Katha Ahura

බඹර ඉසව්ව | 51 කොටස | නවකතාව

4.8/5 - (9 votes)

පියුමි සේනාධී ලියන බඹර ඉසව්ව නවකතාවේ සම්පූර්ණ කොටස් අප වෙත ලබා දී ති‌බෙනවා. හැමදාම උදේ 10යට කියවන්න පුළුවන් ඔයාට……………
බඹර ඉසව්ව – 51 කොටස

“කමක් නෑ … ඕන එකක් ”

සෙව් කියන්න හදපු දේ නතර කරලා කතා කරේ සම්පූර්ණ නොකර ..මන් ඒත් ඒක තේරුම් අරගෙන කෙල්ලට එහෙම කිව්වා …

සෙව්ගේ මූනේ තිබ්බේ බලාපොරොත්තු බිදුනු සේයාවක් …

හෝරාවක් යන්නත් කලින්. හොස්පිටල් එකෙන් ටිකට් කැපුවා ..ඒත් විභූ ආවේ නැති එක ගැන මගේ හිතට ප්‍රශ්නයක් උනත් එයා මාත් එක්ක තරහෙන් ඇති කියලා හිතුනේ මට …
මෙච්චර දවසක් විභූව දකින්න බලන් හිටපු මට අන්තිමට විභූ ලගටම ඇවිත් එක්කන් යන්න හදද්දී මන් ඒකට පයින් ගැහුවේ ඇයී කියන්න මටවත් තේරුමක් නෑ…මන් ඉදිරියට නෙරපු මගේ කුස උඩ ට අතක් තියලා අනිත් අතින් කොන්දට වාරි ගත්තේ හිට ගෙන ඉන්න අමාරු නිසා…

“කෙල්ලේ නැගපන් ”

එතනට ආපු වීල් එකත් එක්ක .. සෙව් මට කිව්වා

“මල්වත්ත පාරට ”

කෙල්ල යන්න ඕන තැන ලාවට කියනවා මට ඇහුනා ..

පව් කෙල්ල මගේ හිත රිද්දන්න බැරි නිසා මේ හැමදේම කරන්නේ …..

මට මන් ගැනම ඇති උනේ තරහක් …
ඊටත් වඩා විභූ ගැන මගේ හිතේ තිබ්බා තරහක් සමහර විට ඒ නිසා වෙන්නැතී මේ හැමදේම ..ං
විභූ තවමත් මට දුරින් සලකන එක … මට දරාගන්න බෑ .. එයා වෙනුවෙන් අපේ දරුවා වෙනුවෙන් .. එයා තවත් ඈතින් ඉන්න එක මට දරන් ඉන්න බෑ ..

”දේදූ මොනාද ඔච්චර කල්පනා කරන්නේ …”

සෙව් මගේ අතින් හොලවලා එහෙම අහද්දී මම ඔලුව වැනුවේ මුකුත් නෑ කියන්න …

”එහෙනම් ඇස් වල කදුලු මොකද ….”

සෙව් කිව්වමයී තේරුනේ මන් අඩලා කියලා ….
මන් එහෙමම කලබලෙන් මුන පිස්සා

”උබ හරි හිතුවක්කාර වෙලා බන් …ඉස්සර උබ ඔහොම නෑ
උබ උබටම දඩුවම් දෙනවා … සර් ටත් ලොකු කම පෙන්නනවා …”

”උබ දන්නේ නෑ ඒකෙන් රිදෙන්නේ උබටමයී කියලා …”

සෙව් මන් දිහා එක එල්ලේ බලාගෙන මේ හැමදේම කියනවා කියලා මට දැනුනා …
මන් සෙව් කියන හැමදේම අහගෙන හිටියා ..
මන් හිතුවක්කාර උනේ මෙච්චර දරුනු උනේ කොහොමද කියන්න දන්නේ නෑ මන් …

”කෙල්ලේ මූන එල්ලන් ඉන්න එපා බහින්න ලගයී …
මොන දේ උනත් ඉවසගෙන හිටපන් ..උබට එජ්නම ඕනේ කිව්වනේ හ්ම්ම් …..

සෙව් මට අණක් දුන්නේ

වීල් එක ඇවිත් හුරුපුරුදු ගේට්ටුව. ලග නතර කලාම මගේ හිතට දැනුනේ මොකද්දෝ සතුටක් …
මේ මගේ ගෙදර …
පුන්චි කාලේ ඉදන් හැදුන තැන …
ආයෙම මෙතනට එන්න ලැබෙයි කියලා හිතුවේ නෑ මන් …
ඒත්
මට හිතුනේ දුවගෙන ගිහින් හැමතැනම ඇවිදින්න …

සුදු හුනු ගාලා පිරියම් කරපු අපේ නිවාසේ හරිම පිලිවෙලක් තිබුනේ ….

සීලා ඇන්ටි නැද්ද දැන්…

මාස හතරක් උනත් මේ වෙනස් වීම අවුරුදු ගාන ක එකක් වගේ …

මන් මිදුලට වෙලා … බලන් හිටියේ කවුරුත් පේන්න නැති නිසා

”ආ…න්…ටි…යා….”

හයියෙන් කෑගහපු සද්දෙට මන් හැරිලා බැලුවේ …

”අනේ…. මගේ තේසූ බබා …..”
එයා කොහෙද මෙහෙ ….

කොල්ල දුවගෙන ඇවිත් මගේ ඇගේ එල්ලුනා

කොල්ලාව එදා හම්බෙද්දී එයාව අරගෙන හිටියේ මෙහෙ විභූගේ යාලුවා හසිත …
තේසු ඉන්නේ එයාලා එක්ක කියලා මට එදා කිව්වේ ..ඒ උනාට ඇයි දැන් මෙතන

”ආ..න්..ටි. යා එනවා කියලා කිව්වෙත් නෑ …. මන් හොදටම ඇඩුවා ආන්ටියා ඕනේ කියලා …
තාත්තී දන්නේ නෑ කිව්වනේ ආන්ටියා ඉන්න තැන
තේ…තේ..ජා මාමි එනවා එනවා කියලා තාත්ති ගියා … මාව මෙහෙ තියලා…
ඒ උනාට ආන්ටියා ආවානේ මට සතූටුයී”

කොල්ලා අතෝරක් නැතුව කියවනවා ..
මගේ හිත පිරුන වචනයක් කොල්ලාගේ කටින් කියවෙද්දී දැනුනේ අමුතු සතුටක් ….

කාත් කවුරුත් හිටියේ නැති තේසු බබා ..ටත් තාත්තා කියන්න කෙනෙක් ලැබිලා …

මගේ ඇස් වලට ඉබේටමයී කදුලු ආවේ …

”ආ…න්…..ටි….යා….
මල්ලීයා එන්නේ කවද්ද….”

තේසු මගේ කුසට කන තියලා … අහද්දී වචන කියන්න බැරි තරමට .. මගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා …
මෙහෙම ආදරයක් …
සෙව් මන් ලග ඉදන් හිනාවෙනවා ….

”අ…නේ…අනෙ… තේසූ බබා ….
ආන්ටිට ඔහොම හිටගෙන ඉන්න දෙන්න හොදද …. ”

සීලා ආන්ටී හින්නවේගෙන ඇවිත් තේසුව අතින් අල්ලගත්තා

”යමු ආන්ටියා එන්නකෝඔ …..”

ඒ පාර කොල්ලා මගේ අතින් අදින්න ගත්තා

”යන් දුව ගෙට …”

සීලා ඇන්ටී කතා කලේ හරිම ආචාරශීලීව .. වෙනදටත් කියන්න තරම්
වරදක් නැති උනත් ..මන් හිතුවට වඩා වෙනස් පිලිගැනීමක් තිබුනේ …
මන් සෙව් දිහා බැලුවේ කෙල්ලගේ මූනේ ඉරියව් වලින් කෙල්ල අදුන ගන්න …

සෙව් බලන් හිටියේ පුන්චි තේසු දිහා …

”ආ….න්ටියා … මල්ලී එනවා නේද …”

”අම්මෝ මේ පැහිච්ච කොල්ලා… මහත්තයා ගෙන් ඔක්කොම අහගෙන දැන් ඉතින් ආන්ටිට ඉන්න දෙන්නේ නෑ ”

සීලා ඇන්ටී තේසුගේ කම්මුලක් මිරිකලා එහෙම කිව්වේ …

” වාඩි වෙන්නකෝ දෙන්නම මන් තේ හදන්න කියන්නම් …..”

සීලා ඇන්ටි අපිට ආගන්තුක සත්කාර කරේ අපිව නුපුරුදු ගානට … ආන්ටී ඒ දේවල් සතුටින් කරනවා පෙනුනත් මට නම් හරිම නුහුරක් දැනුනේ …

”ඇයී බන් මේ ….”

සෙව් ටත් ඒ වෙනස දැනිලා වගේ …

”ම්හ්…..”

මන් කෙල්ල දිහා බලලා ඔලුව හෙලෙව්වා …

”මොනා උනත් ලොකු දෙයක් වෙන්නැති බන් ..ඒකයී මේ …සර් මේ පැත්තේ නිතරම එන්නැතී …
සමහර විට …”

කෙල්ල කියන්නේ මෙහෙට විභූ නිතරම ඇවිත් ගියා කියලා …

”ඔයාට එහෙම හිතෙනවාද සෙව්..”.

”ඇයි කෙල්ලේ උබට එච්චර ඒක තේරුනේ නැද්ද …
බලපන් තේසු උබට දරුවෙක් ලැබෙන්න කියලත් දන්නවා ”

”අනික සිලා ඇන්ටිත් කිව්වේ ඒක…”

”දෙයියනේ …
ඇත්ත නේන්නම් … මට කෙල්ල කියනකම් මතක් උනේ නෑ ..’..”

අනේ …විභූ. . මෙච්චර හොද කෙනෙක් ද …
මට විභූ ගැන දැනුනේ දරාගන්න බැරි තරම් ආදරයක් …

මට නැතත් ඔයා .. මේ විදියට මේ අයට ආදරේ පෙන්නන එකත් ලොකු දෙයක් විභූ …

මම හිතින්ම විභූට ස්තූති උනා

”හ්ම් ..මේ … කෙල්ලේ
නාරද අයියාත් කිව්වනේ … මේක මඩමක් නොවී බේරුනේ වාසනාවට කියලා ….”

සෙව් ආයෙම එහෙම කිව්වේ මගෙ අවදානය බිදලා

සෙව් එහෙම කියද්දී නම මගේ පපුව පිච්චුනා …

”අහ් … ලොකුවට නම් මුකුත් නෑ ඉතින්… බිස්කට් තමයී කොහෙද ඉතින් ඒවත් මේ පොඩි උන් එක්ක තියාගන්න්ස් පුලුවනැයී ….”

”අනේ ඒකට මොකද ආන්ටී …අපි මෙහෙට නුපුරුදු අයද නෑනේ ….”

සීලා ඇන්ටී අපේ කතාව බිදලා එතනට ආවාම සෙව් එහෙම කිව්වේ ඇත්තටම මේ වෙන දේ දරන්න බැරි නිසා කියලා මට හිතුනා …

”ඒ උනාට ඉතින්…
මේ ලමයී දෙන්නා නොහිටියානම් .. අද මාත් මෙතන නෑ මේ දරුවොත් මෙතන නෑ…
ඉතින් මෙහෙම සලකනවත් මදී ….”

සීලා ඇන්ටී එහෙම කිව්වේ බිම බලාගෙන … මන් එකපාරම බැලුවේ .. සෙව් දිහා …
කෙල්ලගේ හිතටත් මට දැනුන දේම දැනෙන ඇති …

”ඇත්තටම ආන්ටී අපි කරපු දෙයක් නෑ … ”

සෙව් එහෙම කියද්දී සීලා ආන්ටී කට කොනකින් හිනා උනා …

”ඒ ඔය දරුවෝ දෙන්නා දන්න ටික නේ …
හ්ම් ඒකට කමක් නෑ
තේ ටික බොන්නකෝ පස්සේ බැරියෑ ඕවා කතා කරන්න …”

සීලා ඇන්ටී කතාව නැවැත්තුවා …
සෙව් මන් දිහා බලලා ඇස් වලින් මගේ නොසන්සුන් කම අවහිර කලා …
සීලා ඇන්ටිගේ මේ පිලිගැනීම මොනා උනත් අපි දෙන්නටම සහනයක්
මන් තේ කෝප්පේ වටේ ඇගිලි තුඩු යවන ගමන් කල්පනාවට වැටුනා ..

“ඇ…විල්ලා….”

එකපාරම පුතෙක් හයියෙන් කෑගහගෙන අපි ඉන්න තැනින් දිව්වේ ..තව පොඩි උන් ගොඩක් එක්ක …

මන් පුදුම වෙලා බලාගෙන හිටියේ .. ඇත්තටම වෙනදට මෙහෙම උනාම සීලා ඇන්ටී සැර කරනවා විතරයී මන් දැකලා තිබ්බේ ..ඒත් ඒ වෙනුවට අද තිබුනේ ඒ මූනේ සිනා සාගරයක් ..
ඒත් එක්කම ඇන්ටි පුටුවෙන් නැගිටලා දොර ලගට ගියා ..

”අම්මෝ ඉතින් මේ අයට මහත්තයා කිව්වොත් ඕන එකක් ”

සීලා ඇන්ටී එහෙම කියාගෙන දොරකඩ ලගට ගියේ හිනාවෙවී

“මහත්තයා නම් ගොඩක් සතුටෙන් ඉන්නේ … සීදේවී දරුවෙක් මොන එහෙකට මහත්තයට කරදරයක් උනාද මන්දා ”

එහෙමම මන් දිහා බලන් .. සීලා ආන්ටී එහෙම කිව්වම ඒ මහත්තයා ව බලන්න මගේ හිතේ තිබ්බෙත් ලොකු උවමනාවක් …සීලා ඇන්ටී කියන විදියට ආපු කෙනාට කරදරයක් වෙච්ච කෙනෙක් .ඒ නිසා වෙන්නැති

පිට කෙනෙක් ගැන කිසිම වෙලාවක ඕනවට වඩා පැසසුමට ලක් නොකරන ආන්ටි මෙච්චර ආසාවෙන් බලන් ඉන්නේ
මම ඒ නිසාම එතනින් නැගිටලා හිමිට ගියේ දොර ලගට ගියේ ආන්ටි කියන ඒ මහත්තයාව බලන්න …

”අන්..හ්….

වි…භූ ”

මට ඉබේටම කියවුනේ එහෙම.පොඩි වුන් වටකරගෙන හුරතල් වෙන විභූ දැක්කම මගේ හිත පිරිලා ගියා /…. හොස්පිටල් එකේදී නපුරු කමට පිට වෙලා ගියට විභූට මේ විදියටත් ජීවත් වෙන්න පුලුවන් කියලා හිතුනා ..
මගේ ඇස් වලට කදුලු පිරුනේ ලෝබ කමාට් වෙන්නැති

”’තේජා මහත්තයා නැත්නම් අපිත් නෑ දුව … මේ දරුවොත් නෑ … ඒ මහත්තයට පින් දෙන්න ඕනේ …”

සීලා ආන්ටි කිව්ව දේ මට හිමිට ඇහුනේ ..පොඩි උන එක්ක ඇන තියාගෙන කතා කරන විභූ මේ වගේ කියලා හිතාගන්නවත් බැරි තරම් …

හැමෝම විභූ ලගටම එන්න තිබ්බේ ලොකු උනන්දුවක් …
ලමයින්ට මෙච්චර හුරු වෙන්න තරම් විභූ …. කොච්චර දේවල් කරන්න ඇති ද …

මට නිකමට එහෙම හිතුනා …

මහත්තයා ත් ඔච්චර සතුටෙන් ඉන්නේ දුව හින්දා තමයී ….
තව ටික දවසකින් දෙන්නටම බැරි යෑ දරු සුරතල් බලන්න …

සිලා ඇන්ටි ලගට ඇවිත් මගේ අතින් අල්ලගෙන එහෙම කිව්වම මගේ පපුව පිච්චිලා යන්වා මට දැනුනා …
විභූ එක්ක මන් ඒ තරම් ආදරේ කට ඒ ජීවිතේට හීන මැව්වා තමයී .. ඒත් එහෙම දේවල් වත් විභූ මායී කතා කරලා නෑ ..මට ඒ ඇහෙන දේවල් උනත් මේ තරම් ආගන්තුක ඒ නිසා වෙන්නැති ..

සීලා ආන්ටී එතනින් ගියත් මන් තවමත් දොර ලග හිටගෙන … විභූ එකපාරම හැරිලා බැලුවේ මන් දිහා ..ඇත්තටම මට හිනාවෙන්නත් අමතක උනා ඒ බැල්මට .. මගේ හිත පිරිලා ගියේ ඒ මූනේ මට හන්ගන ආදරේ යන්තමට හරී පේන්න තියෙන නිසා …

එහෙමම සීලා ආන්ටී පොඩි අයව එක්ක්කගෙන ගියේ සෙල්ලම් මිදුල පැත්තට …විභූගෙන් ඈත්වෙන්න ඒ ලමයින්ගේ තිබ්බේ අකමැත්තක් ඒ නිසා සීලා ඇන්ටිට ටිකක් සැර කරන්න උනා එතනින් එක්කගෙන යන්න …

එහෙමම සාක්කු දෙකට අත දාගත්ත විභූ උර හිස් උස්සලා මට මොනවදෝ කියද්දී මගේ ඇගම අඩපණ වෙලා ගියා …

අහම්බෙන් හම්බෙලා මගේ මුලු ජීවිතේම අයිති කරගත්ත තේජ වන්තයා මගේ විභූ ….

‘මොනාද ඔච්චර බලන්නේ ‘

විභූ ලගටම ඇවිත් එහෙම අහපුවාම මට කටේ තිබ්බ කෙලවත් ගිලගන්න බැරි උනා … විභූ ඉස්සරහදී මට දැනුනේ අමුතු බයක් ..ඒ ආදරේ නිසාමයී කියලා මන් දනන්වා ….

මන් උත්තර නොදීම බිම බලාගත්තා….

”එක්ස්කියුස් මී සර් ….”

එකපාරම ගැස්සිලා බැලුවේ ඒ ඇහුන කට හඩට …

දෙයියනේ සෙව් …

කට කොනකින් හිනාවෙලා දොරින් එලියට ගියේ … අමුතු හිනාවක් දාගෙන …
අපි දෙන්න හින්දා දොර හරස් වෙලා කියලවත් දැනුනේ නෑ මට …

”ආයෙම හිතුවාකාර ගමන් යනවාද …”

විභූ සැර කරලා මගෙන් එහෙම ඇහුවේ මගෙන් ඈත් වෙලා …
මට හිතුනා එයාට පැහැදිලිව මගේ මූන බලන්න ඕන කියලා …

”උත්තර දෙනවා ඉතින් …

විභූගේ කට හඩ තවත් සැර උනා ….

මන් නැ කියන්න ඔලුව වැනුවේ බිම බලාගෙන ….

”ඇයි කතා කරන්න බැරිද ….”

විභූ මගේ නිකටෙන් උස්සලා මූන එයාගේ පැත්තට හරවද්දී මට ලොකු අපහසුවක් දැනුනේ ….
එහෙමම එයා එයාගේ දබර ඇගිල්ල මගේ දිහාට දික් කලේ අනිත් අතට මගේ මූන හිර කරගෙනමයී …

”මේ දෙවෙනී පා….ර…. ආය හිතුවක්කාර උනොත් …. හම ගහනවා ”

ඊලග කොටසට

පියුමි සේනාදී

38 thoughts on “බඹර ඉසව්ව | 51 කොටස | නවකතාව”

      1. Rasikala Erandi

        අනේ තෑන්ක්ස් සුදු.අක්කෙක්ද නන්ගි බබෙක්ද දන්නෑ හැබැයි මන් 96

  1. Rasikala Erandi

    අනේ කතාව ඉවර වෙනකන්ම කියවන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ.මන් හිතුවෙ ආයේ දාන්නෙම නැති වේවි කියලා thanks ආයේ කතාව් දැම්මාට.app එක පාලු වෙලා කතා අඩුයිනේ දැන් ඉස්සර වගේ දාන්නකෝ..
    කතාව ගොඩාක් ලස්සනයි අක්කියෝ මන් ආසම ආසයි විභුට.ඒ ආදරේ නපුරුකම ආදරෙ හිතෙනවා ගොඩාරියක්.

  2. අම්මෝ මේ මා දකින්නේ ස්වප්නයක් ද දෙයියනේ…. නටන්න හිතෙනෝ… කතාව නම් එලකිරි අක්කේ..

    අපෝ මේ නපුරු කුමාර් නම්… යකෝ චුට්ටක් ආදරෙ පෙන්නුවම මොකෝ මුගේ හම යනවද මම අහන්නේ… ඒ උනාට අක්කියෝ ඒ ආදරේ හරීම ලස්සනයි. දේදූට සුට්ටක් සැර වෙන්න ඕන තමයි හිතුවක්කාර වැඩ කරනවට.. ඒ උනට එකෙත් අමුතු ආතල් එකක් තියේ කියල අර නපුර දන්නෙ නැද්ද මන්දා… ??
    කොහොම උනත් අනේ උදලු නම් එපෝ…. මුන් දෙන්නට මදි නොකියන්න දුක් දුන්නනේ…. ඒ නිසා ඉස්සරහට වැඩි වැඩියෙන් දරුවන් ලැබ සතුටින තියන්න හොදේ….?❤

  3. අම්මෝ හුග කාලෙකින් කතාව දාලා. කතාව ගොඩක් ලස්සනයි අක්කි ???. සුභ පතනවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. All the best akki ???????

  4. සෙසඳි

    මෙහෙම සර්ප්‍රයිස් දෙන්න එපා අනේ අපිට… ?????? කතාව හවසට කියවලා කමෙන්ට් 1 දාන්නම් …..

    අලුත් පරණ හැමෝම ඇවිත් ඉන්න හවසට මං එද්දි… මං බලන් ඉන්නවා..
    කෝ… එන අය ආවා කියාගෙන යන්න…. ඇවිත් නොහිටියොත් මං බලාගන්නම්….

    1. හාකෝ අක්කි ඔයා වෙනුවෙන් පන උනත් දෙනවා පන…
      මන් නම් එනෝ

      1. සෙව්මි

        මං ආවෝ..හැබැයි ආව ගමන් යනෝ.. නැත්තම් අම්මා මාව හම ගහනවා කිව්වා .. පව් මං.. ?????

  5. නයෝ මධූ

    මංනම් කවදාවත් හිතුවේ නෑ මේ කතාවේ අවසානයක් බලන්න හම්බෙයි කියලා. පියුමි නංගිට ගොඩක් තෑන්ක්ස් ඒකටනම්. ආයෙත් ආසාවෙන් කියවමු කතාව හැමෝම. ?????????

  6. Nadsha fernando

    අනේ…. කතාව දාලා.. ?????????? Thnk you….. අප්පා..

    අනේ චන්දිම සර් මේ විදිහටම ආශ්කගෙන් ❤ක්‍රොස් මයි හාර්ට්❤ කතාවත් ඉල්ලලා දාන්නකො..

    හුඟ කාලෙකින් උනත් කතාව නම්හොඳටම මතක තිබුනා.??????????????????????????????

    1. සෙසඳි

      ආශ්කා තාම වෙලාව බලන්න දුන්නට බලලා දීලා නෑ අනේ… හසුයි අමන්දයි ඉන්නවලු වෙලාව බලලා දෙනකම්… ?????

    2. Rasikala Erandi

      අනේ ඒකනම් ඇත්ත අප්පා මේ වගෙ ඒකත් ඉල්ලලා දෙන්නකෝ ආසවෙන් කියවන කතා අනෙ.

  7. සෙසඳි

    විභූ නම් අනේ මංදා අනේ …. පොඩි උන් එක්ක තමයි හුරතල් වෙන්න පුලුවන්… කෙල්ලට සැර කරනවා… ලොකු කම් දානව… මහ පූස් පාර්ට් තියෙන්නෙ එයාට… මේන් කැරැක්ටර් එක නිසා ඉන්නවා ඉතිං කට පියාගෙන… කතාව ඇතුලෙ ඉතිං අපි බැන්නත් අපිත් කැමති විභූ කොල්ලට තමයි ඉතිං… කෙල්ලොනේ…?????????

    හැබැයි ඉතිං කෙල්ලගෙ හම ගලවනවා කියපු එකට නම් මං කැමති නෑ… ඕං….

    කතාව දාපු එකට ගොඩක් තැන්කූ පියුමි මැණික …. ??????? පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

  8. Wibuu sir deduta godak ආදරෙයි . Chuttak sara wenna one thama හිතුවක්කාර wenawata.ane chandima sirta kiyala cross my hart’ apsarawi e katha tilath illala dannakoo.

  9. ලස්සනයි අක්කී කාතාව. තෑන්ක්ස් කතාව දුන්නට.තවත් ලස්සන කතා ගොඩක් ලියන්න.
    බුදු සරණයි
    පරිස්සමින් ඉන්න.

    1. සෙසඳි

      දිල් මැණික දුකින් ඉන්න එපා… පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න ….
      මං කවීටත් එන්න කිව්වා… බලමු එයා මේ දඟ පවුලට ආදරෙයි නම් ඇවිත් කමෙන්ට් 1 දාලා යයි…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.