Katha Ahura

පිපුණු මල|හත්වන කොටස|නවකතා|කතා අහුර රචක

5/5 - (1 vote)

ඔබ ලගම මගේ හිත නැවතුනත් ඉන්න බෑ තව ලගට වී…
දුරක යන්නට දෙන්න බෑ මට ආදරෙයි මං පන වගේ…
නුබත් දන්නවා ආදරේ බව කියන්න බෑ ලගට වී..
අවසරද මට රැදෙන්නට ඔය හිත ලගම පිපි මලක් වී…

දවස් ගානක් ඒ විදියට ගෙවිලා ගියේ ආයෙමත් ක්ලාස් යන දවස උදා වෙමින්…තරිනිට එන්න වෙන්නේ නෑ කියපු නිසා තනියම තමයි යන්න වෙන්නේ…අම්මා උයලා දුන්න බත් එකත් බෑග් එකේ දාගෙන පාරට ආවේ බස් එක ගියොත් ආයෙත් පැයක්ම බස් එකක් එනකම් බලන් ඉන්න වෙන නිසා…හ්ම්ම්ම්..තනියම බස් එකේ යනවා කියන්නේ ඉතින් පිස්සු හැදෙන වැඩක්..

බස් එකෙන් බැහැලා ටවුන් එකට ආවේ ගාල්ලට තව බස් එකක යන්න ඕනේ නිසා.මගේ වෙලාව හොදයි වගේ බස් එකක් තියනවා..නැගලා වටපිට බලලා බස් එකේ පිටිපස්සට වෙන්න තියන සීට් එකක කොනෙන් වාඩි උනා..තරිනි හිටියා නං කතා කර කරවත් යන්න තිබ්බා..

“කොහොමද..මං බලන් හිටියා මට කෝල් කරයි කියලා” දෙයියනේ..මේ අර එදා නම්බර් එක දීපු කොල්ලා..මගේ ලගින්ම වාඩි වෙලා..මොන මොනවාදෝ කියවනවා..

මං අසරණ වෙලා වගේ ඒ කොල්ලා දිහා බැලුවේ තාත්තව මතක් වෙලා..මොකද මං දන්නවා තාත්තා මං ගැන සෙවිල්ලෙන් ඉන්නවා කියලා..

“ඇයි කතා කරන්නේ නැත්තේ..තරිනි කිව්වා අද එන්නේ නෑ කියලා..ඒකයි මං ආවේ..මගේ කෙල්ලව වෙන කොල්ලෙක් අල්ල ගත්තොත් එහෙම”

මං කොහොමද එයාගේ කෙල්ල වෙන්නේ..මගේ අවසරයක් නැතුවම මේකා මාව අයිති කරගෙන..වෙනදට කටට එන වචන ටිකවත් අද එන්නේ නෑ..මං එච්චරටම ගොලු වෙලා..

ඒත් එක්කම තමයි බස් එක යන්න හැදුවේ..හිතට සැනසිල්ලක් දැනුනේ දැන් මේ කොල්ලා බස් එකෙන් බැහැලා යයි නේද කියලා..නෑ ගානක්වත් නැතුව වාඩිවෙලා ඉන්නවා..

“මේ අයියේ..බස් එක යන්න හදන්නේ..ඔයා දැන් යන්න..” මං එහෙම කිව්වේ යයි කියලා හිතාගෙන උනත් ඒ දීපු උත්තරෙන් මාව කරකවලා අතෑරියා වගේ..

“නෑ..මාත් ගාල්ලේ යනවා..මට අද ක්ලාස් නෑ..ඒ නිසා ඔයා එක්ක යන්න පුලුවන් ”

මග දිගටම ඒ කොල්ලා එක එක දේවල් කියෙව්වත් මං දෙයියෝ බුදුන් සිහි කර කර ගියේ ගෙදරට නං ආරංචි වෙන්න එපා කියලා..එහෙම උනොත් මං ක්ලාස් ඇවිල්ලත් ඉවරයි..

ගාල්ලෙන් බැහැලා ඉක්මන්ට යන්න හැදුවේ පරක්කු වෙලා නිසා නෙවෙයි..ක්ලාස් පටන් ගන්න තව පැයක්ම තියෙනව..මේ බූතයගෙන් බේරෙන්න තමයි දුවන්න හැදුවේ..

“මේ..මේ..කෙල්ල කොහෙද දුවන්නේ..මෙච්චර දුර මාත් එක්ක ඇවිල්ලා දැන් මාව දාලා යනවද..ආහ්” මගේ අතකිනුත් අල්ලන් එහෙම කිව්වම නං හිත ටිකක් ගැස්සුනා..ඒත් ඉතින් මං මෙයාගේ කවුද..මල විකාර..

“අපි අන්න අර කඩේට ගිහින් මොනවා හරි කාලම යන්”

“පිස්සුද හලෝ..මොකටද මෙහෙම මගේ පස්සෙන් එන්නේ..ආහ්හ්..මට මගේ පාඩුවේ ඉන්න දීලා යනවකෝ යන දේවාලෙක” හිතේ ආපු තරහටත් එක්ක මං එහෙම කිව්වේ වටපිට බල බල..

“මේ මෙතන කෑ ගහන්නේ නැතුව එනවා යන්න..කෑ ගහන්න අරන් මං නරක මිනිහා කියන්න එපා..එනවා යන්න..” මගේ අතින් අදින ගමන් මේ බූතයා එහෙම කිව්වේ මාව බය කරන්න වගේ..

“අනේ මේ…මං මොකටද තමුසෙට බය වෙන්නේ..යන්න දෙනවා මට..අතාරිනවා මාව..”

“හරි..කන්න යන්න එන්නනේ බැරි..යං..ක්ලාස් එක ලගට දාන්නං..දගලන්නේ නැතුව එනවා හලෝ..”

මාවත් ඇදන් ක්ලාස් එක ලගට යනකොට ලමයි එක්කෙනා දෙන්නා එනවා..එන හැමෝම බල බල යන්නේ අපි දිහා..ඇයි ඉතින් මේකා මාව මරන්න අරන් යන හරකෙක් වගේ ඇදන් යනවනේ..

ක්ලාස් ඇරිලා එනකොටත් ඒ සෙතේම තමයි..අපේ පාරේ බස් එකට මාව දාලත් යන්නේ නැතුව බස් එක දිහාම බලන් ඉන්න මේ කොල්ලා ගැන දුක නොහිතුනාමත් නෙවෙයි..ඒත් ගෙදර තත්වේ මතක් වෙනකොට ආයෙත් හිතට ආවේ බයක්..

12 thoughts on “පිපුණු මල|හත්වන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. ??? Imasha Shehani

      හෙට මට සුබ පතන හැමෝටම ටැන්කූ කියලා කලින්ම කියනෝ හොදේ ??
      හෙට උදේ ඉදගෙන දවසෙම ක්ලාස් ????????

    2. Chuuti manike

      Suba pathum ???????????????️????️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⛸️⛸️?⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️????????????

    3. සුබ පැතුම් මගෙ ඉමා නංග❤
      ???????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    4. Congregation මගේ ඉමා sis ?
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
      බලාගෙන බබී ගොඩක් කන්න එපා හොඳේ මහත් වෙයි ඈ ?

  1. Good morning මගේ දඟ පව්ලේ දඟ බෝල හැමෝටම ❤❤❤❤❤❤❤
    Good morning මගේ ලොකු අයියේ
    ❤❤❤❤❤❤❤
    අස්නිපේන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!???
    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  2. තේජා අක්කියෝ අදත් කතාව ගොඩාරියක් ලස්සනයි අක්කි ❤❤
    Superb ආ ???මම ඔයාගේ කතා කතා කියවන්න දැන් මම ගොඩාරියක් ආසයි….. ඔයා මේ කතාවත් නියමෙට ලියල තියෙනවා ???

    අම්මෝ බලන්නකෝ අනේ මේ කොල්ලා… කෙල්ලව එක්කරගෙනම ගියා නේද class එකට ???කෙල්ලනම් ඉන්න ඇත්තේ ගොඩක් බයෙන් නේ…

    මොනා කරත් දැක්කනේ එයාගේ අක්කට වෙච්ච දේ.. තාත්තා එහෙම දැක්කනම් මේ කෙල්ලටත් මොනා කරයිද දාන්නේ නෑ…

    එහෙම වෙන්නත් එපැයි නේද අක්කි? මොන තාත්තාද කැමති තමන්ගේ දුවටමොනාහරි වෙනවට… එයාගේ ලොකු දුවට වුන දේ චූටි දුවටත් වෙයි කියලා එයාට බය ඇති…

    මටනම් හිතාගන්නවත් බෑ මේ කොල්ලා හොඳ කෙනෙක්ද කියලා..???බලමුකෝ නේ…

    ඉතින් අක්කි ඔයාගේ මේ කතා ලියන හැකියාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!??හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???

    ආසයි ඔබත් සමගින් ඉන්නට
    ඒත් මට ගොඩක් බයයි
    තාත්තා දැක්කොත් එකට සිටින විට
    අපි දෙන්නටම බනියි

    අද බස් එකේදී ඔබ ආ විට
    මට සතුටක් දැනුනා…
    ඒ බව නොපෙනා ඉන්නට මේ මම
    ගොඩක් වෙහෙස දැරුවා…

    අක්කිට වුන දේ නිසාම මේ මට
    දැන් දැන් බියක් දැනෙයි…
    ඉස්සර වගේ නොවෙයි දැන් මේ මම
    කටු නැති මලක් වගෙයි…
    ??????????????

  3. Chuuti manike

    කො අනෙ කට්ටිය ???️
    අද එන්නත් බැරි උනා ??
    කතාව කියාවාලා එන්න්ම් ??

  4. තේජා අක්කියෝ

    මං මේ ඔයාගේ මේ කතාවට කමෙන්ට් එකක් දාන පලවෙනි වතාව …ඒකට සමාවෙන්න ඕනේ මට….මට ඉතින් තියෙන්නේ සමාව ඉල්ලන්න තමයි ….මට වෙන කරන්න දෙයක් නෑ නේ …..ආයෙත් පාරක් ඔයාගෙන් සමාව ඉල්ලනවා මං ……

    මට කමෙන්ට් එකක් දාන්න බැරී උනාට මං හැමදාම පුළුවන් වෙලාවට කතාව කියෙව්වා…

    කතාව නම් හරිම ලස්සනයි අක්කි මැණික ❤️❤️❤️
    මං මේ කතාවේ දැක්ක විශේශත්වයක් තමයි ඔයා හැම කොටසක්ම පටන් අරගෙන තියෙන්නේ කවියකින්..ඒක මේ කතාවේ තියෙන විශේශත්වයක් …මං ඔයාගේ කතාවට වගේම මේ කවි වලටත් මාර ආසයි ………..

    අක්කි මේ කතාව අරගෙන යන්නේ හරිම වෙනස් විදිහට ..ඒක තමයි අක්කිගේ දක්ශතාවය….

    මං කතාව ගැන කියන්නම්කෝ …..

    මට අර කොල්ලා ගැන දැන්මම විශ්වාස කරන්න බෑ …..මොකද කෙල්ලගේ අක්ක්ට වුන දේත් එක්ක…එයාගේ අක්කට අර විදිහේ දෙයක් කරපු කොල්ලා කිව්වනේ නංගිලා දෙන්නව පරිස්සම් කර ගන්න කියලා ….ඒකම් තමයි මට ඒ කොල්ලව විශ්වාස කරන්න බැරී ….අනේ මන්දා ඉතින් …ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ අක්කිම තමයි ……

    අනේ සුදු අක්කියෝ කමෙන්ට් එක චූටි උනාට සොරි වෙන්න ඕනේ හොදද අක්කියෝ …….මොකද මට අනිද්දා තියෙන්නේ science තාම පාඩම් කරලා ඉවර නෑ ….හෙට පෝය උනත් අපිට clz …ඒවට ගිහාම ඉතින් හෙටත් පාඩම් කරන්න වෙලාවක් නෑ ….තව ඉමා අක්කිටත් කමෙන්ට් එකක් දාන්න ඕනා….

    මං ආයෙත් දවසක.comment එකක් දාන්නම්කෝ..හොදද …..අක්කිට දලදා සමිදු පිහිටයි ???? අක්කිගේ මේ හැකියාව දියුණු වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ….හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ඕනෙ …..❤️❤️❤️

  5. අනේ තේජ අක්කියො❤,සමාවෙන්න කතාවට කමෙන්ට් එකක් දාන්න කල් ගියාට.මං ගිය ටිකේ ඇප් එකට ආවෙ නෑ අලේ.ඇප් එකට එද්දි මේ කතාවෙ කොටස් 6ක් කියවන්න එකතුවෙලා,අලුත් කතාවකුත් දාල.

    හ්ම්ම්.අනේ අක්කෙ,අක්ක කතාව ආරම්භයෙදි ලියල තියෙන නිසඳැසට මං මාරම ආසයි❤.ඒ කවි පද ටික හරිම ලස්සනයි❤ .

    අනේ මන්ද ඉතිම් අමාවි කෙල්ලට අහම්බෙන් හම්බුන ඒ කොල්ල හොඳද,නරකද කියල.?හිතාගන්න බෑ අලේ.
    මට ඉතිම් තව කොටස් 5ක් කියවන්න තියෙනවනෙ කතාවෙ.

    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.