව ටික ටික තේරුම් යද්දී මං ගත්ත තීරණේ ගැන පොඩි සතුටක් හිතට දැණුනත් ඔහුට ආදරය කරන්න තරම් කාරණාවක් තවම …

සිතිජයක නැවතුමක්|දහහතරවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|දහතුන්වන කොටස|නවකතා

තාත්තගේ තුන්මාසේ දානේ ළඟ ළඟම එන නිසා උදේ අම්මා දුන්න බඩු ලැයිස්තුවත් අරන් මොන්ටිසෝරිය ඉවර වෙලා එහෙම්ම ගියේ ටවුන් එකට..හිතුවට වඩා බඩු ගොඩක් අරගෙන තිබුණ නිසා වීල් එකක් අල්ලගෙන ඒකෙන් ගෙදර යන්න හිතන් පාරට ආවේ වටපිටවත් නොබලා..බරට බරේ බෑග් උස්සගෙන යන මගේ දිහා කීපදෙනෙක් බැලුවත් මට නෑ ඒ ගැන වගක්වත්.. “මොකෝ මේ..අලුත් ජොබ් එක මේකද..” …

සිතිජයක නැවතුමක්|දහතුන්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක් | දොළොස්වන කොටස | නවකතා

“මට නම් මේ මිනිහා එක්ක එන්නේ පුදුම කේන්තියක් බං..මං උඹ වුණා නම් මෙච්චර ඉවසන්නේ නෑ..දෙනවා හොඳ කනේ පාරවල් දෙකක්..” “එහෙම කරන්න තිබුණා බං දවසක් හරි ආදරේ නොකළා නම්..” චතූගේ කේන්තිය සාදාරණයි..කවීන් මාත් එක්ක මේ කරන්නේ සුලුපටු සෙල්ලමක් නෙවෙයි..බස් එකත් නැති නිසා දෙන්නා පයින්ම මොන්ටිසෝරිය පැත්තට ඇවිදගෙන ආවේ..චතූ වචන දහයක් කතා කළොත් අටක් නවයක්ම කවීන්ට බනිනවා..ඒකිත් …

සිතිජයක නැවතුමක් | දොළොස්වන කොටස | නවකතා Read More »

සිතිජයක නැවතුමක්|එකොළොස්වන කොටස|නවකතා

මාස දෙකක් නිහඬවම ගෙවිලා ගියේ කවීන් මට පේනමානෙකටවත් එන්නේ නැති වෙද්දී..වෙනසකට කියලා වුණේ සංකල්ප එක්ක මගේ විවාහය තීන්දු වුණ එක විතරයි..පුංචිම කැමැත්තක්වත් ඒ ගැන නොතිබුණත් අම්මගේ හිත රිද්දන්න තිබුණ අකමැත්ත නිසාම මං කටවහන් පැත්තකට වුණා..යන්තමට හරි මගේ හිත හැදෙන දේකට තිබුණේ මොන්ටිසෝරියේ පොඩ්ඩෝ එක්ක ගත කරන වෙලාව විතරයි.. “කවීශා..අලුත් ළමයි බාරදෙන්න එන අයගේ වැඩ ටික …

සිතිජයක නැවතුමක්|එකොළොස්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක් | දහවන කොටස | නවකතා

අදට සතියක්…කවීන් නැතුවම ගෙවුණු..කවීන්ගේ මැසේජ් කෝල් වලින් ෆෝන් එක පිරිලා යද්දී මං නෙවෙයි නිකංවත් ඒ දිහා බැලුවේ..සතියම මොන්ටිසෝරියට යන්න වුණත් උදේ හවස චතූ මාත් එක්කම හිටියා..හරියට ඉස්සර අම්මා මාව ක්ලාස් එක්කන් ගියා වගේ උදේ හවස මොන්ටිසෝරියට වෙලා චතූ මගේ තනි රැක්කා..අම්මට මල්ලිට පේන්න දවල් තිස්සේ අමාරුවෙන් හිනාවෙලා උන්නු මං මගේ වේදනාවට කඳුලු වෙලා ගලන් යන්න …

සිතිජයක නැවතුමක් | දහවන කොටස | නවකතා Read More »

සිතිජයක නැවතුමක් | නවවන කොටස | නවකතා

“කවී අපි ගෙදර යමු..මගේ ඔලුව රිදෙනවා බං..” “තාම ආවා විතරයිනේ මෙතනට..මොකද්ද බං..” චතූගේ මේ අමුතු හැසිරීම මට එච්චර ඇල්ලුවේ නෑ..හිටි හැටියේ මෙයාට මොකද මේ වුණේ..දෙන්නත් එක්ක ත්‍රීවීල් එකක ගෙදර යන්න හිතාගෙන පාර දිගේ ඉස්සරහට එද්දී මං දැක්කේ ලොකු ශොප් එකක්..ඒක දකිද්දිම මතක් වුණේ අලුතෙන් හෑන්ඩ් බෑග් එකක් ගන්න තිබුණ නම් හොඳයි කියලා.. “මේහ්..පොඩ්ඩක් යමන් මේකට..” …

සිතිජයක නැවතුමක් | නවවන කොටස | නවකතා Read More »

සිතිජයක නැවතුමක් | අටවන කොටස | නවකතා

“ආහ්හ්..චූටි මිස්..කොහෙද යන්නේ මේ පද්ද පද්ද..” හුරුපුරුදු කෙනෙක් හඬක් නිසා හැරිලා බැලුවත් දැකපු දෙයින් ඇස් අදහගන්න බැරි වෙද්දී මං එතනට ගියේ අඩියට දෙකට.. “චතූ…දෙයියනේ..ආවා කියලා නිකංවත් කිව්වේ නෑ..” “එහෙම තමයි නංගී සප්‍රයිස් දෙන්නේ..අම්මෝ..උඹ එනකං මෙතන බලන් ඉදලා අව්වේ කරවුණේ නැති ටික විතරයි මං..” චතූ..අවුරුදු කීයකට පස්සෙද මේ..ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු තුනක් වගේ යද්දී තමයි චතූට …

සිතිජයක නැවතුමක් | අටවන කොටස | නවකතා Read More »

සිතිජයක නැවතුමක් | හත්වන කොටස | නවකතා

“ඕනේ දෙයක් අහන්න කවීන්..කොහොමත් ඔයාට කතා කරන්න ඕනේ කිව්ව නිසානේ අපි මෙහෙට ආවේ..” ලොකු හුස්මක් පිටකරපු කවීන් විනාඩි පහක් දහයක් මුහුද දිහා බලන් ඉදලා ආයෙත් මගේ දිහාට හැරුණා.. “ඔයාගේ තීරණේ තාමත් වෙනසක් නැද්ද කවී..මොකද මං දන්නවා මෙච්චර කාලෙකට ඔයාට කිසිම කෙනෙක් එක්ක සම්බන්දයක් තිබුණේ නෑ කියලා..” “ඔයා කොහෙද කවීන් මේ අවුරුදු ගාණටම ගිහින් හිටියේ..අඩුම ආරංචියක්වත් …

සිතිජයක නැවතුමක් | හත්වන කොටස | නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.