Katha Ahura

බඹර ඉසව්ව | 53 කොටස | නවකතාව

5/5 - (1 vote)

බඹර ඉසව්ව – 53 කොටස

” කමක් නෑ මිස්ට තේජ් ප්‍රශ්නයක් නෑ …”

අනේ විභූ ගැන මට දැනුනේ ලොකු ආදරයක් … එච්චරට මන් ගැන හිතනවද
කවදාවත් දැකලා නැතී මේ වෙනස ඇත්තටම මට පුදුමයක් … මට නිරායාසයෙන්මයී මගේ කුසට අති තියවුනේ … ඇත්ත්ටම මේ අපේ දරුවා ..විභූගෙයී මගෙයී දරුවා ….
අපි දෙන්නම වෙනුවෙනුන් විභූ ඕන දෙයක් කරයී කියන විශ්වාසය මගේ හිතට ඇතුල් වෙලා ….

”යමූ දේදුනු ”

විභූ එතන තිබ්බ ඩිස්පෙන්සරි එකෙන් අවශ්‍ය විටමින් ටික අරගෙන ගානක් වත් නැතුව මගෙ අතින් අල්ලගෙන එලියට ආවා …ඇත්තටම මට ඒ හැමදේම ඕනවටත් වඩා දැනුනවා …. විභූගේ අත මගේ අතට හිරවෙලා තියන හැටි මන් බැලුවේේ හින්දා …

ඒත් එකපාරම දැක්ක දේට මගේ හිත පිච්චිලා අලුවෙලා ගියේ මෙච්චර වෙලා හිත ඇතුලේ තිබ්බ සතුට ඔක්කොම අලු කරලා දාලා …
විභූ …
මැරි කරපු ක්න්ක් නේද …..
දෙයියනේ …ඇයි මන් ඒක මෙච්ච්‍ර දවසක් අමතක කලේ ….
මගේ කලුල් අඩපන වෙලා ගියේ ඉබේටමයී …එහෙමම මගෙ අත මට විභූගේ අතින් අතෑරුනේ තවත් ඒ අතේ හිර වෙන්න මට අයිතිවාසිකම් නැති නිසා …

”දේදුනු ….මොකද මේ …”

එකපාරම මගේ වෙනස දැනිලා විභූ මගේ උර හිස් දෙකෙන් අල්ලගත්තේ මට මොකක් හරී අසනීපයක් කියලා හිතලා වෙන්නැතී ….
මට දැනුනේ කේන්තියක් ….

එකපාරම මගේ උරහිස් වලින් එයාගේ අත් දෙක අයින් කරලා මන් ගසලා දැම්මා …
විභූගේ මූන වෙනස් වෙනවා මන් බලාගෙන …ඒත් මන් ඒක ගානකටවත් ගත්තේ නෑ … තවත් එක ඩශමයක් වත් මන් ඉවසන්නේ නෑ … මේ හොදටම ඇතී … මොන ගෑනී උනත් කිසිස්ම මිනිහෙක් ගේ හොර ගෑනී වෙන්න කැමතී නෑ … මාත් ඒ වගේ තමයී … මේ දරුවා මට වැඩියක් නෑ …. මන් තනියෙන් හදාගන්නවා ….

”දේ….දු….නූ….. ”

”මේ මොකද එකපාරම ”

”මුකුත් නෑ ..”

මන් ගසලා දාලා වගේ උත්තර දුන්නෙ කිසිම ගරු සරුවක් නැතුව ….

මන් එහෙමම විභූගේ වාහනේට නගින්නේ නැතුව වාහනේ පහු කරගෙන යන්න හැදුවේ …. ඒ වාහනේවත් යන්න මට ඕනේ නැති නිසා …..

”දේ…දු…නු….. කොහෙද යන්නේ …. නතර වෙනවා …..’

එක පාරම විභූ මාව ඇදලා ගත්තේ

”මොකද උනේ කියනවා මෙතන විකාර නොකර …”

”ඇති විභූ මේ ඇතී …ප්ලීස් මගේ ජීවිතෙන් යන්න …. මට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න …. ”

මන් විභූට එහෙම කියද්දී මට ඒක අවසන් කරගන්නවත් ආවේ නෑ ….

” දේ දුනූ විකාර නොකර නගිනවා ….”

විභූ ඒකපාරම කාර් එකේ දොර ඇරලා මාව බලෙන් වාඩි කරවලා හයියෙන් දොර වැහුවේ කේන්තියට … මාව ගැස්සුනා ..
විභූ එහෙමම වේගෙන් ඇවිත් කාර් එකේ එයාගේ සීට් එකේ වාඩි වෙලා ..රේස් කරලාම කාර් එක පාරට දැම්මේ … මාත් එක්ක කේන්තියෙන් කියලා මට අමුතුවෙන් හිතන්න ඕන උනේ නෑ …

‘ඉන්න තැ…න …ම….තක නෑ … විකාර …කරනවා ….”

විභූ දත්මිටි කාගෙන එහෙම කිව්වේ පාර ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරන ගමන් ….

මට මන් ගැනම දැනුනේ දුකක් …

විභූට දැනෙනව නම් මේ වේදනව ..මට ඔහොම වච්නයක් වත් කියන එකක් නෑ ….

කාර් එක වේගෙන් ආවේ නුවර පාර දිගේ … යන්නතමට වැස්ස උනත් විභූට ඒ වගක් නෑ …. මාත් එක්ක තරහෙන් තාම එක වේගෙන්ම ඩර්‍යිව් කරනවා …

යනකන්ම මාත් එක්ක කිසි කතාවක් නෑ … මන් වීදුරුවෙන් එපිට බලගෙන හිටියේ වැටෙන වැහිබිදු දිහා …ඒත් එක්කම වගේ කාර් එක ස්ලොව් කරනවත් එකම … කාර් එක ගේට් එකකින් ඇතුලට දාලා දැම්මේ සාමන්‍ය තරමේ ගෙදරක ඉදිරිපස කොටසකට … ඒ ගමන් ම වගේ …. ඉස්සරහාට දුවගෙන ආපු වයසක මනුස්සයෙක් කොන්දත් දෙකට නමාගෙන කැහැපොට ගහපු සරම පහල දාගත්තා …..

විභූ මාත් එක්ක කතාවක් වත් නැතුව .. කාර් එකෙන් බැස්සේ …

”ම….හ…ත්…ත…යා …”

”සෝමේ … නෝනව ගෙට එක්කන් එන්න ….”

විභූ ඒ මනුස්සයාට එහෙම කියලා දොරත් ඇරගෙන ගේ ඇතුලට ගියා ….

මන් කාර් එක ඇතුලේ තනි උනා වගේ ..ඇස් වලට කදුලු පිරුනේ … එක පොදියට ..විභූ ඇයී මෙච්ච්‍ර නපුරුකම් කරන්නේ … මන් ගැන දුකක් නැද්ද … මන් වද වුනාට කමක් නැද්ද …

මන් මගේ හිතින්ම ප්‍රශ්න කලා ….

”නොනා …. බ…හි…න්….න …..”

සෝමේ … මගේ පැත්තෙන් කාර් එකේ දොර ඇරලා මට බහින්න ඉඩ දුන්න …
මන් ලා හිනාවකින් සංග්‍රහ කරලා එහෙමම ගේ ඇතුලට ආවේ විභූ ඉන්නවාද බලන්න … පේන තෙක් මානෙක විභූ හිටියේ නෑ … තනි තට්ටුවේ ගෙය‍ක් උනත් මුලු ඉඩම පුරාම ලොකු වපසැරියක හදපු ගෙයක් කියලා හිතුනා … ඇතුලේ උනත් තිබ්බේ අමුතු පිලිවෙලක් ….

මන් විභූව හෙව්වේ හැමතැනම් …. මන් මීට කලින් ඇවිත් නැති උනත් කවුද ඉන්නේ කියලවත් දන්නේ නැති උනත් .. මන් ලගම තිබ්බ කාමරේට එබුනේ විභූ ඉදීද බලන්න ….

මන් එතකොටයී දැක්කේ ඇදේ වාඩි වෙලා ඇදටත් දෙක බර කරෙග්න බිම බලාගෙන ඉන්න විභූ ….

මට දුකක් දැනුනා … මන් ඉක්මන් උනා වැඩිද කියලත් හිතුනා …. ඒත් මේ හැමදේක්ම ඇත්ත නැත්ත මට දැන ගන්නම ඔනේ … එහෙම නැති උනොත් මේ හැමදේම දාලා කෝච්චියට පනිනවා සැපයී ….

මන් දොරට හේත්තු වෙලා කල්පන්නා කරේ විභූ දිහා බලාගෙන … විභූ එහෙමම පහල ඉදන් මන් දිහා බලද්දී මන් බිම බලාගත්තේ ඒ මූන දිහා කෙලින් බලන්න තරම් හයියක් නැති නිසා ….

එහෙමම විභූ එතනින් නැගිටල එලියට ගියේ මගේ ලගින් මගේ මූනවත් බලන්නේ නැතුව ….

මන් එහෙමම කාමරේට ආවේ බිදුනු හිතත් එක්ක …
කොහොම කියන්නද විභූට මගේ පපුවේ ඇවිලෙන ගින්දර ..පොඩ්ඩ ඇත්නම් තරහා ගන්න ඒ මූන බලාගෙන කොහොමද මේ දේවල් අහන්නේ …

මන් අතරමන් වෙලා …. මන් ඇදේ වාඩිවෙලා …. අත් දෙක මූනේ හිර කරගෙන හොදටම ඇඩුව ….

”අනේ තවත් මේ දුක දරන්න බෑ විභූ … මට ඇත්ත කියන්න ”

මන් මූන අතින් වහගෙනම අඩ අඩ කිව්වේ බිත්ති වලට ඇහෙන්න ….

නෑ මන් අඩන්නේ නෑ …

එකපාරම මගේ හිත මට කියනවා ඇහුනා … මන් එහෙමම මූනේ කදුලු පිහෙන්න අත් දෙක මූනට තද කරගෙන පහල අරන් ආවා එහෙමම ඇස් ඇරලා ාඅපහු යන්නයී හැදුවේ මම ….

ඒත් …එතනින් නැගිටිනවත් එක්කම …. විභූ දොර ලග හිටගෙන හිටියේ වෙනස්ම විදියකට ….
උඩකය නිරුවත් ව හිටපු විභූ ඇදන් හිටියේ සරමක් …ඒ වගේම අතේ තිබ්බේ පුන්චී බෝල් එකක් …. මන් ගල් ගැහිලා වගේ බලන් හිටියා ඒ කඩවසම් රූපේ දිහා ….

මන් බලාගෙන ඉද්දී විභූ කාමරේට ඇවිත් මගෙ කකුල් දෙක ලග බෝල් එක තියලා …. එයා එහෙමම නැගිටලා ගියේ ජානේලෙට එහාපැත්තෙන් තිබුන අල්මාරි එක ලගට …. ඒකත් ඇරගෙන මොනවදෝ හොයපු විභූ ආයේම මන් ලගට ආවා ….

”බැන්නාට සොරි …. මේක ඇදගන්න ….”

විභූ එහම කියලා මගේ අතේ සරමක් තියලා කාමරෙන් එලියට ගියා ….

මන් විභූ යනකන් ඉදලා ඒ සරම මූනට ලන් කරගෙන විභූගෙන් දැනෙන සුවද විදගත්තේ හරි පරිස්සමට ,….
මට ලෝබ හිතුනා …. මන් එහෙමම ඇදෙන් නැගිටලා ඇදගෙන ඉන්න ගවුම උනා දාන්න පිටිපස්සට තිබ්බ ශිප් එක ගලවන්න ලොකු උත්සහයක හිටියේ …

…”අනේ…හ්… සෙව් …”

වෙනදාට මේ රාජකාරි බාර අරගෙන කලේ සෙව්වා …. අද කෙල්ල නැති නිසා කොහොමද මේක ගලවන්නේ … මන් අසරන වෙලා පුලුවන් විදියට අත පිටිපස්සට කරලා ශිප් එක අරින්න හැදුවත් මට ඒක කරන්න බැරි උනා …. ‍

ආයෙම අතින් ඒකට උත්සහ කරද්දී මට අහු උනෙ රලු අතක් ….. මෙච්ච්‍ර වෙලා බිම බලාගෙන කන්නාඩිය ඉස්සරහා දගලපු මම ..එකපාටම බැලුවේ කන්නාඩිය දිහා ….

මන් පිටිපස්සෙන් ඉන්න විභූ … ශිප් එක මට ඇදුම ගලවන්න පහසු වෙන්න පාත් කරනවා මට දැනුනා ….
මට විභූ දිහා නොබලා ඉන්න බැරි තරම් …
ඒ මූන භාවනා කරනවා වගේ ….

විභූ එහෙමම හැරුනේ ආපහු යන්න ….
මන් එහෙමම දෙපාරක් නොහිතා ඒ පපුවේ මූන හැනුගුවේ ..මෙච්ච්‍ර කල් පපුවේ ඇතුලේ වේදනා වින්ද දුක් අදෝනා ඒ පපුව උඩ දියාරු කරලා

ඊලග කොටසට

මොකද වෙන්නේ ලමායී … මොකද හිතෙන්නේ ….විභූ ගැන දේදුනු ගැන …ඇත්තටම මේ ඇතුලේ හැංගුන කතාව මොකක් වෙන්න ඇත්ද …කියන්න බලන්න කමෙන්ට් කරලා

පියුමි සේනාදී

59 thoughts on “බඹර ඉසව්ව | 53 කොටස | නවකතාව”

    1. සෙසඳි

      මං විතරද බොලේ ඉන්නෙ? කොහෙද මේ අය අන්තරස්දාන් උනේ…? ????????

        1. උක්කූං පුතා(SuMi )

          හිතෙෂි නංගි සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට.. කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා ලොකු අයියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…

          කෝ අපේ අයේශා නංගි.. එයාටත් සුභම සුභ උපන්දිනයක් වේවා… අයේශා නංගි ඔයත් කියන කරන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි

          1. සෙසඳි

            මං නම් හිතෙ තියන් ඉන්නවා හිතෙශි අයේෂා අපිට කේක් දුන්නෙ නෑ කියලා…. ඔයාලට මාධිගෙ කතාවෙ මං විශ් කරෝ…

            අයේෂා මචී ගෙ බර්ත්ඩේ 1 කියලා කිව්වෙ මහිංසා අක්කි…
            ඉක්මණට එන්න මහී අක්කි නිරෝ අක්කි … ඔයාලා නැතුව මට පාලුයි…. දිල් මැණික කෝ
            කෝ….

          2. හිතෙෂි මෙත්දරා

            Thank you aiya.kathawa denne Nadda aiya. Ikmanata denna hode . parissamin inna aiye. Budu saranai.

          3. හිතෙෂි මෙත්දරා

            Mn oyata comment ekak damma akki madhi akkige kathawata

          1. මගේ සදි අක්කී මං ආවෝ. තරහා නෑ නේද අක්කී

          1. උක්කූං පුතා(SuMi )

            Mage hima bole aiyya amathaka welada Eda aluthin ahuruddak kiyalath maga reply kare na

          2. සෙසඳි

            උක්කුං පුතා මට විශ් කරලා නෑ… පලවෙනි කමෙන්ට් 1 දැම්මට… ?????

  1. Ane ai dedunu me tharam hithuwakkara. Kathawa මොකක්ද danagannath iwasanna onee. Viu danawat aththa qwoth hondai. Lassanai akka kathawa. Ada kattiya adui neee

          1. පියුමි අක්කි කතාව ගොඩක් ලස්සනයි අක්කියො . ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි

          2. සෙසඳි

            කතා අහුර මිතුරො තිබ්බන්ම් ඉස්සර එකෙ හරි නිසදෙස් හරි ලියවෙනවනෙ අනේ… දකින්නත් නෑ කිව්වෙ ඒකයි… ඒත් එකේ පෙන්නෙ නෑනෙ… වචනෙට කිව්වෙ…. සමාව භාජනයකට දාන්න…

          3. කලාත්මක හිත ඩිලිට් වෙලා අක්කියො ඒකයි. ගනන් ගන්න එපා.සමාව ඉල්ලන්න ඔයා මට කරපු වැරද්ද මොකක්ද.

          4. සෙසඳි

            මගෙත් දැන් දැන් ඒ කලාත්මක හිත ඩිලීට් වේගෙන එන්නෙ…

  2. උක්කූං පුතා(SuMi )

    ආයෙත් කියවන්න ලැබුණු එක නම් සතුටක්… කතාව ඉතින් කොහොමත් පට්ට නේ අතිවිශිෂ්ට ලේඛිකාවක් නේ ලියන්නේ.. ජය වේවා… කොහොමද මගේ දඟ සෙට් එක ඔන්න මං නගර පොජ්ජ ඉඳලා ගම්පොජ්ජට මංගච්ඡා කරල තියෙන්නෙ හොඳේ ??

    1. සෙසඳි

      නගර පොජ්ජෙන් ගම් පොජ්ජට මංදො කෙරුවෙ ගමෙ රැහෙ කැකුලියක් වාහෙට ගත්තදෝ?

      1. උක්කූං පුතා(SuMi )

        එක කැකුලියකුට ට්‍රයි පොජ්ජ කරනවා.. තවම ඒකි කැමැත්ත පොජ්ජ දුන්නේ නෑ..??

        1. සෙසඳි

          කෝ… කිව්වා නම් බලන්න කැකුලි පොජ්ජගෙ විස්තර ඩිංගක් සුනංගු නොවී… අපේ රැහෙ කැකුලියක් නම් ඒ හිත් පොජ්ජෙ ඔය කැකුලා පොජ්ජ ඉන්නවද කියලා අහලා කියතැහැකි නෙව….?????

          1. උක්කූං පුතා(SuMi )

            ඒ සැකිලි පොජ්ජ සිතුවම් අඳින්න හරි දක්ෂයි.. චුට්ටක් මිස් වෙන්න බෑ නපුරු පොජ්ජ එනවා… මූලක්ගින්න තියෙන කැකුළු පොජ්ජක්… මේ හිත් පොජ්ජ ඒ කැකුලි පොජ්ජට ලව් පොජ්ජ වෙලා තියෙන්නේ ????

          1. සෙසඳි

            ලොකු අත්තා වෙන්න ඇති…. ලොකු අත්‍තා නෙමේ සීයා තාත්තා … ????

  3. Aioo kota kota innakota back una ne…..???? mewan dukak nm hathurekta thiya hathurek ne surathalek tawath wenna epa….

    අක්කියෝ කතාව නම් ගොඩක් ලස්සනයි….

    අපෝ අර නපුරු කුමාර් ට විතරක් නෙවෙයි මේ දේදුනුටත් මූලග්ගින්න නේ… මුන් දෙන්නටම ගිල්ලවන්න ඕන කොහිල අල කටු පිටින්..

    අනේ මන්දා මොකද වෙන්නේ කියලා.. ඉවසිල්ලක් නැහැ අප්පා…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.