Katha Ahura

බඹර ඉසව්ව | 52 කොටස | නවකතාව

කතාව කොහොමද?

බඹර ඉසව්ව – 52 කොටස

”මේ දෙවෙනී පා….ර…. ආය හිතුවක්කාර උනොත් …. හම ගහනවා ”

මන් එහෙමම බිම බලාගත්තා … විභූ මගෙන් ටිකක් එහාට වුනේ .. නිවාසෙ අය ඉන්න නිසා …
විභූගේ සැර කිරිල්ලට මගේ පපුව තාම ගැහෙනවා .. මන් බිම බලාගෙනම විභූ දිහා හොරෙන් බැලුවේ විභූට නොපෙනෙන්න ..ඒ උනාට එකපාරම විභූගේ ඇස් මගේ ඇස් එක්ක හම්බුනේ අහම්බෙන් වඒ … මන් ඉකමනට අහක බලාගත්තා …
එහෙමම ලගට ඇවිත් මගේ හිසින් අත තිබ්බේ ලොකූ ආදරයකින් …සත්තයී මට ඒක දැනුනා මගේ නහර පුරාම ඒ ආදරේ දුවනාවා දැනුනා … විභූ ගේ නපුරු කම අස්සේ හැන්ගුන ඒ ප්‍ර්‍ර්මවන්තයා දකින්න හිත පොර කෑවත් මට ඕන කලේ විභූ ඉස්සර වෙනවා බලන්න

”මට ඔයා එක්ක කතා කරන්න ඕනේ … යමු මාත් එක්ක ”

විභූ හදිස්සියෙන් වගේ එහෙම කිව්වම මට පුදුම හිතුනා …
විභූ වෙනස් වෙලාද … මට සතුටට ඇස් වල කදුලු පිරුනා
මටත් ඕන ඇත්තටම විභූ එක්ක කතා කරන්න .
.එයා ගෑන දැන ගන්න මේ හැමදේටම අර්ත්‍යක් දෙන්න ….
තවත් විදවන්න ඕන කමක් නෑ මට

ම්න ඒ නිසාම විභූගේ තීරණයට එකග උනා …

”මෝ….ඩි….. ඔන්න අඩනවා …”

විභූ එහෙම කියලා ලාවට හිනාවෙලා මගේ කනින් මිරිකුවා … ඇත්තටම මට තිබ්බේ කියාගන්න බැරි සතුටක් …
විභූ එහෙමම මට ඉස්සර වෙලා ගේට් එක පැත්තට යද්දී … සෙව් මන් ලගට දුවගෙන ආවේ විස්තර අහන්න කියලා මට හිතුනා …

”අම්මෝ මූනේ තියන පෙම් පාට …”

ඇත තියාම කෙල්ල එහෙම කිව්ව්ම ලැජ්ජාවට මගේ මූන රතු වෙන්න ඇතී

”කොහෙද දැන් දෙන්න එක්ක යන්නේ …. ”

”ම්හ් ..ම්හ් …”

සෙව් මගෙන් එහෙම ඇහුවම මන් ද්න්නේ නැ කියන්න ඔලුව වනලා හිනා උනා …

” අනේ කොච්චර දෙයක් ද … උබ හිනාවෙනවා දැක්කම මගේ බඩ කට පිරෙනවා කෙල්ලේ … ඉස්සර කොයි වෙලෙත් කියවන උබ එක පාර සද්දේ නැති උනාම මට දරාගන්න බැරි උනා ..ඒත් උබේ මූනේ ආය ඒ සතුට දැක්කම මට ගොඩක් සතුටුයී බන් …”

සෙව් එහෙම කිව්වේ මගේ උර හිසින් අල්ලගෙන ….

”උබට වරදින්නෙ නැ කෙල්ලේ…”

සෙව් මගේ කුසට අත තියලා එහෙම කියද්දි කෙල්ලගේ ඇස් වලින් වැටෙන්න් තිබුන කදුලු කැට ඉබේටම එක දිගට වැටෙන්න ගත්තා …

”සෙ..ව් … මන් එනකන් පරිස්සමින් ඉදපන් …. මට විභූ එක්ක යන්නම ඕනේ”

”යන්නම ඕනේ තමයී බන් නැත්නම් මන් උබව එලවනවා ”

පිස්සී පරිස්සමින් ගිහින් එන්න …

කාලෙකට පස්සේ අපි දෙන්නම හිනා උනා …. මන් එහෙමම කෙල්ලට සමු දීලා හිමීට විභූගේ කාර එක ලගට ගියේ …විභූ මන් එනකන් කාර් එකට හේත්තු වෙලා බලන් ඉන්නවා …. ඒ රූපේ තිබ්බ කඩවසම් කමට හිත නොයනවානම් ඇත්තටම මාත් රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ …සුදු කමිසය යට කරලා ඇදලා තිබ්බ කලු කලිසම එයාගේ මූන එලිය කරලා … මන් එද්දීම වීභූ මට අනිත් පැත්තෙන් දොර ඇරලා වාඩි වෙන්න කිව්වේ … හරි නිහතමානී වෙලා …ඇත්තටම මට හිතුනේ නෑ විභූට කියලා එහෙම කරවගන්න ඒත් විභූ එහෙම කරද්දී මගේ පපුව කඩන් යන්න වගේ දුකක් දැනුනා

විභූ මට පස්සේ සීට් එකට ආවේ ..පලවෙනි වතාවට එයාගේ වාහනේ එයත් එක්කම එකට යනවා … හිතට දැනුනේ ලොකු අමුත්තක් ..අහම්බෙන්න දැක්ක දා ඉදන් මගේ බොස් විදියට වැඩට ඇවිත් මෙච්චර දුරක් හීනෙන්වත් එන්න ලැබෙයි කියලා හිතුනේ නෑ මට …ඒත් අද යන්තම් ඒ හීනේ හැබෑ වෙලා …

කොහෙද යන්නේ කියලාවත් දන්නෙ නැතුව මන් විභූ එක්ක මේ ගමන අවේ ඇයි කියන්න දන්නේ නෑ .. දැන් උනත් වේගෙන් පහුවෙන ගස් කොලන් එක්ක මන් ඉදිරියට ඇදෙනවා මිසක් විභූගෙන් ඒ ගැන අහන්න හිත ඉඩ දුන්නෙ නෑ මට …

”බ….ය…යි…ද …”

”ම්හ්හ් නෑ…”

”එහෙනම් ”

”මුකුත් නෑ නිකන් ”

”කලබලෙන් වගේ ඉන්නේ .මට බයවෙලාද .”

විභූ හිනාවෙලා එහෙම ඇහුවම මන් හිනාවෙලාම අහක බලාගත්තා …

”යන්නේ කොහෙද ක්‍යලා අහන්නෙ නැද්ද..”

”හ්ම්ම් නෑ …”

”ඇයි ඒ …විශ්වාසද එච්චරටම …”

”පිස්සු කෙල්ල ”

එහෙම කියලා විබූ මගේ ඔඩොක්කුවේ තිබ්බ එක අතක් අරගෙන එයාගෙ එක අතකට හිර කරගත්තේ ඩ්‍රයිව් කරන ගමන්මයී ….

ටික වෙලාවකට පස්සේ කාර් එක නතර කලේ සුදු පාට ගොඩනැගිල්ලක් ලග …. මට මට මෙතන හුරුවක් තිබුනේ නෑ … ඒත් විභූ ඉකමනට කාර් එකෙන් බැහැලා මගෙ අතින් අල්ලගත්තා …

”යමූ…”

නර්සින් හෝම් …

ලොකුවට ගහලා තිබ්බ බෝඩ් එක …
මන් බලලා විභූගේ මූන දිහා බැලුවේ …

විභූ මගේ මූන නොබල මගේ අතින් අල්ලගෙනම දොරින් ඇතුල් උනා …

”කම් ඉන් සර් ..”

සුහදව පිලිගත්ත තරුණිය අපිට පාර පෙන්නුවේ ඇතුලට යන්න කියලා ….

”මිස් නම්බර් 33 ..”

විභූ සාක්කුවෙන් අර ගත්ත රිසිට් එක පෙන්නලා එතන හිටපු නර්ස් ට පෙන්නුවා

”සිට් සර් …. ඊලගට යන්න …”

මන් වෙන්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරුව හිටියේ ,….

”වි…භූ ….ඇ…යි…. මෙ..හේ ..හොස්පිටල් එකෙන් ආවා විතරනේ ”

මට පැටලි පැටලී විභූගෙන් එහෙම ඇහුවේ ….

‘ප…ණ්…ඩි..ත නොවී ඉන්නවා දැන් කරන්නේ මට ඕන දේ …. ”

විභූ මගේ කනට කරලා එහ්ම කිව්වම මට හිනා ගියා …
සැර කලාට මොකද ඒ දැනුන ආදරේ වචනෙන් කියන්න බැරි තරම්

අපි දෙන්නම ටික වෙලාවක් බලාගෙන හිටියේ අපේ වාරෙ එනකන්

”ස…ර් යන්න ඇතුලට…”

එතන කවුන්ටර් එකෙ ලග හිටපු නර්ස් කතා කලේ විභූට ,…. විභූ මාවත් එක්කගෙන …කාමරේට ඇතුල්වෙද්දී මට දැනුනේ නුහුරක් …. සීට් එකේ හිටියේ මැදිවියේ වෛද්‍යවරියක් එයා එක පාරම අපි එනවත් එක්කම ඔලුව උස්සලා බැලුවා

”ඔ…හ් මිස්ට තේජ් ….සිට්…”

”සිට් මෑම් …”
අයියෝ කියලා එන්න තිබ්බනේ ..”

අපිට වාඩි වෙන්න ඉඩ දීලා ඩොක්ටර් කතා කලේ ගොඩක් කුලුපග වෙලා ..විභූ ගොඩක් දන්න ඩොක්ටර් කෙනෙක් කියලා හිතුනා

”ඒකට කමක් නෑ ඩොක්ටර් ,… වැඩි වෙලාවක් නෙමේ න්හ් ….”

මේ දෙන්නාගේ 1ස්ට් බේබීද ….

ඔව් ඩොක්ටර් …

ඩොක්ටර් මොනාදෝ ලියලා මාව ගත්තේ ඇතුලේ තිබ්බ රූම් එකකට … මන් විභූ දිහා බැලුවේ දාලා යන්න බෑ වගේ … මේ ආව පැය දෙක තුනට විභූට මන් බද්ද වෙලා වගේ … විභූ ඇස් වලින් මට ඇතුලට යන්න සමුදෙද්දී මන් ඩොක්ටර් පිටිපස්සෙන් ගියා ..විනාඩි කීපයක් ඇතුලේ රැදුනේ …ඩොක්ටර් කරපු ස්කෑන් එක නිසා …

”දරුවා හොදින් …මෑම් ”

”පරිස්සම නම් මදී වගේ … කෑමත් කන්න ඕනේ … බරත් මදී …”

ඩොක්ට එහෙම කියාගෙන වෙද නලාව බෙල්ල් වටේ දාගෙන රූම් එකට යද්දී මන් ඇදුම් හරි ගස්සගෙන රූම් එකට ආවා …

”ස…ර් නෝනා නම් ටිකක් හිතුවක්කාරයී වගේ නේ….”

ඩොක්ටර් මේසේ දිහා බලාගෙන මොනවදෝ ලියන ගමන් කියද්දී විභූ මන් දිහා බලලා හිනා උනා ….

”ඒක නම් ඇත්ත ඩොක්ටර් …තාම හිතන් ඉන්නේ පොඩි ලමයා කියලා …”

‘අ..හ්…. එහෙමද …. එහෙමනම් බෑ ඉතින් දැන් හොදට කාලා බිලා දරුවා ගැන හිතන්න ඔන …. ”

” මේ විටමින් ටික අරගන්න …. ”

ඩොක්ටර් එහෙම කියලා විභූ ට දුන්නේ බේත් තුන්ඩුව …එහෙමම විභූ ඒක අතට ගන්න ගමන් සීට් එහෙන් නැගිටලා ආයෙම හැරුනේ ඩොක්ටර් ගේ පැත්තට …

ඩොක්ටර් … ලොන්ග් ට්‍රැවල් කරාට කමක් නැද්ද …. ”

” කමක් නෑ මිස්ට තේජ් ප්‍රශ්නයක් නෑ …”

අනේ විභූ ගැන මට දැනුනේ ලොකු ආදරයක් … එච්චරට මන් ගැන හිතනවද

ඊලග කොටසට

පියුමි සේනාදී

21 thoughts on “බඹර ඉසව්ව | 52 කොටස | නවකතාව”

  1. සෙසඳි

    මොනාද මේ වෙන්නෙ? නපුරොන්ට පුලුවන්ද මේ තරම් ඉක්මනින් හොඳ අය වෙන්න්? තව දුස්ටයෙක් ඉන්නවා… අනේ පුලුවන්නම් එයාවත් හොඳ කෙනෙක් කරලා දෙන්නකෝ…. ?????

  2. සෙව්ගේ ජීවිතේ ලස්සන වෙයි කියලා හිතෙනවා.
    කතාව ගොඩක් ලස්සනයි.
    පරිස්සමින් ඉන්න හැමෝම
    බුදු සරණයි .

    1. ලොකු අක්කිලා නංගිලා හැමෝම එන්න. කවුරුත් නෑවිත් ඉන්න එපා. බලන් ඉන්නවා

  3. Rasikala Erandi

    කතාව හැමදාම ලස්සනයි කියනවානේ අක්කියෝ ඇත්තමයි කොච්චර කිවත් කතාව පුදුම ලස්සනයි කියන්න වචන නෑ ආසාවෙන් කියවනවා.විභූ ශොයි අනෙ නපුරු උනාට ආදරෙයි හෙනටම.

  4. කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ.
    ගොඩක් අසාවෙන් කතාව කියවන්නේ.
    සුභ පතනවා අක්කි ඔයාගේ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
    All the best akki????
    සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ?
    බුදුසරණයි !!!!!!!!!!
    ????????

  5. අම්මො කතාව දාලා ගොඩ කාලෙකට පස්සෙ.තැන්කු පියුමි අක්කි .කතාව නම් ගොඩක් ලස්සනයි ???

  6. Chamodya Madusanki

    අක්කා කතාවනම් ගොඩක් ලස්සනයි අක්කා..
    බුදුසරණයි අක්කා.??

  7. කතාව නම් වෙනදා වගේම ලස්සනයි අක්කියෝ….❤

    අම්මෝ ඉතින් දේදුගේ විතරක් නෙවෙයි මගේ මූනත් පෙම් පාට උනා අනෙ… ඔහොම ඉන්නව නම් සුපිරි නේ… ඒ උනාට අර කොල්ලට නම් කොහිල හට්ටියක් උයන්නෙත් නැතුවම කටු පිටින්ම ගිල්ලවන්න ඕන. ඇයි යකූ මාර තරහක් නේ මේ යෝදයට යන්නෙ…

  8. මා නිසා සිදු වූ අපහසුතාවයට චන්දිම සර් ඇතුළු දඟපවුලේ හැමෝගෙන් සමාව ඉන්නවා …Please forgive me my mistake ….?????

  9. නයෝ මධූ

    විභූ ආදරේ කරන්න පටන් අරන්ද………….? නපුරොන්ට මේ තරම් ආදරේ කරන්නත් පුළුවන්ද?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.