Katha Ahura

පිපුණු මල|නවවන කොටස|නවකතා|කතා අහුර රචක

3/5 - (2 votes)

අතීතය පුන් සදක් වී අද බලා ඉන්නවා මා දිහා…
ඒත් ඉරකට වැඩිය රශ්මිය දැනෙනවා මට රෑ දිවා…
ඇතර ගිය මග බලා ඉන්නවා අදත් නුබ දිව එයි කියා..
හිතට කිව්වට අහන්නෙම නෑ මමත් බය ඒ ගැන තමා

ජීවිතේ වෙලාවකට හරි පුදුමයි..නොහිතන නොපතන වෙලාවල් වලට අපේ ජීවිතේට එන අය ඉක්මනින්නම අපේ හිත් වලට ඇතුල් වෙන්නේ කවදාවත් අමතක කරන්න බැරි විදියට..එහෙම අය වෙන්වෙලා යනවා කියල නිකමට හිතද්දිත් මුලු ඇගම හිරි වැටිලා යනවා..

කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටිය මං පියවි සිහියට ආවේ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඇහිලා..ඔව් ඒ මගේ ආඩම්බරකාරයා..කාමරේ ඇතුලේ ඉදන් ආන්සර් කලොත් නං ඉතින් අපායේ කටු ගහේ නගින්න තමයි වෙන්නේ..මොකද ගෙදර තත්වේ එච්චරටම හොදයි…ඉක්මනටම ෆෝන් එකත් අරන් වොශ් රූම් එකට ආවේ අම්මටත් පේන්නේ නැති වෙන්නේ..

“හෙලෝ..”

“මොකද..මේ..ආහ්හ්හ්..මගේ කෙල්ල හොරෙන් කතා කරන්නේ..”

“හොරෙන් තමයි අප්පා කතා කරන්නේ..අම්මා ඉන්නවා ගෙදර..”

“ආහ්හ්…එහෙනං දුවන්න ගෙට..හෙට ක්ලාස් එනවනේ මං අල්ල ගන්නම්කෝ”

මොකක්දෝ සැහැල්ලුවකින් හිත පිරිලා ඉතිරිලා ගිහිල්ලා..ඒත් තව කොච්චර කල් කියලනම් මේවා හංගගෙන ඉන්නද..ගෙදරින් දැන ගත්තොත් තාත්තා මාව නොමරා මරයි..ඒත් ඉතින් හා හා පුරා කියලා මං කැමති උන පලවෙනි කොල්ලනේ මේ..

අහස් ප්‍රබුද්ධ වීරසූරිය..
ඔව් ඒ මගේ ආඩම්බරකාරයගේ නම..අක්කා කෙනෙක් විතරක් ඉන්න අහස්ට මුදල් අතින් නං අඩුපාඩුවක් තිබුනේ නැහැ..මොකද එයාගේ තාත්තා විදේශීය සමාගමක් එක්ක එකතු වෙලා ලංකාවේ ඇගලුම් කර්මාන්ත ශාලාවක් පවත්වගෙන යන නිසා..ඉගෙන ගන්න කොච්චර දක්ශතා තිබුනත් අහස්ගේ විනෝදාංශය යාලුවෝ එක්ක එකතු වෙලා පිස්සු වැඩ කරන එක..හැබැයි හැම එක්සෑම් එකකින්ම ක්ලාස් එකේ ෆස්ට් අහස්..

“සුදු නෝනා මෙතන පේපර්ස් වගයක් ඇති..ඔයා ඒවා කරන්න..මොකද එක්සෑම් එකට වටිනවනේ..”

“අපෝ..එක්සෑම් වලට තව කොච්චර කල් තියෙනවද අනේ..දැන්ම ඉදන් මොකට මහන්සි වෙනවද”

“එහෙම මහන්සි උනා කියලා පාඩුවක් වෙන්නේ නෑ දරුවෝ..ඔයාටමයි ලේසි වෙන්නේ..”

“අම්මෝ..ඔයගේ දේශනාව නවත්ත ගන්නකෝ මං මේ ටික කරලා ඔයාට ගෙනත් දෙන්නං”

අහස්ට නිතරම ඕනේ උනේ මමත් එයා වගේම හොදට ඉගෙන ගන්නවා දකින්න..ඒත් වෙලාවකට මට ඒක කරදරයක් වගේ නොදැනුනාමත් නෙවෙයි..යාලුවෝ එයාලගේ බෝයි ෆෙරෙන්ඩ් එක්ක එක එක තැන් වල ඇවිදින්න යද්දී අහස් හැමදාම මාව ක්ලාස් යැව්වා..බස් එකේ විතරයි අපි දෙන්නට කතා කරන්නවත් හම්බුනේ..එයාට ක්ලාස් තිබුනොත් එදාට ඒකත් නෑ..

“මේ..අමාවි උඹ දැක්කද අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා..”

“හ්ම්ම්..දැක්කා..දැක්කා..ලස්සන ඇති ඒක නං..මං ටීවී එකෙත් දැක්කා ට්‍රේල එකක් එකේ..”

“මොකද කියන්නේ යමුද බලන්න..”

“පිස්සුද තරිනි උඹට..ක්ලාස් කට් කරලා යන්නේ කොහොමද..”

“මොකටද බං ක්ලාස් කට් කරන්නේ..ක්ලාස් නැති දවසක ගෙදරට කියමු අමතර එකක් දාල කියලා..ගෙදරින් දන්නවද බං ඕවා..අපි යං ෆිල්ම් එක බලන්න..”

“බයෙත් බෑ බං..අහස් දැන ගත්තොත් මරයි මාව..”

“ඉතිම් ඌට කියන්න යන්න එපා ගොන් වැස්සියේ..”

“හ්ම්..හ්ම්ම්ම්”

තරිනි කියපු දේ පිලිගත්තත් හිත කිව්වෙම මේ ගැන අහස්ට කියන්න කියලා..ඒ උනාට ඉතින් කිව්වොත් යන්න දෙන්නේ නෑනේ..ඔන්න ඔහේ නොකියම යනවා..එයාට දැන ගන්න විදියක් නෑනේ..
ෆිල්ම් එක බලන්න යන්න කතා උන අපි දෙන්නා හෙට ක්ලාස් යනවා කියලා ගෙදරට බොරුවක් කිව්වා..අම්මට ඒකේ එච්චර හිතන්න දෙයක් තිබ්බේ නැත්තේ වෙනදටත් එහෙම අමතර පන්ති තියෙන නිසා..ටිකට් වල සල්ලි අවුලක් වෙන්නෙත් නෑ..මොකද ගෙදරින් කොහොමත් මට අමතරව කීයක් හරි අතට දෙනවා..

“සුදු නෝනා කොහෙද ඉන්නේ”
අහස්ගෙන් කෝල් එක ආවේ ටිකට් අරන් ඇතුලේ වාඩිවෙලා ඉද්දී..ෆිල්ම් එක පටන් ගන්න තව වෙලා තියෙනවා..ලොකු පිරිසක් හෝල් එකේ හිටියෙත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති..තරිනි තනියම එනවා කියලා හිතුවට එයා ඇවිල්ලා තිබ්බේ බෝයි ෆෙරෙන්ඩ් එක්ක..

“ම්ම්ම්..මේ..අ..යි..යේ…මං…මේ…ගෙදර ඉන්නේ..ඔව්..ගෙදර ඉන්නේ”

“මොකද කරන්නේ..පාඩම් කරනවද..”

“නෑ…මේ…ඔව් පාඩම් කලා..”

“මොකද ලමයෝ වෙලා තියෙන්නේ..අම්මවත් ඉන්නවද ලග..”

“ඔව් අයියේ..මං පස්සේ ගන්නං..බායී..”

දෙයියනේ..දැන ගත්ත නං එහෙම ඉදලා ඉවරයි..තරිනිට කියන්න ඕනේ උනත් ඒ වෙනකොට උන් දෙන්නා වෙනමම ලෝකෙක තනි වෙලා හිටියේ..ඉතින් මං කරදර කලේ නැහැ..ටික වෙලාවකින් ෆිල්ම් එක පටන් ගත්තත් හිතුව විදියට හිතේ නිදහසින් බලන්නම බැරි උනා..

කවුදෝ ලගින් වාඩි වෙනවා වගේ දැනුනත් ඒ පැත්තවත් නොබැලුවේ අනිත් පැත්තේ හිටිය කොල්ලත් ටිකක් අමුතුයි වගේ හිතුන නිසා..දැන් ගොඩක් වෙලාවක ඉදන් ඌ මගේ ඇගේ වදින්න ට්‍රයි කරනවා..මෙහා පැත්තෙන් වාඩි උනෙත් එහෙම එකෙක්ද දන්නේ නෑ..

17 thoughts on “පිපුණු මල|නවවන කොටස|නවකතා|කතා අහුර රචක”

  1. . අයියෝ අදත් මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නෑ මේ කියමන කිව්වේ කවුරු විසින් කාහටද??????

    1. සුභ පැතුම් දඟ මල්ලියෝ …??

      ??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕??☕

  2. සමාවෙන්න මගේ මැණිකලා …
    මට දවස් දෙකක් ම එන්න බැරි වුනා .. ඔයාලාට නිෂූව අමතක වෙලාද මන්දා …???

  3. Sandu (kandy girl)

    තේජා නංගෝ….

    අයියෝ මේ කෙල්ල මොනා කරනවද මන්දා.. නරක යාලුවො අස්‍රේ නිසා එයත් වලක් කපන් වගේ වැටෙන්න.. බලන්න අහස් කොයි තරම් හොඳද..එයාව පරිස්සම් කරන්න හදනවද..ඒත් මේ කෙල්ලට මොලයක් නැද්ද අක්කට උන දේ බලලා හරි යමක් තේරුම් ගන්න එපැයි. මට හිතෙනවා නිකමට වගේ කෙල්ලට එහා පැත්තේ ඉදගත්තේ අහස් කියලා.. යාළුවෙක් කියන්න ඇති කෙල්ල ෆිල්ම් හෝල් එකට යනව දැකලා..

    ලස්සනයි නංගා.. ඔයාගෙ කතා වල හොද හරයක් තියනව.. මේකෙනුත් හැමෝමට හොද පණිවිඩයක් දෙයි ඔයා..

    ඔයග්ගෙ හැකියාව තව තව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. බුදු සරණයි …

  4. තේජ අක්කියො❤ ,මේ කොටසෙත් ආරම්භයෙම ලියල තියෙන කවි පද ටික හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤?

    දැන් නම් හිතෙනව කොල්ල හොඳ ඇති කියල,මොකද ඒ නිසානෙ කෙල්ලව ඉගෙනීමට යොමු කරන්නෙ,ඉගෙනගන්න උදව් කරන්නෙ,නැත්නම් ඉතිම් නරක කොල්ලෙක් වුනානම් කෙල්ලගෙ ඉගෙනීමත් කඩාකප්පල් වෙන විදිහට වැඩ කරනවනෙ.
    ඒත් ඉතිම් හරියටම කියන්න බෑ තාම.?

    මොනා වුනත් අමාවි ගොඩක් වැරදියි,තමන්ගෙ අම්මට,අහස්ට බොරු කරපු එක.මේ වගේ යාළුවො ආශ්‍රය කරන්න ගිහින් කෙල්ලත් ඉගෙනීම වගේම ජීවිතෙත් අනාගනියිද මන්ද?

    කතාවෙ මේ කොටසත් ගොඩක්ම ගොඩක් ලස්සනයි අක්කියො❤

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.